Meta tags:
description= පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත;
Headings (most frequently used words):
බෙදා, ගන්න, දිනපොත, alchemist, stem, පිටස්තරයා, තැන්, ලිපි, ඇල්කෙමියාගේ, diary, වගේමයි, හඳුන්කූරු, වැඩියෙන්, පත්තු, කළාට, ඉක්මනින්, නිවන්, යන්නෙ, නෑ, පර්යේෂණාත්මක, බ්ලොග්කරණයේ, රැඩිකල්, පැත්ත, success, through, freedom, nurturing, innovation, in, organizational, culture, ලෝකයේ, පෙනහැල්ල, සිදුරු, වෙයි, තවමත්, අපි, බලා, සිටිමු, academy, සුපිරි, මිනිසුන්, තැනීමේ, චීන, වෑයම, සඵල, වේද, නොපෙරුණු, සඳ, එළිය, සමග, එන, මරණයේ, පණිවුඩය, අපේ, දරුවන්ට, අවශ්, steam, stream, නව, ලොව, අභියෝග, ජයගන්න, අපේ, දරුවන්ටත්, අධ්, යාපනය, 21, 20, ප්ලාස්ටික්, පොලිතින්, පිළිස්සීමෙන්, ඇතිවිය, හැකි, ලිංගික, විකෘති, මගේ, දැක්ම, පළවන, වෙනත්, කියවපු, අය, global, co2, level, කස්ටිය, වැඩියෙන්ම, බලපු, පළවෙන, බස්, රේඩියෝව, අහන්න, ලියපු, දවස්, දින, සටහන්, rss, සබැඳුම්, නවතම, කැමතිද, කියවන්න, චුරු, චුරුව,
Text of the page (most frequently used words):
නිසා (114), විවෘත (83), වින්ඩෝවකින් (80), ඇති (65), සිදු (62), share (60), දැන් (60), නමුත් (54), අතර (53), නැහැ (51), and (50), කරන (48), නම් (47), අධ් (47), කිරීම (46), විද් (46), සිය (44), වන්නේ (43), තත්ත් (40), විශ්ව (40), හැකි (38), බොහෝ (37), වැනි (36), මගින් (36), වනවා (35), අපි (34), the (31), වෙනස් (31), අවශ් (31), මෙන්ම (30), තිබෙනවා (30), ලබා (30), වායු (29), තුළ (29), #innovation (27), දරුවා (27), ඇමසන් (27), එකතු (25), ගන්න (25), වඩා (25), තාක් (25), ජාන (25), වෙනත් (24), වාහන (24), දරුවන් (24), කියලා (24), මත්පැන් (24), අපේ (23), විවිධ (23), වශයෙන් (23), නැති (23), සියයට (23), ගැනීමට (23), මද් (23), රණය (22), වීම (22), විය (22), වසර (22), වලින් (22), stem (22), ලෝකයේ (21), එසේ (21), කරමින් (21), බවට (21), වුවත් (21), ඔවුන් (21), posted (20), මුද් (20), මෙය (20), ගැන (20), තවමත් (19), කිරීමට (19), එක් (19), සමහර (19), ඇත්තේ (19), ඔයාට (19), මූලික (19), දිනපොත (18), ලක් (18), හැකියි (18), එසේම (18), කටයුතු (18), කාර් (18), අපට (18), යන්න (18), බලා (17), ඉතා (17), කරනවා (17), පුළුවන් (17), රමාණය (17), වලට (17), යාපන (17), alchemist (16), අඩු (16), නිසාම (16), ගැනීම (16), මෙසේ (16), රව් (16), කාබන් (16), නිසි (16), පර්යේෂණ (16), නිෂ්පාදනය (16), යාව (16), this (15), ඇල්කෙමියාගේ (15), වෙනුවෙන් (15), රටවල (15), ලෙස (15), සඳහා (15), බොහොම (15), වැඩි (15), කෙසේ (15), කතා (15), පත් (15), කරන්න (15), අනුව (15), කළා (15), එක්ක (15), teams (15), for (14), කුඩා (14), සෑම (14), හරහා (14), වෙලා (14), එකක් (14), දරුවන්ට (14), වෙමින් (13), බෙදා (13), කරුණක් (13), ගන්නා (13), නගරයේ (13), මොලී (13), වුනා (13), ඔයා (13), ලොව (13), ඉංජිනේරු (13), මානව (13), මිනිසා (13), යසාරය (13), 2011 (12), 2012 (12), 2013 (12), සහිත (12), එහි (12), පසු (12), පවතින (12), කොළඹ (12), පිළිබඳ (12), සමහරවිට (12), ඉන් (12), වෙනවා (12), දෙයක් (12), වෙත (12), පටන් (12), මෙතිල් (12), email (11), සමග (11), පරිසර (11), ගණන් (11), මගේ (11), ලංකාවේ (11), විසින් (11), වාතය (11), ඉහළ (11), විට (11), යුතු (11), පවතිනවා (11), ලෙසින් (11), ගමන් (11), සිටින (11), සත්ත් (11), තමයි (11), සතුන් (11), ඔහු (11), කිසිදු (11), ඉදිරියට (11), දියුණු (11), දැනුම (11), යාපනය (11), වර්ග (11), their (11), මිනිසුන් (10), පුරණය (10), කැමතියි (10), ලින්ක්ඩ්ඉන් (10), linkedin (10), පින්ටරෙස්ට් (10), pinterest (10), ටම්බ්ලර් (10), tumblr (10), රෙඩිට් (10), reddit (10), තැපැල් (10), link (10), friend (10), ෆේස්බුක් (10), facebook (10), ඒවා (10), රටේ (10), ඇතුළුවන (10), සැලසුම් (10), සිදුවන (10), නොවෙයි (10), පමණ (10), කරගෙන (10), කවදාවත් (10), හොඳ (10), ඔව් (10), වැඩ (10), වෙන (10), දැනටමත් (10), පවා (10), ආයෙම (10), විශ්වට (10), නීල් (10), සොයා (10), පමණක් (10), විවිධාකාර (10), යසාර (10), 2017 (9), යමක් (9), දූෂණය (9), පෙනහළු (9), වගේ (9), රථවාහන (9), ගොස් (9), ආදිය (9), වර්ධනය (9), හොඳින් (9), රටවල් (9), සුළු (9), නිසායි (9), කිරීමයි (9), අභ් (9), රමාණයක් (9), ෂෙත් (9), කිසියම් (9), ගැනීමේ (9), කරන්නෙ (9), සාමාන් (9), කරලා (9), ජීවත් (9), සියල්ල (9), නැවත (9), තවත් (9), රටක (9), ෂණය (9), හැකිය (9), ශිෂ් (9), නොහැකි (9), පෙර (9), වනය (9), management (9), සුපිරි (8), තමන්ගේ (8), ලෝකය (8), ටැග (8), අවම (8), පරිසරයට (8), ඔවුන්ගේ (8), වායුව (8), සියළුම (8), පොදු (8), වැදගත් (8), කළත් (8), නීති (8), ඩයොක්සයිඩ් (8), වූයේ (8), පාලනය (8), පරිදි (8), පෞද්ගලික (8), අමතක (8), යොමු (8), පරීක් (8), එපා (8), වුනත් (8), කොටස් (8), නැවතත් (8), ගීතිකා (8), එයා (8), කොහොමද (8), නිසාත් (8), විෂයයන් (8), පරිකල්පනය (8), හැකියාවන් (8), අන් (8), යත් (8), ලැබෙන (8), යනු (8), නිර්මාණය (8), ස්ප් (8), රීතු (8), ශාක (8), වනාන්තරය (8), that (8), time (8), වෙන්න (7), අගෝස්තු (7), නොවැම්බර් (7), රතිචාරයක් (7), සෞඛ් (7), භාවිතය (7), ඇතිවන (7), රසායන (7), අධික (7), දැකිය (7), ජීවිතය (7), තරමක් (7), යොදා (7), වෙන් (7), වනවිට (7), කාළයක් (7), තිබූ (7), දායක (7), නගරයට (7), සීමා (7), වාතයේ (7), උදාහරණයක් (7), ගතහොත් (7), කෙතරම් (7), මහනුවර (7), විශාල (7), පුළුවනි (7), එයින් (7), 000 (7), dna (7), එකම (7), අක් (7), රීය (7), ජලය (7), සෑහෙන (7), හොඳයි (7), මධ් (7), කිසිම (7), වෙන්නෙ (7), කරගන්න (7), සුමනසේකර (7), ඉතිං (7), ඔයාගෙ (7), පර්යේෂණය (7), සකසා (7), හිත (7), සමත් (7), ආදී (7), ස්වාමීන් (7), වයට (7), දැනුම් (7), කාළය (7), තමන්ට (7), ස්වභාවික (7), කිරීමේ (7), නොවන (7), steam (7), විෂයය (7), crispr (7), projects (7), ideas (7), success (6), අප් (6), රේල් (6), මැයි (6), ජූනි (6), සැප්තැම්බර් (6), 2014 (6), අගෝ (6), ලෝක (6), ලබාදෙන්න (6), ඉක්මනින් (6), අනාගත (6), පොලිතීන් (6), සුවිසල් (6), මුව (6), දූෂණයට (6), කර්මාන්ත (6), රෝග (6), අවසානයේ (6), දෙනෙකු (6), කෙටි (6), පාලනයට (6), දරුවන්ගේ (6), අපද් (6), පිටවන (6), බොහොමයක් (6), ලබන (6), ඉවත් (6), අවාසනාවකට (6), මානසික (6), ගෙන (6), නගරය (6), කෙළින්ම (6), යන්තර (6), නැතිනම් (6), මිලියන (6), ගණනක් (6), අනවශ් (6), තිබෙන (6), යාම (6), ටික (6), කොහොමත් (6), වැඩිය (6), ඉන්නෙ (6), හරි (6), ගිහින් (6), තියෙන්නෙ (6), වගේම (6), කෙනෙකුට (6), ගිය (6), එහෙම (6), හැම (6), රශ්න (6), රශ්නයක් (6), පසුව (6), කරා (6), හැඟීමක් (6), අත්ථදස්සි (6), රිය (6), අදාල (6), කෘත් (6), බුද්ධිය (6), ෂණික (6), විභාග (6), නොවේ (6), දක්වා (6), බවයි (6), දරුවාගේ (6), ස්ඵටික (6), භාවිතා (6), පානය (6), එතිල් (6), භාවිත (6), විරෝධී (6), hiv (6), environment (6), වායුගෝලයට (6), where (6), team (6), are (6), through (5), freedom (5), culture (5), රතිචාර (5), දෙසැම්බර් (5), ජනවාරි (5), මාර්තු (5), ජූලි (5), 2019 (5), දින (5), පිටස්තරයා (5), විනාශ (5), පවතී (5), ලිංගික (5), ප්ලාස්ටික් (5), අංශු (5), පොලිස් (5), ආඝ් (5), දැනට (5), කරන්නේ (5), නිවස (5), ගියත් (5), දුම (5), ඉක්මනින්ම (5), ඔබේ (5), සංයෝග (5), වසරේ (5), මෙම (5), එකතුවන (5), දහනය (5), වන්නට (5), භාවය (5), වීමට (5), නැංවීම (5), ඉලක්ක (5), ක්ම (5), පහක් (5), චීනය (5), නගර (5), තදබදය (5), රවාහන (5), නොමැති (5), යාමට (5), මහා (5), පසුගිය (5), කොළඹට (5), නැතිව (5), හොඳම (5), ඇතුළු (5), උපරිම (5), ඉතිරිය (5), පැමිණෙන (5), ඔක්සිජන් (5), ළමා (5), කෙනෙකු (5), ඉදිරි (5), ඉතිරි (5), සති (5), යායාම (5), දෙන්න (5), වේවි (5), මොකද (5), විශ්වගේ (5), ඇසුවෙ (5), පුනරුත්ථාපන (5), ඇසුවේ (5), ලොකු (5), පැවසුවා (5), සිටියා (5), විදියට (5), බවත් (5), මනස (5), රිකා (5), සියල්ලම (5), ඔහුට (5), ගැනීමටත් (5), විශේෂ (5), තරමක (5), යැයි (5), සුවිශේෂී (5), වහන්ස (5), හිමියන් (5), තොරව (5), කරුණු (5), මෑතකදී (5), ආයතනය (5), ඩෙනිස් (5), සමගම (5), සාම්ප් (5), පුරා (5), එයට (5), පිරිසිදු (5), පරිසරය (5), රමය (5), පෙළ (5), විෂය (5), දෙමාපියන්ගේ (5), සනාථ (5), නොව (5), පාසැල් (5), මිනිස් (5), නැතහොත් (5), stream (5), ෂණිකව (5), මෙන් (5), සමෝධානිත (5), කරනු (5), නිර්මාණ (5), වනු (5), යතා (5), වෙළඳ (5), තහවුරු (5), ගෝත් (5), ගති (5), දෙන (5), සංස්කරණය (5), සිහින (5), වැසි (5), වනාන්තර (5), වනාන්තරයක (5), තිර (5), විනාශය (5), වනයේ (5), them (5), can (5), failure (5), creativity (5), google (5), innovative (5), skip (5), with (4), diary (4), have (4), නවතම (4), ලිපි (4), ඔක්තෝබර් (4), තමා (4), what (4), රසායනික (4), ආබාධ (4), ගෑණු (4), ආරක් (4), අනිවාර්ය (4), ශරීරයට (4), රාණය (4), දෙනා (4), යුතුමයි (4), නිකුත් (4), මේවා (4), පිළිස්සීම (4), ආගමික (4), ජාතික (4), සැකසීම (4), රියාත්මක (4), යුතුයි (4), සෘජුව (4), දරුවාට (4), සම්ප් (4), රේෂණය (4), නොදන්නා (4), අඩුයි (4), එවැනි (4), සපුරා (4), ගන්නවා (4), ඉන්ධන (4), වයක් (4), මුහුදු (4), නිරන්තරයෙන් (4), සිට (4), තුළට (4), ගොඩනැගිලි (4), සංසරණය (4), ඉදිරියේදී (4), කිහිපය (4), දැඩි (4), නොවී (4), මෙයින් (4), කාර්යක් (4), වෙනුවට (4), අතින් (4), ඇතුලත (4), සමාන (4), අයත් (4), අමතරව (4), කියා (4), එනම් (4), ශරීරය (4), නයිට් (4), අඩංගු (4), කාළයේ (4), ගිණි (4), අවට (4), ආශ් (4), රගමනයට (4), බලපාන (4), බැහැ (4), එන්න (4), කමක් (4), තියෙන (4), ගියා (4), හිතන්නෙ (4), හෙට (4), නේද (4), සිටි (4), යයෙන් (4), කියන්නෙ (4), තියෙනවා (4), ආවෙ (4), දෙන්නා (4), අතරේ (4), මුහුණ (4), අමාරු (4), වැඩට (4), දෙක (4), මිනිස්සු (4), බිඳ (4), දන්නවා (4), මීට (4), දන්නෙ (4), ඉගෙන (4), ගියේ (4), රාශියක් (4), තිබුණා (4), නෙවෙයි (4), නාවික (4), එකට (4), විස්තර (4), බැරි (4), කියන්න (4), රමයෙන් (4), ඔහුගේ (4), රැගෙන (4), දන්නා (4), උපක් (4), රියා (4), හිමියෝ (4), සිතේ (4), වෙනම (4), නිදහසේ (4), කරන්නට (4), අවසන (4), ආචාර්ය (4), ලිපර්ඩ් (4), අනුගත (4), මුළු (4), පුරුදු (4), රිම (4), රදායික (4), යුතුමය (4), අරමුණු (4), රියාකාරකම් (4), ඔප් (4), යාපනයට (4), සකස් (4), උසස් (4), කණ්ඩායම් (4), හඳුනාගෙන (4), ෂණයක් (4), ලිවීම (4), නිර්මාණශීලීත් (4), නිසාය (4), ගන්නේ (4), හැකියාව (4), සාර්ථකව (4), රමයක් (4), හුරු (4), දහස් (4), මානවයා (4), කරයි (4), වැඩුනු (4), මූළික (4), ඉතාමත් (4), සතුන්ගේ (4), සරළව (4), එහිදී (4), සීනි (4), විශේෂයෙන්ම (4), ශක්තිය (4), මෙහි (4), කෙමෙන් (4), ඕනෑම (4), පරිමාණව (4), අමුද් (4), දක් (4), නොවෙනස්ව (4), සිටිනවා (4), රික (4), ජානය (4), cas9 (4), ක්ලෝනීකරණය (4), කිරීමටත් (4), short (4), ජීව (4), amazon (4), අයිස් (4), සෝයා (4), kpis (4), growth (4), has (4), experiment (4), resources (4), learning (4), term (4), than (4), wordpress (3), com (3), කියවන්න (3), චීන (3), වෑයම (3), වෙයි (3), සිටිමු (3), rss (3), පෙබරවාරි (3), 2015 (3), සටහන් (3), දවස් (3), තැන් (3), done (3), පිළිකා (3), පිරිමි (3), හඳුන්කූරු (3), දුරට (3), වැසුම් (3), සිටිනු (3), ආචරණ (3), නියැලෙන (3), අනිවාර්යයෙන්ම (3), අංශූන් (3), පෙනහළුවලට (3), තැන්පත් (3), කරගත (3), අභිප් (3), රාය (3), සුවඳ (3), පැවති (3), 2000 (3), නියාමනය (3), ඩයොක්සීන් (3), අතිශය (3), විෂ (3), බලපෑම් (3), හේතුවක් (3), සොයාගෙන (3), ලැබිය (3), තිබීම (3), මිනිසුන්ට (3), විදුලි (3), ධාවනය (3), හිතකාමී (3), තැනට (3), විනා (3), සිතා (3), පැය (3), රධාන (3), මෙයට (3), මට්ටම (3), හැකියාවක් (3), භාජනය (3), වයකට (3), රටාවකට (3), යතුරුපැදි (3), සේවය (3), අනාගතයේදී (3), නිවාස (3), යන්ත් (3), යමය (3), පිටත (3), හුවමාරු (3), වෙනසක් (3), දුම් (3), හරියටම (3), යන්නේ (3), දෙකකට (3), සම්පූර්ණ (3), පමණයි (3), අඩුවැඩි (3), රීරෝද (3), භාණ්ඩ (3), බලය (3), කිලෝමීටර (3), තරම් (3), රජන් (3), රෝටීන (3), නිෂ්පාදනයට (3), ගොඩක් (3), ස්වයංක් (3), නුවර (3), ස්වභාවය (3), යයනය (3), පෙනෙන (3), දශක (3), ජනතාව (3), ෂමතාවය (3), වතාවක් (3), රගතිය (3), ඒකට (3), අතුරු (3), සුව (3), යනවා (3), ඒත් (3), සියයක්ම (3), ඉඳලා (3), අටියෙන් (3), එහෙනම් (3), බලාගෙන (3), කියලයි (3), වෙලාවට (3), හොඳට (3), යායාම් (3), දැනෙනවා (3), ලංකාවෙ (3), ඇමරිකානු (3), කෙනෙක් (3), ඇඳුම් (3), යුවල (3), බලමු (3), කකුල (3), කොච්චර (3), කියන (3), යස්ථානයට (3), දෙන්නට (3), භාර (3), කරමු (3), අසා (3), පමණි (3), සමාජයක (3), හිතන (3), විතරක් (3), ගහකොළ (3), සම්බන්ධතා (3), බැඳීම් (3), නිදහස (3), මාත් (3), කට්ටිය (3), දවස්වල (3), කළේ (3), අළුත් (3), පර්යේෂණාගාරය (3), අළුතෙන් (3), උදව්වක් (3), බලාපොරොත්තු (3), රක් (3), විශ්වගෙ (3), හිතේ (3), පැමිණ (3), ලංකාව (3), තනිවම (3), දැනුනා (3), පැමිණියේ (3), මේක (3), විශ්වාස (3), තියෙනවද (3), දෙදෙනා (3), සවි (3), උපයෝගී (3), එහෙමයි (3), හැඟීම (3), දැනෙන (3), මානයන් (3), ජීවය (3), දෙස (3), පාලනයකින් (3), ආපු (3), හොඳින්ම (3), දමා (3), තනි (3), ශාරීරිකව (3), මානසිකව (3), කුතුහලය (3), පිරි (3), සිත (3), ගණනය (3), මාස (3), සමහරු (3), සැකය (3), මෙවැනි (3), 100 (3), කේක් (3), සඳහන් (3), ඊයේ (3), පුරාම (3), රොබෝ (3), රවණතා (3), සන්නද්ධ (3), ගණිතය (3), ඉගැන්වීමයි (3), මෙහිදී (3), විසින්ම (3), ඉදිරිපත් (3), තැනක් (3), ඇමරිකාව (3), පතිත (3), development (3), goals (3), තුරන් (3), ශක්තිමත් (3), ඉදිරියෙන් (3), ගත් (3), කරුණකි (3), දෙවන (3), පැමිණි (3), දෙමාපියන් (3), අනේකවිධ (3), දරුවන්ගෙන් (3), සිටම (3), පාහේ (3), රීඩා (3), කරනුයේ (3), රහණය (3), තරුණ (3), රශස්ත (3), සංඛ් (3), යාවක් (3), ෆින්ලන්තය (3), රතිඵල (3), ගනිමින් (3), රමාණුකූලව (3), පවත්වාගෙන (3), education (3), තනා (3), තිබේ (3), ඔවුන්ට (3), දරුවකු (3), රමයට (3), වෙනස්වීම් (3), වීමේ (3), අහිමි (3), වීමක් (3), ආගම (3), බටහිර (3), අර්ථ (3), අවස්ථා (3), රයක් (3), වීමයි (3), කලාත්මකව (3), යාත්මකව (3), භාවිතයෙන් (3), කිරීමෙන් (3), හැක (3), නූගත් (3), පරිවර්තනය (3), මිශ් (3), වුවහොත් (3), ගෝඩා (3), යාවේ (3), කසිප්පු (3), වයේ (3), මුසු (3), අතරම (3), පළතුරු (3), ගණනාවක් (3), මස් (3), නිෂ්පාදන (3), ලාභ (3), දේශපාලනික (3), සරළ (3), වෙහෙස (3), තට්ටු (3), ගත්තේ (3), කාර්මික (3), නිපදවීම (3), ඛණිජ (3), තෙල් (3), අසාමාන් (3), වයෙන් (3), මිනිසකු (3), අවයව (3), කිසිවකුට (3), ලැබී (3), බුද්ධි (3), ccr5 (3), ඔරොත්තු (3), දරා (3), කළල (3), බල්ලන් (3), කපා (3), බැක්ටීරියා (3), ජානමය (3), අන්දමේ (3), රථම (3), වසරකට (3), වෛද් (3), දියවීම (3), ගින්න (3), දූවිලි (3), වනාන්තරයේ (3), නිවර්තන (3), සමබරතාවය (3), සැතපුම් (3), වනාන්තරයක් (3), not (3), rigid (3), should (3), create (3), autonomy (3), from (3), micromanagement (3), organizations (3), approach (3), long (3), policy (3), employees (3), giving (3), explore (3), encourage (3), these (3), processes (3), members (3), failures (3), support (3), take (3), risks (3), often (3), new (3), trust (3), provide (3), metrics (3), experiences (3), outcomes (3), strategies (3), however (3), many (3), results (3), rather (3), site (2), content (2), subscribed (2), subscribe (2), join (2), other (2), subscribers (2), gmail (2), නොපෙරුණු (2), එළිය (2), මරණයේ (2), පණිවුඩය (2), තැනීමේ (2), සඵල (2), වේද (2), academy (2), පෙනහැල්ල (2), සිදුරු (2), nurturing (2), organizational (2), 2016 (2), 2018 (2), බස් (2), අහන්න (2), කෝටි (2), වියදම් (2), දවසක් (2), co2 (2), level (2), දෙනෙක් (2), යමෙකු (2), යයි (2), විකෘති (2), වැඩියෙන් (2), නිවන් (2), යන්නෙ (2), සේම (2), අපවිත් (2), හැකිතාක් (2), පුනර්ජනනීය (2), පිළිස්සීමෙන් (2), දූෂිත (2), ආයෝජනයක් (2), නියාමනයේ (2), යෙදෙන (2), නිලධාරීන් (2), දැකීම (2), සතුටට (2), කර්මාන්තවල (2), හැරුණුකොටගෙන (2), වැඩිපුරම (2), යහපත් (2), අහිතකර (2), දුමාරය (2), වාතයට (2), නිරාවරණය (2), අනුගමනය (2), බොහෝවිට (2), වැස්මක් (2), කර්මාන්තවලින් (2), නොපෙනෙන (2), ඇදුම (2), අවදානම (2), අධිකව (2), ස්ථාන (2), පිරී (2), සසර (2), දුමෙහි (2), කාබනික (2), අන්තර්ගතයි (2), රජයන් (2), ඩීසල් (2), තහනම් (2), සහතිකය (2), නීතිරීති (2), රජයට (2), කටයුත්ත (2), පද්ධතිය (2), අන්තර් (2), ජනගහනය (2), යතාවයක් (2), පිරිසක් (2), වාසනාවකට (2), පරිසරයේ (2), ඉහළට (2), යෝජනාවන් (2), විවේචනය (2), රියාවට (2), ගමන (2), වේගවත් (2), ජර්මනිය (2), රටවලට (2), කටයුත්තක් (2), දිනකට (2), යහපත (2), පැළඳීමට (2), නවදිල්ලි (2), නගරවලට (2), විටින්විට (2), දෙන්නේ (2), මිනිසුන්ගේ (2), සැකසී (2), දීර්ඝකාලීන (2), බරපතල (2), අනතුරුදායක (2), එක්තරා (2), ගලාගෙන (2), මුහුද (2), මාර්ග (2), පරිමාණ (2), ස්ථාපනය (2), ගලා (2), නොවීම (2), සිදුවිය (2), පිහිටීම (2), පතුල (2), සංසරණයක් (2), ඉහළින් (2), වාහනයක්ම (2), මාවත (2), ඇතත් (2), බලපා (2), වැඩිවීමක් (2), පුරෝකථනය (2), ජනගහනයෙන් (2), යුත් (2), පරපුරක් (2), අනතුරට (2), පරපුර (2), ඇතුළත (2), රඳා (2), බහුලව (2), හානියක් (2), උෂ්ණත් (2), බලශක්තිය (2), යන්තරයේ (2), එළිමහන් (2), මදුරුකොයිල් (2), බොහෝදුරට (2), යුත්පන්න (2), අන්තර්ගතය (2), හානිය (2), වැඩිම (2), වෑන් (2), වාහනවල (2), රමාණයෙන් (2), අයිතිය (2), අත් (2), යවශ් (2), සැක (2), රයේ (2), ගෝලයට (2), බැලිය (2), දූෂණයක් (2), රමාණයකින් (2), දැයි (2), කිහිපයකින් (2), මූලිකවම (2), සමන්විතයි (2), රතිශතය (2), සෘජුවම (2), නොමැතිනම් (2), ලෝකයම (2), වායුගෝලයෙන් (2), සියයක් (2), චීනයේ (2), රිත (2), ඇතිවිය (2), හුස්ම (2), උනන්දු (2), නොවන්නේ (2), නිසයි (2), සුවිශාල (2), තරමට (2), දශකයේ (2), වැඩිවීම (2), නොසළකා (2), පත්වීම (2), පහළ (2), රබන්ධය (2), යමු (2), ඉවර (2), බලන්න (2), හරිහැටි (2), මොනවා (2), නෑනෙ (2), රගතියක් (2), දැන්මම (2), බලමින් (2), ඉන්න (2), සමගින් (2), කියාගෙන (2), ඇවිදින්න (2), මමත් (2), ඇඟට (2), මොලීවත් (2), සම්බන්ධ (2), මහන්සි (2), නිතර (2), අයියෝ (2), හැටියට (2), ඩොක්ට (2), උදව් (2), ලංකාවට (2), පස්සෙ (2), වෙයිද (2), ඇත්තටම (2), සිනාසෙමින් (2), ආරම්භ (2), තීරණයක් (2), යොදවන්න (2), කොහොම (2), මිනිහා (2), සතියකින් (2), තේරුමක් (2), ජෙනරාල් (2), වෙලිංටන් (2), සමඟ (2), දුරකථන (2), පැවසුවේ (2), එතරම් (2), බැහැනෙ (2), බැඳිලයි (2), පුළුවන්ද (2), තනියම (2), ගෙනියන්න (2), ඔක්කොම (2), වුන (2), වැටෙනවා (2), කාරණා (2), දන්න (2), හිතා (2), ඇයි (2), හැමදාම (2), අමුතුවෙන් (2), ඔන්න (2), ළමයි (2), සන්සුන් (2), මෙගන් (2), ටිකක් (2), ලෝකෙ (2), වටේ (2), මූලිකත් (2), තරහ (2), උස් (2), හිතක් (2), සමීප (2), කැමති (2), අදහස් (2), ආවා (2), ඔයාව (2), සනීප (2), දවසකින් (2), අයට (2), පරිඝණක (2), මොලීට (2), ඇගේ (2), සිතැඟි (2), සලකන්න (2), ඉල්ලලා (2), එකේ (2), රූපවාහිනිය (2), ආපහු (2), යන්නයි (2), මටත් (2), මාව (2), එක්කරගෙන (2), පුරුද්දක් (2), සමාගමට (2), ගොඩ (2), බැලුවා (2), කිසි (2), සූදානම් (2), ලඟා (2), කිහිප (2), කිහිපයක්ම (2), ඇමරිකාවේ (2), සුවයක් (2), සැම (2), අළුත්ම (2), නොදන්නවා (2), කුතුහලයෙන් (2), අපිව (2), තිබුණ (2), දැනෙන්නෙ (2), තිදෙනාම (2), ගන්නට (2), ඉලෙක්ට් (2), රොණික (2), ගත්තත් (2), වාසිය (2), කරයිද (2), මිසක් (2), ආගන්තුක (2), රසායනිකව (2), පැවැත්මට (2), හොයා (2), දේවල් (2), එකඟ (2), ගත්තෙ (2), සිටියේ (2), පොත් (2), වදයක් (2), රටාව (2), කවුරු (2), දාන්න (2), එහෙමත් (2), යම් (2), දැනුන (2), දෙයක්ද (2), සිහිය (2), කියන්නේ (2), එහා (2), කතාවට (2), මුහුණේ (2), තිබුණේ (2), දෙනෙකුගේ (2), හිත් (2), ගණුදෙනු (2), ඔබට (2), රවල (2), එකයි (2), කරන්නවත් (2), අවස්ථාවක (2), වුනේ (2), තේරෙනවා (2), ගතියක් (2), සුපුරුදු (2), සතියේ (2), මහත්මිය (2), බුද්ධිමත් (2), සැහැල්ලුවක් (2), වහන්සේ (2), භාවනා (2), මාමාත් (2), නැන්දාත් (2), වොෂිංටන් (2), ගුවන් (2), තනිකමක් (2), දැක (2), පර්යේෂණයට (2), කිරීම් (2), විශ්වත් (2), තවදුරටත් (2), එච්චරයි (2), ස්ථානයටම (2), පර්යේෂණයක් (2), යාලයක (2), දෙදෙනකු (2), ලෝකයටම (2), අනතුරුව (2), කාර්යාලයට (2), ගෙඩියක් (2), welcome (2), back (2), විදියේ (2), යනුවෙන් (2), අවදි (2), සතුටක් (2), නොකර (2), ඉටු (2), කෙරෙහි (2), පසක් (2), වෙතත් (2), නොනැසී (2), යාපනයෙහි (2), science (2), technology (2), හතර (2), සමෝධානිතව (2), තමන් (2), නවෝත්පාදන (2), සමාජයේ (2), පුද්ගලයින් (2), තොර (2), පුනරුදයක් (2), ඇතිවන්නේ (2), 1957 (2), රුසියාව (2), ජනාධිපති (2), ගත්තා (2), කරගත් (2), රටාවක් (2), කෙසේද (2), තිරසර (2), යාපනයක් (2), ලැබීමේ (2), දැරිය (2), ජීවීන් (2), නීතිය (2), කේන් (2), නොකරන (2), පාසැල්වල (2), විචක් (2), පුහුණු (2), මිතුරන් (2), හදා (2), කලාතුරකිනි (2), ලැබෙමින් (2), වහාම (2), විභාගයට (2), පහසුකම් (2), ඇතුළත් (2), පාසැලක (2), උත්සාහය (2), ජනප් (2), පසුකාලීනව (2), අසූ (2), සමීක් (2), පළමු (2), ඉංග් (2), රීසි (2), අමතර (2), පන්ති (2), හඳුනාගැනීමට (2), පාසැලට (2), අකුරු (2), වචන (2), සමන්විත (2), කරවීම (2), වයසේ (2), ආදරය (2), කරගැනීම (2), කාලයේදී (2), නැඹුරුව (2), සළකනු (2), ලබන්නේ (2), රටෙහි (2), දැනුමින් (2), රගමනය (2), පැහැදිලි (2), ගුරු (2), ගෝල (2), සිටිති (2), ලිහිල් (2), දීමට (2), ලබයි (2), ගණනකට (2), දෙගුණ (2), තිබිය (2), සිටී (2), අභියෝග (2), අනාගතය (2), දෙමාපියන්ට (2), ගුරුවරුන්ට (2), තරුණියන් (2), යැවීමෙන් (2), බලකාය (2), අපහසු (2), ඔප්පු (2), ඉස්මතු (2), අතරින් (2), දකින්නේ (2), හැසිරීම (2), පරිදිම (2), ලෝකයට (2), අනාගතයේ (2), පසුපසට (2), යාත්මික (2), සදාචාරාත්මක (2), robotics (2), පුළුල් (2), වෙන්ව (2), හැඳින්වෙන (2), විෂයයක් (2), writing (2), නොහොත් (2), කියවීම (2), නවමු (2), ඉගැන්වෙන (2), තර්ක (2), කුමක්ද (2), කැප (2), ඒවාට (2), පිළිතුරු (2), නිර්මාණාත්මක (2), මාධ් (2), ලුණු (2), හඳුන්වන (2), යායික (2), ගණිතමය (2), ස්ඵටිකකරණයට (2), එවිට (2), යවල (2), යටතේ (2), හැඩතල (2), කලා (2), ඔප්නැංවීම (2), සාක් (2), ඉගැන්වීම (2), විටම (2), නැත (2), විටක (2), යාපනික (2), සීඝ් (2), දැන්ම (2), උගත් (2), ජනතාවක් (2), තාවකාලිකව (2), සතුටු (2), ගැනීමයි (2), රතිපත්ති (2), දෙය (2), මත්පැනින් (2), වැලකී (2), සදාකාලික (2), අන්ධභාවයට (2), මත් (2), ඇතිනම් (2), මිලි (2), ලීටර (2), අණු (2), ෆෝමික් (2), අම්ලය (2), පදම් (2), පාරිභෝගිකයාට (2), භයානක (2), යාමයි (2), බැරලයට (2), ලාභය (2), යීස්ට් (2), පදමට (2), පැසවීම (2), සමහරුන් (2), නිෂ්පාදකයා (2), කලාවක් (2), අවස්ථාවල (2), ලාංකිකයා (2), ආසවනය (2), රවණයේ (2), නීත් (2), නිෂ්පාදනයේදී (2), බහා (2), වැට් (2), ලීවලින් (2), වශයෙන්ම (2), දේවදාර (2), සුවඳකාරක (2), රසකාරක (2), නාම (2), මිල (2), ඇල්ම (2), භාවිතයට (2), තිස්සේ (2), විස්කි (2), දිය (2), පෙරීම (2), වීමත් (2), බදු (2), යයේ (2), අනුග් (2), රහය (2), නිෂ්පාදනාගාර (2), යමින් (2), වින්දනීය (2), මාරාන්තික (2), මරු (2), එදා (2), ගසක (2), සොයාගන්නට (2), ඵලදායීතාවය (2), පානයට (2), සමාජමය (2), සමගාමීව (2), පරිණාමය (2), රාථමික (2), ආකාරයෙන්ම (2), විකාශය (2), දක්වන (2), මානසිකත් (2), කාලයෙන් (2), සංගීත (2), නිපදවා (2), නොනැවතී (2), සංගීතය (2), අවසන් (2), මිනිසාගේ (2), විප්ලවය (2), මෝටර් (2), designer (2), ආකාරයේ (2), සමූහයක් (2), නොහැක (2), සදාචාරාත්මකව (2), අනූන (2), මට්ටමින් (2), යාඥයින්ගේ (2), ශරීර (2), අස්වාභාවික (2), ඇතිදැයි (2), ආසාදන (2), lulu (2), nana (2), මීයන් (2), සාර්ථකත් (2), ශුක් (2), රිමව (2), කින් (2), අනාවරණය (2), බල්ලන්ට (2), මෙමගින් (2), ජෛව (2), ජීවීන්ගේ (2), ජිනෝමය (2), කරන්නේද (2), ගුණයක් (2), තොරතුරු (2), ජෙනෙන්ටෙක් (2), ඩොලී (2), යුගයේ (2), අභිජනනය (2), රෝගවලට (2), අසන්නට (2), වීරයන් (2), සැබෑ (2), ලෝකයෙන් (2), එමගින් (2), more (2), ගිණිගැනීම (2), හිඟයක් (2), චක් (2), මොනොක්සයිඩ් (2), යාමක් (2), ඇන්ටාක්ටිකාවේ (2), අවදානමක් (2), දකුණු (2), ඡායාරූප (2), පැතිරෙමින් (2), කාලයක් (2), සිටින්නේ (2), පිහිටි (2), සැවනා (2), වගාව (2), ලැව්ගිණි (2), පැතිරෙන (2), වනයෙන් (2), බිලියන (2), විශාලතම (2), බිමක් (2), බෝංචි (2), පෝෂක (2), වනයට (2), සහරා (2), අත්ලාන්තික් (2), සාගරය (2), ටොන් (2), පෝෂණය (2), සංයුතිය (2), විවිධත් (2), ලොවෙහි (2), මහේශාක් (2), විශේෂවලින් (2), කුරුළු (2), සුවදායී (2), තුරුලතා (2), ජීවත්වන (2), සුවපත් (2), fail (2), allow (2), your (2), into (2), providing (2), celebrating (2), traditional (2), transformative (2), working (2), backwards (2), any (2), method (2), project (2), customer (2), innovate (2), emphasis (2), its (2), constant (2), allowing (2), spend (2), led (2), most (2), products (2), regardless (2), successful (2), including (2), why (2), approaches (2), safe (2), bold (2), leaders (2), without (2), foster (2), reward (2), but (2), taking (2), might (2), include (2), setting (2), funding (2), edge (2), tools (2), fully (2), collaboration (2), oversight (2), own (2), fosters (2), experiments (2), mindset (2), truly (2), shift (2), here (2), cage (2), develop (2), requires (2), when (2), lack (2), leading (2), fear (2), they (2), groundbreaking (2), stifling (2), trap (2), within (2), පර්යේෂණාත්මක (2), බ්ලොග්කරණයේ (2), රැඩිකල් (2), පැත්ත (2), sidebar (2), get, started, design, like, වෙබ්, අඩවිය, ඊමේල්, write, comment, loading, comments, collapse, bar, manage, subscriptions, view, reader, report, පිවිසුම, ලියාපදිංචි, වන්න, පෞද්ගලිකත්වය, already, account, log, now, sign, 107, comහි, නොමිලේ, වෙබ්අඩවියක්, බ්ලොග්, සටහනක්, සාදාගන්න, tweets, alchemy101, චුරු, චුරුව, 200, address, ariyananda, කැමතිද, සබැඳුම්, 2010, 2024, 2026, ලියපු, රේඩියෝව, පළවෙන, දහහතර, දිගහැරුම, සම්මන්ත්, නොකළත්, කෙරුණ, කස්ටිය, වැඩියෙන්ම, බලපු, global, 215, 286, කියවූවා, කියවපු, http, alchemistsdiary, blogspot, පළවන, කරගන්නා, මරණයත්, සමඟම, අනුන්, අමරණීයව, ourselves, alone, dies, others, world, remains, immortal, දැක්ම, older, posts, transgenders, sex, polythene, pollution, plastics, සංක්, රාන්ති, ලිංගිකයෝ, ලිංගිකභාවය, ලිංගිකත්, දුමාර, ද්විලිංගිකයෝ, වගේමයි, පත්තු, කළාට, පිරිහෙනවා, පරම්පරාවට, ඉතිරිකර, ලෝකයද, බලශක්ති, රභව, වැලකීම, කටයුතුවලින්, ඈත්වීම, ඔබටත්, අනාගතයටත්, සිදුකරන, පැළඳ, නියැලෙන්නන්, විශ, දුමාරයක්, වායුවක්, කාල, සීමාව, සාන්, පාරිසරික, ජෛවීය, සාධක, බලපානවා, යයට, හිතකරයි, රියාකිරීමේදී, වත්පිළිවෙත්, තීන්ත, ආලේපනය, වඩුවැඩ, මේසන්වැඩ, ආදියෙහි, පැළඳිය, ඇහැට, ආසාත්මිකතාවයන්, පිළිකාවලටද, අතවැනීමක්, නිරතුරුවම, පැළඳීම, ආගමට, රද්ධාව, යාමේ, අවස්ථාවකම, පමණින්, සුවඳකූරු, කුඩු, නිවසේ, ස්ථානවලද, දුමින්, රද්ධාවෙන්, නිවනට, ලඟාවීමට, ආසාවෙන්, නිවැරදි, රාණයෙන්, සමනයට, රතිපත්තියක්, 2002, ඉන්ධනවල, ඊයම්, නැවැත්වීම, 2003, සල්ෆර්, පද්ධතියට, පහර, දෙකේ, රෝද, එන්ජිම්, 2008, දියත්, ලියාපදිංචියේදී, විමෝචන, පමණක්ම, නොහැකියි, පාළනයට, කැලි, කසල, පිළිස්සීමේදී, සැකසීමට, දහන, මුදාහැරෙනවා, වීමේදී, සංයෝගය, හෘද, ශරීරවල, තැන්පත්වීමද, මවකගෙන්, හෝමෝන, සම්බන්ධව, ලිංගිකයන්, transgender, ගැහැණු, අනන්, බලාපොරොත්තුවක්, තිබේනම්, ඉදිරියටත්, දඬුවම්, වරදක්, තාප, ගල්අඟුරු, බලාගාරවලින්, අංශුමය, විමෝචනයන්, නගරයෙන්, ඈත්ව, පිහිටුවා, අවමයි, පෙදෙස්, වාතාශ්, දූෂීත, විසිරී, ආචරණය, මෙවර, අයවැයෙන්, යෝජනා, විදුලියෙන්
Text of the page (random words):
ව පරීක් ෂණයක් හෝ නිසි නිෂ්පාදන යාමනයක් සිදු නොවීම නිසා එයට විවිධාකාර දෑ එක් වන අතර මත්පැන්වල ඇති එතනෝල් වලට අමතරව ද් රවණයේ ඇති මේ සමහර සංයෝග මිනිසාට මාරාන්තික වනවා මෑතකදී මීරිගම බාඳුරාගොඩ ප් රදේශයේ හය දෙනෙකුට මරු කැඳවූයේ මේ නීති විරෝධී මත්පැන් වල වූ මාරාන්තික බව නොසළකා නිෂ්පාදනය සහ භාවිතය නිසා අප රටේ පමණක් නොව මුළු ලෝකය පුරාම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වෙනවා එය හුදෙක් ලාභ ලැබීමට සමහරු කළත් තවත් සමහරු විනෝදාංශයක් ලෙස ද කරන අවස්ථා නැතුවා නොවේ බොහෝ රටවල නිවසේදීම වයින් සහ බියර් වැනි ස්ප් රීතු නොවන නොපෙරන මත්පැන් වර්ග සකසා ගැනීමේ හැකියාම සිය රටවැසියන්ට ලබා දී තිබෙන අතර ස්ප් රීතු නිෂ්පාදනය සඳහා සුවිශේෂී බලපත් ර අවශ් ය වන අතර ඒ සඳහා අධිකව බදු ගෙවිය යුතුයි නමුත් සමහර පුද්ගලයින් මේ නිසා කැලෑ මධ් යයේ හෝ සුවිශේෂීව සැකසූ නිවෙස්වල රහසිගතව විවිධාකාර පරිමාණයෙන් මේ ස්ප් රීතු නිෂ්පාදනය කරන අතර ඒ සඳහා සමහරවිට දේශපාලනික නීතිමය අනුග් රහය පවා ලැබෙමින් පවතිනවා දැන් දැන් සියල්ලම දේශපාලනීකරණය වී ඇති නිසා සරළව කැළයක් මධ් යයේ කුඩා පරිමාණව නිෂ්පාදනය වන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර අභාවයට යමින් මහා පරිමාණ නිෂ්පාදනාගාර පැවැත්ම තහවුරු කර ගනිමින් පවතිනවා මේ නීති විරෝධී මත්පැන් වලට විවිධ රටවල විවිධාකාර නම් භාවිත කරන අතර වඩාත් ප් රචලිත ඉංග් රීසි භාවිතය වන්නේ moonshine නොහොත් සඳඑළිය යන්නයි එය එසේ වන්නට ඇත්තේ අමෙරිකාවේ නීති විරෝධී මත්පැන් පෙරීම රාත් රී කාලයේදී සිදුවීමත් එයින් නිෂ්පාදන වන අවර්ණ ස්ප් රීතු ඉතා පැහැදිලි ද් රාවණයක් වීමත් නිසා විය හැකියි නීත් යානුකූල මත්පැන් නිෂ්පාදනයකදී එය ක් රමාණුකූලව නිසි තත්ත් ව පරීක් ෂණවලට භාජනය කරමින් සහ ප් රශස්ත අමුද් රව් ය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන්නේ එය භාවිත කරන්නන්ට මෙන්ම සිය වෙළඳ නාමය ද වෙළඳ පොලේ ඉහලින් තබා ගැනීමේ අභිප් රාය මතයි මේ ස්ප් රීතු නිෂ්පාදනය වෙනම කලාවක් මෙන්ම වෙනම රසායන විද් යාවක් ද වනවා භාවිතයට ගන්නා අමුද් රව් ය මත මෙන්ම ජලය ලබා ගන්නා ජල මූලාශ් ර මත ද මේ ස්ප් රීතු වල රසය සුවඳ ආදිය වෙනස් වන නිසා නිෂ්පාදකයින් සිය පාරිභෝගික ප් රජාව වෙනුවෙන් ඒ සියල්ලම ශතවර්ශ ගණනාවක් තිස්සේ නොවෙනස්ව පවත්වාගෙන යනවා ස්කොට්ලන්තයේ නිපදවන සමහර විස්කි වර්ගවලට ජලය ලබා ගන්නේ පීට් නිධියක් අසළින් ගලා යන දිය පහරකින් මේ නිසා එම විස්කි වර්ගය මස් පිලිස්සූ සුවඳකින් යුක්තයි එසේ වුවත් එය රසෙහි කිසිදු වෙනසක් නොමැතිව සකසා තිබෙනවා මේ එක් උදාහරණයක් පමණයි බොහෝවිට ස්ප් රීතු වර්ග නිශ්පාදනය කරන්නේ පැසවන ලද ධාන් ය පැසවීමෙන් ලැබෙන මද් යසාර මුසු ජලය ආසවනය කිරීමෙන් මේ ආසවනයෙන් ලැබෙන ඵලය වන්නේ සියයට අනූවට වැඩි ප් රතිශතයක් ඇති එතිල් මද් යසාරය සහ ඒ හා සමාන තාපාංකයක් ඇති ඇල්ඩිහයිඩ් වර්ග කීටෝන සහ ද් රවණයේ මෙතිල් මද් යසාරය ඇතිනම් එය ද මේ හා එකතු වනවා බොහෝ මත්පැන් වර්ගවල මෙතිල් මද් යසාරය ඉතාමත් කුඩා ප් රමාණ වලින් අඩංගු වනවා මහා පරිමාණව නීත් යානුකූලව සිදු කරන නිෂ්පාදනයේදී මෙම එකතු වන මද් යසාර සුවිසල් ලී ලේගර තුළ බහා වසර ගණන් පදම් කරනවා මේවා වැට් යනුවෙන් හඳුන්වන අතර මේ වැට් වර්ග විවිධ ලීවලින් සකසා තිබෙනවා වැඩි වශයෙන්ම ඕක් නොහොත් දේවදාර ලීවලින් සකසන මේවා තුළ වසර ගණනක් මද් යසාර බහා තිබෙන විට එහි වූ අනවශ් ය සංයෝග මේ ලී වලට උරා ගන්නා අතර දේවදාර ලීයේ වූ සුවඳකාරක සහ රසකාරක සංයෝග මේ මද් යසාරයට එකතු වනවා නිසි වසර ගණන සම්පූර්ණ වූ පසු තවත් රසකාරක සහ සුවඳකාරක එකතු කර විවිධ වෙළඳ නාම වලින් පාරිභෝගිකයා වෙන ලැබෙන මේ මත්පැන් අධික මිල ගණන් වලට අලෙවි වන්නේ එහි වූ සුවිශේෂීත් වය වසර සිය ගණනක් නොවෙනස්ව පවත්වාගෙන යන නිසා එසේම ඒ ඒ මත්පැන් වර්ග වලට හුරු වූ පාරිභෝගිකයන් එහි වෙනස් කම් සියල්ල සියුම්ව හඳුනාගෙන සිටින නිසා ඒ ඒ වෙළඳනාමයන්ට ඇති ඇල්ම නොවෙනස්ව පවතිනවා ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල මත්පැන් පානය කලාවක් සහ සංස්කෘතියක් වන අතර එය උත්සව අවස්ථාවක මිතුරු මිතුරියන් හා සතුටු සාමීචියක යෙදීමේදී හෝ යමක් සැමරීමේදී භාවිත කරන අතර බොහෝ අවස්ථාවල සුළු ප් රමාණයකින් සෑහීමකට පත් වනවා නමුත් අවාසනාවකට ලංකාවේ මත්පැන් පානය කිරීමට කිසිදු හේතුවක් අනවශ් ය අතර මරණයකදී මගුලකදී බණකදී දානයකදී මෙන්ම අවශ් ය ඕනෑම විටෙක මත්පැන් පානය කිරීමට අවශ් ය හේතුවක් හදා ගැනීමට ද ලාංකිකයා අති දක් ෂ වනවා එපමණක් නොවෙයි සාදය අවසන බෝතලයේ පතුල දැකීමට අවශ් ය වන නිසා බොහෝ විට පදම වරදිනවා මෙය ලාංකිකයා ලෝකයේ කුමන රටක ජීවත් වුවත් එක සේ සිදුවන දෙයක් ලංකාවේ සුළු පරිමාණව මත්පැන් පෙරන්නේ කැළයක වැනි විවෘත ස්ථානයක වන අතර මෙහි අමුද් රව් ය වන්නේ බොහෝ විට සීනි සහ යීස්ට් වේ තොග මිලට ලබා ගන්නා ඉතාම බාල තත්ත් වයේ සීනි වන අතර පැසවිමට ලබා ගන්නේ කර්මාන්ත ශාලාවකින් ඉවත ලන බැරල් තුල යීස්ට් පදමට දමා දින කිහිපයක් පැසවීම කරන අතර මේ පැසවීම සිදුවන විට නිකුත් වෙන ගෝඩා සුවඳ ගන්ධයට ඇදී එන කටුස්සන් ලේනුන් හූනන් ආදී මෙකි නොකී සියළුම සත්ත් වමය ප් රෝටීන ද මේ ගෝඩා බැරලයට එකතු වීම සිදු වේ මේ බැරල්වල සමහරවිට විවිධාකාර විෂ රසායන ද් රව් ය ගබඩා කර තිබිය හැකි අතර ඒවා නිසි පිරිසිදු කිරීමකින් තොරව කසිප්පු නිෂ්පාදනයට යොදාගත් විට ඒ රසායන ද් රව් ය මද් යසාර හා මුසු වීම සිදු වේ ඒ අතරම තත්ත් වය උසස් කර පදමට වැදීම සඳහා සමහරුන් යූරියා වැනි ද් රව් ය ද එකතු කරන බවට ද මත පවතී ඒ අතර කුණුවන පළතුරු වරකා ආදී සීනි අඩංගු විය හැකි සෑම මල ජරාවක්ම මේ වෙතට එකතු කිරීමට කසිප්පු නිෂ්පාදකයා වග බලා ගන්නේ සිය ලාභය උපරිම කර ගැනීමට ය මෙසේ පැසෙන ගෝඩා බැරලය රසායන විද් යාවේ මූලික උපක් රම භාවිත කරමින් බැරලයට සවි කළ තඹ බටයක් කොයිල් එකක් සේ සකසා ජල මාර්ගයක් හරහා යැවීමෙන් ආසවනයට අවශ් ය යටිතල පහසුකම් සපයාගෙන අවසන එකතු වන මෙතිල් එතිල් මද් යසාර ඇසිටැල්ඩිහයිඩ් ඇසිටෝන් වැනි මෙකී නොකී සියළුම දෑ භාජනයකට එකතු කර ගන්නා කසිප්පු රසායන ඥයා සිය ලාභය අනුව ජලය මිශ් ර කර සිය පාරිභෝගිකයාට පොලිතීන් බෑග් එකකට සපයන්නේ එය ඉතාමත් ලාභදායී සහ පහසුම ක් රමය නිසාය මේ ක් රමයට ලබා ගන්නා මත්පැන් කිසිදු විටක පිරිසිදුකරණයකට හෝ පදම් වීමකට භාජනය නොකරන නිසා කිසිදු රසායනික සංයෝගයක් වෙන් නොවී සියල්ල පාරිභෝගිකයාට ලබා ගැනීම දෙපාර්ශවයටම සිදුවන වාසියකි නමුත් මෙහි භයානක අතුරු ප් රතිඵල වන්නේ එතිල් මද් යසාරය සමග මෙතිල් මද් යසාරය මිශ් රව පැවතීමයි මේ මෙතිල් මද් යසාරය අතිශයෙන්ම භයානක වන්නේ එය අක්මාවේදී ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වී එය දෘශ් ය ස්නායුව කෙරෙහි දැඩි බලපෑම් ක් ෂණයකින් ඇති කරන නිසායි මේ නිසා මෙතිල් මද් යසාරය විෂ වන බොහෝ දෙනාගේ මූළික රෝග ලක් ෂණයක් වන්නේ දෑස් නොපෙනී යාමයි සාමාන් යයෙන් පිරිසිදු මෙතිල් මද් යසාරය මිලි ලීටර දහයක් ශරීරගත වුවහොත් ඕනෑම පුද්ගලයෙකු සදාකාලික අන්ධභාවයට පත්වීමට පුළුවන් මිලිලීටර 15 ක් යනු කෙනෙකු මරණයට පත් කළ හැකි ප් රමාණයකි මෙතිල් මද් යසාරය වැරදී හෝ කෙනෙකුට පෙවුන හොත් කළ යුතු එකම දෙය වන්නේ එතිල් මද් යසාරය පෙවීමයි නමුත් කිසියම් පුද්ගලයෙක් ඒ වනවිටත් මත්පැනින් මත් වී ඇතිනම් එය එසේ කළ යුතු නැහැ මද් යසාර නොගත් කෙනෙකුට මෙතිල් මද් යසාර විෂවීමක් සිදු වූයේ නම් සාමාන් යයෙන් වොඩ්කා වැනි ස්ප් රීතු මිලි ලීටර 50 ක් පමණ පෙවීමෙන් එහි ආචරණ පාලනය කරගත හැකියි එහිදී සිදු වන්නේ අපේ අක්මාවේ මද් යසාර කඩා බිඳ දමන ඇල්කොහොල් ඩිහයිඩ් රජනේස් නම් එන්සයිමය වෙත පැමිණෙන මෙතිල් මද් යසාර අණු වලකා ඒ වෙනුවට එතිල් මද් යසාර අණු ආදේශ වීමයි මේ නිසා මෙතිල් මද් යසාරය ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වීම වැලකී වෙනත් ආකාරයකින් මෙතිල් මද් යසාරය බිඳ වැටෙනවා ඕනෑම කෙනෙකුට කළ හැකි හොඳම දෙය වන්නේ හැකි තරම් මත්පැනින් වැලකී සිටීමයි එසේ කළ විට මුදලත් තමන්ගේ සෞඛ් යයත් ඉතිරි වනවා පමණක් නොවෙයි අනවශ් ය කරදර වලට ද පැටලීමෙන් වැලකෙනවා කෙනෙකුට මත්පැන් බීමට අත් යවශ් ය නම් දන්නා තැනකින් දන්නා වෙළඳ නාමයක් යටතේ ඇති යමක් පානය නොදන්නා දෑ පානය කර සදාකාලික අන්ධභාවයට හෝ ක් ෂණික මරණය ලඟා ගර ගැනීමට වඩා යහපත් වනවා බෙදා ගන්න share on facebook නව වින්ඩෝවකින් විවෘත වේ ෆේස්බුක් මුද් රණය නව වින්ඩෝවකින් විවෘත වේ මුද් රණය email a link to a friend නව වින්ඩෝවකින් විවෘත වේ වි තැපැල් share on x නව වින්ඩෝවකින් විවෘත වේ x share on reddit නව වින්ඩෝවකින් විවෘත වේ රෙඩිට් share on tumblr නව වින්ඩෝවකින් විවෘත වේ ටම්බ්ලර් share on pinterest නව වින්ඩෝවකින් විවෘත වේ පින්ටරෙස්ට් share on linkedin නව වින්ඩෝවකින් විවෘත වේ ලින්ක්ඩ්ඉන් කැමතියි පුරණය වෙමින් posted in ඇල්කෙමියාගේ දිනපොත ප් රතිචාරයක් ලබාදෙන්න ටැග alcohol poisoning illicit liquor sri lanka අපේ දරුවන්ට අවශ් ය stem ද steam ද stream ද ජුනි 17 posted by alchemist රටක ප් රගමනයට දායක වන්නේ ජනතාවයි රටක ජනතාව බුද්ධිමත් වනවිට උගත් වනවිට ප් රගමනයට දායක විය හැකි ගුණාත්මක භාවය වැඩිය රටක නූගත් ජනතාවක් සිටිනවිට දේශපාලනඥයාට ඔවුන් රවටා තම සිතැඟි පරිදි කටයුතු කිරීමේ හැකියාව වැඩිය මේ නිසා කපටි අවස්ථාවාදී දේශපාලනඥයින් කරනුයේ නූගත් ජනතාවක් බිහිකිරීමට අධ් යාපන අවස්ථා හැකියාවන් අවම කර ජනතාවට අවශ් ය මූලික සහ වෙනත් සිල්ලර අවශ් යතා වැඩි දියුණු කර තාවකාලිකව ඔවුන් සතුටු කර ඡන්දය ලබා ගැනීමයි එසේම රටක නායකයන්ගේ උගත් නූගත් බව අනුව සහ රටට ඇති ආදරය අනුව රට වෙනුවෙන් කෙරෙන ප් රතිපත්ති වෙනස්වීම් අනුව රට ඉදිරියට හෝ පසුපසට යාම සිදු වේ සීඝ් ර ආර්ථික ප් රගමනයට දැඩිලෙස කැප වී සිටින කොරියාව වියට්නාමය චීනය වැනි රටවල් මෙන්ම තාක් ෂණිකව දියුණු වූ බටහිර රටවල ද සිදු වන්නේ සිය අනාගතය භාර ගැනීමට සිටින ළමා පරපුර දැනුමින් උගත්කමින් සන්නද්ධ කිරීමයි එවිට දැන්ම නොවුවත් අනාගතයේදී හෝ රට කෙමෙන් කෙමෙන් ප් රගමනය කරා ගමන් කරනු ඇත පසුගිය ලිපියේ සඳහන් කළ පරිදිම stem යනු විද් යාව තාක්ෂණය ඉංජිනේරු විද් යාව හා ගණිතය ඒකාබද්ධ කරන අධ් යාපනික න් යායික විෂයයක් මෙය එක් එක් විෂයය වෙන වෙනම ඉගැන්වීම වෙනුවට ගුරුවරුන් විසින් එක් එක් ව් යාපෘතියට stem හි සමහරක් හෝ සියළුම අංගයන් ඇතුළත් කිරීම සඳහා අරමුණු කරයි ඒ නිසා එය පෙර සිදු වූ විෂය මූලික විභාග මූලික අධ් යාපන රටාවකට වඩා එක් එක් හෝ කණ්ඩායම් ව් යාපෘති හරහා සිදු වන දැනුම මූලික සමාජයකට මඟපාදන පුළුල් ප් රවේශයක් වනු ඇත මේ stem ඉගැන්වීම සාමාන් ය පාසැලක සාමාන් ය පන්ති කාමරයක් තුළදීම සිදු කළ හැකි අතර අවශ් ය වන්නේ විෂයයන් සමෝධානිත කර අවශ් ය පරිදි ඒ ඒ විෂයයන් අදාල කරගෙන දරුවන්ට ඉගැන්වීමයි ඒ සමෝධානිත කිරීමට සෑම විටම stem විෂයයන් හතරම එක් කර ගැනීමට අවශ් ය වන්නේ නැත නමුත් හැකි සෑම විටම ඒ ඒ විෂයයන්ගෙන් ලබා ගත හැකි දැනුම එයට එක් කිරීමෙන් දරුවාගේ නිර්මාණාත්මක භාවය පරිකල්පන ශක්තිය සහ ව් යවසායකත් වය උපරිම තත්ත් වයට ගෙන ආ හැක එසේම තවත් සමහර විටක සුවිශේෂී stem පන්තිකාමර පාසැල් ආදියද සැකසිය හැකිය මෙහි විෂයය නිර්දේශයන් නවමු ආකාරයක් ගන්නා අතර ශිෂ් ය මූළික දැනුම මූලික සහ කුතුහලය මූලික කරගත් අධ් යාපන ක් රමයක් සකස් වේ වඩාත්ම වැදගත් වන්නේ විෂයයන් උගන්වන ගුරුවරයාගේ නිර්මාණශීලීත් වය සහ නව් යකරණ හැකියාවයි ගුරුවරයා සාම්ප් රදායිකව සිතන්නෙකු නම් එතැන stem පරිසරයක් නිර්මාණය නොවේ මේ විශේෂිත පාසල්හි stem වැඩසටහනේ අරමුණු වෙනස් විය හැකි අතර stem හි සමස්ත අරමුණු කිහියක් වනුයේ stem සාක්ෂරතාවය හා කණ්ඩායම් සහභාගීත්වය විශේෂයෙන් තරුණ තරුණියන් හා ජාති ආගම් වර්ණ ආදී එකිනෙකට වෙනස් පසුබිමින් පැමිණෙන අයගේ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කිරීම stem දැනුම් බලකාය ශක්තිමත් කිරීම මගින් තාක් ෂණික සාක් ෂරතාවය ඉහළ නැංවීම සහ ඒ හරහා රට තුළ දැනුම් ආර්ථිකයක් ඇති කිරීමයි steam යනු කුමක්ද steam යනු මේ සමෝධානිත විෂයයන් හතරට කලාව එකතු වීමයි එහිදී දරුවා සමෝධානිත stem විෂයයන් කලාත්මකව ඉදිරිපත් කිරීම කලාත්මකව දැකීම සහ වෙනත් මාධ් යයකින් වෙනත් කෝණයකින් අධ් යයනය කිරීම සිදු කෙරේ උදාහරණයක් ලෙසින් රසායනිකව ස්ඵටික කරන ලද ලුණු හෝ සූකිරි ලෙසින් අප දරුවන් හඳුන්වන ස්ඵටික කරන ලද සීනි ගත හැකිය විද් යාත්මකව විශේෂයෙන්ම රසායන විද් යාත්මකව න් යායික වශයෙන් ලුණු ස්ඵටික කරණය සරළව ඉගෙන ගන්නා දරුවා ගණිතමය භාවිතයෙන් ස්ඵටිකකරණයට අවශ් ය ලුණුවල බර ප් රමාණය අවශ් ය ජලය ප් රමාණය ගණනය කරනු ලබයි එය සිය තාක් ෂණික හැකියාවන් භාවිතා කර ස්ඵටිකකරණයට ලක් කරයි එවිට අඩු වැඩි වශයෙන් ඔහු විද් යාව තාක් ෂණය ඉංජිනේරු විද් යාව සහ ගණිතමය හැකියාවන් ප් රයෝජනයට ගනී මෙසේ ස්ඵටිකකරණය විවිධ මාධ් යවල විවිධ කාලවල විවිධ පරිසර තත්ත් ව යටතේ වෙනස් වීම විවිධ අවස්ථාවන්හිදී විවිධ සංයෝගවල ස්ඵටික හැඩතල ආදිය ද ඔහු උගෙනී මෙම හැඩතල සහ ස්ඵටික ආශ් රයෙන් විවිධ කලා නිර්මාණ සැකසීම විවිධ වර්ණා ගැන්වූ ස්ඵටික කලාත්මකව යොදාගෙන නිර්මාණ කිරීම වැනි හැකියාවන් දරුවා තුළ ඇතිකිරීම සහ ඒවා ඔප්නැංවීම steam මගින් සිදු කෙරෙයි සමහරවිට එම හැකියාවන් මගින් දරුවා අනාගත ව් යවසායකයෙකු වීම දක්වා ව් යාප්ත කළ හැකිවෙයි දරුවන් ස්වභාවයෙන්ම කුතුහලයෙන් පිරි සත්ත් ව කොට්ඨාසයකි මේ නිසා දරුවාගේ කුතුහලය වර්ධනය දරුවාගෙන් නිරතුරු නැගෙන ප් රශ්න වදයක් සේ නොසලකා දරුවා වෙනුවෙන් කැප වී දරුවා සමගම ඒවාට පිළිතුරු සෙවීම සහ දරුවා ඒ වෙත නැඹුරු කර ඔහු ඇයගෙන්ම පිළිතුරු ලබා ගැනීම මගින් දරුවාගේ නිර්මාණාත්මක භාවය පරිකල්පනය ආදිය දියුණු වේ stream යනු කුමක්ද stem සහ steam විෂයයන්ට r වලින් හැඳින්වෙන විෂයයක් එකතු වීම සරළව stream ලෙසින් දැකිය හැකි වුවත් විවිධ රටවල විවිධ අර්ථකතන සහ විවිධ ප් රමුඛතා අනුව මේ r වලින් හැඳින්වෙන විෂයය පරාසය වෙනස් විය හැකිය සමහර රටවල මේ r අර්ථ දක්වා ඇත්තේ reading writing නොහොත් කියවීම සහ ලිවීම වුවත් සමහර තාක් ෂණිකව දියුණු රටවල් එය robotics රොබෝ තාක් ෂණය ලෙසින් අර්ථ දක්වා ඇත කියවීම සහ ලිවීම අධ් යාපනයේ මූළික අංගයක් බවට තර්කනය කරන කෙනෙකුට එය නවමු විෂයය ක් ෂෙත් රයක් ලෙසින් නොපෙනුනත් දැන් දැන් දරුවන්ගේ විචාර බුද්ධිය හීන වීම ප් රකාශනයේ මැලිකම වැනි දෑ වලට පිළියමක් වශයෙන් මෙය එකතු කර ඇත නමුත් මේ සියල්ලම සමෝධානිතව ඉගැන්වෙන නිසා අවසානයේ stem ද steam ද stream ද යන තර්ක යටපත් වී ඉගැන්වෙන දෑවල අන්තර්ගතය ඉස්මතු වේ එසේම robotics තාක් ෂණයද එකතු වීම ඉංජිනේරු විද් යාව සහ තාක් ෂණයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි දැන් දැන් ඉංජිනේරු විද් යාවද සිය වෙන් වෙන් වූ විෂයය ක් ෂෙත් රවලට සීමා නොවී mechatronics වැනි පුළුල් විෂයය පරාසයන්ට අනුගත වීමෙන් පෙනී යන්නේ අපට එක් එක් විෂයයන් වෙන් වෙන්ව ඉගෙනගෙන දිගු ගමනක් යා නොහැකි බවයි තාක් ෂණිකව ඉදිරියට යාම නිසා ආගම පසුපසට තල්ලු වූ සමහර බටහිර රටවල් මෙන් නොව සමහර ආසියාතික රටවල් මේ r religion නැතහොත් ආගම ලෙසින් ද අර්ථ දැක්වෙන අවස්ථා නැතුවාම නොවේ සමහර අධ් යාපනඥයින් stem අධ් යාපනයට ආගමෙහි ඇති සම්බන්ධය විවේචනය කරන නමුත් අධ් යාත්මික සංවර්ධනය දරුවාට ලබාදීම සදාචාරාත්මක හැදියාවන් ඔප් නැංවීම නීතිය හා සාමයට අවනත වීම අන් යයන්ගේ මත වලට ඇහුම්කන්දීම සහ ඉවසීම ආදී විද් යාවෙන් සහ තාක් ෂණයෙන් ඉගැන්විය නොහැකි දේ ආගම සහ ප් රජාචාරය වැනි ක් ෂෙත් ර හරහා දරුවා වෙත සම්ප් රේෂණය කළ හැකිය මේ නිසා පෙර ඉගැන්වූ කිසිදු විෂය ක් ෂෙත් රයක කොටස් ඉවත් වීමක් සිදු නොකර මේ stem විධි ක් රමයන් අධ් යාපනයට අනුගත කිරීම ක් රමානුකූලව සිදු කළ හැකිය සෑම දරුවකු තුළම අඩු වැඩි වශයෙන් කලාකරුවකු විද් යාඥයෙකු සහ ඉංජිනේරුවරයෙකු ජීවත් වේ ඒ දරුවාගේ සහජ හැකියාවන් හඳුනාගෙන ඒවා ඔප් නැංවීම මගින් සමාජයට ඔහු වැඩදායී වනවා පමණක් නොව තමන්ට හුරු නොවන රුචි නොවන විෂය ක් ෂෙත් රයකට බලෙන් ඔහු ඇය එබ්බවීම මගින් දරුවාගේ නිර්මාණශීලීත් වය පරිකල්පනය විනාශ වනවා පමණක් නොව ඒ දරුවාට සහ දරුවා හරහා ලෝකයට අනාගතයේ ලැබිය හැකි බොහෝ දේ අහිමි වීමක් ද සිදු වේ අද ලෝකය විභාග මූලික අධ් යාපන රටාව ක් රමයෙන් බැහැර කරමින් දරුවන්ට නිදහසේ ළමා කාළය ගත කර ඔහු ඇය තුළ ජීවත් වන නිර්මාපකයා කලාකරුවා ව් යවසායකයා ඉස්මතු කර ගැනීමේ වෑයමක නිරතව සිටී අවාසනාවකට අප තවමත් දරුවා පෙර පාසැලේ සිටම දැඩි විනය සහිත රාමුවකට කොටු වූ සහ අතිශය තරඟකාරී විභාග මූලික අධ් යාපන රටාවකට හිර කරමින් දරුවන්ගේ ළමා කාළය සොරා ගනිමින් සිටිමු දැන් දරුවන් ගතහොත් ඔවුන් අතරින් නිදහසේ සිතන දරුවන් සහ සිත නිදහස් දරුවන් සොයා ගැනීම ඉතා අපහසු කරුණක් වී තිබේ පාසැලට ගොස් පැමිණි වහාම හෝ පාසැලෙන් කෙළින්ම විවිධාකාර අමතර පන්තිවලට යන දරුවා නිවසට පැමිණෙන්නේ ඇඳිරි වැටුනු පසුවයි දරුවා පරිසරයේ සුන්දරත් වය සතුන් ගහකොළ විචක් ෂණශීලීව දකින්නේ ඉතාමත් කලාතුරකිනි සතුන්ගේ හැසිරීම ගහකොළවල වෙනස්වීම් දරුවා දකින්නේ රූපවාහිනියෙන් හෝ පින්තූර පොත් මගින් පමණි දරුවා දෙමාපියන් හා ගතකරන්නේ ද සීමා සහිත කාළයකි ඊට වඩා කාළයක් දරුවා රූපවාහිනිය හෝ වීඩියෝ ක් රීඩා සමග ගත කරති පෙර ලිපියක සඳහන් කළ පරිදිම පහ ශ් රේණිය ශිෂ් යත් ව විභාගය සමත් දරුවන් සෑම දහ දෙනෙකුගෙන්ම හය දෙනෙකු කිසියම් හෝ මානසික අසමතුලිතතාවයකින් පෙළෙන අතර ශිෂ් යත් වය සමත් දරුවන්ගෙන් සියයට අසූ පහක් පමණ උසස් පෙළ අසාර්ථක වීමේ ප් රවණතාවයක් ද දැකිය හැකි බවයි අපි දරුවන්ට ළමා කාළය ළමයින් සේ ගත කිරීමට ඉඩ දෙමු දරුවා නිදහසේ වැඩුනු පසු සිය මනස නිසි ලෙස නිසි ක් රමයට හැදුන පසු විෂයය කරුණු ග් රහණය කිරීම එතරම් අපහසු නොවනු ඇත එය පර්යේෂණ වලින් පවා හොඳින්ම ඔප්පු වූ කරුණකි ෆින්ලන්තය වැනි රටවල අධ් යාපන ක් රම සැකසී ඇත්තේ දරුවන් සහ ඔවුන්ගේ නිදහස මූළික ක් රමයකටයි කෙසේ වුවත් මේ සියල්ලම සැබෑවක් වීමට දරුවන්ට වඩා දෙමාපියන් වන අපගේ සහ ඔවුන්ට මග පෙන්වන ගුරුවරුන්ගේ ආකල්ප විප්ලවයක් සිදු විය යුතුමය දරුවා දරුවකු සේ දැක ඔවුන්ට නිසි මග පෙන්වීම ඔවුන්ගේ නිදහස නිර්මාණාත්මකභාවයන් කලාත්මක භාවයන් නිසි ඇගයීමකට ලක් කර ඒ මඟ ඔවුන් යැවීමෙන් හැම දෙනාම දොස්තරවරු ඉංජිනේරුවරු කරන්නට දත කනවාට වඩා සුවයක් දරුවන්ට දෙමාපියන්ට ගුරුවරුන්ට මෙන්ම සිය තරුණ ශ් රම බලකාය නිසි ලෙස යොදා ගැනීම තුළින් රටේ සංවර්ධනයට ද උපකාරී වනවා ඇත නායකයින්ට දෙමාපියන්ට ගුරුවරුන්ට සමාජයේ සියල්ලන්ටම තම තමන්ගේ පෞද්ගලික න් යාය පත් ර සහ තමන්ම තනා ගත් රාමු වලින් ඉවත්ව රටක් වශයෙන් සිතීමේ කාළය උදා වී ඇත දරුවන් වෙනුවෙන් අප අද කරන මේ ආයෝජන ඵල දරන්නේ තව දශක කිහිපයකින් වියහැක නමුත් එය අදම කළ යුතුව තිබේ නැතහොත් ඉදිරි දශකයේ ද අප මැදපෙරදිගට ගෘහසේවිකාවන් සපයන...
|