Meta tags:
description= සිතන්න අළුතින් - දිනන්න දිරියෙන්!!!! ඔබේ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක්.......;
Headings (most frequently used words):
ගන්න, rate, this, ඔබ, කරන්න, ඔබේ, ක්, ජය, ගැන, ඔබට, කළ, වෙන්න, කරන, ප්, මේ, පුළුවන්, කර, රිකට්, අළුත්, මුලින්, පුංචි, කරනවා, ඒත්, සිහිනය, වල, අත්, ජීවිතය, එක, රුවල්, වගකීම, බැලූන්, උනා, යන්න, ගන්නේ, ශක්තිය, ආදරය, විට, එම, කාලය, සහ, සමග, කරගන්න, තියෙන, කලින්, පුරුදු, සිතුවිලි, අද, නැති, වන, රහස, මනසින්, යමක්, නැවත, ඔහු, ගමන්, ඕනි, කළා, ඒක, දේ, ජීවිතයේ, නම්, පරමාර්ථයක්, නැහැ, එකට, රමය, එය, දෙන්න, sanath, gamage, සෙල්ලම්, දෙය, අඹ, වඩා, සාර, යොදා, කියන්න, දරුවෙක්, කියන, ඉගෙන, හඬ, යටි, සිතේ, කවුරුත්, ඉසුරුමත්, වේවි, සිතට, අවසාන, අරඹන්න, මුදිතාව, සැමදා, වෙනස්, පාට, වගේ, තමන්ගේ, ජීවිතයට, නැත්නම්, ආකර්ෂණයේ, නිතරම, ලැබෙන, විශ්වාසය, කියලා, නෑ, ගහන්න, ලොව, බලන්න, වෙලා, උත්සහ, තවත්, ඉතාම, කරුණු, එකම, මිනිසුන්, වෙත, පැළය, රැක, com, බාර, සිතුවම්, සිත්, දරුවාගේ, සංගීතය, බව, ළඟ, කමක්, ඇති, තරඟ, හැම, හඳුනා, යුතු, දිනවන, කෑම, ගණන, දේවල්, සබ්ලිමිනල්, පට, මතක, ඇතුව, දමා, අපූරු, චමත්කාරය, ආදරණීය, සුරතලා, උනාම, වෛරය, වෙනුවට, රිය, හිනාව, සිහිනයක්, ජීවිතයක්, ලබන්න, ආලෝකයක්, හතයි, බාරගන්න, රථිපලය, දැක, කළයුත්ත, හිතන්න, වඩන්න, එකමුතුව, දිනන්න, ආයුදය, මුවහත්, nlp, ජීවත්, අඩු, අහසේ, කරා, බැලුමක්, බැලුන්, දරුවන්, වෙළෙන්දා, ඔහුට, උඩ, බොහොම, සෙමෙන්, සතුටු, යන්නේ, නෙමෙයි, සයුරේ, ඔහේ, පාවෙන, නැවක්, ඉහළට, ගමනක්, බොහෝ, නැතුව, වෙනවා, ජීවිත, ගත, යුත්තේ, ඔබේම, යටිසිත, හොඳම, ලැබේවි, විශ්වාසයෙන්, ලබා, දෙන්නේ, සතුට, ළං, කරගෙන, ලැබන, ගත්, හරි, හීන, කාලයක්, බැරි, නැතිව, හොයා, පුරාම, බෝලයක්, ලැබුනු, එහෙම, අපි, අහන්න, වෛර, වෛරකරන, දෙයට, නිසා, කැමති, කට, ධනපතීන්, ගිය, වැඩ, ඇය, කියනවා, ලැබෙනවා, එකතු, වලදී, තම, සිහිනයේ, දිනා, නීතිය, සිතන්න, පැළ, පොහොර, දානවා, බලා, ගත්තොත්, දකින්න, පස්, ටික, පටන්, https, www, facebook, pages, ගෙන, යන, වැඩපිළිවෙල, ඉලක්කය, කටයුතු, අය, දුකේදී, හොඳින්, ඇහුම්, කන්, මතය, top, blog, sarasith, කුස්සියේ, වැඩට, යොදවන්න, වච්න, කෙටි, සටහන්, වගු, නිතර, භාවිතා, ගුරුවරුන්, සමීප, සබඳ, දින, වකවානු, පිළියෙල, තැනම, ගණිතය, පිළිසිඳ, පිළිවෙත්, ස්වයං, යෝජනා, බලය, විඳින්න, මතකය, සිරිත්, ලෝක, සෞඛය, සංවිධානය, මොළයට, හානි, නරක, 10, සුබ, ගණිත, හැකියා, වඩවන, රහස්, හත, මේසයෙන්, චක්, බෙදන්න, ආප්ප, හදන්න, ඕන, කැමට, ග්, රෑම්, බරොක්, මොසාඩ්, කතා, ගණිතයට, දක්ෂ, දනවන, වචන, කාත්, හොඳක්, ජීවිතයක, සිව්, මෛත්, කිලෝවක්, ගෙදර, ගෙනියන්න, කිලෝව, හොණ්ඩරයක්, නොහරින, තුන්, වෙනි, පියවර, මල්, පාඩමක්, හිතින්, ලතැවීම, රටා, බිඳිමුද, බඳිමුද, අවුරුදු, නැකතට, අල්ලමුද, දෙවෙනි, format, your, mind, with, ලිවීම, විකුණා, වෙන, වෙළෙන්දෙකු, සිටියා, කහ, රතු, නිල්, කොල, විවිද, පිරිලා, තිබුනා, විකුණුම, උන, වෙලාවට, බැලුමකට, හීලියම්, පුරවලා, පා, පාවෙනවා, දැක්ක, දරුවන්ට, මොහොතකින්, වෙළෙන්දාව, වට, ගන්නව, මිළට, රියාව, දිනපතාම, දවසක්, දැනුනා, අතින්, කවුරු, හෝ, අදින, බව්, දෙස, බැලුවාම, දුටුවේ, කළු, බැලුමකුත්, අතහැරියොත්, යනවාද, දරුවා, ඇසුවා, සෙවිල්ල, වුනු, මුදිතාවෙන්, දරුවාට, පිළිතුරු, දුන්නා, පුතේ, හින්දා, ඇතුලේ, හින්දායි, පරමාර්ථය, නැමති, ගමනාන්තයට, සතු, රුවල, අරමුණු, ඉලක්කයි, නැවකට, ගමනාන්තයක්, තියෙන්න, ඔසවා, සුළඟේ, ශක්තියෙන්, ගමන්නතයකට, උනත්, එසවුවේ, නැව, දෙනෙක්, නංවන්නේ, නීතියෙන්, වැඩක්, චණ්ඩ, කුණාටුවලින්, විනාශ, ජීවිතයත්, අනේක, විද, බාධාවන්, ලතැවෙමින්, සෝකයෙන්, පිරුණු, ඔයාගේ, දැනෙන්න, සකස්, වෝල්, පේපර්, ෆෝන්, ඔබටම, අසීමිත, ඉල්ලීමයි, වද, අසහාය, යෝධයා, කීකරු, මෙහෙකරු, සොයා, ගනීවි, උත්සහයෙන්, ගොඩ, නගා, ගැනීමයි, විශ්වාසා, පරමා, ඥාතී, නෑයායි, බුදුන්, වහන්සේ, අබ, ඇටයක, තරම්, ඇත්, බයිබලය, මැතිව්, 17, 20, යහපත්, කරන්නාට, ඉඳුරාම, නව, ජීවනයක්, අල්, කුරානය, 16, පරිජේදය, 97, පදය, දුකින්ද, විශ්වය, සතුටයි, දුක, එළවන්න, බෑ, හිතනවා, මෙන්න, පිළියමක්, අසීමිතව, ගෙන්, හිතන්නේ, නේද, හුරතලාට, සහකරුට, ත්, උපරිමව, දෙන, ආදරයෙන්, විතරක්, බලාපොරොත්තු, thoughts, කැමතියි, තමන්ගෙ, හිත, රීඩාවක්, තියන, කොට, කොහොම, වෙලාවක්, හදාගන්නවා, ලොකු, පූජිත, තරුවක්, මවනවා, ඈත, ගමක, ජනප්, එංගලන්ත, කණ්ඩායම, ඇවිල්ලා, මැව්වා, හීනෙ, ඉටු, වැඩේ, අත, හරින්නේ, රීඩා, පිටියේ, එලියට, අහගෙන, හිටියා, නීති, හරියටම, දන්නෙත්, බැට්, එකක්, ගම, හෙවුවත්, ලෙදර්, රබර්, වත්, අන්තිමේදි, ටික්, බෝලෙට, ස්තුති, කරලා, සෙල්ලමට, හිතුවා, ආස, හිතුනම, හැමෝම, යාළුවන්ට, අඬ, ගහනවා, දරුවත්, ආවේ, සියළුම, අභියෝග, ආශිර්වාදයක්, මොකක්ද, සුපිරිම, තරුව, කතාව, යමකට, තව, බල, සම්පන්න, වේ, ජීවය, සපයන, රථිවිරුද්ද, රාර්ථනා, දුර්වල, වී, බලවත්, වසර, 60, භංග, වෙවා, කියමින්, ලක්ෂ, ගනන්, පෙළපාලි, පක්ෂ, සාමාජිකත්වය, බට්ටෙකුට, පටවන, තරමට, වැඩි, වගේම, සොයුරු, ජනතාවට, සෙත්, පතමු, ඔවුන්, ශක්තිමත්, කරමු, ඔවුන්ට, දිරි, දෙමු, මෙත්, පතුරුවමු, කාරුණිකව, රතික්ෂේප, පුදුමයට, පත්, සංවිධායකයන්, ඇයගෙන්, විමසනවා, සාමය, වෙනුවෙන්, රැළියකට, මම, එනවා, අපේක්ෂාව, රථිඵළය, මගක්, සිතන, මිනිසුන්ගේ, සිහින, හැරීම, පර්යේෂණ, පෙනුනු, වැදගත්ම, කරුණ, ඉක්මනින්, හරින, බවයි, බවට, හැඟෙන, මානසිකත්වතෙන්, සතුටින්, සැරිසරන, ළඟා, දෙනවා, ඇටයක්, වතුර, මාසයකට, පසුව, ඇටය, හිටවපු, දා, ඉඳලාම, අයින්, ඇටේ, වෙලාද, කියල, හාරලා, මොකද, වෙන්නේ, මැරිලා, යනවා, ගොවි, මහතුන්, දන්නවා, ඉවසිල්ල, ඉන්නවා, කාලයයි, දිනපතා, ව්තුර, දාන්න, අමතක, ඊට, පස්සේ, නොගියාම, හැරලා, බැන, වදිනවා, බොරුවක්, තෝමස්, අල්වාට, දහස්, වතාවකටත්, විදුලි, බල්බය, නිපදවන්න, ඛ්fc, පළවෙනි, කුකුළු, මස්, පිඟාන, විකුණන්න, ගෙවල්, 1004, 92, ක්ම, හතර, වතාවකට, කරන්නේ, නැ, පරිස්සමින්, දාම, සාත්තු, ගන්නම, ඕනිමයි, alokaya, human, skills, development, specialist, alokayacom, sanathgamageofficial, අනුන්ට, දොස්, කිවීම, කියන්නේ, තමන්, කණුව, මුල්ම, ගැනීමෙන්, සමාවට, හොයන, කිසිවෙක්, නොගත්ත, අයයි, සඳහා, බාහිර, සාධක, වලින්, ගැලවීමට, හොයන්න, එපා, උපරිමය, පරිකල්පනය, මිනිසුන්ට, අගනාම, තෑග්ගයි, පෙර, හැඟීමකින්, මෙය, යුතුයි, ඔබගේ, මීළඟ, උසස්, වීම, විදේශ, සංචාරය, වාර්තාවට, රථිචාරය, අවස්තාව, කළාම, සෑම්, මිසයිලයක්, මෙන්, විතරයි, කාලයත්, ඉහළම, මට්ටමක, ඉන්න, කෙනාටත්, දෙන්නාටම, ලැබෙන්නේ, මදියි, ලතවෙන, නවතන්න, කළයුතු, පෙළගස්වන්න, කතයුතු, සම්බන්ද, හැමවිටම, මුලධර්මය, අනුගමනය, අනෙත්, කෙනාට, දිනුමක්, පුද්ගලයා, වැඩිකළක්, නතර, කරාවි, සහකම්පනය, අනෙක්, කෙනාගේ, තේරුම්, ඔහුගේ, පඬි, වදන්, නොව, හඬන්න, උරහිස, අන, වටහා, අන්, අයට, තහවුරු, රැහැකින්, බැඳී, කණ්ඩායම්, පිරිස, වැඩකිරීම, තනියම, කරනවාට, ඉහළ, ඉලක්කයකට, ඇතිකරනවා, ඇතුළත, අවුළුවා, දැනුම, නිතිපතා, හැකි, ආකාරය, මනස, ලබාගන්න, ලියවන, වැඩසටහනකට, සොයාගන්න, පොතක්, වෙබ්, අඩවියක්, හඬ්, පටයක්, පුරාවට, වාහනයේ, දී, පොතක, පටය, mp3, අසන්න, seven, good, working, habits, by, රවර්ග, සනත්, ගමගේ, posts, ලේඛනාගාරය, sindi, lanka, පසු, වැඩසටහන්, success, school, join, us, select, post, email, subscription, toplist, stats, clicks,
Text of the page (most frequently used words):
ගන්න (63), පුළුවන් (44), posted (40), සිතුවිලි (36), කරන්න (35), ඔබේ (35), රතිචාරයක් (34), ගැන (28), නිසා (27), this (24), වෙනස් (24), වෙනවා (24), ඔබට (23), 2012 (20), rate (20), කරන (20), මගේ (20), පුංචි (19), #sanath (19), ජීවිතය (18), ලබාදෙන්න (18), ඔයාගේ (17), හැම (17), අපි (16), වෙන්න (16), කරගන්න (15), nlp (15), gamage (14), කතා (14), වගේ (14), com (13), හීන (13), අළුත් (13), අප් (12), රේල් (12), ජීවිතයේ (12), වෙලා (12), තියෙන (12), ඇති (11), ඉගෙන (11), කරනවා (11), විට (11), නැත්නම් (11), sarasith (10), uncategorized (10), පාඩමක් (10), සිතුවිල්ලක් (10), සිතට (10), මතක (10), සුභ (10), එහෙම (10), අවශ් (10), ඉන්න (10), අඩු (10), මොළයට (10), amazing (9), ඉසුරුමත් (9), මැයි (9), 2013 (9), සනත් (9), පුරුදු (9), කියලා (9), බලන්න (9), ඔයාගෙ (9), ඒත් (9), ගැනීම (9), හානි (9), කියමන් (8), ගමගේ (8), positive (8), පිළිබඳව (8), අපේ (8), රියා (8), ඔයා (8), සතුටින් (8), ඔයාට (8), කරන්නේ (8), ඉතාම (8), වඩා (8), සතුට (8), දරුවෙක් (8), එක් (8), පාට (8), vedio (7), stories (7), ගීයක් (7), success (7), ලොව (7), thoughts (7), රතිචාර (7), රමය (7), ඉටු (7), වලින් (7), නැවත (7), ඕනි (7), තියෙනවා (7), අවුරුදු (7), නැති (7), ආදරය (7), සිහිනය (7), සමහර (7), රටා (7), නම් (7), හොඳ (7), https (7), www (7), බැලූන් (7), රිකට් (7), සාර (6), කවි (6), ජීවිතයක් (6), කටයුතු (6), 2011 (6), tagged (6), මගින් (6), ලබා (6), රහස (6), වෙන (6), මිනිසුන් (6), කරලා (6), ලස්සන (6), පාළනයෙ (6), දේවල් (6), දෙයක් (6), කලින් (6), එකම (6), උනා (6), කියන්න (6), හොඳම (6), මෙය (6), වෙලාවට (6), යටි (6), යහපත් (6), යන්න (6), බැලුන් (6), වැඩ (6), ජීවිතයට (6), දෙන්න (6), නැහැ (6), මුලින් (6), ගන්නේ (6), අත් (6), wordpress (5), සිත් (5), memory (5), skills (5), සවිය (5), mental (5), health (5), රහස් (5), life (5), inspirational (5), සිංහල (5), තුළින් (5), ගන්නවා (5), එකතු (5), කියන (5), කිරීම (5), වගේම (5), සමග (5), ජීවිතයක (5), නැකතට (5), අවුරුද්ද (5), හැබැයි (5), නෙමෙයි (5), හිතන්න (5), ගමන් (5), කළා (5), පටන් (5), පිරිලා (5), සිත (5), තරම් (5), දෙය (5), එපා (5), ජීවිතයම (5), සාරසිත් (5), යනවා (5), වෙළෙන්දා (5), දරුවා (5), යන්නේ (5), ශක්තිය (5), නිතරම (5), කාලය (5), සබ්ලිමිනල් (5), යුතු (5), ලැබෙන (5), වගකීම (5), රුවල් (5), සිදු (5), මොළය (5), ඔක්සිජන් (5), අහාර (5), හරිම (5), email (4), your (4), new (4), වියත් (4), විඳිමු (4), ගිය (4), වැඩසටහන් (4), lessons (4), සිතුවම් (4), 658 (4), ලිපි (4), dinuma (4), sinhala (4), වලදී (4), හැඟීම් (4), භාවයන් (4), සොයා (4), බලා (4), ඉලක්ක (4), විදිහට (4), මොළයේ (4), ගත් (4), පත් (4), මානසික (4), ලබන (4), හීනය (4), දැන් (4), තියා (4), හොඳට (4), උත්සහ (4), හොයා (4), බැරි (4), හුඟාක් (4), ආකර්ෂණයේ (4), වේවි (4), රේරක (4), තීරණ (4), පොඩි (4), හොඳින් (4), ලොකු (4), වදන් (4), facebook (4), බොහෝ (4), gamaghe (4), වටහා (4), කාලයක් (4), උනාම (4), තමන්ගේ (4), දුන්නා (4), දරුවාගේ (4), සිතන්න (4), එකට (4), දිනන්න (4), ඔහු (4), යමක් (4), මනසින් (4), තමන් (4), වෙත (4), කරුණු (4), කියල (4), සෙල්ලම් (4), ස්තුති (4), දරුවන් (4), සිතේ (4), පරමාර්ථයක් (4), යොදා (4), චක් (4), වැඩිපුර (4), දුම් (4), පානය (4), උදේ (4), සෑම (4), මොහොතකම (4), වෙබ් (3), subscribe (3), join (3), blog (3), school (3), lanka (3), විභාග (3), රැකියා (3), ඉදිරි (3), parenting (3), මාපිය (3), පෙබරවාරි (3), අගෝස්තු (3), ඔක්තෝබර් (3), පාඩම් (3), mind (3), human (3), development (3), specialist (3), daily (3), දිනුම (3), දැනට (3), හැකි (3), ආකාරය (3), වෙනත් (3), මනස (3), විදිහ (3), ගනිමු (3), කියන්නේ (3), ජීවිත (3), අනුගමනය (3), තාක්ෂණය (3), ඉසුරු (3), මත් (3), වැඩසටහන (3), ලියන (3), නැතුව (3), ආයෙත් (3), දවසේ (3), කරගෙන (3), පැළ (3), තමයි (3), ඉලක්කය (3), ටික (3), ගෙන (3), එකයි (3), තියෙන්නේ (3), ඇතුළත (3), කියනවා (3), නීතිය (3), කොට (3), සතුටක් (3), හිත (3), වෙලාවක (3), ආරම්භක (3), තුළින්ම (3), එරෙහිවන (3), රටාවක් (3), ඇතිවෙන්න (3), තියෙන්න (3), පිරුණු (3), ජීවිතේ (3), ඉතිරිලා (3), එකක් (3), alokaya (3), එන්න (3), සාමය (3), කරමු (3), හිතින් (3), ජනප් (3), හිනාව (3), අහසේ (3), බැලුමක් (3), දරුවන්ට (3), හරි (3), සුදු (3), story (3), සැමදා (3), මුදිතාව (3), අන් (3), නැතිව (3), තවත් (3), ලැබෙන්නේ (3), අරඹන්න (3), පෙර (3), අවසාන (3), හඳුනා (3), බාර (3), සඳහා (3), රැක (3), දිනා (3), පැළය (3), කෙනෙක් (3), කැමති (3), රිය (3), ගහන්න (3), කවුරුත් (3), හොඳක් (3), විතරක් (3), විශ්වාසය (3), අපූරු (3), ඉහළට (3), කෑම (3), පමණක් (3), සිතිවිලි (3), නොලැබී (3), නින්ද (3), ශරීරයට (3), විශ්ව (3), වන්ත (3), නැවුම් (3), යෝජනා (3), youtube (3), watch (3), ඇතුලත් (3), නිර්මාණය (3), site (2), with (2), අඩවිය (2), required (2), වන්න (2), subscribed (2), sign (2), 223 (2), other (2), subscribers (2), top (2), address (2), and (2), posts (2), home (2), soft (2), sure (2), exams (2), 2010 (2), නොවැම්බර් (2), ජනවාරි (2), ජූලි (2), 2020 (2), pages (2), හැකියා (2), පැරණි (2), විවිද (2), සිටින (2), ඒවා (2), උදවු (2), වශයෙන් (2), ආචාර්ය (2), neuro (2), වචනයෙන් (2), මොළයත් (2), සමගම (2), ශබ්ද (2), දහයකින් (2), වචන (2), කෙටි (2), සිතන (2), දැනෙන (2), මිනිසුන්ගේ (2), ගත්තාම (2), කියවන්න (2), අතරින් (2), හිතනවා (2), වීර (2), චරිතයක් (2), ශක්තීන් (2), කුසලතා (2), බලවත් (2), තුළ (2), ලබන්න (2), ආලෝකයක් (2), සිංහළ (2), අවුරුද්දකට (2), හිතන (2), පරණ (2), වුන (2), ලියන්න (2), කීපයක් (2), ලක්ෂ (2), පොල් (2), හීනෙ (2), හදා (2), වෙන්නත් (2), පිට (2), රථිපළ (2), තනියම (2), රැකියාව (2), පවුලේ (2), ජයග් (2), ගුවන් (2), විදුලි (2), හොයන්න (2), තිබුනා (2), මීට (2), ලියපු (2), වසරේ (2), හිතුවා (2), එක්ක (2), බෙදා (2), දකින (2), හොඳටම (2), බලාපොරොත්තු (2), නැකත (2), සිහිනයක් (2), රටාව (2), බාගවිට (2), අහිතකර (2), භාවයක් (2), ඇතිකරලා (2), අසාර්ථක (2), මනෝ (2), භාව (2), රේරකයක් (2), යොදාගෙන (2), අපිට (2), හැමදාම (2), තෘප්තියකින් (2), ඇත්තටම (2), බිඳීම (2), පුළුල් (2), මානසිකව (2), භාවයන්ගේ (2), යාම (2), ලෙස (2), හේතුව (2), රියාවක් (2), චිත් (2), විතරයි (2), ලොවම (2), ඉන්නා (2), වෙලාවක් (2), සකස් (2), දෙනවා (2), මුළු (2), ජීවිතයකට (2), psychology (2), සාර්ථකත්වය (2), සරු (2), චින්තනය (2), ආලෝකය (2), sanathgamageofficial (2), sanathgamageguru (2), කැරකි (2), ඉන්නවා (2), එනවා (2), බාහිර (2), උඩට (2), කවුරු (2), අතින් (2), අදින (2), දැනුනා (2), දරුවාට (2), අතර (2), බැලුමකට (2), හීලියම් (2), අතට (2), sri (2), අහන්න (2), පටය (2), ආයුදය (2), මුවහත් (2), එකමුතුව (2), දුකේදී (2), තේරුම් (2), ඇහුම් (2), කන් (2), ඔහුට (2), මතය (2), අයට (2), දෙන්නේ (2), කමක් (2), වඩන්න (2), සම්බන්ද (2), ගමනක් (2), ලැබන (2), කළයුත්ත (2), ලැබුනු (2), වැඩපිළිවෙල (2), දකින්න (2), වීම (2), කරා (2), ලැබෙනවා (2), යටිසිත (2), රථිපලය (2), දැක (2), බාරගන්න (2), හතයි (2), දන්නවා (2), දිනපතා (2), පොහොර (2), දානවා (2), දහස් (2), ක්ම (2), විශ්වාසයෙන් (2), ගත්තොත් (2), පස් (2), මොකද (2), වෙන්නේ (2), පුරාම (2), සිහිනයේ (2), ජීවත් (2), ළඟා (2), තුන් (2), සංවිධායකයන් (2), ඇයගෙන් (2), වෙනුවෙන් (2), සිටි (2), ධනපතීන් (2), වැඩි (2), වෛරය (2), වෙනුවට (2), වෛර (2), වෛරකරන (2), දෙයට (2), මෛත් (2), තරඟ (2), බෝලයක් (2), කැමතියි (2), සුරතලා (2), ආදරණීය (2), සතුටු (2), ඉඳුරාම (2), ලැබේවි (2), චමත්කාරය (2), යුත්තේ (2), ඔබේම (2), නගා (2), සයුරේ (2), ඔහේ (2), පාවෙන (2), නැවක් (2), විද (2), අසීමිත (2), ඇතුව (2), දමා (2), ශක්තියෙන් (2), සෙමෙන් (2), වගු (2), භාවිතා (2), සංගීතය (2), ගණන (2), පාසල් (2), මෙම (2), රවනය (2), නින්දෙන් (2), කිරීමෙන් (2), ආයාසයකින් (2), සිට (2), මතකය (2), පහසු (2), වෙහෙස (2), තබා (2), ගැනීමේ (2), කටයුත්ත (2), අපහසු (2), දිනපතාම (2), බොහොම (2), දිනවන (2), සිටීම (2), එයින් (2), නොගැනීම (2), අසනීපයෙන් (2), නින්දේදී (2), සැපයුම (2), සීනි (2), සහිත (2), දුල (2), හුඟක් (2), පෝෂක (2), දුම (2), නෙවේ (2), ගොඩක් (2), නරක (2), ලෝක (2), සෞඛය (2), සංවිධානය (2), නිරතුරු (2), සිතනවා (2), හැමෝටම (2), දවසකම (2), අනාගතය (2), ශක්තියට (2), සොඳුරු (2), දවසකටම (2), ස්වයං (2), බලය (2), විඳින්න (2), කොටස (2), සාක්ච්ඡාවක් (2), පිළිසිඳ (2), අළුතින් (2), දිරියෙන් (2), බලාපොරොත්තුවක් (2), get, started, design, like, ඊමේල්, write, comment, loading, comments, collapse, bar, manage, subscriptions, view, reader, report, content, පිවිසුම, ලියාපදිංචි, පෞද්ගලිකත්වය, already, have, account, log, now, comහි, නොමිලේ, වෙබ්අඩවියක්, බ්ලොග්, සටහනක්, සාදාගන්න, කිසිවක්, නැත, clicks, 440, 106, hits, stats, alanya, toplist, enter, receive, notifications, subscription, select, post, create, badge, promote, page, too, more, photos, පසු, sindi, සැප්තැම්බර්, ලේඛනාගාරය, පහසුම, mapping, මානව, සංවර්ධන, විශේෂඥ, පුහුණුකරු, 0773, 0713, රවර්ග, snaw, ball, education, brain, ඇන්කරින්, anchoring, අවස්තාවන්, රතිඵළ, ජීවන, විශ්වාසයන්, අභාස, සමස්තයක්, හැඟීම, මුළින්ම, හඳුන්වා, දුන්නේ, රිචඩ්, බැන්ඩ්ලර්, ජෝන්, රින්ඩ්ලර්, දෙදෙනා, විසිනුයි, කියවෙන, පරිදි, මනසත්, හදාරනවා, linguistics, වචනයත්, භාෂාව, පළදායීතාව, වැඩිකරගන්න, අභිමතාර්තයන්, දක්වන, කරවන, අයුරු, ලිපිය, කොටස්, වේද, ඉදිරිපත්, වෙනම, රහසක්, linguistic, program, හැදුනු, වචනයකුයි, ස්නායු, සම්පාදනය, සර්ථක, සර්ථකත්වය, ඔබටත්, දිනූ, දැනගන්න, ආසයි, සමහරෙක්, වීරයන්, කියවන, අපිත්, ගෞරවයට, එවැනි, විදි, කිහිපයක්, සුවිශේෂම, කටයුත්තක්, ශාරීරික, භාවත්මක, නිර්මාණශීලීත්වය, උද්දීපනය, ගැබ්ව, 2ක්, දෙවෙනි, format, ලිවීම, වැඩිදුරටත්, කරපු, නාලිකාවෙන්, විකාශය, 7වෙනි, පැය, මෙතනින්, ලස්සනම, වාසනාවන්තම, දෙමළ, පතනවා, පිබිදීමකින්, මවන්න, ඉසුරෙන්, පිරුනු, පෙළෙන්, දෙන්නම්, කාටවත්, පෙන්වන්නේ, හංගන්න, කොලේ, බලන්නේ, අවුරුද්දේ, හැබෑ, හැඟීමෙන්, උදාහරණ, දවසෙ, රුපියල්, 5ක්, වියදම්, ගත්තු, ඉඩමෙ, පැල, හිටෙවුවා, ඉඩම, ලිවුවේ, හැබැ, හරියට, හිටුවන, ලොකුම, වාක්, කොලේකට, ලියා, කරගත්තාම, ආතතියට, කෙනෙකුගේ, කැමැත්ත, පාළනයෙන්, රකාෂ, විභාගෙ, තියෙන්නෙ, ආදායම, දෙගුන, පඩි, වැඩිකර, හොඳයි, වැඩේට, බහිමු, අදහන, ආගම, දෙවියන්, සිහි, පුන්, කාලයට, කොලේකුයි, පෑනකුයි, හතක්, අධ්, යාපනය, මිළ, මුදල්, බිමන්, රහන, සේරම, පාළනයේ, ගත්තෙ, කාලෙ, තිබුන, විද්යුත්, මාධ්, වැඩසටහනකින්න්, කීප, වතාවක්ම, විදුලියේ, කවුද, සුමනදාස, සමරසිංහ, මැතිතුමාගේ, පොත්, කියවලා, තිබුනු, මූලධර්ම, එදාත්, ඇහුවේ, අදත්, ගත්තේ, තිස්, හතරකට, දීලා, හතෙන්, පහක්ම, හිඳාම, ඔයාත්, ඇත්තක්, ගත්ත, දැනේවි, පිරෙන, මොහොතක්, පිරිවර, වටකරන්, කැවිලි, පෙවිළි, ඇඳුම්, ඇඳන්, මොනාවද, ඕනැ, සැරයක්, කිරිත්, උතුරවලා, අල්ලමුද, ඇතිවෙන, රශ්ණය, උත්තේජනයක්, නිපදවාගෙන, බැරිද, විග්, රහයක්, යම්, පුද්ගලයෙකුගේ, පුද්ගල, කණඩායමක, පවතින, සිදුවන, ගලා, කේන්තියෙන්, සිටීමට, දවසක, සිදුවුන, චාලක, රතික්, මේනිසා, වැටහෙනවා, බිඳවැටීම්, පිටුපස, වන්, රටාවන්, අනවශ්, ස්වභාවයන්, ඇතිවෙලා, කේන්තියට, කළකිරීමට, උකටලී, හැඟීමට, බැරිවෙනවා, කලකිරිලා, නටන, ළමයෙක්, සිනා, රපටියක්, රම්බරි, තාලයක, ඔයාටම, නොදන්වා, ඔයාව, කෙනෙකුගෙන්, sms, එකකින්, හිතුවොත්, සමහරවිට, පාරටම, හිතේවි, අවධානය, බිඳීමක්, බාධාවක්, මෙතන, ගැඹුරට, සිදුවීම්, මාලාවක, ඇරඹුමක්, එතනින්, සිතුවෙනවා, කළකිරී, තැවී, දැවී, වේලේ, දයාබර, වදනකින්, ආත්මය, සුවපත්, අරන්, ආපස්සට, ගිහින්, මහාචාර්ය, සුනිල්, ආරියරත්නගේ, ඔයාටත්, nlpවල, මූලිකම, හරයත්, කමයි, රහණයට, කිරීමයි, පසුගාමි, කළකිරුණු, ස්වභාවයෙන්, සාර්ථක, ගෙනල්ලා, දිගටම, රීතිමත්, පාඩමත්, ගමනේ, වෙනසක්, කරගන්නවා, මොහොතේ, මොනවගේ, රිද්මෙක, මුමුණනවාද, සුසුමක්, නිකම්ම, වෙනවාද, කේන්තියක්, කළකිරීමක්, තියෙනවාද, බිඳිමුද, බඳිමුද, thought, සරුසිත, නිමැයුම්, කරු, talks, ඉදිරියෙන්, ඔබව, නොකරාවි, පසුපසින්, පාර, නොපෙන්වාවි, අසලින්, මිතුරකු, පැත්තට, ඉසුර, කළකිරෙමින්, ලතවෙමින්, වේදනාවෙන්, දෙනා, පෝරකේ, ගීත, රියම, වේදනාව, අල්ලගෙන, කැරකෙන, පුටුවක, තැනක්, කැරකිල්ලයි, තෝන්තුවයි, මුමුණන්න, රපටයක්, හුරතල්, ආලෝකමත්, ලතැවීම, children, child, පාඩම, ජීවිතයටත්, කොච්චර, වටිනවාද, රූපයට, දේම, දාලා, එන්නේ, වෙමු, විකුණුම්, වෙළෙන්දෙක්, යවනවා, දැක්කාම, දරුවෝ, දෙමාපියන්ට, ඇවටිලි, ඉල්ලලා, හිටපු, විකුණලා, ඉවර, උනු, වෙළෙන්දාට, බලන, පහත්, සවන්, ගත්තා, නැත්තේ, ඇයි, වෙළෙන්දාගෙන්, විමසුවා, බැලුම, පුම්බලා, වායුව, මූණට, සිනාවක්, ආවා, පුරුවලා, seven, good, working, habits, අවුළුවා, දැනුම, නිතිපතා, ලබාගන්න, ලියවන, වැඩසටහනකට, සොයාගන්න, පොතක්, අඩවියක්, හඬ්, පටයක්, පුරාවට, වාහනයේ, පොතක, mp3, අසන්න, රැහැකින්, බැඳී, කණ්ඩායම්, පිරිස, වැඩකිරීම, කරනවාට, ඉහළ, ඉලක්කයකට, ඇතිකරනවා, සහකම්පනය, අනෙක්, කෙනාගේ, ඔහුගේ, පඬි, නොව, හඬන්න, උරහිස, තහවුරු, කතයුතු, හැමවිටම, මුලධර්මය, අනෙත්, කෙනාට, දිනුමක්, පුද්ගලයා, වැඩිකළක්, නතර, කරාවි, කාලයත්, ඉහළම, මට්ටමක, කෙනාටත්, දෙන්නාටම, මදියි, ලතවෙන, නවතන්න, කළයුතු, පෙළගස්වන්න, පරිකල්පනය, මිනිසුන්ට, අගනාම, තෑග්ගයි, හැඟීමකින්, යුතුයි, ඔබගේ, මීළඟ, උසස්, විදේශ, සංචාරය, වාර්තාවට, රථිචාරය, අවස්තාව, කළාම, සෑම්, මිසයිලයක්, මෙන්, අනුන්ට, දොස්, කිවීම, කණුව, මුල්ම, ගැනීමෙන්, සමාවට, හොයන, කිසිවෙක්, නොගත්ත, අයයි, සාධක, ගැලවීමට, උපරිමය, පියවර, මල්, alokayacom, ගොවි, මහතුන්, ඉවසිල්ල, කාලයයි, ව්තුර, දාන්න, අමතක, පස්සේ, නොගියාම, හැරලා, බැන, වදිනවා, බොරුවක්, තෝමස්, අල්වාට, වතාවකටත්, බල්බය, නිපදවන්න, ඛ්fc, පළවෙනි, කුකුළු, මස්, පිඟාන, විකුණන්න, ගෙවල්, 1004, හතර, වතාවකට, පරිස්සමින්, දාම, සාත්තු, ගන්නම, ඕනිමයි, ඇටයක්, වතුර, මාසයකට, පසුව, ඇටය, හිටවපු, ඉඳලාම, අයින්, ඇටේ, වෙලාද, හාරලා, මැරිලා, සිහින, හැරීම, පර්යේෂණ, පෙනුනු, වැදගත්ම, කරුණ, ඉක්මනින්, හරින, බවයි, බවට, හැඟෙන, මානසිකත්වතෙන්, සැරිසරන, නොහරින, වෙනි, කිලෝවක්, ගෙදර, ගෙනියන්න, කිලෝව, හොණ්ඩරයක්, love, secrets, powerful, කාරුණිකව, රතික්ෂේප, පුදුමයට, විමසනවා, රැළියකට, අපේක්ෂාව, රථිඵළය, මගක්, ධර්මතාව, හොඳින්ම, දැන, තෙරේසා, මවු, තුමියයි, පෙනී, දැවැන්තම, යුධ, විරෝදි, රැලියක, හමුවී, සහයෝගය, ඉල්ලා, සිටිනවා, අරගලය, වන්නට, වසර, භංග, වෙවා, කියමින්, ගනන්, පෙළපාලි, පක්ෂ, සාමාජිකත්වය, බට්ටෙකුට, පටවන, තරමට, සොයුරු, ජනතාවට, සෙත්, පතමු, ඔවුන්, ශක්තිමත්, ඔවුන්ට, දිරි, දෙමු, මෙත්, පතුරුවමු, යමකට, සම්පන්න, ජීවය, සපයන, රථිවිරුද්ද, රාර්ථනා, දුර්වල, සිව්, about, sir, donald, bradman, visit, chanel, thames, sports, spirit, cricket, determination, සාර්තකත්වය, උත්සහය, චරිත, නීති, හරියටම, දන්නෙත්, බැට්, හෙවුවත්, ලෙදර්, රබර්, වත්, අන්තිමේදි, ටික්, බෝලෙට, සෙල්ලමට, හිතුනම, හැමෝම, යාළුවන්ට, ගහනවා, දරුවත්, ආවේ, සියළුම, අභියෝග, ආශිර්වාදයක්, මොකක්ද, සුපිරිම, තරුව, කතාව, තමන්ගෙ, රීඩාවක්, තියන, කොහොම, හදාගන්නවා, පූජිත, තරුවක්, මවනවා, ගමක, එංගලන්ත, කණ්ඩායම, ඇවිල්ලා, මැව්වා, වැඩේ, හරින්නේ, රීඩා, පිටියේ, එලියට, අහගෙන, හිටියා, කාත්, දුකින්ද, විශ්වය, සතුටයි, දුක, එළවන්න, මෙන්න, පිළියමක්, අසීමිතව, ගෙන්, හිතන්නේ, නේද, හුරතලාට, සහකරුට, උපරිමව, දෙන, ආදරයෙන්, කරන්නාට, ජීවනයක්, අල්, කුරානය, පරිජේදය, පදය, ඇටයක, ඇත්, බයිබලය, මැතිව්, විශ්වාසා, පරමා, ඥාතී, නෑයායි, බුදුන්, වහන්සේ, ඉල්ලීමයි, අසහාය, යෝධයා, කීකරු, මෙහෙකරු, ගනීවි, උත්සහයෙන්, ගොඩ, ගැනීමයි, චණ්ඩ, කුණාටුවලින්, විනාශ, ජීවිතයත්, අනේක, බාධාවන්, ලතැවෙමින්, සෝකයෙන්, දැනෙන්න, වෝල්, පේපර්, ෆෝන්, ඔබටම, පරමාර්ථය, නැමති, ගමනාන්තයට, සතු, රුවල, අරමුණු, ඉලක්කයි, නැවකට, ගමනාන්තයක්, ඔසවා, සුළඟේ, ගමන්නතයකට, උනත්, එසවුවේ, නැව, දෙනෙක්, නංවන්නේ, නීතියෙන්, වැඩක්, 4ක්, තැනම, ගණිතය, දින, වකවානු, පිළියෙල, ගුරුවරුන්, සමීප, සබඳ, සටහන්, නිතර, ගණිතයට, දක්ෂ, දනවන, බරොක්, මොසාඩ්, වච්න, මේසයෙන්, බෙදන්න, ආප්ප, හදන්න, කැමට, රෑම්, කුස්සියේ, වැඩට, යොදවන්න, ගණිත, වඩවන, කිසිම, ලෙසකින්, ඉගෙනුම්, රියාවලීන්, ලංකාවේ, රියාත්මකව, නොමැත, අඩංගු, මාස, තුනක්, නින්දට, අවදිවෙන, තොරව, 2වරක්, වරක්, දක්වා, ඇතිකර, ගනී, අභියෝගය, ගැනීමට, පරිගණක, පාළනයට, නවීන, මෙවලම්, උපයෝගී, කරගත්, නිර්මාණයකි, මතකයෙන්, දරුවකුගේ, ඇසෙන, නිරායාසව, මතකයට, තබාගැනීම, කලකිරීමට, විඩාවට, පත්වේ, ගුණන, විසින්, ආයාස, කටයුත්තකි, කිරීමට, ගණිතයේ, දැක්විය, නොහැකිකම, තාවයට, පත්විම, විය, හැක්කක්, රියාව, දවසක්, බව්, දෙස, බැලුවාම, දුටුවේ, කළු, බැලුමකුත්, අතහැරියොත්, යනවාද, ඇසුවා, සෙවිල්ල, වුනු, මුදිතාවෙන්, පිළිතුරු, පුතේ, හින්දා, ඇතුලේ, හින්දායි, විකුණා, වෙළෙන්දෙකු, සිටියා, රතු, නිල්, කොල, විකුණුම, පුරවලා, පාවෙනවා, දැක්ක, මොහොතකින්, වෙළෙන්දාව, ගන්නව, මිළට, සුබ, පුහුණු, කරවන්න, රමයයි, කෙරුණු, ඍනාත්මක, රියාශීලිත්වය, අඩුවෙනවා, අඩුවෙන්, සිතීම, යන්ත්, රයක්, වුනත්, කොටයි, අහන, රශ්න, කරමින්, බුද්ධිමය, සංවාද, කාර්යක්, රබෝධාමත්, අසනීප, අවස්ථා, මොලය, වෙහෙසවා, කාර්යක්ෂම, හිස, ආවරණය, ඔයත්, ඔලුවේ, ඉඳල, පොරවගෙන, නිදාගන්න, ඉතාමත්, නරකයි, රශ්වාස, කාබන්, ඩයොක්සයිඩ්, වායුවම, අයෙත්, ආශ්වාස, කෙරෙනවා, එතකොට, විවේකය, විසඳුනේ, ගැටළු, විසඳන්න, වටිනම, මදි, සෛල, මිය, වායු, දුෂණය, යාමෙන්, එයට, පුතාල, පැණි, කන්න, කැමතියිනේ, ඉතින්, අහාරයට, රෝටීන්, වැදගත්, ලැබීම, මොලයේ, වර්ධනයට, අහිතකරයි, බහු, නොකලත්, කරද්දී, අග්, රාහනය, අක්, රීය, නිසාත්, සිද්ද, මදුරු, දඟර, දුමත්, සිගරට්, රබලයි, සොයාගෙන, දෙනෙක්ට, අහාරය, ඇරෙනවා, ඉස්කෝලේ, පුතාලට, දහවල්, විවේක, ලැබෙනකම්, ආහාරය, ඕනෑම, ඕනවට, වැඩිය, කියනවනේ, අන්න, නොගෙනම, ගැනීමත්, රුධිර, නොදැන, නොහිත, දන්නවද, විදියට, දවසින්, දවස, සිද්ධ, මොළයෙන්, අමාරු, රකාශයට, කීයක්, ලඟත්, තියෙනවද, 3ක්, මිතුරන්, රබෝධමත්, විවේකයෙන්, තබනවා, ඔළුව, නිරාවරණය, සුව, නින්දක්, ලබනවා, වාතය, සිරුරට, ඇතුල්, අඩක්, වටි, පමණට, සමබර, අහරක්, උදෙන්ම, සිරිත්, අභියෝගයක්ම, ජයගන්නවා, රබෝධයෙන්, කැමැත්තකින්, අභිමානයකින්, දිනුමකින්ම, අනිත්, අයටත්, යහපතක්, උපන්නේ, දිනන්නයි, ඔව්, වැඩකරන්න, විශ්වයේ, අනන්තවත්, සතුටත්, රබෝධයත්, ඉරක්, ලෝකෙටම, එළිය, දීප්තිමත්, යහපතකටම, වාසනාවන්තයි, කෙනෙකුටම, පියකරු, ඉතා, රියයි, විටම, විකල්ප, කරුණක්, චාරිකවක්, සැබවින්ම, ආදරෙයි, රශ්නයක්ම, ගැටළුවක්ම, මොහොතින්, මොහොත, වැඩිවෙනවා, මගෙන්, වියයුතු, ආකර්ෂණීය, පෙනුමක්, අලුත්, වේවා, උදාවෙලා, මටම, මගෙත්, මොහොතක්ම, කැමැත්තෙන්, උනන්දුවෙන්, අවස්ථාවකින්ම, සොඳුරුයි, ආනන්දනීයයි, රභාශ්වරයි, පාළනය, සතුයි, දීපු, නූල්, ආපසු, දිනකම, ස්ව, කණ්නාඩියකින්, ඇස්, දෙක, දිහාම, බලාගෙන, පේන්න, අලවා, opt3qorftca, දෙවන, zjstuaircau, පළමු, විඩියෝ, පැයක, බණ්ඩාරනායක, ගුවන්තොටුපළේ, ජාත්, යන්තර, කාන්තා, දිනයේ, ගර්භණී, සමයේ, බුද්ධිමත්, මාර්ග, සාකච්ඡාව, කිසිදු, වියදමක්, විශිෂ්ට, බුද්ධියක්, හදාගන්න, රියාත්මක්, නිරෝගි, gll6h66ijeu, මෙහිදී, මුලින්ම, මූලික, මෙහි, ඕනිම, දෙමාපිය, යුවලකට, දෙමාපියන්, කලින්ම, යතාව, විද්, යාත්මක, කරුනු, සාකච්ඡා, උපකාරිවේ, පිළිවෙත්, අන්තර්ගතයට, පනින්න,
Text of the page (random words):
පයුම අඩු වෙනවා මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20 ක්ම භාවිතා කරන්නේ මොළයට අවශ් ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා 6 අඩු නින්ද මොළයට අවශ් ය විවේකය ලැබෙන්නේ නින්දෙන් පාඩම් කරන දේ මතක තියා ගන්න විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක් නින්ද මදි උනාම මතක සෛල මිය යනවා 7 නින්දේදී හිස ආවරණය කර ගැනීම ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති මෙය ඉතාමත් නරකයි මොකද ඒ නිසා නින්දේදී අපි ප් රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා එතකොට මොළයට අවශ් ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා 8 අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම අසනීප අවස්ථා වල පාඩම් කිරීම මොලය වෙහෙසවා වැඩ කිරීම නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන් 9 ප් රබෝධාමත් සිතිවිලි අඩු වීම හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක් රමයයි නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක් රියාශීලිත්වය අඩුවෙනවා 10 අඩුවෙන් සිතීම යන්ත් රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි මොළයත් ඒ වගේ නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප් රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක් ෂම බව අඩු කරනවා rate this ප් රතිචාර 3 posted in amazing memory ජීවිතය දිනවන සුබ සිතුවිලි posted on පෙබරවාරි 21 2013 1 ප් රතිචාරයක් බැලූන් විකුණා ජීවත් වෙන වෙළෙන්දෙකු සිටියා කහ රතු නිල් කොල වගේ විවිද පාට වල බැලූන් ඔහු ළඟ පිරිලා තිබුනා බැලූන් විකුණුම අඩු උන වෙලාවට ඔහු බැලුමකට හීලියම් පුරවලා අහසේ පා කරා අහසේ බැලුමක් පාවෙනවා දැක්ක ගමන් පුංචි දරුවන්ට බැලුන් ඕනි උනා දරුවන් මොහොතකින් බැලුන් වෙළෙන්දාව වට කර ගන්නව බැලූන් මිළට ගන්න වෙළෙන්දා මේ ක් රියාව දිනපතාම කළා දවසක් ඔහුට දැනුනා තමන්ගේ අතින් කවුරු හෝ අදින බව් ඒ දෙස බැලුවාම ඔහු දුටුවේ පුංචි දරුවෙක් කළු පාට බැලුමකුත් අතහැරියොත් උඩ යනවාද පුංචි දරුවා බොහොම සෙමෙන් ඇසුවා දරුවාගේ සෙවිල්ල ගැන සතුටු වුනු වෙළෙන්දා බොහොම මුදිතාවෙන් දරුවාට පිළිතුරු දුන්නා පුතේ බැලුමක් උඩ යන්නේ පට හින්දා නෙමෙයි ඒක ඇතුලේ තියෙන දේ හින්දායි rate this එක් ප් රතිචාරයක් posted in සිතට සවිය mental health uncategorized posted on ඔක්තෝබර් 14 2012 1 ප් රතිචාරයක් මතක තබාගැනීම ආයාසයකින් කළ යුතු වෙහෙස දැනෙන ක් රියාවක් වේ බොහෝ දරුවන් මතක තබා ගැනීමේ කටයුත්ත නිසා කලකිරීමට සහ විඩාවට පත්වේ ගුණන වගු මතක තබා ගැනීම තුන් වන වසරේ සිට ඉහළට දරුවන් විසින් කළ යුතු ආයාස කර කටයුත්තකි මේ කටයුත්ත කිරීමට බැරි හෝ අපහසු දරුවන්ට ගණිතයේ කුසලතා දැක්විය නොහැකිකම නිසා මුළු පාසල් ජීවිතයම අපහසු තාවයට පත්විම සිදු විය හැක්කක් මේ අභියෝගය ජය ගැනීමට අද දවසේ පරිගණක නිසා ශබ්ද පාළනයට එකතු වූ නවීන මෙවලම් උපයෝගී කරගත් නව නිර්මාණයකි චක් ර මතකයෙන් සබ්ලිමිනල් වැඩසටහන දරුවකුගේ යටි සිතට පමණක් ඇසෙන සේ සබ්ලිමිනල් තාක්ෂණය යොදා ගැනීම නිසා නිරායාසව චක් ර මතකයට නගා ගැනීම පහසු වේ මෙම වැඩසටහන අඩංගු හඬ පටය හෝ වෙබ් අඩවිය ශ් රවනය කළ යුතු වෙ දිනපතා මාස තුනක් නින්දට පෙර හෝ නින්දෙන් අවදිවෙන විට ශ් රවනය කිරීමෙන් ආයාසයකින් තොරව 2වරක් සිට 12 වරක් දක්වා චක් ර මතකය ඇතිකර ගනී මීට පෙර කිසිම ලෙසකින් සබ්ලිමිනල් තාක්ෂණය පාසල් ඉගෙනුම් ක් රියාවලීන් සඳහා ලංකාවේ ක් රියාත්මකව නොමැත rate this එක් ප් රතිචාරයක් posted in uncategorized ගණිත හැකියා වඩවන රහස් හත posted on ජූලි 17 2012 ප් රතිචාරයක් ලබාදෙන්න 1 කුස්සියේ වැඩට දරුවාගේ කාලය යොදවන්න කෑම මේසයෙන් චක් ර ඉගෙන ගන්න බෙදන්න ඉගෙන ගන්න ආප්ප ගණන එක එක කෑම හදන්න ඕන දේවල් කැමට ගන්න දේවල් වල තියෙන ග් රෑම් ගණන 2 වච්න සහ සංගීතය යොදා ගන්න බරොක් සහ මොසාඩ් සංගීතය සබ්ලිමිනල් හඬ පට කතා කරන හඬ 3 පුළුවන් බව කියන්න ගණිතයට දක්ෂ බව දනවන වචන 4 කෙටි සටහන් සහ වගු නිතර භාවිතා කරන්න 5 ගුරුවරුන් සමග සමීප ළඟ සබඳ කමක් ඇති කරගන්න 6 තරඟ කරන්න දින වකවානු පිළියෙල කරන්න 7 හැම තැනම තියෙන ගණිතය හඳුනා ගන්න rate this ප් රතිචාරයක් ලබාදෙන්න posted in uncategorized මතක ඇතුව අද රුවල් දමා ගන්න posted on මැයි 8 2012 ප් රතිචාර 4ක් ජීවිතයේ පරමාර්ථය නැමති ගමනාන්තයට යන්න ඔබ සතු රුවල නම් අරමුණු සහ ඉලක්කයි පරමාර්ථයක් නැති ජීවිතය සයුරේ ඔහේ පාවෙන නැවක් වගේ නැවකට ගමනාන්තයක් වගේ ජීවිතයට පරමාර්ථයක් තියෙන්න ඕනි රුවල් ඉහළට ඔසවා සුළඟේ ශක්තියෙන් ගමන්නතයකට යන්න පුළුවන් උනත් රුවල් ඉහළට එසවුවේ නැත්නම් නැව ගමනක් යන්නේ සෙමෙන් බොහෝ දෙනෙක් මේ රුවල් නංවන්නේ නැතුව ආකර්ෂණයේ නීතියෙන් වැඩක් ගන්නේ නැහැ සයුරේ ඔහේ පාවෙන නැවක් චණ්ඩ කුණාටුවලින් විනාශ වෙනවා පරමාර්ථයක් නැති ජීවිතයත් අනේක විද බාධාවන් ගැන ලතැවෙමින් සෝකයෙන් පිරුණු ජීවිත ගත කරනවා ඔයාගේ යටි සිතට දැනෙන්න පරමාර්ථයක් සකස් කර ගන්න ඔබේ වෝල් පේපර් එකට ෆෝන් එකට යොදා ගන්න නිතරම ඔබටම ඔබ කියන්න සිතේ අසීමිත ශක්තිය ජය ගන්න මේ ක් රමය යොදා ගන්න මතක ඇතුව අද රුවල් දමා ගන්න rate this ප් රතිචාර 4 posted in ජීවිතය වෙනස් කරගන්න පුංචි පාඩමක් යටි සිතේ අපූරු චමත්කාරය posted on මැයි 7 2012 1 ප් රතිචාරයක් යටි සිතේ අපූරු චමත්කාරය ඔබ කළ යුත්තේ යමක් ඉල්ලීමයි එය ලැබෙන ක් රමය ගැන වද වෙන්න ඕනි නැහැ ඔබේ අසහාය යෝධයා ඔබේම කීකරු මෙහෙකරු ඔබේම යටිසිත ඒ ක් රමය හොඳම ක් රමය සොයා ගනීවි ඔබ කළ යුත්තේ උත්සහයෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමයි විශ්වාසා පරමා ඥාතී විශ්වාසය ඔබේ හොඳම නෑයායි බුදුන් වහන්සේ අබ ඇටයක තරම් විශ්වාසය ඔබට ඇත් නම් එය ඔබට ලැබේවි බයිබලය මැතිව් 17 20 විශ්වාසයෙන් යහපත් දේ කරන්නාට ඉඳුරාම නව ජීවනයක් ලැබේවි අල් කුරානය 16 වන පරිජේදය 97 වන පදය rate this එක් ප් රතිචාරයක් posted in ජීවිතය වෙනස් කරගන්න පුංචි පාඩමක් ආදරණීය සුරතලා posted on මැයි 7 2012 ප් රතිචාරයක් ලබාදෙන්න දුකින්ද විශ්වය ඔබට ලබා දෙන්නේ සතුටයි දුක එළවන්න සතුට ළං කරගන්න ඔබට බෑ කියලා හිතනවා ද මෙන්න පිළියමක් ඔබේ සුරතලා ළං කරගෙන අසීමිතව ආදරය දෙන්න ඌ ගෙන් නැවත ලැබන ආදරය ගැන ඔබ හිතන්නේ නෑ නේද හුරතලාට ආදරය කරන විට සතුට ඇති වේවි ඔබට ඔබේ ආදරණීය සහකරුට ත් ආදරය උපරිමව දෙන්න දෙන ආදරයෙන් විතරක් සතුටු වෙන්න නැවත ලැබෙන ආදරය ගැන බලාපොරොත්තු නැතුව sanath gamage thoughts rate this ප් රතිචාරයක් ලබාදෙන්න posted in ජීවිතය වෙනස් කරගන්න පුංචි පාඩමක් කාත් කවුරුත් නැති උනාම හොඳක් වෙන්න පුළුවන් ද posted on මැයි 4 2012 ප් රතිචාරයක් ලබාදෙන්න සෙල්ලම් කරන්න දරුවන් කවුරුත් කැමතියි තමන්ගෙ හිත ගත් ක් රීඩාවක් තියන කොට ඒක සෙල්ලම් කරන්න කොහොම හරි වෙලාවක් හදාගන්නවා ලොකු උනාම ක් රිකට් ගහන්න ලොව පූජිත ක් රිකට් තරුවක් වෙන්න පුංචි දරුවෙක් හීන මවනවා ඒත් ඈත ගමක ක් රිකට් ජනප් රිය නැති කාලයක් එංගලන්ත කණ්ඩායම ඇවිල්ලා සෙල්ලම් කරනවා බලන්න යන්න හීන මැව්වා හීනෙ ඉටු කරගන්න බැරි උනා කියලා වැඩේ අත හරින්නේ නැතිව ක් රිකට් ක් රීඩා පිටියේ එලියට වෙලා අහගෙන හිටියා තරඟ නීති හරියටම දන්නෙත් නෑ ඒත් සෙල්ලම් කරන්න උත්සහ කළා ක් රිකට් ගහන්න බැට් එකක් හොයා ගන්න පුළුවන් උනා ඒත් ගම පුරාම හෙවුවත් ලෙදර් බෝලයක් නෙමෙයි රබර් බෝලයක් වත් හොයා ගන්න බැරි උනා අන්තිමේදි ලැබුනු ටික් බෝලෙට ස්තුති කරලා ඒක සෙල්ලමට ගන්න හිතුවා ක් රිකට් ගහන්න ආස හිතුනම හැමෝම යාළුවන්ට අඬ ගහනවා මේ පුංචි දරුවත් එහෙම කළා ඒත් කවුරුත් ආවේ නැහැ සියළුම අභියෝග ආශිර්වාදයක් වෙන්න නම් අපි මොකක්ද කරන්න ඕනි අහන්න මේ ක් රිකට් ලොව සුපිරිම තරුව ගැන මේ කතාව sanath gamage story about sir donald bradman visit dinuma chanel sinhala inspirational story lessons and thames sports spirit cricket determination success සනත් ගමගේ සනත් සාර්තකත්වය ආලෝකය ජය කතා උත්සහය වීර කතා චරිත කතා rate this ප් රතිචාරයක් ලබාදෙන්න posted in vedio stories ඉසුරුමත් ජීවිතයක සිව් වන රහස වෛරය වෙනුවට මෛත් රිය posted on මැයි 1 2012 1 ප් රතිචාරයක් ඔබ යමකට වෛර කරන විට එම දෙය තව තවත් බල සම්පන්න වේ ඒ ඔබේ සිතුවිලි වල ශක්තිය එම වෛරකරන දෙයට තවත් ජීවය සපයන නිසා වෛර කරන දෙයට ප් රථිවිරුද්ද දෙය ට කැමති වෙන්න එය ප් රාර්ථනා කරන්න ඔබ වෛරකරන දෙය දුර්වල වී කැමති දෙය බලවත් වේවි වසර 60 කට කලින් ධනපතීන් භංග වෙවා කියමින් ලක්ෂ ගනන් පෙළපාලි ගිය පක්ෂ වල සාමාජිකත්වය අද බට්ටෙකුට පටවන තරමට අඩු වෙලා ධනපතීන් වැඩි වෙලා වැඩ කරන අපි වගේම සොයුරු ජනතාවට සෙත් පතමු ඔවුන් ශක්තිමත් කරමු ඔවුන්ට දිරි දෙමු වෛරය වෙනුවට මෙත් සිත් පතුරුවමු ජීවිතය සරු කරන මේ ධර්මතාව හොඳින්ම දැන සිටි කෙනෙක් නම් තෙරේසා මවු තුමියයි ඇය සාමය වෙනුවෙන් පෙනී සිටි ලොව දැවැන්තම චරිතයක් යුධ විරෝදි රැලියක සංවිධායකයන් ඇය හමුවී ඇයගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා තම අරගලය හා එකතු වන්නට ඇය ඉතාම කාරුණිකව එය ප් රතික්ෂේප කරනවා පුදුමයට පත් සංවිධායකයන් ඇයගෙන් කරුණු විමසනවා සාමය වෙනුවෙන් තියෙන රැළියකට මම එනවා ඇය කියනවා අපේක්ෂාව එකම ප් රථිඵළය වෙනස් ගමන් මගක් ඔබ නිතරම සිතන කියන දේ ඔබට ලැබෙනවා මේ රහස ජීවිතයට එකතු කර ගන්න sarasith wordpress com sanath gamage secrets of powerful life rate this එක් ප් රතිචාරයක් posted in ඉදිරි වැඩසටහන් tagged amazing ධන සිතුවිලි යහපත් කතා සාරසිත් සිතුවිලි සුභ සිතුවිලි inspirational life love positive sanath gamage sanath gamaghe sarasith sri lanka හිනාව posted on අප් රේල් 29 2012 1 ප් රතිචාරයක් අද හිනාව කිලෝවක් ගෙදර ගෙනියන්න ඒ කිලෝව හොණ්ඩරයක් වේවි rate this එක් ප් රතිචාරයක් posted in ජීවිතය වෙනස් කරගන්න පුංචි පාඩමක් tagged ධන සිතුවිලි යහපත් කතා සුභ සිතුවිලි new thoughts positive sanath gamaghe අත් නොහරින සිහිනයක් ඉසුරුමත් ජීවිතයක් ලබන්න සාර සිතට ආලෝකයක් තුන් වෙනි රහස posted on අප් රේල් 22 2012 1 ප් රතිචාරයක් ලොව පුරාම මිනිසුන්ගේ සිහින අත් හැරීම ගැන කළ පර්යේෂණ වලදී පෙනුනු වැදගත්ම කරුණ නම් මිනිසුන් ඉතාම ඉක්මනින් තම සිහිනය අත් හරින බවයි ඔබ සිහිනයේ ජීවත් වන විට සිහිනය දිනා ගත් බවට හැඟෙන මානසිකත්වතෙන් සතුටින් සිහිනයේ සැරිසරන විට ආකර්ෂණයේ නීතිය ඔබ වෙත ළඟා කර දෙනවා සිතන්න ඔබ අඹ ඇටයක් පැළ කරනවා වතුර පොහොර දානවා ඔබ විශ්වාසයෙන් ඒ පැළය රැක බලා ගත්තොත් මාසයකට පසුව අඹ පැළය ඔබට දකින්න පුළුවන් ඒත් ඔබ අඹ ඇටය හිටවපු දා ඉඳලාම පස් ටික අයින් කර කර අඹ ඇටේ පැළ වෙලාද කියල පස් හාරලා බලන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ පැළය මැරිලා යනවා ගොවි මහතුන් මේ ගැන දන්නවා ඒක නිසා ඉවසිල්ල පුරුදු කරගෙන ඉන්නවා මිනිසුන් සිහිනය රැක බලා ගන්නේ ටික කාලයයි දිනපතා ව්තුර පොහොර දාන්න අමතක කරනවා ඊට පස්සේ සිහිනය හරි නොගියාම අත් හැරලා දානවා බැන වදිනවා ආකර්ෂණයේ නීතිය බොරුවක් කියනවා තෝමස් අල්වාට දහස් වතාවකටත් වඩා විදුලි බල්බය නිපදවන්න උත්සහ කළා ඛ්fc පළවෙනි කුකුළු මස් පිඟාන විකුණන්න ගෙවල් 1004 කට යන්න උනා ඒත් මිනිසුන් 92 ක්ම හතර වතාවකට වඩා උත්සහ කරන්නේ නැ සිහිනය රැක ගන්න පරිස්සමින් හැම දාම සාත්තු කරන්න ඔබ සිහිනය දිනා ගන්නම ඕනිමයි sanath gamage alokaya com sanath gamage human skills development specialist https www facebook com pages alokayacom https www facebook com sanathgamageofficial rate this එක් ප් රතිචාරයක් posted in ඉසුරුමත් ජීවිතයක් නව සිතුවිල්ලක් සිතට සවිය mental health පියවර හතයි මල් හතයි posted on අප් රේල් 22 2012 1 ප් රතිචාරයක් 1 වගකීම බාරගන්න 2 අවසාන ප් රථිපලය මනසින් දැක යමක් අරඹන්න 3 මුලින් කළයුත්ත මුලින් කරන්න 4 ජය ජය ගැන හිතන්න 5 මුදිතාව වඩන්න 6 එකමුතුව දිනන්න 7 සැමදා ඔබේ ආයුදය මුවහත් කරන්න 1 වගකීම බාරගන්න අනුන්ට දොස් කිවීම කරනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ වගකීම තමන් බාර ගන්නේ නෑ කියන එක ඔබේ ජීවිතය ජය කණුව වෙත ගෙන යන මුල්ම වැඩපිළිවෙල පටන් ගන්නේ ඔබ ඔබේ ජීවිතයේ වගකීම බාර ගැනීමෙන් සමාවට කරුණු හොයන කිසිවෙක් තමන්ගේ වගකීම බාර නොගත්ත අයයි ඔබේ ජීවිතයේ ජය සඳහා බාහිර සාධක වලින් ගැලවීමට කරුණු හොයන්න එපා ඔබේ උපරිමය වෙත ඔබ ගමන් කරන්න 2 අවසාන ප් රථිපලය මනසින් දැක යමක් අරඹන්න පරිකල්පනය මිනිසුන්ට ලැබුනු අගනාම තෑග්ගයි යමක් අරඹන්න පෙර එම වැඩපිළිවෙල මනසින් දකින්න ඔබ ඉතාම හැඟීමකින් මෙය කළ යුතුයි ඔබගේ මීළඟ උසස් වීම විදේශ සංචාරය ඔබේ වාර්තාවට ලැබෙන ප් රථිචාරය මනසින් සිතුවම් කරන්න අවසාන අවස්තාව සිතුවම් කළාම සෑම් මිසයිලයක් මෙන් එම ඉලක්කය කරා ගමන් කරන්න ඔබට ශක්තිය ලැබෙනවා ඔබේ යටිසිත ඉලක්කය හඳුනා ගන්නේ සිතුවම් කළ විට විතරයි 3 මුලින් කළයුත්ත මුලින් කරන්න ඔබට ලැබන කාලයත් ඉහළම මට්ටමක ඉන්න කෙනාටත් දෙන්නාටම ලැබෙන්නේ එකම කාලයක් කාලය මදියි කියලා ලතවෙන එක නවතන්න කළයුතු කටයුතු පෙළගස්වන්න මුලින් කළ යුතු දේ මුලින් කරන්න 4 ජය ජය ගැන හිතන්න ඔබ කරන බොහෝ කතයුතු වලදී තවත් අය සම්බන්ද වෙනවා හැමවිටම ජය ජය මුලධර්මය අනුගමනය කරන්න අනෙත් කෙනාට දිනුමක් නැත්නම් එම පුද්ගලයා වැඩිකළක් ඔබ සමග එකට ගමනක් යන එක නතර කරාවි 5 මුදිතාව වඩන්න මුදිතාව එහෙම නැත්නම් සහකම්පනය ජීවිතයට එකතු කර ගන්න අනෙක් කෙනාගේ දුකේදී ඔහු තේරුම් ගන්න කලින් හොඳින් ඇහුම් කන් දෙන්න ඔහුගේ දුකේදී පඬි වදන් නොව ඔහුට හඬන්න ඔබේ උරහිස දෙන්න ඔබේ මතය කියන්න කලින් අන අය වටහා ගන්න අන් අයට ඇහුම් කන් දෙන්නේ නැතිව තම මතය තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ 6 එකමුතුව දිනන්න එකම රැහැකින් බැඳී කණ්ඩායම් ගත වෙන්න ඔබේ පිරිස සමග එකට වැඩකිරීම තනියම වැඩ කරනවාට වඩා ඉහළ ඉලක්කයකට යන්න ශක්තිය ඇතිකරනවා 7 සැමදා ඔබේ ආයුදය මුවහත් කරන්න ඔබේ ඇතුළත ශක්තිය අවුළුවා ගන්න අළුත් දැනුම නිතිපතා ලබා ගන්න ඔබ සැමදා කරන කටයුතු වඩා හොඳින් කළ හැකි ආකාරය නිතරම සිතන්න ඔබේ මනස ජය ලබාගන්න නැවත ලියවන වැඩසටහනකට කාලය සොයාගන්න අළුත් පොතක් වෙබ් අඩවියක් බලන්න සබ්ලිමිනල් හඬ් පටයක් අහන්න ජීවිත කාලය පුරාවට ඉගෙන ගන්න වාහනයේ දී අළුත් පොතක හඬ පටය mp3 ගෙන අසන්න seven good working habits by sanath gamage sanath gamage human skills development specialist sarasith wordpress com alokaya com rate this එක් ප් රතිචාරයක් posted in නව සිතුවිල්ලක් රැකියා ලොව ජය ගන්න සිතට සවිය mental health uncategorized tagged amazing ධන සිතුවිලි වදන් සනත් ගමගේ සාරසිත් සිංහල කියමන් සිතුවිලි සුභ සිතුවිලි inspirational life positive sanath gamage sanath gamaghe sarasith sinhala sri lanka story ජීවිතය වෙනස් කරගන්න පුංචි පාඩමක් 3 පාට බැලූන් posted on අප් රේල් 20 2012 1 ප් රතිචාරයක් විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා බලන කොට පුංචි දරුවෙක් වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි වෙළෙන්දාගෙන් විමසුවා බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි බැලුම පුම්බලා තියෙන වායුව නිසා වෙළෙන්දා වටහා දුන්නා දරුවාගේ මූණට සිනාවක් ආවා වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු සිතුවිලි වලින් ලස්සන වෙමු sanath gamage new thoughts සනත් ගමගේ සාරසිත් rate this එක් ප් රතිචාරයක් posted in නව සිතුවිල්ලක් tagged amazing කවි සිතුවිලි චින්තනය දිනුම ධන සිතුවිලි යහපත් කතා වදන් සනත් ගමගේ සාරසිත් සාර්ථකත්වය සිංහල කියමන් සුභ සිතුවිලි child psychology children daily thoughts inspirational life positive sanath gamage sanath gamaghe sarasith sinhala ජීවිතය වෙනස් කරන සිතුවිලි 2 හිතින් ලතැවීම posted on අප් රේල් 20 2012 ප් රතිචාරයක් ලබාදෙන්න හිතින් කළකිරෙමින් ලතවෙමින් වේදනාවෙන් ඉන්න බොහෝ දෙනා පුරුදු වෙලා පෝරකේ වගේ ගීත ජනප් රියම ගී වෙලා මේ වේදනාව හිතින් අල්ලගෙන ඉන්න එක කැරකෙන පුටුවක කැරකි කැරකි ඉන්නවා වගේ දෙයක් යන තැනක් නෑ හැබැයි කැරකිල්ලයි තෝන්තුවයි එනවා හිතන්න මුමුණන්න හොඳ ගීයක් බලන්න ලස්සන චිත් රපටයක් හුරතල් කරන්න පොඩි දරුවෙක් හිනාව ළං කර ගන්න ජීවිතයම ආලෝකමත් කර ගන්න මගේ ඉදිරියෙන් යන්න එපා මම ඔබව අනුගමනය නොකරාවි මගේ පසුපසින් එන්න එපා මම ඔබට පාර නොපෙන්වාවි මා අසලින් එන්න මගේ මිතුරකු වන්න හැමදාම මේ පැත්තට එන්න අපි සතුට ඉසුර සාමය ගැන කතා කරමු https www facebook com sanathgamageguru sanathgamageguru https www facebook com sanathgamageofficial sanath gamage new thoughts positive talks සනත් ගමගේ ආලෝකය සුභ සිතුවිලි rate this ප් රතිචාරයක් ලබාදෙන්න posted in නව සිතුවිල්ලක් tagged alokaya කවි සිතුවිලි චින්තනය ජීවිතය දිනුම ධන සිතුවිලි නිමැයුම් කරු යහපත් කතා වදන් සනත් ගමගේ සරු සරුසිත සාරසිත් සාර්ථකත්වය සිංහල කියමන් සිතුවිලි සුභ සුභ සිතුවිලි daily thoughts dinuma positive thought psychology sanath gamage රටා බිඳිමුද බඳිමුද posted on අප් රේල් 14 2012 ප් රතිචාරයක් ලබාදෙන්න අපි මේ පාඩමත් සමගම අද nlp යොදාගෙන ඉසුරු මත් ජීවිතයකට යන ගමනේ ලොකු වෙනසක් ඇති කරගන්නවා මේ මොහොතේ ඔබේ හැඟීම් එහෙම නැත්නම් භාවයන් මොනවගේ ද බලන්න හොඳ රිද්මෙක ගීයක් මුමුණනවාද එහෙම නැත්නම් සුසුමක් නිකම්ම පිට වෙනවාද කේන්තියක් එහෙම නැත්නම් කළකිරීමක් තියෙනවාද ඉසුරුමත් ජීවිතයකට ඔයාට ලොකු සතුටක් ඇති කරගන්න වෙනවා nlpවල මූලිකම හරයත් ඔයාගේ භාවයන්ගේ වෙනස් කමයි හැඟීම් ඔයාගේ ජයග් රහණයට අවශ් ය විදිහට සකස් කිරීමයි පසුගාමි කළකිරුණු ස්වභාවයෙන් ඉන්න වෙලාවට වඩා සතුටින් පිරිලා ඉතිරිලා ඉන්න වෙලාවට ඔබ ගන්න තීරණ වඩා සාර්ථක හා හොඳ ප් රථිපළ ගෙනල්ලා දෙනවා දිගටම හොඳ තීරණ ගන්න පටන් ගත්තාම ඔයාගේ මුළු ජීවිතයම ප් රීතිමත් සුභ එකක් වෙනවා ඔබේ ජීවිතේ ගැන පොඩි වෙලාවක් අරන් ආපස්සට ගිහින් බලන්න මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මේ ගී පද වගේ දේවල් ඔයාටත් වෙලා ඇති ලොවම එපා වී ලොවම කළකිරී තැවී දැවී ඉන්නා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ සමහර වෙලාවට ඔයා කලකිරිලා එපා වෙලා ඉන්න වෙලාවක හොඳට නටන පුංචි ළමයෙක් සිනා පිරුණු චිත් රපටි...
|