Meta tags:
Headings (most frequently used words):
2010, අම්මා, බබා, saturday, සහ, subscribe, to, ගැන, ලිපි, වර්ග, may, 22, monday, march, friday, february, january, 16, ලේඛණාගාරය, යන, එන, අය, අල්ට්, රා, සවුන්ඩ්, පරීක්ෂණය, කලලයට, අහිතකරද, ගැබිණි, මුල්, කාලයේ, ඇතිවන, ගැටළු, පිළියම්, උපදින්නේ, කවදාද, කාන්තාවකගේ, ශරීරයේ, විශාලම, සෛලය, කුමක්ද, මෙය, මා, ගේ, පළමු, ලිපියයි,
Text of the page (most frequently used words):
මෙම (11), ලිපි (10), හැකිය (9), #පරීක්ෂණය (8), වර්ග (8), පමණ (8), අම්මා (7), සති (6), යම් (6), දින (6), බබා (6), වමනය (6), 2010 (5), අදහස් (5), හරියටම (5), ලිව්වේ (5), මෙය (5), ගැටළු (5), ගැබිනිය (5), විය (5), නිසා (5), වීම (5), වඩා (5), ඇති (5), උදා (5), ඔබේ (5), වෛද් (5), කෑම (5), එකක් (5), එක් (4), එනම් (4), ශුක් (4), සිට (4), විට (4), කවදාද (4), ගැනීම (4), මාස (4), දිනය (4), පිළියම් (4), ගැන (4), ලෙස (4), ගන්න (4), අල්ට් (3), සවුන්ඩ් (3), කලලයට (3), posts (3), atom (3), දරුවා (3), මුල් (3), කෙනෙකු (3), වන්නට (3), පසුව (3), ඔබට (3), මෙහිලා (3), හැකි (3), කාන්තාවකගේ (3), නම් (3), සෛලය (3), කෝටි (3), පමණක් (3), මෙයින්ද (3), ගැබ් (3), දැන (3), නමුත් (3), කාන්තාවන් (3), යුතුය (3), සදහා (3), වැදගත් (3), කිරීම (3), ගැබිණි (3), තියන (3), තමයි (3), කන්න (3), සංඛ් (3), යාත (3), january (2), february (2), march (2), අහිතකරද (2), may (2), subscribe (2), නොකළ (2), පළමු (2), ලිපියයි (2), සිංහල (2), බ්ලොග් (2), දරු (2), ගැබිනි (2), හමුවන (2), ගෙවෙනා (2), සමග (2), බවත් (2), කරුණු (2), රිසියෙමි (2), සුදුසු (2), එකතු (2), පරිදි (2), ලිවීමට (2), මෙහිදී (2), ඩිම්බ (2), තවද (2), මහත් (2), රාණු (2), බිත්තියේ (2), අවශ් (2), පෝෂණ (2), ගණනක් (2), බවද (2), තුළට (2), බොහෝ (2), සෛල (2), ශරීරයේ (2), විශාලම (2), කුමක්ද (2), saturday (2), තමා (2), ගෙන (2), අපූර්ව (2), ශුද්ධිය (2), 7ක් (2), දැන් (2), බලමු (2), උපදින (2), ගණනය (2), යුත්තේ (2), 2009 (2), වෙනස්වීම් (2), ගර්භණී (2), මන්ද (2), යත් (2), මෙන්ම (2), මුහුණ (2), දීමට (2), බැවිණි (2), ලබා (2), යවරයා (2), කාලයේ (2), මැනීම (2), තත්වය (2), කිරීම් (2), වන්නේ (2), වලින් (2), ඇතිවන (2), ඔක්කාරය (2), වගේ (2), දෙවල් (2), කියල (2), දවස (2), පුරාම (2), දෙයක් (2), අප් (2), රිය (2), වීමේ (2), අම්මලාට (2), අඩු (2), පුලුවන් (2), කිහිපයක් (2), කිරි (2), බොන්න (2), ටික (2), කරන්න (2), ගෙඩියක් (2), හරි (2), මීට (2), ආම්ලික (2), තරංග (2), නැත (2), බිය (2), යුතු (2), පිහිටීම (2), all (2), comments (2), skip (2), make, money, online, blogger, templates, ලේඛණාගාරය, home, බ්ලොග්කරණයට, ආධුනිකයෙක්මි, එකෙහි, ලියැවෙන්නේ, සංකල්පය, කරගෙනය, රසූතියට, පෙර, පෙරුම්, පුරනා, කාන්තාවක, සමයේදී, ඇයට, කිහිපය, ආකාරයද, දරුවකු, ජීවිතය, තුලදී, සටහන්ය, දොස්තර, නොවන, පොතින්, පතින්, උගත්, ඒවා, කියනු, වැරදි, යමක්, දුටුවිට, නොවලහා, පවසන, මෙන්, ආයාචනා, කරමි, සයිබරය, පුරා, සෙවීම්, කළද, ගැබිනියකට, කියවිය, දැනුම, සයිබර්, පිටු, සොයා, නොහැකි, ගැබිනියට, කිහිපයයක්, කුඩා, උත්සාහයක, යෙදෙනු, කැමැත්තෙමි, පිරිමියකුගේ, වීමෙන්, සාර්ථක, සංසර්ගයකට, රානු, බිහි, දක්වා, පෙල, ලියනු, යුවලකට, සහයක්, දෙනු, ඇතැයි, සිතමි, සෛලයකට, 100000, ගුණයකින්, බරින්, වැඩිය, සංසේචනයේ, ගර්භාශ, තැන්පත්, වනතුරු, ගතවන, කාල, වකවානුවතුළ, ඩිම්බයට, රව්, හෙතුවෙන්, මෙතරම්, බරක්, වන්නේය, දිනකට, පිරිමියකු, තුල, නිපදවූවත්, ඉන්, පිටවන්නේ, 300ක්, රමාණයක්, ගර්භාෂය, යනු, බොහෝමයක්, විනාශ, සිය, පැලෝපීය, නාළය, පිවිසෙනු, එකම, රාණුවකට, ඩිම්බයේ, දොරටු, විවෘතය, ශක්තිවන්තයා, ගනී, මෙලෙස, සංසේචනය, ඩිම්බය, ගර්භාෂ, තැම්පත්, වලට, බෙදී, හමාරය, වනවිට, 100, සෑදී, දරුවෙකු, බලපොරොත්තුවෙන්, සිට්න, කාන්තාවකට, ගත්තා, යැයි, ආශ්වාදයක්, දෙන්නා, සිද්ධ්යකි, කලලයකු, ගැබ, තුළ, අධිරෝපණය, සවි, 6කට, විශේෂ, එච්, hcg, පරීක්ෂාවක්, මඟින්, සිද්ධිය, තහවුරු, කරගත, සමහර, කාන්තාවන්ගේ, සිදුවීමට, 35ක්, එවන්, කන්තාවකට, මුත්, වීමට, වුවහොත්, එයින්, කියැවෙන්නේ, ක්ම, බවය, අගය, ගැනද, සැලකිලිමත්, එමෙන්ම, පරීක්ෂණයක්ද, යොදා, අවසන්, ශුද්ධියේ, 11ක්, අතර, අධික, මුදලක්, වැය, අපි, කරන්නේ, කෙසේද, කියා, අවසාන, මාසික, දිනයට, කිරීමය, ඔබටම, යවරයාගේ, සසඳා, බලන්න, ගත්, පසු, බබාගේත්, හැසිරීම්, අසනීප, මීළඟ, පෙලෙන්, සිතා, සිටිමි, පිංතූරය, 9ක්, උපදින්නේ, friday, කාන්තාවක්, පටන්ම, රශ්න, වැලක, පැටලෙන්නීය, තුලින්, විවිධ, ශරීරික, මානසික, වෙනස්වීම්වලට, සිදුවන, දැනුමක්, සිතුවෙමි, මුල්ම, රශ්නය, යවරයෙක්, හමු, යන්න, සලකා, ඇත්තටම, හමුවීම, කලාම, රමාණවත්, දැනගත්, විගස, පවුල්, සෞඛ්, සේවිකාවට, දැන්වීම, සමගම, සායනයට, සහභාගි, වීමත්, ඉතාම, එතනදි, මූලික, පරීක්ෂාවන්, සියල්ලම, පාහේ, සිදු, කරනා, උදාහරණ, රුධිර, පීඩනය, තීරණය, රුධිරයේ, හිමෝග්ලොබින්, රමාණය, සීනි, රමණය, හමුවීමෙන්, දැනගත, මෙසේ, දැක්විය, තමන්ට, තිබෙන, කාලීන, රෝග, තීරණ, රතිකාර, වෙනස්, අලුත්, අනවශ්, ඖෂධ, ගැනීම්, නැවැත්වීම, කාන්තාව, දෙන, ඊලග, රශ්ණය, ශාරීරික, ඒවාය, ක්ලන්තය, අහාර, ආරුචිය, පියයුරු, පුපුරු, ගැසීම, සාමාන්, යයෙන්, හතර, දෙනෙකුගෙන්, අයෙකුට, තියනවලු, එයිනුත්, අඩකට, වෙනවාලු, වමනයට, කියනවා, උනාට, ඇතැම්, මේක, කලාට, ඒකෙ, හොඳ, පැත්තකුත්, තියනවා, වමනෙ, අම්මලාගේ, ගබ්සා, අවදානම, අනික්, ගොඩාක්, අඩුයි, වගේම, ළදරු, මරණ, රවණතාවය, අංගවිකලතා, වීමෙ, හැකියවත්, අඩුයිලු, මාසෙන්, බබාලා, ලැබෙන්නෙත්, නැහැ, යවරු, කියන්නේ, ඔක්කෝම, වමනයේ, යහපත්, රථිඵල, කොහොම, වුනත්, 3න්, පස්සේ, මගහැරිල, ගිහින්, අම්මට, භාග්, යයක්, අයට, මෙන්න, පොඩි, උපදෙස්, කුරුඳු, පොතු, කෑල්ලක්, හපන්න, උදේ, ඇඳෙන්, නැගිටින්න, කලින්, ඇඳේ, හාන්සිවෙලාම, රීම්, රැකර්, බිස්කට්, කාලා, උණු, මහත්තයට, කියලා, හදා, කීප, වාරයක්, හොදින්, හපලා, තෙල්, මේද, අඩංගු, පුළුවන්, තරම්, ගතියක්, දැනෙන, වෙලාවට, වෙරළු, ලොවි, කටේ, තබා, එහෙමත්, නැතිනම්, ටොෆියක්, සූප්පු, යෝගට්, ටිකක්, කෑවට, පස්සෙ, තරමක්, උණුසුමට, ඉඟුරු, දාලා, අමතරව, පපුවේ, දැවිල්ලක්, පිළිවන, සිදුවන්නේ, ගර්භාශය, විශාල, ආමාශය, උරස්, කුහරය, දෙසට, තල්ලු, යුෂ, නාලය, දිගේ, ඉහලට, නිසාය, මෙවන්, අවස්ථාවකදී, එළකිරි, මනරම්, පිළියමක්, සැලකේ, උරහිස, එසවෙන, මිනිත්තු, නිදා, ගැනීමද, ඉතා, යහපත්ය, ආහාරවලින්, වැළකී, සිටීමද, අගනේය, යම්කිසි, සහනයක්, වේවි, ඔන්න, දේවල්, කෙනෙක්, වෙන්න, ඔයාට, මුලින්ම, වෙන, ගැටලු, ඒවාට, monday, අපට, ඇසෙන, පරාසය, හර්ට්ස්, 20000, දක්වාය, වැඩි, අධි, බල්ලන්, වවුලන්, වැනි, සතුන්ට, රවණය, මේවැනි, උපයෝගී, කරගනිමින්, කෙරණ, පරීක්ෂණයක්, හැඳින්විය, කිසිසේත්ම, ශරීරයට, අහිත, බොරුවට, පරීෂණය, 12ක්, පමන, කලිහි, වඩාත්, උචිතය, 12දී, කරණු, ලබන, මගින්, ලැබීමට, බලාපොරොත්තු, නිවැරදි, අගයක්, එසේම, කලලයේ, බබාගේ, ගැස්ම, දැක, නිවුන්, දරුවන්ගේ, ආදී, නොයෙකුත්, කාරණා, මෙමගින්, නොවිය, කාන්තා, view, complete, profile, දහසක්, පින්, sidebar, main,
Text of the page (random words):
අම්මා සහ බබා skip to main skip to sidebar අම්මා සහ බබා අම්මා කෙනෙකු වන්නට දහසක් පින් කළ යුතුය subscribe to posts atom posts all comments atom all comments අම්මා ගැන මා view my complete profile ලිපි වර්ග කවදාද 1 ගැටළු 2 ගැබිනිය 4 පිළියම් 1 වර්ග නොකළ 1 saturday may 22 2010 අල්ට් රා සවුන්ඩ් පරීක්ෂණය කලලයට අහිතකරද අපට ඇසෙන සංඛ් යාත පරාසය වන්නේ හර්ට්ස් 20 සිට 20000 දක්වාය නමුත් මීට වඩා වැඩි සංඛ් යාත එනම් අධි සංඛ් යාත බල්ලන් වවුලන් වැනි සතුන්ට ශ් රවණය කළ හැකිය මේවැනි තරංග අල්ට් රා සවුන්ඩ් නම් වේ මේ තරංග උපයෝගී කරගනිමින් කෙරණ එක් පරීක්ෂණයක් ලෙස මෙම පරීක්ෂණය හැඳින්විය හැකිය මෙය කිසිසේත්ම ශරීරයට අහිත කර නැත එම නිසා බොරුවට බිය විය යුතු නැත මෙම පරීෂණය කලලයට සති 12ක් පමන ගත වූ කලිහි කිරීම වඩාත් උචිතය මෙම සති 12දී කරණු ලබන පරීක්ෂණය මගින් බබා ලැබීමට බලාපොරොත්තු වන දිනය ගැන වඩා නිවැරදි අගයක් ගත හැකිය එසේම කලලයේ පිහිටීම බබාගේ හද ගැස්ම දැක ගැනීම නිවුන් දරුවන්ගේ පිහිටීම දැන ගැනීම ආදී නොයෙකුත් කාරණා මෙමගින් දැන ගත හැකිය එම නිසා මෙම පරීක්ෂණය වඩා වැදගත් මෙන්ම බිය නොවිය යුතු එකක් බවද කාන්තා ඔබ දත යුතුය ලිව්වේ මා හරියටම 9 36 am 5 අදහස් ලිපි වර්ග ගැටළු ගැබිනිය monday march 8 2010 ගැබිණි මුල් කාලයේ ඇතිවන ගැටළු පිළියම් කාන්තාවක් ගර්භණී වූ දින පටන්ම ප් රශ්න වැලක පැටලෙන්නීය ඒ මන්ද යත් ඇය තුලින් විවිධ වූ ශරීරික මෙන්ම මානසික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවන බැවිණි එම නිසා ඒ ගැන ඔබට යම් දැනුමක් ලබා දීමට මම සිතුවෙමි මෙහිලා මුල්ම ප් රශ්නය ලෙස වෛද් යවරයෙක් හමු විය යුත්තේ කවදාද යන්න සලකා බලමු ඇත්තටම වෛද් යවරයා හමුවීම සති 6 12 කාලයේ කලාම ප් රමාණවත් නමුත් තමා ගර්භණී බව දැනගත් විගස පවුල් සෞඛ් ය සේවිකාවට දැන්වීම අවශ් යය ඒ හා සමගම සායනයට සහභාගි වීමත් ඉතාම වැදගත් එ මන්ද යත් එතනදි ඔබේ මූලික පරීක්ෂාවන් සියල්ලම පාහේ සිදු කරනා බැවිණි උදාහරණ ලෙස බර උස රුධිර පීඩනය මැනීම පෝෂණ තත්වය තීරණය කිරීම රුධිරයේ හිමෝග්ලොබින් ප් රමාණය සහ සීනි ප් රමණය මැනීම වෛද් යවරයා හමුවීමෙන් දැනගත හැකි වැදගත් කරුණු මෙසේ දැක්විය හැකිය තමන්ට තිබෙන කාලීන රෝග ගැන තීරණ ගැනීම ප් රතිකාර වෙනස් කිරීම් හෝ අලුත් එක් කිරීම් කිරීම අනවශ් ය ඖෂධ ගැනීම් නැවැත්වීම ගැබිණි කාන්තාව මුහුණ දෙන ඊලග ප් රශ්ණය වන්නේ ශාරීරික වෙනස්වීම් වලින් ඇතිවන ඒවාය එනම් වමනය ඔක්කාරය ක්ලන්තය අහාර ආරුචිය පියයුරු පුපුරු ගැසීම වගේ දෙවල් සාමාන් යයෙන් ගැබිණි කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක අයෙකුට ඔක්කාරය තියනවලු එයිනුත් අඩකට පමණ වමනය ඇති වෙනවාලු මේ වමනයට උදා වමනය කියල කියනවා ඒ උනාට ඇතැම් විට මේක දවස පුරාම තියන දෙයක් ගැබිනි කාන්තාවන් මේ වමනය අප් රිය කලාට ඒකෙ හොඳ පැත්තකුත් තියනවා ඒ තමයි වමනෙ යන අම්මලාගේ බබා ගබ්සා වීමේ අවදානම අනික් අම්මලාට වඩා ගොඩාක් අඩුයි ඒ වගේම ළදරු මරණ වීමේ ප් රවණතාවය සහ අංගවිකලතා ඇති වීමෙ හැකියවත් අඩුයිලු උදා වමනය තියන අම්මලාට අඩු මාසෙන් බබාලා ලැබෙන්නෙත් නැහැ කියල තමයි වෛද් යවරු කියන්නේ මේ ඔක්කෝම උදා වමනයේ යහපත් ප් රථිඵල කොහොම වුනත් මුල් මාස 3න් පස්සේ මේ තත්වය මගහැරිල ගිහින් අම්මට කෑම කන්න පුලුවන් වීම නම් භාග් යයක් උදා වමනය තියන අයට මෙන්න පොඩි උපදෙස් කිහිපයක් කුරුඳු පොතු කෑල්ලක් හපන්න උදේ ඇඳෙන් නැගිටින්න කලින් ඇඳේ හාන්සිවෙලාම ක් රීම් ක් රැකර් බිස්කට් එකක් කාලා උණු කිරි එකක් බොන්න ඔබේ මහත්තයට කියලා හදා ගන්න දවස පුරාම ටික ටික කීප වාරයක් කෑම ගන්න කෑම හොදින් හපලා කන්න තෙල් සහ මේද අඩංගු කෑම පුළුවන් තරම් අඩු කරන්න අප් රිය ගතියක් දැනෙන වෙලාවට වෙරළු ගෙඩියක් ලොවි ගෙඩියක් වගේ දෙයක් කටේ තබා ගන්න එහෙමත් නැතිනම් ටොෆියක් සූප්පු කරන්න යෝගට් එකක් හරි කිරි ටිකක් හරි කන්න කෑම කෑවට පස්සෙ තරමක් උණුසුමට ඉඟුරු දාලා තේ එකක් බොන්න මීට අමතරව ඔබට පපුවේ දැවිල්ලක් ඇති වන්නට පිළිවන මෙය සිදුවන්නේ ගර්භාශය විශාල වීම සමග ආමාශය උරස් කුහරය දෙසට තල්ලු වීම නිසා යම් යම් ආම්ලික යුෂ ගල නාලය දිගේ ඉහලට ඒම නිසාය මෙවන් අවස්ථාවකදී එළකිරි මනරම් පිළියමක් ලෙස සැලකේ තවද උරහිස එසවෙන පරිදි මිනිත්තු කිහිපයක් නිදා ගැනීමද ඉතා යහපත්ය ආම්ලික ආහාරවලින් වැළකී සිටීමද අගනේය මේ දෙවල් වලින් යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් වේවි ඔන්න ඔය දේවල් තමයි අම්මා කෙනෙක් වෙන්න යන ඔයාට මුලින්ම ඇති වෙන ගැටලු සහ ඒවාට පිළියම් ලිව්වේ මා හරියටම 9 51 am 6 අදහස් ලිපි වර්ග ගැටළු ගැබිනිය පිළියම් friday february 5 2010 බබා උපදින්නේ කවදාද දරුවෙකු බලපොරොත්තුවෙන් සිට්න කාන්තාවකට තමා ගැබ් ගත්තා යැයි දැන ගැනීම මහත් ආශ්වාදයක් ගෙන දෙන්නා වූ අපූර්ව සිද්ධ්යකි කලලයකු දරු ගැබ තුළ අධිරෝපණය වී එනම් සවි වී සති 6කට පමණ පසුව විශේෂ එච් සී ජී hcg පරීක්ෂාවක් මඟින් මෙම අපූර්ව සිද්ධිය තහවුරු කරගත හැකිය නමුත් සමහර කාන්තාවන්ගේ මාස ශුද්ධිය සිදුවීමට දින 35ක් පමණ ගත වේ එවන් කන්තාවකට මෙම මුත් රා පරීක්ෂණය වීමට සති 7ක් පමණ ගත විය හැකිය මෙම පරීක්ෂණය වුවහොත් එයින් කියැවෙන්නේ 99 5 ක්ම ඇය ගැබ් ගෙන ඇති බවය මෙහිලා 0 05 ක අගය ගැනද කාන්තාවන් සැලකිලිමත් විය යුතුය එමෙන්ම මේ සදහා ලේ පරීක්ෂණයක්ද යොදා ගත හැකිය මෙම පරීක්ෂණය අවසන් මාස ශුද්ධියේ සිට දින 11ක් පමණ ගත වූ විට කල හැකි අතර මේ සදහා අධික මුදලක් ද වැය වේ දැන් අපි බලමු දරුවා උපදින දිනය ගණනය කරන්නේ කෙසේද කියා මේ සදහා කල යුත්තේ අවසාන මාසික ශුද්ධිය වූ දිනයට මාස 9ක් හා දින 7ක් එකතු කිරීමය උදා 2009 01 01 09 07 2009 10 08 දැන් ඔබටම ඔබේ බබා උපදින දිනය ගණනය කර ගත හැකිය ඔබේ දිනය හා වෛද් යවරයාගේ දින ය සසඳා බලන්න ගැබ් ගත් පසු ඔබේ සහ බබාගේත් හැසිරීම් අසනීප වෙනස්වීම් මීළඟ ලිපි පෙලෙන් ලිවීමට සිතා සිටිමි පිංතූරය ලිව්වේ මා හරියටම 9 23 am 5 අදහස් ලිපි වර්ග කවදාද ගැබිනිය saturday january 16 2010 කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද මා සයිබරය පුරා සෙවීම් කළද ගැබිනියකට කියවිය සුදුසු දැනුම එකතු කර ගත හැකි සිංහල සයිබර් පිටු සොයා ගත නොහැකි විය එම නිසා මා ගැබිනියට සුදුසු පරිදි ලිපි කිහිපයයක් ලිවීමට කුඩා උත්සාහයක යෙදෙනු කැමැත්තෙමි මෙහිදී කාන්තාවකගේ හා පිරිමියකුගේ එක් වීමෙන් එනම් සාර්ථක සංසර්ගයකට පසුව ශුක් රානු හා ඩිම්බ එක් වීම සිට දරුවා බිහි වීම දක්වා මෙම ලිපි පෙල ලියනු රිසියෙමි තවද මෙම ලිපි නව යුවලකට මහත් සහයක් දෙනු ඇතැයි සිතමි කාන්තාවකගේ ශරීරයේ විශාලම සෛලය කුමක්ද එය නම් ඩිම්බ සෛලය වේ මෙය ශුක් රාණු සෛලයකට වඩා 100000 ගුණයකින් බරින් වැඩිය සංසේචනයේ සිට ගර්භාශ බිත්තියේ තැන්පත් වනතුරු ගතවන දින 5 ක පමණ කාල වකවානුවතුළ මෙම ඩිම්බයට අවශ් යය පෝෂණ ද් රව් ය හෙතුවෙන් මෙතරම් බරක් වන්නේය දිනකට පිරිමියකු තුල ශුක් රාණු කෝටි ගණනක් නිපදවූවත් ඉන් පිටවන්නේ කෝටි 300ක් පමණක් බවද මෙයින්ද කෝටි 3ක ප් රමාණයක් පමණක් ගර්භාෂය තුළට යනු ඇත මෙයින්ද බොහෝමයක් විනාශ වී සිය ගණනක් පමණ පැලෝපීය නාළය තුළට පිවිසෙනු ඇත මෙයින්ද එකම එක ශුක් රාණුවකට පමණක් ඩිම්බයේ දොරටු විවෘතය මෙහිදී ශක්තිවන්තයා බොහෝ විට ජය ගනී මෙලෙස සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තියේ තැම්පත් වන විට බොහෝ සෛල වලට බෙදී හමාරය මේ වනවිට සෛල 100 ක් පමණ සෑදී ඇත ලිව්වේ මා හරියටම 12 00 pm 4 අදහස් ලිපි වර්ග ගැබිනිය මෙය මා ගේ පළමු ලිපියයි මෙය මා ගේ පළමු ලිපියයි මා සිංහල බ්ලොග්කරණයට ආධුනිකයෙක්මි මේ බ්ලොග් එකෙහි ලියැවෙන්නේ අම්මා දරුවා යන සංකල්පය මුල් කරගෙනය දරු ප් රසූතියට පෙර අම්මා කෙනෙකු වන්නට පෙරුම් පුරනා කාන්තාවක ගැබිනි සමයේදී ඇයට හමුවන ගැටළු හා එම සති කිහිපය ගෙවෙනා ආකාරයද පසුව දරුවකු සමග ගෙවෙනා ජීවිතය මේ බ්ලොග් එක තුලදී ඔබට හමුවන සටහන්ය මා දොස්තර කෙනෙකු නොවන බවත් මෙහිලා එන යම් යම් කරුණු මා පොතින් පතින් උගත් ඒවා බවත් කියනු රිසියෙමි යම් වැරදි යමක් දුටුවිට නොවලහා පවසන මෙන් ආයාචනා කරමි මා ලිව්වේ මා හරියටම 8 36 am 2 අදහස් ලිපි වර්ග වර්ග නොකළ home subscribe to posts atom ලේඛණාගාරය 2010 5 may 1 අල්ට් රා සවුන්ඩ් පරීක්ෂණය කලලයට අහිතකරද march 1 february 1 january 2 යන එන අය blogger templates make money online
|