Meta tags:
description= තවත් හිතේ තියන් වද විඳින්න ඕන නැති නිසා;
Headings (most frequently used words):
අමුතු, බ්ලොග්, මිතුරන්, කතා, latest, entries, වැලන්ටයින්, දවසේ, සිදුවුනු, සිදුවීම්, ටිකක්, හිතන්න, යමක්, කෙල්ලෝ, දිහා, බලන්නේ, මසට, ගන්න, වගේද, අවකාශයේ, වැඩිවීම, සහ, තමන්ගේ, අඩවිය, පිළිබඳ, දැන, ගැනීම, ලියලා, දෙන්න, අලුත්, ඒවා, subscribe, to, blog, via, email, friends, links, pages, monthly, archives,
Text of the page (most frequently used words):
බ්ලොග් (23), කතා (10), නිසා (10), අමුතු (9), කෙල්ලෝ (8), සල්ලි (8), com (7), #මිතුරන් (7), දැන් (7), විට (7), wordpress (6), #අවකාශයේ (6), වැලන්ටයින් (6), කරන (6), විදිහට (6), නැති (6), subscribe (5), තමන්ගේ (5), නම් (5), තවත් (5), කියලා (5), ගැන (5), වගේ (5), මගේ (5), get (4), this (4), 2011 (4), email (4), අඩවිය (4), දැන (4), දිහා (4), ගන්න (4), දවසේ (4), ටිකක් (4), හිතන්න (4), දේවල් (4), එවන්න (4), නොකර (4), ඉතින් (4), තරමක් (4), සමඟ (4), නොවේ (4), හැකි (4), හිතන (4), ඇති (4), අපි (4), ඉන්න (4), සිතිවිලි (4), එක්ක (4), පෙම්වතුන් (4), බස් (4), නොදී (4), නමුත් (4), දිනයක් (4), blog (3), පිළිබඳ (3), ගැනීම (3), බලන්නේ (3), මසට (3), හිතේ (3), තියන (3), comment (3), උත්සාහ (3), නිදහසේ (3), හැකිය (3), සමහර (3), ඔවුන් (3), සමහරක් (3), filed (3), under (3), comments (3), දැකලා (3), පොඩ්ඩක් (3), තරම් (3), සාමාන් (3), ඉන්නවා (3), කියන (3), ඇහෙනකොට (3), වැඩිපුර (3), එකට (3), කෙල්ලෙක් (3), කරලා (3), ඕනෑ (3), අරන් (3), දාස් (3), ගණන් (3), ආසනය (3), එදින (3), රුපියල් (3), බසයට (3), අසල (3), සිටි (3), විය (3), පෙම්වතියක් (3), හිඳ (3), site (2), log (2), sign (2), subscribed (2), about (2), address (2), and (2), වැඩිවීම (2), වගේද (2), සිදුවුනු (2), සිදුවීම් (2), යමක් (2), අලුත් (2), මොකද (2), වැඩි (2), ලියන්න (2), amuthukathaa (2), gmail (2), දෙන්න (2), කවුදැයි (2), ඔව් (2), ලිවිය (2), බැවිනි (2), පමණක් (2), සිත් (2), ලිපි (2), කිසිවක් (2), වෙත (2), එකෙක් (2), සාදා (2), කිරීමට (2), නැත්තම් (2), එකක් (2), කිසිම (2), කෙමෙන් (2), එකා (2), කරුවන් (2), එතැනින් (2), හමු (2), ඔවුන්ගේ (2), යුතුය (2), ලිවීමට (2), මාගේ (2), දකින (2), අමනාප (2), විකාර (2), අයත් (2), බලන්න (2), පෙම්වතිය (2), නේද (2), හැමෝම (2), ඇයි (2), වෙන්නේ (2), මගේම (2), උන් (2), එකම (2), රස්තියාදු (2), කාරයෝ (2), සෙට් (2), මැදිවියේ (2), කාන්තාවක් (2), දැක්කාම (2), ගොඩාක් (2), කෙල්ල (2), නැද්ද (2), කියලත් (2), ඉවරයි (2), කොල්ලා (2), හැම (2), මහා (2), වුනා (2), වෙන (2), දෙයක් (2), සිටින්නට (2), පෙම්වතියව (2), පෙම්වතාට (2), පෙම්වතියට (2), අතර (2), ඉතුරු (2), කරගන්න (2), පෙම්වතුන්ට (2), පිරිනමයිද (2), යන්නයි (2), ආසන (2), ඉදිරියට (2), බසයේ (2), සිටගෙන (2), කොන්දොස්තර (2), අනෙක් (2), යාමට (2), කරන්නට (2), නමයත් (2), තරම්ය (2), නාස්ති (2), එසේ (2), පෙම් (2), around (2), rss (2), තියන් (2), විඳින්න (2), started, design, like, with, collapse, bar, manage, subscriptions, view, reader, report, content, privacy, already, have, account, now, back, top, create, free, website, march, monthly, archives, pages, news, planet, learn, support, polling, inspired, discuss, friends, links, enter, your, receive, notifications, new, posts, via, ඒවා, ඔයාලටත්, වගේමද, අඳුරන, එකේ, බැරිද, එහෙම, මෙහෙට, ගම්, මුකුත්, නැතුව, කුණුහරුප, ඔට්ටු, ඔන්න, මේකට, ලියලා, ලියන්නේ, සෙවීමට, ලියනදේ, කියවා, සෑහීමකට, පත්වන, මෙන්, පාඨක, සැමගෙන්, ඉල්ලා, සිටිමි, සෑදුවේ, නිසාය, අවකාශයට, පැමිණි, මුල්, කාලයේ, මෙන්ම, මක්නිසාදයත්, කිසිවෙකු, නොදන්නා, නිදහස, සීමා, නොකොට, ඔබටත්, විඳින්නට, සලසන්නට, සිතිනි, මිතුරන්ගේ, රිදේයැයි, බියෙන්, නොකරන, ඉවත්, ඔබට, කැමතිනම්, ඔබේ, තොරතුරු, සඳහක්, වෙනත්, නඩත්තු, කාල, වේලා, නැත්නම්, බලා, නොඉද, දැන්මම, ලියන්නට, පැමිණෙන, කරුවෙකු, හඳුනන්නේ, නැත, කල්, ගතවත්ම, ජනප්, රිය, අතරම, දෙන්නා, බැඟින්, හඳුනා, ගැන්මට, ලැබෙයි, සඳහා, ඉවහල්, වූයේ, ෆේස්, බුකියයි, නොනැවතී, සුහද, මිතුරු, ආදිය, සමීප, ඇසුරක්, ලැබුණි, කරුවන්ව, පෞද්ගලිකවම, හඳුනයි, වගතුග, දනියි, ලිපියක්, ලියන, කිසිවෙකුගේ, සිත, නොරිදෙන, පරිදි, කමෙන්ටුවක්, දමන, දෙවරක්, සිතිය, අදහස්, බාධාවකි, බොහෝ, දෙනෙකු, දිනවල, තමන්, එක්වීම, අපහසුතාවයට, පත්වී, සිටිනු, දුටුවෙමි, සැබෑවකි, මිතුරන්ද, දනී, එබැවින්, අඩුපාඩු, නරක, පුරුදු, පිළිබඳව, අඩවියේ, නොහැකිය, නිසාම, නොවූවත්, රිදීම්, ඇතිවිය, වුවද, එමමය, කොල්ලොන්ව, මේක, කියවන, ඕනතරම්, තමනුත්, විදිහටම, හිතනවා, හිතලා, තම්න්ගේම, නංගී, අක්කා, කවුරු, හරි, හිතනවනම්, ඔයාලා, කැමතිද, හැබැයි, කෙල්ලන්ගේ, හැසිරීමෙන්, ඇඳුම, පැළඳුමෙන්, ගණිකාවක්, නිශ්චිතවම, කීමට, විදිහේ, කට්ටියත්, තියනවා, කතාකරන්නේ, පාරේ, තොටේදී, ගැනත්, කට්ටියගේ, තත්වෙටම, දාලා, කිරීම, ගැනයි, උන්ට, තමට, අම්මෙක්, අක්කෙක්, නංගියෙක්, අමතක, යාළුවො, කරබාගෙන, ඉන්නේ, නොහිතන, කිව්ව, ඉස්කෝල්, ඇඟේ, මාළු, නටනවා, දැක්කාමත්, පහලවෙන, ජාතියේ, අමන, හැත්තක්, ලස්සනට, පැළඳගෙන, හිරට, ඇඳුමක්, ඇදගෙන, අපේ, කොල්ලෝ, දැක්ක, ගමන්, ඒකිගේ, කන්, පටලේ, තියනවද, තීරණේ, එහෙමත්, කොල්ලෙක්, පසඟ, හොඳට, කෙල්ලත්, කරපු, හැටි, දෙයක්ම, කතාවෙලා, පහත්, හිතන්නේ, මතකයි, ඉස්කෝලෙකට, දවසක්, කියනවා, බුරියෙන්, පල්ලෙහා, නෑදෑකම්, යාළු, වෙලාවෙනම්, ඌත්, වාද, කරන්න, ගියත්, මෝඩයෙක්, දිනන්න, තේරුණ, පැත්තකට, යාළුවෝ, කියනකතා, හිත, රිදෙන, වෙලාවල්, කිසි, නෙමෙයි, ගැහැණිය, කෙනාට, ගරු, ලෝකෙට, ආවේ, ගැහැණියක්, ඒත්, මමද, වෙලාවකට, හිතෙනවා, ආස්, කොල්ලෙක්ම, අසික්කිත, මෙමඟින්, කියන්නට, උත්සාහකලේ, සැමරුමක්, කියා, පෙම්වතාව, සතුටින්, තබන්න, යුතු, බොහෝමයි, වගේම, පුංචි, තෑග්ගක්, දෙන, කෙරෙන්නේ, කියන්න, කළේ, මේකයි, වියදම්, තෑගි, දෙනවා, අතරේ, රුපියක්, නමයක්, දඟලන, මිනිස්සුත්, ඉන්නව, සමාජය, යුවලකට, පිරිනැමීමට, සොඳුරු, හදවත්, අයගෙන්, පිරී, යනවා, දැකීම, සතුටකි, ගැටළුවනම්, නොවී, වූවානම්, තරුණිය, එමෙන්ම, පිරිනමන, වැඩිහිටි, අයෙකි, දුටුවොතින්, තවද, එක්, වෙනුවෙන්, නිකරුනේ, වියදම, නමය, උතසාහ, සිතාවත්, මුදල්, අර්ථවත්, වැඩකට, යොමුකරනවානම්, අගනේය, බසය, ඇදෙන්නට, තැරමක්, සෙනඟ, පිරුනි, ඉදිරිපස, දොර, සිටින, කාන්තාවකි, ඇඳුම්, පැළදුම්, අපවිත්, අසලට, ගිය, මහතා, ගසයි, ඉල්ලනකම්ම, ඉල්ලුවට, පස්සේ, තමයි, බෑහ්, ඇරලා, මතක්, කොච්චර, වෙලාද, නැඟලා, නොකියා, දුන්, ගියාට, පසු, කොන්දොස්තරට, බණියි, ස්ල්ලි, ටික, දෙනකම්, ඉවසන්, කානතාව, අසා, සිටින්නේ, වුවමනාවිකින්, ඈයට, ඉතා, වටින, පෙම්වතුන්ගේ, දිනයේ, නාස්තිකරම, යාළුවන්ද, ඉතිරි, වෙර, දරන, සිටියානම්, මටද, සිදිවනු, අනේ, බොරුවට, බැරි, කෙනෙක්ට, කෑමටිකක්, දෙමු, වලින්, කියනා, ලැබේවායි, රාර්ථනා, කරමි, එවන්, කෙල්ලන්, සමාජයේ, දැනම, පතමි, එතරම්, සෙනඟක්, නොසිටි, රථයේ, පිටුපසට, වන්නට, තිබූ, වම්පස, අසුනක, ජනේලය, අසලින්, ගතිමි, යනවිට, නැවතුමකින්, පාසල්, වියේයැයි, අනුමාන, යුවලක්, ගොඩවිය, දෙදෙනාට, ගැනීමට, ස්ථානයක්, නොවීය, හිස්ව, තිබූයේ, තැනින්, තැනය, පෙම්වතා, හසුනකකින්, හිඳුවා, ඔහු, වේලාවකට, හිඳගෙන, ආසයයේ, තරූණිය, නැඟිට, මල්ලී, මෙතනින්, වාඩි, වෙන්න, යැයි, පවසා, ඇයවෙනත්, තැනකින්, ගත්තාය, ලෝකය, හරිම, සුන්දරයැයි, මොහොතකට, සිතිණි, එදා, දිනයයි, තාමත්, සාමන්, පමණි, සියලු, සාප්පු, දිනයට, හොඳින්, සූදානම්ක්, සැටියකි, පෙම්වතියන්, වෙනදාට, වඩා, නෙත්, ගැටිනි, විශේෂ, බැවින්, අවධානය, යුවල්, යොමු, වූවා, කෙසේ, වුවත්, වැඩ, රාජකාරි, හමාර, නිවස, කරා, බසයකට, ගොඩ, වීමි, latest, entries, hey, there, thanks, for, dropping, take, look, grab, the, stay, updated, see, you, feed, home,
Text of the page (random words):
අමුතු කතා තවත් හිතේ තියන් වද විඳින්න ඕන නැති නිසා home about rss අමුතු කතා තවත් හිතේ තියන් වද විඳින්න ඕන නැති නිසා hey there thanks for dropping by අමුතු කතා take a look around and grab the rss feed to stay updated see you around කෙල්ලෝ විකාර සිතිවිලි latest entries වැලන්ටයින් දවසේ සිදුවුනු අමුතු සිදුවීම් ටිකක් හිතන්න යමක් filed under සිතිවිලි 4 comments 2011 03 20 එදා වැලන්ටයින් දිනයයි තාමත් පෙම්වතියක් නැති මා හට එය තවත් සාමන් ය දිනයක් පමණි නමුත් සියලු කඩ සාප්පු නම් මේ දිනයට හොඳින් සූදානම්ක් වී ඇති සැටියකි එදින පෙම්වතුන් පෙම්වතියන් වෙනදාට වඩා මගේ නෙත් ගැටිනි සමහරක් විට එදින පෙම්වතුන් හට විශේෂ දිනයක් වූ බැවින් මගේ අවධානය වැඩිපුර පෙම් යුවල් වෙත යොමු වූවා විය හැකිය කෙසේ වුවත් දවසේ වැඩ රාජකාරි හමාර කර නිවස කරා යාමට මම බසයකට ගොඩ වීමි එතරම් සෙනඟක් නොසිටි ඒ බස් රථයේ මම තරමක් පිටුපසට වන්නට තිබූ වම්පස අසුනක ජනේලය අසලින් හිඳ ගතිමි තරමක් ඉදිරියට යනවිට බස් නැවතුමකින් පාසල් වියේයැයි අනුමාන කළ හැකි පෙම් යුවලක් බසයට ගොඩවිය ඔවුන් දෙදෙනාට එක ළඟ හිඳ ගැනීමට හැකි ස්ථානයක් බසයේ නොවීය ආසන හිස්ව තිබූයේ තැනින් තැනය පෙම්වතා තම පෙම්වතියව හසුනකකින් හිඳුවා ඔහු ඇය අසල සිටගෙන සිටින්නට විය නමුත් වැඩි වේලාවකට නොවේ පෙම්වතිය හිඳගෙන සිටි ආසයයේ සිටි අනෙක් තරූණිය එතැනින් නැඟිට ආ මල්ලී මෙතනින් වාඩි වෙන්න යැයි පවසා ඇයවෙනත් තැනකින් හිඳ ගත්තාය ලෝකය හරිම සුන්දරයැයි මට මොහොතකට සිතිණි බසය ඉදිරියට ඇදෙන්නට වූ අතර තැරමක් සෙනඟ පිරුනි බසයේ ඉදිරිපස දොර අසල සිටගෙන සිටින මැදිවියේ කාන්තාවකි ඇඳුම් පැළදුම් තරමක් අපවිත් රය ඇය අසලට ගිය කොන්දොස්තර මහතා කෑ ගසයි ඉල්ලනකම්ම ඉන්නවා සල්ලි දෙන්න සල්ලි ඉල්ලුවට පස්සේ තමයි බෑහ් ඇරලා සල්ලි ගන්න මතක් වෙන්නේ දැන් කොච්චර වෙලාද බස් එකට නැඟලා කිසිවක් නොකියා සල්ලි දුන් ඇය කොන්දොස්තර ගියාට පසු අසල සිටි කාන්තාවක් සමඟ කොන්දොස්තරට බණියි ස්ල්ලි ටික දෙනකම් ඉවසන් ඉන්න බෑ අනෙක් කානතාව එය අසා සිටින්නේ වුවමනාවිකින් නොවේ සමහරක් විට ඇය සල්ලි නොදී යාමට උත්සාහ කරන්නට ඇත ඒ රුපියල් නමයත් ඈයට ඉතා වටින නිසා විය හැකිය පෙම්වතුන්ගේ දිනයේ දාස් ගණන් නාස්තිකරම මගේ යාළුවන්ද ඕනෑ තරම්ය නමුත් රුපියල් නමයත් බසයට නොදී ඉතිරි කිරීමට වෙර දරන අයත් ඕනෑ තරම්ය මට පෙම්වතියක් සිටියානම් මටද සල්ලි නාස්ති කරන්නට සිදිවනු ඇත අනේ අද වැලන්ටයින් ඩේ එක දවසේ අපි බොරුවට සල්ලි නාස්ති නොකර නැති බැරි කෙනෙක්ට කෑමටිකක් අරන් දෙමු ඒ සල්ලි වලින් එසේ කියනා පෙම්වතියක් මට ලැබේවායි මම ප් රාර්ථනා කරමි එවන් කෙල්ලන් අද සමාජයේ නැති බව දැන දැනම මම එසේ පතමි අප සමාජය පෙම්වතුන් යුවලකට ආසනය පිරිනැමීමට තරම් සොඳුරු හදවත් ඇති අයගෙන් පිරී යනවා දැකීම සතුටකි නමුත් ගැටළුවනම් වැලන්ටයින් ඩේ එක නොවී එදින සාමාන් ය දිනයක් වූවානම් ඒ තරුණිය තම ආසනය අර පෙම්වතුන්ට පිරිනමයිද යන්නයි එමෙන්ම පෙම්වතුන්ට ආසන පිරිනමන ඇය වැඩිහිටි අයෙකි දුටුවොතින් ආසනය පිරිනමයිද යන්නයි තවද එක් දිනයක් වෙනුවෙන් නිකරුනේ දාස් ගණන් වියදම කරන අය අර රුපියල් නමය බසයට නොදී ඉතුරු කරගන්න උතසාහ කරන අය ගැන සිතාවත් ඒ මුදල් වෙන අර්ථවත් වැඩකට යොමුකරනවානම් අගනේය ප ලි මෙමඟින් මා කියන්නට උත්සාහකලේ කිසිම සැමරුමක් නොකර සිටින්නට කියා නොවේ තම පෙම්වතාව පෙම්වතියව සතුටින් තබන්න කළ යුතු දේ බොහෝමයි ඒ වගේම පෙම්වතාට පෙම්වතියට පුංචි තෑග්ගක් අරන් දෙන එක වගේ දේවල් පෙම්වතුන් අතර සාමාන් ය දෙයක් ඉතින් වැලන්ටයින් ඩේ එක නැති වුනා කියලා ඔය දේවල් කෙරෙන්නේ නැද්ද ඉතින් මම කියන්න උත්සාහ කළේ මේකයි අපි දාස් ගණන් වියදම් කරලා පෙම්වතාට පෙම්වතියට තෑගි අරන් දෙනවා ඒ අතරේ බස් එකට නොදී රුපියක් නමයක් ඉතුරු කරගන්න දඟලන මිනිස්සුත් ඉන්නව නේද පොඩ්ඩක් හිතන්න comment කෙල්ලෝ දිහා බලන්නේ මසට ගන්න වගේද filed under කෙල්ලෝ සිතිවිලි 11 comments 2011 03 11 මගේම යාළුවෝ කෙල්ලෙක් දැක්කාම කියනකතා ඇහෙනකොට මගේ හිත රිදෙන වෙලාවල් ඕනෑ තරම් ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මම ගැහැණිය කියන කෙනාට ගොඩාක් ගරු කරන නිසා අපි හැමෝම මේ ලෝකෙට ආවේ ගැහැණියක් නිසා ඒත් මේ විදිහට හිතන එකම කොල්ලා මමද කියලත් වෙලාවකට හිතෙනවා මොකද මම ආස් රය කරන හැම කොල්ලෙක්ම වගේ කෙල්ලෝ දිහා බලන්නේ මහා අසික්කිත විදිහට ලස්සනට ඇද පැළඳගෙන ටිකක් හිරට ඇඳුමක් ඇදගෙන යන කෙල්ලෙක් දැක්කාම අපේ ගොඩාක් කොල්ලෝ ඒ කෙල්ල දිහා බලන්න මසට ගන්න වගේ කෙල්ල දැක්ක ගමන් ඒකිගේ කන් යා පටලේ තියනවද නැද්ද කියලත් තීරණේ කරලා ඉවරයි එහෙමත් නැත්තම් කොල්ලෙක් එක්ක යන ටිකක් අඟ පසඟ හොඳට තියන කෙල්ලෙක් නම් ඒ කොල්ලා ඒ කෙල්ලත් එක්ක කරපු දේවල් කරන හැටි ඒ හැම දෙයක්ම කතාවෙලා ඉවරයි ඇයි ඒ වගේ පහත් විදිහට හිතන්නේ මට මතකයි මහා රස්තියාදු කාරයෝ වැඩිපුර ඉන්න ඉස්කෝලෙකට යන එකෙක් දවසක් කියනවා බුරියෙන් පල්ලෙහා නෑදෑකම් යාළු නම් නෑ කියලා ඒ වෙලාවෙනම් මම ඌත් එක්ක වාද කරන්න ගියත් මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා තේරුණ මම පැත්තකට වුනා මේ වගේ හිතන උන්ට ඇයි තමට අම්මෙක් අක්කෙක් නංගියෙක් ඉන්නවා කියලා අමතක වෙන්නේ මගේම යාළුවො කෙල්ලෝ දැකලා කියන කතා ඇහෙනකොට කරබාගෙන ඉන්නේ උන් හිතන විදිහට නොහිතන එකම එකා මම නිසා අර මම කිව්ව රස්තියාදු කාරයෝ වැඩිපුර ඉන්න ඉස්කෝල් රට යන සෙට් එකක් ඉන්නවා උන් කෙල්ලෝ ගැන කියන කතා ඇහෙනකොට මගේ ඇඟේ මාළු නටනවා මේ සෙට් එකට මැදිවියේ ඉන්න කාන්තාවක් දැක්කාමත් අමුතු සිතිවිලි පහලවෙන ජාතියේ අමන හැත්තක් හැබැයි සමහර කෙල්ලන්ගේ හැසිරීමෙන් සහ ඇඳුම පැළඳුමෙන් ඇය ගණිකාවක් බව නිශ්චිතවම කීමට හැකි විදිහේ කට්ටියත් අපි හැමෝම ඕන තරම් දැකලා තියනවා මම මේ කතාකරන්නේ පාරේ තොටේදී දකින සාමාන් ය කෙල්ලෝ ගැනත් අර කට්ටියගේ තත්වෙටම දාලා කතා කිරීම ගැනයි මම මේ කියලා තියන විදිහට හිතන කොල්ලොන්ව මේක කියවන අයත් ඕනතරම් දැකලා ඇති සමහර විට තමනුත් ඒ විදිහටම හිතනවා ඇති පොඩ්ඩක් හිතලා බලන්න තම්න්ගේම නංගී ගැන අක්කා ගැන පෙම්වතිය ගැන මේ විදිහට කවුරු හරි හිතනවනම් ඔයාලා කැමතිද නෑ නේද පොඩ්ඩක් හිතන්න comment බ්ලොග් අවකාශයේ මිතුරන් වැඩිවීම සහ මිතුරන් තමන්ගේ බ්ලොග් අඩවිය පිළිබඳ දැන ගැනීම filed under විකාර 2 comments 2011 03 10 බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු මේ දිනවල තමන් බ්ලොග් අවකාශයේ නව මිතුරන් සමඟ එක්වීම සහ තමන්ගේ බ්ලොග් අඩවිය මිතුරන් දැන ගැනීම නිසා අපහසුතාවයට පත්වී සිටිනු මම දුටුවෙමි ඔව් එය සැබෑවකි මාගේ මිතුරන්ද දැන් මාගේ බ්ලොග් අඩවිය දනී එබැවින් මම දකින ඔවුන්ගේ සමහර අඩුපාඩු නරක පුරුදු පිළිබඳව දැන් මට ඒ බ්ලොග් අඩවියේ ලිවීමට නොහැකිය ඒ ඔවුන් අමනාප වන නිසාම නොවේ සමහරක් විට ඔවුන් මා සමඟ අමනාප නොවූවත් සිත් රිදීම් ඇතිවිය හැකි බැවිනි බ්ලොග් අවකාශයේ මිතුරන් පිළිබඳ වුවද එමමය මා බ්ලොග් ලියන්නට පැමිණෙන විට කිසිම බ්ලොග් කරුවෙකු හඳුනන්නේ නැත කෙමෙන් කෙමෙන් කල් ගතවත්ම මා බ්ලොග් අවකාශයේ තරමක් ජනප් රිය වන අතරම එකා දෙන්නා බැඟින් බ්ලොග් කරුවන් හඳුනා ගැන්මට ලැබෙයි ඒ සඳහා ඉවහල් වූයේ ෆේස් බුකියයි එතැනින් නොනැවතී සුහද හමු මිතුරු හමු ආදිය නිසා බ්ලොග් කරුවන් සමඟ සමීප ඇසුරක් ලැබුණි දැන් මා බ්ලොග් කරුවන්ව පෞද්ගලිකවම හඳුනයි ඔවුන්ගේ වගතුග දනියි ඉතින් දැන් මා අලුත් ලිපියක් ලියන විට එය කිසිවෙකුගේ සිත නොරිදෙන පරිදි ලිවිය යුතුය කමෙන්ටුවක් දමන විට දෙවරක් සිතිය යුතුය එය නිදහසේ තමන්ගේ අදහස් ලිවීමට බාධාවකි ඔව් මා මේ බ්ලොග් එක සෑදුවේ ඒ නිසාය දැන් මට බ්ලොග් අවකාශයට පැමිණි මුල් කාලයේ මෙන්ම නිදහසේ ලිවිය හැකිය මක්නිසාදයත් කිසිවෙකු මා කවුදැයි නොදන්නා බැවිනි ඉතින් ඒ නිදහස මට පමණක් සීමා නොකොට ඔබටත් විඳින්නට ඉඩ සලසන්නට සිතිනි මිතුරන්ගේ සිත් රිදේයැයි බියෙන් තමන්ගේ බ්ලොග් වල පළ නොකරන ලිපි සහ පළ කර ඉවත් කරන ලිපි ඔබට කැමතිනම් ඔබේ තොරතුරු කිසිවක් සඳහක් නොකර මා වෙත එවන්න වෙනත් බ්ලොග් එකෙක් සාදා නඩත්තු කිරීමට කාල වේලා නැත්තම් පමණක් amuthukathaa gmail com නැත්නම් ඔබ තවත් බලා නොඉද දැන්මම තවත් බ්ලොග් එකක් සාදා නිදහසේ ලියන්න දැන් මේ බ්ලොග් එක ලියන්නේ කවුදැයි සෙවීමට උත්සාහ නොකර ලියනදේ කියවා සෑහීමකට පත්වන මෙන් පාඨක ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි comment ලියලා දෙන්න මොකද ඔයාලටත් මට වගේමද අඳුරන අය වැඩි නිසා හිතේ තියන දේවල් බ්ලොග් එකේ ලියන්න බැරිද එහෙම නම් මෙහෙට එවන්න නම් ගම් මුකුත් නැතුව එවන්න කුණුහරුප ඔට්ටු නෑ ඔන්න මේකට එවන්න amuthukathaa gmail com අමුතු කතා අලුත් ඒවා වැලන්ටයින් දවසේ සිදුවුනු අමුතු සිදුවීම් ටිකක් හිතන්න යමක් කෙල්ලෝ දිහා බලන්නේ මසට ගන්න වගේද බ්ලොග් අවකාශයේ මිතුරන් වැඩිවීම සහ මිතුරන් තමන්ගේ බ්ලොග් අඩවිය පිළිබඳ දැන ගැනීම subscribe to blog via email enter your email address to subscribe to this blog and receive notifications of new posts by email email address subscribe friends links discuss get inspired get polling get support learn wordpress com wordpress planet wordpress com news pages about monthly archives march 2011 create a free website or blog at wordpress com back to top subscribe subscribed අමුතු කතා sign me up already have a wordpress com account log in now privacy අමුතු කතා subscribe subscribed sign up log in report this content view site in reader manage subscriptions collapse this bar design a site like this with wordpress com get started
|