Meta tags:
keywords= Wildlife Photography;
description= Photography Wildlife Photography in Srilanka;
Headings (most frequently used words):
ඡායාරූප, මා, එක, නගා, ගැනීමට, ගත, ඡායාරූපයට, අරමුනක, විය, ඉතාමත්, මෙම, බොහෝ, එසේ, වරකට, කර, සිත, යුතුය, එය, දකින, එක්, වස්තුවක්, මට, මෙසේ, හැකි, පමනක්, වගුරු, වන, ජීවී, ඡායාරූපයක්, අරමුන, ඉතාම, ඔබට, එම, එකම, අවධානය, ගත්, උකුස්සන්, හා, සුන්දර, වෙල, ඉගිලී, photography, 26, 2012, blog, සාර්ථක, ඔබගේ, තබා, ශිල්පය, එහෙත්, විට, සිදු, වන්නේ, හැම, පමනි, ලෙස, පිංතූරයක්, දුර්ලභ, කෙරෙහි, ඉහතින්, දක්වා, ඇත්තේ, යුවල, විත්, මොහොතක්, නතර, වූයේ, පිංතූර, ඇති, යන, වාහනය, අසල, ඉරියවු, ප්, වඩා, පැස්තුඩුවන්, මම, වගුරින්, ඒකා, ගිය, පසු, වෙනත්, යොමු, එහි, කල, වරල්, සමග, සොඳුරු, සියල්ලම, පුරුදු, extension, nature, wildlife, sunday, september, 2014, thursday, july, tuesday, june, archive, total, pageviews, followers, subscribe, now, feed, icon, about, me, ගැන, බිඳක්, prasad, hapuarachchi, search, this, sites, like, pages, නම්, හදාරන්නවුන්, ලොබ, බඳී, මෙහිදී, නොයොදවා, අරමුනක්ම, පෙලඹීමයි, නොවිය, ශිල්පයට, අතපොත්, තබන, අවදියේදී, මාද, මෙලෙස, අරමුනක්, නැතුව, සත්වයෙක්ම, ගත්තෙමි, පුළුවන්, තරම්, ගැනීම, පමනක්ම, වැරදි, ක්, රම, වේදයක්, බව, පවසන්නේ, අවුරුදු, 20ක, පමන, අත්දැකීම්, තුලින්ම, ලබාගත්, දැනූමේ, සම්පින්ඩනයක්, ලෙසිනි, යුත්තේ, උදාහරනයක්, අපි, යාල, දිවියෙකුගේ, ගනිමින්, සිටිනවායයි, සිතමු, සමගම, උක්ස්සෙකු, ඇවිත්, ලඟ, අත්තක, වැසුවොත්, ඔබ, අනිවාර්යෙන්ම, දෙසෙටද, කැමරාවා, මානා, උකුස්සාගේද, ගන්නවා, නොඅනුමානය, මොහොත, දිවියාගේ, සිත්කළු, හැසිරීමක්, මග, හැරීමට, ඉඩකඩ, ඇත, නිසා, අපේ, සිතත්, කැමරාවත්, වනජීවී, භාවනාවක්, මේ, නිසාය, මොහොතක, අපගේ, යොමුකරගෙන, ඒකාත්මීය, කරගනු, ලබන්නේ, මෙවලමද, ඊට, එකතු, ගනිමිනි, විල්පත්තුවේදී, මවිසින්, මුහුදු, දෙදෙනෙක්ගේ, ඡායාරූපයකි, අහස්, කුස, පුරාම, සැරිසරමින්, අනග, රංගනයක, යෙදෙමින්, සිටි, වම්පසින්, දකුනු, පසින්, පියාඹා, දසුන, හට, කෙරෙහිම, යොදවාගෙන, උන්ගේම, ඡයාරූපයට, නිසාවෙනි, වාසය, කරන, වටපිටාව, වටපිටාවකි, කාර්යාලයට, යන්නට, නිතරම, තෝරා, ගන්නේ, මැද්දෙන්, වැටී, පාරකි, සහිත, රැඳෙමින්, කුරුල්ලන්ගේ, නරඹමින්, සිටින්නෙමි, ඉන්, සිතට, රබෝදයක්, ලැබේ, දිනක්, රැකියාවට, එන, අතරතුර, අන්, කවරදාටත්, කොකුන්, බිමෙහි, රැඳී, සිටිනවා, දුටුවෙමි, නැවත, හරවා, නිවසට, කැමරා, ආම්පන්න, ටිකද, රැගෙන, නැවතත්, බිමට, පැමිනියෙමි, කොකුන්ගෙන්, බිමේ, සුන්දරත්වය, ආකර්ශනීය, තිබුනි, කුරුල්ලන්, සිටියද, අරමුනු, කරගන්නේ, කුරුල්ලෙක්, තුරුම, විවිද, ගන්නා, කුරුල්ලෙකු, වෙත, පෙර, ලෙසම, කුරුල්ලාගේම, අරගනිමි, රථිපලයක්, කීපයක්ම, එදින, මාළුවෙකු, දඩයම්, අභිජනන, අවදියේ, සිටින, කොකෙකි, වතුරෙන්, එලියට, මාළුවා, ඩැහැගත්, අවස්තාව, ඡායාරූපය, විශාල, බැලීමේදී, ගසන, මාළුවාගේ, වල, වතුර, ඒකාගෙ, ලේ, බිඳු, විසිරෙනු, දැක, හැක, ඔබටද, බලා, රිසි, වනු, වස්, විශාලනය, පල, කරමි, ගොදුර, ගිල, දමා, පක්ෂියා, මාගේ, කොකෙකු, වෙත්, කලෙමි, එකාගේ, වුයේ, ආක්, රමණික, යෝධ, නිදිකුම්බා, පඳුරක, තටු, විදා, වහන්නට, සැරසෙන, මොහොතකය, මෙහි, පහතින්, දිස්, වනුයේ, එකී, ඡායාරූපයයි, මාහට, පාදක, වූ, කාරනාව, යොමුකරමින්, වස්තුවෙහි, වී, සිටිමය, නොවන්නට, සාමාන්, ඡායාරූපයකට, වෙනසක්, ගන්නේද, නැත, එබැවින්, තබාගෙන, ඡායාරූපවලට, ඔබද, පුහුනු, වන්න, හැකිවනු, නොඅනු, මානය, tube, experiment, ට්යුබ්, පරීක්ෂනයක්, මැක්, රෝ, ඡායාරූපකරණයට, අත්වැලක්, macro,
Text of the page (most frequently used words):
මැක් (17), #ඡායාරූප (16), #ගැනීමට (10), ඉතාමත් (10), share (9), නගා (9), nikon (8), බොහෝ (8), ඡායාරූපයට (8), prasad (7), hapuarachchi (7), භාවිතා (7), මෙම (7), අරමුනක (7), වරකට (6), විය (6), photography (5), එකතු (5), ඡායාරූපයක් (5), නම් (5), මෙසේ (5), එක් (5), එසේ (5), 2012 (4), this (4), ගත් (4), ගනිමින් (4), මාගේ (4), එකම (4), සාර්ථක (4), ජීවී (4), එහෙත් (4), ඔබට (4), සමග (4), වස්තුවක් (4), පමනක් (4), හැකි (4), වගුරු (4), සිත (4), යුතුය (4), දකින (4), කැමරාවට (3), ලැබෙන (3), subscribe (3), pinterest (3), facebook (3), blogthis (3), email (3), comments (3), posted (3), ඇති (3), කරන (3), ලෙන්ස් (3), එකක් (3), කැමරා (3), කරමි (3), විට (3), හැම (3), extension (3), සුන්දර (3), අවධානය (3), ඉගිලී (3), අරමුන (3), ඉතාම (3), වෙල (3), උකුස්සන් (3), nature (3), wildlife (3), home (2), blog (2), ෆිල්ම් (2), ඡායාරූපකරණයට (2), අවුරුදු (2), සියළුම (2), ලබා (2), උපාංග (2), තුලින් (2), සෑම (2), ලැබුනු (2), අවස්තාව (2), ගැන (2), september (2), 2014 (2), july (2), june (2), posts (2), read (2), more (2), ඡායාරූපකරණයේ (2), නාභි (2), කිරීම (2), ඉන් (2), සඳහාම (2), ලෙන්සයක් (2), සාමාන් (2), reverse (2), lens (2), යුතුමය (2), සඳහා (2), නැත (2), කරගත (2), ආලෝකකරණ (2), රේල් (2), කේබල් (2), පාවිච්චි (2), ලබන්නේ (2), d7000 (2), දෙක (2), 105mm (2), r1c1 (2), කට්ටලය (2), කැමරාව (2), ආම්පන්න (2), tube (2), පුරුදු (2), සොඳුරු (2), පිංතූර (2), සියල්ලම (2), වූයේ (2), කෙරෙහි (2), වඩා (2), ඉහතින් (2), දක්වා (2), ඇත්තේ (2), වරල් (2), එහි (2), ගිය (2), පසු (2), වෙනත් (2), යොමු (2), පිංතූරයක් (2), පැස්තුඩුවන් (2), පමනි (2), වගුරින් (2), ඒකා (2), ඉරියවු (2), ලෙස (2), වාහනය (2), නතර (2), අසල (2), මොහොතක් (2), විත් (2), දුර්ලභ (2), යුවල (2), ඔබගේ (2), තබා (2), ශිල්පය (2), වන්නේ (2), සිදු (2), all, rights, reserved, powered, blogger, pages, nimnaya, ලාංකීය, සිතුවිලි, අනන්තය, sites, like, search, photo, stream, view, complete, profile, 1995, රිකෝ, කැමරාවකින්, මගේ, ගැසූයේ, කීපයක්, තිස්සේ, කරගත්, ධනය, මොහොතකින්, වියදම්, කරමිනි, රුපියල්, 000, පසුව, ටිකක්, ඡයාරූපකරණයේ, පෙත්, එලි, පෙහෙලි, උත්සුක, වූයෙමි, දෙස්, විදෙස්, ශිල්පීන්ගේ, කමටහන්, පොතක්ම, කියවමින්, දුර, ගෙවන්නට, යත්න, දැරූවෙමි, ඡායරූපකරණය, හුදෙක්, විනෝදාංශය, වියවුල්, මනසට, මෙය, තවත්, භාවනාවකි, කාලය, අවස්තාවකම, භාවනාවට, වදිමි, වර්ෂ, 2000, සමු, ඩිජිටල්, කැමරාවකට, ගැසූවෙමි, කාර්යාලීය, අවශ්, යතාවයක්, උදෙසා, රාජකාරී, මට්ටමින්, සිංගප්පූරුවට, යාමට, රයෝජනයට, සංචාරයට, කාර්යාලයෙන්, අරමුදල්, බොහෝම, දුකසේ, ඉතුරු, කරගනිමින්, තිබුන, රෙඩිට්, කාඩ්, එකේ, පහසුකම්, කරමින්, d70s, ගැසූයෙමි, උත්සාහය, උක්, දන්ඩක්, වැන්නේ, වැලඳූ, පසුවයි, මිහිර, දැනෙන්නේ, kaduwela, colombo, sri, lanka, about, බිඳක්, reader, now, feed, icon, followers, total, pageviews, may, march, archive, atom, older, භාවිතයට, ගැනුණු, දුෂ්කරවූ, ඡායාරූපකරණය, රෝය, සීමිත, පරාසයක්, depth, field, තුල, ලේන්සය, ශරීරයට, වෙහෙසකරය, අවසාන, රතිපලය, තෘප්තිය, පවසන්නට, වචන, නැතිවනු, නොඅනුමානයි, නියැලෙන, දෙනා, විවිධාකාරයට, ගනිති, කෙනෙකු, වෙන්කළ, අතර, තවකෙකු, සීරු, මාරු, කරයි, අවස්ථා, දෙකෙන්, වඩාත්ම, ගුණාත්මක, භාවයක්, ගෙන, දිය, හැක්කේ, නිෂ්පාදනය, පැවසිය, පුහුණුවක්, ලැබීමට, රමය, කලාට, කිසිම, වැරද්දක්, සැලකිල්ලක්, දක්වන්නේ, ඔබගේම, විතරක්, නොව, මීට, යුතු, මෙවලම්, කිහිපයක්, එනම්, කට්ටලයක්, රිපාදයක්, tri, pod, රිලීසයක්, ආදී, වශයෙනි, කරනු, කට්ටලයකි, d200, එකත්, සියුම්, ඡායාරූපකරණයක්, manfretto, gitzo, රිපාදය, කරගන්නා, අවස්ථාවකදීම, රිලීසය, කිරීමටද, වගබලා, ගනිමි, අත්වැලක්, macro, tuesday, ඉදිරියෙන්, පෙනෙන, ආකාරය, extention, tubes, ආලෝක, කාචය, පිලිබඳ, උනන්දුවක්, දක්වන, දෙනෙකුගේ, ඉල්ලීම, පරිදි, පරීක්ෂනය, අත්, හදා, බැලීම, කලේ, පහත, සඳහන්, උපකරන, උපයෝගී, කරගනිමිනි, ලබාදීම, පිලිබඳව, cameralk, ආයතනයේ, අනුෂ්ක, මල්ලීට, ස්තූතිය, හිමිවේ, experiment, ට්යුබ්, පරීක්ෂනයක්, thursday, එබැවින්, තබාගෙන, ඡායාරූපවලට, ඔබද, පුහුනු, වන්න, හැකිවනු, නොඅනු, මානය, මාහට, පාදක, කාරනාව, යොමුකරමින්, වස්තුවෙහි, සිටිමය, නොවන්නට, ඡායාරූපයකට, වෙනසක්, ගන්නේද, මාළුවෙකු, දඩයම්, අභිජනන, අවදියේ, සිටින, කොකෙකි, වතුරෙන්, එලියට, මාළුවා, ඩැහැගත්, ඡායාරූපය, විශාල, බැලීමේදී, ගසන, මාළුවාගේ, වතුර, ඒකාගෙ, බිඳු, විසිරෙනු, දැක, හැක, ඔබටද, බලා, රිසි, වනු, වස්, විශාලනය, ගොදුර, ගිල, දමා, පක්ෂියා, කොකෙකු, වෙත්, කලෙමි, එකාගේ, වුයේ, ආක්, රමණික, යෝධ, නිදිකුම්බා, පඳුරක, තටු, විදා, වහන්නට, සැරසෙන, මොහොතකය, මෙහි, පහතින්, දිස්, වනුයේ, එකී, ඡායාරූපයයි, කොකුන්ගෙන්, බිමේ, සුන්දරත්වය, ආකර්ශනීය, තිබුනි, කුරුල්ලන්, සිටියද, අරමුනු, කරගන්නේ, කුරුල්ලෙක්, තුරුම, විවිද, ගන්නා, කුරුල්ලෙකු, වෙත, පෙර, ලෙසම, කුරුල්ලාගේම, අරගනිමි, රථිපලයක්, කීපයක්ම, එදින, වාසය, වටපිටාව, වටපිටාවකි, කාර්යාලයට, යන්නට, නිතරම, තෝරා, ගන්නේ, මැද්දෙන්, වැටී, පාරකි, සහිත, රැඳෙමින්, කුරුල්ලන්ගේ, නරඹමින්, සිටින්නෙමි, සිතට, රබෝදයක්, ලැබේ, දිනක්, රැකියාවට, අතරතුර, අන්, කවරදාටත්, කොකුන්, බිමෙහි, රැඳී, සිටිනවා, දුටුවෙමි, නැවත, හරවා, නිවසට, ටිකද, රැගෙන, නැවතත්, බිමට, පැමිනියෙමි, විල්පත්තුවේදී, මවිසින්, මුහුදු, දෙදෙනෙක්ගේ, ඡායාරූපයකි, අහස්, කුස, පුරාම, සැරිසරමින්, අනග, රංගනයක, යෙදෙමින්, සිටි, වම්පසින්, දකුනු, පසින්, පියාඹා, දසුන, කෙරෙහිම, යොදවාගෙන, උන්ගේම, ඡයාරූපයට, නිසාවෙනි, යුත්තේ, උදාහරනයක්, අපි, යාල, දිවියෙකුගේ, සිටිනවායයි, සිතමු, සමගම, උක්ස්සෙකු, ඇවිත්, අත්තක, වැසුවොත්, අනිවාර්යෙන්ම, දෙසෙටද, කැමරාවා, මානා, උකුස්සාගේද, ගන්නවා, නොඅනුමානය, මොහොත, දිවියාගේ, සිත්කළු, හැසිරීමක්, හැරීමට, ඉඩකඩ, නිසා, අපේ, සිතත්, කැමරාවත්, වනජීවී, භාවනාවක්, නිසාය, මොහොතක, අපගේ, යොමුකරගෙන, ඒකාත්මීය, කරගනු, මෙවලමද, ගනිමිනි, හදාරන්නවුන්, ලොබ, බඳී, මෙහිදී, නොයොදවා, අරමුනක්ම, පෙලඹීමයි, නොවිය, ශිල්පයට, අතපොත්, තබන, අවදියේදී, මාද, මෙලෙස, අරමුනක්, නැතුව, සත්වයෙක්ම, ගත්තෙමි, පුළුවන්, තරම්, ගැනීම, පමනක්ම, වැරදි, වේදයක්, පවසන්නේ, 20ක, පමන, අත්දැකීම්, තුලින්ම, ලබාගත්, දැනූමේ, සම්පින්ඩනයක්, ලෙසිනි, පිහිටා, ගන්න, sunday, රසාද්, හපුආරච්චි, and,
Text of the page (random words):
nature and wildlife photography nature wildlife photography nature wildlife photography by prasad hapuarachchi ප් රසාද් හපුආරච්චි sunday september 7 2014 සාර්ථක වන ජීවී ඡායාරූපයක් ගැනීමට නම් 1 එක් වරකට එක අරමුනක පිහිටා ඡායාරූප ගන්න සාර්ථක වන ජීවී ඡායාරූපයක් ගැනීමට ඔබගේ සිත එක අරමුනක තබා ගත යුතුය බොහෝ වන ජීවී ඡායාරූප ශිල්පය හදාරන්නවුන් ඡායාරූප ගැනීමට ලොබ බඳී එය එසේ විය යුතුය එහෙත් මෙහිදී බොහෝ විට සිදු වන්නේ එක අරමුනක සිත නොයොදවා දකින දකින හැම අරමුනක්ම ඡායාරූප ගැනීමට පෙලඹීමයි එය එසේ සිදු නොවිය යුතුය ඡායාරූප ශිල්පයට අතපොත් තබන අවදියේදී මාද මෙලෙස අරමුනක් නැතුව දකින දකින හැම සත්වයෙක්ම ඡායාරූපයට නගා ගත්තෙමි අරමුන පුළුවන් තරම් ඡායාරූප ගැනීම පමනක්ම විය එහෙත් එය ඉතාම වැරදි ක් රම වේදයක් බව මා ඔබට පවසන්නේ අවුරුදු 20ක පමන අත්දැකීම් තුලින්ම ලබාගත් දැනූමේ සම්පින්ඩනයක් ලෙසිනි එක වරකට ඔබගේ අරමුන විය යුත්තේ එක් වස්තුවක් පමනි උදාහරනයක් ලෙස අපි යාල දිවියෙකුගේ ඡායාරූප ගනිමින් සිටිනවායයි සිතමු ඒ සමගම උක්ස්සෙකු ඇවිත් ඉතාම ලඟ අත්තක වැසුවොත් ඔබ අනිවාර්යෙන්ම ඒ දෙසෙටද කැමරාවා මානා උකුස්සාගේද පිංතූරයක් ගන්නවා නොඅනුමානය ඒ මොහොත දිවියාගේ ඉතාමත් සිත්කළු දුර්ලභ හැසිරීමක් ඔබට මග හැරීමට බොහෝ ඉඩකඩ ඇත එම නිසා එක වරකට එක අරමුනක අපේ සිතත් කැමරාවත් තබා ගත යුතුය වනජීවී ඡායාරූප ශිල්පය මට භාවනාවක් වන්නේ මේ නිසාය එක මොහොතක එකම අරමුනක එකම වස්තුවක් කෙරෙහි අපගේ අවධානය යොමුකරගෙන සිත ඒකාත්මීය කරගනු ලබන්නේ මෙවලමද ඊට එකතු කර ගනිමිනි ඉහතින් දක්වා ඇත්තේ විල්පත්තුවේදී මවිසින් ඡායාරූපයට නගා ගත් මුහුදු උකුස්සන් දෙදෙනෙක්ගේ ඉතාමත් දුර්ලභ ඡායාරූපයකි අහස් කුස පුරාම සැරිසරමින් අනග රංගනයක යෙදෙමින් සිටි මෙම උකුස්සන් යුවල වම්පසින් හා දකුනු පසින් පියාඹා විත් එක මොහොතක් මෙසේ නතර විය එම දසුන මා හට ඡායාරූපයට නගා ගත හැකි වූයේ මෙම උකුස්සන් යුවල කෙරෙහිම සිත යොදවාගෙන උන්ගේම පිංතූර පමනක් ඡයාරූපයට නගා ගත් නිසාවෙනි මා වාසය කරන වටපිටාව ඉතාම සුන්දර වටපිටාවකි කාර්යාලයට යන්නට මා නිතරම තෝරා ගන්නේ වෙල මැද්දෙන් වැටී ඇති පාරකි එසේ යන බොහෝ විට මා වාහනය නතර කර වගුරු සහිත වෙල අසල මොහොතක් රැඳෙමින් කුරුල්ලන්ගේ ඉරියවු නරඹමින් සිටින්නෙමි ඉන් මා සිතට ප් රබෝදයක් ලැබේ දිනක් මෙසේ රැකියාවට එන අතරතුර මා අන් කවරදාටත් වඩා පැස්තුඩුවන් හා කොකුන් වගුරු බිමෙහි රැඳී සිටිනවා දුටුවෙමි නැවත වාහනය හරවා ගත් මම නිවසට විත් කැමරා ආම්පන්න ටිකද රැගෙන නැවතත් වෙල අසල වගුරු බිමට පැමිනියෙමි පැස්තුඩුවන් හා කොකුන්ගෙන් වගුරු බිමේ සුන්දරත්වය ඉතාමත් ආකර්ශනීය කර තිබුනි බොහෝ කුරුල්ලන් සිටියද මා අරමුනු කරගන්නේ වරකට එක් කුරුල්ලෙක් පමනි වගුරින් ඒකා ඉගිලී යන තුරුම විවිද ඉරියවු ඡායාරූපයට නගා ගන්නා මම වගුරින් ඒකා ඉගිලී ගිය පසු වෙනත් කුරුල්ලෙකු වෙත අවධානය යොමු කර පෙර ලෙසම ඒ කුරුල්ලාගේම පමනක් ඡායාරූප අරගනිමි එහි ප් රථිපලයක් ලෙස මට ඉතාමත් සුන්දර ඡායාරූප කීපයක්ම එදින ඡායාරූපයට නගා ගත හැකි විය ඉහතින් දක්වා ඇත්තේ මාළුවෙකු දඩයම් කල අභිජනන අවදියේ සිටින කොකෙකි වතුරෙන් එලියට මාළුවා ඩැහැගත් එම අවස්තාව මට මෙසේ ඡායාරූපයට නගා ගත හැකි විය මෙම ඡායාරූපය විශාල කර බැලීමේදී වරල් ගසන මාළුවාගේ වරල් වල ඇති වතුර සමග ඒකාගෙ ලේ බිඳු ද විසිරෙනු දැක ගත හැක එය එසේ ඔබටද බලා ගත රිසි වනු වස් මා එහි විශාලනය කල ඡායාරූපයක් මෙසේ පල කරමි ගොදුර ගිල දමා මෙම පක්ෂියා ඉගිලී ගිය පසු මාගේ අරමුන වෙනත් කොකෙකු වෙත් යොමු කලෙමි එකාගේ ඉතාමත් සොඳුරු පිංතූරයක් මට ඡායාරූපයට නගා ගත හැකි වුයේ ආක් රමණික යෝධ නිදිකුම්බා පඳුරක තටු විදා වහන්නට සැරසෙන මොහොතකය මෙහි පහතින් දිස් වනුයේ එකී ඡායාරූපයයි මෙම සුන්දර ඡායාරූප සියල්ලම ගැනීමට මාහට පාදක වූ එකම කාරනාව වූයේ එක් වරකට එක අරමුනක එක වස්තුවක් කෙරෙහි පමනක් අවධානය යොමුකරමින් ඒ වස්තුවෙහි පමනක් ඡායාරූප ගැනීමට මා පුරුදු වී සිටිමය එසේ නොවන්නට මෙම ඡායාරූප සියල්ලම සාමාන් ය ඡායාරූපයකට වඩා වෙනසක් ගන්නේද නැත එබැවින් එක වරකට එක් වස්තුවක් එක අරමුනක තබාගෙන ඡායාරූපවලට නගා ගැනීමට ඔබද පුරුදු පුහුනු වන්න ඉතාමත් සොඳුරු පිංතූර ගැනීමට ඔබට හැකිවනු නොඅනු මානය posted by prasad hapuarachchi at 11 16 am 5 comments email this blogthis share to x share to facebook share to pinterest thursday july 26 2012 extension tube experiment extension ට්යුබ් සමග පරීක්ෂනයක් මැක් රෝ පිලිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම මේ පරීක්ෂනය හා අත් හදා බැලීම කලේ පහත සඳහන් උපකරන උපයෝගී කරගනිමිනි මේ සඳහා extension tube ලබාදීම පිලිබඳව cameralk ආයතනයේ අනුෂ්ක මල්ලීට මාගේ ස්තූතිය හිමිවේ 1 nikon d7000 කැමරාව 2 nikon 105mm f2 8 මැක් රෝ කාචය 3 nikon r1c1 ආලෝක කරන කට්ටලය 4 extention tubes කැමරාව සහ ආම්පන්න ඉදිරියෙන් පෙනෙන ආකාරය read more posted by prasad hapuarachchi at 11 37 am 16 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday june 26 2012 මැක් රෝ ඡායාරූපකරණයට අත්වැලක් macro photography ඡායාරූපකරණයේ ඇති දුෂ්කරවූ ඡායාරූපකරණය මැක් රෝය ඉතාමත් සීමිත නාභි පරාසයක් depth of field තුල ලේන්සය නාභි ගත කිරීම ශරීරයට ඉතාමත් වෙහෙසකරය එහෙත් අවසාන ප් රතිපලය සාර්ථක ඡායාරූපයක් නම් ඉන් ලැබෙන තෘප්තිය පවසන්නට ඔබට වචන නැතිවනු නොඅනුමානයි ඡායාරූපකරණයේ නියැලෙන බොහෝ දෙනා විවිධාකාරයට මැක් රෝ ඡායාරූප ගනිති කෙනෙකු මැක් රෝ සඳහාම වෙන්කළ ලෙන්සයක් භාවිතා කරන අතර තවකෙකු සාමාන් ය ලෙන්සයක් සීරු මාරු කර reverse lens භාවිතා කරයි මෙම අවස්ථා දෙකෙන් ඡායාරූපයට වඩාත්ම ගුණාත්මක භාවයක් ගෙන දිය හැක්කේ මැක් රෝ සඳහාම නිෂ්පාදනය කල මැක් රෝ ලෙන්ස් එකක් භාවිතා කිරීම තුලින් බව මා පැවසිය යුතුමය මැක් රෝ සඳහා පුහුණුවක් ලැබීමට reverse lens ක් රමය භාවිතා කලාට කිසිම වැරද්දක් නැත එහෙත් ඔබ මැක් රෝ ගැන ඉතාමත් සැලකිල්ලක් දක්වන්නේ නම් ඔබ මැක් රෝ ලෙන්ස් එකක් ඔබගේම කරගත යුතුමය ඒ විතරක් නොව මීට තව එකතු කරගත යුතු මෙවලම් කිහිපයක් වේ එනම් මැක් රෝ ආලෝකකරණ කට්ටලයක් මැක් රෝ රේල් එකක් ත් රිපාදයක් tri pod හා කේබල් රිලීසයක් ආදී වශයෙනි මා පාවිච්චි කරනු ලබන්නේ nikon කැමරා කට්ටලයකි nikon d200 හා d7000 යන කැමරා දෙක සමග මම nikon 105mm f2 8 මැක් රෝ ලෙන්ස් එකත් nikon r1c1 මැක් රෝ ආලෝකකරණ කට්ටලය සමග භාවිතා කරමි ඉතාමත් සියුම් මැක් රෝ ඡායාරූපකරණයක් නම් මම බොහෝ විට මාගේ manfretto මැක් රෝ රේල් එක හා gitzo ත් රිපාදය භාවිතා කරමි මෙසේ මේ දෙක එකතු කරගන්නා හැම අවස්ථාවකදීම කේබල් රිලීසය පාවිච්චි කිරීමටද වගබලා ගනිමි භාවිතයට ගැනුණු උපාංග 1 read more posted by prasad hapuarachchi at 5 31 am 19 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom blog archive 2012 14 march 3 may 9 june 1 july 1 2014 1 september 1 සාර්ථක වන ජීවී ඡායාරූපයක් ගැනීමට නම් total pageviews followers subscribe now feed icon subscribe in a reader about me මා ගැන බිඳක් prasad hapuarachchi kaduwela colombo sri lanka 1995 රිකෝ ii ෆිල්ම් කැමරාවකින් මම මගේ ඡායාරූපකරණයට අත ගැසූයේ අවුරුදු කීපයක් තිස්සේ එකතු කරගත් සියළුම ධනය එක මොහොතකින් වියදම් කරමිනි රුපියල් 22 000 කට ලබා ගත් කැමරාවට පසුව තව තව උපාංග ටිකක් එකතු කර ගනිමින් මම ඡයාරූපකරණයේ නව මං පෙත් එලි පෙහෙලි කර ගැනීමට උත්සුක වූයෙමි දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප තුලින් කමටහන් ලබා ගනිමින් හා ලැබෙන සෑම පත පොතක්ම කියවමින් මම මේ දුර ගෙවන්නට යත්න දැරූවෙමි ඡායරූපකරණය හුදෙක් මාගේ විනෝදාංශය හා වියවුල් වන මා මනසට මෙය තවත් එක භාවනාවකි කාලය ලැබෙන සෑම අවස්තාවකම මම මේ භාවනාවට සම වදිමි වර්ෂ 2000 දී ෆිල්ම් කැමරාවට සමු දී මම ඩිජිටල් කැමරාවකට අත ගැසූවෙමි කාර්යාලීය අවශ් යතාවයක් උදෙසා රාජකාරී මට්ටමින් සිංගප්පූරුවට යාමට ලැබුනු අවස්තාව ප් රයෝජනයට ගනිමින් හා එම සංචාරයට කාර්යාලයෙන් ලැබුනු අරමුදල් බොහෝම දුකසේ ඉතුරු කරගනිමින් තිබුන එකම ක් රෙඩිට් කාඩ් එකේ සියළුම පහසුකම් භාවිතා කරමින් nikon d70s කැමරාවට මම අත ගැසූයෙමි උත්සාහය උක් දන්ඩක් වැන්නේ වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ view my complete profile prasad hapuarachchi my photo stream search this blog sites i like අනන්තය ලාංකීය සිතුවිලි nimnaya pages home 2012 prasad hapuarachchi photography all rights reserved powered by blogger
|