Meta tags:
description= ඉබ්බෙක්ට අමතක කරන්න බැරිම කතා...;
Headings (most frequently used words):
ඉබි, ඉබ්බගෙ, මොකද, මම, ඉන්න, ඉබ්බා, ඉබ්බෙක්ට, සමනළ, තටු, ඇවිත්, උගත්, කමට, සරිලන, රැකියාවක්, ලැබුනෙ, නැතෙයි, මන්දෙ, ඔය, කරන්නෙ, අම්මට, කියනවා, ඔවු, එයාට, එහෙම, තමා, කියලා, තියෙන්නෙ, මේ, චර්ච්, එකක්, බෙල්ලෙ, එල්ලගෙන, ශ්, රී, වික්, රම, රාජසිංහ, සින්ඩි, කතා, ප්, රවර්ග, ටෑග්, බලන්න, ආපු, අමුත්තෝ, සංස්කරණ, ටීටර්, ඉබ්බ, දාපු, පිටු, meta,
Text of the page (most frequently used words):
ඉබ්බා (22), කියලා (21), සර් (19), හරි (17), තමා (16), වැඩ (11), එකක් (11), ඉතිං (11), දැං (11), මන්දෙ (10), වෙලා (10), කතා (9), #තියෙන්නෙ (9), ඔන්න (9), රින්සිපල් (9), එකේ (8), මොකද (8), ඉන්න (7), ඉස්කෝලෙ (7), ස්වාමීන්වහන්සේ (7), මුනි (6), ගිහිං (6), ආවා (6), රාජසිංහ (6), සෙට් (6), බස් (6), ඉබ්බෙක්ට (5), සමනළ (5), තටු (5), ඇවිත් (5), ගැන (5), ජනවාරි (5), ඉබ්බට (5), වික් (5), චර්ච් (5), එහෙම (5), නම් (5), වගේ (5), tags (5), ශිෂ් (5), හෝල්ට් (5), wordpress (4), ඉබ්බගෙ (4), 2018 (4), කරන්න (4), ඉඳලා (4), බෙල්ලෙ (4), කරන්නෙ (4), කියනවා (4), රතිචාරයක් (4), හිහ් (4), ඉවර (4), කියන්න (4), චාර්ලි (4), කරන (4), දවස් (4), හිටපු (4), අපි (4), සනා (4), පොඩි (4), මේක (4), නිසා (4), this (3), com (3), ඉබ්බ (3), ඉබි (3), 2010 (3), සැප්තැම්බර් (3), 2014 (3), බලන්න (3), සීනි (3), කූරා (3), වින්ධ් (3), බූරු (3), නින්ජා (3), ජැක්සන් (3), ඇයි (3), වෙන්න (3), බෝල (3), ගියේ (3), ඕනෙ (3), මැඩම් (3), එහෙනං (3), දෙන්න (3), ඔයා (3), එල්ලගෙන (3), ඔවු (3), එයාට (3), අම්මට (3), උගත් (3), කමට (3), සරිලන (3), රැකියාවක් (3), ලැබුනෙ (3), නැතෙයි (3), එදා (3), පීරියඩ් (3), වෙච්ච (3), වෙන (3), වාඩි (3), එකක (3), යකෝ (3), නැතුව (3), දන්නෙ (3), මැද (3), හරියටම (3), හොඳයි (3), කාලෙ (3), අධිරජ් (3), යයෙක් (3), ඇති (3), බොහොම (3), මිහිඳු (3), එතන (3), ලබාදෙන්න (3), පිටි (3), ඉබ්බත් (3), ලෙවල් (3), ඉන්නවලු (3), ඩෙස්ක් (3), බැලුවා (3), දෙක (3), එක්ක (3), යන්න (3), ළමයෝ (3), ආයි (3), යනවා (3), විශ්වවිද් (3), site (2), required (2), comments (2), පිවිසුම (2), subscribed (2), subscribe (2), account (2), feed (2), entries (2), ජූලි (2), ඔක්තෝබර් (2), 2011 (2), ෆාතිමා (2), හෝගි (2), හොර (2), අලියා (2), හැරී (2), සෑම් (2), විට (2), කුමාර (2), පියා (2), බුවා (2), කේවට්ටයා (2), කිරි (2), චරිත (2), ගිහිල්ලා (2), කිසිම (2), බෑග් (2), අපේ (2), වමට (2), you (2), හොඳම (2), ඔහොමද (2), තියන (2), පටං (2), මුනිට (2), කාර්ඩ් (2), කවුදෝ (2), කෙනෙක් (2), වෙලාව (2), හිතලා (2), ආහ් (2), පොත (2), හත් (2), සිටින (2), මෙන්න (2), පුරා (2), ළමයි (2), බලලා (2), මතක (2), ඒත් (2), රශ්නයක් (2), කරපු (2), නමක් (2), ඉතිහාසය (2), සර්ට (2), හහ්හා (2), උත්තර (2), කිවුවෙ (2), නෑනෙ (2), පුතා (2), ටික (2), යයෝ (2), එනවා (2), තර්ටි (2), ෆස්ට් (2), නයිට් (2), පුතාලා (2), කතාවක් (2), කට්ටිය (2), හරියෙ (2), දවසක (2), එතනම (2), එකට (2), වගේකට (2), ගිහින් (2), දවසක් (2), ගෙදර (2), මේවා (2), බැරි (2), නිකං (2), ගිය (2), කරළා (2), බැහැලා (2), සීට් (2), හයියෙන් (2), කිව්වලු (2), කියල (2), ඉබ්බගේ (2), ගෑනු (2), හරිම (2), වටේට (2), වත් (2), විදියටම (2), සිප් (2), උඩිං (2), යටිං (2), පේනවද (2), පිටේ (2), අරණායක (2), බැරිම (2), මෙහෙම (2), නැවතුනා (2), කැමරා (2), කළා (2), හාමුදුරුවනේ (2), රස්සාවක් (2), කරනවා (2), පොඩ්ඩක් (2), ස්වාමීන් (2), වහන්සේ (2), ඉතර (2), ඉබ්බව (2), වගෙ (2), පාර (2), යාලෙ (2), get, started, design, like, with, වෙබ්, අඩවිය, ඊමේල්, write, comment, loading, collapse, bar, manage, subscriptions, view, reader, report, content, ලියාපදිංචි, වන්න, පෞද්ගලිකත්වය, already, have, log, now, sign, join, other, subscribers, comහි, නොමිලේ, වෙබ්අඩවියක්, බ්ලොග්, සටහනක්, සාදාගන්න, create, meta, දාපු, පිටු, ඉබ්බෙක්ගේ, චිත්, රපටි, විචාර, ටීටර්, ජූනි, මැයි, 2012, 2013, සංස්කරණ, ආපු, අමුත්තෝ, හෝර්තා, අයියා, හෙට්ටියා, හසී, හනාකො, සෝගා, සිරිපාල, සරා, ෂොක්මන්, වෙන්ගා, වූෂු, මැස්සා, වවුලා, ලෝටස්, රූපෙ, යුධබාහුගේ, මුත්තා, මීයා, මාල්, මල්මාල්, මයියා, භරණ, බන්ඩි, පෑන්ටියා, පැටී, පැංචි, පතී, මෑන්, නිමිත්ත, නයා, දිවුල්, සීයා, දිකා, තලේ, ඩිකා, ජුන්ඩා, ජින්නා, චින්තා, චිකන්, චම්ලි, ගලගොඩ, ගයියෑන්, ගඩ්ඩා, ගංජා, මල්ලි, කුදු, පියුමිණී, කුදා, ඉබ්බි, කැවුමා, එළුවා, එමිනෙම්, එදිරියා, ඌරා, ඉන්ස්පෙක්ටර්, වඳුරු, සිං, ඇලට්, අරලිය, අයි, අප්, රේලයා, ටෑග්, uncategorized, පොදු, රවර්ග, ආයෙත්, සමනළයෙක්, හිතුනෙ, මෑන්ගෙ, මැණික, මන්දෙලගෙ, තාත්තා, පැනලා, හසීගෙ, රිෆෙක්ට්, ඩාන්ස්, බළල්, තඩියා, අකුණ, මචං, එළුවංගෙත්, එහෙමද, ගුච්ඡිකලගෙ, ගෙට, නයෙක්, ඊටත්, පෙර, දිනෙක, තිබිලා, එවන්, බරක්, ගෑස්, කාමරේ, හෝර්තගේ, වතුර, යාළු, පුස්, පාං, කෙළිංම, හැරෙන්න, සිරිබිරියා, කරලා, නිදියපාං, හොත්තිරිපඤ්ඤං, හාවා, උරුසිමොටා, ඩස්ටරේ, කොහොමද, අතනට, ජැකී, චෑං, බුදු, අම්මෝ, ගෑවලු, විජේ, ගහමුද, අතක්, ඛන්නා, ගෝනි, බිල්ලා, සබ්සේ, බඩා, කිලාඩී, did, come, tomorrow, කරනවනං, ජාවා, කතුරුමුරුංගා, නිඝන්ඨ, මයියංගනේ, නිවුටන්ගේ, වෙනි, නියමෙ, සමග, පොඩ්ඩ, වෙලාවකට, අන්තර්ජාතික, හෙල්මට්, රාළහාමි, ඇතුලෙන්, පත්තු, වෙනවනෙ, can, help, near, the, උසාවිය, කපල්, හනුමගෙ, බජට්, යාගේ, පත්තරේ, මාට්ටු, අම්බලංගොඩ, එනකොට, ලෑන්ඩ්සයිඩ්, පැණි, කජු, අයියාගේ, පිහදැමිල්ල, excuse, යක්, ඇරියද, ලොවෙත්, ලොවි, ගහෙත්, යටත්, ඉලංදාරියා, උඹේ, කෑල්ලත්, සරාගේ, ෆැමිලි, ප්ලෑනිං, කඩා, වැටුනනෙ, රොමානි, හරකෙක්, නිදහස්, කිරීම, දත්, තැන්, විනිවිදිමි, වීදුරුව, කෙහෙල්, කැන, පැන්නා, වාගේ, තාත්තගෙ, දුවෙක්, සින්ඩි, older, එක්, වැටුනා, තාමත්, හිටලා, මුනියට, ඒයි, කියලයි, උත්තරය, දෙයි, වෙනකම්, හිටියේ, පුදුම, අමාරුවෙං, ඉවරුවනාම, හරිය, හිතා, ගන්න, පුලුවන්, කවුරු, ෂේප්, වෙයි, වෙලාවට, හොඳ, මූඩ්, හිටියෙ, නැත්තම්, මුනිය, ගුටිත්, කනවා, මුනියගෙ, නරක, ඌවම, පෙන්නයි, බලලම, ඩෝං, පටෝං, පටාස්, චුස්, බුස්, ඩිම්ම්ම්ම්, ඉබ්බටත්, නින්ජටත්, පියාගෙන, පැළෙන්න, හිනා, වලාමයි, ඍජුව, ඔසවාගෙඅ, මුනිව, පෙන්වයි, කෙළින්, නැගිට, සිටියි, වීරයා, අවදි, හඩින්, කවදාවත්, මුනියත්, උස්සගෙන, ඉන්නවා, ෂුඅර්, මේකට, උත්තරේ, පන්තිය, බලයි, භාගයක්, පමණ, උස්සාගෙන, සිටිති, පන්තියේ, හරියේ, ඇස්, රඳවයි, අහපු, රශ්නෙ, ඇහුවෙ, අනුරාධපුර, රාජධානිය, ආක්, රමණය, දකුනු, ඉන්දියානු, රජෙක්, දන්න, උස්සන්න, ඇහුවා, සාමාන්, පෙළ, යාළුවෝ, නින්ජයි, ඉබ්බලගේ, ඉගැන්නුවේ, දාලා, ඉබ්බලගෙ, කළිං, සහෝදරයෝ, වසරේ, ඉතිහාසෙ, ගන්නකොටම, තියනවා, චාර්ලිමේන්, යයා, හදාගෙන, වසරෙ, සෙක්ෂනල්, හෙඩ්, ඒකත්, යවාදී, නමට, හේතු, මුනියි, රතිචාර, දීපංකෝ, කවද්ද, දවස, රිෆෙක්ට්ස්ලා, ආපසු, දුරක්, යයි, යන්නං, අනිවාර්, රයෙන්, පාර්ටියට, ආරාධනා, එනවනෙ, පාසලේ, නායකයෝ, එකතු, පාර්ටි, සංවිධානය, කළාළු, රින්සිපල්ටත්, ඉන්වයිට්, එපැයි, ගියාළු, දෙසැම්බර්, මාසෙ, රින්සිපල්ව, හම්බු, එල්ල, ගත්තා, කොල්ලා, මැරෙනවා, කුරුස, පෙන්ඩන්ට්, සහිත, මාලයක්, පැළඳ, දකියි, පැත්තෙ, ගාල්ල, පාසලට, නිවාඩු, කොල්ලො, ඇවිත්ළු, නැද්ද, වැඩක්, කිව්වම, කසනවා, වගෙනෙ, ඉන්නම, බෑනෙ, එළියට, බැහැපු, දැක්කළු, ඉස්සර, ඔෆිස්, යාළුවෙක්, යාළුවට, වුනාට, ගාල්ලෙ, යාළුවාට, කියමුකො, සනාට, වැඩත්, පුලුවං, ලොක්කෙක්, කොහොමහරි, ජෙනරල්, හිතන්නෙ, ඒවුනාට, ඒවා, සනායි, සනාගෙ, යාළුවොයි, ඒගොල්ලො, රින්සිපල්ට, පාසල, ඊළඟ, නවත්තන්නත්, කලින්, එකම, ඌර්ධවපාතනය, වුනාලු, කෙල්ල, සද්දයක්, නෑලු, ක්ෂණයකින්, පස්සෙ, ඉඳගෙන, ඇන්ටි, නංගි, මොනා, කියනකොට, ඔයාට, අම්ම, කුඩෙත්, ඔඩොක්කුවේ, තියං, එකෙක්, ඇහුවලු, ආදි, ඉස්කෝලේ, යාලුවෝ, එකකට, ඉලව්වේ, සෑහෙන, වයසට, ගිහිල්ලනෙ, විදියට, එකෙ, මන්දෙත්, හිටියා, නුගේගොඩ, ටියුෂන්, පන්තියක්, නැග්ගාලු, මහරගම, පැත්තට, 138, ලස්සන, ළමයෙක්, කට්ටියට, කිචි, වගේලු, අහල, පහළ, හිට, ගත්තලු, විහිලු, කිව්වට, ළමයාගෙන්, රෙස්පොන්ස්, බීරියි, මූණෙ, එක්ස්ප්, රෙෂන්, නැති, කට්ටියම, ෆුල්, මානසිකව, වැටිලා, දණිස්, තුවාල, ඉවසීමත්, අන්තිමට, ආවලු, සේරම, පැත්තක, තියලා, අතිං, මිරිකගෙන, නැගිටලා, ගහලා, නැමිලා, බලනවලු, වැඩේ, මැඩම්ට, කීප, පාරක්, බැළුවාලු, වටේ, එවුන්, අමාරුවෙන්, හිනාව, නවත්තගෙන, හිටියාලු, මන්දෙගේ, අම්මා, පන්ති, වලම, ඉගැන්නුවා, යටට, අඳින්නෙ, කතාවෙ, කියවෙන්නෙ, ඇවිල්ලා, පස්සෙම, පේළියට, කලිසමේ, ගගා, මන්දෙලාගෙ, ක්ලාස්, ටීචර්, බලං, තැන, අමු, අමුවේ, කියන්නත්, මොකක්ද, ඉස්කෝලෙං, අවුට්, වෙලත්, අවුරුදු, 16ක්, මේවයේ, නායකයන්ගේ, කතෲ, අයිතිය, පබ්ලික්, දානවා, මාළු, වගේම, නහින්නෙ, අප්පට, බල්ලො, පැනපි, දීපංකො, පාත, කාණුවක්, කපලා, තියනවද, බහින්න, නොදකිං, කොහෙද, නගරසභාව, අපිට, තැන්වල, කාණු, කපන්නෙ, ස්වාමීන්වහන්සේට, සොෆ්ට්වෙයාර්, රස්සා, පියාගෙනම, ස්වාමීන්වහන්සේව, ඇරලවලා, ඉතුරු, පයිංම, නැගලා, දෙකක්, ගියොත්, මොනවා, අහයිද, කලිසමත්, පොටක්, තවම, හාමුදුරුවෝ, ටුක්, කාලා, මේට්, රික්ස්, ෆිල්ම්, දෙන්නා, කැරකෙනවා, 60ක්, දකුණට, 120ක්, පාදාන්තේ, කේෂාන්තේ, දක්වා, මාර, බැල්මක්, පහළට, රිපීට්, යාලේ, කැම්පසුත්, රස්සාවකටත්, ඉන්නෙ, කැම්පස්, උණත්, මතක්, වුනා, මගුලක්, ළමයා, තාම, ඉගනගන්නවා, වෙන්ටෑ, ඇවිදගෙන, මාත්, යමු, ඉස්සරහ, ඔතනින්, හැරුනාම, පෙන්නන්නං, නුගේගොඩට, ගන්නෙ, කොතනින්ද, සුපුරුදු, පරිදි, හවස, 20ට, බැස්සා, වෑන්, එකෙන්, අඩි, කීපයක්, යනකොට, පස්සෙන්, ගෑවා, කාළෙ, කුඩු, කාරයෙක්, නුගේගොඩදි, සුද්ද, ගාලා, බයටම, බැළුවෙ, කවුද, ගාන්නෙ, වෙලාවකින්, අප්පුඩියකුත්, ගැහුවා, නෙවෙයි, බැළුවේ, බීරා, එකපාරට, කියාපි, තලතුනා, කටහඬක්, නැවතිලා, පිටිපස්ස, හප්පේ, දුරබැහැර, පාටයි, බැලූ, බැල්මට, පෙනුනා, දුක්, කම්කටොලු, විඳලා, පාට, අඩිය, ඉක්මන්, අල්ලගන්න, රස්සාවකට, ගියා, මෘදුකාංග, ඇඳුම, පැළඳුම, ෂර්ට්, එකයි, ඩෙනිමයි, වෙනසකට, තිබ්බෙ, බාටා, රබර්, සෙරෙප්පු, වෙනුවට, සැන්ඩ්ල්ස්, මදිවට, තිබ්බ, පටිය, එල්ලන්, එකකුත්, අරගෙන, රස්සාවට, රස්සාව, කොම්පණියෙන්, උදේ, හවා, රාන්ස්පෝර්ට්, දෙනවා, හැබැයි, තැනින්ම, මෙහායින්, තුනක්, පයින්, අමතක,
Text of the page (random words):
ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් ඉබ්බෙක්ට අමතක කරන්න බැරිම කතා ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් උගත් කමට සරිලන රැකියාවක් ලැබුනෙ නැතෙයි ජනවාරි 10 2018 at 12 25 ප ව හරි හරි වැඩ tags ඉබ්බා ඔන්න ඉතිං ඉබ්බත් විශ්වවිද් යාලෙ ගිහිං ඉවර වෙලා හා හා පුරා කියලා රස්සාවකට ගියා මේක ඉතිං මෘදුකාංග රස්සාවක් විශ්වවිද් යාලෙ ගිය විදියටම තමා ඇඳුම පැළඳුම ටී ෂර්ට් එකයි ඩෙනිමයි වෙනසකට කියල තිබ්බෙ බාටා බෝල බෝල රබර් සෙරෙප්පු දෙක වෙනුවට සැන්ඩ්ල්ස් දෙක ඒ මදිවට ඉබ්බා අර ඒ දවස් වල තිබ්බ පොඩි පටිය වගෙ පිටේ එල්ලන් යන බෑග් එකකුත් අරගෙන තමා රස්සාවට ගියේ රස්සාව කරන කොම්පණියෙන් උදේ හවා ට් රාන්ස්පෝර්ට් දෙනවා හැබැයි ඒක ඉබ්බා ඉන්න තැනින්ම ගියේ නෑ පොඩ්ඩක් මෙහායින් බැහැලා හෝල්ට් තුනක් ඉතර පයින් යන්න ඕනෙ ඔන්න සුපුරුදු පරිදි ඉබ්බා හවස 6 20ට ඉතර බැස්සා වෑන් එකෙන් අඩි කීපයක් යනකොට කවුදෝ පිටි පස්සෙන් සූ සූ ගෑවා ඉබ්බා ඒ ලෙවල් කරන කාළෙ කුඩු කාරයෙක් ඉබ්බව නුගේගොඩදි සුද්ද කළා සූ සූ ගාලා ඒක නිසා බයටම ඉබ්බා බැළුවෙ නෑ කවුද මේ සූ සූ ගාන්නෙ කියලා ටික වෙලාවකින් අප්පුඩියකුත් ගැහුවා ඉබ්බ නෙවෙයි බැළුවේ බීරා වගෙ යනවා දැං මෙන්න එකපාරට කියාපි මේ ළමයෝ කියලා ඒ පාර නම් තලතුනා කටහඬක් ඉබ්බා නැවතුනා ඒ පාර නැවතිලා බැලුවා පිටිපස්ස හප්පේ ස්වාමීන්වහන්සේ නමක් බොහොම දුරබැහැර කෙනෙක් පාටයි බැලූ බැල්මට පෙනුනා බොහොම දුක් කම්කටොලු විඳලා ඇති පාට ස්වාමීන්වහන්සේ අඩිය ඉක්මන් කරළා එනවා ඉබ්බව අල්ලගන්න ස්වාමීන්වහන්සේ මේ ළමයෝ නුගේගොඩට යන්න බස් එක ගන්නෙ කොතනින්ද ඉබ්බා ආ හාමුදුරුවනේ මාත් එක්ක මෙහෙම යමු තව ඉස්සරහ තියෙන්නෙ ඔන්න ඔතනින් හැරුනාම මම පෙන්නන්නං ස්වාමීන්වහන්සේ දැං ඉබ්බා එක්ක ඇවිදගෙන යනවා ස්වාමීන් වහන්සේ ඔය ළමයා තාම ඉගනගන්නවා වෙන්ටෑ යකෝ මම මෙ කැම්පසුත් ගිහිල්ලා රස්සාවකටත් ගිහිං ඉන්නෙ ඉබ්බට පොඩ්ඩක් කැම්පස් උණත් ආයි මතක් වුනා ස්වාමීන් වහන්සේ මගුලක් කතා කරනවා ඉබ්බා නෑ හාමුදුරුවනේ මම විශ්වවිද් යාලේ ගිහිං ඉවර වෙලා මේ රස්සාවක් කරනවා හාමුදුරුවෝ ටුක් කාලා නැවතුනා හරියටම අර මේට් රික්ස් ෆිල්ම් එකේ වගේ දැං කැමරා එක අපි දෙන්නා වටේට කැරකෙනවා කැමරා එක වමට 60ක් ගිහිං ආයි දකුණට 120ක් යනවා ස්වාමීන්වහන්සේ බැලුවා ඉබ්බගේ පාදාන්තේ ඉඳලා කේෂාන්තේ දක්වා මාර බැල්මක් ආයි ඒක උඩ ඉඳලා පහළට රිපීට් කළා ස්වාමීන්වහන්සේ ආහ් ඉතිං ළමයෝ උගත් කමට සරිලන රැකියාවක් තවම ලැබුනෙ නැතෙයි කිරි අප්පට බල්ලො පැනපි දීපංකො උත්තර ඉබ්බා බැලුවා ළඟ පාත කාණුවක් වත් කපලා තියනවද කියලා බහින්න නොදකිං කොහෙද මේ නගරසභාව අපිට ඕනෙ තැන්වල කාණු කපන්නෙ නෑනෙ ස්වාමීන්වහන්සේට ඉතිං සොෆ්ට්වෙයාර් රස්සා ගැන කියලා දෙන්න බැරි නිසා ඉබ්බා කට පියාගෙනම ස්වාමීන්වහන්සේව බස් හෝල්ට් එකට ඇරලවලා ඉතුරු හෝල්ට් දෙක පයිංම ආවා ඇයි යකෝ ස්වාමීන්වහන්සේ එක්ක බස් එකේ නැගලා තව හෝල්ට් දෙකක් ගියොත් එහෙම මොනවා අහයිද දන්නෙ නෑ නෙ කලිසමත් නැතුව ගෙදර යන්න වෙන පොටක් තමා මාළු වගේම තමා ඉබ්බත් නහින්නෙ කට නිසා ප් රතිචාරයක් ලබාදෙන්න මන්දෙ ඔය මොකද කරන්නෙ මම අම්මට කියනවා ජනවාරි 10 2018 at 11 42 පෙ ව චරිත කතා හරි හරි වැඩ tags මන්දෙ මේ වා අමු අමුවේ මෙහෙම කියන්නත් නිකං මොකක්ද වගේ දැං ඉතිං ඉස්කෝලෙං අවුට් වෙලත් අවුරුදු 16ක් වෙච්ච එකේ දැං මේවයේ කතා නායකයන්ගේ කතෲ අයිතිය පබ්ලික් වෙලා ඇති කියලා හිතලා කියලා දානවා දවසක් මන්දෙ ඉතිං යටට අඳින්නෙ නැතුව එහෙම තමා ඉතිං කතාවෙ කියවෙන්නෙ ඉස්කෝලෙ ඇවිල්ලා පිටි පස්සෙම පේළියට වෙලා කලිසමේ සිප් එක උඩිං අත ගගා ඉන්නවලු මන්දෙලාගෙ ක්ලාස් ටීචර් හරිම හොඳයි අරණායක මැඩම් මේක බලං ඉන්න බැරිම තැන අරණායක මැඩම් කිව්වලු මන්දෙ ඔය මොකද කරන්නෙ මම අම්මට කියනවා කියලා මන්දෙගේ අම්මා ඒ දවස් වල ඉස්කෝලෙ ඒ ලෙවල් පන්ති වලම ඉගැන්නුවා මන්දෙ සේරම පැත්තක තියලා ඒ විදියටම සිප් එක අතිං මිරිකගෙන නැගිටලා ඩෙස්ක් එක උඩිං යූ එකක් ගහලා නැමිලා බලනවලු ඌ කරන වැඩේ ඩෙස්ක් එක යටිං මැඩම්ට පේනවද කියලා කීප පාරක් මන්දෙ බැළුවාලු මේක ඩෙස්ක් එක යටිං හරියටම පේනවද කියලා වටේ පිටේ වාඩි වෙලා හිටපු එවුන් අමාරුවෙන් හිනාව නවත්තගෙන හිටියාලු ප් රතිචාරයක් ලබාදෙන්න ඔවු මම එයාට එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ ජනවාරි 10 2018 at 10 43 පෙ ව හරි හරි වැඩ tags මන්දෙ ඔන්න ඉතිං මේක ආදි කාලෙ ඉබ්බගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකකට වෙච්ච කතාවක් හත් ඉලව්වේ ඉබ්බත් දැං සෑහෙන වයසට ගිහිල්ලනෙ ඉබ්බට මතක විදියට මේ සෙට් එකෙ මන්දෙත් හිටියා ඔන්න කට්ටිය නුගේගොඩ ඒ ලෙවල් ටියුෂන් පන්තියක් ඉවර වෙලා නැග්ගාලු මහරගම පැත්තට යන 138 බස් එකක ෂා ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවලු බස් එක මැද හරියෙ සීට් එකක වාඩි වෙලා දැං ඉතිං කට්ටියට හරිම කිචි වගේලු ගිහින් එතන අහල පහළ වටේට හිට ගත්තලු දැං පොඩි පොඩි විහිලු කතා හයියෙන් කිව්වට ගෑනු ළමයාගෙන් නෝ රෙස්පොන්ස් ලු බීරියි වගේ ඉන්නවලු මූණෙ කිසිම එක්ස්ප් රෙෂන් එකක් වත් නැති නිසා කට්ටියම දැං ෆුල් මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා ඉවසීමත් අන්තිමට ආවලු එකෙක් ඇහුවලු මේ නංගි අපි මොනා හරි කියනකොට ඔයාට අම්ම කුඩෙත් ඔඩොක්කුවේ තියං ඔහොමද ඉන්න කියල තියෙන්නෙ කියලා කෙල්ල ඒත් සද්දයක් නෑලු ක්ෂණයකින් එතනම පිටි පස්සෙ සීට් එකේ ඉඳගෙන හිටපු ඇන්ටි මහ හයියෙන් කිව්වලු ඔවු මම එයාට එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ කියලා ඊළඟ හෝල්ට් එකේ බස් එක නවත්තන්නත් කලින් සෙට් එකම බැහැලා ඌර්ධවපාතනය වුනාලු ප් රතිචාරයක් ලබාදෙන්න මොකද මේ චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන සැප්තැම්බර් 4 2014 at 10 35 පෙ ව හරි හරි වැඩ tags මිහිඳු පාසල සනා ඉබ්බා ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේ යාළුවෙක් තමා මේවා කිවුවෙ යාළුවට වැඩ බැරි වුනාට ගම ගාල්ලෙ හිහ් හිහ් යාළුවාට අපි කියමුකො සනා කියලා සනාට වැඩත් පුලුවං දැං බුවා එතන ලොක්කෙක් කොහොමහරි මේවා නිකං ජෙනරල් තියන කතා මම හිතන්නෙ ඒවුනාට ඒවා සනායි සනාගෙ යාළුවොයි ඒගොල්ලො ගිය ඉස්කෝලෙ ප් රින්සිපල්ට සෙට් කරළා තමා තියෙන්නෙ සනා ගිහින් තියෙන්නෙ ගාල්ල මිහිඳු පාසලට ඔන්න දවසක් ඉස්කෝලෙ නිවාඩු දවසක කොල්ලො සෙට් එකක් ඉස්කෝලෙ ඇවිත්ළු වැඩ වගේකට දන්නෙ නැද්ද ඒ කාලෙ ඉතිං ඉස්කෝලෙ වැඩක් කිව්වම කසනවා වගෙනෙ ගෙදර ඉන්නම බෑනෙ එළියට බැහැපු ප් රින්සිපල් දැක්කළු මේ සෙට් එක ප් රින්සිපල් ආ පුතාලා මොකද මේ පැත්තෙ ළමයි මේ පොඩි වැඩ වගේකට ආවා සර් එතන හිටපු එක ශිෂ් යයෙක් කුරුස පෙන්ඩන්ට් එකක් සහිත මාලයක් පැළඳ සිටින බව ප් රින්සිපල් දකියි ප් රින්සිපල් ආ මොකද මේ චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන හහ්හා චර්ච් එකක් බෙල්ලෙ එල්ල ගත්තා නම් කොල්ලා එතනම චර්ච් එකට යට වෙලා මැරෙනවා සනා තව කතාවක් කියනවා ප් රින්සිපල් ගැන ඔන්න මිහිඳු පාසලේ ශිෂ් ය නායකයෝ එකතු වෙලා තර්ටි ෆස්ට් නයිට් පාර්ටි එකක් සංවිධානය කළාළු දැං ප් රින්සිපල්ටත් ඉන්වයිට් කරන්න එපැයි කට්ටිය ගියාළු දෙසැම්බර් මාසෙ මැද හරියෙ දවසක ප් රින්සිපල්ව හම්බු වෙන්න ප් රින්සිපල් ආ මොකද පුතාලා ශිෂ් යයෝ සර් මේ තර්ටි ෆස්ට් නයිට් පාර්ටියට සර්ට ආරාධනා කරන්න ආවා සර් එහෙනං එනවනෙ ප් රින්සිපල් හා බොහොම හොඳයි මම අනිවාර් රයෙන් එනවා ශිෂ් යයෝ එහෙනං අපි යන්නං සර් ප් රිෆෙක්ට්ස්ලා ටික ආපසු හැරී මද දුරක් යයි ප් රින්සිපල් ස් ස් පුතා පුතා ශිෂ් යයෙක් ඇයි සර් ප් රින්සිපල් ඉතිං කිවුවෙ නෑනෙ කවද්ද දවස කියලා හහ්හා දීපංකෝ උත්තර ප් රතිචාර 3 ශ් රී වික් රම රාජසිංහ සැප්තැම්බර් 4 2014 at 9 04 පෙ ව හරි හරි වැඩ tags ඉබ්බා නින්ජා මුනි ඔන්න ඉබ්බා සාමාන් ය පෙළ කරන කාලෙ ඉබ්බගෙ ඒ දවස් වල හොඳම යාළුවෝ දෙන්න තමා නින්ජයි මුනියි ඉබ්බලගේ ඉතිහාසය පීරියඩ් එක වෙලාව ඉතිහාසය ඉගැන්නුවේ චාර්ලි සර් සර්ට චාර්ලි කියලා දාලා තියෙන්නෙ ඉබ්බලගෙ ඉස්කෝලෙ කළිං හිටපු සහෝදරයෝ තමා ඒ දවස් වල 10 වසරේ ඉතිහාසෙ පොත පටං ගන්නකොටම වගේ තියනවා චාර්ලිමේන් කියලා අධිරජ් යයෙක් ගැන චාර්ලි සර් මේ අධිරජ් යයා ගැන කියන්න ගිහිං තමා කාර්ඩ් එක හදාගෙන තියෙන්නෙ සර් 10 වසරෙ සෙක්ෂනල් හෙඩ් ඒකත් මේ අධිරජ් යවාදී නමට හේතු වෙන්න ඇති ඔන්න සර් ප් රශ්නයක් ඇහුවා සර් හොඳයි කියන්න බලන්න අනුරාධපුර රාජධානිය ආක් රමණය කරපු දකුනු ඉන්දියානු රජෙක් ගේ නමක් කෝ දන්න අය අත උස්සන්න ඉබ්බට සර් අහපු ප් රශ්නෙ හරියටම මතක නෑ ඒත් ඔය වගේ ප් රශ්නයක් තමා ඇහුවෙ මෙන්න යකෝ කවදාවත් නැතුව මුනියත් අත උස්සගෙන ඉන්නවා ඉබ්බට නම් ෂුඅර් මුනි මේකට උත්තරේ දන්නෙ නෑ කියලා සර් පන්තිය පුරා බලයි ළමයි භාගයක් පමණ අත උස්සාගෙන සිටිති සර් බලලා බලලා පන්තියේ මැද හරියේ ඇස් රඳවයි සර් හා කියන්න බලන්න ඔයා හත් වලාමයි චාර්ලි ඍජුව අත ඔසවාගෙඅ සිටින මුනිව පෙන්වයි මුනි කෙළින් නැගිට සිටියි වීරයා සේ හඩ අවදි කර මහ හඩින් මුනි ශ් රී වික් රම රාජසිංහ ඩෝං පටෝං චට පටාස් චුස් බුස් ඩිම්ම්ම්ම් ඉබ්බටත් නින්ජටත් කට පියාගෙන බඩ පැළෙන්න හිනා සර් ආහ් ශ් රී වික් රම රාජසිංහ ඔයා නම් පොත බලලම නෑ මුනි ෂේප් එකේ වාඩි වෙයි වෙලාවට සර් එදා හොඳ මූඩ් එකක හිටියෙ නැත්තම් මුනිය ගුටිත් කනවා මුනියගෙ නරක වෙලාව තමා ඌ හිතලා නෑ සර් ඌවම පෙන්නයි කියලා හිහ් සර් වෙන කවුරු හරි කියන්න වෙන කෙනෙක් කවුදෝ හරි උත්තරය දෙයි එදා පීරියඩ් එක ඉවර වෙනකම් ඉබ්බා හිටියේ පුදුම අමාරුවෙං පීරියඩ් එක ඉවරුවනාම මුනිට වෙච්ච හරිය හිතා ගන්න පුලුවන් නෙ එදා පටං මුනිට තව කාර්ඩ් එකක් වැටුනා ශ් රී වික් රම රාජසිංහ නින්ජා නම් තාමත් ඉඳලා හිටලා මුනියට කතා කරන්නෙ ඒයි රාජසිංහ කියලයි හිහ් එක් ප් රතිචාරයක් older entries ඉබ්බා ඉන්න සින්ඩි ඉබි කතා උගත් කමට සරිලන රැකියාවක් ලැබුනෙ නැතෙයි මන්දෙ ඔය මොකද කරන්නෙ මම අම්මට කියනවා ඔවු මම එයාට එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ මොකද මේ චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන ශ් රී වික් රම රාජසිංහ අපේ තාත්තගෙ දුවෙක් කෙහෙල් කැන අත පැන්නා වාගේ විනිවිදිමි වීදුරුව සා ගේ දත් තියන තැන් රොමානි හරකෙක් නිදහස් කිරීම ඇඳ කඩා වැටුනනෙ සරාගේ ෆැමිලි ප්ලෑනිං උඹේ යට කෑල්ලත් ඔහොමද ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ යටත් නෑ ඉලංදාරියා excuse me ඔයා ප යක් ඇරියද හෝගි අයියාගේ අත පිහදැමිල්ල ආ එහෙනං මට දෙන්න පැණි කජු එකක් අම්බලංගොඩ ඉඳලා එනකොට ලෑන්ඩ්සයිඩ් එකේ පත්තරේ මාට්ටු වින්ධ් යාගේ නම හනුමගෙ බජට් එක හොඳම කපල් එක near the උසාවිය i can help you සර් ඇතුලෙන් පත්තු වෙනවනෙ හෙල්මට් රාළහාමි අන්තර්ජාතික මැඩම් ආවා ආවා සමනළ තටු සමග ඉබ්බා ආවා පොඩ්ඩ වෙලාවකට නිවුටන්ගේ 6 වෙනි නියමෙ මයියංගනේ ඉබ්බා නිඝන්ඨ p කතුරුමුරුංගා කරනවනං ජාවා තමා කරන්න ඕනෙ did you come tomorrow සබ්සේ බඩා කිලාඩී ඛන්නා සහ ගෝනි බිල්ලා විජේ ගහමුද බූරු අතක් ජැකී චෑං බුදු අම්මෝ ගෑවලු ඩස්ටරේ කොහොමද අතනට ගියේ උරුසිමොටා හාවා සහ විට කුමාර හොත්තිරිපඤ්ඤං චූ කරලා නිදියපාං සිරිබිරියා කෙළිංම ගිහිං වමට හැරෙන්න පුස් පාං වින්ධ් යා සීනි කූරා අපේ යාළු සෑම් කෝ මන්දෙ බෑග් එක කේවට්ටයා හෝර්තගේ වතුර මල ගෑස් කාමරේ ඊටත් පෙර කිසිම දිනෙක තිබිලා නෑ එවන් බරක් ගුච්ඡිකලගෙ ගෙට නයෙක් ඇවිත් මචං එළුවංගෙත් එහෙමද ෆාතිමා බෝල අකුණ ජැක්සන් ජැක්සන් කෝ මේ බළල් තඩියා හසීගෙ ප් රිෆෙක්ට් ඩාන්ස් එක මන්දෙලගෙ තාත්තා පැනලා ගිහිල්ලා නෝ මෑන්ගෙ මැණික ඉබ්බට ඇයි ආයෙත් සමනළයෙක් වෙන්න හිතුනෙ ඉබ්බගෙ ප් රවර්ග චරිත කතා පොදු හරි හරි වැඩ හරි හරි වැඩ uncategorized ඉබි ටෑග් අත උඩ අප් රේලයා අයි සී අරලිය ඇලට් ඉන්ස්පෙක්ටර් g m වඳුරු සිං ඉබ්බ ඉබ්බා ඌරා එදිරියා එමිනෙම් එළුවා කැවුමා කිරි ඉබ්බි කුදා කුදු පියුමිණී කේවට්ටයා ගංජා මල්ලි ගඩ්ඩා ගයියෑන් ගලගොඩ චම්ලි චිකන් චින්තා ජැක්සන් ජින්නා ජුන්ඩා ඩිකා තලේ දඩ බුවා දිකා දිවුල් සීයා නයා නින්ජා නිමිත්ත නෝ මෑන් පතී පැංචි පැටී පෑන්ටියා බන්ඩි බූරු පියා බූරු පියා භරණ මන්දෙ මයියා මල්මාල් මාල් මීයා මුත්තා මුනි යුධබාහුගේ රූපෙ ලෝටස් වවුලා විට කුමාර වින්ධ් යා වූෂු මැස්සා වෙන්ගා ෂොක්මන් සරා සෑම් සිරිපාල සීනි කූරා සීනි කූරා සෝගා හනාකො හසී හැරී හෙට්ටියා හොර අලියා හොර අලියා හෝගි අයියා හෝර්තා ෆාතිමා ඉබ්බා බලන්න ආපු අමුත්තෝ ඉබ්බගෙ සංස්කරණ ජනවාරි 2018 3 සැප්තැම්බර් 2014 4 ජනවාරි 2013 3 මැයි 2012 10 ඔක්තෝබර් 2011 4 ජූලි 2011 3 ඔක්තෝබර් 2010 1 ජූලි 2010 7 ජූනි 2010 28 ඉබි ටීටර් ඉබ්බෙක්ගේ චිත් රපටි විචාර ඉබ්බ දාපු පිටු ඉබ්බා ගැන ඉබ්බගෙ meta create account පිවිසුම entries feed comments feed wordpress com wordpress comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න subscribe subscribed ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් join 26 other subscribers sign me up already have a wordpress com account log in now පෞද්ගලිකත්වය ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් subscribe subscribed ලියාපදිංචි වන්න පිවිසුම report this content view site in reader manage subscriptions collapse this bar loading comments write a comment ඊමේල් required නම required වෙබ් අඩවිය design a site like this with wordpress com get started
|