Meta tags:
keywords= Singhala stories, memory lane, gossip, funny jokes, funny stories, singhala funny stories, funtime, reading, sinhala, singhala, singala, sri lanka, srilankan, sri lankan, sirlanka, in sinhala, insingala, in singhala, Isuru, isuru, Sampath, sampath, colombo, village, town, hotel;
description= Isuru Sampath s stories from his memory lanes. Scribed in Singhala. Many blog stories which are mostly funny or have a lesson to be learned.;
description= මතක පොත, පොතෙන්, මතකයා, ශ්‍රී ලංකාව, රසවත්, අත්දැකීම්;
description= මතක පොත, පොතෙන්, මතකයා, ශ්‍රී ලංකාව, රසවත්, අත්දැකීම්;
Headings (most frequently used words):
මතක, 2012, sunday, june, බ්ලොග්, එඩිතර, ශර්ලොක්, භානුක, සහ, බයේ, දැඟලූ, වොට්සන්, කොටස, පොතෙන්, may, 19, 2013, wednesday, august, 15, saturday, 30, 24, පරණ, බ්ලොග්ස්, බැලූ, අය, ගණනින්, පොත, හා, එක්වූ, සහෘදයින්, පොතේ, මතකයා, ගැන, මේ, කුමටද, අලුතෙන්, එක්වන, පෝස්ට්, සිංඩි, අපේම, අයට, රට, එපාවීම, හෙවත්, බුද්ධිගලනය, දෙවන, පළමු, සාපයෙන්, මිදුනු, උතුරේ, මිනිස්සු,
Text of the page (most frequently used words):
මතකයා (31), නම් (26), භානුක (25), කියල (23), වෙලා (19), වගේ (18), අපි (16), ගිහින් (16), හරි (15), ගෙදර (15), ගැන (13), නිසා (12), share (12), තමා (12), ඇති (12), වෙන්න (12), කරල (12), මතක (11), වත් (11), ඇවිත් (11), වොට්සන් (11), #ශර්ලොක් (11), ගෑනු (11), වුනා (10), ආපහු (10), ඉන්න (10), හැටි (10), අපේ (9), නමුත් (9), කොහොම (9), භානුකයා (9), එහෙම (8), වුනේ (8), වුනත් (8), කියන (8), නැති (8), කතාව (8), ඇදගෙන (8), එකක් (8), එක්ක (7), 2012 (7), යන්න (7), රහස් (7), ගේට්ටුව (7), ටික (7), ඉතින් (7), යන්ත් (7), comments (6), නෙවෙයි (6), පුදුම (6), බලාගෙන (6), හරියට (6), ඉතාම (6), කෙනෙක් (6), මොන (6), අංකල් (6), විස්තර (6), දැන් (6), මේක (6), ළමා (6), ඡායාපිටපත් (6), this (5), කරන්න (5), තවත් (5), වැඩි (5), නැත්නම් (5), හොයාගෙන (5), june (5), සඳහා (5), පුංචි (5), දිවුල් (5), තිබුනු (5), වැඩ (5), ගිය (5), ගත්තා (5), තමයි (5), අතරෙ (5), දන්න (5), කියලා (5), පුලුවන් (5), නැහැ (5), තිබුනෙ (5), හිතේ (5), ඉන්නව (5), පරීක්ශක (5), පාරෙ (5), රස් (5), එන්න (5), යකෝ (5), කලින් (5), දොස්තර (5), අහගෙන (5), ආපු (5), මෙච්චර (5), නිවාසයක් (5), posts (4), මූට (4), කිසිම (4), දෙයක් (4), පොත (4), may (4), pinterest (4), facebook (4), blogthis (4), email (4), sunday (4), ඔවුන් (4), කෑල්ලක් (4), විදිහට (4), මිනිස්සු (4), කරන (4), නියම (4), දෙන්න (4), ටිකක් (4), දීල (4), තාමත් (4), යන්නෙ (4), පැත්තට (4), වැඩේ (4), නැතුව (4), නෑනෙ (4), කොහෙද (4), ඔක්කොම (4), කිව්ව (4), කලා (4), මාරු (4), හෝම්ස් (4), පොඩි (4), හැටියට (4), එන්නම් (4), මතකයාට (4), කතා (4), බැලුව (4), ගත්ත (4), දාල (4), එළියට (4), කාල (4), ලමයා (4), තරම් (4), කාන්තා (4), ඇයි (4), බලා (4), යනව (4), එතකොට (4), ලොකු (4), තල්ලු (4), අධ් (4), තරුණයා (4), බ්ලොග් (3), atom (3), කාටවත් (3), මේකා (3), august (3), අපේම (3), බුද්ධිගලනය (3), 2013 (3), ඕනෙ (3), ඔවුන්ගෙ (3), පුළුවන් (3), කියන්නෙ (3), තිබුනා (3), කරනව (3), හිටිය (3), ගන්න (3), දුන්න (3), පාඩමක් (3), මිනිස්සුන්ගෙන් (3), ඉගෙන (3), වැඩේට (3), පයින් (3), හැමෝම (3), ගෙවල් (3), මුළු (3), තමන්ගෙ (3), කරලා (3), තියෙන (3), අවුරුදු (3), වෙත (3), දවසක (3), බොරු (3), නිළ (3), නොළත් (3), මිනිහා (3), ආයෙත් (3), කියපු (3), වොට්සන්ට (3), බඩගිනියි (3), හම්මෝ (3), මතක් (3), එයා (3), ගේමක් (3), මෙන්න (3), හම්බ (3), ඔහොම (3), මිනිහ (3), කල්පනා (3), ඉන්නවා (3), ඉවර (3), පාර (3), දිගේ (3), ගියා (3), පෑනේ (3), හෙමිහිට (3), මාකොළ (3), භානුකයි (3), මතකයයි (3), නේද (3), භානුකගෙ (3), අහිංසක (3), කොටස (3), බීල (3), එච්චර (3), ඇඩ් (3), මූන (3), පටන් (3), ගුටි (3), දුවලා (3), ලමයි (3), ඉන්නවද (3), තියෙනව (3), බබාල (3), ළමයා (3), දුක් (3), විඳල (3), බස් (3), ආයතනයෙන් (3), පිටරට (3), theme (2), all (2), පිරිසක් (2), එකේ (2), වරදක් (2), වැදගත් (2), කරයි (2), ලිවීම (2), පොතේ (2), අයට (2), එපාවීම (2), හෙවත් (2), අපට (2), වැඩකරන (2), සංග් (2), හම්බවුනා (2), ගෙඩියක් (2), තියලා (2), පුටුව (2), පෙන්න (2), මොකද්ද (2), ගෙඩිය (2), මිසක් (2), ගත්තෙ (2), තමන්ට (2), එකතු (2), අසරණ (2), වැඩක් (2), කරනවා (2), ඉන්නෙ (2), නිමාව (2), කරන්නෙ (2), කවුරුත් (2), බලන් (2), නොයෙක් (2), පළාතට (2), පළතුරු (2), හප්පේ (2), දෙමළ (2), දන්නෙ (2), කීපයක් (2), ආවෙ (2), පිහිට (2), ලැබුනා (2), වඩා (2), අපිට (2), ලැබුනෙ (2), කපන්න (2), බදාම (2), එනකොට (2), ඉතුරු (2), අරන් (2), යුද්ධය (2), ඉඳන් (2), පටන්ගන්න (2), හැබයි (2), උතුරෙ (2), නිමා (2), සාමාන් (2), තත්ත්වය (2), saturday (2), දිග (2), වැඩියි (2), මාරක (2), හංදියේ (2), තක්බීර් (2), දෙන්නේ (2), හංදිය (2), පුතාල (2), චමින්ද (2), හොයන්නෙ (2), බලන්නකො (2), කටේ (2), උත්තර (2), එඩ් (2), තියෙන්නේ (2), ඉඳලා (2), පුතා (2), යාලුවාව (2), වුනාද (2), මනුස්සයෙක් (2), වෙනස් (2), රශ්ණ (2), අහන්න (2), කොහොමද (2), අහනව (2), පත්තරේ (2), බලියාගෙන (2), වෙනවද (2), එතන (2), හැරිලා (2), පාරක් (2), නිකං (2), මිතුරෙක් (2), යන්නේ (2), නිසාම (2), ඔන්න (2), කිට්ටු (2), නොම්මර (2), පාරවල් (2), වෙනකොට (2), වලින් (2), කාපු (2), වටපිට (2), මාට්ටු (2), නොවී (2), හොයාගන්න (2), කැමති (2), කියනවා (2), ළඟින් (2), තියෙන්නෙ (2), ලිපිනය (2), බුවා (2), කිරිබත්ගොඩ (2), මාකොළටම (2), ගහල (2), කතාවට (2), මචං (2), මතකයාව (2), විනෝදාංශයක් (2), පොතක් (2), කියවලා (2), භානුකයගෙ (2), විදිහෙ (2), කියවන (2), දන්නවනෙ (2), හාදයා (2), මේකත් (2), කතාවක්ම (2), අමාරුවට (2), බීලා (2), ගේට්ටුවක් (2), බඩගාපු (2), එඩිතර (2), බයේ (2), දැඟලූ (2), wednesday (2), එතනින් (2), කොහොමෙන් (2), අන්තිමේ (2), විතරයි (2), අම්මපා (2), වෙන (2), මතකය (2), මතකයගෙ (2), භයානක (2), චිත්තරූප (2), ලමය (2), සැක (2), ගහන (2), බේරගෙන (2), යමු (2), යමං (2), පස්සෙ (2), හොයමු (2), ලොකුම (2), රකුසු (2), ඒකට (2), සෑහෙන (2), දැම්ම (2), එල්ලිලා (2), පිස්සුද (2), ආයෙමත් (2), නතර (2), බලනව (2), ඉඳල (2), උඹට (2), බෝඩ් (2), දෙකක් (2), මොනවගේ (2), තැනක්ද (2), ගොඩක් (2), විද් (2), වයස් (2), දිහා (2), හෙමීට (2), සැකෙන් (2), චාමර (2), චාමිකර (2), යවනව (2), දාපු (2), යන්නෙන් (2), මතකයත් (2), ජනේලෙ (2), නංගි (2), ගෙයක් (2), මෙහෙ (2), එකක (2), තැන (2), කතාවෙ (2), චරිතය (2), රඟපානව (2), ඉවසල (2), සංවාදයකට (2), නිදහස් (2), යාපණය (2), නිසි (2), මනුස්සයට (2), කරද්දි (2), කරනවද (2), රටේ (2), එවුන් (2), පුහුණුව (2), ඇගයීමක් (2), ඔලුගෙඩි (2), අවශ් (2), රටට (2), එතුමා (2), තීරණය (2), ඔහු (2), ආයතනයක (2), සේවය (2), කලට (2), ජපානයේ (2), මව් (2), සමාගම (2), පුහුණු (2), කාලය (2), ආයතනයේ (2), මානව (2), සම්පත් (2), තියෙනවා (2), නඩත්තු (2), කටයුතු (2), පොතෙන් (2), simple, images, powered, blogger, luoman, work, licensed, under, creative, commons, attribution, noncommercial, noderivs, unported, license, කොත්තු, org, සිංඩි, අලුතෙන්, එක්වන, පෝස්ට්, මේව, ලියන්නේ, අපහාස, මුහුණදීපු, රසවත්, දුක්බර, සංවේදී, සංවාදාත්මක, බෙදා, හදා, ගන්නයි, පළවුනු, ලිපියක්, හිත්, රිදීමක්, වෙනවා, කලින්ම, එයාලගෙන්, සමාව, ඉල්ලනවා, කුමටද, කියාගත්තද, නැතැයි, බොහෝ, දෙනා, කියති, දවසෙන්, හරියක්, කොම්පියුටරය, ඉස්සරහට, කැමරා, කටුවක්, කැලෑ, වදී, එහෙමත්, මූගේ, ආදරණීය, ලොරිබාගේ, මලකඩ, හූරමින්, පොලිෂ්, මූගෙන්, සිදුවන, සේවයක්, ඇත්නම්, පමණකි, එක්වූ, සහෘදයින්, බැලූ, ගණනින්, february, march, april, පරණ, බ්ලොග්ස්, subscribe, home, older, පින්තූරය, ලබාදුන්, සුභාශ්, සහෝදරයාට, මතකයාගෙන්, නොවක්, තුති, සිවු, හෙළයටම, සතරවරම්, දෙවි, පිහිටයි, මොනවද, වැඩිහිටි, පිරිමින්ගෙන්, ඇහුවම, ඉල්ල්න්නේ, ඊලම්, රටෙන්, පොලිස්, බලතල, ඉල්ලුවෙ, වගාකටයුතු, වතුරත්, බීජ, පැලත්, පමණයි, වගාකරගෙන, කන්න, දැඩි, ආත්ම, විශ්වාසයකින්, ආත්මවිශ්වාසය, හෙට, දිනයේ, ඉසුරුමත්, කරවන්නට, ලාංකික, කාටත්, දිරියක්, වේවි, වැඩියෙන්ම, පැටියෙක්, ඇතුලු, පිරිස, තැනට, ගැට, රසක්, කට්ටිය, කාලා, පුටුවක්, දරුවො, බලන්නත්, සෙල්ලම්, කරන්නත්, අවට, ගැවසෙමින්, අතරින්, පුතෙක්, නඩේ, කෙනෙක්ට, ඇඟිල්ලෙන්, ඇනල, කියනව, තන්නි, වතූර, බෝතලේ, අතට, ගමන්, ඇහුව, ඔළුව, දෙපැත්තට, වනල, බබා, දිහාට, ඇඟිල්ල, දික්, එයාට, දරුවගෙ, වයසට, ආචාරශීලී, කමට, ඉල්ලගත්තා, විතරක්, හම්බවුනු, අනිත්, බෙදාගෙන, කනව, අත්දැකීමක්, පොතට, කරගත්ත, විදිහටම, හැම, ගමනකදිම, දුප්පත්, පාඩම්, තමන්, බොරුකරන, හොරට, කෙරිල්ලක්, ගත්තොත්, අනුන්, කියනකම්, තමන්ම, ඉදිරිපත්, වැඩක, වළක්, කැපුවත්, හරියටම, චතුරශ්, රයක්, අංශක, අනූවෙ, කෝණ, finishing, ආගමක්, භක්තියෙන්, හිටියා, සැළකිලි, ආවේණික, කුරුම්බා, පැපොල්, රසයි, වැස්ස, අඩු, එයාලට, සිංහල, වචනයක්, වචන, අතින්, කතාකරලා, වැඩවල, කිසි, අඩුපාඩුවක්, සහභාගි, වෙච්ච, සතුටින්, අසරනයින්ට, තරමින්, සන්තෝසෙන්, වෙනදට, කාර්යාලයෙ, මේසෙට, පුටුවට, හිරවෙලා, උන්නු, වුනු, සහෝදර, සහෝදරියන්ට, ලැබීම, සන්තෝශයට, පත්වුනා, බරවැඩට, හුරු, අතපය, කැපුන, සීරුනා, අත්වල, දියපට්ට, ආවා, පැමිනිලි, කලේ, රමදානෙට, සහභාගී, යාපෘතිය, යටතෙ, පනහකට, ගණනක්, හදන්න, ඒවායින්, කටත්, පුනරුත්ථාපනය, කරපු, සාමාජිකයින්ගෙ, පවුල්, වලට, බෙදාදෙන්න, වැසිකිළි, වලවල්, අත්තිවාරම්, වේයන්ගෙන්, ආරක්ශා, කරගන්න, රසායනික, තවරන්න, කොංක්, රීට්, අනන්න, බාසුන්නැහෙලට, ගඩොල්, ගෙනිහින්, ඇඟම, රිදෙනවා, අතපයේ, කෑලි, කරගැට, කොටි, අඩුපාඩු, බොහොමයි, හමුදාවෙ, සහෝදරයො, පඩියෙන්, සල්ලි, සමහර, තරුණයන්ට, බයිසිකල්, තිබුන, මිනිස්සුන්ට, හැමදේම, බිංදුවෙ, ජීවිත්, නැවත, ගොඩනඟන්න, හමුදාවෙන්, ඉටුකරන, මෙහෙය, රශංසනීය, නොකියා, බැහැ, සාමකාමී, ජීවිතයක්, ගතකරන්න, බලාපොරොත්තුව, තිහකටත්, කාලයක්, මිනිස්සුන්ව, පෙළපු, සාපලත්, ගානක්, ගතවෙලා, ගියත්, පළාත්, ජනතාවගෙ, ජීවිතය, කරා, එලඹෙමින්, පැහැබර, අනාගතයක්, දෑස්, දල්වා, පහුගිය, හඳුනන, යහලුවෙකුගෙ, ආයතනයකින්, යාපෘතියක, ස්වෙච්ඡා, සේවකයෙක්, මටත්, උතුරු, පිටුව, වෙන්, උතුරෙදි, ලැබුනු, අත්දැකීම්, බෙදාහදා, සාපයෙන්, මිදුනු, උතුරේ, ලබන, සතියේ, දෙවෙනි, කොටසේ, මරණ, බයෙන්, තැතිගත්, ලොමු, දැහැගැන්වෙන, රාමසේවකගෙන්, බේරී, කියවෙනවා, බලං, පළාතෙ, රාමසේවකද, නොදන්න, ටෝක්ස්, කතාවෙන්, ෆෝම්, වොට්සන්ව, කුනු, මාලු, දුවපි, මහන්සියි, මරණයක්, හ්ම්ම්, වෙන්නත්, ගියහම, ලමයෙක්, පල්ලෙහා, හන්දියට, දකුණු, පැත්තෙ, 8වෙනි, කෙළ, ඇවිදලා, එපාවෙලා, දෙනවා, වැරදිලාද, මනුස්සයගෙ, ලඟින්, ලඟට, අල්ලගත්තෙ, නැතෑ, අපිව, යද්දි, ගොඩවෙච්චි, ගෙදරකදි, තලත්තෑනි, හමුවුනා, වගේම, කිව්වම, ටිකක්වෙලා, දිගට, හරහට, හොයන්නේ, කාවද, මොකටද, අඳුනගත්තෙ, අරකද, මේකද, බොරුවක්, ගොතාගන්න, බැරි, තරමට, සංකීර්ණයි, වොට්සන්ගේ, සද්ද, වානා, වුනාට, ඇදබානවා, කෙප්ප, කොහෙන්, පාත්, රශ්න, මනුස්සයා, හංදියකින්, යන්තං, ශර්ලොක්වත්, ශේප්, ශර්ලොක්ට, වගක්, බලන්නම, ඕනය, අකමැත්තෙන්, නැතිකමටම, පස්සෙන්, අඩිපාරක්, තැපැල්, පියුන්, කවදාවත්, දුර, තේරුනු, හරවගන්න, පාරෙන්ම, එනවා, අමුතුම, නොම්මරයක්, හිතාගත්තෙ, ගැලපෙන, ලිපිනයේ, ගලපගන්න, දෙන්නා, මඟපෙන්වන්නන්ගෙ, කීම, අනුව, අතුරු, රධාන, පාරෙන්, හුඟක්, ඈතට, 122, කවද, ටකරන්ද, රයි, අහුවෙන්න, ඇත්ත, බුවාගෙ, කියන්න, කටට, මදිවට, නොම්මරේ, ලිපිනයෙ, තක්, වෙනකොටත්, හන්දිපත්, රුදාව, දෙන්නගෙ, සැලැස්ම, පාවිච්චි, විස්තරත්, වටපිටින්, බුවාට, දෙන්නත්, පයින්ම, ගෑටුවා, ගමනට, දෝලාව, කිව්වහේ, දැනුනෙ, ගමනත්, පැත්තකින්, කිරිබත්ගොඩින්, බැහැලා, ඇවිදගෙන, යනවා, කෙට්ටු, ඉතියෝපියාවෙන්, බෝලගෙඩියක්, මහතයි, මහත, හුලං, මහත්, දාමු, හරියන්න, තියෙද්දි, සාමන්, යපෙළ, මාවත්, රදර්ශණයකට, මංද, අටමගලයක්, අටවන්න, පහුවෙනකොට, කියපි, මගේ, පෙන්, පැල්, නෝන්ඩියක්, දුන්නා, රිටන්, දෙමුද, හොඳටම, ශුවර්, පෑනෙ, මිතුරා, ලියුමක, යවපු, නාගරාජයෙක්ව, භූමිතෙල්, බැදලා, හැරෙන, තැපෑලෙන්, එවන්න, කරව, පොත්, කියවීම, මේකනම්, උණක්, ගානටම, තිබිච්ච, නොකියවපු, කතාවක්, කරනකම්, මිනිහට, නින්ද, පරීක්ශකයෙක්, කොච්චර, ආසාවක්, තිබුනද, පාසල්, බෑග්, එකෙත්, උත්තල, කාචයකුයි, අඬුවක්, tweezers, පුලුන්, දාගෙන, කාලෙ, මහා, පරීක්ශකයන්ගෙ, උපකරණ, කවදත්, පරිප්පු, කෑවෙ, විනෝදාංශ, මිතුරන්ට, ලියුම්, නයි, ඇරියෙ, කියන්නම, හානියක්, පළමු, නිමි, භානුකයවත්, පව්, එනකං, අකමැත්තෙන්ම, එකඟ, රාමසෙවක, අංකල්ගෙ, යකා, ළඟට, දැක්කා, නයාට, අඳුකොළ, දැක්ක, කලොත්, ගහනවා, කණට, දත්කූරු, කකා, මාරුවෙන්න, මාරුවීමක්ද, ආයත්, එනව, යාලුවව, ඇවිදලත්, බරි, වුනානෙ, කමක්, අහගෙනම, ඔව්, බඩගිනියිලු, භානුකයාගෙ, රේක්, නෑනේ, බඩගිනි, හොයාගමු, බයන්, වෙව්ලන්න, ඇතිවෙච්ච, මතකයට, මැවිල, පේන්න, හිතිල, ගමේ, දෙන්නටම, හොඳට, නෙළන, පස්සේ, පොලීසියෙන්, කූඩුවට, දාන, නඩු, අහන, ගෙදරින්, යනහැටි, හමගහන, බෙරේකට, බන්දවල, ඒකටත්, කෝට්ටකින්, චිත්, රපටයක, රූපරාමු, පෙළක්, විනාසයක්ද, මොහොතක්, මෙතන, භානුකයාවත්, මෙතනින්, හිතන්, භානුකයටත්, තට්ටුවක්, වැරදි, යැවිල්ලක්ද, අතත්, ගසාදාලා, දිගටම, කමිස, කොලර්, එකෙන්, වෙලාවෙ, බයටම, මාර, ෆිට්, බලවත්, විරුද්ධතා, මැද, භානුකව, පාරට, ඇවිල්ල, යටත්, ආවම, තඩි, ඇදලා, වහල, රවපු, රැවිල්ල, මතකයගේ, ඇඟේ, මයිල්, ඉස්මයිල්, වෙනව, බැල්මකට, මරන්න, දෙන්නගෙම, හොයන්න, ලැබෙන්නේ, රවාගෙන, දාගෙනම, නොපෙනෙන, දුරට, භානුකයට, දෙහි, මැරෙන්නද, හදන්නෙ, දන්නවද, ළමනිවාසයක්, ළමයි, සෙට්, එකක්ම, ජනෙලෙ, හිටියෙ, උඹගෙ, යාලුව, ඕකෙ, දෙල්, වෙමු, හිටපං, ආයෙ, බලලා, වාසනාවට, ඉල්ලගෙන, කන්නද, කතාකරන්නත්, ඉස්සරහ, ගේට්ටුවට, උඩින්, අපලයක්ද, ඔච්චර, ඕනෙම, ගුටිකාල, වරෙන්කො, හිටි, තැනම, වෙලාවක්, පැත්ත, දුවගෙන, විකාර, එහෙනං, බුවාව, හොයාගෙනම, ඔයවෙලාවෙ, පැනීම, සංසිද්ධිය, හිටපන්, ගමෙන්ම, පොලිසියෙනුත්, මදිපාඩුවට, ගෙදරිනුත්, කාපන්, ඒත්, මදිනම්, කියපන්, මමත්, ගහන්නම්, වචනයෙන්, දැකපු, මීටරේ, ගාල, වැඩකරන්න, බාලිකා, යාලයක්ද, බුදු, අම්මෝ, ඒකනේ, අනවසරෙන්, ඇතුල්වෙලා, නිවාසයකටද, මතකයාගෙ, එකපාරටම, පරාණ, බයක්, ඇතිවුනේ, කතාකරපු, දැක්කම, මූනෙ, සැකයයි, කෙන්තියයි, බේරෙනව, බලාඉන්න, එලියට, කතාකරන්නේ, හරිම, හිතෙන්නෙ, නැද්ද, කොල්ලො, දෙන්නෙක්, අහනකොට, හම්මපා, කමකට, මූව, පාර්ලිමේන්තුවට, ඇරෙන්න, ටොම්, හැකියාවෙන්, රයොජනයක්, ඉන්දැද්දි, ලමයගෙ, පිරෙනව, ඇහෙන, නමක්, ගානෙ, සම්පූර්ණයෙන්, ඇරල, ගෙට්ටුව, දිහාත්, කෙරීගෙන, ලෝකෙ, කියකියා, හිතලා, තිබුනේ, භානුකට, ඉක්මනට, ඇන්ටනාව, කරකවලා, දැක්කෙ, ජනේලෙන්, ජනෙල්, කූරු, එල්ලීගෙන, චූටිම, චූටි, මධ්, රමානෙ, හැට, හුටාහමාරක්, හුටා, මොකද, යාලුවෙක්ගෙ, හොයනව, චන්දන, චමින්දලගෙ, ගෙදරද, විසාල, ගෙට්ටුවක්, sliding, හෙන, ගෙමක්, කරගත්තා, ඉවරයක්, මනුස්සයෙකුට, ඇතුල්වෙන්න, ලොරියක්, වත්තට, දාන්න, වෙනකම්ම, අරින්නෙ, වෙඩින්, එකකටද, නවත්තලා, බෙල්, ගැහැව්ව, ගෙයි, ඇතුලෙන්, ළමයෙක්, දක්ශ, හින්ද, රාමසේවක, අංකල්ගෙන්, වොට්සන්වත්, ඇදනෙග, දුවනවා, ඇන්ටිලෝප්, සතෙක්, කරත්තයක්, ඇදෙගන, එම්, ඩබ්ලිව්, කාර්, එස්, සිස්ටම්, වොට්සන්ගෙ, කියෙව්වෙ, පළවෙනි, දෙවන, කලබලෙන්, ලිව්වෙ, බැරිම, බුද්ධිමත්, විවෘතයි, නොමිළයේ, ලැබූ, දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතීඥයො, කාර්මිකයො, ගුරුවරු, කොටසක්, එයාලගෙ, දක්ෂකම, කැපවීම, බලපෑව, ලබපු, යාපනයෙන්, සමාජයට, පිරිසට, සමාජයෙන්, ලැබිය, යුතු, ගෞරවය, ලැබෙනවද, බලමු, නිකමට, හිතුවොත්, පෞද්ගලික, ගමනක්, වරයෙක්, එකෙ, කොන්දොස්තර, උසස්පෙළ, පාස්, වෛද්, යාලෙ, අවුරුද්දක්, දුශ්කර, සේවයත්, මනුස්සයෙක්ය, මොකවත්, එකට, නඟින, කොයි, නම්බුවක්, ඇතුව, බාල, තැන්වලට, පත්වෙනකොට, ඉගෙනගත්තු, දුවන, අහන්නත්, දෙයක්ද, ඉහත, ලියපු, තුළ, තියනව, පුහුණුවට, යැව්ව, තරුණයගෙ, දක්ෂකමට, ලැබුනේ, මුදලින්ම, බිහිකරන, ෆැක්ටරියක්, ඉංදියානුවන්, කීයක්, කරගෙන, යන්නම, එන්නම, බුද්ධිමතුන්, පිරිසකට, එපාවෙන්න, මොකක්, තියෙන්න, migrating, ලෝකයටම, හොඳ, කිව්වෙ, සුළභව, දකින, නිසයි, විශ්වවිද්, යාලයෙ, ගත්තු, බැචාල, ගෙන්, ලංකාවේ, අතේ, ඇඟිලි, ගණනටත්, අඩුවෙන්, දිනෙන්, දිනම, යකරන, මොළගෙඩි, අපෙන්, අත්හැරෙන්නේ, හොයල, නොබලන්නේ, පලයව්, අතහැරල, පෝසත්ද, උත්සාහ, ඔහුගේ, ඔහුව, නවත්තගන්න, රමාද, වෙනත්, ඉවරයි, සේවකයන්, පාඨමාලා, තරුණයත්, පාඨමාලාවක්, මාස, කිහිපයකට, යවල, අති, සාර්ථකව, නියමිත, අවසානයේ, තරුණය, ලංකාවට, එන්නේ, පිළිබඳව, ලංකාවෙ, දක්ශතමයා, තරුණයාට, සැලකිල්ලක්, පරන, තත්ත්වයම, ඊරිසියාකාරයන්ගෙනුත්, කෙනෙහිලිකම්, වැඩිවුනා, දවසකින්, ඉල්ලා, අස්වීමේ, ලිපියත්, අරගෙන, ආයතනයෙ, කලමනාකාරතුමා, හමුවෙලා, එක්තරා, තරුණයෙක්, ආයතනයට, සහයකයෙක්, ලෙස, සේවයට, පත්, දිළිඳු, තරම්ම, අහිංසකයෙක්, උනන්දුවෙන්, අලුත්වැඩියාව, අනෙත්, නිකරුනේ, රවල, තාක්ශණික, අත්පොත්, technical, manuals, රූපසටහන්, schematic, diagrams, යයනය, අළුත්වැඩියා, දක්ශයෙක්, කලක්, ගතවෙද්දි, ආයතනයෙන්ම, අළුත්වැඩියාවට, දක්ශතම, දරාපු, කෙනා, බවට, පත්වෙන්න, සමත්, ඇහුවෙ, උගන්නපු, ආචාර්, යවරයෙකුගෙන්, රසිද්ධ, කලමනාකරුවෙක්, විදිහටත්, ආයතනය, photocopy, machine, ගෙන්වා, බෙදාහරින, ආයතනයක්, දන්නවානේ, service, කලයුතුයි, කර්මික, පිරිසකුත්, දීර්ඝ, ආරම්භයක්, පොස්ටුව, කොටස්, ඒවි, ජීවන, කතාවෙහි, ඇසූ, දුටු, විඳි, සටහන්,
Text of the page (random words):
ොකු වරදක් තියෙන්න ඕන නේද ඉහත ලියපු කතාව තුළ වැදගත් පාඩමක් තියනව ආයතනයෙන් පිටරට පුහුණුවට යැව්ව තමයි නමුත් පුහුණුව ඉවර කරල ආපු ඒ තරුණයගෙ දක්ෂකමට නිසි ඇගයීමක් ලැබුනේ නෑ ඇගයීමක් මුදලින්ම වෙන්න ඕන නෑ නොමිළයේ නිදහස් අධ් යාපණය දුන්න තමයි නමුත් නිදහස් අධ් යාපණය ලැබූ හැමෝම දොස්තරලා ඉංජිනේරුවෝ නීතීඥයො කාර්මිකයො ගුරුවරු වුනේ නෑනෙ එහෙම වුනේ කොටසක් විතරයි ඒකට එයාලගෙ දක්ෂකම කැපවීම බලපෑව ඉතින් දුක් විඳල ලබපු අධ් යාපනයෙන් පස්සෙ සමාජයට ගිය මේ පිරිසට සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවද කියන එක කල්පනා කරල බලමු නිකමට හිතුවොත් පෞද්ගලික බස් එකක ගමනක් යනව කියල දොස්තර වරයෙක් බස් එකෙ කොන්දොස්තර මේ මනුස්සයට කතා කරද්දි කල්පනා කරනවද මේ යන්නේ දුක් විඳල උසස්පෙළ පාස් කරල අවුරුදු 5 6 වෛද් ය විද් යාලෙ දුක් විඳල තවත් අවුරුද්දක් දෙකක් දුශ්කර සේවයත් කරල ආපු මනුස්සයෙක්ය කියල මොකවත් ඕනෙ නෑ බස් එකට නඟින කොයි මනුස්සයට වත් නම්බුවක් ඇතුව කතා කරනවද ඉතින් ඔය වගේ අය බාල මිනිස්සු රටේ ලොකු ලොකු තැන්වලට පත්වෙනකොට ඉගෙනගත්තු එවුන් මේ රට දාල දුවන එක අහන්නත් දෙයක්ද කලබලෙන් හරි මේ ටික ලිව්වෙ ඉවසල ඉවසල බැරිම තැන බුද්ධිමත් සංවාදයකට විවෘතයි at sunday may 19 2013 3 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday august 15 2012 එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් දෙවන කොටස භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා මේකත් එයා ගැන කතාවක්ම තමා මේ කතාවෙ භානුක ශර්ලොක් හෝම්ස් ගෙ චරිතය රඟපානව මතකයා දොස්තර වොට්සන්ගෙ චරිතය රඟපානව මේ කතාවෙ පළවෙනි කොටස කියෙව්වෙ නැත්නම් ඒක කියවලා ඉන්න මාරක හංදියේ නිළ නොළත් ග් රාමසේවක අංකල්ගෙන් විස්තර අහගෙන භානුකයා වොට්සන්වත් ඇදනෙග දුවනවා හරියට ඇන්ටිලෝප් සතෙක් කරත්තයක් ඇදෙගන යනව වගේ ඉතින් භානුකයා බී එම් ඩබ්ලිව් කාර් එකක ජී පී එස් සිස්ටම් එකක් වගේ ගෙවල් හොයන්නෙ ඔහොම දුවලා දුවලා ගිහින් කියපු තැන නතර වුනා විසාල ගෙට්ටුවක් දාපු ගෙයක් එතන තිබුනෙ ගේට්ටුව තල්ලු කරන විදිහෙ sliding සෑහෙන බර එකක් හෙන ගෙමක් දීල ඒක තල්ලු කරගත්තා භානුකයා ගේට්ටුව තල්ලු කරනව ඉවරයක් නෑ මනුස්සයෙකුට ඇතුල්වෙන්න නෙවෙයි ලොරියක් වත්තට දාන්න තරම් වෙනකම්ම මේකා ගේට්ටුව තල්ලු කලා යකෝ පයින් ආවෙ ඕක අරින්නෙ මොන වෙඩින් එකකටද ඒ පාර භානුකයා ඒක නවත්තලා ගෙදර පැත්තට යන්න ගත්තා ගිහින් බෙල් එක ගැහැව්ව ගෙයි ඇතුලෙන් ගෑනු ළමයෙක් එළියට ඇවිත් විස්තර අහන්න පටන් ගත්ත වොට්සන් බොරු කියන වැඩේට එච්චර දක්ශ නැති හින්ද භානුක තමා උත්තර දෙන්නේ භානුක නංගි මේක චමින්දලගෙ ගෙදරද ගෑනු ළමයා නැහැ මෙහෙ එහෙම කෙනෙක් නෑ භානුක නංගි අපි මේ යාලුවෙක්ගෙ ගෙයක් හොයනව එතකොට මෙහෙ චන්දන කියල කෙනෙක් ඉන්නවද ගෑනු ළමයා නැහැ භානුක චාමර කියල ගෑනු ළමයා නැහැ භානුක චාමිකර කියල ඔය විදිහට කතාව කෙරීගෙන යනව භානුකයා මේ ලෝකෙ ච යන්නෙන් පටන්ගන්න නම් ඔක්කොම කියකියා අහනව එහෙම කෙනෙක් ඒ ගෙදර ඉන්නවද කියල හම්මෝ ච යන්නෙන් එච්චර නම් තියෙනව කියල මතකයා නම් හිතලා වත් තිබුනේ නෑ භානුකට මේ නම් මෙච්චර ඉක්මනට කොහොම මතක් වෙනවද කියල මතකයා කට බලියාගෙන බලාගෙන හිටිය ඔය අතරෙ මතකයත් හෙමීට ඇන්ටනාව කරකවලා බැලුව මේ මොනවගේ තැනක්ද කියල එතකොට තමා දැක්කෙ ගෙදර ජනේලෙ ඒ ජනේලෙන් එක එක වයස් වල ගෑනු ලමයි බලාගෙන ඉන්නව ජනෙල් කූරු වල එල්ලීගෙන චූටිම චූටි බබාල ලොකුම ලොකු බබාල මධ් යම ප් රමානෙ බබාල හැට හුටාහමාරක් ජනේලෙ එල්ලිලා බලන් ඉන්නව හුටා මේ මොකද කියල මතකයත් තක්බීර් වෙලා බලා ඉන්නව පුදුම වෙලා බලාඉන්න මතකයා හෙමීට අර කතා කරන්න එලියට ආපු ගෑනු ලමයා දිහා බැලුව ඒ ලමයා දැන් කතාකරන්නේ හරිම සැකෙන් සැක හිතෙන්නෙ නැද්ද කොල්ලො දෙන්නෙක් ඇවිත් චමින්ද චාමර චාමිකර චා ඔක්කොම ඒ ගෙදර ඉන්නවද කියල අහනකොට හම්මපා මේ භානුකයගෙ රහස් පරීක්ශක කම කිසිම කමකට නෑ මූව පාර්ලිමේන්තුවට යවනව ඇරෙන්න මේ ටොම් පච කියන හැකියාවෙන් වෙන ප් රයොජනයක් ගන්න නම් බෑ බලා ඉන්දැද්දි අර ගෑනු ලමයගෙ මූන සැකෙන් පිරෙනව ඇහෙන නමක් ගානෙ ඒ අතරෙ ඒ ලමයා සම්පූර්ණයෙන් ඇරල දාපු ගෙට්ටුව දිහාත් බලනව මේක දැකපු මතකයගෙ මීටරේ හෝ ගාල වැඩකරන්න පටන් ගත්ත මේ මොනවගේ තැනක්ද ඇයි මේ තරම් ලමයි ගොඩක් මේක බාලිකා විද් යාලයක්ද කාන්තා ළමා නිවාසයක් බුදු අම්මෝ මේක කාන්තා ළමා නිවාසයක් වෙන්න ඇති ඒකනේ මේ එක එක වයස් වල ලමයි ගොඩක් එතකොට භානුකයි මතකයයි මේ අනවසරෙන් ඇතුල්වෙලා තියෙන්නෙ කාන්තා ළමා නිවාසයකටද මතකයාගෙ හිතේ එකපාරටම පරාණ බයක් ඇතිවුනේ අර කතාකරපු ගෑනු ලමය දැන් භානුකයි මතකයයි දිහා බලා ඉන්න හැටි දැක්කම ඒ මූනෙ සැකයයි කෙන්තියයි බේරෙනව ඒ අතරෙ මතකය බයන් වෙව්ලන්න ගත්තෙ මතකයගෙ හිතේ ඇතිවෙච්ච භයානක චිත්තරූප නිසා මතකයට මැවිල පේන්න ගත්ත අර ගෑනු ලමය සැක හිතිල කෑ ගහන හැටි ගමේ මිනිස්සු ඇවිත් දෙන්නටම හොඳට නෙළන හැටි ඊට පස්සේ පොලීසියෙන් එන හැටි අරන් ගිහින් කූඩුවට දාන හැටි නඩු අහන හැටි ගෙදරින් ඇවිත් ඇප දීල බේරගෙන යනහැටි ගෙදර ගිහින් මතකයාව හමගහන හැටි ඒ හම බෙරේකට බන්දවල ඒකටත් කෝට්ටකින් ගහන හැටි හරියට චිත් රපටයක රූපරාමු පෙළක් වගේ මොන විනාසයක්ද මේ මතකයාට නම් තව මොහොතක් වත් මෙතන ඉන්න බෑ භානුකයාවත් ඇදගෙන මෙතනින් මාරු වෙන්න හිතන් හෙමිහිට භානුකයටත් තට්ටුවක් දාල මචං අපි යමු මේ ඇඩ් රස් එක වැරදි ඇති කියලා ඇදගෙන යන්න බැලුව කොහෙද මොන යැවිල්ලක්ද මූ අතත් ගසාදාලා දිගටම කතාව යකෝ මට බඩගිනියි යමං පස්සෙ ඇවිත් මේක හොයමු කියල මතකය භානුකගෙ කමිස කොලර් එකෙන් ඇදගෙන එළියට ආව ඒ වෙලාවෙ බයටම මතකයාට මාර ෆිට් එකක් ඇවිත් තිබුනෙ භානුකගෙ බලවත් විරුද්ධතා මැද වුනත් මතකයා කොහොම හරි භානුකව පාරට ඇදගෙන ආව ඇවිත් පුලුවන් ලොකුම රකුසු මූන දාල මට බඩගිනියි යකෝ කාල ඇවිල්ල හොයමු කිව්ව ඒකට අන්තිමේ භානුක යටත් වුනේ අපි එළියට ආවම අර ගෑනු ලමයා සෑහෙන ගේමක් දීල තඩි ගේට්ටුව ඇදලා වහල දැම්ම එය රවපු රැවිල්ල මතක් වෙනකොට තාමත් මතකයගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව බැල්මකට මනුස්සයෙක් මරන්න පුලුවන් නම් අපි දෙන්නගෙම කෑල්ලක් වත් හොයන්න ලැබෙන්නේ නෑ මතකයා රවාගෙන රකුසු මූන දාගෙනම ගෙදර නොපෙනෙන තරම් දුරට ගිහින් භානුකයට දෙහි කපන්න පටන් ගත්ත යකෝ ගුටි කාල මැරෙන්නද හදන්නෙ උඹ දන්නවද ඒක කාන්තා ළමනිවාසයක් ද කොහෙද භානුක නෑ උඹ කොහොමද දන්නෙ මතකයා ඇයි බං අර ගෑනු ළමයි සෙට් එකක්ම ජනෙලෙ එල්ලිලා හිටියෙ උඹගෙ යාලුව ඕකෙ ඉන්න බෑ වැඩේ දෙල් වෙන්න කලින් මාරු වෙමු භානුක ඔහොම හිටපං මම ආයෙ ගිහින් බලලා එන්නම් එක ළමා නිවාසයක් ද කියල මූට පිස්සුද පන බේරගෙන එන්න ලැබුනෙ වාසනාවට දැන් ආයෙමත් යන්නෙ ඉල්ලගෙන කන්නද මතකයා කතාකරන්නත් කලින් භානුක ආයෙමත් අර ගෙදර පැත්තට දුවලා ගේට්ටුව ඉස්සරහ නතර වෙලා ගේට්ටුවට උඩින් වටපිට බලනව මූට නම් අපලයක්ද කොහෙද ඔච්චර ඕනෙම නම් ගුටිකාල වරෙන්කො කියල මතකයා හිටි තැනම හිටිය ටික වෙලාවක් ගෙවල් පැත්ත බල බලා ඉඳල මූ ආපහු දුවගෙන ආව භානුක උඹට විකාර බං ඒක ළමා නිවාසයක් වෙන්න බෑ බෝඩ් එකක් වත් ගහල නෑ මතකයා එහෙනං බෝඩ් නැති ළමා නිවාසයක් වෙන්න ඇති මට නම් දැන් ඇති වෙලා මේ වැඩේ යමං ගෙදර භානුක පිස්සුද බං මෙච්චර ආව එකේ බුවාව හොයාගෙනම යමු ඔන්න ඔයවෙලාවෙ තමා මතකයාට මල පැනීම කියන සංසිද්ධිය වුනේ මතකයා උඹට ඕනෙ නම් හිටපන් මම යනව උඹ ඉඳල ගමෙන්ම ගුටි කාල පොලිසියෙනුත් කාල මදිපාඩුවට ගෙදරිනුත් ගුටි කාපන් ඒත් මදිනම් කියපන් මමත් ඇවිත් පාරක් දෙකක් ගහන්නම් මතකයා තමන්ගෙ භයානක චිත්තරූප ටික වචනයෙන් එළියට දැම්ම කොහොමෙන් කොහොමෙන් හරි භානුකයා අන්තිමේ අකමැත්තෙන්ම එකඟ වුනා ගෙදර යන්න ආපහු එන්න තියෙන්නේ අර නිළ නොළත් ග් රාමසෙවක නි නො ග් රා අංකල්ගෙ ගේ ළඟින් එනකොට මෙන්න ඉන්නවා මේ යකා ගේට්ටුව ළඟට වෙලා ඒක දැක්කා විතරයි මතකයාට නම් නයාට අඳුකොළ දැක්ක වගේ අම්මපා බුවා එච්චර උස නැත්නම් කතා කලොත් ගහනවා කණට මතකයා දත්කූරු කකා මාරුවෙන්න බැලුව එතනින් මොන මාරුවීමක්ද මේ මිනිහා ආයත් කතාවට එනව ඈ පුතා යාලුවව හම්බ වුනාද භානුක නෑනෙ අංකල් බලන්නකො මෙච්චර ඇවිදලත් හොයාගන්න බරි වුනානෙ නි නො ග් රා කෝ ඉතින් පුතාල හරියට ඇඩ් රස් එක අහගෙන නෑනෙ මතකයා කමක් නෑ අංකල් අපි වෙන දවසක ඇඩ් රස් එක අහගෙනම එන්නම් භානුක ඔව් අංකල් මෙන්න මූට බඩගිනියිලු නෙ අපි ගිහින් එන්නම් අම්මපා මේ භානුකයාගෙ කටේ බ් රේක් නෑනේ නි නො ග් රා බඩගිනි නම් තේ එකක් එහෙම බීල එන්න අපි කොහොම හරි යාලුවාව හොයාගමු හරි අංකල් අපි ගිහින් තේ බීල එන්නම් කියල මතකයා භානුකයවත් ඇදගෙන එතනින් මාරු වුනා පව් ඒ අංකල් අපි තේ බීල එනකං බලාගෙන ඇති නේද නිමි at wednesday august 15 2012 4 comments email this blogthis share to x share to facebook share to pinterest saturday june 30 2012 එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් පළමු කොටස භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා මේකත් එයා ගැන කතාවක්ම තමා භානුකයගෙ කවදත් තිබුනෙ අහිංසක වැඩ අහිංසක කම වැඩි නිසාම තමා කාපු පරිප්පු ඔක්කොම කෑවෙ විනෝදාංශ වුනත් අහිංසක විදිහෙ ඒව ඒ අතරෙ තිබුනු එක විනෝදාංශයක් තමයි පෑනේ මිතුරන්ට ලිවීම ඉතින් මූ ඔය ලියුම් වල පොඩි පොඩි නයි ඇරියෙ නෑ කියන්නම බෑ නමුත් කාටවත් හානියක් නෑ නෙ තවත් විනෝදාංශයක් තමා රහස් පරීක්ශක පොත් කියවීම මේකනම් උණක් ගානටම තිබිච්ච දෙයක් මතකයා දන්න හැටියට භානුක නොකියවපු ශර්ලොක් හෝම්ස් පොතක් නැතුව ඇති මොන කතාවක් වුනත් රහස් පරීක්ශක පොතක් නම් කියවලා ඉවර කරනකම් මිනිහට තාමත් නින්ද යන්නෙ නෑ රහස් පරීක්ශකයෙක් වෙන්න කොච්චර ආසාවක් තිබුනද කියනවා නම් භානුකගෙ පාසල් බෑග් එකෙත් උත්තල කාචයකුයි අඬුවක් tweezers සහ පුලුන් කෑල්ලක් දාගෙන ආව පොඩි කාලෙ හැටියට ඕව තමා මහා රහස් පරීක්ශකයන්ගෙ උපකරණ තත්ත්වය ඔය වගේ තියෙද්දි සාමන් යපෙළ කරල ගෙදර ඉන්න දවසක භානුකයා ආව අපේ ගෙදර ඇවිත් මාවත් ඇදගෙන ගියා ප් රදර්ශණයකට මොකද්ද මංද අටමගලයක් අටවන්න කොහොම හරි කිරිබත්ගොඩ පහුවෙනකොට මේකා කියපි මචං මගේ පෙන් පැල් පෑනේ මිතුරෙක් ඉන්නවා මාකොළ මිනිහ මං ගැන විස්තර හොයාගෙන මට පොඩි නෝන්ඩියක් දුන්නා අපි මිනිහ ගැන විස්තර හොයාගෙන රිටන් එකක් දෙමුද කියල මට හොඳටම ශුවර් අර පෑනෙ මිතුරා මූ ඔය ලියුමක යවපු නාගරාජයෙක්ව භූමිතෙල් වලින් බැදලා හැරෙන තැපෑලෙන් එවන්න ඇති කොහොම හරි භානුකයා මතකයාව වැඩේට කැමති කරව ගත්තා මේක නිකං රහස් පරීක්ශක වැඩක් වගේ බං කියලා දෙන්න එක්ක යන්න ගිය ගමනත් පැත්තකින් තියලා කිරිබත්ගොඩින් බැහැලා මාකොළ පාරෙ ඇවිදගෙන යනවා භානුකයි මතකයයි නියම ශර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් වගේ තමා භානුක කෙට්ටු උස ඉතියෝපියාවෙන් ආපු ශර්ලොක් හෝම්ස් වගේ මතකයා බෝලගෙඩියක් වගේ දොස්තර වොට්සන් මහතයි නේද මහත නැත්නම් ඔය හුලං ටිකක් ගහල හරි මහත් කරල දාමු කතාවට හරියන්න දෙන්නගෙ සැලැස්ම වුනේ ලිපිනය පාවිච්චි කරලා ගේ හොයාගෙන බුවා ගැන විස්තරත් වටපිටින් හොයාගෙන බුවාට මාට්ටු නොවී මාරු වෙන්න ලිපිනය මාකොළ එකක් නිසා දෙන්නත් එක්ක කිරිබත්ගොඩ ඉඳන් මාකොළටම පයින්ම ගෑටුවා කතාව ගමනට දෝලාව කිව්වහේ මාකොළටම පයින් ගියා දැනුනෙ වත් නෑ දැන් නම් ම තක් වෙනකොටත් හන්දිපත් රුදාව කවද කාපු ටකරන්ද කිව්ව දෙන්න එක්ක වටපිට මිනිස්සුන්ගෙන් අහගෙන හෙමිහිට හෙමිහිට මාට්ටු නොවී ගෙදර හොයාගන්න ට් රයි එක දුන්න අහුවෙන්න කැමති නැති නිසා ඇත්ත බුවාගෙ නම කියන්න බෑ ඉතින් භානුකයා කටට එන එක එක නම් කියනවා ඒ මදිවට ගෙදර නොම්මරේ ළඟින් යන නොම්මර මිසක් හරි එක කියන්නෙ නෑ නියම ලිපිනයෙ තියෙන්නෙ 2 122 වගේ අමුතුම නොම්මරයක් කොහොම හරි දෙන්න එක්ක එක එක මිනිස්සුන්ගෙන් අහගෙන අහගෙන ටික ටික කිට්ටු කලා කිට්ටු කලා කියල හිතාගත්තෙ නොම්මර ටිකක් ගැලපෙන නිසා තාමත් ලිපිනයේ තියෙන පාරවල් හරියට ගලපගන්න බෑ මේ වෙනකොට දෙන්නා මඟපෙන්වන්නන්ගෙ කීම අනුව එක එක අතුරු පාරවල් වලින් හැරිලා ගිහින් ප් රධාන පාරෙන් හුඟක් ඈතට ගිහින් ඔහොම යද්දි ගොඩවෙච්චි එක ගෙදරකදි අපිට තලත්තෑනි මනුස්සයෙක් හමුවුනා කලින් වගේම එඩ් රස් එක වෙනස් කරල කිව්වම මිනිහ ටිකක්වෙලා කල්පනා කරල දිගට හරහට ප් රශ්ණ අහන්න ගත්තා හොයන්නේ කාවද මොකටද අඳුනගත්තෙ කොහොමද අරකද මේකද ඔක්කොම විස්තර අහනව දොස්තර වොට්සන් මතකයා ට නම් බොරුවක් වත් ගොතාගන්න බැරි තරමට ප් රශ්ණ පත්තරේ සංකීර්ණයි වොට්සන්ගේ සද්ද වානා ඒ වුනාට ශර්ලොක් භානුක බොරු ඇදබානවා ගේමක් නැතුව වොට්සන් කට බලියාගෙන බලාගෙන ඉන්නවා මේ කෙප්ප කොහෙන් පාත් වෙනවද කියලා කොහොම හරි ප් රශ්න පත්තරේ ඉවර වෙලා අර මනුස්සයා එතන තියෙන හංදියකින් හැරිලා යන පාරක් ගැන කිව්ව හම්මෝ ඇති යන්තං කියලා වොට්සන් ශර්ලොක්වත් ඇදගෙන අර හංදිය පැත්තට ශේප් වුනා ශර්ලොක්ට වගේ වගක් නෑ අර කියපු පාර දිගේ ගිහින් බලන්නම ඕනය කියල කිව්ව නිසා වොට්සන් අකමැත්තෙන් වුනත් කරන්න දෙයක් නැතිකමටම පස්සෙන් ගියා හප්පේ ඒ පාර නිකං අඩිපාරක් වගේ එකක් ඒ පාරෙ නම් පෑනේ මිතුරෙක් ඉන්න බෑ තැපැල් පියුන් කවදාවත් මේ පාරෙ ගිහින් නැතුව ඇති ටිකක් දුර ගිහින් වැඩේ හරි යන්නේ නැති බව තේරුනු නිසාම ශර්ලොක් භානුක ආපහු හරවගන්න වොට්සන්ට පුලුවන් වුනා දැන් ඔන්න ගිය පාරෙන්ම ආපහු එනවා ආපහු එන්න තියෙන්නේ අර මනුස්සයගෙ ගේ ලඟින් මෙන්න යකෝ මේ මිනිහා ගේට්ටුව ලඟට වෙලා බලාගෙන ඉඳලා අල්ලගත්තෙ නැතෑ අපිව ආ පුතා යාලුවාව හම්බ වුනාද වොට්සන්ට නම් කටේ කෙළ නෑ ඇවිදලා එපාවෙලා ශර්ලොක් භානුක ගේමක් නැතුව උත්තර දෙනවා නෑනෙ අංකල් මට එඩ් රස් එක වැරදිලාද කොහෙද හ්ම්ම් එහෙම වෙන්නත් පුලුවන් හැබයි පුතාල ගියහම තමා මට මතක් වුනේ චමින්ද කියල ලමයෙක් ඔය පල්ලෙහා පාරෙ ඉන්නව එයා වෙන්න ඇති ඔය හොයන්නෙ ආයෙත් හන්දියට ගිහින් දකුණු පැත්තෙ පාරෙ 8වෙනි ගෙදර ගිහින් බලන්නකො වොට්සන් තක්බීර් වෙලා බලං ඉන්නව මේ මිනිහා මේ පළාතෙ ග් රාමසේවකද නොදන්න කෙනෙක් නෑ වගේ ටෝක්ස් දෙන්නේ මේ කතාවෙන් ශර්ලොක් භානුක ආයෙත් ෆෝම් වුනා වොට්සන්ව කුනු මාලු කෑල්ලක් වගේ ඇදගෙන මූ ආයෙත් දුවපි අර කියපු හංදිය පැත්තට වොට්සන්ට බඩගිනියි මහන්සියි හම්මෝ මේ රහස් පරීක්ශක වැඩේ නම් මරණයක් කතාව දිග වැඩියි ලබන සතියේ දෙවෙනි කොටසේ වොට්සන් මරණ බයෙන් තැතිගත් හැටි ශර්ලොක් භානුක ගේ ලොමු දැහැගැන්වෙන බොරු සහ මාරක හංදියේ නිළ නොළත් ග් රාමසේවකගෙන් බේරී ආ හැටි කියවෙනවා at saturday june 30 2012 0 comments email this blogthis share to x share to facebook share to pinterest sunday june 24 2012 සාපයෙන් මිදුනු උතුරේ මිනිස්සු පහුගිය දවසක දන්න හඳුනන යහලුවෙකුගෙ ආයතනයකින් උතුරෙ කරන ව් යාපෘතියක ස්වෙච්ඡා සේවකයෙක් විදිහට මටත් උතුරු පළාතට යන්න ලැබුනා මතක පොතේ මේ පිටුව වෙන් කරන්න යන්නෙ උතුරෙදි ලැබුනු අත්දැකීම් බෙදාහදා ගන්න පැහැබර අනාගතයක් වෙත දෑස් දල්වා අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක් උතුරෙ මිනිස්සුන්ව පෙළපු සාපලත් යුද්ධය නිමා වෙලා අවුරුදු ගානක් ගතවෙලා ගියත් ඒ පළාත් වල ඉන්න සාමාන් ය ජනතාවගෙ ජීවිතය තාමත් සාමාන් ය තත්ත්වය කරා එලඹෙමින් තිබුනා නමුත් අඩුපාඩු බොහොමයි හමුදාවෙ සහෝදරයො එකතු වෙලා තමන්ගෙ පඩියෙන් සල්ලි ටිකක් ඉතුරු කරලා සමහර තරුණයන්ට බයිසිකල් අරන් දීල තිබුන මේ මිනිස්සුන්ට යුද්ධය නිසා හැමදේම නැති වෙලා තිබුනු නිසා ආපහු බිංදුවෙ ඉඳන් පටන්ගන්න වෙලා ඔවුන්ගෙ ජීවිත් නැවත ගොඩනඟන්න හමුදාවෙන් ඉටුකරන මෙහෙය ඉතාම ප් රශංසනීය බව නොකියා බැහැ හැබයි මොන දේ නැති වුනත් ඔවුන්ගෙ හිතේ සාමකාමී ජීවිතයක් ගතකරන්න තියෙන බලාපොරොත්තුව නම් නැති වෙලා ගිහින් තිබුනෙ නෑ වෙනදට කාර්යාලයෙ මේසෙට පුටුවට හිරවෙලා උන්නු අපි හැමෝම මේ අසරණ වුනු අපේම සහෝදර සහෝදරියන්ට පිහිට වෙන්න ලැබීම ගැන ඉතාම සන්තෝශයට පත්වුනා බරවැඩට හුරු නැති අතපය කැපුන සීරුනා අත්වල දියපට්ට ආවා වුනත් කිසිම කෙනෙක් ඒ ගැන පැමිනිලි කලේ නැහැ කවුරුත් තමන්ට පුළුවන් විදිහට ශ් රමදානෙට සහභාගී වුනා ව් යාපෘතිය යටතෙ ගෙවල් පනහකට වැඩි ගණනක් හදන්න නියම වෙලා තිබුනා ඒවායින් 80 කටත් වඩා පුනරුත්ථාපනය කරපු කොටි සාමාජිකයින්ගෙ පවුල් වලට බෙදාදෙන්න නියම වෙලා තිබුනෙ අපිට ලැබුනෙ වැසිකිළි වලවල් කපන්න අත්තිවාරම් වේයන්ගෙන් ආරක්ශා කරගන්න රසායනික තවරන්න බදාම කොංක් රීට් අනන්න බාසුන්නැහෙලට ගඩොල් බදාම ගෙනිහින් දෙන්න වගේ වැඩ ගෙදර එනකොට මුළු ඇඟම රිදෙනවා අතපයේ කෑලි නැහැ කරගැට ත් ඇවිත් නමුත් සහභාගි වෙච්ච හැමෝම ආවෙ ඉතාම සතුටින් අසරනයින්ට පුලුවන් තරමින් පිහිට වෙන්න ලැබුනා කියන සන්තෝසෙන් එයාලට එක සිංහල වචනයක් වත් බෑ අපි දෙමළ දන්නෙ නෑ නමුත් කොහොම කොහොම හරි දන්න දෙමළ වචන කීපයක් කියලා අතින් පයින් කතාකරලා තමා වැඩ කරන්නෙ වැඩවල කිසි අඩුපාඩුවක් නෑ අපි වැඩකරන අතරෙ අපට නොයෙක් සැළකිලි සංග් රහ ඒ පළාතට ආවේණික පළතුරු කුරුම්බා එහෙම හම්බවුනා හප්පේ පළතුරු වල රස පැපොල් ගෙඩියක් වුනත් පුදුම රසයි වැස්ස අඩු නිසා වෙන්න ඇති මේ ගිය හැම ගමනකදිම මතකයා මේ දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් පාඩම් ඉගෙන ගත්තා ඒ එක පාඩමක් තමා මේ මිනිස්සු තමන් කරන වැඩේට බොරුකරන අය නෙවෙයි හොරට වැඩ කෙරිල්ලක් නෑ වැඩක් කරන්න ගත්තොත් ඒක හරියට කරනවා අනුන් කියනකම් ඉන්නෙ නෑ තමන්ම ඉදිරිපත් වෙලා කරනවා තවත් දෙයක් තමයි ඔවුන් කරන වැඩක ඇති නිමාව වළක් කැපුවත් ඒක හරියටම චතුරශ් රයක් අංශක අනූවෙ කෝණ නිමාව finishing කියන දේ හරියට ආගමක් වගේ භක්තියෙන් කරන්නෙ ගිය කවුරුත් පුදුම වෙලා බලන් හිටියා මතකයා වැඩියෙන්ම පුදුම වුනේ පුංචි පැටියෙක් නිසා මතකයා ඇතුලු පිරිස වැඩකරන තැනට සංග් රහ විදිහට දිවුල් හම්බවුනා ගැට වුනත් පුදුම රසක් කට්ටිය දිවුල් කාලා එක දිවුල් ගෙඩියක් ලඟ තිබුනු පුටුවක් උඩ තියලා තිබුනා පුංචි දරුවො පිරිසක් අපි වැඩ කරනව බලන්නත් සෙල්ලම් කරන්නත් ඒ අවට ගැවසෙමින් හිටිය ඒ අතරින් පුංචි පුතෙක් ඇවිත් අපේ නඩේ කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනල පුටුව පෙන්න පෙන්න මොකද්ද කියනව තන්නි පුටුව උඩ තිබුනු වතූර බෝතලේ අතට ගන්න ගමන් අපි ඇහුව ඔළුව දෙපැත්තට වනල නෑ කියල අර පුංචි බබා දිවුල් ගෙඩිය දිහාට ඇඟිල්ල දික් කරනව අපි එයාට ඒක දුන්න මතකයා පුදුම වුනේ ඒ දරුවගෙ පුංචි වයසට තිබුනු ආචාරශීලී කමට ඉල්ලගත්තා මිසක් ගත්තෙ නෑ ඒ විතරක් නෙවෙයි තමන්ට හම්බවුනු දිවුල් ගෙඩිය අනිත් අය එක්ක බෙදාගෙන කනව මතකයා බලාගෙන මතකයා තවත් අත්දැකීමක් මතක පොතට එකතු කරගත්ත පාඩමක් විදිහටම මොනවද ඕනෙ කියල වැඩිහිටි පිරිමින්ගෙන් ඇහුවම ඔවුන් ඉල්ල්න්නේ ඊලම් වත් රටෙන් කෑල්ලක් වත් පොලිස් බලතල වත් නෙවෙයි ඔවුන් ඉල්ලුවෙ ඔවුන්ගෙ වගාකටයුතු සඳහා වතුරත් බීජ පැලත් පමණයි අපට වගාකරගෙන කන්න පුළුවන් ඔවුන් එහෙම කියන්නෙ දැඩි ආත්ම විශ්වාසයකින් ඒ ආත්මවිශ්වාසය හෙට දිනයේ අපේ රට ඉසුරුමත් කරවන්...
|