Meta tags:
description= වෙනස් කෝණයකින් ලොව දකින්නට;
Headings (most frequently used words):
ලිපි, සුළු, කෝණය, පරණ, ප්, රවර්ග, පැමිණි, ගණන, ජනප්, රිය, blogroll, meta, රාමුවක, හිරනොවී, අප, සොයන්නේ, කවරක්ද,
Text of the page (most frequently used words):
#කවරක්ද (6), තුල (6), මිනිසුන් (5), සමාජ (5), this (4), wordpress (4), com (4), සුළු (4), කෝණය (4), අපගේ (4), අත් (4), යුත්තේ (4), සාධක (4), විය (4), වුවමනාවන් (4), දකින්නට (4), අධ් (4), log (3), ගෝත් (3), යුතු (3), නිදහස (3), වෙනුවෙන් (3), යන්න (3), විකාශනයේත් (3), නිදහසේ (3), මිනිස් (3), යුතුද (3), ඇති (3), වුවමනාව (3), සොයන්නේ (3), uncategorized (3), තරුණ (3), විද් (3), යාපනය (3), නම් (3), දෙනා (3), ඇත්ත (3), ලොව (3), පුදුම (3), රාමුවක (3), හිරනොවී (3), බවත් (3), site (2), required (2), comments (2), sign (2), subscribed (2), subscribe (2), account (2), කරන (2), සියළු (2), විදිවල (2), බන්ධන (2), දිය (2), කරගත (2), බැහැර (2), සංවාදයේ (2), ඇරඹුම (2), බිහිවීමේ (2), සිට (2), බිහි (2), එහි (2), වලට (2), යැයි (2), තුලද (2), හුදකලා (2), සමාකාර (2), වන්නේ (2), ඒවා (2), ලෝකය (2), ලක් (2), නොමැති (2), අතර (2), වීම (2), බවය (2), ආදි (2), භූගෝලීය (2), දැනුම (2), පදනම් (2), කුමක්ද (2), නොවන (2), posted (2), november (2), 2013 (2), අපේ (2), කිරීමටයි (2), කරන්නේ (2), තර්කානුකූල (2), වීමයි (2), නිසා (2), ඔබට (2), විශ්වාසය (2), භක්තිය (2), නැත (2), සහිත (2), වැඩි (2), සාමාන් (2), පෙළ (2), අපහසුය (2), දෙය (2), february (2), 2014 (2), feed (2), about (2), ලිපි (2), වෙනස් (2), කෝණයකින් (2), get, started, design, like, with, website, name, email, write, comment, loading, collapse, bar, manage, subscriptions, view, reader, report, content, privacy, already, have, now, blog, එනයින්, කතා, ඇරඹෙන්නේ, එකී, පදනම, එවන්, ලක්ෂයක, සිටයි, ඉඟි, සිටින්නේ, බවකි, වෙයි, විශ්වයේ, පෘථුවියේ, වීමේ, ජීවය, බිහිවීම, මිනිසාගේ, පරිණාමයේත්, යටත්, මිනිසා, නිදහස්, ජීවියෙකු, යුතුව, මෙකී, සීමාව, රගමනයේ, බාධාවේ, සීමාවද, සිතමු, බොහෝ, දාර්ශණික, හරයන්, සළකුණ, අවැසි, බවයි, විවිධ, සමාන, සලකුණ, අපහසුවෙන්, හඳුනමින්, ලඝු, රමිතීන්, රඳවා, දාර්ශණිකව, මැනුම්, වුන්, නිසාවෙන්, මට්ටම්, ත්වරණයට, වූවා, සේම, රැඳුනු, නතර, වුණු, සංඥා, දුම්රිය, තැඹිලි, කුරුම්බා, අලෙවිය, මෙන්, සමාජම, නොමිනිස්, සලකුණු, මතින්, රගමනය, මන්දනයට, කුලක, ආතතිය, තීව්, එසේම, පැවතිය, ඕනෑම, අයෙකු, වුවමනාවක්, තවත්, අයෙක්, පවතී, උත්සාහ, ගන්නේ, අවශ්, යතාව, විෂම, සළකුණු, සාපේක්ෂ, වන්නේය, ආර්ථික, පාරිසරික, මොහොත, විඳින්නා, සංවේදන, වයස, ගැහැණුද, පිරිමිද, රැකියාව, දන්නාවූ, නොදන්නා, වූඋ, භාෂාවන්, කුලය, වෙනත්, ලක්ෂණ, අදහන්නේ, විශ්වාස, අරක්, ගත්, ආගම්, දෙවිවරුන්, විෂමතා, කරුණු, මතය, ඔහු, ඔබද, මාද, අහවලා, හොයන්නේ, ඉදිරියට, ගෙන, හැක්කේ, ඔස්සේ, පමණි, උත්සාහය, එතැනින්, ගලවා, පරපුර, යාත්මක, යාථාර්තය, කරා, යොමු, දත්ත, සාක්ෂ්, නොමැතිව, යමක්, නොපිළිගන්නා, යෞවනයන්, මුවාවෙන්, නේක, විධ, සූත්තර, මගින්, පරපුරේ, මනස, විකෘති, බුද්ධිය, බලහත්කාරයෙන්, යටපත්, කරමිනි, අවාසනාවකට, සෑම, ශිෂ්ට, සම්පන්න, කියන, රටකම, ලක්ෂණය, දැකිය, හැකි, එමගින්, සිදු, ආරක්ෂාව, පිළිබඳ, අනියත, බියකින්, පෙළෙන, බුද්ධිමය, වශයෙන්, නොමේරු, පරපුරක්, බිය, නොව, හේතු, යමක්විශ්වාස, තර්කානුකූලව, පිළි, ගැනීම, රතික්ෂේප, කිරීම, හැකිය, නමුත්, ඔබේ, බුද්ධියෙන්, පලක්, අවුල්, සහගත, කරුණ, උගත්, යාපනයක්, අතුරින්ද, බොහෝමයක්, අතාර්කික, අවිචාරශීලී, වටපිටාව, ගුප්ත, විකාර, ඇදහිලි, රෝපණයට, කදිම, තෝතැන්නක්, දිළිඳු, බහුතරය, සමාජයේ, අපොස, දක්වා, වත්, නොවේ, සමත්, අතරින්ද, ගණිතය, යාව, ඉංග්, රීසි, අසමත්ය, එහෙත්, මතම, යැපෙමින්, අන්ධයන්, කටයුතු, කිරීමට, සූදානම්, ගවෙෂණාත්මක, රත්, යක්ෂ, වෙතට, පිවිසීමට, ගල්, ලෙන, බිඳ, ලෙන්, දොර, හරින්නට, යත්න, දරමු, come, out, soon, not, care, room, අන්ධයන්ගේ, රාජ්, යයක, ඇස්, පෙනෙන්නා, අන්ධයෙකි, සෙවීම, පෙනී, සිටීම, ඊටත්, ගැන, සොයා, බැලුවොත්, පසුපස, සරල, සත්, වැටහේ, ඇත්තටම, දෙයකි, අවිචාර, අනුග්, රාහකයන්, නොවී, තාර්කික, මිනිසෙක්, වෙන්නට, බලමු, හිතන, මතන, විදියේ, වෙනසකට, මුල, පුරමු, මුහුණට, මුහුණ, හමු, නොවුනත්, මෙතැනදී, හමුවන්නේ, වෙනුවෙනි, යමක, පිටින්, පෙනෙන, මෙන්ම, නොපෙනෙන, හොයන්නටද, කැමතිය, සිතන්නට, කියන්නට, මගක්, සොයමින්, සිටිමු, එතරම්, පහසු, දෙයක්, දනිමු, පැවසුවෙමු, entries, create, meta, කරළිය, කටු, සටහන්, විකල්ප, අමාවක, කතිකා, cult, රාමචන්ද්, රගේ, අඩවිය, බූන්දි, රිමාන, w3lanka, blogroll, ජනප්, රිය, 358, පැමිණි, ගණන, රවර්ග, පරණ, stay, updated, via, rss, home,
Text of the page (random words):
සුළු කෝණය වෙනස් කෝණයකින් ලොව දකින්නට home about සුළු කෝණය වෙනස් කෝණයකින් ලොව දකින්නට stay updated via rss පරණ ලිපි february 2014 1 november 2013 1 ප් රවර්ග uncategorized පැමිණි ගණන 358 යි ජනප් රිය ලිපි රාමුවක හිරනොවී අප සොයන්නේ කවරක්ද about blogroll w3lanka ත් රිමාන බූන්දි රාමචන්ද් රගේ අඩවිය cult කතිකා අමාවක විකල්ප කටු සටහන් ජන කරළිය meta create account log in entries feed comments feed wordpress com රාමුවක හිරනොවී posted february 6 2014 in uncategorized 0 නිදහස වෙනුවෙන් මිනිසුන් අත් කරගත යුත්තේ කවරක්ද බැහැර කළ යුත්තේ කවරක්ද යන්න අපගේ සංවාදයේ ඇරඹුම බවත් මිනිසුන් ගෝත් ර ගත කරන සියළු විදිවල බන්ධන දිය කළ යුතු බවත් අප පැවසුවෙමු එය එතරම් පහසු දෙයක් නොවන බවත් අප දනිමු රාමුවක හිරනොවී නිදහසේ සිතන්නට නිදහසේ කියන්නට මගක් අප සොයමින් සිටිමු යමක පිටින් පෙනෙන දෙය දකින්නට මෙන්ම නොපෙනෙන දෙය හොයන්නටද අප කැමතිය මුහුණට මුහුණ හමු නොවුනත් මෙතැනදී අප ඔබ හමුවන්නේ ඒ වෙනුවෙනි අප හිතන මතන විදියේ වෙනසකට මුල පුරමු අවිචාර අනුග් රාහකයන් නොවී තාර්කික මිනිසෙක් වෙන්නට බලමු ලොව පුදුම දේ ඇත ඒවා ගැන සොයා බැලුවොත් පුදුම දේ පසුපස ඇති සරල සත් ය වැටහේ ඇත්තටම ඇත්ත පුදුම දෙයකි ඇත්ත සෙවීම අපහසුය ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම ඊටත් අපහසුය අන්ධයන්ගේ රාජ් යයක ඇස් පෙනෙන්නා අන්ධයෙකි come out soon this is not a care room එහෙත් භක්තිය හා විශ්වාසය මතම යැපෙමින් අන්ධයන් සේ කටයුතු කිරීමට අප සූදානම් නැත ගවෙෂණාත්මක ප් රත් යක්ෂ දැනුම වෙතට පිවිසීමට ගල් ලෙන බිඳ ලෙන් දොර හරින්නට අප යත්න දරමු දිළිඳු මිනිසුන් බහුතරය සහිත අප සමාජයේ වැඩි දෙනා අපොස සාමාන් ය පෙළ දක්වා වත් අධ් යාපනය ලද අය නොවේ සාමාන් ය පෙළ සමත් අය අතරින්ද වැඩි දෙනා ගණිතය විද් යාව හෝ ඉංග් රීසි අසමත්ය අවුල් සහගත කරුණ නම් උගත් විද් යා අධ් යාපනයක් සහිත අය අතුරින්ද බොහෝමයක් දෙනා අතාර්කික අවිචාරශීලී අය වීමයි මේ සමාජ වටපිටාව ගුප්ත විකාර ඇදහිලි රෝපණයට කදිම තෝතැන්නක් වී ඇත බිය නිසා නොව හේතු සාධක ඇති නිසා ඔබ යමක්විශ්වාස කරන්නේ නම් ඔබට එය තර්කානුකූලව පිළි ගැනීම හෝ ප් රතික්ෂේප කිරීම කළ හැකිය නමුත් ඔබේ විශ්වාසය භක්තිය මත පදනම් වේ නම් ඔබට තර්කානුකූල බුද්ධියෙන් පලක් නැත අධ් යාපනය මුවාවෙන් නේක විධ සූත්තර මගින් තරුණ පරපුරේ මනස විකෘති කරන්නේ තර්කානුකූල බුද්ධිය බලහත්කාරයෙන් යටපත් කරමිනි අවාසනාවකට සෑම ශිෂ්ට සම්පන්න යැයි කියන රටකම අධ් යාපනය තුල මේ ලක්ෂණය දැකිය හැකි අතර එමගින් සිදු වන්නේ ආරක්ෂාව පිළිබඳ අනියත බියකින් පෙළෙන බුද්ධිමය වශයෙන් නොමේරු තරුණ පරපුරක් බිහි වීමයි අපේ උත්සාහය එතැනින් ගලවා තරුණ පරපුර විද් යාත්මක යාථාර්තය කරා යොමු කිරීමටයි දත්ත හා සාක්ෂ් ය නොමැතිව යමක් නොපිළිගන්නා යෞවනයන් කිරීමටයි අපේ රට ඉදිරියට ගෙන යා හැක්කේ ඒ මග ඔස්සේ පමණි අප සොයන්නේ කවරක්ද posted november 28 2013 in uncategorized 2 මම සොයන්නේ කුමක්ද ඔහු හෝ ඇය ඔබද මාද නොවන අහවලා හොයන්නේ කුමක්ද වුවමනාව සාපේක්ෂ වන්නේය සමාජ ආර්ථික ආදි වූ සාධක මත භූගෝලීය හා පාරිසරික සාධක මත මොහොත තුල අත් විඳින්නා වූ සංවේදන මත අපගේ දැනුම හා වයස මත ගැහැණුද පිරිමිද යන්න මත රැකියාව මත දන්නාවූ හා නොදන්නා වූඋ භාෂාවන් මත කුලය හෝ වෙනත් ලක්ෂණ මත අදහන්නේ හෝ විශ්වාස පදනම් වලට අරක් ගත් ආගම් හා දෙවිවරුන් මත භූගෝලීය විෂමතා මත ආදි වූ කරුණු මතය අප දකින්නට උත්සාහ ගන්නේ වුවමනාව අවශ් යතාව විෂම බවය එහි සමාකාර සළකුණු නොමැති බවය ඕනෑම අයෙකු තුල වුවමනාවක් ඇති වීම තවත් අයෙක් ගේ වුවමනාව වීම මත ලෝකය පවතී විවිධ මිනිස් වුවමනාවන් තුල සමාන සලකුණ අපහසුවෙන් හඳුනමින් ඒවා ලඝු ප් රමිතීන් මත රඳවා දාර්ශණිකව ලෝකය මැනුම් කළ වුන් නිසාවෙන් මිනිස් සමාජ මට්ටම් ත්වරණයට ලක් වූවා සේම මඟ රැඳුනු නතර වුණු හුදකලා වුවමනාවන් මත සංඥා නොමැති දුම්රිය තුල තැඹිලි කුරුම්බා අලෙවිය මෙන් සමාජම ය වුවමනාවන් තුල ගෝත් ර ගත කළ නොමිනිස් සලකුණු මතින් සමාජ ප් රගමනය මන්දනයට ලක් විය මේ කුලක අතර වන ආතතිය තීව් ර විය යුතුද අත් හළ යුතුද එසේම පැවතිය යුතුද බොහෝ දාර්ශණික හරයන් තුලද හුදකලා මිනිස් වුවමනාවන් තුලද වන සමාකාර සළකුණ වන්නේ නිදහස අවැසි බවයි විශ්වයේ බිහිවීමේ සිට විකාශනයේත් පෘථුවියේ බිහි වීමේ සිට විකාශනයේත් ජීවය බිහිවීම හා එහි විකාශනයේත් මිනිසාගේ බිහිවීමේ පරිණාමයේත් සාධක වලට යටත් ව මිනිසා නිදහස් ජීවියෙකු විය යුතුව ඇත මෙකී නිදහසේ සීමාව සමාජ ප් රගමනයේ බාධාවේ සීමාවද විය යුතු යැයි සිතමු නිදහස වෙනුවෙන් මිනිසුන් අත් කරගත යුත්තේ කවරක්ද බැහැර කළ යුත්තේ කවරක්ද යන්න අපගේ සංවාදයේ ඇරඹුම වෙයි අප ඉඟි කර සිටින්නේ මිනිසුන් ගෝත් ර ගත කරන සියළු විදිවල බන්ධන දිය කළ යුතු බවකි එනයින් අපගේ කතා බහ ඇරඹෙන්නේ එකී පදනම මත එවන් ලක්ෂයක සිටයි blog at wordpress com subscribe subscribed සුළු කෝණය sign me up already have a wordpress com account log in now privacy සුළු කෝණය subscribe subscribed sign up log in report this content view site in reader manage subscriptions collapse this bar loading comments write a comment email required name required website design a site like this with wordpress com get started
|