Meta tags:
author= choen;
keywords= blogger, template, free blogger template;
description= පොත් රාක්කය වූ කලී පාඨක ඇසින් ඈත් වූ, වෙළඳපොලේ පවතින හා නමෝ විත්තියෙන් කල එලි බසින්නට තනන පොත් ගැන හැඳින්වීම් ලබාදෙන අඩවියකි. ;
Headings (most frequently used words):
කියන, කවි, ගැන, ප්, රවර්ග, තෝම්බුව, පරිජනයා, මාගම්, සෝලිය, සංක්ෂිප්තයෙන්, අසංක්ෂිප්තයට, පාර, උපේක්ෂා, ගේ, පළිඟු, කැට, ජීවිතය, සුනේත්, රා, කෙටි, පණිවිඩය, හා, දිග, කතා, අලු, ජීවිත, කියැවෙන, කිඳුරු, අරණ, ගිගිරි, වැලේ, කූඩු, කිරිල්ලී, 2009, පොත්, රාක්කය, මේ, බ්ලොග්, අඩවිය, හැඩ, කලේ, lishwish, විසින්,
Text of the page (most frequently used words):
කවි (24), කතාව (17), පොත (15), ඇති (13), සිංහල (12), රණය (11), කරන (11), මුද් (10), කතා (10), කියලා (10), #සුනේත් (9), රකාශන (9), චිත් (9), කියන (9), ගැන (9), විසින් (8), පද් (8), උපේක්ෂා (8), පාඨක (8), මිල (8), රථම (8), තුලින් (8), ගන්න (8), පරිවර්තන (7), රතිචාර (7), කියවා (7), ලිව්වේ (7), රකාශනය (7), පසු (7), නිසා (7), මගේ (7), අපට (7), වචන (7), චරිත (7), 2012 (6), මාගම් (6), අයි (6), පෙරේරා (6), කෙටිකතා (6), වර්ගීකරණය (6), හරියට (6), මෙහෙම (6), isbn (6), 955 (6), සටහන් (6), පිළිබඳව (6), යනු (6), තුල (6), ජීවිතය (6), විට (6), කෙටි (6), අපේ (6), ඉතා (6), lishwish (5), පොත් (5), සෝලිය (5), 2013 (5), පුෂ්පා (5), 2008 (5), නම් (5), ඔහු (5), ජීවිතයේ (5), කතුවරිය (5), කිඳුරු (5), රාවක (5), මායා (5), වලට (5), වැනි (5), ජීවිත (5), වගේ (5), දෙවෙනි (5), බ්ලොග් (4), රාජකරුණානායක (4), මොහාන් (4), රාජ් (4), මඩවල (4), රම්ලනී (4), ඇස් (4), මුල් (4), කතුවරයා (4), කූඩු (4), කිරිල්ලී (4), the (4), රටක් (4), එසේනම් (4), පළමු (4), ලෙස (4), කියන්නේ (4), ගිගිරි (4), වැලේ (4), නොවේ (4), එහෙත් (4), යැයි (4), නියම (4), පසුව (4), පොතේ (4), අපි (4), අරණ (4), ඇත්තේ (4), ගන්නට (4), වන්නේ (4), එකක් (4), අනේ (4), ලොකු (4), වුණා (4), ගෙදර (4), කිරි (4), ආකාරයට (4), වෙනස් (4), සිය (4), අකුරු (4), පළිඟු (4), කැට (4), පිටු (4), බිංදු (4), රාක්කය (3), september (3), සරසවි (3), රකාශකයෝ (3), විදර්ශන (3), විජේසූරිය (3), රන්ථ (3), බිසෝ (3), කර්තෘ (3), රේමතිලක (3), ගොඩගේ (3), සහෝදරයෝ (3), 2006 (3), 2003 (3), කොළඹ (3), මෙහි (3), ජීන් (3), නොකියන (3), කියන්න (3), යයේ (3), මෙසේ (3), වශයෙන් (3), සිටින (3), පෙරවදන (3), කෙටියෙන් (3), කිවහොත් (3), නැත (3), පාර (3), කවිය (3), ආදී (3), යුතු (3), අදහසයි (3), ඇයගේ (3), රචනා (3), වන්නට (3), කියවන්නට (3), මහාචාර්ය (3), සාමූහික (3), නොවන (3), 978 (3), යන්නේ (3), ආකාරය (3), අමුතුම (3), තිබේ (3), අතර (3), පණිවිඩය (3), දෙයක් (3), දෙන්න (3), වුනාට (3), පොතක් (3), තමා (3), ඕනේ (3), මැයි (3), කසාදය (3), කරන්නට (3), වීම (3), උපේක්ෂාගේ (3), නිසඳැස් (3), වදන් (3), වලින් (3), සංක්ෂිප්තය (3), ගිය (3), නැතිනම් (3), නවකතාවේ (3), 2009 (2), කේන්ද් (2), නවකතා (2), ඓතිහාසික (2), 2001 (2), posts (2), ලංකාව (2), සිංහලයට (2), පරිවර්තනය (2), පරිවර්තනයක් (2), සැසන් (2), jean (2), sasson (2), පරිවර්තනයේ (2), princess (2), true (2), story (2), life (2), behind (2), veil (2), saudi (2), arabia (2), පවා (2), අයිතිවාසිකම් (2), පුරුෂාධිපත් (2), කියැවෙන (2), අරාබි (2), කුමරිය (2), පුතුන් (2), ජීවන (2), කියවිය (2), කාන්තා (2), උරුම (2), සියලු (2), අසා (2), පුරුෂ (2), වටිනා (2), බවට (2), පත් (2), කරන්න (2), නොමැත්තේ (2), පිට (2), ඔබට (2), කඳුලු (2), රාගේ (2), කවියට (2), හඳුන්වා (2), දශක (2), ඉහත (2), බැවිනි (2), වෙත (2), කලා (2), ඒවා (2), කාව් (2), ආකාරයේ (2), හිමි (2), රිය (2), කවියක් (2), විය (2), සුගම (2), අහුරක් (2), සාධාරණයක් (2), ලැබුණේ (2), දෙසැම්බර් (2), යෙදුනු (2), හෙවත් (2), මහත්මිය (2), අගනා (2), කොටස (2), බෙම්මින් (2), අවබෝධ (2), කිසිවක් (2), වෙමින් (2), අපව (2), ගෙන (2), කාරී (2), වෙන (2), එයට (2), හොඳම (2), අතිශය (2), පුදුම (2), ඔවුන් (2), පෙනෙන්නට (2), විශාල (2), ගණනක් (2), තේරුම් (2), කතාවේ (2), කතාවක් (2), සොඳුරු (2), පටන් (2), ගල් (2), රහස් (2), ඉදිරියට (2), දෙවන (2), දිග (2), කියනා (2), විතර (2), ඉන්නේ (2), ගත් (2), ඔව් (2), වෙන්නේ (2), නැහැනේ (2), දඹදිව (2), වන්දනාව (2), දහම් (2), වත් (2), කියලයි (2), පුන් (2), හීල්ලීම (2), වුනේ (2), මල් (2), අප්පච්චී (2), තියෙන්නේ (2), හරමානිස් (2), සේරම (2), ඒයා (2), එපා (2), කෙනෙක් (2), වාගේ (2), වෙලා (2), පැද (2), දවස් (2), විද් (2), ඉගෙන (2), ඇහුවා (2), මිනිස්සු (2), චීන (2), මනාලිය (2), දන්නේ (2), තමන්ට (2), වඩා (2), හයියක් (2), බුදුන්ගේ (2), රහස (2), හරි (2), ටික (2), පාලම් (2), මුලින්ම (2), නැවත් (2), ඉංග් (2), එහා (2), හිඳ (2), නැවත (2), එකකට (2), lishan (2), puwakovitage (2), සමන් (2), රණසිංහ (2), ලියන්නට (2), ආරේ (2), මරණය (2), හිත (2), කිහිපයක් (2), අසංක්ෂිප්තයට (2), නිර්මාණශීලී (2), එයයි (2), සංක්ෂිප්ත (2), මෙයින් (2), තිබෙන (2), එසේත් (2), ඉන් (2), විඳින (2), යන්නට (2), සාහිත් (2), සම්ප (2), රදායන් (2), නමුත් (2), පොඩිනා (2), කරන්නේ (2), ගනී (2), බෙහෙත් (2), නවකතාකරු (2), උඩට, යන්න, නිවහන, හැඩ, කලේ, අඩවිය, පරිජනයා, october, january, february, march, 2010, july, තෝම්බුව, ෆාස්ට්, පබ්ලිෂින්, ලීලානන්ද, ගමාච්චි, රන්ජන්, අමරරත්න, යාකූත්, ලීලා, වික්, රමරත්න, අදහස්, ධනාත්මක, චින්තනය, චන්දන, මෙන්ඩිස්, රවර්ග, subscribe, atom, older, 8033, 320, 1992, එක්සත්, රාජධානිය, ඡන්ද, බලයක, කිසිදු, හිමිකමක්, ජීවිතයට, වාසනාවක්, නොමැත්තී, ගෙවන්නේ, රන්, කූඩුවක, දැමූ, කිරිල්ලියක, ජීවිතයකි, සලුවය, මුවා, පොතෙන්, සිරකාරියකි, පියා, සොයුරා, සැමියා, ලොව, බලධාරින්, හෙයිනි, සෞදි, පෙළපතට, නෑකම්, අන්දරය, හැමදෙනාම, යුත්තේ, මානව, පමනින්, සිතන්නේ, පාරවන, යුතුය, මැද, පෙරදිග, සත්, ගැස්ම, විශ්වසනීයත්ව, කොට, ගන්නා, නිසාය, not, without, daughter, කතුවර, පවසයි, බෙටී, මමෝඩි, betty, mahmoody, අවසාන, දෙවියන්, නාමයෙන්, අකටයුතුකම්, පුරුෂාධිපත්යයේ, බලමහිමෙන්, සර්ව, සාධාරණී, කරණය, තිබෙනවාද, පරිවර්ථිත, කියවන්න, බිරිඳ, සරු, පිරිමි, දරුවන්, වැදීම, තීරණය, සැමියන්, දේවත්වයෙන්, සලකන, නතු, කලාව, රේමය, තහනම්, ලෝකයක්, වසර, සිතෙහි, නොරැඳේ, ලිංගයක්, රහිතව, ඉපදීමේ, පාපය, බිමේ, කිසිම, කමකට, හිමිකම, කෙල්ලක්, ඇන්, ළදැරියන්, මේන්, සිනා, නඟන්න, සෙල්ලම්, පෙළඹී, ඒබව, නොදත්, ඡේදය, කුමරියක්, මැවෙන්නේ, කිනම්, රුවක්, සෞභාග්, රතිමූර්තියක්, සැකයක්, දෑස, පමණක්, රඟදෙන, රුවට, යටින්, ලෙසයි, උපුටන්නේ, පොතෙනි, 100, 4854, 675, මරදාන, උපහාරකවිය, නුඹ, සුපසන්, ගජමන්, අබිමන්, පෝරුවේදී, අලංකාරවත්, මුතු, 44ක්, අමුණා, තනා, කවිමාලය, නූතන, ලැදි, සියල්ලොම, කියැවිය, අපගේ, රම්ලනි, කොවර, අලුතින්, දියයුතු, තැනැත්තියක්, මන්ද, යත්, මුම, කවිමා, කියෙව්වේ, මීට, ගණනාවකට, එවක, ඒවායේ, ගුණදොස්, ලියා, යැවූ, බවද, මතකය, අඛණ්ඩව, රැඳී, නොසිටියාය, පුලුවන, නොලැබිණ, යළි, පිවිසෙන්නී, කලස, තුලිනි, සමස්ත, යාවලිය, දෝංකාර, දෙන්නේ, පීඩාවට, අද්, යතන, කතගේ, විමුක්තිකාමී, සිතේ, එකී, පුශ්පාරම්ලනී, කිවියා, අසෙන්නේ, කවරාකාර, ලෙසදැයි, සවන්, යොමා, බැලීම, රසිකයා, සතු, කාරියකය, හැඟීමයි, දිගු, සාහිත, ඉතිහාසයක්, ඇයට, හිමිය, කවිපොතට, පසුවදනක්, සපයන, මේසේ, පලකරති, සුනිල්, ආරියරත්නයෝ, බුදු, වෙන්නට, හිතා, ඔටුන්න, කුමාරයා, සඳලුතලෙන්, මහපොළවට, ශිල්ප, සත්වන, දවස, දක්වමි, කාලිමුත්තුගේ, පුරවැසිභාවය, දෙමළ, ඉබ්නු, අසුමත්, සමඟ, තුන්වෙනි, රාත්, තෝරාගත්, කේරළ, වේනම්, කවියෙන්, දෙන, පණිවුඩය, හරවත්, සරළ, බස්වහරෙන්, කියවන්නාව, සනසවන, හෑලි, සියල්ලට, විශේෂණ, පදය, යොදන්නට, හැකියාවක්, නිකම්ම, නිකම්, වින්, යාසයට, තේමාවට, ඉටුකල, යාවලියක්, කාලාන්තරයකට, පසුගිය, වෙනිදා, පවත්වන්නට, දවසේදීයි, කවුරුත්, හොඳින්, දන්නා, සිහිවටනටක්, ලෙසින්, ලබාදුන්නු, නිසායි, නමින්, පලවන්නේ, අක්කණ්ඩී, කරුවන්ගේ, සංගමයේ, සුහද, හමුව, 480, කේන්දය, 550, 652, 431, හාන්ස්, hans, bemmann, 1983, ඉන්ස්බෘක්, ඔස්ට්, රියාව, stone, flute, දෛවය, යථාපරිද්දෙන්, කරගනු, පිණිස, ඔහුට, යාගයන්, දෙකක්, පිරිනැමුවේය, පාෂානය, දරන්නා, දැන, සිටියේ, වස්දඬුවේ, නාදය, නොහඳුනා, ගත්තේ, තාරුණ්, නැමති, යාගයේ, අගය, නිසිකල, නොවටහාගත්, නොසිතූ, ගැඹුරක්, පසක්, කරගන්නේ, වියපත්, සමයේදී, විවිධ, බද්ද, කෙරෙන්නා, සිවුසැරිය, සැබැවින්, ලොවකටය, ගණනාවක්, පුරාවට, සැරියේ, යෙදෙයි, අතරතුර, වටිනාකම, සැබෙවින්, කුමකද, ජීවයේ, හරය, පවතින්නේ, කොහේද, සාංසාරික, ගැටලු, විසඳුම්, කතානායකයා, කරගන්නා, බෙම්මින්ගේ, වහරින්, සරල, ශෛලිය, මොනවට, පෙන්වාදෙයි, රාවකගේ, පසුවදනේ, වැකි, කිහිපය, නිදසුනකි, රීතිමත්, රජුගේ, බාලෝ, ඔහුගේ, පුත්, රෙඩ්බාර්, අර්ලාගේ, පාශානය, ආනිගේ, සහගතය, මායාලොවෙන්, යථාර්තයෙන්, පිරුනු, කතාන්තරය, කඳවන්නේ, ලොවකට, අරණේ, සිටින්නේ, නිතොර, සාමාන්, හමුවන, අයයි, ශෛලියෙන්, වටා, බලයක්, අරෝපණය, වුවත්, සම්බන්ධය, පාඨකයාට, අපහසු, පෙළගස්වන්නේ, අනායාසයෙකිනි, බවින්, පිරි, සුරංගනා, වූවාට, මායාකාර, කඩු, දරන්නන්, යක්ෂාධිපතිවරු, මකරුන්, ලිලිපුට්ටන්, සාම්ප්, රදායික, නැති, වෙනුවට, සමාජයේ, එක්කාසුවකි, ආරම්භ, රාග්ලන්තයේ, තරුණයෙකු, කියන්නට, කතාවකිනි, මිහිරි, හඬක්, පිටවෙන, නලාවකින්, කැබලිත්තක, කරුවෙක්, මොහු, පොතේගුරා, චරිතය, නිරූපණය, කරයි, තරුණයාගේ, එකම, බලාපොරොත්තුව, කැබලිත්තේ, මායාකාරී, බලය, දැනගැනීමයි, අරුම, ගලේ, හොයාගෙන, අතරේ, විවිධාකාර, මනු, බද්ධ, යාමට, සිදුවේ, යාම, ගෙතෙන්නේ, ආකාරයකට, අලු, 275, කෙටිපණිවිඩය, 573, 463, හදවතට, හඳුණාගන්න, චාල්ස්, හිතෙන්නේ, ඒගොල්ලෝ, රුපියල්, දාහක, පඩියක්, හින්දම, නෙවී, ඔහොම, හිනාවෙලා, යලිත්, කටහඬ, අවදිකලේ, පරන්තන්, හන්දියේ, පසුවූ, දිස්වෙන, තල්ගසක්, වටකොට, බෝගස, පසුවන, විටය, රස්සාව, අමාරු, උනත්, සටන්, විරාමයක, සැනසීමක්, ඇතිනේ, ඇට්ටරයා, ලීලාවතීට, දෑත්, එක්කලේ, හිස, පහත්, කරමිනි, අයියලාගේ, සපෝට්ටෙකක්, නැත්තං, ඉතිං, හිඟන්නෙක්, පැදුරු, කෑල්ලක, ඔතලා, ආණ්ඩුවේ, කුණු, ටැට්ටරෙං, පාත්, කරන්නයි, මොකෝ, මෑන්, අපිට, කියලත්, කරපු, පළයං, අයියලාට, බලන්නං, මේං, වැන්දා, ලොකම්මේ, බණක්, දහමක්, අහනවා, මිස, එකීගේ, රෙදි, බලන්න, ළමයෝ, බැන්නා, මොන, කපටියෙක්, ඔයට, ආත්ම, ගෞරවයක්, නැද්ද, ඇයි, මිනිහගේ, පණිවිඩ, අහන්නේ, න්ං, ඕකා, ඉන්න, පැත්ත, බලාගෙන, බත්, කන්නේ, හිතුවේ, කසාද, බඳියි, වගේම, පෙම්වතියෝ, හිටියාලු, මෙහෙසිය, තමාලු, බැරු, අස්සයයි, පොතයි, කතාවට, සම්බඳවෙන්නේ, කොහොමද, බැඳලා, ළමයෙක්, හම්බවෙච්චි, සිරියාවතීලු, අක්කට, ෆෝන්, කරලා, කිව්වලු, දැං, ඉවරයි, තියෙනවා, කියපු, බවක්, අඟවන්න, මිනිහා, පවුලේ, හැම, වඩක්, කරගෙන, වැටිලා, අක්කා, එවෙලෙම, පිටත්, මෙන්න, සිරියාවතී, ලොක්කී, අම්මගේ, පොඩි, හාන්සී, පුටුවේ, දිගාවෙලා, මොකද්ද, කියවනවලු, ගෑනිගේ, ළමයා, පරණ, අස්සයා, හිටියලු, කසාදේ, ලොක්කා, වහාම, පනලා, නුහුරට, පාලනය, කරමු, ඔව්වා, කොච්චර, තියෙනවද, ඇමෙරිකාව, ගනුදෙණුකාරයා, විශ්ව, යාලේ, වසරේ, අම්ම්ගේ, සචී, ගොල්ලෝ, ඇමරිකාව, එක්ක, යාලුද, නාමලී, කවුරුවත්, බලාපොරොත්තු, වුණු, උත්තරයක්, දුන්නා, චීනේ, ලෝක, වෙළඳ, සංවිධානේට, එකතු, නිදහස්, වෙළඳාම, තමයි, නළල, රැළිකරගෙන, මාසෙකට, කලින්, දිනේට, යනකොට, අප්පච්චිලා, රැළියට, බැනර්, අරගෙන, ගියානේ, බහු, ජාතික, බූවල්ලෝ, පලවා, හරිවු, එහෙ, කොකා, කෝලා, බොනවද, ඕගොල්ලෝ, කැමති, බැඳ, ඉස්සරහට, මොනවා, වේවිද, හින්ද, තනියන්, වුනත්, ජීවිතේ, ගැට, ගහගන්න, පුලුවන්, මිසක්, කසාදෙට, හදිස්සි, වෙන්න, ඕනම, කෙනෙකුට, නොහිතන, නොපතන, දේවල්, මූණ, වෙනවා, හමුදාවේ, කෙනෙක්ගේ, කොයි, වෙලාවෙද, හන්දා, හමුදාවකට, පොලීසියකට, හිතේ, තියෙන්න, ගෑණියෙකුට, සර්, ඉස්පිරිතාලෙට, යනකල්, එයාට, සිහිය, තිබුණා, දරුවෙක්, උකුලේ, තියාන, ගියේ, අන්තිමට, කිව්වේ, දයෝ, මොනා, වුනොත්, පොත්ටික, ඩියාරෝ, මහත්තයට, සර්නං, හොඳට, බලාගනියි, කීවා, අප්පේ, අච්ච්, රයි, කීවේ, ඉස්පිරිතාලේ, ගාවදී, දෙපාරක්, ගැස්සුනා, මොනවද, ඇරියා, එච්චරයි, කියූ, එහාමෙහා, ගොස්, පවතින, හැරවුම්, ලක්ෂයන්, ඉඟිකරයි, අනුල, සිල්වා, ඉල්ලීමකට, වනිතා, විත්ති, සඟරාව, සඳහාය, රීසියෙන්, ලියුවේ, නැතිව, බෙයිජීනයේ, සිටිය, දීය, දැන්, සිංහලයෙන්, ලියනාවිට, තවත්, කම්, සිදුවී, තමාගේ, භාෂා, දෙකකින්, ලිවීමේ, වාසිය, ඒසේ, නිදහසේ, මෙහා, හැකි, අතීතයත්, අනාගතයත්, අතරමැද, පිහිටි, වර්ථමානයක්, තැනක, සුළු, වේලාවකි, හතෙන්, හතරක්, රීසි, පොතට, ඇදුලත්, ලිවීමේදී, වඩාත්, ඔපමට්ටම්, දරන්නේ, අදහසකි, ඇසුරිනි, පොතකි, කතන්දර, හතකි, ලියූ, ඒවාය, කියන්නී, අත්දැකීම, සිටීම, පමණෙකි, සබරගමුව, කොටසක්, කරගත්, හතකින්, අපහමුවට, එයි, පිළිබඳ, good, read, සබැඳිය, http, b5tutg, ඉමාලි, 53899, ජනවාරි, 120, කවියේ, ලියන, චන්ද්, මහත්මයා, පෙම, ඉවැරදිව, අඳුණාගෙන, විචාරය, ලියවීම, පවසනවා, බොහෝ, සංක්ෂිප්තමය, කියවීමක්, රචකයාගේ, සීමාගත, කිහිපයකින්, සුසැදි, සහසකුත්, කිව, නොහැකිදේ, ගැබ්ව, රසිකයෙකු, එදිරිව, සක්සුදක්, පැහැදිලියි, ආදරය, විරහව, කුසගින්න, නිදහස, මහා, රවාහයේ, මෙන්ම, කවියකට, වෙතැයි, නොසිතන, මාතෘකා, පෑන්, තුඩට, හසුව, රශස්තයි, ඇදුනේ, ඔහේ, පෙරළද්දී, අහම්බෙන්, ගැටුණු, වෙනි, මහන්සිය, නැමැති, සඳැසයි, කියවන්නාට, උගන්වන, සමාජ, යාව, ගියානම්, කොතරම්, ගතවේවිද, ඒත්, හිස්තැන්, පුරවමින්, හැඟුම්, එලෙසින්ම, ලැබදෙන්නට, උපේක්ෂාට, මොහොතක, හොඳටම, රමාණවත්, මහතා, පැවසූ, කපන, බවේ, අරුමය, අතට, ලැබුණ, සැනින්, අතුරින්, අත්, විඳින්නට, හැකිවේවි, වටේ, රැඳි, බිම, වැටුනේ, මසක්, රචනයෙකිලා, වැඩි, තාවයක්, දක්වන, බැව්, පෙනේ, අනුකාරක, මනසකින්, යුතුව, මෙවන්, ඇතැමෙකුගේ, තුලම, රැඳිණ, අසංක්ෂිප්තය, රැඳව්වීමට, සමත්, මෙච්චර, වන්දනා, ගැහුවේ, අක්කගේ, අභිනව, වෙච්චි, රවේශයක්, ගන්නටයි, ඉතාමත්, 63ක, එකතුවකින්, සමන්විත, පොතක, නිසඳැස, සංකල්පයට, සෑහෙන, විදියට, ඉතාම, හුරුබුහුටි, සකසා, වටේට, හරව, හරවා, බැලුවේ, සෞම්, සඳරුවන්, ලියනගේ, නිර්මාණය, කංචුකයේ, නිර්මාණත්මක, බවත්, කමට, ඉහල, ඉටු, නිසාවෙන්මයි, පහුගිය, කිහිපයකට, පෙර, සහෘදයින්, කිහිප, දෙනෙකු, පසුගියදා, පැවති, tweetupsl, හමුවීමෙන්, එහිදී, හිතවත්, අතේ, හතරැස්, පෙරළමින්, කියවනවා, දැක්කා, ආසා, හිතුනත්, උත්සවය, අවසානයේදී, මරේගෙන්, ඉල්ලා, ගැනීමෙන්, අනතුරුව, බසයට, පිටත්වෙන, තුරු, පෙරළන්නට, facebook, කවියන්, කිවිඳියන්, අති, බහුතරය, අත්දැකීම්, අළලා, පිටුවල, පරිබාහිරව, පත්තර, වලත්, නිර්මාණ, එළිදක්වනවා, එළිදක්වන, නෙවෙයි, එකතුවෙන, සමහර, උඩුගංබලා, පිහිණීමක්, උත්සහ, අවස්ථා, විරළයි, දහස්, ඔන්ලයින්, ලියැවෙන, වින්දට, රසය, දොරට, වඩින, දෙස, ඇසක්, නොහරින, සමාජයක, පොතකට, මිලදී, යකාමය, මුදලේ, බලයට, යටව, නොකමැත්තෙන්, ඉඩදෙන, මිනිසුන්, සිටිනා, රටක, එඩිතරව, එළිදක්වන්නට, හදා, ගැනීම, චිනතන, පරාසයන්ට, අනුව, මාර, වැඩක්, අන්න, සංක්ෂිප්තයෙන්, 4690, මාර්තු, තෙවන, 500, තිබෙන්නේ, යථාර්ථය, ඉක්මවා, රීතියකිනි, ඉන්ද්, රජාලික, යථාර්ථවාදය, අධියථාර්ථවාදය, දිය, හැකියි, මාකේස්, අයියන්දේ, ලතින්, ඇමෙරිකානු, නවකතාකරුවන්, හරහා, හඳුනා, ගන්නේ, ඊයේ, වුව, දිගට, තිබුණු, පැහැදිලිය, කෙසේ, ආනයනය, නවකතාකරුවෙක්, පොළවේ, ගසා, අධියථාර්ථවත්, හසුරුවා, එබැවින්, එවැනි, සිදුවීම්, අභව්, නොදැනේ, විශිෂ්ටත්වය, වින්නඹු, මාතාවකි, ගෝමරී, වදන, වින්නඹුකම්, ගෝමරීට, දරුවා, එරෙයි, වෙනුවෙන්, එරෙන්නේ, පොඩිනාටයි, කිහිපවරක්, තමන්ගේ, ලිංගිකත්වය, රශ්න, වරක්, නිමිත්ත, තලා, අඹරන්නේ, වලිනි, බෙහෙතෙන්, බිංදුගේ, පිරිමියා, ආරංචිය, ලැව්, ගින්නක්, මෙන්, අහල, ගම්වල, පැතිරී, පුරා, පොඩිනාගෙන්, බේත, පැමිණෙති, කුමක්ද, කීමට, උත්සාහ, අධිරාජ්, යවාදීන්ට, එරෙහිව, නැඟී, සිටීමට, සිංහලයන්ගේ, පෞරුෂය, වර්ධනය, සංකේතවත්, කෙතරම්, අපූර්ව, ලෙසද, වල්ලී, පුංචිරාළගේ, දුව, මායම්, සාත්තර, යකදුරුකම්, ගැහැණියකි, ඇයත්, ගමේ, ආරච්චිලගේ, පුතා, පොඩිනිළමේත්, සිදුවන, ලිංගික, සම්බන්ධතාවය, අතිශයින්ම, පරපීඩකයි, ඇතැම්, බෙහෙවින්ම, හාස්, යජනක, හැසිරෙන, අයුරු, දිස්වේ, ඇතැඹුලක්, හසුරුවන, සැබවින්ම, විස්මයජනකය, එසේම, අධියථාර්තවාදයෙන්, තරම්, දේශීය, රයෝජනයට, නවකතාකරුවෙකු, වතාවට, මුණ, ගැසෙන්නේ, සෝලියෙන්, බොහොම, අකුටිලව, සඳහන්, යුතුයි, රත්න, විජේසිංහ, download, sinhala, feed,
Text of the page (random words):
ේ වල්ලී කියන පුංචිරාළගේ ලොකු දුව මායම් වී සාත්තර කියන යකදුරුකම් කරන ගැහැණියකි ඇයත් ගමේ ආරච්චිලගේ පුතා පොඩිනිළමේත් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවය අතිශයින්ම පරපීඩකයි ඇතැම් විට බෙහෙවින්ම හාස් යජනක ලෙස මේ චරිත හැසිරෙන අයුරු දිස්වේ නවකතාකරු මේ චරිත ඇතැඹුලක් සේ ගෙන හසුරුවන ආකාරය සැබවින්ම විස්මයජනකය එසේම අධියථාර්තවාදයෙන් මේ තරම් දේශීය ආකාරයට ප ් රයෝජනයට ගත් නවකතාකරුවෙකු මට පළමු වතාවට මුණ ගැසෙන්නේ මාගම් සෝලියෙන් බව බොහොම අකුටිලව සඳහන් කළ යුතුයි රත්න ශ් රී විජේසිංහ පසු සටහන් මාගම් සෝලිය කතුවරිය මොහාන් රාජ් මඩවල isbn 978 955 4690 00 4 ප් රකාශනය බිසෝ ප් රකාශන ප් රථම මුද් රණය 2012 දෙසැම්බර් දෙවන මුද් රණය 2013 මාර්තු තෙවන මුද් රණය 2013 මැයි මිල රු 500 00 පොත කියවා මෙහෙම ලිව්වේ lishan puwakovitage හරියට ම 11 49 pm 1 පාඨක ප් රතිචාර වර්ගීකරණය 2012 2013 ඓතිහාසික නවකතා බිසෝ ප් රකාශන මොහාන් රාජ් මඩවල සිංහල සංක්ෂිප්තයෙන් අසංක්ෂිප්තයට පාර කියන උපේක්ෂා ගේ කවි පළිඟු කැට මේ වන විට වත් පොත් නො එසේනම් facebook හී කවියන් කිවිඳියන් අති බහුතරය සිය අත්දැකීම් අළලා තම පිටුවල එසේත් නැතිනම් බ්ලොග් වල හෝ ඉන් පරිබාහිරව පත්තර වලත් තම නිර්මාණ එළිදක්වනවා මම මේ කියන්න යන්නේ ඒ එළිදක්වන පිටු වල ඇති කවි ගැන නෙවෙයි මේ කවි විඳින එකතුවෙන අය අතර සිටින සමහර අය ඉන් එහා යන්නට එසේත් නැතිනම් උඩුගංබලා පිහිණීමක් කරන්නට උත්සහ ගන්න අවස්ථා විරළයි දහස් ගණනක් ඔන්ලයින් ලියැවෙන කවි රස වින්දට ඒ විඳින රසය පොත ලෙස දොරට වඩින විට ඒ දෙස ඇසක් නොහරින සමාජයක කවි පොතකට මිල නියම කල විට මිලදී ගන්නට තමා තුල ඇති සාහිත් යකාමය මුදලේ බලයට යටව යන්නට නොකමැත්තෙන් හෝ ඉඩදෙන මිනිසුන් සිටිනා රටක එඩිතරව කවි පොතක් හෝ එළිදක්වන්නට හිත හදා ගැනීම මගේ චිනතන පරාසයන්ට අනුව මාර වැඩක් වෙන්නේ අන්න ඒ නිසා පහුගිය දවස් කිහිපයකට පෙර මගේ බ්ලොග් සහෘදයින් කිහිප දෙනෙකු පසුගියදා පැවති tweetupsl හී දී හමුවීමෙන් පසුව එහිදී අපේ හිතවත් මගේ මරණය අතේ හරි හතරැස් පොතක් පෙරළමින් කියවනවා දැක්කා කියවන්නට ආසා හිතුනත් උත්සවය අවසානයේදී මරේගෙන් පොත ඉල්ලා ගැනීමෙන් අනතුරුව බසයට වී එය පිටත්වෙන තුරු පිටු පෙරළන්නට වුණා මෙච්චර වෙලා වට වන්දනා ගැහුවේ උපේක්ෂා අක්කගේ අභිනව කවි පොත වෙච්චි පළිඟු කැට වලට ප් රවේශයක් ගන්නටයි ඉතාමත් සොඳුරු නිසඳැස් 63ක එකතුවකින් සමන්විත කවි පොතක නිසඳැස කියන සංකල්පයට ම සෑහෙන විදියට පොත ඉතාම හුරුබුහුටි ආකාරයට සකසා තිබෙන නිසා කවි කියවන්නට ප් රථම පොත වටේට හරව හරවා බැලුවේ සෞම් ය සඳරුවන් ලියනගේ විසින් නිර්මාණය කරන ලද පළිඟු කැට පොතේ කංචුකයේ නිර්මාණත්මක බවත් කවි වල ඇති වටිනා කමට ඉතා ඉහල ආකාරයේ සාධාරණයක් ඉටු කරන නිසාවෙන්මයි උපේක්ෂා සංක්ෂිප්ත කාව් ය රචනයෙකිලා වැඩි ප් රිය තාවයක් දක්වන බැව් පෙනේ අනුකාරක මනසකින් යුතුව මෙවන් කවි ලියන්නට ගිය ඇතැමෙකුගේ සංක්ෂිප්ත කවි සංක්ෂිප්තය තුලම රැඳිණ උපේක්ෂා මෙයින් වෙනස් වන්නේ සංක්ෂිප්තය අසංක්ෂිප්තය වෙත රැඳව්වීමට ඇය සමත් වීම නිසා ය කවියේ පෙරවදන ලියන මහාචාර්ය සමන් චන්ද් ර රණසිංහ මහත්මයා උපේක්ෂාගේ නිසඳැස් වලට ඇති පෙම ඉවැරදිව අඳුණාගෙන ඉතා අගනා විචාරය ඇයගේ ලියවීම පිළිබඳව පවසනවා ඇය විසින් ලියන්නට යෙදුනු මේ පොතේ ඇති බොහෝ කවි ගැන කරන ලද ඉතා සංක්ෂිප්තමය කියවීමක් බව රචකයාගේ අදහසයි සීමාගත වදන් කිහිපයකින් සුසැදි නිසඳැස් ආරේ මේ කවි තුල සහසකුත් වදන් වලින් කිව නොහැකිදේ ගැබ්ව ඇති යැයි කිවහොත් උපේක්ෂාගේ කවි රසිකයෙකු නම් ඊට එදිරිව කිසිවක් නොකියන බව සක්සුදක් සේ පැහැදිලියි ආදරය විරහව කුසගින්න ජීවිතය මරණය නිදහස වැනි මහා ප් රවාහයේ මෙන්ම කවියකට අකුරු වෙතැයි නොසිතන ආරේ මාතෘකා පවා උපේක්ෂාගේ පෑන් තුඩට හසුව අකුරු වී ඇති ආකාරය ඉතා ප් රශස්තයි කවි වලින් මගේ හිත මුලින්ම ඇදුනේ ඔහේ පිටු පෙරළද්දී අහම්බෙන් ඇස ගැටුණු 39 වෙනි කවිය හෙවත් මහන්සිය නැමැති සඳැසයි ඉණ වටේ රැඳි ඩහ බිංදු ටික බිම වැටුනේ නව මසක් ගිය පසු වචන කිහිපයක් තුලින් උපේක්ෂා කියවන්නාට උගන්වන සමාජ විද් යාව වචන කරන්නට ගියානම් කොතරම් කල ගතවේවිද ඒත් ඒ සියලු හිස්තැන් පුරවමින් ඒ හැඟුම් එලෙසින්ම ලැබදෙන්නට උපේක්ෂාට එක මොහොතක අකුරු කරන වදන් කිහිපයක් හොඳටම ප් රමාණවත් සමන් මහාචාර්ය රණසිංහ මහතා පැවසූ ඒ සංක්ෂිප්තය තුලින් අසංක්ෂිප්තයට පාර කපන නිර්මාණශීලී බවේ අරුමය ඔබ මේ පොත අතට ගන්නට ලැබුණ සැනින් ඒ පිටු අතුරින් ඔබට අත් විඳින්නට හැකිවේවි නිර්මාණශීලී බව යනු එයයි පසු සටහන් මේ පිළිබඳ good read සබැඳිය http is gd b5tutg පළිඟු කැට කතුවරිය උපේක්ෂා ඉමාලි ප් රේමතිලක isbn 978 955 53899 0 7 ප් රකාශනය කර්තෘ ප් රකාශන ප් රථම මුද් රණය 2012 ජනවාරි මිල රු 120 00 පොත කියවා මෙහෙම ලිව්වේ lishan puwakovitage හරියට ම 7 43 pm 0 පාඨක ප් රතිචාර වර්ගීකරණය 2012 උපේක්ෂා ප් රේමතිලක කර්තෘ ප් රකාශන පද් ය සිංහල ජීවිතය ගැන සුනේත් රා කියන කෙටි පණිවිඩය හා දිග කතා කෙටි කතා පොතකි කතන්දර හතකි ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය කෙටිකතා තුල හිඳ සුනේත් රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරගත් සුනේත් රා රාජකරුණානායක මහත්මිය පාලම් ගෙදර ගෙදර බුදුන්ගේ රහස චීන මනාලිය දෙවෙනි කසාදය හීල්ලීම දඹදිව වන්දනාව කෙටි පණිවිඩය ආදී වශයෙන් එකකට එකක් වෙනස් කතා හතකින් අපහමුවට එයි අතීතයත් අනාගතයත් අතරමැද පිහිටි වර්ථමානයක් නොවන තැනක හිඳ කියන කතාව අපේ වන්නට යන්නේ ඉතා සුළු වේලාවකි සිය පෙරවදන තුලින් සුනේත් රා පොත පිළිබඳව කියනා ආකාරයට ඉහත කී කතා හතෙන් හතරක් සිය ඉංග් රීසි කෙටි කතා පොතට ඇදුලත් වූ ඒවා ය කතාවක් නැවත නැවත ලිවීමේදී කතාව වඩාත් ඔපමට්ටම් වීම ගැන සුනේත් රා දරන්නේ මේ වැනි අදහසකි ඒ දෙවෙනි කසාදය කෙටි කතාව ඇසුරිනි දෙවෙනි කසාදය මුලින්ම මා ලිව්වේ අනුල ද සිල්වා ගේ ඉල්ලීමකට වනිතා විත්ති සඟරාව සඳහාය එය නැවත් ඉංග් රීසියෙන් ලියුවේ මුල් කතාව ළඟ නැතිව බෙයිජීනයේ සිටිය දීය දැන් එය නැවත් සිංහලයෙන් ලියනාවිට තවත් වෙනස් කම් සිදුවී තිබේ තමාගේ කතා තමා විසින් ම භාෂා දෙකකින් ලිවීමේ වාසිය ඒසේ නිදහසේ කතාව එහා මෙහා කරන්නට හැකි වීම ය කියූ ආකාරයට ම ඇය කතාව තුල එහාමෙහා ගොස් අපට කතා තුල පවතින හැරවුම් ලක්ෂයන් ගැන මෙසේ ඉඟිකරයි පාලම් ගෙදර අනේ සර් අපි ඉස්පිරිතාලෙට යනකල් ම එයාට සිහිය තිබුණා කිරි දරුවෙක් හේ මං උකුලේ තියාන ගියේ ඒයා අන්තිමට කිව්වේ දයෝ මොනා හරි වුනොත් මගේ පොත්ටික ඩියාරෝ මහත්තයට දෙන්න ඕන කියලා සර්නං පොත් ටික හොඳට බලාගනියි කියලා කීවා අනේ අප්පේ අච්ච් රයි කීවේ ඉස්පිරිතාලේ ගාවදී දෙපාරක් ගැස්සුනා වගේ වුණා ඇස් වල කඳුලු මොනවද කියන්න වාගේ කට ඇරියා වචන පිට වුනේ නෑ එච්චරයි ගෙදර බුදුන්ගේ රහස ඕගොල්ලෝ කැමති කෙනෙක් බැඳ ගන්න ඒ වුනාට මට වුණා වගේ ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ ඒ හින්ද තමන්ට තනියන් වුනත් ජීවිතේ ගැට ගහගන්න පුලුවන් දෙයක් ඉගෙන ගන්න මිසක් කසාදෙට හදිස්සි වෙන්න එපා ඕනම කෙනෙකුට නොහිතන නොපතන දේවල් වලට මූණ දෙන්න වෙනවා හමුදාවේ කෙනෙක්ගේ ජීවිත කොයි වෙලාවෙද දන්නේ නැහැනේ ඒ හන්දා තමන්ට ඊට වඩා හයියක් තියෙන්නේ ඕනේ හමුදාවකට පොලීසියකට වඩා හිතේ හයියක් තියෙන්න ඕනේ ගෑණියෙකුට චීන මනාලිය එහෙ මිනිස්සු කොකා කෝලා බොනවද අප්පච්චී නළල රැළිකරගෙන ඇහුවා මාසෙකට විතර කලින් මැයි දිනේට යනකොට අප්පච්චිලා මැයි රැළියට බැනර් එකක් අරගෙන ගියානේ බහු ජාතික බූවල්ලෝ පලවා හරිවු කියලා චීනේ ලෝක වෙළඳ සංවිධානේට එකතු වුණා නිදහස් වෙළඳාම තමයි ඕනේ කියන්නේ නාමලී අපි කවුරුවත් බලාපොරොත්තු නො වුණු උත්තරයක් දුන්නා ඒ කියන්නේ ඒ ගොල්ලෝ ඇමරිකාව එක්ක යාලුද විශ්ව විද් යාලේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න අපේ ලොකු අම්ම්ගේ දූ සචී ඇහුවා ඔව් ඇමෙරිකාව තමා අපේ හොඳම ගනුදෙණුකාරයා අපි වෙන දෙයක් කතා කරමු ඔව්වා සේරම කතා කරන්න තව කොච්චර දවස් තියෙනවද ලොක්කා වහාම පනලා කතාව නුහුරට යන එක පාලනය කලා දෙවෙනි කසාදේ අප්පච්චී බැඳලා තියෙන්නේ ළමයෙක් හම්බවෙච්චි සිරියාවතීලු හරමානිස් ලොකු අක්කට ෆෝන් කරලා කිව්වලු දැං සේරම ඉවරයි කියලා හරමානිස් කියලා තියෙනවා ඒයා කියපු බවක් නං අඟවන්න එපා කියලා ඒ මිනිහා පවුලේ කෙනෙක් වාගේ නේ හැම වඩක් ම කරගෙන වැටිලා ඉන්නේ ලොකු අක්කා එවෙලෙම පිටත් වෙලා මෙන්න සිරියාවතී ලොක්කී වගේ අම්මගේ පොඩි හාන්සී පුටුවේ දිගාවෙලා ඔය මොකද්ද මල් පොතක් කියවනවලු ඒ ගෑනිගේ ළමයා අපේ අර පරණ ලී අස්සයා පැද පැද හිටියලු මට තේරුම් ගන්න බැරු වුනේ ලී අස්සයයි මල් පොතයි කතාවට සම්බඳවෙන්නේ කොහොමද කියලයි හීල්ලීම අනේ මම හිතුවේ ඒ දෙන්න කසාද බඳියි කියලයි ඒ වුනාට දහම් ට පුන් යා වගේම තව පෙම්වතියෝ හිටියාලු ඒ වුනාට අග මෙහෙසිය පුන් යා කියලා තමාලු කියන්නේ මොන කපටියෙක් ද ඔයට ආත්ම ගෞරවයක් නැද්ද ඇයි ඔය මිනිහගේ දහම් පණිවිඩ අහන්නේ අනේ මං න්ං වගේ නං ඕකා ඉන්න පැත්ත බලාගෙන බත් කන්නේ වත් නෑ කියලා මං බැන්නා දඹදිව වන්දනාව මං ඔය බණක් දහමක් අහනවා මිස එක එකීගේ රෙදි බලන්න යන එකක් යැයි ළමයෝ මේං වැන්දා ලොකම්මේ ඇට්ටරයා ලීලාවතීට දෑත් එක්කලේ හිස ද පහත් කරමිනි උඹ පළයං මම අයියලාට කියලා බලන්නං අයියලාගේ සපෝට්ටෙකක් ලැබුණේ නැත්තං ඉතිං හිඟන්නෙක් වගේ පැදුරු කෑල්ලක ඔතලා ආණ්ඩුවේ කුණු ටැට්ටරෙං වලට පාත් කරන්නයි වෙන්නේ මොකෝ මෑන් අපිට කියලත් කරපු දෙයක් නැහැනේ කෙටි පණිවිඩය චාල්ස් මට හිතෙන්නේ ඒගොල්ලෝ රුපියල් දහ දාහක විතර පඩියක් ගන්න හින්දම නෙවී කියලා ඔහොම හිනාවෙලා ඉන්නේ මා යලිත් කටහඬ අවදිකලේ පරන්තන් හන්දියේ කඩ පසුවූ විට දිස්වෙන තල්ගසක් වටකොට ගත් බෝගස පසුවන විටය ඔව් රස්සාව අමාරු උනත් සටන් විරාමයක සැනසීමක් ඇතිනේ මෙසේ සුනේත් රා හදවතට කියනා කතාව හඳුණාගන්න පසු සටහන් කෙටිපණිවිඩය සහ දිග කතා කතුවරිය සුනේත් රා රාජකරුණානායක isbn 955 573 463 1 ප් රකාශනය සරසවි ප් රකාශකයෝ ප් රථම මුද් රණය 2006 දෙවන මුද් රණය 2008 මිල රු 275 00 පොත කියවා මෙහෙම ලිව්වේ lishwish හරියට ම 2 43 am 5 පාඨක ප් රතිචාර වර්ගීකරණය 2006 2008 කෙටිකතා සරසවි ප් රකාශකයෝ සිංහල සුනේත් රා රාජකරුණානායක අලු ජීවිත ගැන කියැවෙන කිඳුරු අරණ කතාව අතිශය පුදුම සහගතය මායාලොවෙන් හා යථාර්තයෙන් පිරුනු මේ කතාන්තරය අපව කඳවන්නේ අමුතුම ලොවකට ය කිඳුරු අරණේ සිටින්නේ අපට නිතොර සාමාන් ය ජීවිතයේ දී හමුවන අයයි එහෙත් බෙම්මින් ගේ රචනා ශෛලියෙන් ඔවුන් වටා අමුතුම මායා බලයක් අරෝපණය කර ඇති වග පෙනෙන්නට තිබේ විශාල චරිත ගණනක් වුවත් ඔවුන් අතර වන සහ සම්බන්ධය තේරුම් ගන්නට පාඨකයාට අපහසු වන්නේ නැත කෙටියෙන් කිවහොත් මේ කතාවේ චරිත පෙළගස්වන්නේ අනායාසයෙකිනි මායා බවින් පිරි සුරංගනා කතාවක් වැනි වූවාට මෙහි මායාකාර කඩු දරන්නන් යක්ෂාධිපතිවරු මකරුන් හා ලිලිපුට්ටන් වැනි සාම්ප් රදායික මායා ජීවිත පෙනෙන්නට නැති ඒ වෙනුවට ඇත්තේ අප සමාජයේ ම සොඳුරු ජීවිත වල එක්කාසුවකි කතාව ආරම්භ වන්නේ ප් රාග්ලන්තයේ සිටින තරුණයෙකු වන ශ් රාවක විසින් කියන්නට පටන් ගන්න කතාවකිනි අතිශය මිහිරි හඬක් පිටවෙන බට නලාවකින් හා මායා කාරී ගල් කැබලිත්තක උරුම කරුවෙක් වන මොහු කතාවේ පොතේගුරා චරිතය ද නිරූපණය කරයි තරුණයාගේ එකම බලාපොරොත්තුව වන්නේ ගල් කැබලිත්තේ ඇති මායාකාරී බලය පිළිබඳව දැනගැනීමයි මේ අරුම පුදුම ගලේ රහස් හොයාගෙන යන අතරේ විවිධාකාර වූ මනු ජීවිත හා බද්ධ වෙමින් ඉදිරියට යාමට ශ් රාවක ට සිදුවේ එම ඉදිරියට යාම ගෙතෙන්නේ ද අමුතුම ආකාරයකට ය පාශානය හිමි ආනිගේ කතාව අර්ලාගේ කතාව බාලෝ හා ඔහුගේ පුත් ර ප් රෙඩ්බාර් ගේ කතාව ප් රීතිමත් රජුගේ කතාව මේ ආදී වශයෙන් විවිධ චරිත හා බද්ද වෙමින් කෙරෙන්නා වූ සිවුසැරිය සැබැවින් ම අපව ගෙන යන්නේ මායා කාරී ලොවකටය දශක ගණනාවක් පුරාවට ශ් රාවක තම සැරියේ යෙදෙයි ඒ අතරතුර ජීවිතයේ නියම වටිනාකම ඇත්තේ සැබෙවින් ම කුමකද ජීවයේ නියම හරය පවතින්නේ කොහේද යන සාංසාරික ගැටලු වලට විසඳුම් කතානායකයා වෙන ශ් රාවක විසින් ම අවබෝධ කරගන්නා ආකාරය බෙම්මින්ගේ වහරින් චිත් රාගේ සරල සුගම පරිවර්තන ශෛලිය තුලින් අපට මොනවට පෙන්වාදෙයි කෙටියෙන් ශ් රාවකගේ ජීවිතය ගැන කතුවරයා පොතේ පසුවදනේ වැකි කිහිපය එයට හොඳම නිදසුනකි දෛවය විසින් ජීවිතය යථාපරිද්දෙන් අවබෝධ කරගනු පිණිස ඔහුට ත් යාගයන් දෙකක් පිරිනැමුවේය එහෙත් පාෂානය දරන්නා සේ ඔහු කිසිවක් දැන සිටියේ නැත වස්දඬුවේ නාදය තුලින් ද ඔහු ජීවිතය නොහඳුනා ගත්තේ ය තාරුණ් ය නැමති ත් යාගයේ අගය නිසිකල නොවටහාගත් ශ් රාවක ජීවිතයේ නොසිතූ ගැඹුරක් ඇති වග පසක් කරගන්නේ වියපත් වන සමයේදී ය පසු සටහන් the stone the flute සිංහල පරිවර්තනයේ නම කිඳුරු අරණ පරිවර්තනයක් නම් මෙහි මුල් කතුවරයා හාන්ස් බෙම්මින් hans bemmann ප් රථම මුද් රණය 1983 ඉන්ස්බෘක් ඔස්ට් රියාව සිංහලයට පරිවර්තනය චිත් රා අයි පෙරේරා ප් රථම සිංහල මුද් රණය 2008 කොළඹ ශ් රී ලංකාව isbn 978 955 652 431 4 ප් රකාශනය විජේසූරිය ග් රන්ථ කේන්දය කිඳුරු අරණ 01 කොටස මිල රු 550 00 කිඳුරු අරණ 02 කොටස මිල රු 480 00 පොත කියවා මෙහෙම ලිව්වේ lishwish හරියට ම 2 28 am 4 පාඨක ප් රතිචාර වර්ගීකරණය 2008 චිත් රා අයි පෙරේරා පරිවර්තන විජේසූරිය ග් රන්ථ කේන්ද් රය සිංහල ගිගිරි වැලේ කවි කවියක් වේනම් ඒ කවියෙන් දෙන පණිවුඩය හරවත් විය යුතු සරළ සුගම බස්වහරෙන් කියවන්නාව සනසවන පද හෑලි සියල්ලට ම කවි යන විශේෂණ පදය යොදන්නට හැකියාවක් නොමැත්තේ කවියක් යනු නිකම්ම නිකම් වචන අහුරක් නොවන බැවිනි මේ වචන අහුරක් නොවන පද වින් යාසයට යන තේමාවට නියම ම සාධාරණයක් ඉටුකල පද් යාවලියක් මට කාලාන්තරයකට පසුව ලැබුණේ පසුගිය දෙසැම්බර් දහ නව වෙනිදා පවත්වන්නට යෙදුනු සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ පළමු සුහද හමුව දවසේදීයි ඒ මේ පොතේ කතුවරිය හෙවත් අපි කවුරුත් හොඳින් දන්නා අක්කණ්ඩී නො එසේනම් පුෂ්පා රම්ලනී මහත්මිය සිහිවටනටක් ලෙසින් ලබාදුන්නු මේ අගනා පොත නිසායි ගිගිරි වැලේ කවි නමින් පලවන්නේ ඇයගේ මේ පළමු ප් රකාශනය නොවේ බුදු වෙන්නට හිතා නොවේ පද් ය ඔටුන්න හිමි කුමාරයා පද් ය සාමූහික සඳලුතලෙන් මහපොළවට පද් ය සාමූහික ශිල්ප සත්වන දවස දක්වමි පද් ය සාමූහික කාලිමුත්තුගේ පුරවැසිභාවය පරිවර්තන දෙමළ කෙටිකතා ඉබ්නු අසුමත් සමඟ තුන්වෙනි රාත් රිය පරිවර්තන තෝරාගත් කෙටිකතා කේරළ කෙටිකතා පරිවර්තන මේ ආකාරයේ වූ දිගු සාහිත ඉතිහාසයක් ඇයට හිමිය කවිපොතට පසුවදනක් සපයන මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ කතුවරිය පිළිබඳව මේසේ මත පලකරති පුෂ්පා රම්ලනි යනු පාඨක කොවර අලුතින් හඳුන්වා දියයුතු තැනැත්තියක් නොවේ ය යනු මගේ අදහසයි මන්ද යත් ඇයගේ මුම කවිමා කියෙව්වේ මීට දශක ගණනාවකට ඉහත දී බැවිනි එවක ඒ කවි කියවා ඒවායේ ගුණදොස් ඇය වෙත ලියා යැවූ බවද මට මතකය එහෙත් ඇය අඛණ්ඩව කවිය තුල රැඳී නොසිටියාය ඇය කවි රචනා කලා වන්නට පුලුවන එහෙත් ඒවා අපට කියවන්නට නොලැබිණ ඈ යළි කවියට පිවිසෙන්නී ගිගිරි වැලේ කවි කලස තුලිනි මේ සමස්ත කාව් යාවලිය තුලින් දෝංකාර දෙන්නේ පීඩාවට පත් අද් යතන කතගේ විමුක්තිකාමී හඬ යැයි මට සිතේ එකී කාන්තා හඬ පුශ්පාරම්ලනී කිවියා තුලින් අසෙන්නේ කවරාකාර ලෙසදැයි සවන් යොමා බැලීම රසිකයා සතු කාරියකය යනු මගේ හැඟීමයි උපහාරකවිය නුඹ සහ මම සුපසන් ගජමන් අබිමන් පෝරුවේදී කියන කවිය මේ ආදී අලංකාරවත් කවි මුතු 44ක් අමුණා තනා ඇති මේ කවිමාලය නූතන කවියට ලැදි සියල්ලොම කියැවිය යුතු බව අපගේ අදහසයි පසු සටහන් ගිගිරි වැලේ කවි කතුවරයා පුෂ්පා රම්ලනී isbn 955 20 4854 0 ප් රකාශනය ඇස් ගොඩගේ සහ සහෝදරයෝ 675 මරදාන පාර කොළඹ 10 මිල රු 100 00 පොත කියවා මෙහෙම ලිව්වේ lishwish හරියට ම 3 07 am 0 පාඨක ප් රතිචාර වර්ගීකරණය 2001 ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පද් ය පුෂ්පා රම්ලනී සිංහල කූඩු කිරිල්ලී අරාබි කුමරියක් ලෙස ඔබට මැවෙන්නේ කිනම් රුවක් ද කෙටියෙන් කිවහොත් සෞභාග් යයේ ප් රතිමූර්තියක් බවට සැකයක් නැත දෑස පමණක් රඟදෙන ඒ රුවට යටින් ඇති කඳුලු කතාව ජීන් කියන්නේ මේ ලෙසයි මේ උපුටන්නේ චිත් රාගේ කූඩු කිරිල්ලී පොතෙනි ජීවිතයේ මුල් වසර පිළිබඳව මා සිතෙහි නොරැඳේ පුරුෂ ලිංගයක් රහිතව ඉපදීමේ පාපය නිසා මා මේ බිමේ කිසිම වටිනා කමකට හිමිකම නොකියන කෙල්ලක් බවට පත් වී ඇත ඇන් ළදැරියන් මේන් සිනා නඟන්න ට සෙල්ලම් කරන්න ට මා පෙළඹී නොමැත්තේ ඒබව නොදත් නිසා ය පෙරවදන 2 පිට පළමු ඡේදය කලාව චිත් රණය ප් රේමය තහනම් වූ ලෝකයක් පුරුෂාධිපත් ය ට නතු වූ රටක් පුතුන් ට දේවත්වයෙන් සලකන රටක් බිරිඳ ගේ සරු බව ඇය පිරිමි දරුවන් වැදීම මත තීරණය කරන සැමියන් සිටින රටක් අවසාන වශයෙන් දෙවියන් ගේ නාමයෙන් කරන සියලු අකටයුතුකම් පුරුෂාධිපත්යයේ බලමහිමෙන් සර්ව සාධාරණී කරණය කරන රටක් ඔබ අසා තිබෙනවාද එසේනම් ජීන් පී සැසන් jean p sasson ගේ princess a true story of life behind the veil in saudi arabia නො එසේනම් චිත් රා අයි පෙරේරා විසින් පරිවර්ථිත කූඩු කිරිල්ලී පොත කියවන්න මේ පිළිබඳව not without my daughter හි කතුවර බෙටී මමෝඩි betty mahmoody මෙසේ පවසයි මානව අයිතිවාසිකම් ගැන මඳ පමනින් හෝ සිතන්නේ නම් මේ හද පාරවන කතාව ඔහු හෝ ඇය කියවිය යුතුය ඒ මැද පෙරදිග සත් ය කාන්තා හද ගැස්ම ගැන වූ විශ්වසනීයත්ව ය මේ කතාව උරුම කොට ගන්නා නිසාය ඡන්ද බලයක ට කිසිදු හිමිකමක් නොකියන තම ජීවිතයට පවා අයිතිවාසිකම් කියන්න ට වාසනාවක් නොමැත්තී ඈ ගෙවන්නේ රන් කූඩුවක දැමූ කිරිල්ලියක ගේ ජීවිතයකි පුරුෂාධිපත් යයේ සලුවය මුවා වූ මේ පොතෙන් කියැවෙන අරාබි කුමරිය සිරකාරියකි ඒ පියා සොයුරා සැමියා හා පුතුන් තම ලොව බලධාරින් වන හෙයිනි සෞදි රජ පෙළපතට නෑකම් කියන මේ කුමරිය කියන ජීවන අන්දරය හැමදෙනාම කියවිය යුත්තේ මේ නිසා ය පසු සටහන් princess a true story of life behind the veil in saudi arabia සිංහල පරිවර්තනයේ නම කූඩු කිරිල්ලී පරිවර්තනයක් නම් මෙහි මුල් කතුවරයා ජීන් පී සැසන් jean p sasson ප් රථම මුද් රණය 1992 එක්සත් රාජධානිය සිංහලයට පරිවර්තනය චිත් රා අයි පෙරේරා ප් රථම සිංහල මුද් රණය 2003 කොළඹ ශ් රී ලංකාව isbn 955 8033 57 x ප් රකාශනය විදර්ශන ප් රකාශන මිල රු 320 00 පොත කියවා මෙහෙම ලිව්වේ lishwish හරියට ම 12 50 am 9 පාඨක ප් රතිචාර වර්ගීකරණය 2003 චිත් රා අයි පෙරේරා පරිවර්තන විදර්ශන ප් රකාශන සිංහල older posts subscribe to posts atom ප් රවර්ග 2001 1 2003 1 2006 2 2008 5 2012 2 2013 1 ඇස් ගොඩගේ සහ සහෝදරයෝ 1 උපේක්ෂා ප් රේමතිලක 1 ඓතිහාසික 1 කර්තෘ ප් රකාශන 2 කෙටිකතා 3 චන්දන මෙන්ඩිස් 1 චිත් රා අයි පෙරේරා 2 ධනාත්මක චින්තනය 1 නව අදහස් 1 නවකතා 1 පද් ය 2 පරිවර්තන 5 පුෂ්පා රම්ලනී 1 බිසෝ ප් රකාශන 1 මොහාන් රාජ් මඩවල 1 යාකූත් සහ ලීලා වික් රමරත්න 1 රන්ජන් අමරරත්න 1 ලීලානන්ද ගමාච්චි 1 විජේසූ...
|