Meta tags:
Headings (most frequently used words):
2026, april, thursday, may, sunday, blog, ධර්මය, ගෙන, ඒම, සංස්කෘතික, ආක්, රමණයක්, to, the, in, marcus, priyantha, perera, tuesday, 30, june, wednesday, 29, 26, 23, followers, about, me, archive, translate, popular, posts, subscri, total, pageviews, search, this, මිහිඳු, හිමියන්, බුද්ධ, නොවී, පෘතුගීසින්, ක්, රිස්තියානි, වන්නේ, ඇයි, යටත්විජිත, යුගයේ, මීගමුව, රේගුව, පක්ෂයට, දරදිය, ඇදූ, මිනිසුන්, පවා, ඉච්ඡාභංගත්වයට, පත්වීම, what, happened, monks, peace, walk, sri, lanka, එන්න, අනිත්, බටහිරයෙක්, සේ, විඳගන්න, impermanence, west, beauty, from, cherry, blossoms, keats, and, nietzsche, පාස්කු, ඉරිදා, ප්, රහාරය, ගැන, ජාත්, යන්තර, වශයෙන්, පිලිගත, හැකි, ස්වාධීන, විමර්ශනක්, අවශ්, යයි,
Text of the page (most frequently used words):
the (84), and (61), මීගමුව (38), this (37), that (32), monks (31), අනිත් (26), වෙනුවෙන් (22), මීගමුවේ (21), share (21), පිළිබඳ (20), එහෙත් (19), was (19), ලෙස (18), රේගු (18), #සංස්කෘතික (17), they (17), these (17), walk (17), සමාජ (16), ලංකාවේ (15), ධර්මය (15), කටයුතු (15), impermanence (15), with (15), පත් (15), may (14), april (14), දේශපාලන (14), පමණක් (14), sri (14), ඇති (13), ගැන (13), june (13), their (13), not (13), them (13), නැවත (13), කරන (13), peace (13), පෙනී (13), සැබෑ (12), මිහිඳු (12), january (12), marcus (12), priyantha (12), perera (12), what (12), ඇතිවීම (12), තුළ (12), නම් (11), හිමියන් (11), september (11), march (11), අවශ් (11), රිස්තියානි (11), වෙනසක් (11), විය (10), february (10), december (10), november (10), july (10), සිය (10), more (10), even (10), සියල්ල (10), මහා (10), බලාපොරොත්තු (10), තිබූ (9), සිටි (9), october (9), කිරීම (9), පැවති (9), from (9), way (9), චෙරි (9), පසක් (9), රමයක් (9), ඔවුන්ගේ (9), බවට (9), lanka (9), ඇත්ත (9), වශයෙන්ම (9), පසුව (8), පවතී (8), ගෙන (8), august (8), වශයෙන් (8), ආණ්ඩුව (8), අයට (8), ලංකාවට (8), වෙනත් (8), like (8), also (8), such (8), people (8), නැතිවීම (8), ඔස්සේ (8), යුදෙව් (8), මධ් (8), මෙන්ම (8), පාලනය (7), 2026 (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), posted (7), සත් (7), ඇයි (7), ඔවුන්ට (7), වෙන්නේ (7), ජීවිතය (7), මල් (7), හැකි (7), for (7), its (7), වඩා (7), සුළු (7), ඉච්ඡාභංගත්වයට (7), නොව (7), ගබඩා (7), රශ්නය (7), comments (6), නිව්ස්ටෙඩ් (6), බාලිකා (6), විදුහල (6), ඔහු (6), තොරතුරු (6), ඔවුන් (6), අපි (6), about (6), යටතේ (6), අරමුණු (6), පාස්කු (6), රහාරය (6), එවැනි (6), කරන්නේ (6), ඕනෑ (6), blossoms (6), something (6), but (6), are (6), අපට (6), එනම් (6), පවා (6), අතර (6), වැනි (6), සර්වබලධාරි (6), වුණේ (6), කාලය (6), almost (6), walking (6), many (6), ධනේශ්වර (6), වන්නේ (6), වූයේ (6), සඳහා (6), රධාන (6), වරායක් (6), වාණිජ (6), වරාය (6), බෞද්ධ (6), posts (5), එකම (5), කියන (5), බවත් (5), මාකස් (5), රියන්ත (5), පෙරේරා (5), යයි (5), දැන (5), දුන් (5), මිනිස්සු (5), cherry (5), idea (5), fall (5), beauty (5), buddhist (5), woolf (5), everything (5), end (5), away (5), leaves (5), religious (5), තවත් (5), බටහිර (5), වෙනවා (5), බටහිරට (5), සමඟ (5), යන්න (5), කොළ (5), වැටී (5), රෝස (5), were (5), celebrity (5), dog (5), journey (5), දැන් (5), ඇත්තේ (5), සිටින (5), ජනතා (5), විමුක්ති (5), මාලිමා (5), පන්තික (5), කිරීමට (5), උවමනාවන් (5), දිස්ත් (5), කාර්යාලයක් (5), වර්ධනය (5), ලෙසත් (5), සිට (4), දක්වා (4), පළමු (4), එහි (4), නොහැක (4), පැරණි (4), සම්ප් (4), අනුව (4), ආක් (4), ජාත් (4), යන්තර (4), කියලා (4), දැනත් (4), කවුද (4), වෙන්න (4), දෙයක් (4), යනවා (4), හරි (4), එකට (4), ගිය (4), රාජ් (4), however (4), which (4), through (4), keats (4), leonard (4), his (4), offering (4), long (4), why (4), there (4), again (4), yet (4), into (4), first (4), only (4), කෙසේ (4), යැයි (4), බටහිරයන් (4), බ්ලූම්ස්බරි (4), ඒවා (4), අදහස (4), ගත්තා (4), දාර්ශනික (4), දෙන (4), අවට (4), ජීවිත (4), කිසියම් (4), වෙනස් (4), විශාල (4), දෙනවා (4), එසේ (4), perhaps (4), venerable (4), politics (4), social (4), did (4), whether (4), kind (4), seemed (4), america (4), had (4), media (4), යහපත් (4), ආර්ථික (4), තිබුණි (4), සියදිවි (4), රංග (4), නිශාන්ත (4), හැක (4), සම්බන්ධයෙන් (4), බවයි (4), කැප (4), රියාත්මක (4), සම්බන්ධ (4), නැත (4), යුතුය (4), අතීතයේ (4), වැදගත්කම (4), කාලයේදී (4), යුගයේ (4), වාර්තා (4), ඉතා (4), ඥාති (4), ඒමත් (4), පැමිණි (4), blog (3), all (3), atom (3), ලංකා (3), නමින් (3), පල්ලියේ (3), එක් (3), සෙබස්තියන් (3), දේශීය (3), විසින් (3), කණ්ඩායමේ (3), තුල (3), ඒත් (3), මගේ (3), අපේ (3), තිබුණේ (3), බුද්ධ (3), home (3), comment (3), මුදුන්පත් (3), කළේ (3), ඉන්නවා (3), නොකර (3), එන්න (3), සිදු (3), නොකළේ (3), මෙහෙම (3), එහෙම (3), අයගේ (3), වගේ (3), හොයාගෙන (3), යයක් (3), අදහස් (3), would (3), bloom (3), life (3), thought (3), instead (3), becomes (3), new (3), attention (3), nietzsche (3), within (3), who (3), philosophical (3), taught (3), especially (3), environment (3), remains (3), west (3), arising (3), petals (3), tree (3), fruit (3), once (3), too (3), does (3), winter (3), before (3), reason (3), much (3), විඳගන්න (3), එයයි (3), වෙතත් (3), වුවත් (3), අවබෝධ (3), ජෝන් (3), ආශාව (3), ගැනීමේ (3), කියවීමක් (3), ඉන් (3), සාහිත් (3), විශේෂයෙන්ම (3), දෙවි (3), කෙනෙක් (3), කලට (3), වඩාත් (3), පදනම (3), ආශ් (3), එක්රැස් (3), ජීවත්වූ (3), ගහකොළ (3), පරිසරය (3), පුරාම (3), ලෝකය (3), ගන්නා (3), නැති (3), තමන්ගේ (3), චක් (3), ගමන් (3), පිළිබඳව (3), පාට (3), ඉදිරිපත් (3), පෙති (3), පැමිණ (3), ශීත (3), යළිත් (3), අදාල (3), පෙන්වා (3), pannakara (3), said (3), than (3), out (3), because (3), anything (3), different (3), one (3), being (3), another (3), monk (3), local (3), became (3), when (3), saying (3), same (3), certain (3), well (3), sadhu (3), united (3), states (3), bible (3), පරස්පර (3), පෙරමුණ (3), වැඩ (3), ගැනීමට (3), අහිමි (3), ඇසුරෙන් (3), වුවද (3), එකී (3), වත් (3), ඉහළ (3), රටේ (3), වූයේද (3), අවසාන (3), යන්නේ (3), කිරීමේ (3), පුද්ගලයින් (3), රජය (3), තවමත් (3), විට (3), රටට (3), භාණ්ඩාගාරයෙන් (3), ඩොලර් (3), මිලියන (3), මෙම (3), නොවන (3), මහතා (3), නිකුත් (3), සීමා (3), සංශෝධනය (3), ධීවර (3), සංචාරක (3), යාත් (3), බෝට්ටු (3), නිදහස (3), ලැබීමෙන් (3), නිව්ස්ටඩ් (3), තවද (3), රව් (3), රේගුව (3), පෘතුගීසි (3), පෘතුගීසින් (3), පොල් (3), සංකීර්ණයක් (3), ගොස් (3), ස්වාධීනත්වය (3), පෘතුගීසීන් (3), මුහුණ (3), දෙකක් (3), යන්නයි (3), රමණයක් (3), ආගමත් (3), ආගම (3), search (2), රිතාන් (2), එලිසබෙත් (2), මාර්ගය (2), ජනයා (2), සෑම (2), මංගල් (2), කතෝලික (2), යමින් (2), පල්ලිය (2), පල්ලි (2), කරමින් (2), reims (2), හෙවත් (2), ඇතැම් (2), නිවුස්ටෙඩ් (2), වසර (2), හෙළිවේ (2), මුස්ලිම් (2), පැටිකිරිය (2), සියළු (2), විදුහලය (2), පැරණිම (2), කාන්තා (2), ලියූ (2), ලෙසම (2), රොබට් (2), එදා (2), මීගමුවට (2), complete (2), විවිධ (2), සිදුකරන (2), කිසිදු (2), නෙමේ (2), නිසි (2), ලැබෙන්නේත් (2), විදේශීය (2), විමර්ශකයින්ගෙන් (2), සමන්විත (2), පිළිගත් (2), විමර්ශනයක් (2), හැර (2), වෙන (2), ඉරිදා (2), හෙළිකරගන්න (2), යුක්තිය (2), හේතුව (2), අභිලාෂයන් (2), නෙමෙයි (2), ආණ්ඩුවක් (2), අනුබල (2), කරලා (2), යොමු (2), කුමන්ත් (2), බලයට (2), සේවය (2), පරීක්ෂණ (2), ඇත්තටම (2), කරන්න (2), වළක්වාගන්න (2), දැනගන්න (2), නෙමෙයිද (2), ඉෂ්ට (2), නොකළ (2), නවත්වන්න (2), එක්ක (2), පන්ති (2), හැදුන (2), දරු (2), පවුල් (2), පියවර (2), ජීවිතයේ (2), සුන්දරත්වය (2), බලන්න (2), රටවල (2), කවුරුත් (2), ඊනියා (2), කතා (2), ස්වාධීන (2), thursday (2), experience (2), regardless (2), present (2), moment (2), understanding (2), western (2), often (2), see (2), path (2), later (2), william (2), wordsworth (2), john (2), ways (2), ode (2), nightingale (2), literary (2), brought (2), friedrich (2), contributed (2), bloomsbury (2), group (2), figures (2), virginia (2), led (2), creation (2), nor (2), spread (2), christianity (2), jesus (2), westerners (2), observed (2), things (2), arise (2), moving (2), contrast (2), regions (2), where (2), green (2), year (2), less (2), religions (2), explain (2), passing (2), natural (2), throughout (2), after (2), without (2), simply (2), spreading (2), winds (2), then (2), returns (2), emerge (2), flowers (2), spring (2), most (2), soft (2), can (2), carried (2), some (2), onto (2), quiet (2), sunday (2), බටහිරයෙක් (2), මොහොතේ (2), මාර්ගයක් (2), නැතිනම් (2), නොමෙයි (2), තේරුම් (2), එහාට (2), මතු (2), ගොඩනැගෙන (2), පටන් (2), ඊළඟට (2), පදනම් (2), coming (2), නැවතත් (2), කණ්ඩායම (2), මතක් (2), අයත් (2), හිටපු (2), උදාවූ (2), උගන්වන (2), වේගයෙන් (2), මුල් (2), නොවේ (2), හරියටම (2), තහවුරු (2), දේව (2), ජනයාගේ (2), දෙවිකෙනෙක් (2), මුලින්ම (2), කියා (2), රිතව (2), ආකර්ෂණීය (2), ජීවන (2), ගොඩ (2), බටහිරයන්ට (2), ඉගැන්වීමක් (2), දිනපතා (2), තොර (2), කරගත් (2), කරනවා (2), අලුත් (2), හැමදාම (2), නැතිව (2), තමයි (2), දෙන්න (2), නිසාම (2), ආගම් (2), දර්ශන (2), ගොඩනැගිලා (2), අලුතින් (2), ගසේ (2), ගන්නවා (2), මෙන් (2), කොහේ (2), ඔහේ (2), ගස් (2), මුල්ම (2), පොළොව (2), හිරු (2), රැස් (2), බොහෝ (2), ගිලිහී (2), ඇදී (2), මෙනෙහි (2), කරන්නෙත් (2), සාක්ෂි (2), might (2), understand (2), original (2), meaning (2), rather (2), should (2), comes (2), country (2), deeply (2), cultural (2), message (2), ultimately (2), here (2), form (2), seems (2), result (2), others (2), somehow (2), drawn (2), thero (2), following (2), eager (2), time (2), ordinary (2), lankan (2), political (2), appeared (2), began (2), perceive (2), marches (2), lankans (2), similar (2), india (2), response (2), reverence (2), already (2), associated (2), public (2), treated (2), aloka (2), stood (2), completed (2), take (2), videos (2), saw (2), known (2), state (2), happened (2), imagined (2), roadside (2), chanting (2), learned (2), areas (2), evangelical (2), belt (2), other (2), therefore (2), petty (2), hand (2), karl (2), marx (2), අපේක්ෂාවෙන් (2), දල්වාගෙන (2), පිරිස්වලට (2), සිදුව (2), කියවීම (2), ජීවමාන (2), යන්නය (2), ආගමික (2), යතාවයන් (2), ඇතුළු (2), නායකත්වය (2), දින (2), දැකිය (2), දීමට (2), තත්ත්වයක් (2), ලක්ව (2), පැහැදිලි (2), තුළය (2), මාලිමාව (2), වටා (2), මැද (2), අධ් (2), යාපනය (2), සමස්ත (2), රවාහයක් (2), සිදුවී (2), පක්ෂයට (2), දරදිය (2), සියලු (2), ජීවිතයම (2), තහනමට (2), මෙහෙයවීමට (2), රමයයි (2), ආයතන (2), පක්ෂය (2), පක්ෂයේ (2), සැකසීම (2), රිකට් (2), එයට (2), නමුත් (2), රික්කයට (2), තිබේ (2), ආණ්ඩුවේ (2), අභිලාෂය (2), බංකොලොත් (2), කළා (2), සිටිති (2), හොරකම් (2), බලාපොරොත්තුව (2), මාධ් (2), අහිමිව (2), ආර්ථිකය (2), මුළු (2), නසා (2), තත්ත්වයකට (2), පත්වෙන්නේ (2), අවංක (2), පෙනේ (2), එමෙන්ම (2), අස්ථානගත (2), ඇමරිකන් (2), මුදල (2), අදාළව (2), තරුණයකු (2), ගොඩනැගිලි (2), නොවූ (2), 1948 (2), සංක් (2), රමණික (2), විගාමික (2), පනත (2), ඇතුළත් (2), කොළඹ (2), කොටසක් (2), නැතහොත් (2), ඇතුළුවීම (2), පිටවීමේ (2), හේතු (2), වනු (2), පාර (2), පාරක් (2), ඉතිරිව (2), නගරයේ (2), රමයෙන් (2), සමඟය (2), වීමත් (2), ඉංග් (2), රීසි (2), යුගයේදී (2), සුරාබදු (2), මුහුදු (2), කලපුවත් (2), සංකීර්ණ (2), ලන්දේසි (2), තෙල් (2), කුරුඳු (2), කොප්පරා (2), අරක්කු (2), මාළු (2), කරවල (2), පැණි (2), දුම්කොළ (2), අතීතයේදී (2), ඓතිහාසික (2), පසු (2), ආර්ය (2), දෙසට (2), බලය (2), යාප්ත (2), පමණ (2), රදේශය (2), ඉතිහාස (2), රියාශීලී (2), පද්ධතියක් (2), පිහිටි (2), සක් (2), යටත්විජිත (2), අසලය (2), විචාර (2), බුද්ධිය (2), ස්වයං (2), තිබුණා (2), ලංකාව (2), රවාහ (2), විමසා (2), ගැනවත් (2), මිනිසාගේ (2), අවබෝධය (2), මහරජ (2), විමසන්නේ (2), රජුගේ (2), සිටින්නේ (2), studies (2), රවාහයන් (2), හැඩගැන්වූ (2), ඉතිහාසය (2), අවුරුදු (2), දුන්නේ (2), ධර්මයයි (2), හින්දු (2), ඉස්ලාම් (2), watermark, theme, powered, blogger, total, pageviews, subscri, 1954, අප්, රියල්, වෙනිදා, යෙදී, තිබු, දෙවෙනි, රැජිණගේ, her, majesty, royal, visit, යයේ, රැජිනගේ, මීගමූ, සංචාරය, ඇගේ, සීයා, ඊයේ, අළුයම, දළුපොත, ශාන්ත, අන්තෝනි, දොරක්කඩා, තැම්පත්කර, මහත්, විශ්වාසයෙන්, යදින, සුප, සොරකම්කල, සුරැවම, සොයාගැනේ, අවසානය, මෙය, වසරකම, ජනවාරි, ලොවපුරා, කතෝලිකයන්, මුනිදුන්ගේ, සමරයි, රදාය, කදාන, කටුවපිටිය, ලක්ෂණ, රංශ, ජාතික, පියතුමන්ලා, 1930, දශකයේදී, රංශයේ, රේයිම්ස්, දේවස්ථානයේ, cathedral, france, සිහිනය, වැල්ලවිදිය, බාලිකාව, පුවත්පත්, හදුන්වන, දෙසීයක, 200, ඉතිහාසයකට, හිමිකම්, බාලිකාවට, නතුවන, උරුමයන්ගේ, හෙට, දවස, කුමක්ද, කොරෝනා, වයිරසයෙන්, තැනැත්තෙකු, මියගොස්, රෝගය, සගවා, රථමයෙන්, නවලෝක, රෝහලටත්, රෝහලේ, 20වෙනි, වට්ටුවටත්, කොරෝනාවලින්, මියගිය, තැනැත්තාගේ, පුතා, පෙරියමුල්ලේ, ආපනශාලාවක, තරුණයෙක්, මරා, දැමු, හෙළිවෙමින්, දෙනා, දිවුලපිටි, මිනීමරුවන්ගේ, පොහොට්ටුවේ, චන්ඩි, ලිවීමට, අපේක්ෂාකල, මාතෘකා, කිහිපයෙන්, එකක්වුයේ, විදුහ, දෙසිය, වසරක්, සපිරි, පිළිබදව, ලිපියේ, කලින්, සදහන්, දුටු, ඉපදුණේ, දෙහිවල, ගෙවල්, කෙළින්, වීදියේ, කුරුකුලසූරිය, පරම්පරාවේ, අදටද, හොද, මට්ටමේ, සිනම, ආචාර්ය, ලෙස්ටර්, ජේමිස්, පීරිස්, popular, translate, 2025, 2024, 2023, 2022, 2021, 2020, 2019, 2018, 2017, 2016, 2015, archive, view, profile, followers, subscribe, older, ආණ්ඩු, මුල්කරගෙන, පරීක්ෂණයකට, විමර්ශනයකට, තුලවත්, පිළිගැනීමක්, සුජාතභාවයක්, නිසා, විසදුමක්, දිගින්දිගටම, විශ්වාස, රහාරයේ, මෙහා, විමර්ශනයකින්, පරීක්ෂණයකින්, හෙළිවෙන්නේත්, ඉටුවෙන්නේත්, ඕනෑම, ආණ්ඩුවකට, ආකාරයට, විමර්ශන, දියත්, මිසක්, කිසිම, කරයි, විශ්වාසයකුත්, වළක්වා, නොගැනීමට, පරීක්ෂණයක්, ඉන්න, සියල්ලටම, පළමුව, අවධාරණය, කියන්නේ, එවකට, පෙරලන්න, කරපු, රණයක්, රණය, මෙහෙයවූයේ, රාජපක්ෂලා, සහරාන්, පිටිපස්සේ, හිටිය, ඉංදියාවේ, ඔත්තු, පිටුපස, මේවා, ද්විතීය, තෘතිය, ඒවාත්, හොයන්න, නේද, අපිට, මිනිස්සුන්ට, පුළුවන්, මතුකරගෙන, විනාශය, දඩුවම්, දීමෙන්, සහරාන්ලා, දෙයකට, ලෑස්වෙනවා, ආරක්ෂක, අංශ, ඔවුන්ව, පල්ලිවලට, හෝටල්වලට, දැනුම්, දුන්නා, මේක, වළක්වන්න, එහෙමවත්, දීලා, බලන්, හිටියා, මෙතන, අපිත්, බස්, ස්ටෑන්ඩ්, එකේ, උකුළු, මුකුළු, ගාපු, ඉස්කෝලවලට, වැඩවලට, ගමේ, දන්න, නොදන්න, යාළු, මිත්, රයෝ, ගුරුවරුන්ගේ, දරුවෝ, පවුල්වල, දෙමාපියෝ, අමාරුවෙන්, ගොඩනගාගෙන, හදාගත්ත, පෙපෙන, පුංචි, ළමයි, පියවරින්, සාර්ථකත්වය, කියාගෙන, නිවාඩුවට, සතුටින්, ගතකරන්න, හොද්ද, ගින්නේ, තියලා, easter, brunch, ගන්න, හෝටල්වල, අවන්හල්වලට, සහරාන්ලාගේ, ඉස්ලාමීය, බිලිවෙන්න, බිලිගන්න, දෙන්නත්, වාද, විවාද, මතවාද, ටිකකට, පැත්තකට, තියමුකෝ, පිලිගත, විමර්ශනක්, come, westerner, embody, perfectly, though, quickly, fleeting, teaches, simple, truth, experienced, differs, emphasises, detachment, desire, perspectives, appreciating, happiness, fulfillment, means, embracing, emerged, literature, poets, explored, developments, renewed, philosophers, discussions, continued, circles, including, single, omnipotent, god, governs, world, understood, neither, beginning, existing, outside, him, belief, deepened, further, answers, forgiveness, salvation, love, christ, doctrine, foundation, have, changes, pass, cycles, sought, how, process, happens, system, method, framework, asia, needed, explicitly, evergreen, forests, largely, unchanged, lush, abundant, round, lived, comfort, continuity, settings, obvious, thus, philosophies, arose, depth, nothing, surroundings, continuously, reveal, newly, introduced, lives, bears, bright, red, birds, arrive, flocks, feast, offers, richness, taste, banquet, seeds, discarded, somewhere, begin, grow, summer, now, source, shade, against, harsh, sun, autumn, turn, display, colours, last, cold, leaving, behind, bare, trunk, ends, warmth, seemingly, lifeless, awakens, branches, buds, just, warm, rays, sunlight, touch, earth, trees, sprout, shades, white, pink, delicate, light, gentle, breeze, detach, sending, drifting, stronger, gusts, roads, gutters, still, create, scenes, wither, shrink, trampled, underfoot, fade, darkness, disappear, completely, trace, needs, deliberately, contemplate, construct, vast, systems, live, constantly, reminds, shows, daily, tangible, evidence, nature, existence, උනත්, යථාව, යනු, එවැන්නක්, කරගැනීමක්, හිතෙන්නේ, දකින්නේත්, එක්තරාකාරයක, සුන්දරත්වයක්, කියවීමේ, විදිහටයි, සතුට, සැනසීම, ලෙසයි, වටාපිටාව, අත්විඳින, විඳීමේ, රයෝජනවත්, පදනමක්, කරගැනීමයි, වර්ඩ්ස්වර්ත්ලාගේ, කීට්ස්ලාගේ, නීට්ශේලාගේ, woolfලාගේ, ගැනීම්, බුද්ධාගමෙන්, නැතිකර, කරගැනීම්ම, වෙනස්ම, විදිහකට, යෑමක්, යකරුවන්, විශේෂයෙන්, විලියම්, වර්ඩ්ස්වර්ත්ලා, කීට්ස්ලා, කවීන්, කීට්ස්ගේ, නයිටිංගේල්, කවි, වර්ඩ්ස්වර්ත්ගෙන්, අවධානය, යොමුවෙන්න, ඒවට, හැදෙන්න, නීට්ශේ, ඉගැන්වීම්, everlasting, විමසම්, සංසද, තුලින්ම, රතිනිර්මාණය, වුණාම, බැද්දේගම, village, jungle, එයාගේ, බිරිඳ, ආදීන්, ආදීන්ට, බුදු, දහම, ඇසුරින්ම, හදාරන්න, අවස්ථාවක්, පැමිණීමත්, මැවුම්කරුවෙක්, පව්, කමාව, ගැලවීම, රේමය, ජේසුස්, රිස්තුස්, වහන්සේ, බැස, සිදුවන්නේ, දැනගැනීමට, කුතුහලයට, නිශ්චිත, පිළිතුරක්, ලැබුණා, වයිකින්වරුන්ගෙන්වත්, රීක, රෝම, වලින්වත්, ජනතාව, ඔස්සේයි, චින්තයේ, විශ්වාසය, දුන්නේත්, රීකයින්ම, philo, alexandria, පළවෙනි, සියවස, වෙද්දීත්, රදේශ, ජීවත්වුණත්, ජනයාවත්, චින්තනවත්, කවදාවත්, රටාව, ආයෝජනය, තරකර, නැතිවෙන, තුළින්ම, අත්දකින, මවා, වදාළ, වෙලාවට, ලබා, සියල්ලම, ඉටු, යයට, ගැඹුරුයි, බරපතලයි, කොහොමද, හොයාගන්න, පරිකල්පනයක්, සදාතනික, එකීය, විදිහක්, සිදුවීම, කරගන්න, දෙවියන්ගේ, මැවීමක්, උන්වහන්සේගෙන්, ආරම්භයකවත්, අවසානයක්වත්, දෙවියන්වහන්සේගේ, නිර්මිතයක්, පිටිපස, ජීව, ගුණය, හොයා, යෑමේ, පෙළඹීම, තුළයි, අමුතුවෙන්ම, කිරීමක්, දිගින්, දිගටම, කාලාන්තරයක්, තිස්සේ, අත්, දැක, රයක්, ධර්මයක්වත්, පදනමක්වත්, කියාදෙන්න, ආසියාවට, සදාහරිත, වනාන්තර, පරිසරයක, පලතුරු, අඩුවක්, සෑහී, පිනවී, සැනසිලිදායක, රටාවක, ජීවත්, මිනිසුන්ට, කලාපවල, ඉතින්, අලුතෙන්, නැහැ, ස්වභාව, සත්තාවම, පරිසරයම, නිරන්තරයෙන්, විසිර, ගියත්, රතුම, රතු, පාටට, ගෙඩි, කොහේවත්, නොහිටි, කුරුළු, රෑන්, පිටින්, භුක්ති, විඳිනවා, රසාලිප්ත, චෙරිකාරක, අමෘතය, භෝජන, සංග්, ගල්වනවා, මදය, ඉවත්, වැටෙනවා, පැලවෙනවා, උදාවෙන, රීෂ්මයේදී, මලුත්, ගෙඩිත්, ගිනිකාස්ථක, අව්වට, සිසිල, සෙවන, සලසන, වෘක්ෂයක්, පත්වෙනවා, රීෂ්මය, ගෙවී, එළඹෙන, සරත්, සමයේදී, නේක, වර්ණ, පැහැයෙන්, සරතේ, මනරම, බෙදාහදා, වැඩි, කාලයක්, එසේවත්, පවතින්න, බැරි, කාලයේ, සිත, සුළඟෙන්ම, කඳක්ව, ඉතුරු, සමය, අවසන්ව, සිඹගන්නා, උණුසුම්, රැසින්ම, කඳන්, ගැල්වෙනවා, අතු, විහිදා, දලු, පුබුදනවා, වසන්තය, උදාවෙනවා, පිපෙන්නේ, අවසානයේ, වසන්තයේ, පතිත, වෙද්දීමයි, ගස්වල, පැහැති, මතුවෙන්නටත්, පෙරයි, විකසිත, හමේ, පැහැයට, හුරු, සුදු, වර්ණයෙන්, පිපෙන, අලංකාර, මල්වල, සිනිදු, ලැපැති, සිහිල්, සුළං, රැල්ලකින්, පොකුරෙන්, නිදහස්ව, ඉගිලී, සැඩ, සුළගේ, පවනේ, පෙතිවලින්, සමහරක්, පාරට, කුණු, දැල්, රමණීය, දසුනක්ව, ඇස්, නිලංකාර, ටික, කලකින්, පරවී, හැකිලී, පැකිලී, පයට, පෑගී, අඳුරුවී, කෙදිරිල්ලක්වත්, ගියාදැයි, හොයාගන්නටවත්, තරමට, මෘදු, අතුරුදහන්, වෙලා, ජීවත්වන, විසින්ම, කරවනවා, පැවැත්මේ, සහිතව, හරියට, reflecting, help, arrives, begins, function, differently, intention, drift, initial, himself, breathing, habit, pause, reflect, really, ask, ourselves, happen, rooted, our, structure, habits, attitudes, conditioning, necessarily, real, question, trying, communicate, transmitted, intended, eventually, takes, gets, distorted, transformed, else, entirely, illustrate, pattern, impressions, clear, doing, themselves, politicising, left, wondering, used, subtly, project, exists, buddhism, commonly, seen, attempt, intentional, suggest, peaceful, refined, feeling, impression, reinforced, president, presented, sapling, sacred, jaya, maha, bodhi, noticeable, arrest, bandaranaike, international, airport, connection, narcotics, related, allegations, incident, effect, look, difference, between, those, apparent, subtle, narrative, suggesting, consciously, secondary, clearly, actors, encourage, promote, framing, exceptional, engaging, practice, relatively, unusual, accustomed, seeing, processions, ceremonies, understandable, appear, novel, extraordinary, undertaken, travelled, manner, observe, likely, countless, ascetics, spiritual, walkers, hospitality, gifts, normal, part, indian, seem, witnessing, receives, fascination, affection, aura, treatment, limited, alone, accompanying, gain, status, worshipped, tried, pet, hug, receive, great, celebrities, fact, either, photos, upload, lay, down, cloth, banana, offer, garlands, short, give, resembling, reception, immediately, arrived, publicly, enough, need, walks, necessary, israel, palestine, commented, dogs, custom, dismissed, essentially, instances, referred, merely, spoken, reverential, language, usually, kinds, opinions, circulated, widely, opposite, expected, serene, spiritually, uplifting, standing, pirith, temple, bells, ringing, devotees, gathered, respectfully, blessings, joy, devotion, next, place, interest, never, become, massive, event, receiving, intense, generating, continuous, discourse, requiring, security, resistance, obstacles, disruptions, faced, admirable, concluded, meaningful, exemplary, inspiring, success, truly, heartening, feels, compelled, say, done, sirs, sparsely, populated, coverage, portrayed, peacefully, harmlessly, accompanied, created, positive, emotional, among, viewers, readers, approached, towns, cities, common, filming, showing, support, taking, photographs, creating, tiktoks, applauding, warmly, welcoming, addition, several, pastors, attempted, engage, debates, endured, remarkable, calmness, restraint, continuing, steadily, briskly, interruption, frequently, noticed, opponents, confronted, directly, places, groups, along, holding, signs, posters, hell, openly, expressing, opposition, walked, past, engaged, during, 300, kilometre, across, particular, been, closely, observing, various, difficulties, encountered, while, travelling, alabama, mississippi, christians, active, influential, wednesday, bourgeois, made, economic, interests, scientific, artistic, views, likewise, morals, living, contradiction, proudhon, 1865, letter, johann, baptist, von, schweitzer, selected, works, frederick, engels, පාංතික, නායකත්වයක්, පසුපස, වැටීමටය, ධනේශ්වරය, මාක්ස්වාදී, විරෝධතාවන්, පන්තියක්, සදාචාරාත්මක, බුද්ධිමය, විද්, යාත්මක, කලාත්මක, ක්ෂේත්, රයකම, පැත්තකින්, අනෙක්, පැත්තෙන්, දෙපැත්තෙන්ම, විරුද්ධතාවන්, මාක්ස්, දිනෙන්, හැක්කේ, විරුද්ධතාය, ඒකී, පරස්පරතාවන්, වෙවෙන්, දිවි, තබා, අයටය, රමයේ, දල්වා, සිටින්නන්, උදා, මහතාගේ
Text of the page (random words):
alking for peace might appear novel or even extraordinary to sri lankans for this reason it seems many began to perceive these monks as celebrity monks or as somehow exceptional at the same time what also became apparent was a subtle narrative suggesting that these monks are different from ordinary sri lankan monks whether or not ordinary people consciously thought this is secondary what i observed more clearly was that certain political actors also appeared to encourage and promote this framing this became especially noticeable following the arrest of 22 monks at bandaranaike international airport in connection with narcotics related allegations some seemed eager to contrast that incident with these peace walking monks saying in effect look at the difference between those monks and these monks in the end however my feeling is that this peace walk too became drawn into politics that impression was reinforced when the president presented a sapling from the sacred jaya sri maha bodhi to venerable pannakara thero ultimately one is left wondering whether this walk was also being used to subtly project the idea that there exists another form of buddhism or another kind of monk different from what is commonly seen in sri lanka there also seemed to be an attempt whether intentional or not to suggest that these monks are somehow more peaceful or more refined than local monks if such impressions did arise then it is clear that this was less the doing of the monks themselves and more the result of others politicising their peace walk in the end what can perhaps be said about sri lanka is this almost anything that comes here eventually takes on a different form its original meaning gets distorted transformed into something else entirely even this peace walk seems to illustrate that pattern this is not necessarily because of anything these monks did but the real question remains whether the message they brought the idea they were trying to communicate was ultimately transmitted in the way they intended what we should really ask ourselves is why does this happen to almost everything that comes to sri lanka is it because of the country s politics is it because of the people or is it rooted more deeply in our social structure habits attitudes and cultural conditioning as venerable pannakara himself said at the end rather than simply breathing out of habit perhaps we should pause and reflect why is it that almost everything that arrives in sri lanka begins to function differently from its original intention why does it drift away from its initial meaning perhaps reflecting again on this peace walk might help us understand something about that marcus priyantha perera 29 04 26 posted by marcus priyantha perera at 23 13 1 comment email this blogthis share to x share to facebook share to pinterest එන්න අනිත් ය බටහිරයෙක් සේ විඳගන්න බටහිරට අනිත් යය අදාල නෑ බටහිරයන් අනිත් යය මෙනෙහි කරන්නෙත් නෑ ආගම් දර්ශන ලෙස ගොඩනැගිලා අනිත් ය ගැන මහා විශාල කියවීමක් ඉදිරිපත් කරන්නෙත් නෑ ඒ අයට ඒ අය ජීවත්වන පරිසරය විසින්ම අනිත් ය මෙනෙහි කරවනවා ඇතිවීම නැතිවීම කියා දෙනවා පැවැත්මේ පදනම ගැන දිනපතා සාක්ෂි සහිතව පෙන්වා දෙනවා හරියට මේ චෙරි මල් වගේ මේ චෙරි මල් පිපෙන්නේ ශීත කාලය අවසානයේ වසන්තයේ පළමු හිරු රැස් පොළොව මත පතිත වෙද්දීමයි බොහෝ ගස්වල කොළ පැහැති පත් ර මතුවෙන්නටත් පෙරයි මේ චෙරි මල් විකසිත වෙන්නේ හමේ පැහැයට හුරු සුදු රෝස වර්ණයෙන් පිපෙන අලංකාර රෝස චෙරි මල්වල සිනිදු ලැපැති රෝස පෙති සිහිල් සුළං රැල්ලකින් පවා පොකුරෙන් නිදහස්ව ඉගිලී ගිලිහී යනවා සැඩ සුළගේ හෝ මද පවනේ ඔහේ ඇදී යන එම රෝස චෙරි පෙතිවලින් සමහරක් පාරට වැටී කුණු දැල් මත වුවත් රමණීය දසුනක්ව ඇස් නිලංකාර කරනවා ඒත් ටික කලකින් පරවී හැකිලී පැකිලී පයට පෑගී අඳුරුවී කෙදිරිල්ලක්වත් නැතිව කොහේ ගියාදැයි හොයාගන්නටවත් නැති තරමට ඒ මෘදු පෙති පවා අතුරුදහන් වෙලා යනවා පෙති එසේ විසිර ගියත් චෙරි ගසේ රතුම රතු පාටට ගෙඩි හට ගන්නවා කොහේවත් නොහිටි කුරුළු රෑන් පිටින් පැමිණ එහි ඵල භුක්ති විඳිනවා රසාලිප්ත කළ චෙරිකාරක අමෘතය මෙන් භෝජන සංග් රහ රස ගල්වනවා මදය ඉවත් වූ ඇට කොහේ හෝ වැටෙනවා වැටී ඔහේ පැලවෙනවා ඊළඟට උදාවෙන ග් රීෂ්මයේදී මලුත් ගෙඩිත් නැති චෙරි ගස් ගිනිකාස්ථක අව්වට සිසිල දෙන තවත් එක් සෙවන සලසන වෘක්ෂයක් පමණක් බවට පත්වෙනවා ශ් රීෂ්මය ගෙවී එළඹෙන සරත් සමයේදී චෙරි ගසේ කොළ මල් වෙනවා නේක වර්ණ පැහැයෙන් පාට වූ පත් ර සරතේ මනරම බෙදාහදා ගන්නවා එහෙත් වැඩි කාලයක් එසේවත් පවතින්න බැරි වෙනවා ශීත කාලයේ මුල්ම සිත සුළඟෙන්ම කොළ වැටී යනවා කඳ පමණක් මළ කඳක්ව ඉතුරු වෙනවා එහෙත් ශීත සමය අවසන්ව පොළොව සිඹගන්නා පළමු උණුසුම් හිරු රැසින්ම ඒ මළ කඳන් පණ ගැල්වෙනවා ගහකොළ අතු විහිදා දලු කොළ මල් පුබුදනවා යළිත් වසන්තය උදාවෙනවා ඉතින් බටහිරයන්ට ඇතිවීම නැතිවීම නැවත ඇතිවීම අනිත් යය ගැන අලුතෙන් පසක් කර දෙන්න දෙයක් නැහැ ඒ අයගේ ස්වභාව සත්තාවම අවට පරිසරයම එය ඔවුන්ට නැවත නැවතත් පසක් කර දෙනවා අලුතින් උගන්වන දෙයක් නෑ ඒ අයට ඇතිවීම නැතිවීම අනිත් යය නැවත ඇතිවීම අවට පරිසරය විසින් සිය ජීවිත කාලය පුරාම නිරන්තරයෙන් පසක් කරලා දෙනවා ඇත්තටම අනිත් යය ඇතිවීම නැතිවීම පිළිබඳව කියාදෙන්න ඕනෑ වුණේ ආසියාවට විශේෂයෙන්ම සදාහරිත වනාන්තර ආශ් රිතව ජීවත්වූ හැමදාම එක පාට ඒ කොළ පාට පරිසරයක ජීවත්වූ හැමදාම ගහකොළ පලතුරු අඩුවක් නැතිව හට ගන්නා ඉන් සෑහී පිනවී සැනසිලිදායක ජීවන රටාවක ජීවත් වූ අපි වගේ රටවල මිනිසුන්ට තමයි අනිත් යය පිළිබඳව පසක් කර දෙන්න වුණේ ඒ නිසාම තමයි ආගම් දර්ශන ලෙස ගොඩනැගිලා අනිත් ය ගැන මහා විශාල කියවීමක් මේ කලාපවල ඉදිරිපත් වෙන්නේ බටහිරට අනිත් ය එහෙම අමුතුවෙන්ම පසක් කිරීමක් අවශ් ය වෙන්නේ නෑ ඒ අය ඒය දිගින් දිගටම තමන්ගේ ජීවිත කාලය පුරාම කාලාන්තරයක් තිස්සේ අත් දැක පසක් කරගත් සත් යයක් සියල්ල අනිත් යය සියල්ල වෙනස් වෙනවා ය ඇතිවීම නැතිවීම නැවත නැවත එකම චක් රයක් තුළ ගමන් කරනවා ය යන්න ඒ අයට අලුත් ධර්මයක්වත් අලුත් දාර්ශනික පදනමක්වත් නෙමේ ඒ අයට අවශ් ය වුණේ කොහොමද හරියටම මෙහෙම වෙන්නේ යන්න හොයාගන්න ඒ ගැන දැනගන්න ක් රමයක් ඉගැන්වීමක් දාර්ශනික පරිකල්පනයක් ඒ අයට අවශ් ය වුණේ ඒ අය දිනපතා තේරුම් ගන්නා සදාතනික සත් යය සියල්ල හරි කලට කිසියම් වූ එකීය ක් රමයක් හා විදිහක් තුළ සිදුවීම අවබෝධ කරගන්න ඉගැන්වීමක් ලෝකය පාලනය කරන සර්වබලධාරි එකම දෙවිකෙනෙක් පිළිබඳ සියල්ල එම දෙවියන්ගේ මැවීමක් ය උන්වහන්සේගෙන් තොර ආරම්භයකවත් අවසානයක්වත් නැති බව සියල්ල සර්වබලධාරි දෙවියන්වහන්සේගේ නිර්මිතයක් ය යන්න ඔවුන් තුළ තහවුරු වෙන්නේ ඔවුන් පසක් කරගත් ඇතිවීම නැතිවීම නැවත ඇතිවීම අනිත් ය පිටිපස ඇති මහා ජීව ගුණය හොයා යෑමේ පෙළඹීම තුළයි ගහකොළ හා අවට පරිසරය තුළින්ම අනිත් ය ජීවිත කාලය පුරාම අත්දකින ඔවුන්ට ලෝකය පාලනය කරන සියල්ල මවා වදාළ සියල්ල කලට වෙලාවට ලබා දෙන සියල්ලම ඉටු කරන සර්වබලධාරි දෙවි කෙනෙක් පිළිබඳ අදහස අනිත් යයට වඩා ඒ අයට ගැඹුරුයි බරපතලයි සර්වබලධාරි එකම දෙවි කෙනෙක් පිළිබඳ අදහස බටහිර තුළ වඩාත් තහවුරු වෙන්නේ වයිකින්වරුන්ගෙන්වත් ග් රීක රෝම දේව කතා වලින්වත් නෙමෙයි යුදෙව් ජනතාව ඔස්සේයි යුදෙව් ජනයාගේ චින්තයේ පදනම සර්වබලධාරි දෙවිකෙනෙක් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය යැයි බටහිරට මුලින්ම කියා දුන්නේත් ග් රීකයින්ම philo of alexandria යි ක් රි ව පළවෙනි සියවස වෙද්දීත් යුදෙව් ජනයා බටහිර විවිධ ප් රදේශ ආශ් රිතව ජීවත්වුණත් යුදෙව් ජනයාවත් යුදෙව් චින්තනවත් කවදාවත් බටහිරට ආකර්ෂණීය වුණේ නෑ ඒ අයට යුදෙව් ජීවන රටාව තුළ තිබූ එක්රැස් කිරීම පිළිබඳ ආශාව ඒවා ආයෝජනය කර නැවත නැවත තම ගොඩ තරකර ගැනීමේ යුදෙව් ආශාව සියල්ල ඇති නැතිවෙන අනිත් යය තුළ ජීවත්වූ බටහිරයන්ට යුදෙව් දේව පදනම ආකර්ෂණීය වුණේ නෑ එහෙත් බටහිරට ක් රිස්තියානි ධර්මය පැමිණීමත් සමඟ සර්වබලධාරි දෙවි කෙනෙක් පිළිබඳ මැවුම්කරුවෙක් පිළිබඳ පව් කමාව දෙන ගැලවීම පිළිබඳ ප් රේමය පිළිබඳ උගන්වන ජේසුස් ක් රිස්තුස් වහන්සේ පිළිබඳ අදහස වේගයෙන් මුල් බැස ගත්තා පමණක් නොවේ සියල්ල නිසි කලට හරියටම සිදුවන්නේ කෙසේ ද යන්න දැනගැනීමට බටහිරයන් තුල තිබූ කුතුහලයට නිශ්චිත පිළිතුරක් ලැබුණා ඉන් එහාට අනිත් යය පිළිබඳ අදහස බටහිරයන් අතර මතු කළේ සාහිත් යකරුවන් විශේෂයෙන් විලියම් වර්ඩ්ස්වර්ත්ලා william wordsworth ජෝන් කීට්ස්ලා john keats වැනි කවීන් ජෝන් කීට්ස්ගේ නයිටිංගේල් ode to a nightingale වැනි කවි වර්ඩ්ස්වර්ත්ගෙන් පසුව ගොඩනැගෙන බටහිර සාහිත් යය ඔස්සේ නැවත අනිත් යය impermanence පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුවෙන්න පටන් ගත්තා ඊළඟට ඒවට දාර්ශනික පදනම් හැදෙන්න පටන් ගත්තා විශේෂයෙන්ම නීට්ශේ friedrich nietzsche ගේ ඉගැන්වීම් everlasting coming to be ඔස්සේ බටහිර ගොඩනැගෙන දාර්ශනික විමසම් නැවතත් බ්ලූම්ස්බරි කණ්ඩායම bloomsbury group වැනි සාහිත් ය සංසද තුලින්ම ප් රතිනිර්මාණය වෙන්න ගත්තා බ්ලූම්ස්බරි කණ්ඩායම මතක් වුණාම අපට ලංකාවේ බැද්දේගම the village in the jungle ලියූ leonard woolf ව එයාගේ බිරිඳ virginia woolf ආදීන් ව මතක් වෙනවා එ අයත් බ්ලූම්ස්බරි කණ්ඩායමේ හිටපු අය විශේෂයෙන්ම leonard woolf ආදීන්ට ලංකාවේ බුදු දහම ඇසුරින්ම අනිත් ය පිළිබඳ හදාරන්න අවස්ථාවක් උදාවූ අය එහෙත් වර්ඩ්ස්වර්ත්ලාගේ ජෝන් කීට්ස්ලාගේ නීට්ශේලාගේ පමණක් නොමෙයි leonard woolfලාගේ බ්ලූම්ස්බරි කණ්ඩායමේ පවා අනිත් යය ගැන තේරුම් ගැනීම් බලන්න ඒවා අපේ බුද්ධාගමෙන් කියන ආශාව නැතිකර ගැනීමේ අනිත් ය පිළිබඳ පසක් කරගැනීම්ම නොමෙයි අනිත් යය වෙනස්ම විදිහකට හොයාගෙන යෑමක් වෙනත් කියවීමක් මට හිතෙන්නේ ඒ අය අනිත් ය දකින්නේත් එක්තරාකාරයක තවත් සුන්දරත්වයක් කියවීමේ මාර්ගයක් විදිහටයි නැතිනම් සතුට සැනසීම හොයාගෙන යන ක් රමයක් ලෙසයි නැතිනම් බටහිරයන් සිය වටාපිටාව තුළ අත්විඳින ඇතිවීම නැතිවීම නැවත ඇතිවීම අනිත් යය එම මොහොතේ ජීවිතය විඳීමේ ප් රයෝජනවත් පදනමක් ලෙස අවබෝධ කරගැනීමයි මේ චෙරි මල් උනත් අපට පසක් කරන්නේ එයයි එනම් ඇතිවීම නැතිවීම කෙසේ වෙතත් අනිත් ය යථාව වුවත් මේ මොහොතේ සුන්දරත්වය විඳගන්න ජීවිතය යනු එවැන්නක් යැයි අවබෝධ කරගැනීමක් එන්න බටහිරයෙක් සේ අනිත් ය විඳගන්න මාකස් ප් රියන්ත පෙරේරා 26 04 26 posted by marcus priyantha perera at 04 42 no comments email this blogthis share to x share to facebook share to pinterest sunday 26 april 2026 impermanence in the west beauty from cherry blossoms to keats and nietzsche impermanence is not something that the west needs to be taught westerners do not deliberately contemplate impermanence nor do they construct vast religious or philosophical systems to explain it the reason is that the environment in which they live in constantly reminds them of impermanence it shows arising and passing away offering daily tangible evidence of the nature of existence much like cherry blossoms cherry blossoms bloom at the end of winter just as the first warm rays of spring sunlight touch the earth even before most trees sprout green leaves these blossoms emerge in soft shades of white and pink their delicate petals are so light that even a gentle breeze can detach them sending them drifting away carried by soft winds or stronger gusts some petals fall onto roads or even onto gutters yet still create scenes of quiet beauty but before long they wither shrink are trampled underfoot fade into darkness and disappear so completely that no trace remains yet after the petals fall the cherry tree bears bright red fruit birds arrive in flocks to feast on them the fruit offers a richness of taste like a natural banquet the seeds once discarded fall somewhere and begin to grow again in summer the tree now without blossoms or fruit becomes simply a source of shade against the harsh sun in autumn its leaves turn into a display of colours spreading beauty once more but this too does not last long with the first cold winds of winter the leaves fall leaving behind only a bare trunk then as winter ends and the first warmth returns the seemingly lifeless tree awakens again branches spread buds emerge leaves and flowers bloom and spring returns once more for the west there is nothing new to be taught about arising passing away and arising again about impermanence their natural surroundings and environment continuously reveal it to them it is not something newly introduced but something they experience throughout their lives in contrast it was in asia that impermanence needed to be explicitly taught especially in regions with evergreen forests where the environment remains largely unchanged lush green and abundant year round people lived in comfort and continuity in such settings impermanence was less obvious and thus religions and philosophies arose to explain it in depth for westerners impermanence is not a new doctrine or philosophical foundation they have long observed that everything changes that things arise and pass away moving in cycles what they sought instead was an understanding of how and why this process happens a system a method a philosophical framework this search led to the idea of a single omnipotent god who governs the world everything was understood as his creation with neither beginning nor end existing outside him this belief deepened further with the spread of christianity offering answers about creation forgiveness salvation and love through jesus christ later the idea of impermanence re emerged in western thought through literature poets like william wordsworth and john keats explored it in new ways keats ode to a nightingale and later literary developments brought renewed attention to impermanence philosophers like friedrich nietzsche also contributed and discussions continued within literary circles such as the bloomsbury group including figures like leonard woolf and virginia woolf however their understanding of impermanence differs from that of buddhist thought which emphasises detachment from desire instead western perspectives often see impermanence as a way of appreciating beauty or as a path to happiness and fulfillment it becomes a means of embracing the present moment cherry blossoms embody this idea perfectly though they bloom and fall quickly their fleeting beauty teaches a simple truth regardless of impermanence life is to be experienced in the present moment come experience impermanence as a westerner would marcus priyantha perera 26 04 26 posted by marcus priyantha perera at 21 54 no comments email this blogthis share to x share to facebook share to pinterest thursday 23 april 2026 පාස්කු ඉරිදා ප් රහාරය ගැන ජාත් යන්තර වශයෙන් පිලිගත හැකි ස්වාධීන විමර්ශනක් අවශ් යයි හරි ඔය සියළු වාද විවාද දේශපාලන කතා අදහස් මතවාද ටිකකට පැත්තකට තියමුකෝ මෙතන ඉන්නවා අපිත් එක්ක එකට පන්ති ගිය එකට හැදුන බස් ස්ටෑන්ඩ් එකේ උකුළු මුකුළු ගාපු අපේ ඉස්කෝලවලට ආව එක එක වැඩවලට ආව ගිය ගමේ එකට හැදුන දන්න නොදන්න යාළු මිත් රයෝ ගුරුවරුන්ගේ දරුවෝ ඒ අයගේ පවුල්වල අය දෙමාපියෝ හරි අමාරුවෙන් ජීවිතය ගොඩනගාගෙන සිය දරු පවුල් හදාගත්ත මිනිස්සු මල් වගේ පෙපෙන පුංචි ළමයි පියවරින් පියවර ජීවිතයේ සාර්ථකත්වය හොයාගෙන ගිය මිනිස්සු ශ් රී ලංකාවේ සුන්දරත්වය දැන කියාගෙන ඒක බලන්න දරු පවුල් එක්ක නිවාඩුවට ලංකාවට ආව වෙනත් රටවල මිනිස්සු පාස්කු මංගල් යය සතුටින් ගතකරන්න හොද්ද මද ගින්නේ තියලා පල්ලි ආව මිනිස්සු easter brunch එක ගන්න හෝටල්වල අවන්හල්වලට ආව මිනිස්සු ඔය කවුරුත් සහරාන්ලාගේ ඊනියා ඉස්ලාමීය රාජ් යයක් වෙනුවෙන් බිලිවෙන්න ඕනෑ නෑ නේ එහෙම බිලිගන්න ඉඩ දෙන්නත් බෑ නේ සහරාන්ලා මෙහෙම දෙයකට ලෑස්වෙනවා කියලා දැන දැනත් ඇයි ශ් රී ලංකාවේ ආරක්ෂක අංශ ඔවුන්ව නවත්වන්න කටයුතු නොකළේ ප් රහාරය දැන දැනත් ඒක නවත්වන්න කටයුතු නොකළේ ඇයි මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා පල්ලිවලට හෝටල්වලට දැනුම් දුන්නා නම් එහෙම හරි මේක වළක්වන්න තිබුණේ එහෙමවත් නොකර වෙන්න දීලා බලන් හිටියා නේ ඒ ඇයි අපිට දැනගන්න ඕනෑ ඒ සත් යය නෙමෙයිද ඒ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ සත් යය මතුකරගෙන මේ විනාශය වළක්වාගන්න කටයුතු නොකළ සහ ඊට අනුබල දුන් අයට දඩුවම් දීමෙන් නෙමෙයිද ඇත්තටම පරීක්ෂණ සිදු කරන්න ඕනෑ මේ ප් රහාරය දැන දැනත් එය වළක්වාගන්න කටයුතු නොකළේ කවුද ඒ ඇයි කියන එක හොයන්න නේද ඒ ගැන අවධාරණය යොමු නොකර පාස්කු ප් රහාරය කියන්නේ එවකට පැවති ආණ්ඩුව පෙරලන්න කරපු කුමන්ත් රණයක් ද ඒ කුමන්ත් රණය මෙහෙයවූයේ රාජපක්ෂලා ඔවුන්ට බලයට එන්න ද සහරාන් පිටිපස්සේ හිටිය කවුද ඉංදියාවේ ඔත්තු සේවය මේ පිටුපස ඉන්නවා ද මේවා ද්විතීය තෘතිය පරීක්ෂණ ඒවාත් වෙන්න ඕනෑ ඒත් ඒ සියල්ලටම පළමුව පාස්කු ප් රහාරය ගැන දැන දැනත් එය වළක්වා නොගැනීමට කටයුතු කළේ කවුද ඒ ඇයි ඊට අනුබල දුන් අය ඉන්නවා ද ඒ කවුද ඒ ඇයි කියලා පරීක්ෂණයක් කරලා ඉන්න ඕනෑ ඒක ලංකාවේ කිසිම ආණ්ඩුවක් කරන්නේ නෑ මේ ආණ්ඩුව කරය...
|