Meta tags:
Headings (most frequently used words):
2016, march, thursday, tuesday, එස්, ලා, හා, ලොකු, සිව්වැනි, මානය, fourth, dimension, april, 28, 29, 24, wednesday, 23, 22, blog, archive, followers, දැනුම, පිලිබද, දේවතාවුන්, නැත, බ්ලොග්, සම්මාන, උලෙල, ආදි, සිසුන්, අයි, පාසල්වල, ආදිසිසු, ත්, රස්තවාදීන්, මේ, රටේ, තිබූ, නරකම, ආන්ඩුව, මොකක්ද, 89, කැරැල්ල, භීෂනය, වැන්නක්, යලි, ඇති, නොවීමට, නම්, අලුත්, හෙටක්, ඉස්කෝලෙට, ගිය, අය,
Text of the page (most frequently used words):
මෙම (35), #බ්ලොග් (30), නැත (27), ගැන (25), share (21), පාසල් (21), ලොකු (18), ඔවුන් (18), කියා (18), ලෙස (18), නිසා (18), යනු (17), පාසල (17), තිබිනි (17), විය (17), ඇති (16), මෙය (16), ජවිපෙ (16), අපූරු (15), වඩා (15), නිසාය (14), සමග (14), යුතු (14), නම් (14), ඔහු (14), එහෙත් (14), අතර (14), වෙනස් (12), දැනුම (11), විට (11), නොවේ (11), ඕනෑම (11), කිරීම (11), යුතුය (11), වෙනත් (10), අපේ (10), වුනේ (10), තුලින් (10), තිබූ (10), රටේ (10), සිව්වැනි (9), මානය (9), #fourth (9), dimension (9), සමාජය (9), වෙනුවෙන් (9), ගොඩ (9), බවත් (9), සමාජ (9), අවශ් (9), වැනි (9), පසු (8), ඔහුගේ (8), සම්ප් (8), වීම (8), ගිය (8), වැරදි (8), මර්ධනය (8), රමය (8), ආදි (8), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), comments (7), posted (7), පොඩි (7), රශ්නයක් (7), අපි (7), එකක් (7), කතා (7), රජයේ (7), මහා (7), විද් (7), මරන (7), ගෙන (7), බල්ලන් (7), යුත්තේ (7), බොහෝ (7), මෙසේ (7), අධ් (7), 2016 (6), ඉස්කෝල (6), දැන් (6), කිසිම (6), එහි (6), උසස් (6), ලබා (6), බන්ඩා (6), නැති (6), මිනිසුන් (6), අපට (6), දෙයක් (6), නමුත් (6), නොව (6), ඒවා (6), උතුරේ (6), එසේම (6), පිස්සු (6), හැක (6), march (5), කියමින් (5), තුල (5), වශයෙන් (5), කෙනෙකුට (5), සිය (5), එකේ (5), පාසලට (5), ලිපියක් (5), ලියා (5), සිටින (5), අලුත් (5), ඇත්තටම (5), දක්වා (5), ගුටි (5), සමහර (5), ඉන් (5), උවමනාය (5), ලෝකයේ (5), මෙහිදී (5), රජය (5), සිරිමාවෝ (5), පරිමානයෙන් (5), ඔවුන්ට (5), ආන්ඩුව (5), කලේ (5), එනම් (5), අවසන් (5), ලැබේ (5), ඇත්තේ (5), දඩුවම (5), පොලීසියට (5), දිය (5), පමනක් (5), ලකුනු (5), එකාත් (5), ඇත්තෙන්ම (5), කරන (5), රසික (5), යාවන් (5), පිලිබද (4), දේවතාවුන් (4), ගෝත් (4), ඉස්කෝලවල (4), මේක (4), පොදු (4), යැයි (4), අහුලා (4), තමන්ට (4), තනිවම (4), අනෙකා (4), කීවේය (4), මතක් (4), සෙසු (4), පාසල්වාදය (4), මිතුරෙක් (4), කලත් (4), බදුන් (4), එසේ (4), ජේමිස් (4), තිබුනේ (4), මෙයට (4), හේතු (4), තමන් (4), සබදතා (4), තිබේ (4), හැර (4), වලදී (4), ලොව (4), බිම් (4), කරගෙන (4), සැබෑ (4), බවයි (4), කලා (4), ජනතාව (4), භාවිතා (4), මුලින්ම (4), යුගය (4), ජවිපෙට (4), පැවති (4), රජයට (4), විසින් (4), ඔහුට (4), හොද (4), කිරීමයි (4), ඇදිරිනීතිය (4), කෙනෙක් (4), සිට (4), නියම (4), නොවීය (4), අත් (4), මෙන් (4), සදහා (4), නොහැක (4), එකල (4), බලන්න (4), නිෂ්පාදන (4), ශිෂ් (4), කරන්නට (4), සම්මාන (4), කොමෙන්ට් (4), වන්දනාමාන (4), අනවශ් (4), මගේ (4), කියවා (4), සිටින්නේ (3), ලොකුකම (3), ආගමික (3), ආගම්වාදය (3), සිදුවේ (3), යුගයේ (3), කිව (3), ගත්තේය (3), දෙස (3), කලින් (3), නේද (3), ගියේය (3), විශේෂත්වයක් (3), බවය (3), තිබෙන්නේ (3), තිබෙන (3), වන්නෙ (3), ඉස්කෝලවලට (3), වෙනම (3), පමනි (3), තවත් (3), ඉස්කෝලෙ (3), තැන (3), විශාල (3), බහුතරය (3), කුමක්ද (3), හේතුව (3), සිටම (3), රදායන් (3), චාරීත් (3), ආදිය (3), දෙයි (3), මුලු (3), වටා (3), ඒත්තු (3), රයෝජනවත්ය (3), යයන්ට (3), පක්ෂය (3), යලි (3), සයිබරයේ (3), එරෙහි (3), සංස්කෘතිය (3), ඇථි (3), බිය (3), හරි (3), ගොස් (3), රදර්ශනය (3), රේමදාස (3), ඇත්ත (3), සමගි (3), 1971 (3), එවකට (3), සිරුර (3), ඉරාකයේ (3), ආරක්ෂක (3), කියන (3), මෙරට (3), අනුව (3), ඉතා (3), පොලීසිය (3), නැතිව (3), සන්නද්ධ (3), ආර් (3), සිටි (3), ගාමිනී (3), රදායක් (3), නීති (3), නීතිය (3), දඩුවම් (3), එහිදී (3), ඉදිරිපත් (3), පාලනය (3), ආන්ඩු (3), ගන්න (3), යාම (3), වලට (3), පොලීසියෙන් (3), නිර්නායක (3), එස් (3), රහය (3), නරකම (3), ලංකාවේ (3), මහින්ද (3), බැවිනි (3), සිසුන් (3), කරන්නේ (3), පරිත් (3), එහා (3), විදුහල්පතිවරුන් (3), අජිත් (3), පැරකුම් (3), ලිවීම (3), කියවීම (3), තේරුම් (3), හුරු (3), චරිත (3), සමානාත්මතාව (3), විශ්වාස (3), සහතික (3), රමවේද (3), භූමිකා (3), ස්වාභාවික (3), සිංහල (3), ගම්ලත් (3), ගැනීම (3), රභූ (3), විචාර (3), april (2), posts (2), වියපත්වූවන් (2), පවා (2), රන්ඩුකරගැනීමෙන් (2), පුංචිකම (2), ඉස්මතුවේ (2), රවලට (2), බෙදී (2), අපගේ (2), හීනමානය (2), අනුන් (2), ඉස්කෝලකාරයෝ (2), තරගයකි (2), එවුන් (2), ඉදිරියේ (2), දැම්මද (2), තරගයක් (2), මෙහෙම (2), ඇවිස්සීම (2), නිරතුරුව (2), චන්ද් (2), රිකා (2), කීහ (2), ඔහෙලගෙ (2), වෙමු (2), දෙදෙනෙක් (2), පාරේ (2), යනවිට (2), මුදල් (2), පසුම්බියක් (2), වැටී (2), තිබී (2), එකෙක් (2), අයිති (2), ඔජවඩමින් (2), අයිතිකාරයා (2), අසුපිට (2), කසයක්ද (2), රැගෙන (2), ඉදිරියට (2), පසුම්බිය (2), දෙන්න (2), අහුලගත්ත (2), නේදැයි (2), අහුලගත් (2), එකා (2), බලමින්වෙව්ලමින් (2), එවිට (2), දැන්ද (2), මමය (2), මාගේය (2), සින්දුව (2), කීවෙ (2), ඔයා (2), බේරගන්න (2), ආපසු (2), සිතන්නෙ (2), නොදැක්විය (2), සැම (2), දෙනාම (2), කරන්නෙ (2), භූමිකාවයි (2), පහත්කම් (2), අධිපතිවාදයකි (2), සාපේක්ෂවය (2), සාමාන්ය (2), යාමට (2), ජනතාවට (2), හරහා (2), ෆෝන් (2), පෝස්ට් (2), පෙන්වා (2), කොහෙදැයි (2), ඇසීය (2), කොතරම් (2), කල්පනා (2), කරගන්න (2), බැරිවිය (2), ම්හ්හු (2), බැරිම (2), හැමතැනම (2), ගොඩනැගිලි (2), ඉදිකර (2), විපර්යාසයකට (2), කලෙකින් (2), වැදුනේ (2), මහලොකු (2), හැගීමක්ද (2), මරාගෙන (2), මැරෙන්නට (2), සූදානම්ය (2), වාදය (2), ලියන්නන් (2), රගතිශීලියෙකි (2), විදියට (2), සිතන්නෙකි (2), පාසල්වාදියෙක් (2), ලිපියේ (2), දෙයකදී (2), සන්සුන් (2), බන්ඩගෙ (2), වදන (2), ඇසෙනවිටම (2), මාරාවේශ (2), කතාවකි (2), පොඩිකාලෙ (2), හැසිරීම් (2), අනන් (2), යතාවයක් (2), සෙස්සන්ට (2), යටිසිතට (2), කාවද්දයි (2), කෙලිවලින් (2), ශක්තිමත්වේ (2), පුද්ගලයාගේ (2), ලොවම (2), රමනය (2), ගන්වයි (2), පාසලෙන් (2), ඉවත් (2), රැකියාවක් (2), ලබාගැනීමේදී (2), කොම්පැනිද (2), ආදිශිෂ් (2), ජාලවල (2), සාමාජිකයෙක් (2), ආරක්ෂාවට (2), පැවැත්මට (2), හොදය (2), එනයින් (2), එක්තරා (2), කුලයකි (2), tuesday (2), මොන (2), හේතුවක් (2), කරමු (2), ලොක්කන් (2), හැමෝම (2), සමාන (2), සුන්දර (2), ලෝකය (2), අලි (2), මට්ටමේදී (2), වීමට (2), වෙනසක් (2), නිර්මානය (2), වන්නේ (2), මටනම් (2), සිටිති (2), දුටු (2), ඕනම (2), කරන්න (2), විරුද්ධවාදීන් (2), පැහැරගෙන (2), වධදී (2), මරා (2), රසිද්ධියේ (2), රන්ජන් (2), උගත් (2), ඉරාකයෙන් (2), සදාම් (2), හුසේන් (2), පෙරමුනු (2), අත්හදා (2), ශියා (2), ගොදුරු (2), අසා (2), රයෝජනවත් (2), වුනාලු (2), එරෙහිව (2), වැඩි (2), ආන්ඩුවක් (2), කාටත් (2), ආවා (2), නොකී (2), සිදුවිය (2), ලිපිය (2), ඉයන් (2), නිසාත් (2), විප්ලවය (2), සිදුවූ (2), හමුදා (2), සංවිධාන (2), යුධ (2), සිටියහ (2), ඉන්දියානු (2), සටන (2), 1988 (2), දැක්මක් (2), කර්මාන්ත (2), දකුනේ (2), ලලිත් (2), දිසානායක (2), සිටීම (2), අවාසනාවට (2), කොරියාවේ (2), ආර්ථික (2), සංවර්ධනය (2), එයට (2), යාපාරයක් (2), අදහස (2), ඇතැම් (2), උතුරු (2), රමයක් (2), තරුනයන් (2), භීෂන (2), ආවරනයක් (2), එකාට (2), විටත් (2), සිවිල් (2), පටන් (2), එජාප (2), දැමීම (2), ඝාතන (2), පවුලේ (2), එකම (2), පරිදි (2), දේශපාලන (2), නැතිනම් (2), මරන්නට (2), කටයුතු (2), අවනත (2), භයානක (2), සෙල්ලම (2), නැවැත්විය (2), සුදුසුය (2), ආවානම් (2), වගෙ (2), විරුද්ධ (2), හිස (2), කැරැල්ල (2), තැනට (2), බැරි (2), සාමය (2), අනපනත් (2), ඉන්පසු (2), හමුදාවට (2), ලැබුනේ (2), පිරිසක් (2), නොහැකි (2), උන් (2), වෙන් (2), නීත් (2), යානුකූලව (2), අඩංගුවට (2), සියල්ලෝම (2), සාක්ෂි (2), රියාවලිය (2), විත්තිකරුට (2), හිමි (2), විත්තිකරු (2), පෙනී (2), ගැනේ (2), අහිංසකයන් (2), සියලුම (2), ගැසීම (2), ශිෂ්ට (2), නිකම් (2), වත් (2), එදා (2), පොලිස් (2), ජේවීපීකාරයෙක් (2), හැකි (2), භීෂනය (2), නොවන (2), තත්වය (2), දෙන (2), රතනපාල (2), ලබාදුන් (2), දනිමු (2), ගත් (2), අංශවල (2), අයම (2), මෙවැනි (2), සැලකිල්ලට (2), වත්මන් (2), ඥාති (2), සංග් (2), මාධ් (2), දරදඩු (2), රතිපත්ති (2), සිදුවන (2), දූෂනය (2), විවිධ (2), රජයයි (2), ලැබුන (2), අතින් (2), නිර්නායකය (2), වැඩිම (2), ගුවන් (2), උරුම (2), හොදම (2), රැකීමත් (2), මිස (2), thursday (2), එකකි (2), අම්මගෙ (2), රෙද්ද (2), කරයි (2), ගිලී (2), අන්ත (2), රිකත්වයක් (2), වෙන (2), ජනයා (2), අයත් (2), ඉන්නෙ (2), තැන්වල (2), මගකි (2), වැඩ (2), කිරීමට (2), තුළ (2), වියදම් (2), යාපන (2), ගැනද (2), ලියන්න (2), බ්ලොග්කරුවන් (2), ලිවීමේ (2), ලියන (2), බවට (2), හැම (2), යාපනය (2), රශ්න (2), ඔවුන්ගේ (2), රදාය (2), මගින් (2), මෙහි (2), පැරා (2), පොරවල් (2), සහිත (2), තාක්ශනය (2), කරමි (2), සීමිත (2), ගරු (2), මොවුන් (2), කලේය (2), සියලු (2), මුලින් (2), අදහස් (2), බහුලය (2), දුර්වල (2), කෙසේද (2), යුහ (2), පුහුණුවකින් (2), පසුත් (2), සාපියන් (2), වචන (2), විධිමත් (2), පරිවර්තන (2), දැණුම (2), තර්ක (2), පසුව (2), පෙනේ (2), කියාය (2), වන්දනය (2), ආදේශ (2), වැඩවසම් (2), බයිබලය (2), කුරානය (2), දාස් (2), කැපිටාල් (2), ලියූ (2), පංති (2), වන්දනයට (2), ලක් (2), සුචරිත (2), අසන්නේ (2), ලේඛන (2), වරලත් (2), ලිපි (2), සාමාන් (2), යයෙන් (2), පොත් (2), මසක් (2), ලිපියත් (2), simple, theme, powered, blogger, followers, december, 2015, january, february, blog, archive, subscribe, atom, home, older, අයටද, හැකිනිසා, පන්තියක්, බිහිවී, බිදදැමිය, හැක්කේ, රාථමික, ද්විතියික, පෙල, වර්ගීකරනයක්, ලෝක, සිතියමෙත්, අබඇටයක්, රන්ඩු, කරගන්නට, මාතෘකාවක්, ඉස්කෝලෙට, සිතිවිල්ල, ආවේ, පැරාගෙ, නමින්, ඇතිවූ, හීන්, කෙදිරිය, සිහිවීමෙනි, එන්න, ගොඩනගමු, නොනවතී, මට්ටමට, යමු, කිසිවෙකුට, නොලැබෙන, ඉදිකරමු, එහෙමනම්, හැමදාම, කලුවරය, ඇල්ලීමට, පෙරහරේ, ගියොත්, අන්න, එදාට, පායනු, වුනොත්, කෙහෙල්මලක්, එකිනෙකාට, කල්ලි, ගැසීමට, නගගත්, විකාරය, අනෙකාගෙන්, උත්සව, ඇදුම්, පැලදුම්, ඉන්න, තැනේ, කියමු, සයිබරයයි, වෙනස්කම්, සිටිමු, සයිබරයද, මට්ටමද, තම්මට්ටමද, සමානය, එසේනම්, ලෝකයෙන්, ඇයි, සිතෙන්නේ, සයිබරය, සමානාත්මතාවයක්, ඇතිවීද, ඉන්ටනෙට්, පමනින්, නමස්කාරයට, භික්ෂූන්ගේ, විවේචනය, වෙයි, භික්ෂූන්, මතුනොව, ලොක්කෙක්, සයිබරයට, මායිම්, හෙටක්, පූර්නයක්, තියනවා, ඊශ්, රායලයෙන්, සමහරු, පවසනවා, නෙවෙයි, රධානීන්, රස්ත, පුහුණු, බැලුනා, බලුනෙ, 1989, විසින්ම, ජනපති, අබ්දුල්, කරීම්, කාසිම්, කෙස්, වැටියෙන්, අල්ලා, මුස්ලිම්වරු, රමවේදයට, පලමු, ලාංකිකයන්, සමාජයක, නැහැ, ජනකොටස, මර්ධනයට, සදාම්ට, මහත්සේ, වන්නට, පෙරමුනේ, ඇමතිවරයා, පුවත්පත්, සාකච්ඡාවකදී, අගයීමක්, විරුද්ධමතයකට, ඉඩක්, චේගුවේරලට, ජයකොඩි, දැම්මෙ, එහෙමයි, ලබාගත්තත්, උරුමය, අපිටයි, අත්දුටු, රථම, අගමැතිනිය, මැතිනියට, ගෞරවයක්, කරමුද, යුගයේදී, දිගුකලක්, තෙම්පරාදු, වුනා, මිනීමරන, කොයිතරම්, නරකද, අවබෝධයක්, පලවූ, සංවාදයකට, පැටලෙන්නට, පාදක, අගනා, සිදුවීම්, 1990, උපන්, නොදන්නා, එවැන්නක්, රටක, සිදුනොවිය, දකින්නේ, අහිමි, ලෙසයි, මිනීමරුවෝ, පිලිම, නෙලා, විරුවෝය, මිහිකත, දෙස්, දෙනවාලු, සාධාරනව, අවි, බලයෙන්, පෙරලන්නට, තැත්, කඩාකප්පල්කාරීන්, වීර, හමුදාව, යුක්තියුක්ත, දෙපැත්තටම, සමබරව, වනවිට, උතුර, ගිනිඇවිලෙමින්, දෙමල, වැදී, සංවිධානවලට, සහාය, ඍජුවම, ලැබීම, ලොකුම, රශ්නයකි, ආර්ට, ජයගන්නට, බැරිවුනේත්, මහින්දට, හැකිවුනේත්, මහින්දගේ, අමුතු, මෙව්වා, 2009, ජාත්, යාන්තර, තත්වයේ, වෙනසයි, බුද්ධිමත්ම, පාලකයෙකි, විවෘත, පෞද්ගලික, විශ්ව, යාල, කලාප, මහවැලිය, ආරම්භයක්, කොටිත්, ජෙප්පෝත්, ගමන, යන්නට, නොදුන්හ, ඇතුලත්මුදලි, රනිල්, වික්, රමසිංහ, දක්ශ, ඇමතිවරු, අනෙක්, භාග්, යයයි, සියල්ල, අවුල්, දකුනු, සිංගප්පූරුවේ, තායිවානයේ, හොන්කොන්, දෙයයි, රජාතන්ත්, රීය, වටිනාකම්, කැප, වැරදියි, කියන්නට, බැරිය, රමයට, දකුනෙත්, වාමාංශික, කන්ඩායම්, සංවාදයට, මහජන, පක්ෂයයි, කවදත්, යටිබිම්ගත, දේශපාලනයක්, චීනයේ, සෝවියට්, දේශයේ, පාලන, ස්ථාපිත, හිතකර, චින්තන, ගොර්බශොෆ්, රතිසංස්කරන, වසර, දෙකක්, සිදුවුනානම්, සමය, උදා, නොවන්නට, කැරැල්ලකට, සොයමින්, වටපිට, වෘකයෙකි, එල්, එන්, තබාගත්, රීලනිපය, තබාගැනීම, සැලසුම, 1987, සාම, ගිවිසුම, අඩන්නට, ඇගිල්ලෙන්, ඇනීමක්, සූදානමක, කැඩීමේ, රියාකාරීන්, ඝාතනය, ඇදිරි, බස්, ගිනිතැබීමද, කලහ, දෙවන, කැරැල්ලේ, උපාය, මාර්ගය, බියවැද්දීමයි, බියෙන්, බිරාන්ත, ආන්ඩුවේ, කැඩුවේ, බඩගින්නට, දාන්නෙ, කොහොමද, අසමිනි, හැබැයි, මිනිස්සු, බඩගින්නටද, දැමූහ, ඇතිකලේ, කුරිරු, තුලිනි, මිනීමැරුම්, අතිශයින්ම, ම්ලේච්ඡ, සතුරන්, ලද්දේ, ඉදිරිපිටදීය, වරද, කැමැත්ත, පක්ශයක, රියාකාරී, දේශපාලනය, ඇදිර්නීතිය, කඩය, ඇරීමයි, බලහත්කාරී, උද්ඝෝෂනවලට, නොයාමයි, නැතහොත්, තහනම, නොතකා, කුප්පි, ලාම්පුව, දැල්වීමයි, පක්ෂයේ, සූදාන, පාක්ෂිකයෙක්, සැටි, අපූරුය, අයගේ, වුනේද, ලෙසය, දනහිසෙන්, පහලට, නියෝගයට, නොවුනොත්, මිදුලට, දමනු, කැරැල්ලක්, තියන, වෙලාවක, දකුන, ගිනි, අවුලමින්, යුතුවිය, සාමාජිකයන්, බල්ලන්ට, සලකන, ආකාරයෙන්, ඔවුනටද, සැලකීම, බැරිවෙලාවත්, බලයට, ලංකාව, කොරියාවක්, වනු, සාමාජිකයාට, මිනීමරනව, කියන්නෙ, අමුදුන්කොල, කනව, වැඩකි, පක්ෂයට, මරනයයි, කිසිත්, නොදත්, දැනුවත්, කලයුතු, අහිංසකයන්ය, ජනතාවගේ, මටහ්, මගපෙන්වනු, එතනින්, එහාට, ලියන්නට, හිතන, හිරිගඩු, පිපේ, කලයුතුය, ඇවිත්, රටම, අකර්මන්, ගෙදරින්, එලියට, බහින්න, වාතාවරනයක්, වගකීම, ඇතිකිරීමයි, රශ්නය, ආකාරයේය, ආර්ගේ, කාලයේදී, මර්ධන, ගනනාවකට, හදිසි, තත්ව, යටතේ, තුවක්කුවක්, එල්ලකර, තර්ජනය, කිරීමද, ලැබීමේ, වරදකි, නිමා, කතාවක්, බලය, පසුය, කලබල, කරනවානම්, හදුනාගෙන, සුවකල, උන්ට, දීමයි, හදුනාගැනීමේදී, ගෝනි, බිල්ලන්, නිවෙස්, වලටපැන, ගත්තට, කමක්, කෙටි, නඩුවිභාග්යකට, යොමු, සොයාගෙන, සහිතව, ඔප්පු, ඉඩම්, නඩු, දිග්, ගස්සෙන, උසාවියකදී, වරප්, රසාදහ, නොලැබේ, නීතීඥයන්, අධිකරන, මන්ඩලය, චෝදකයන්, රමානවත්ය, කරනු, සාක්ෂිකරුවන්, ආරක්ෂාව, රියාමාර්ග, සැකයට, භාජනය, වැලැක්විය, අභියාචනා, කැරලිකරුවන්ට, දෙව, මැරීමේ, කාලෙ, ජීවිත, අවදානමක්, නොතිබිනි, සිටියේ, ජිප්, සද්දයක්, ඇසුනොත්, දුවන්න, බලාගෙනය, වරදකරුවන්ට, දීමද, කටු, කම්බි, බැස්සීම, ඇස්, ගැලවීම, පනපිටින්, පිලිස්සීම, වෙඩි, තැබීම, රමයකින්, සිතන්න, සේයා, සිදුවීමට, දීම, බාර, දුනානම්, අඩුගානෙ, මරයි, නුවර, කොලබට, එනවිට, දිගට, මිනී, වාහනය, කරගැනීමටත්, කෙලින්ම, රාජ්ය, නායකයාට, කීවේ, රමයෙන්, නොහකි, තීරන, ගැනීමේ, රියාවලියෙන්, බැහැර, වෙනුවට, සිදුවුනේ, වගවිභගයක්, මුදාහැරීමයි, අහිංසකයො, මැරිල, එතන, සිටියම, යන්න, ස්ලෝගන්, කැමති, මොහොතක, මැරිය, මර්ධනයෙන්, පසුද, මිනීමැරීම්, නතර, රිචඩ්, සොයිසා, මලේ, කාලයේය, මරනයත්, පවති, විදේශීය, රාජ්, පැමින, හමුදාවට්, වැඩමුලු, පවත්වා, කූල්, ඩවුන්, සම්පූර්නයෙන්ම, යහපත්, පෙරලියත්, සමගය, පාරෙ, අයටත්, ගුටිබැට, කුනුහරපෙන්, බනින, බිහිසුනු, පොලීසියකි, අඩංඋවට, පහර, දීම්, මිය, පුවත්පත්වලට, රවෘත්තියක්ද, සමයේ, උරුමයක්, 1994, තුරුම, පැවතුනි, ධර්මසිරි, නඩුව, වධහිංසා, තීන්දුවකි, තීන්දුවද, විජේතුංග, යුගයේය, අධිකනය, ස්වාධීන, සොරකමකට, නමැත්තාට, රත්නපුර, දුන්නේ, භීෂනකාලයේ, වධදුන්, අයුරිනි, කුමන, අධිකරනයට, ආන්දෝලනයක්, අරුම, සොබාවය, වධදීම, මැරීම, අනුලංඝනීය, අයිතියක්, තිබීම, යළිත්, එන්නට, ශක්තිමත්, සිටින්නට, රස්තයන්ට, නොදිය, රචන්ඩත්වයෙන්, විසදිය, රතුපස්වල, සිද්ධිය, ගිනිතබූ, මෙහිදීද, මිනිස්, බිලි, මලමිනී, වෙන්දේසි, හැටි, මෑතක, ගස්සගෙන, නැටූ, නාඩගම, ගල්, ගහල, පක්ෂෙ, පස්සට, යනව, කෑවම, නිව්ස්, වෙනව, කලෙත්, මේකමයි, වරත්ත, පක්ෂ, අවධානයෙන්, සිටීමද, වැදගත්ය, වැන්නක්, නොවීමට, wednesday, ඉන්නවිට, නිකමට, සිතුන, කල්පනාවකි, රශ්නයට, පිළිතුරක්, දෙනවිට, අගතිගාමී, වැලක්විය, සම්බන්ධවය, මගේම, 1947, සියළු, පීඩනය, අවනීතිය, අවපාලනය, කාරනායි, සංවර්ධන, නොවීම, ඔස්සේ, ආන්ඩුවලට, දුන්නෙමි, ඉහලම, 1970, 1977, මෙතෙක්, වලින්, කිරුළු, පලදින්නට, අවස්ථාව, හැටිද, සැකෙවින්, කියන්නම්, දෙවෙනි, ලැබුවේ, විදුලිය, හොරනෑවක්, මටහ්යකට, පත්තරවලය, දහසක්, ගැහැට, මැදයි, පිකටින්, දේපොල, රාජසන්තක, තරම්ය, විරෝධයක්, තහනම්, ජීවිතාන්තය, දක්වාම, හිරේ, දැමිය, සමාජවාදී, රටවල, රමයෙනි, සංවෘත, පෝලිම්, යුගයක්, රියාත්මක, දුප්පතුන්ට, අයුක්තියක්, උදාහරනය, සමූපකාරයයි, සදහාද, රජයටයි, දේශීය, මඤ්ඤොක්ක, සිටවීමත්, ආර්ථිකයක්, නංවා, විදේශවෙලදපොල, ජයගැනීම, මඤ්ඤොක්කා, සිටවීමෙන්, රටක්, මොකක්ද, දිනක්, වගේ, වගක්, බැදීම්, දුරට, අඩුකරගෙන, රෝයල්, ආනන්දෙට, සෙන්, තෝමස්, හින්දු, කොලෙජ්, සහීරාවට, එක්කාත්, මහමූකලානෙ, කනිෂ්ටෙට, එකය, සෙවීමට, මාවත්, ගනනාවකින්, එකාලාට, අබු, බකර්, අල්, බැග්දාදි, සිරියාවේ, සටන්, ආදිසිසුන්, මාතාවක්, මැරෙන්න, දගලන්නේද, ඊටම, බැග්ඩෑඩිටත්, සිසුන්ටත්, ජාවාරම්, ජාතිවාදය, පක්ෂවාදයටත්, දරුනුවටම, පාසල්වාදයේය, කාර්යන්, වෙනස, කාරයන්, එලිපිට, ම්ලේච්ඡත්වය, පෙන්වීමයි, මචන්, ඉස්කෝලෙනෙ, බලුවැඩක්, කරගනී, බලු, නිකායවල්, ගනනාවක්, එකකට, මහත්ඵල, මහානිසංස, ලැබෙන්නකි, රයිවෙට්, සෙක්ටර්, ඉන්ටවීව්, දාගෙන, හොර, පාරවල්, හොරකමකට, මාට්ටුවුනත්, එවුන්ය, චාන්ස්, ගමේ, හොරපොල්, කඩන, පරිමාන, වංචාවල, යෙදුන, බේරෙන්නේ, මාතාවගෙ, රස්තවාදයටත්, ගාල්ල, සවුත්ලන්ඩ්, සිදුවීමේදී, ආදිසිසුවියන්, සිසුවියකට, පහරදීම, මෙහෙයවන්නන්ය, දෙනාට, සුදුසුකම්, රැකියාවට, අයුතු, රයෝජන, ලැබීමට, රසිද්ධ, රස්තවාදීන්ය, කෝටාව, ඊලග, පරම්පරාවද, දමාගෙන, බමුනාගේ, පූන, නූල, යාගයක්, කැමැත්තක්, කාරණයකි, යාගය, භාර, කොන්දේසි, යාගයේ, මුවාවෙන්, පාසලේ, අභ්, යන්තර, කටයුතුවලට, මැදිහත්, සංගම්, යාපාරවල, යෙදී, සිටියි, පාසල්වලට, දෙපාර්තමේන්තුව, සීමාව, හදන්නට, දැගලිය, අරමුදල්, සම්මාදමේ, වහා, තත්වයන්, දෙපාර්තමේන්තුවේ, උපදෙස්, සංගම්වල, උවමනාවන්, කියන්න, නිසි, අයුරු, වෘත්තීය, බ්ලොග්කරු, මීලග, උලෙලේ, බ්ලොගයට, සම්මානය, ලබන්නායි, අනාවැකියකි, අයි, පාසල්වල, ආදිසිසු, රස්තවාදීන්, අවසාන, යමක්, පිස්සුවෙන්, ගියොත්නම්, වැඩිකලක්, කෙරුවාව, සතුට, උදෙසාය, හැගෙන, කාරනයද, වටිනාකම, උලෙලින්, මොනවට, පැහැදිලි, සිතනවාට, ඵලදායී, සමාජගත, කැපී, කෙටී, ඔපමට්ටම්, මානික්, යයක්, පත්වන, සමාජයේ, තරාතිරමකම, කියවන, අතීතයේද, තිබිනිනම්, තිස්, අවුරුදු, යුද්ධය, කැරලිද, මගහරවාගත, හැකිවනු, බ්ලොග්වල, අධිපති, මතවාද, යාපනයෙන්, වැඩක්, එකත්පස්ව, හැදෑරීමත්, විනය, පමනයි, රස්තවාදී, රාමු, මතයක්, සමානයෝය, දක්ෂතා, මියගිය, ආත්ම, ජීවත්වන්නවුන්ට, බලවත්, පිහිට, පතන්නට, වූහ, කාලය, අත්භූත, පත්විය, දිගටම, ගියානම්, ඔසී, රසිකට, මදිකමක්, සාහිත්, යකරුවා, සලකා, එර්දියෙන්, උලෙලට, තබනු, දෙදෙනාම, අති, දක්ෂයෝය, විවාදයක්, අසාධාරනයකි, එයින්, සිදුවන්නේ, පූජක, සංස්ථාවක්, බිහිවීමයි, මානව, ඉතිහාසයේ, පුදපූජා, සංස්ථා, නැගුන, දේවාල, සාදා, දෙවි, අදහන්නේද, රසිකලා, පැරාල, මාතලන්ලා, මිනිසුන්මය, ධර්මතා, ආසියානු, සමාජයන්ට, අසීරුය, සමානාත්මතාවය, බිහිවන්නේ, අනාගතයේදී, මිනිසාගේ, හැකියාවන්, යම්, බවක්, දිනක, සමානාත්මතා, බිහිවනු, මිනිසුන්ට, කිරීම්, නොකල, යුතුබව, උදාහරන, ඉගැන්වූයේ, චීවරධාරීන්ය, කඩප්පුලිකමක්, සිවුරේ, සැගවෙති, හෙලා, නොදකින්නේ, වස්ත්, රයේ, ආනුභාවයෙනි, ගරුකිරීම්, කරන්නේනම්, නොපනත්කමක්ම, ඉවසීමට, සිත, හදා, ගෞරවය, රියාවටය, පුද්ගලයාට, සංස්කෘතියට, අනුග්, රහයක්, නොදක්වන, මතයයි, දෙමවුපියන්ට, බල්ලට, පූසට, වදින, විහිලුවකි, පසුගිය, හැදියාවක්, රවර්ධනය, අරමුන, රජුට, නමස්කාර, රජපවුලේ, නොපනත්කම්, ඉවසීමයි, හැරුන, නීතිමය, සම්බන්ධකම්ය, තමනට, ඉහල, නිළධාරීන්ට, රාජකාරිමය, දෙයකි, දැඩි, ඍනාත්මක, අදහසකි, කලාවෙහි, විනාශයට, හේතුවනු, ඇතැයි, දැඩිව, කලෙමි, සැමදාම, මතයක, සිටිය, දරන, මන්ද, අපේය, සිතන, පැටවූ, මූලාශ්, පදනම්, වෘත්තිමය, හැසිරීමක්, අදහසක්, එහිම, සමහරුන්, බියවූ, බවද, තිබුනි, ඇත්තකි, බියපත්, ගැත්තන්ගෙන්, කෑම, නතරවූ, සැනින්, පටන්ගන්නෙ, අනෙකාට, තැලීමටය, ගත්තේ, ඉෂාක්, බශෙවිස්, සිංගර්ගේ, පොතකිනි, මුහුන, ඇතිවුනේ, කුඩා, වන්දන්, ගුරුවරුන්ට, පූජකයන්ට, අයට, කිරීමේ, පුරුද්දක්, දෙයක්ය, හැගීමයි, ගරුකරන, අයෙක්, විගස, හිංසා, පෙලබෙයි, පීඩක, පීඩිත, ඉගැලිටේරියන්, රටවලට, ගැලපෙන්නේ, රජවරුය, වැද, නමස්කාරකරන්නන්, බහුල, නරක, දීමටද, ඉක්මන්, නොවිය, සුදු, කලු, අලු, චරිතය, උලෙල, සම්බන්ධ, රභූත්වයකින්, සංවාද, එළබිය, අවබෝධයයි, කුඹුරක්, සීසාන්නේ, පුටුවක්, සාදන්නේ, මෙන්න, මේවා, දැනුමයි, සොයාගනු, වනවාට, සමගාමීව, රමවේදයේ, යතාවලට, නැගේ, එකිනෙකාගේ, අනෙකට, පහත්, දීර්ඝකාලීන, කෙටිකාලීන, හෝමෝ, එයයි, පසුපස, කනවැල, අල්ලමින්, විශයන්ය, සියවස්වල, යාවන්ගේ, දියුණුවත්, අනුරූපීව, තනා, ලදී, උඩප්පරන්, යාපනයක්, නොලැබූවන්, හැදෑරූ, දැක, වශී, වෙති, ලේඛනවන, ගාම්බීරත්වය, මෝහනය, උගතෙකුට, හැකියාව, භාෂාව, අඩු, මහත්, අපහසුවෙන්, දුනිමි, සිනහ, පහල, රාන්සිල්වේනියා, බ්ලොගයේ, ඇනෝවෙකුගේ, සංවාදයක්, රුවන්, ඇනෝ, ගන්නේම, බැන, අඩගසමිනි, ඉයන්ද, හොදින්, ලේඛකයා, රකාශකර, සිටියේඔබ, වධකයෙකුත්, බිල්ලෙකුත්, බමුනු, කුලයක්, නගන, මොවුහු, වධකයෝත්, බිල්ලෝත්, අමනයෝය, උතුම්, සමාජයක්, මගේද, රාර්ථනාවක්, උදාවන්නේ, මිනිසා, භෞතිකව, යාත්මිකව, පරිනාමය, පසුවය, ළදරු, වලිප්පුකාරයන්, ඉල්ලන්නේ, දැනට, අයුක්තිය, අයුක්තියකින්, කිරීමය, රුසියාවේ, වැඩවසම්වාදය, දරුණු, ඒකාධිපති, නිළධාරීවාදයකින්, පරිදිය, ජාල, රචලිත, මොහු, උපමාවක්, ගස්, බඩගාන, සංවාදද, වාමාංශිකයන්, වන්දනයබහුලය, පරම, සත්, සිතීම, පාපයක්, නිර්මානවාදී, ආගමිකයන්, ශුද්ධ, රන්ථ, පාඨ, උපුටා, දක්වන, ලෙනින්, රොට්ස්කි, වැන්නවුන්, දේවල්, අකුරුද, නොවරදවා, කරති, මොවුන්ට, කිතු, දහමිනි, මූලික, කොමියුනිස්ට්, විග්, රගමනය, ආදී, සමස්ත, මාක්ස්වාදයම, වැරදිය, කීමෙන්, පවු, අපායෙ, මාක්ස්වාදීන්, බදා, ගැනීමට, මාක්ස්ගේ, රාග්ධනයෙන්, ලොවක්, සිතා, පෙරටුගාමී, බැතිමතුන්, උදාහරනයකි, සොයායාමට, බාධාවකි, රිපිටකය, දැනුමය, ඊනියා, මාක්ස්වාදී, විචාරයේදී, මාක්ස්, ලෙනින්ලාට, වරදින්නට, හැකිද, කියායි, එකතු, පශ්චාත්, නූතනවාදී, බලන, ඒවායේ, මුල්, ඉංග්, රීසි, පිටපත, එකට, පහසුය, අවබෝධය, නොහැකියාව, හත්මාලුවක්, අන්ඩර, දෙමලයක්, මහන්සි, කියවාගත්, මීට, සරලව, තිබුනා, සිතේ, රසකාරක, ලකාන්, ජිජැක්, පුද්ගල, තැනින්, ඔබ්බන්නේ, මුද්දරප්ප්ලම්, ඔබ්බන, ලෙසටයි, උගතුන්, මැඩීමට, උදාහරනයක්, ගම්ලත්ය, කලක්, දිවයිනට, ලීලාවෙන්, ලිපිපෙලක්, දැමීමේ, පහසුවක්, නොවූ, මුද්, රිත, ජරාව, ගිලින්නට, අතීතයේ, විකල්පයක්, වාදයට, නිහඩ, වලිනි, උපක්ල්පන, ගුරු, ගුන, සමර, කියවීමෙන්, ලැබුනි, කියන්නේම, අහවල්, පොත, ඇද්ද, ඊලගට, මදි, ජීරනය, කරගත
Text of the page (random words):
ඇත්ත බව පෙනේ ඔහු මෙවර විචාර කලාව ගැන අපූරු දෙයක් කියා ඇත එනම් නිර්ප් රභූ ලේඛකයන් ලයිසන් ගත් විචාරකයන්ගෙන් බේරා ගැනීම සම්බන්ධවයි වරලත් විචාරකයන් පිරිසක් සිටින අතර පැරකුම් ඔවුන් ගැන අපූරු අර්ථකථනයක් දෙයි එනම් ඔවුන් කරන්නේ පොත් කියවීම පොත් කියවනවාට වඩා තමන් කියවනවා යයි කියවීම පොත්වලින් කෑලි අහුලා ගැනීම ඒවා වෙනත් තැන්වල කොපි පේස්ට් කිරීම අපට හමු වන සමාජ ප් ර ශ්න ඒ පොත්වල තිබුණු දේවලට අනුකූලදැයි පරීක්ෂා කිරීම එයට අනුකූල නම් හරි දැමීම හා නැතිනම් වැරදි දැමීමයි මට තවත් දෙයක් එකතු කරන්නට තිබේ පශ්චාත් නූතනවාදී ලේඛන දෙස බලන විට ඒවායේ මුල් ඉංග් රීසි පිටපත සිංහල එකට වඩා තේරුම් ගැනීම පහසුය වැරදි අවබෝධය සිංහල ලිවීමේ නොහැකියාව සහ වැරදි පරිවර්තන නිසා ඒවා හත්මාලුවක් අන්ඩර දෙමලයක් වී ඇත මහන්සි වී ඒවා කියවාගත් විට මෙය මීට වඩා සරලව ලියන්න තිබුනා නේද කියා සිතේ රසකාරක ලෙස ලකාන් ජිජැක් වැනි පුද්ගල නම් තැනින් තැනට ඔබ්බන්නේ මුද්දරප්ප්ලම් ඔබ්බන ලෙසටයි වරලත් උගතුන් විසින් සෙසු ජනයා මැඩීමට හොද උදාහරනයක් නම් සුචරිත ගම්ලත්ය ඔහු කලක් දිවයිනට මහා ප් රභූ ලීලාවෙන් ලිපිපෙලක් ලියූ අතර අද මෙන් කොමෙන්ට් දැමීමේ පහසුවක් නොවූ නිසා මුද් රිත මාධ් ය ජරාව ගිලින්නට සිදුවූ අතීතයේ අපට විකල්පයක් නොවීය ගම්ලත් ඔහු සමග වාදයට එන අය නිහඩ කලේ ඔහුගේ සහතික වලිනි සහතික ගැනද අපූරු උපක්ල්පන ඔහුගේ ගුරු ගුන සමර ලිපි කියවීමෙන් අපට ලැබුනි ගම්ලත් මුලින්ම කියන්නේම අහවල් පොත කියවා ඇද්ද කියාය කියවා ඇති බව කී විට ඊලගට අසන්නේ කියවා මදි බවත් කියවා ජීරනය කරගත යුතු බවත්ය බොහෝ මෙම පඩිවරු වම්මුය ඇත්තටම ඔවුන් වම්මු වී ඇත්තේ සැබෑ සමානාත්මතාව ඔවුන් අනුගත වී ඇථි නිසා නොව විවිධ හේතු නිසා ඔවුන් ප් රභූ සමාජයෙන් නොසලකා හැරීම් වලට ලක් වන නිසාය ප් රභූන් ඔවුහු ගනන් නොගනිති ඔවුන් සමානාත්මතාවාදීන් වී ඇත්තේ එබැවිනි එහෙත් ඔවුන් ට තරාතිරම ලොකුකම රැකගැනීමට අවශ් යය දැණුමේ ප් රභූත්වය අවසන් කල යුතුය මෙය වැඩවසම් ලැදියාවකි මාක්ස්ගේ ප් රාග්ධනයෙන් එහා ලොවක් නැති බව සිතා සිටින ජවිපෙ හා පෙරටුගාමී බැතිමතුන් දැනුම වන්දනයට හොද උදාහරනයකි දැනුම වන්දනය යනු නව දැනුම සොයායාමට බාධාවකි ත් රිපිටකය බයිබලය කුරානය දාස් කැපිටාල් මෙසේ වන්දනයට ලක් වන දැනුමය සුචරිත ගම්ලත් ඊනියා මාක්ස්වාදී කලා විචාරයේදී අසන්නේ මාක්ස් ලෙනින්ලාට වරදින්නට හැකිද කියායි සමාජ ජාල ප් රචලිත වූ පසු මොහු අන්ත වැඩවසම් උපමාවක් ගෙන ගස් බඩගාන අය සමග මොන සංවාදද කියා ප් රශ්න කලේය වාමාංශිකයන් අතර මෙම දැනුම වන්දනයබහුලය ඔවුන්ගේ බයිබලය හෙ කුරානය වන දාස් කැපිටාල් හි පරම සත් ය ඇති බවත් ඉන් එහා සිතීම පාපයක් බවත් කියමින් නිර්මානවාදී ආගමිකයන් ශුද්ධ ග් රන්ථ වල පාඨ උපුටා දක්වන ලෙස ලෙනින් ට් රොට්ස්කි වැන්නවුන් ලියූ දේවල් අකුරුද නොවරදවා ඉදිරිපත් කරති මොවුන්ට මෙය උරුම වුනේ කිතු දහමිනි එහෙත් මූලික කොමියුනිස්ට් සමාජය පංති විග් රහය සමාජ ප් රගමනය පංති සටන විප්ලවය ආදී සමස්ත මාක්ස්වාදයම වැරදිය මෙසේ කියන විට මෙසේ කීමෙන් පවු සිදුවන බවත් අපායෙ යන බවත් මාක්ස්වාදීන් කියා හිස අත් බදා ගැනීමට ඉඩ ඇත ට් රාන්සිල්වේනියා බ්ලොගයේ ඉයන් සමග ඇනෝවෙකුගේ අපූරු සංවාදයක් අතර රුවන් මෙසේ අසා තිබිනි එහිදී ඇනෝ පටන් ගන්නේම බැන අඩගසමිනි ඉයන්ද එහිදී වඩා හොදින් තර්ක කලේ නැත ලේඛකයා ප් රකාශකර සිටියේඔබ මුලින්ම වධකයෙකුත් පසුව බිල්ලෙකුත් වන බව පෙනේ කියාය ඇත්තෙන්ම දැනුම වන්දනය කරන නව බමුනු කුලයක් දැණුම හරහා ගොඩ නගන මොවුහු මුලින් වධකයෝත් පසුව බිල්ලෝත් වන අමනයෝය ශ් රම සමානාත්මතාව සහිත උතුම් සමාජයක් ගැන මගේද ප් රාර්ථනාවක් ඇත එහෙත් එය උදාවන්නේ මිනිසා භෞතිකව සහ අධ් යාත්මිකව පරිනාමය වූ පසුවය වෙනත් සියලු ළදරු වලිප්පුකාරයන් ඉල්ලන්නේ දැනට තිබෙන අයුක්තිය වෙනත් අයුක්තියකින් ආදේශ කිරීමය රුසියාවේ වැඩවසම්වාදය දරුණු ඒකාධිපති නිළධාරීවාදයකින් ආදේශ වූ පරිදිය දැනුම සම්බන්ධ ප් රභූත්වයකින් සංවාද වලට එළබිය යුතු නැත ඇත්තටම දැනුම යනු කුමක්ද නිෂ්පාදන ක් රමවේද ගැන අවබෝධයයි කුඹුරක් සීසාන්නේ කෙසේද පුටුවක් සාදන්නේ කෙසේද මෙන්න මේවා දැනුමයි නිෂ්පාදන ක් රමවේද වෙනස් වේ නව ක් රමවේද සොයාගනු ලැබේ මෙසේ වෙනස් වනවාට සමගාමීව සමාජය වෙනස් වේ නිෂ්පාදන ක් රමවේදයේ අවශ් යතාවලට අනුව ව් යුහ ගොඩ නැගේ මේ ව් යුහ තුල එකිනෙකාගේ භූමිකා ඇත මේ භූමිකා එකක් අනෙකට වඩා උසස් හෝ පහත් නොවේ නමුත් සමහර භූමිකා දීර්ඝකාලීන පුහුණුවකින් පසුත් වෙනත් ඒවා කෙටිකාලීන පුහුණුවකින් පසුත් ඕනෑම හෝමෝ සාපියන් සාපියන් කෙනෙකුට කල හැක ඇත්ත එයයි සමාජ විද් යාවන් යනු ස්වාභාවික විද් යාවන් පසුපස කනවැල අල්ලමින් යන විශයන්ය 18 19 සියවස්වල ස්වාභාවික විද් යාවන්ගේ දියුණුවත් සමග ඊට අනුරූපීව සමාජ විද් යාවන් තනා ගන්න ලදී සමාජ විද් යාවන් තුල වචන උඩප්පරන් ගැසීම බහුලය විධිමත් අධ් යාපනයක් නොලැබූවන් පමනක් නොව ස්වාභාවික විද් යාවන් විධිමත් ලෙස හැදෑරූ අයත් මේ වචන සෙල්ලම දැක වශී වෙති මේ ලේඛනවන ඇති අනවශ් ය ගාම්බීරත්වය ගැන මෝහනය වූ උගතෙකුට මෙහි ඇත්තේ දුර්වල පරිවර්තන හැකියාව සහ සිංහල භාෂාව ගැන අඩු දැණුම පමනක් බව මම මහත් අපහසුවෙන් තේරුම් කර දුනිමි ඔහුට සිනහ පහල විය දැනුම පිලිබද දේවතාවුන් නැත posted by සිව්වැනි මානය fourth dimension at 10 38 pm 12 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday march 29 2016 බ්ලොග් සම්මාන උලෙල ඇත්තෙන්ම බ්ලොග් සම්මාන ගැන මට මුලින් තිබුනේ දැඩි ඍනාත්මක අදහසකි මෙය බ්ලොග් කලාවෙහි විනාශයට හේතුවනු ඇතැයි දැඩිව විශ්වාස කලෙමි එහෙත් මගේ එම අදහස් වෙනස් වී ඇත අප සැමදාම එකම මතයක සිටිය යුතු නැත එසේම අප දරන බොහෝ මත වැරදි විය හැක මන්ද අප අපේය කියා සිතන අදහස් ඇත්තෙන්ම වෙනත් අය පැටවූ හෝ අපට ලැබුන සීමිත මූලාශ් ර මත පදනම් වන බැවිනි රසික වෘත්තිමය නොවන හැසිරීමක් ගැන අදහසක් දක්වා තිබිනි එහිම රසික සමග පැරා සමග කතා කිරීමට සමහරුන් බියවූ බවද කියා තිබුනි එය නම් ඇත්තකි අපේ සමාජය බියපත් ගැත්තන්ගෙන් බහුලය ගුටි කෑම නතරවූ සැනින් පටන්ගන්නෙ අනෙකාට තැලීමටය මෙය මා අහුලා ගත්තේ ඉෂාක් බශෙවිස් සිංගර්ගේ පොතකිනි කෙනෙක් සමග මුහුන දී කතා කරන්නට බිය අය ද සිටිති මේ තත්වය ඇතිවුනේ කුඩා කල සිටම වන්දන් කිරීම නිසාය ගුරුවරුන්ට පූජකයන්ට ආරක්ෂක අංශවල අයට ගරු කිරීමේ පුරුද්දක් ඇත මෙය අනවශ් ය දෙයක්ය යනු මගේ හැගීමයි මෙසේ ගරුකරන අයම තමන්ට වඩා දුර්වල අයෙක් දුටු විගස හිංසා කරන්නට පෙලබෙයි අපට හුරු පීඩක පීඩිත සම්ප් රදායක් මිස ඉගැලිටේරියන් සම්ප් රදායක් නොවේ අපේ රටවලට ගැලපෙන්නේ රජවරුය වැද නමස්කාරකරන්නන් බහුල බැවිනි එසේම කෙනෙකුට හොද හෝ නරක යැයි සහතික දීමටද ඉක්මන් නොවිය යුතුය සුදු කලු චරිත නැත ඇත්තේ අලු චරිතය වත්මන් රජය මෙම වන්දනාමාන සංස්කෘතියට අනුග් රහයක් නොදක්වන බව මගේ මතයයි මම නම් විශ්වාස කරන්නේ අප වන්දනාමාන කල යුත්තේ දෙමවුපියන්ට පමනක් බවය බල්ලට පූසට වදින සම්ප් රදාය විහිලුවකි පසුගිය රජය මෙම වන්දනාමාන සංස්කෘතිය හැදියාවක් ලෙස ප් රවර්ධනය කලේය එහි අවසන් අරමුන රජුට නමස්කාර කිරීමයි ඉන්පසු රජපවුලේ සියලු නොපනත්කම් ඉවසීමයි පවුලේ අය හැරුන විට සෙසු සියලුම මිනිසුන් හා තිබෙන්නේ ආර්ථික හා නීතිමය සම්බන්ධකම්ය තමනට වඩා ඉහල නිළධාරීන්ට රාජකාරිමය වශයෙන් අවනත වීම වෙනම දෙයකි මිනිසුන්ට අනවශ් ය ගරු කිරීම් නොකල යුතුබව මට උදාහරන මගින් ඉගැන්වූයේ චීවරධාරීන්ය මොවුන් ඕනෑම කඩප්පුලිකමක් කර සිවුරේ සැගවෙති සමාජය මොවුන් ගේ වැරදි හෙලා නොදකින්නේ මේ අපූරු වස්ත් රයේ ආනුභාවයෙනි ඔබ කෙනෙකුට අනවශ් ය ගරුකිරීම් කරන්නේනම් ඔහුගේ හැම නොපනත්කමක්ම ඉවසීමට සිත හදා ගත යුතුය ගෞරවය දිය යුත්තේ ක් රියාවටය පුද්ගලයාට නොවේ සමානාත්මතාව පිලිබද ධර්මතා අපේ වැනි ආසියානු සමාජයන්ට හුරු කිරීම ඉතා අසීරුය ඇත්තෙන්ම නියම සමානාත්මතාවය බිහිවන්නේ අනාගතයේදී තාක්ශනය තුලින් බව මම විශ්වාස කරමි තාක්ශනය තුලින් මිනිසාගේ හැකියාවන් ට යම් සීමිත බවක් ලබාදුන් දිනක නියම සමානාත්මතා සමාජය බිහිවනු ඇත රසික හා පැරා දෙදෙනාම බ්ලොග් ලෝකයේ අති දක්ෂයෝය එහි විවාදයක් නැත එහෙත් ඔවුන් පොරවල් කර ඔවුන්ට වන්දනාමාන කිරීම ඔවුන්ට කරන අසාධාරනයකි එයින් සිදුවන්නේ බ්ලොග් ලෝකයේ පූජක සංස්ථාවක් බිහිවීමයි මානව ඉතිහාසයේ සමහර මිනිසුන් පොරවල් කර ඔවුන් වටා පුදපූජා සහිත ආගමික සංස්ථා ගොඩ නැගුන බව අප දනිමු දේවාල සාදා දෙවි දේවතාවුන් ලෙස අදහන්නේද රසිකලා පැරාල මාතලන්ලා වැනි මිනිසුන්මය තමන්ට වඩා දක්ෂතා තිබූ මිනිසුන් මියගිය පසු ඔවුන්ගේ ආත්ම ජීවත්වන්නවුන්ට වඩා බලවත් කර පිහිට පතන්නට හුරු වූහ කාලය සමග මෙම චරිත අත්භූත චරිත බවට පත්විය මෙම සම්ප් රදාය දිගටම ගියානම් රසික ඔසී රටේ සිට ගුවන් මගින් මෙහි ආවා කියා ලිවීම රසිකට කරන මදිකමක් ලෙස සාහිත් යකරුවා විසින් සලකා රසික එර්දියෙන් බ්ලොග් සම්මාන උලෙලට ආ බව ලියා තබනු ඇත බ්ලොග් ලිවීමේ වටිනාකම මෙම බ්ලොග් උලෙලින් මොනවට පැහැදිලි විය එනම් බ්ලොග්කරුවන් ලියන දේ අප සිතනවාට වඩා ඵලදායී ලෙස සමාජගත වන බවයි කොමෙන්ට් තුලින් කැපී කෙටී ඔපමට්ටම් වී වඩා සුන්දර මානික් යයක් බවට පත්වන බ්ලොග් ලිපිය සමාජයේ හැම තරාතිරමකම අය කියවන බවයි මෙම ක් රමය අතීතයේද තිබිනිනම් උතුරේ තිස් අවුරුදු යුද්ධය හා දකුනේ කැරලිද මගහරවාගත හැකිවනු ඇත එසේම බ්ලොග්වල අධිපති මතවාද නැත අධ් යාපනයෙන් වැඩක් නෑ පක්ෂය දෙන අධ් යාපනය යි නියම අධ් යාපනය අප එකත්පස්ව එය හැදෑරීමත් විනය රැකීමත් පමනයි අවශ් ය වැනි ත් රස්තවාදී රාමු බ්ලොග් ලෝකයේ නැත එහි ඕනෑම මතයක් ප් රශ්න කල හැක බ්ලොග් ලියන සියල්ලෝම සමානයෝය අවසාන වශයෙන් බ්ලොග් ලිවීම ගැනද යමක් කිව යුතුය පිස්සුවෙන් මෙන් බ්ලොග් ලියන්න හෝ බලන්න ගියොත්නම් වැඩිකලක් බ්ලොග් කෙරුවාව කල නොහැක බ්ලොග් ලිවීම හා කියවීම කල යුත්තේ තම සතුට උදෙසාය කොමෙන්ට් කල යුත්තේ එය අවශ් යම යැයි හැගෙන විට පමනි මෙම කාරනයද බොහෝ බ්ලොග්කරුවන් තේරුම් ගෙන ඇත posted by සිව්වැනි මානය fourth dimension at 9 43 pm 19 comments email this blogthis share to x share to facebook share to pinterest ඒ එස් ආදි සිසුන් ලා හා අයි එස් ලා පාසල්වල ආදිසිසු ත් රස්තවාදීන් වෘත්තීය බ්ලොග්කරු අජිත් පැරකුම් අපූරු ලිපියක් ලියා ඇත අජිත් පැරකුම් යනු මීලග බ්ලොග් සම්මාන උලෙලේ හොදම බ්ලොගයට හිමි සම්මානය ලබන්නායි එය අනාවැකියකි බලන්න ඔහු කියන්න ඇති දේ නිසි ලෙස කියා ඇති අයුරු ආදි ශිෂ් යයන්ට පාසලට පරිත් යාගයක් කිරීමට කැමැත්තක් තිබේ නම් එසේ කිරීම වෙන ම කාරණයකි එහෙත් එම පරිත් යාගය භාර ගත යුත්තේ කොන්දේසි මත ය එම පරිත් යාගයේ මුවාවෙන් පාසලේ අභ් යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩ නො දිය යුතු ය අද වන විට ආදි ශිෂ් ය සංගම් පාසල් තුළ විශාල වශයෙන් ව් යාපාරවල යෙදී සිටියි පාසල්වලට අවශ් ය වියදම් අධ් යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දිය යුතු ය පාසල් වැඩ කළ යුත්තේ එම වියදම් සීමාව තුළ ය ඉන් එහා පාසල් හදන්නට විදුහල්පතිවරුන් දැගලිය යුතු නැත විදුහල්පතිවරුන් අරමුදල් සම්මාදමේ යාම වහා ම නැවැත්විය යුතු ය මෙවැනි තත්වයන් ඇති වන්නේ විදුහල්පතිවරුන් අධ් යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නොව ආදි ශිෂ් ය සංගම්වල උවමනාවන් මත කටයුතු කරන්නට යාම නිසා ය පාසල්වාදය ත් රස්තවාදයටත් වඩා භයානක බව ඔහු කියා ඇත ගාල්ල සවුත්ලන්ඩ් සිදුවීමේදී ආදිසිසුවියන් සිසුවියකට පහරදීම ඔහු ගෙන හැර දක්වා තිබිනි ආදි සිසුන් යනු බොහෝ පාසල් මෙහෙයවන්නන්ය ඇත්තෙන්ම බොහෝ දෙනාට පාසල යනු සුදුසුකම් නැතිව රැකියාවට යන මගකි වැඩ කරන තැන අයුතු ප් රයෝජන ලැබීමට මගකි බොහෝ ප් රසිද්ධ පාසල් පාලනය කරන්නේ මෙම ත් රස්තවාදීන්ය ආදි ශිෂ් ය කෝටාව තුලින් ඔවුන් ඊලග පරම්පරාවද මෙම පාසලට දමාගෙන පාසල බමුනාගේ පූන නූල කරගෙන ඇත මචන් අපි එක ඉස්කෝලෙනෙ කියා ඕනම බලුවැඩක් කරගනී මෙසේ බලු නිකායවල් ගනනාවක් මේ රටේ ඇත ඉන් එකකට හෝ අයත් වීම මහත්ඵල මහානිසංස ලැබෙන්නකි ප් රයිවෙට් සෙක්ටර් එකේ ඉන්ටවීව් වලදී පාසලට ලකුනු 50 ක් වත් ලැබේ පාසල උඩ දාගෙන ඉන්නෙ ඔය වගෙ හොර පාරවල් නිසාය හොරකමකට මාට්ටුවුනත් ලොකු තැන්වල ඉන්නෙ එක ඉස්කෝලෙ එවුන්ය මේ චාන්ස් එක ගමේ හොරපොල් කඩන එකාට නැත මහා පරිමාන වංචාවල යෙදුන උන් බේරෙන්නේ මේ පාසල් මාතාවගෙ අම්මගෙ රෙද්ද නිසාය ජාතිවාදය හා ආගම්වාදය හා පක්ෂවාදයටත් වඩා ලංකාවේ ජනයා දරුනුවටම ගිලී සිටින්නේ පාසල්වාදයේය ලොකු පාසල් වල ආදි සිසුන් හා කාර්යන් අතර වෙනස කාරයන් එලිපිට සිය ම්ලේච්ඡත්වය පෙන්වීමයි අබු බකර් අල් බැග්දාදි ඉරාකයේ හා සිරියාවේ සටන් කරයි ඒ ඔහු ගිලී ඇථි අන්ත ගෝත් රිකත්වයක් නිසාය ආදිසිසුන් පාසල් මාතාවක් වෙනුවෙන් මැරෙන්න දගලන්නේද ඊටම සමාන ගෝත් රිකත්වයක් නිසාය බැග්ඩෑඩිටත් ලංකාවේ ආදි සිසුන්ටත් වෙන වෙනම ජාවාරම් ඇත මටනම් පාසල වගේ වගක් නැත මා බැදීම් බොහෝ දුරට අඩුකරගෙන සිටින බැවිනි මට රෝයල් ගිය එකාත් ආනන්දෙට ගිය එකාත් සෙන් තෝමස් ගිය එකාත් හින්දු කොලෙජ් ගිය එකාත් සහීරාවට ගිය එක්කාත් මහමූකලානෙ කනිෂ්ටෙට ගිය එකාත් එකය දැනුම සෙවීමට ඇති මාවත් ගනනාවකින් එකකි පාසල එහෙත් ඇතැම් එකාලාට පාසල අම්මගෙ රෙද්ද වී ඇත දිනක් මිතුරෙක් ඔහුගේ ෆෝන් එකේ තිබූ ඔහුගේ පෝස්ට් එකක් පෙන්වා මේ කොහෙදැයි ඇසීය මට කොතරම් කල්පනා කලත් මතක් කරගන්න බැරිවිය ම්හ්හු බෑ අපේ ඉස්කෝලෙ ඔහු බැරිම තැන කීවේය දැන් හැමතැනම ගොඩනැගිලි ඉදිකර විශාල විපර්යාසයකට බදුන් කර තිබූ පාසලට මා කලෙකින් ගොඩ වැදුනේ නැත මට පාසල ගැන මහලොකු හැගීමක්ද නැත එහෙත් රටේ බහුතරය එසේ නොවේ පාසල වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම්ය පාසල් වාදය ගැන අපූරු ලිපියක් ජේමිස් බන්ඩා ලියා තිබිනි ජේමිස් බන්ඩා යනු බ්ලොග් ලියන්නන් අතර සිටින ප් රගතිශීලියෙකි අලුත් විදියට සිතන්නෙකි ඔහු පාසල්වාදියෙක් නොවේ ලිපියේ තිබුනේ වෙනත් ඕනෑම දෙයකදී සන්සුන් වන බන්ඩගෙ මිතුරෙක් පාසල යන වදන ඇසෙනවිටම මාරාවේශ වන කතාවකි ඇත්තටම කුමක්ද මෙයට හේතුව බන්ඩා අපූරු හේතු දක්වා තිබිනි පොඩිකාලෙ සිටම සම්ප් රදායන් චාරීත් ර හැසිරීම් ආදිය තුලින් වෙනස් අනන් යතාවයක් ලබා දෙයි තමන් සෙස්සන්ට වඩා වෙනස් බවත් උසස් බවත් යටිසිතට කාවද්දයි පාසල් පාසල් අතර ගුටි කෙලිවලින් මෙය ශක්තිමත්වේ පුද්ගලයාගේ මුලු ලොවම පාසල වටා බ් රමනය වන බව ඒත්තු ගන්වයි පාසලෙන් ඉවත් වූ පසු රැකියාවක් ලබාගැනීමේදී පාසල් සබදතා ප් රයෝජනවත්ය සමහර කොම්පැනිද ආදිශිෂ් යයන්ට තිබේ ඒ හැර සමාජ සබදතා වලදී මෙම පාසල් ජාලවල සාමාජිකයෙක් වීම ආරක්ෂාවට හා පැවැත්මට හොදය එනයින් පාසල යනු එක්තරා කුලයකි පාසල්වාදය යනු අධිපතිවාදයකි ලොකු ඉස්කෝල තිබෙන්නේ පොඩි ඉස්කෝල තිබෙන නිසාය ලොකු ඉස්කෝලවල අය ලොකු වන්නෙ පොඩි ඉස්කෝලවලට සාපේක්ෂවය ගෝත් රවලට බෙදී සිටින්නේ අපගේ හීනමානය නිසාය අනුන් ගැන ඇති බය නිසාය ලොකු ඉස්කෝලකාරයෝ වෙනත් ලොකු අය සමග තරගයකි පොඩි එවුන් ඉදිරියේ ලොකුකම දැම්මද ආගමික වශයෙන් වෙනස් ලොකු ඉස්කෝල සමග තරගයක් ඇත මෙහෙම ඉස්කෝලවල ආගම්වාදය ඇවිස්සීම නිරතුරුව සිදුවේ චන්ද් රිකා යුගයේ දී ප් රශ්නයක් ආ විට මේක අපේ පොදු ප් රශ්නයක් යැයි ඔවුන් කීහ නෑ නෑ මේක පොදු නෑ ඔහෙලගෙ ප් රශ්නයක් කියා අප කිව යුතු වෙමු දෙදෙනෙක් පාරේ යනවිට මුදල් පසුම්බියක් වැටී තිබී එකෙක් අහුලා ගත්තේය එය තමන්ට තනිවම අයිති බව කියමින් ඔජවඩමින් යන විට අයිතිකාරයා අසුපිට කසයක්ද රැගෙන ඔවුන් ඉදිරියට ආ පසු මේ පසුම්බිය අපි දෙන්න අහුලගත්ත නේදැයි අහුලගත් එකා අනෙකා දෙස බලමින්වෙව්ලමින් කීවේය එවිට අනෙකා දැන්ද අපි ව මතක් වුනේ කලින් මමය මාගේය සින්දුව නේද කීවෙ දැන් ඔයා තනිවම බේරගන්න කියා ආපසු ගියේය මම නම් සිතන්නෙ කිසිම කෙනෙකුට විශේෂත්වයක් නොදැක්විය යුතු බවය සැම දෙනාම කරන්නෙ සෙසු සමාජය වෙනුවෙන් සිය භූමිකාවයි එහි උසස් පහත්කම් නැත වියපත්වූවන් පවා පාසල් ගැන කියමින් රන්ඩුකරගැනීමෙන් අප තුල ඇති පුංචිකම ඉස්මතුවේ posted by සිව්වැනි මානය fourth dimension at 12 28 am 5 comments email this blogthis share to x share to facebook share to pinterest thursday march 24 2016 මේ රටේ තිබූ නරකම ආන්ඩුව මොකක්ද මේ මම නිකම් ඉන්නවිට නිකමට සිතුන කල්පනාවකි මේ ප් රශ්නයට පිළිතුරක් දෙනවිට අගතිගාමී වීම වැලක්විය නොහැක ඒ නිර්නායක සම්බන්ධවය මම මෙහිදී සැලකිල්ලට ගන්න නිර්නායක මගේම ඒවා වේ මෙහිදී 1947 ඩී එස් ගේ සිට වත්මන් ආන්ඩුව දක්වා සියළු ආන්ඩු සැලකිල්ලට ගැනේ ඥාති සංග් රහය මාධ් ය මර්ධනය දරදඩු නීති රජයේ ප් රතිපත්ති නිසා ජනතාවට සිදුවන පීඩනය නීතිය අවනීතිය වීම දූෂනය අවපාලනය යන කාරනායි සංවර්ධන දැක්මක් නොවීම මෙම නිර්නායක ඔස්සේ විවිධ ආන්ඩුවලට ලකුනු දුන්නෙමි ඉහලම ලකුනු ලබා නරකම ආන්ඩුව වුනේ 1970 1977 සමගි පෙරමුනු රජයයි ලංකාවේ මෙතෙක් තිබූ ආන්ඩු වලින් නරකම ආන්ඩුව ලෙස කිරුළු පලදින්නට සිරිමාවෝ රජයට අවස්ථාව ලැබුන හැටිද සැකෙවින් කියන්නම් එම රජය ඥාති සංග් රහය අතින් දෙවෙනි වන්නෙ මහින්ද රජයට පමනි මෙම නිර්නායකය සදහා වැඩිම ලකුනු ලැබුවේ මහින්ද රජයයි රජයේ ගුවන් විදුලිය රජයේ හොරනෑවක් විය එකල විරුද්ධ මටහ්යකට ඉඩ තිබුනේ පත්තරවලය ඒ දහසක් ගැහැට මැදයි එකල තිබූ දරදඩු නීති අනුව පිකටින් එකක් කලත් දේපොල රාජසන්තක වන තරම්ය රජයට ඕනෑම විරෝධයක් තහනම් කර ජීවිතාන්තය දක්වාම හිරේ දැමිය හැකි විය මෙම මර්ධනය උරුම වුනේ සමාජවාදී රටවල පැවති ක් රමයෙනි එම රජයේ සංවෘත ප් රතිපත්ති නිසා පෝලිම් යුගයක් ඇති විය නීතිය ක් රියාත්මක වීම අතින් දුප්පතුන්ට අයුක්තියක් විය දූෂනය ට හොදම උදාහරනය වුනේ සමූපකාරයයි මෙම නිර්නායකය සදහාද වැඩිම ලකුනු මහින්ද රජයටයි දේශීය කර්මාන්ත රැකීමත් මඤ්ඤොක්ක සිටවීමත් යනු සංවර්ධනය නොවේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නංවා විදේශවෙලදපොල ජයගැනීම මිස මඤ්ඤොක්කා සිටවීමෙන් පමනක් රටක් ගොඩ ගත නොහැක posted by සිව්වැනි මානය fourth dimension at 2 43 am 14 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday march 23 2016 89 කැරැල්ල හා භීෂනය වැන්නක් යලි ඇති නොවීමට නම් නොකී කතා බ්ලොග් එකේ පලවූ ලිපියක් නිසා අලුත් සංවාදයකට පැටලෙන්නට සිදුවිය නොකී කතා ලිපිය පාදක කරගෙන ඉයන් අගනා ලිපියක් ලියා තිබිනි 88 සිදුවීම් ගැන 1990 න් පසු උපන් අය නොදන්නා නිසාත් එවැන්නක් මෙරට නොව ලොව කිසිම රටක යලි සිදුනොවිය යුතු නිසාත් ඒවා ගැන කතා කිරීම ප් රයෝජනවත්ය මෙහිදී ජවිපෙ මෙම යුගය දකින්නේ සිය අහිමි විප්ලවය සිදුවූ යුගය ලෙසයි ජවිපෙ මිනීමරුවෝ ජවිපෙට පිලිම නෙලා නැති විරුවෝය ඔවුන් වෙනුවෙන් මිහිකත දෙස් දෙනවාලු එවකට පැවති රජයට අනුව ඉතා සාධාරනව පැවති ආන්ඩුව අවි බලයෙන් පෙරලන්නට තැත් කල කඩාකප්පල්කා...
|