Meta tags:
Headings (most frequently used words):
කොටස, ආදරණීය, මලීෂා, වන, report, labels, archive, මග, ගමන්, අම්මා, චාන්දිගේ, සිතුවිලි, හිද, අවුකන, blog, this, search, posts, උයන, abuse,
Text of the page (most frequently used words):
අපි (14), මගේ (9), #more (9), #මලීෂා (8), #other (7), #email (7), read (7), #august (7), #pinterest (7), twitter (7), #facebook (7), get (7), #link (7), 2018 (7), apps (7), july (6), june (6), comments (6), බලා (6), නැටුම් (5), විශාල (5), සසර (5), ලෙස (4), අපේ (4), ඇතී (4), එක් (4), තිබේ (4), may (4), september (4), october (4), සැම (4), සඳහා (4), ගස් (4), ආදරණීය (4), #කොටස (4), විය (4), වර්ණවත් (3), බුදු (3), ඔවුන් (3), නේක (3), කුඩා (3), දහම් (3), #චාන්දි (3), පිහිටා (3), රිකානු (3), අප් (3), මෙන්ම (3), සාකච්ඡා (3), අපිට (3), අහිමි (3), විට (3), ලැබුණි (3), දුක් (3), දිය (3), අවුකන (3), january (3), december (3), november (3), වැටී (3), april (3), february (3), march (3), කෙමෙන් (2), හඬත් (2), මල් (2), බවක් (2), සමඟ (2), මිහිරි (2), සියලු (2), පාසැලේ (2), යාමට (2), පුරුද්දත් (2), දෙස (2), ඇසේ (2), යුතුව (2), ඈතින් (2), දෙමාපියන් (2), නැටුවෙමු (2), වටහා (2), රීක් (2), කර්ම (2), නිකුත් (2), කරයි (2), ලිවිංග්ස්ටන් (2), සිදී (2), බවට (2), ඉතා (2), රකිනා (2), දරුවන් (2), නිති (2), මතක (2), අලි (2), අවශ් (2), ඔබට (2), ඇති (2), හෙයින් (2), යම් (2), සිටි (2), අම්මා (2), සතුටින් (2), සංදර්ශනය (2), හිමිදිරිය (2), වීමු (2), උයන (2), ඔවුන්ගේ (2), බොහෝ (2), සිතුවිලි (2), show (2), තිබුණි (2), චාන්දිගේ (2), කුරුලු (2), හිද (2), සතුටු (2), අනුව (2), 2019 (2), නිහඬ (2), posts (2), ගෙන (2), තැන් (2), ඒවා (2), ජීවිතේ (2), බොහොමයි (2), හැර (2), දිහා (2), මුවින් (2), රිය (2), ලබා (2), සැනසුම (2), නෙතින් (2), පරිසරය (2), සංතාප (2), පැහැති (2), පමණ (2), යයි (2), තුලට (2), ගිනි (2), මඬලේ (2), එනු (2), ගමන් (2), ගලා (2), වන් (2), වියන් (2), ජීවිතයේ (2), වනය (2), වූවත්, ගහනයක්, යුතුය, කිව, කොල, නගරයන්, දෙන, සිත්, සංවේදී, දෙනෙක්, රැක, අලියකු, වැසි, එකිනෙකට, ලංව, නැගිටලා, එසේ, පිටතින්, තිබිණ, සැලකේ, උදෙන්ම, තිබු, තරමට, හිසක්, චිලේශි, විස්සක්, නිසාම, පරිද්දෙනි, නොසිතූ, තුළ, ආවේ, එළියට, වනයෙන්, ආඩම්බර, මතට, නේද, කලබලයෙනි, ඇතුන්, නොවේ, අරුමයක්, නැග්ගේ, සළකුණු, ලගම, රංචුවක්, පිවිසියෙමු, මතුවිය, සැම්බීසි, ඇතියවුන්, ගැනීමේ, ගහකොළ, සැම්බියානුවන්, වෙකු, තමන්, හදවතේ, විනිමයක්, පෙනෙයි, වශයෙන්, වෙකුගේ, සෑම, නිසා, ගැන, තුළින්, ආදරය, විෂයයන්, උසුලයි, සිසිලසක්, දෙපස, ශක්තියක්, සමත්, නැවුම්, කිරීමේ, ශරීර, කොමලිය, සංචාරකයින්, පැත්තකින්, හැඩිදැඩි, ගැවසෙන, සුබ, සරුසාර, කළු, කිදාබැස, බැවින්, විදේශිකයන්, රටට, බසී, විදේශ, හැඟීම, අභිමානයක්, report, පුදුම, මතුපිට, බෝවී, කලා, වැවේ, නැගෙන, පලට, රිදී, බුබුලු, පිළිම, වහන්සේ, කදුළු, හෙලයි, පැමිනෙන, නවාතැන්, බැලුම්, බලමින්, අතරම, අපිද, ඇයද, ලැජ්ජාවෙන්, ඇයව, ලෙසිනි, රාත්, තවමත්, අතර, තැන්පත්, ඇත්තේ, කිසිදා, නොමැකෙන, නිසල, හෙලා, පැයක, මනුසතා, සත්ව, රජාව, හිඳ, සැලෙයි, අනියත, බිඳක්, උදෙසාම, මහා, search, this, blog, skip, main, ජලාධාරාව, බිදී, හදවතින්, දියවර, එකින්, කැපෙනා, වනස්, පතිය, වැව්, පිළි, සිසිලස, රුව, හදින්, හිදී, සසල, දිනෙන්, දින, වෙන, කාලයක්, දක්නට, දර්ශනය, හැකි, පිටත්, වුනෙමු, ජාතික, ගෝත්, රික, බලාගැනීමට, වේවි, යලිත්, යැයි, ගුරුතුමිය, පවසා, සිටියෙමු, ගම්මානයේ, මැද, ගම්මානයක්, රථයකින්, යනවිටත්, විමතියෙන්, ලංකාවේ, මෙහෙම, දකින්න, වෙන්නේ, පියා, කීවේය, බස්, වේලාවක්, ඩේවිඩ්, ලිවිංස්ටන්, මහතා, පිළිරුව, සියල්ලෝම, මිදුලේ, ලෑස්ති, සිටිනු, ඉදිරිපත්, කැරකෙමින්, තාලයට, පස්සා, පැත්ත, ලෙලවමින්, කලේ, ආරම්භ, කුල්මත්, කරමිනි, විශේෂයෙන්ම, ඇතුළු, ඇගේ, පවුලේ, අමන්දානන්දයෙන්, වටේ, කරමින්, සිටියහ, පැමිණීමෙන්, වෙස්මුහුණු, පාටින්, මුහුණු, ඇදුම්, ආයිත්තම්වලින්, සැරසී, දුටුවෙමු, ශබ්දයන්, හඬින්, තොල්, වලට, ගසමින්, වූඋ, හූඋ, ගසක්, බිය, ධර්ම, ගත්තෙමි, නිතර, විවේක, අවස්ථා, වලදී, කලෙමු, අපගේ, දැනුම, ජීවිතාවබෝධය, ගැනීමට, බෙහෙවින්, ඉවහල්, පාසැල්, ශක්තිය, නොව, අවසානය, කෙදිනක, ගතිමි, එමෙන්ම, දෙමාපිය, දෙපලගේ, අපව, දමා, බවත්, සිදු, වන්නේ, දෙවියන්, කැමැත්ත, වාර, ලඟාවිය, පන්තියේ, ගතවන, කාලය, පැය, හතකට, ආසන්නය, දෙනෙක්ම, මීටර්, කාර්ය, භාරයක්, ඉටු, යුතුවූ, කොට, කෙනාට, 490, කිලෝ, අවුරුද්දේ, සීමාවේ, කතිකා, කරගත්තෙමු, නගරය, සිම්බාබ්වේ, සැම්බියානු, දේශ, මනරම්, රමාණය, වික්ටෝරියා, ඇල්ල, පිහිටියේ, නගරයේය, උනන්දුවෙන්, ලැහැස්ති, දුර, රතිඵලයක්, විපාක, පැවරුවෙමු, powered, archive, visit, profile, theme, images, galeries, blogger, 2016, සිනාසුණු, සිත, රිදුණු, හොවා, හිස, ඔබේ, 2017, 2015, පහව, කවි, සොඳුරු, සටහන්, මගෙන්, නවකතාව, කෙටි, කතා, labels, 2014, less, 2011, 2012, 2013, පිරිමදින, රිසිසේ, පෙර, නිබඳ, හිත, පුරවනු, යමින්, ලබනු, නිවන්නට, ගිමන්, පරිවර්තනය, රත්තරනේ, සිදුවූ, අවධියේ, පියාගේ, නැගණිය, වූයේ, පාළුවෙන්, මගෙ, නවාතැනක්, සතුට, නවාතැන, සදා, සෙනෙහෙ, මිහිරෙන්, පුරවා, දිවියට, දුන්, යනු, නුඹ, පුදම්, බැති, පෙම්, උපදවා, අතිර, මාද, වැඩ, පැටියෙකු, ලාහිරු, තණපත්, මකුළු, දැල්, පිනි, සෑදී, එළියේ, වැනෙමින්, දියමන්ති, දිලේ, තබන, දැනෙන, ශබ්දයක්, abuse, කවදත්, ආවරණයක්, සුවඳකින්, හදවත, පිරී, ගියේය, කිහිපයක්, සහිත, යටට, ඒමේ, පැමිණියේ, සුන්දරත්වය, විඳගනු, පිණිසය, පඳුුරක්, සිසිලසට, කරමි, සීතලක්, ඉඳහිට, බිමමත, රටා, මවයි, ගීත, අතම, ලේනෙකුගේ, බකමූනෙකුගේ, එකිනෙක, පරයා, අසලින්, ගත්, ලේන්, හිරුරැස්, එයි, සමන්, පුරාවට, ගඳපාන, මලින්, වටා, එතීගිය, තන්බර්ජියා, වැල්, පිරුණු, එළිය, දම්, පැහැ, මල්ද, වර්ණනවත්, හිමිදිරි, පාන්දර, යන්තම්, මුසුවූ, ආවෙමි, මඟට, සෙනෙහෙන්, සෙනෙහස, බෙදනා, නිමල, සිතින්, දොර, ආදර, පියතුම, පතිනි, ඇයගේ, නිදි, නොලබා, නෙත, නිදිවරමින්, හිරු, මවුවරුන්, සරණා, හිමිඳිරි, සාමූහිකත්වයෙන්, කෑම, බීම, බෙහෙත්, හේත්, අනෙකුත්, දෑද, සපයා, comment, ගත්තෙමු, ස්ව, කැමැත්තෙන, post, වඬිනා, උදෑසනින්, එලියට, මොණරුන්ගේ, හමා, සීතලෙන්, නිවයි, උදෑසන, නාදයත්, වසන්ත, ගැසීමත්, අවදිවීමි, කිසිවෙක්, අවදිවූ, නොදැනුණි, හිමිහිට, සුළඟේ, මගෙහි, මෙන්, සලසා, ගිහි, පිඹිමින්, දරමින්, මෙසේ, අදිමින්, ගතේ, විඩා, කිසිත්, නොතකමින්, ඉවසා, content,
Text of the page (random words):
චාන්දිගේ සිතුවිලි උයන skip to main content search this blog චාන්දිගේ සිතුවිලි උයන posts අවුකන හිද get link facebook twitter pinterest email other apps may 14 2019 කලා වැවේ දිය මතුපිට නැගෙන රිදී බුබුලු දිහා බලා අවුකන බුදු පිළිම වහන්සේ කදුළු හෙලයි නිසල නෙතින් වනය දිහා බැලුම් හෙලා සංතාප හදවතින් එකින් එක කැපෙනා වනස් පතිය දිය සිදී යන වැව් දියවර දෙස බලා බුදු පිළි රුව නිහඬ මුවින් සංතාප හදින් බලා හිදී සසල නෙතින් දිනෙන් දින අහිමි වෙන සිසිලස සිදී බිදී යන මහා ජලාධාරාව අහිමි වී යන සත්ව ප් රජාව බලා හිඳ බුදු මුවින් සැලෙයි අනියත දහම් බිඳක් මනුසතා උදෙසාම චාන්දි 3 comments read more ආදරණීය මලීෂා 9 වන කොටස get link facebook twitter pinterest email other apps september 25 2018 ඩේවිඩ් ලිවිංස්ටන් මහතා ගේ පිළිරුව අපි සියල්ලෝම බස් රථයකින් යලිත් ගම්මානයක් බලා පිටත් වුනෙමු අපිට අපේ ජාතික ගෝත් රික නැටුම් බලාගැනීමට හැකි වේවි යැයි මගේ ගුරුතුමිය පවසා සිටි හෙයින් අපි ඉතා සතුටින් සිටියෙමු ගම්මානයේ මැද මිදුලේ අප යනවිටත් ඔවුන් ඒ සංදර්ශනය සඳහා ලක ලෑස්ති වී සිටියහ වෙස්මුහුණු හා වර්ණවත් පාටින් ඔවුන්ගේ මුහුණු වර්ණවත් වී තිබුණි ඉතා වර්ණවත් ඇදුම් ආයිත්තම්වලින් සැරසී සිටි ඔවුන් අපේ පැමිණීමෙන් සතුටු වූ බව අපි දුටුවෙමු හූ හඬින් තොල් වලට ගසමින් වූඋ හූඋ ශබ්දයන් නිකුත් කරමින් ඔවුන්ගේ නැටුම් ආරම්භ විය වටේ කැරකෙමින් තාලයට බඳ හා පස්සා පැත්ත ලෙලවමින් ඔවුන් නැටුම් ඉදිරිපත් කලේ අප සැම කුල්මත් කරමිනි විශේෂයෙන්ම මලීෂා ඇතුළු ඇගේ පවුලේ අය මේ සංදර්ශනය දෙස අමන්දානන්දයෙන් යුතුව බලා සිටිනු දක්නට ලැබුණි පැයක කාලයක් අපි නැටුම් බලමින් සතුටු වූ අතරම අපිද නැටුවෙමු නැටුම් සඳහා ඇයද අප හා ලැජ්ජාවෙන් යුතුව එක් විය අපි ඇයව වට කර ගෙන නැටුවෙමු ඒ මිහිරි රාත් රිය තවමත් මගේ මතක අතර තැන්පත් ව ඇත්තේ කිසිදා නොමැකෙන ලෙසිනි අපි නවාතැන් පලට පැමිනෙන විට රෑ බෝවී තිබුණි 4 comments read more ආදරණීය මලීෂා 8 වන කොටස get link facebook twitter pinterest email other apps august 21 2018 වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි සෑම අප් රිකානු වෙකුගේ හදවතේ තමන් අප් රිකානු වෙකු බවට අභිමානයක් තිබේ ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ කළු පැහැති සමත් හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප් රිකානු වන් සැලකේ පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය ඈතින් අලියකු ගේ හිසක් මතුවිය ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය අරුමයක් නොවේ අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි ෂා ඒක පුදුම දර්ශනය ක් ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ මලීෂා ගේ පියා විමතියෙන් කීවේය මද වේලාවක් අපි ඒ 3 comments read more ආදරණීය මලීෂා 7 කොටස get link facebook twitter pinterest email other apps august 08 2018 හිමිදිරිය වසන්ත සුළඟේ හමා යන සීතලෙන් ගත නිවයි උදෑසන කුරුලු නාදයත් මොණරුන්ගේ කෑ ගැසීමත් සමඟ මම අවදිවීමි කිසිවෙක් අවදිවූ බවක් නොදැනුණි මම හිමිහිට එලියට ආවෙමි මද සීතලක් සමඟ මුසුවූ මිහිරි මල් සුවඳකින් මගේ හදවත පිරී ගියේය විශාල ගස් කිහිපයක් සහිත ආවරණයක් යටට මා පැමිණියේ හිමිදිරිය සුන්දරත්වය විඳගනු පිණිසය විශාල බට පඳුුරක් ඒමේ අත වැනෙමින් ක් රීක් ක් රීක් ශබ්දයක් නිකුත් කරයි තණපත් මත කුඩා මකුළු දැල් වන් වියන් වේ ඒ මත පිනි වියන් සෑදී ඒවා ලාහිරු එළියේ දියමන්ති සේ දිලේ ඒ මත පය තබන විට දැනෙන සිසිලසට මම කවදත් ප් රිය කරමි සමන් මල් මෙන්ම කුඩා ගඳපාන මලින් ද මේ ගස් වටා එතීගිය තන්බර්ජියා වැල් පුරාවට පිරුණු දම් පැහැ මල්ද පරිසරය වර්ණනවත් කරයි හිමිදිරි පාන්දර යන්තම් එළිය වැටී එයි ලා හිරුරැස් වැටී බිමමත නේක රටා මවයි කුරුලු ගීත දස අතම ඇසේ ඉඳහිට ලේනෙකුගේ හඬත් බකමූනෙකුගේ හඬත් එකිනෙක පරයා ඇසේ මා අසලින් ගමන් ගත් ලේන් පැටියෙකු බිය වී ගසක් මතට නැග්ගේ කලබලයෙනි වැසි වැටී තිබු පරිසරය නැවුම් බවක් උසුලයි මලීෂා ගේ මව ඈතින් එනු පෙනෙයි චිලේශි උදෙන්ම නැගිටලා නේද සුබ උද 2 comments read more අම්මා get link facebook twitter pinterest email other apps august 03 2018 සසර සරණා පතිනි මවුවරුන් සෙනෙහස බෙදනා නිමල සිතින් දොර ගලා යන ආදර සෙනෙහෙන් රකිනා පියතුම හා ඇයගේ දරුවන් නිදි නොලබා නෙත නිති නිදිවරමින් හිරු වඬිනා කල හිමිඳිරි උදෑසනින් බත සලසා ඈ ගිහි ගේ ගිනි පිඹිමින් නිති රකිනා තම දරුවන් ඇස මෙන් ජීවිතයේ බර මෙසේ අදිමින් ගතේ විඩා දුක් කිසිත් නොතකමින් නේක නේක දුක් ඉවසා දරමින් අම්මා යයි මේ සසර මගෙහි සතුටින් චාන්දි post a comment read more ආදරණීය මලීෂා 6 කොටස get link facebook twitter pinterest email other apps july 17 2018 මගේ ජීවිතයේ පරිවර්තනය සිදුවූ මේ අවධියේ මම මගේ පියාගේ නැගණිය අප හට අහිමි වූයේ පෙර සසර කල කර්ම විපාක වල ප් රතිඵලයක් ලෙස බව වටහා ගතිමි එමෙන්ම මගේ දෙමාපිය දෙපලගේ දෙමාපියන් ද අපව හැර දමා කෙදිනක හෝ යන බවත් සියලු දේ සිදු වන්නේ දෙවියන් ගේ කැමැත්ත ටම නොව අපගේ කර්ම ශක්තිය අනුව බව වටහා ගත්තෙමි අප නිතර පාසැලේ දී විවේක අවස්ථා වලදී ධර්ම සාකච්ඡා කලෙමු මගේ දහම් දැනුම මෙන්ම ජීවිතාවබෝධය ලබා ගැනීමට මේ සාකච්ඡා බෙහෙවින් ඉවහල් විය කෙමෙන් කෙමෙන් අප පාසැල් වාර අවසානය ලඟාවිය අපි මේ අවුරුද්දේ ලිවිංග්ස්ටන් යාමට කතිකා කරගත්තෙමු ලිවිංග්ස්ටන් නගරය සිම්බාබ්වේ හා සැම්බියානු දේශ සීමාවේ පිහිටා තිබේ මනරම් වික්ටෝරියා දිය ඇල්ල පිහිටියේ මේ කුඩා නගරයේය අපි සැම බොහෝ උනන්දුවෙන් ඒ සඳහා ලක ලැහැස්ති වීමු දුර ප් රමාණය කිලෝ මීටර් 490 කි යාමට ගතවන කාලය පැය හතකට ආසන්නය පන්තියේ සැම දෙනෙක්ම මේ සඳහා යම් කාර්ය භාරයක් ඉටු කල යුතුවූ හෙයින් අපි සැම සාකච්ඡා කොට එක් එක් කෙනාට වැඩ පැවරුවෙමු මහ මඟට අවශ් ය කෑම බීම මෙන්ම බෙහෙත් හේත් ද අනෙකුත් අවශ් ය දෑද සාමූහිකත්වයෙන් සපයා ගත්තෙමු මලීෂා ගේ දෙමාපියන් ද ස්ව කැමැත්තෙන 3 comments read more ගමන් මග get link facebook twitter pinterest email other apps july 03 2018 සිනාසුණු තැන් ජීවිතේ බොහොමයි සිත රිදුණු තැන් ද ජීවිතේ බොහොමයි හොවා මා හිස ඔබේ ලය මඬලේ පිරිමදින විට සියලු දුක් ගිනි පහව යයි රිසිසේ සසර එක් නවාතැනක් පමණ ද මේ ඒ නවාතැන සදා සෙනෙහෙ මිහිරෙන් පුරවා මගේ දිවියට සතුට සැනසුම ලබා දුන් නුඹ පුදම් බැති පෙම් උපදවා ලය මඬලේ මේ අතිර සසර මගේ මාද ඔබ හැර යනු ඇතී මගෙ රත්තරනේ පාළුවෙන් හිත පුරවනු ඇතී දහම් මග යමින් ඔබ සැනසුම ලබනු ඇතී නිවන්නට බව ගිමන් නිබඳ මා හා එනු ඇතී චාන්දි 4 comments read more more posts powered by blogger theme images by galeries visit profile archive 2019 1 may 1 අවුකන හිද 2018 8 september 1 august 3 july 2 june 1 march 1 2017 2 november 1 june 1 2016 2 december 2 2015 8 november 1 october 3 august 1 april 1 march 2 2014 4 july 1 june 2 january 1 2013 8 october 1 june 1 may 2 april 1 february 2 january 1 2012 13 december 2 october 1 september 3 august 1 july 2 june 1 february 1 january 2 2011 47 december 5 november 1 october 2 september 2 august 2 july 4 june 5 may 7 april 3 march 11 february 5 show more show less labels කවි කෙටි කතා නවකතාව මගෙන් ඔබට සොඳුරු මතක සටහන් report abuse
|