Meta tags:
Headings (most frequently used words):
tuesday, 2018, wednesday, 16, november, 2017, රිදවාගනු, යි, කවි, march, 2022, april, 20, 2021, monday, july, may, thursday, january, 18, 22, 14, see, me, there, too, write, to, writer, labels, my, blog, list, ඔබේ, මණ්දාකිණි, ඇස, ආදරේ, බව, එපමණ, රහස්, රස, තැන්, කට, කන, ගෑනී, උමතුකාරක, පිණිස, සත්, යාදරී, ස්නේහී, උමතු, සත්වාදරය, බිසී, මී, නොලියන්නයැ, මතු, දුක, හිතෙන, යළි, පුන, පුනා, ඔබ, ඇමතුමකින්, කොඳුරයි, නොගොසින්, හිඳින්නැ, දෙතොලින්, කිව, නොහී, යම්, දෙයක්, ගැන, මුවින්, මිමිණෙයි, නොගොසින්ම, ඉන්නට, බැරි, ගමන්, ඇති, බවට, යා, යුතුම, ගමනින්, අඩක්, නිමකළ, බැවින, මේ, කවිකඩත්, ඔබට, පිණිසමයි, හර්ටින්ග්, රයිටර්,
Text of the page (most frequently used words):
තිබිණ (30), share (27), විසින් (24), විය (17), අතර (15), ඉතා (15), රයිටර් (12), සඳහා (12), රාත් (12), ගතිමි (11), නොහැකි (11), නැත (10), කවි (9), #labels (9), pinterest (9), facebook (9), blogthis (9), email (9), this (9), පසු (9), කරන (9), සුපුරුදු (9), මෙන් (9), 2018 (8), ගිය (8), හෙලෝ (8), යුතු (8), දමා (8), හැකි (8), පුරා (8), තරමක් (8), ඇගේ (8), january (7), march (7), july (7), november (7), වෙත (7), සිරුර (7), අතිශය (7), රුව (7), පිණිස (7), ගෙන (7), සිට (7), අනතුරුව (7), april (6), may (6), comments (6), යැයි (6), බිම (6), කාමරය (6), මගේ (6), වීමි (6), තිශුලගේ (6), උමතු (6), බොහෝ (6), පත් (6), එකම (6), ඇති (6), කිසියම් (6), ඇවිද (6), පැවති (6), 2017 (5), සටහන් (5), කිහිපයකට (5), කෙටි (5), තිශුල (5), එකක් (5), අපේක්ෂා (5), ගොස් (5), බවක් (5), මල් (5), යයි (5), පියවි (5), වැටි (5), එහි (5), දින (5), තැන (5), බවට (5), රිය (5), සත්ව (5), සමග (5), හිඳියෙමි (5), පමණ (5), හුන් (5), හඬක් (5), මේසය (5), අසල (5), දෙකක් (5), කුඩා (5), සුවඳ (5), තුළ (5), ගැන (5), නැති (5), කළු (5), දොර (5), වැහි (5), අතරින් (5), කතා (5), දුල්හාරි (5), හිතුණා (4), ලිව්වා (4), දුටු (4), පටන් (4), june (4), august (4), september (4), ආදරේ (4), 2022 (4), ඩොක්ටර් (4), ගියෙමි (4), හේතුකොටගෙන (4), බිඳ (4), වියළි (4), ස්වප්න (4), පැන (4), තිබුණු (4), ගති (4), කාලයක් (4), බවත් (4), අදිසි (4), පිළිතුරු (4), බබා (4), කියන්න (4), නිශ්චිත (4), ලියන (4), දෑස (4), එකී (4), පැහැදිලිව (4), අපැහැදිලි (4), කලක් (4), කළෙමි (4), අපුල (4), හරි (4), වුණා (4), දුරකථන (4), ඇමතුමක් (4), වතුර (4), කිරීම (4), වන්නට (4), නිදහසේ (4), යනු (3), අපි (3), october (3), 2021 (3), එපමණ (3), ඔබේ (3), මණ්දාකිණි (3), comment (3), epo (3), පෙර (3), කන්තෝරු (3), කිහිප (3), සැරයක් (3), වරින් (3), හිස (3), බිසී (3), tuesday (3), තිසේරා (3), රීරෝද (3), නැග (3), මුහුණ (3), යන්න (3), විදිහක් (3), උත්සාහ (3), නැවත (3), උදාවූ (3), කිරීමෙන් (3), තිගැස්සී (3), සයනය (3), වරක් (3), කලෙමි (3), කිසිම (3), වඩා (3), වශයෙන් (3), දක්වා (3), වර්ධනය (3), හිඳී (3), ඔහුගේ (3), සිදු (3), ඔහු (3), සිහින් (3), ලෙස (3), අප් (3), පරිදි (3), පිටු (3), කිහිපයක් (3), පැමිණි (3), ආවෙමි (3), වෙලාවක් (3), ගෙදර (3), දුරකථනය (3), නාද (3), වීමෙන් (3), අවදි (3), කිසිවක් (3), අහුරක් (3), අවකාශයෙහි (3), නිසාවෙන් (3), ලැබීය (3), දිගු (3), සත් (3), දැකගත (3), එක් (3), අන් (3), සමාන (3), සුදු (3), සමීප (3), යමක් (3), උරුමකම් (3), හදිසියේ (3), ශේෂ (3), කරන්නට (3), තුල (3), ගෙවා (3), මාත් (3), සහිතව (3), තරම් (3), සෙසු (3), ආසන්න (3), ඇමතුම (3), පාඩම් (3), ඉකුත් (3), වසර (3), ඉන්න (3), ඉන්නේ (3), ගැනීම (3), ඇයි (3), විදුලි (3), විටත් (3), සැලකිය (3), අඳුර (3), අවකාශය (3), ස්ථීර (3), වරට (3), පවතින (3), දෑතින් (3), මොහොතක් (3), ඔස්සේ (3), ගමන් (3), සමත් (3), දෙයක් (3), මතු (3), වර්ෂාව (3), දෙසට (3), ඉදිරිපස (3), රිසිවරය (3), හිඳ (3), පිළිබඳව (3), පවා (3), වනවිටත් (3), වෙතින් (3), කරමින් (3), සිටි (3), වේදනාවෙන් (3), අසලදී (3), ගංගාරාම (3), අනුරාධ (3), උද් (3), තිබිණි (3), එතරම් (3), අවට (3), සිතුවිල්ල (2), වැරදුණ (2), ගුප්ත (2), ලෝකය (2), බෝඩිම (2), කියල (2), සිද්ධි (2), february (2), com (2), too (2), posts (2), බැවින් (2), තදින් (2), පියවර (2), සියක් (2), වැඩ (2), හිස්ය (2), කරමි (2), රැගෙන (2), සිනාවක් (2), ගත් (2), මුසු (2), රශ්න (2), හොඳ (2), එන්න (2), අවම (2), හිඳීමට (2), වමනේ (2), ගියා (2), ඇඟට (2), සනීප (2), මදි (2), ටිකක් (2), ජීවිතාශාව (2), නොකළ (2), තැබූ (2), කරගත්තේ (2), කුස (2), නාන (2), තුරු (2), වැව් (2), තාවුල්ල (2), සෙවණැලි (2), සෙනෙහසකින් (2), අදිසිමාන (2), පාමුල (2), නගමින් (2), කියා (2), දවස් (2), රේමණීය (2), නිද් (2), හැඟීම් (2), අවසානයේ (2), පත්විය (2), ලෝකයේ (2), දැන් (2), දවසේ (2), නින්ද (2), කෙමෙන් (2), නොදන්නා (2), කොහේ (2), තට්ටුවක් (2), දිනවල (2), හුදකලා (2), කර්කශ (2), නිවසින් (2), පාන්දර (2), දරුණු (2), වලින් (2), රැය (2), ෆයිල් (2), රඳවා (2), ඇතුලට (2), බැස (2), තිබුණ (2), වැලි (2), කුරිරු (2), විනාශ (2), ගගා (2), පතිත (2), එනවා (2), තියන්නම් (2), දමන (2), සමාධිය (2), තිරය (2), අංකය (2), කවුද (2), තේරුම් (2), පුදුම (2), කැටිව (2), දුන්නෙමි (2), සැනසුම (2), හුදකලාව (2), භීතියෙන් (2), සිහි (2), ලොම් (2), බලා (2), පොතක (2), අකුරින් (2), සිව් (2), දිනක් (2), යනතුරුම (2), අලස (2), වේදනාබර (2), සහිත (2), රථම (2), කලෙක (2), මුමුණන (2), හදිසි (2), රීන් (2), පැමිණ (2), දිදුලන (2), නොවිණි (2), හාත්පස (2), සෙමින් (2), ඉන් (2), නැහැයට (2), කරගතිමි (2), පිට (2), හරිහැටි (2), හඳුනා (2), කිහිපයක (2), මෙවර (2), සංසුන් (2), කියන්නට (2), සෙවණැල්ල (2), වැඩිවියට (2), සීමාව (2), වසරකට (2), පසුව (2), නැවතත් (2), මනසාභ් (2), යන්තරය (2), අවිනිශ්චිත (2), පමණෙකි (2), අවශ් (2), බලාපොරොත්තුව (2), නැවුම් (2), අතුරුදන් (2), හැඟීමක් (2), පෙළන (2), රාන්ත (2), ජීවන (2), චර්යාව (2), භාවාත්මක (2), උදෑසන (2), දවල් (2), තුන (2), සංවේදනයකින් (2), තොරව (2), ගිල (2), කීපයක් (2), විශාල (2), බඳුන් (2), විසන්ධි (2), වේදනාවකින් (2), යුතුව (2), දැමූ (2), කළෙක (2), රේමය (2), කිනම් (2), ඔයා (2), වගේ (2), වෙලා (2), දවසම (2), නෑනේ (2), ස්වරය (2), රතිපසින් (2), නිකං (2), වසන් (2), හැරුණු (2), ඇමතුම් (2), මඩින (2), ගැනීමේ (2), මොබයිලය (2), පවත්වාගෙන (2), තිබුණාවූ (2), මාගේ (2), සිදුවීම (2), පුස් (2), සියලු (2), ගැහැණු (2), දුන් (2), දහවල (2), නැගුණ (2), තබා (2), තිබු (2), ඉක්බිතිව (2), දෙක (2), දුමාර (2), පළමු (2), කීවෙමි (2), ඉහතදී (2), මිනුම් (2), දඬු (2), එකවරම (2), එලවා (2), ගැඹුරු (2), දෙතොලින් (2), වීදුරුව (2), බීගෙන (2), අංශු (2), ඒවා (2), වේදනාව (2), නාම (2), wednesday (2), සොය (2), රැස් (2), ඇහැරී (2), ස්නේහී (2), යාදරී (2), රිදවාගනු (2), යම් (2), නොහී (2), යළි (2), කබාය (2), හැඳගත් (2), හිරිකඩ (2), මොහොතෙහි (2), නොවිය (2), කරගත් (2), කෙනෙකුගේ (2), එතනින් (2), ආලෝකය (2), සාලය (2), නිවා (2), අඳුරෙහි (2), කොටගත් (2), බීරළු (2), සුළං (2), පුටුවකට (2), විපරම් (2), කරන්න (2), අතට (2), සසල (2), ගැහැණි (2), ටෝස්ට් (2), පාන් (2), නවකතාව (2), ස්තුති (2), කලෙකදී (2), සඳහන් (2), කොට (2), දැයි (2), රමාණයෙන් (2), නවාතැනට (2), ලියුමෙහි (2), වුවද (2), නිර්නාමික (2), දක්වාද (2), මුල (2), මිදීම (2), සෑම (2), නිච්චියක් (2), ගණන් (2), පරීක්ෂා (2), ගෑනී (2), කෙට්ටු (2), තත්වයකට (2), නවතා (2), දෑසෙහි (2), දෙස (2), යාමට (2), කළද (2), තිබුනේ (2), ටිකට් (2), රියදුරුගේ (2), පුළුවන් (2), කොම්පඤ්ඤ (2), වීදියේ (2), වෙන්න (2), දුපතට (2), ඉක්බිති (2), විනාඩි (2), දිරාපත් (2), බට්ටා (2), යානය (2), හරහා (2), සේනානායක (2), මාවත (2), සතියකට (2), නගර (2), තෝරා (2), විහාරමහාදේවි (2), ෆෝන් (2), සළකුණු (2), ටවුන් (2), සොරි (2), ජීවිතය (2), සතුවූ (2), එකකි (2), කරගෙන (2), නිතර (2), පදික (2), පළවල් (2), ලයින්ග් (2), තැන් (2), රහස් (2), බෙද (2), අයිතිකරුවා, අන්ත, දෙකකි, awesome, inc, theme, powered, blogger, blog, list, ෆේමස්, පෙත්, හිතුනේ, මෙහෙමයි, පොටෝග්, රැෆි, පාඩමක්, පට්ට, පජාති, දෙයියනේ, ගත්ත, චරිතාපදාන, ගැටයා, කාලේ, කොලුකම්, අහම්බෙන්, වෙච්චි, නොදන්න, ගැජමැටික්, අනේ, මන්දා, december, 2012, 2013, 2014, 166, 2016, view, complete, profile, cpethum, gmail, write, writer, writes, here, see, there, subscribe, atom, home, older, pic, https, photos, smugmug, professional, the, office, nhz7f5j, bcf3d596, jpg, ඇක්ෂනිස්ට්, නොදන්වා, ගතයුතුය, නොදී, කිසි, බුරුලක්, හෙට, අවුල්, ොඩගැසුණු, රාජකාරිය, හිස්කම, ඔසවා, ඈතට, දිස්, ඊස්, නොට්, හිතවතුනි, ගැබ්ගෙන, මිනිත්තු, වාර්තාව, හෙදියක, රශංසාත්මක, හෙළිය, ගෙන්වා, රියෙහි, තිසේරාගේ, ඩිස්පැන්සරිය, සිනා, මුහුණින්, පිළිගත්, හිතවත්, අසන, වාර, දීමෙන්, යුරීන්, සාම්පලයක්, පරික්ෂාව, ලැබිණි, ළමයානේ, අමතන්නේ, ගැලවුම්, යාය, අනුගමනය, තැන්හිදී, සක්සුදක්, දනිමි, රීවීලර්, ගෙන්නගෙන, ගාවට, තේරුණාද, ළමයනේ, සැනසුම්දායක, පිළිතුරවත්, නොලද්දෙන්, අකම්පිතව, නොසැලී, දෙතුන්, උදෑසනක, තෙහෙට්ටු, අවදිවීමකි, පැකිලී, බෑවෙන්නට, නොගොස්, සමබරතාව, පාලනය, අසීරුවෙනි, හාරා, ඉහලට, ඔක්කාරය, තෙක්, පියනගන, දරාගත, පැයක්, ඇතුලත, වමනය, රතිකාර, හැඟින, තෙරපි, ධාරාවෝ, අපමණ, පීඩනයකින්, ගම්, දනව්, දියෙන්, තෙත්කර, ගලන්නාවූ, උද්යෝගය, යම්සේද, එවන්, ඌර්ජයකින්, අවදිවීමි, සීග්, රයෙන්, උස්, පහත්වන, රේඛා, දෙතොලග, නුරා, මන්දස්මිතයක, පුබුදුවා, පැවසිය, මහාපරිමිත, තෘප්තිය, මොරගා, හඬන, නොසන්සිඳෙනාශාවකින්, ගිණිබත්, ළයෙහි, කෙඳිරුමට, කන්දී, දෙඋරින්, ගවුම, කරලා, හිසතින්, ආරම්භ, නළල්, සිසාරා, ගෙලද, පසුකර, ලමැද, දෙවටොර, නැහැවූ, දෙතොලස්පර්ශ, හාදු, වර්ෂාවකි, රේමවන්තයින්, දෙපලකට, උපරිම, දුර, පිය, හිඳියෙමු, ලෝකයකදී, අත්විඳිය, සංතෘප්තිකර, රීතියකින්, ඉපිළගිය, ආත්මගත, සන්තානය, රති, පෝෂණය, වෙමින්, දෑසට, එල්බ, ඔදවැඩි, අසීමාන්තික, කුහර, පුපුරා, යද්දී, උණුසුමට, ලොබ, බඳිමින්, තවත්, පහසට, නතු, හැබෑ, ලෝකෙදි, ඇවිත්, ඔයාට, මාව, හැබෑවට, හම්බෙන්න, බැරිද, සති, මාස, බොහෝ, ගණනක්, අැවෑමෙන්, ඉක්බිතිවද, ක්ණික, නිවාසාගමනයන්, පසුවද, තනිවූ, අහඹු, රැයකල, සිරුරින්, ආයාචනයක්, සත්වයා, රේමයෙන්, බැඳුනෙමි, සංස්පර්ශයෙන්, රාගත, විකසිතවීම, අයුරකින්වත්, වලක්වාගත, ඇබ්බැහියක්, අවදිව, සිටිනවාට, තත්, නිදාගෙන, හේතුවෙන්, කැපවිණි, පිරිපුන්, මිනිස්, සිරුරක්, දුමාරය, වරෙක, සිරුරකින්ද, අහිමුව, පෙනී, කැමැත්තකින්, අනුදැනුමකින්, නොවනා, හේතුව, සිටියේයය, කොතැනක, පවතිනවාදැයි, විමසන, කල්හි, මැදගිල්ලෙන්, ලයට, සෙමෙන්, අැස්, සිනාසුනි, ඉනික්බිතිව, ගෙවුණු, සෙවනැලි, දොඩමළු, රහසේ, ලියලා, වැඩුන, රේමයකින්, මුසපත්, නිදිවර්ජිතව, ගෙවන, රැයක්, අවසන, අලුයම, පිටව, ගියේය, එකට, නිදාගන්නට, කෘතීම, සිප, වැළඳගැන්මෙන්, රිදවීම්, වේදනාවට, සයන, රාණිකව, වැතිරී, මැදියම්, ඉක්මවන, තෙක්ද, හොවාගෙනය, නොයිවසිල්ලෙන්, හමුවන, සංවේගයෙනි, ආයාසයෙන්, මුවග, සැපයීමි, කොහොමද, දෑතෙහි, රුවාගෙන, මුහුණේ, වූයේ, විරහිත, who, cares, ස්වභාවයය, සිතියහැකි, වාහනයක්, ගේට්ටුවෙන්, හරවා, පෝටිපෝව, නවතනු, ඇසීමෙන්, ඇඳෙන්, බිමට, ආලින්දයට, ළදරුවකු, ඉදිකරමින්, මාලිගය, දැමුවාක්, වැනි, හැඟීමක්ය, ආශාවෙන්, තොල, අතක, රැඳි, හිම, කිරම, දියව, ගිලිහී, වුවාක්, සේය, බායි, කීයටද, ඔව්, බන්ධන, දැහැන්ගත, හේතු, කොටගෙන, කම්පාවෙන්, දිස්වීම, මොහොතේ, අපුලකි, කියන්නේ, නමක්, භාෂාවට, එමෙන්ම, රුවටද, සන්නිවේදනය, රමයකිනි, පවසනා, රහණය, කරගැන්මටත්, පවසන, ගැනීමටත්, හැකිය, හමුවීම්, සහගතය, සදිසි, වීය, විහිද, පැඟිරි, සුවඳකි, අපරිමිත, ස්නේහානුරාගය, උතුරා, කාන්දම්කර්ෂිත, මුමුණමින්, සිටියේය, ඕනෑකමින්, සවන්, හවස, තුනට, බරකරන්නට, ගත්තායින්, පැනඩෝල්, ඇඳට, වැද, හාන්සි, සිහිනයකි, පුදුමයකි, අතීත, පදම්, නොකරන්නට, මොහොත, ඉඳුරාම, වෙනස්වන්නට, ඇලලීගොස්, විකල්, වන්නටද, පෙම්වතියගේ, හිසින්, හිලිහුණු, කෙස්, සාක්කුවේ, පරෙස්සම්, ගෙනැවිත්, දයාලේඛිව, පිරික්සන, බොළඳ, පෙම්වතෙකු, අහුර, පිරික්සා, රැඳවා, එතැන, beast, රතු, ලියූවෙමි, නොදිස්, උපන්, දෝමනස්ස, සංකාවන්, කායිකව, මානසිකව, අඩපණ, දුපතක, සිරගත, කරනු, ඉහිලුම්, උදැසනක, ඇතිරිල්ල, ඇලී, තිබෙනු, ඝනකම්, උක්ත, දුපත්, සිරකඳවුරින්, මුදවාගනු, යොවුන්, යෞවනියක, රේමයෙහි, සුවඳාකර්ෂනයෙන්, මුසපත්ව, ගැටවර, හිතක, අවධානක්ෂියට, හසුවන, නිර්මලවූත්, ආගන්තුකවූත්, සුපෙම්, පහස්, සුව, විඳිනා, පහන්, ඖදාර්යයකින්, පිබිදි, අහේතුකය, විශ්වාස, නොහැකක්ය, යයක්ය, මිමිණුම, අෑතින්ය, ගොරහැඩිය, ළයාන්විතය, රමාණ, තෙත්, බවකින්, යුක්තය, මිසක, දෙතොලක, සේයාවක්, නොවිණ, ඊශා, සිහිනය, ආකාරයකට, දැකීමෙන්ද, ආකාරයේ, අවදිවීම්, වලින්ද, සමන්විතවූ, ඒකාකාරී, පහකට, මැදියමකදී, සමීපයට, හෙවණැල්ලෙහි, එවර, ඉතාමත්, තීව්, හැර, වලසෙකුගේ, ශරීරයට, අසලය, අඳුරුසළු, සීතය, දහරින්, තෙතබරියම්ය, සුවඳවත්ය, පැහැති, වර්ගයක්, දහස්, ගණනින්, රිද්මයානුකුල, රටාවකට, ගමනාන්තයක්, රහිතව, පාවෙමින්, මිට, මොලවාගෙන, බලන්නට, අවැසිය, දෙනෙත, තිරස්ව, මිටක්, අල්ලා, ගුලිකොට, නාස්, පුඩු, කිති, කැවී, හිසාභයන්තරය, නලියන්නට, වුයෙන්, කිවිසුමක්, ඉහළ, පහළට, වැටෙන්නාක්, හැඟීමකින්, වූවෙමි, සාංකාවකි, පාලුවකි, වචනාර්ථයට, චිත්තාර්තයට, නගා, හැඟුමන්, සමුදායකි, කණස්සල්ලකි, වෙන්කරගත, සිහින, ඛණ්ඩ, රූප, රාමු, පෙලකින්, එසෙවණැල්ල, මදක්, ඈතින්, දිස්විය, දෑසක්, අපැහැදිලිව, හඳුනාගත, සමස්ත, පෙරයම, ශාන්තය, වෙහෙසකර, උත්සාහයෙන්, තොරවූ, සාමකාමී, නින්දකට, හැකිවිය, මැදියම, චංචලය, රාධුර්භූතවේ, හැඟීය, විශ්වාසශීලි, මොහොතය, පත්වූ, වකවානු, කාල, මතුවීමෙන්ද, යනතුරු, අතුරුදන්ව, තිබීමෙන්ද, සොයා, එ්මෙන්ද, කරලූයේ, රහෙලිකාත්මක, පැනයකි, සියල්ල, වුද, කෙසේ, කවදාක, සිදුවන්නට, නියමිතව, තිබුණාවූවද, රීයෙහිදීත්, සොයා, එනු, ඇතැයි, කුටුම්භගත, සෘණ, අගයක්, පෙන්නුම්, මහා, සාගරය, ගසාගෙන, තැනකදී, එල්ලෙන්නට, පිදුරු, ගස්, අවැසි, රාතිහාර්ය, රාර්ථනා, පරම, නොදැක, හිටි, කෙනෙකුන්, හදිසියේම, හමුවිය, යුතුය, ආශාවට, යතාවට, බෙහෙවින්ම, සොඳුරු, මනෝමුලික, වේදනාවක්, විඥ්ඥාණ, ආධ්, යාත්මිකව, ස්පර්ශ, සමත්වන්නාවූ, එක්තාරාකරයක, පැහැයක්, නෑඹුල්, හැඩයක්, ආසාවෙන්, කියවාගෙන, ඇල්මක්, දැක්වූ, අවසාන, භාගයේ, වීම, නිසා, ජනිතවන්නාවූ, වැන්නකි, මනෝභාවයන්, චෛතසිකයන්, නොදැනුවත්, රබෝධයක්, කුහුලක්, මනස, පතුරුවා, රාසය, නොඉවසුමකට, පරිවර්තනය, දෛනික, නොසලකාහැරිම්, හමුවේ, උද්ගත, වුවක්ද, එසේත්, නොමැතිනම්, කාරනාවක්, අරභයා, සිදුවුවක්ද, නොදනිමි, ස්වයංක්, රීය, දමනු, හෘදය, සසලව, හොල්මන්, දුමාරයෙන්, අල්ප, රික, පීඩාව, අහාර, වේල්, දැමීමි, ගිණිය, ක්ෂුද්, රියාකාරකම්ද, නිමවීමෙන්, සුදානම, සයනාරූඪ, වන්නටය, ඩිජිටල්, ඔරලෝසු, මුහුණත, නවයයි, තිස්, කියවීය, පැය, කොට්ට, ඇතිරිලි, ටෙඩි, බෙයා, ඔට්ටු, මැදියමකට, පසුදින, සැළකිය, වෙනස්කමකට, නොතිබිණ, උගත්, අවස්තානුකුල, හැඩගැසීම්, තුළදී, ඕනෑවටත්, රාගුණ්, නිතින්, අත්විය, පීඩාවට, නොවීමි, දන්නවා, තේරෙනවා, පරිස්සමෙන්, ගුඩ්, නයිට්, චෝදනා, සාහසික, විලාප, රයය, කුටුම්බ, සන්දර්භය, අනායාසයෙන්, නඩත්තුකළ, ඕනාඑපාකම්ද, සැපදුක, විමසා, බැලීම්ද, හිතාමතාම, අත්හිටුවා, නොසලකාහැර, උදෙසා, ආයාචන, වැළපුම්ද, වෙහෙසී, ඉපැයීම, අරභයාද, ගන්න, බබී, ගොඩක්, දන්නේ, කොච්චර, හන්සි, වෙනවද, හිටගෙන, එහාට, මෙහාට, ගෙදරට, ෆේස්බුක්, ස්ක්, රෝල්, ඉවසීම, ස්වයං, වාරණ, සීමා, පවුරට, පහර, නැගී, ඉකිබිඳුම්, ස්වරුපයක්, උසුලන්නට, පාළුයි, පාලුවෙන්, දෙපාර්ශවයෙන්ම, දිග, හැරීමත්, ඕනෑ, එපාවට, සැපයීමත්, කෑවද, බිව්වද, මොකද, කරේ, ඉතිං, ම්ම්ම්, ම්ම්, උපහාසයකි, රමාණව, සතුටු, ම්හඃ, කටහඬෙහි, නිදිබර, ගතිය, නොසලකා, හැරීමේ, පවසන්නට, මතක්, වෙද්දී, තෙවන, ඇමතුමෙහි, ඩයල්, ටෝන්, තුනක, නාදය, ඉක්මවූ, සැපයිණ, සිතට, එරෙහි, යතාවය, එතුවක්, පේනුව, සහසම්බන්ධතාවය, සාහසිකව, විසන්ධිකර, දැමුවෙමි, කාර්යබහුලත්වය, කොටසක්, භක්ෂණය, දෙවසරකට, විවාහ, දිවිය, උගත, රගුණ, ජීවිතානුබද්ධ, බොහෝය, තිර, නඩත්තුවෙන්, තොර, දෑසාභිමුක්ඛ්, යයෙහි, බැඳීමකට, ලක්ව, බැඳීම්, විනාශාගාධයට, පෙරලී, දැකීමට, පාපයකි, මනැස්, පලවා, හරින, පෘතුල, බහුලව, රතිරුප, නඩත්තු, කරනාවූ, අසංස්කෘතික, ගැහැණුන්ය, සබ්බසකලමනාවම, බන්ගස්තාන, කරදමා, අරපිරිමැස්ම, උදම්, අනන, ගැහැණුය, සතෙකුට, උගුරක්, නොදෙන, අවිහිංසාවාදය, පෝස්ට්, ශෙයා, කෙල්ලන්ය, ලිංගික, කුහකකමින්, ඊර්ෂ්, යාවෙන්, පිපිරුණ, පරිහාණිත, පිරිමින්ය, අසහනයන්, සන්තර්පණය, කොටගනු, වස්, දඩයමේ, අසත්පුරුෂ, ගැටවරයින්ය, නමුදු, අසිරිමත්, ගොඩනාගා, අයිසින්, ආලේපිත, වර්චුවල්, මිතුරු, සම්බන්ධතා, මාධ්, නොවන්නට, මානසික, යාධියකට, මුහුණපා, තිබෙන්නට, තෙක්ම, වැටෙන, තුරුද, නිවනක්, විවේකයක්, නොමැතිව, ඇඟිලි, තුඩු, තෙරපෙමින්, තැවරෙන, මාහැඟී, වස්තුවකි, හිතමිතුරු, බලහත්කාර, අතීතාවර්ජනයෙහි, රතිවිපාක, වශෙයන්, සියොළඟ, හීගඩු, පිපී, උගුර, වියළී, සියුම්ව, නියත, තප්පර, රස්, නගන, පංකාවෙන්, හැරුණුකොට, නිස්කලංකය, කවුළුවට, යාබදව, සයනයෙහි, උඩුකුරුව, වැතිර, කර්ට්නය, පිටත, ගුප්තාවකාශය, කුටිය, මුසුවීම, වැළැක්වුවෙමි, සාම්ප්, රදායික, චාරිත්, වාරිත්, හමාරව, නහවා, ගෙට, යනතුරුද, වටා, දුමාරයක්ව, පැවැති, අකමැත්තෙන්, සිහිකරමි, නිවසෙහි, කාමරයක්, පීඩාකාරී, කිහිපයට, අයත්, මූසල, තුනකදී, සිහිනවලට, ඇතුළු, මනෝභීතික, උභත, ෝකෝටිකයකට, අැද, හරියටම, අටකට, නිල, පත්වූවා, වශයෙන්ම, නිගමනය, ලක්ෂණ, බාහිර, ශරීරයෙන්, පහළ, ගන්නට, පෙරදා, රියේද, කුළුඳුල්, අත්දැකීමට, සසැලී, ඇසිල්ලකට, සිදුවූව, උපකල්පන, විශ්වාසයන්, කෙරෙහිද, ඡායා, රිකව, අත්දැකීමක්, සමගද, අනුයුක්ත, සසඳා, විසඳා, තදබල, වුවමනාවකින්, රිදුම්, දෙන, බදාගෙන, සුසුමක්, සිහිය, තක්බීරී, හිඳීමෙන්, හුස්මක්, සැලෙන, සසැලෙන, වම්පසට, කැරකැවී, හුස්මට, තියුණු, කැපුම්, දාර, කුට්ටි, නාලය, කරනා, අතරතුරදී, පෙළනු, දහදියෙන්, තෙත්වී, ඉක්මවා, ස්ඵන්දනය, හෘදයෙන්, දෙගොඩ, මැදදී, කණිසමක, තැති, ගැන්වීමකින්, කරවන්නට, ලොමු, දැහැගැන්වෙන, උදෘතය, යොදා, විශේෂණය, සිහිනයක, හමුවට, යමෙකු, රහණයකට, නතුවී, සත්වාදරය, රීහිස්ටොරික්, කල්ප, නින්දෙන්, අවදිවනු, මැනවි, කාලයේ, තලා, මතක, වළලනා, යුවතී, වමත, මුදුවක්, පළඳිනා, ගැහැණී, යටගියාවක, ගිලිහුණු, නපුරු, කඳුලක්, සොයයි, මිතුරී, සුසුම්, සසලයි, ඉතිහාසයේ, සරනා, රේමී, හර්ටින්ග්, පිණිසමයි, කවිකඩත්, ඔබට, අඩක්, නිමකළ, බැවින, යුතුම, ගමනින්, බැරි, නොගොසින්ම, ඉන්නට, මුවින්, මිමිණෙයි, කිව, නොගොසින්, හිඳින්නැ, කොඳුරයි, ඇමතුමකින්, පුන, පුනා, දුක, හිතෙන, නොලියන්නයැ, thursday, සියවරක්, සෞම්, හඬකින්, මිමිණීය, පිටිපස්සේ, ඇරලා, තිබුණේ, පුටුවෙහි, හිඳගෙන, හිඳිනු, දැකීමෙන්, තිගැස්මෙන්, ලෙස්සා, වැටිණි, ඉහිරී, සාලයෙහි, සීතල, පාගා, නිදන, තැබුවෙමි, කිසිසේත්, අයුරකින්, ඉමිහිරි, විසිරී, පැතිරී, කබායක්, පැළඳ, හිසද, ආවරණය, ඡායාවක්, යලිත්, දොරපලුවට, තඩි, බාන්නට, මෑත්, රැඳී, විදුලිපන්දමක, ජනේලයෙහි, තුළට, යොමන්නට, වහා, පුටුවෙන්, දොරෙහි, සෙවණැල්ලට, මුවා, දැමු, සිමෙන්ති, පඩි, කිහිපය, සැඟව, අයුරු, යතුරු, සිදුරෙන්, වේලාව, දෙකයි, තිහට, ආසන්නව, මොනයම්ම, කාරණයකට, වුව, නොහරිමියි, සපථ, කළුවර, නොනවත්වා, පලුවට, තඩිබෑම, තිස්සේ, රශීලිව, බොළද, සත්වයෙකු, ජනෙල්, තුළින්, සාලයට, පාත්වෙයි, ජනේලය, කාවුලෙන්, තුරල්වූ, පාටක්, වහලයෙහි, පීල්ල, කාණුවට, විසිරෙන, ඝෝෂාව, ගියේ, කාගේ, දොරට, තඩිබෑමකිනි, තබන, ඇසිනි, කාටද, ඒකාග්, රතාවය, බිඳීමෙන්, ආවේගය, කෙනෙකු, හුස්ම, ගන්නා, හඩක්, ශබ්ධ, සංඛ්, යාත, ඇසෙන්නට, ලොව, සුණු, විසුණු, දැවෙන, හිමායිත, මධු, දෑසින්, පෙත්තෙහි, සැරිසරමින්, කවියක්, කුරුටුගාමින්, වටපිටාවෙහි, සීතලක්, ධාරානිපාත, වර්ෂාවක්, එපිටෙහි, වේලාවක, ඇදහැලෙමින්, පැවතිණ, වෙලාව, ලයිට්, ආලෝක, පහන, දල්වා, වසරෙහි, තුන්වන, ජාතික, සාහිත, රබෝධ, සාහිත්, තරඟයෙහි, රථමස්ථානයට, තේරීමෙන්, ඇගයීම්, සම්මාන, රධානෝත්සවය, තේපැන්, සංග්, රහය, අතරතුර, යුවතියක, තිළිණයකි, කරන්නටවත්, කවුරුදැයි, දැනගන්නටවත්, සෙනග, පුවත්පත්, සම්මුඛ, සාකච්ඡා, විශේෂයෙන්, කළේ, වැටහීමක්, ලැබුණු, රශංසා, යාග, නොසළකා, හරින්නට, සාධාරණ, හේතුවක්, අරියාදු, ලැබූ, නින්දෙහි, හෝරා, ගෙවීමෙන්, එළැඹී, ආහාරය, පෙති, පිළියෙළ, කාමරයෙහි, ෙපිටෙහි, බලාපොරොත්තු, සුන්වීමකින්, නිහැඬියාව, බිඳිමින්, කොහෙද, පිස්සෙක්, සෙනසුරාදා, වරුවෙන්, අවසන්වී, සතියට, වුවමනා, කළමනාද, එල්ලාගෙන, ගොඩවීමෙන්, තිබෙනවා, සැනෙකින්, කේන්ද්, නිශ්චල, ගුලියක්, රහණයට, නතුවන්නට, රථමව, වාරුවී, ලැබෙනා, ලිපිනයක්, එවනා, රයක්, කරලීමට, මින්, එපිට, අත්විඳ, මතකයක, ඔයාගෙන්, දරුවෙක්, උමතුකාරකය, ජීවිතයට, රබෝධය, දෙෙනික, රාජකාරි, අමතක, වීමේ, උණූ, තේ, පානය, දෙතොල, පුළුස්සා, නියමිත, බස්, නැවතුම, මගහැරී, පයින්, අාපසු, කාර්යාලයට, පැමිණීමට, ආදී, වෙහෙසකාරී, අතපසුවීම්, උඩු, දුවා, බෝල්, පොයින්ට්, තීන්ත, කඩදාසි, හමා, සුවඳකට, ආශක්ත, කාමරයෙන්, බැහැරව, වටපිටාවන්හිදී, විවිධ, වුවමනාවන්, යනෙන, තැන්වලදී, අහඹුව, දැනෙන, මනසිකාරයක්, ලාච්චුවෙහි, පිළිවෙලට, අසුරා, ලිපි, විසි, හතර, කියවීම, මිස, බවෙන්, අත්, කළයුතු, සිහියට, නාවේය, පේලි, හතරකට, නොවැඩි, වටකුරු, සියළු, පණිවුඩ, හාෆ්, ශීට්, කොළ, අකුරක්ම, වචනයෙන්, විස්තර, රිදුමකින්, වේදනාවටත්, සියුම්, ආනන්දයකටත්, පත්කරන්නට, ජීවත්වන, ගැහැණියකට, අකුරු, අයිති, වන්නේ, නිගමනයකට, උපයෝගී, මසක, සතියකම, රහස්පතින්දා, දිනකම, පත්වන, ලියුම, එදින, දහවල්, දොළහ, නොලැබීම, කණගාටුවට, කරුණකි, ආදරිය, මුණගැසීමට, මුදු, පහසේ, දැවටෙනු, අසීමාන්තිකාශාව, පෙම්වතෙකුගේ, වැටුණාක්, මළානික, උමතුකාරක, දකුණතෙහි, අල්ලෙන්, මුව, වසාගෙන, වමතින්, පසුම්බිය, කටකන, අඳුරන්ඩ, කලින්, දැක්කනම්, පැත්ත, පළාතකට, වද්ද, ගන්නෑ, කාලෙකින්, දැක්කෙ, අායෙත්, පටං, අරං, විලිලැජ්ජාවක්, මහත්තයන්ට, චේන්, පර්ස්, තියේද, බලන්ඩ, ටිෂර්ටය, සම්පුර්ණයෙන්ම, ලෙයින්, නැහැවී, හෙම්බත්, ලජ්ජාවටත්, මොහොත, පත්වී, හිටියෙමි, එසැණින්, පසෙකට, තල්ලු, කුටියෙන්, දිව්වාය, දරාගෙන, පසුපස, පන්නාගෙන, කුටිවල, ජෝඩු, එලි, ෝක, යොමුකරමින්, සිදුවුවේ, කුමක්දැයි, සොයන්නට, වූහ, සිනමා, ශාලාවේ, සේවකයෙක්, දොරටුව, ගත්තේය, ඇසිල්ලේදී, දොරටුවෙන්, පිටවී, රියකට, වාහන, රවාහය, අතුරුදහන්, කුමක්, සිදුවූයේද, නොහිව, නිලංකාර, පත්වීමි, හෝරාවකට, ඉක්මගිය
Text of the page (random words):
ුණත අත මතට මගේ අත තබා ඉතා මෘදුව පැවසුවෙමි සිනමාගාර අවකාශය දෙස මොහොතක් බලා හුන් ඈ හදිසියේ බෝඩිම අතහැර යාමට සිදුවූ ආකාරයත් නිවසින් බලෙන් ගෙනා මංගල යෝජනාවන් වලට කැමති වන්නැයි කල අයියාගේ බලපෑම්ද ඒවායින් මිදෙනු පිණිස රහසේම විදෙස් ගතවූ බවත් එයද අසාර්ථක වීමෙන් යලි පෙරළා ලංකාවට පැමිණි බවත් විස්වාස කළ හැකි නොහැකි සිද්ධි දාමයක් පුර්ව පර ගළපමින් පැවසුවාය පුරා හෝරාවකට ආසන්න මොහොතක් ඉක්මගිය තැන කෙටි විවේකය දැන්වීම පිණිස සීනුව හැඬවෙනවාත් සමගම අඳුර පමණක් සාක්ෂි දැරූ එක්තරා උත්කර්ශවත් ඉසිඹුවකදී මම වේදනාවෙන් මර ලතෝනි දුන්නෙමි කුමක් සිදුවූයේද යන්න නිච්චියක් නොහිව නිලංකාර දුන් දෑසෙහි වේදනාවෙන් සිහි එලවා ගත නොහැකි තත්වයකට පත්වීමි එසැණින් මා පසෙකට තල්ලු කර දමා ඈ කුටියෙන් පැන දිව්වාය අඳුරෙහි වැටි වැටි අත ගගා වේදනාව දරාගෙන මා ඈ පසුපස පන්නාගෙන ගියෙමි සෙසු කුටිවල හුන් ජෝඩු විදුලි එලි ආල ෝක යොමුකරමින් සිදුවුවේ කුමක්දැයි විපරම් කර සොයන්නට වූහ ඒ අතර සිනමා ශාලාවේ සේවකයෙක් දොරටුව අසලදී මා නවතා ගත්තේය ඒ ඇසිල්ලේදී ඉදිරිපස දොරටුවෙන් පිටවී යනු දුටු දුල්හාරි ත් රීරෝද රියකට නැග සියක් වාහන ප් රවාහය අතර අතුරුදහන් විය ටිෂර්ටය සම්පුර්ණයෙන්ම ලෙයින් නැහැවී මා වේදනාවෙන් හෙම්බත් වී ලජ්ජාවටත් මතු මොහොත පිළිබඳව අවිනිශ්චිත වූ තත්වයකට පත්වී හිටියෙමි කටකන ගෑනී දැන් කෙට්ටු වෙලා අඳුරන්ඩ බෑ කලින් දැක්කනම් පැත්ත පළාතකට වද්ද ගන්නෑ කාලෙකින් දැක්කෙ නෑ අායෙත් පටං අරං විලිලැජ්ජාවක් නෑනේ මහත්තයන්ට චේන් පර්ස් තියේද බලන්ඩ දකුණතෙහි අල්ලෙන් මුව වසාගෙන මම වමතින් පසුම්බිය පරීක්ෂා කලෙමි at july 16 2018 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels හිතුණා ලිව්වා tuesday may 8 2018 උමතුකාරක සය මසක පමණ සිට සෑම සතියකම බ් රහස්පතින්දා දිනකම මා අතට පත්වන නිර්නාමික ලියුම එදින දහවල් දොළහ වනවිටත් නොලැබීම කණගාටුවට කරුණකි තම ආදරිය මුණගැසීමට හා මුදු පහසේ දැවටෙනු පිණිස දිගු කලක් අසීමාන්තිකාශාව සහිතව දින ගණන් කරමින් සිටි පෙම්වතෙකුගේ බලාපොරොත්තුව හදිසියේ බිඳ වැටුණාක් මෙන් මම මළානික වී හිඳියෙමි ලාච්චුවෙහි පිළිවෙලට අසුරා තිබුණු ලිපි විසි හතර නැවත නැවතත් මුල සිට කියවීම මිස පෙළන ලද ඒ වියළි බවෙන් අත් මිදීම සඳහා කළයුතු අන් යමක් සිහියට නාවේය පේලි තුන හතරකට නොවැඩි තරමක් වටකුරු අකුරින් ලියන ලද ඒ සියළු පණිවුඩ සුදු හාෆ් ශීට් කොළ මත සටහන් වී තිබිණ සෑම අකුරක්ම වචනයෙන් විස්තර කර නොහී රිදුමකින් මා වේදනාවටත් සියුම් ආනන්දයකටත් පත්කරන්නට සමත් විය කොහේ හෝ ජීවත්වන ගැහැණියකට එම අකුරු අයිති වන්නේ යයි නිගමනයකට ඒම පිණිස ම විසින් කිනම් මිනුම් දඬු උපයෝගී කරගත්තේ දැයි නිච්චියක් නැත බෝල් පොයින්ට් තීන්ත වල සුවඳ හැරුණු කොට ඒ කඩදාසි වෙතින් හමා ආ කිසියම් සිහින් සුවඳකට මම ආශක්ත වී හිඳියෙමි කාමරයෙන් බැහැරව වටපිටාවන්හිදී විවිධ වුවමනාවන් සඳහා මා යනෙන තැන්වලදී පවා ඒ සුවඳ අහඹුව නැහැයට දැනෙන මනසිකාරයක් දක්වා වර්ධනය වී තිබිණ ඒ නිර්නාමික උමතුකාරකය විසින් ම ජීවිතයට ගෙන එන ලද හදිසි ප් රබෝධය නිසාවෙන් දෙෙනික වැඩ රාජකාරි අමතක වීමේ සිට උණූ තේ පානය කිරීමෙන් දෙතොල පුළුස්සා ගැනීම දක්වාද නියමිත බස් නැවතුම මගහැරී පයින් අාපසු නවාතැනට හා කාර්යාලයට පැමිණීමට සිදුවීම ආදී බොහෝ වෙහෙසකාරී අතපසුවීම් දක්වාද උඩු දුවා තිබිණ මට ඔයාගෙන් දරුවෙක් ඕන සෙනසුරාදා දින වරුවෙන් කන්තෝරු අවසන්වී සතියට වුවමනා කරන ලද කළමනාද දෑතින් එල්ලාගෙන නවාතැනට ගොඩවීමෙන් ඉක්බිතිව දොර පාමුල බිම වැටි තිබෙනවා දුටු ඒ ලියුමෙහි සටහන් වී තිබිණ සැනෙකින් මා කේන්ද් ර කොටගත් ලෝකය නිශ්චල වී දුමාර අංශු ගුලියක් බවට පත්විය විය යුතු වුවද එහි ග් රහණයට නතුවන්නට ප් රථමව මා ඒ වනවිටත් පුටුවකට වාරුවී හිඳියෙමි ලැබෙනා වූ නිශ්චිත ලිපිනයක් නැති එවනා කෙනෙකුගේ නාම මාත් රයක් පවා සඳහන් නැති එ ලියුමෙහි සටහන් වූ දේ තරම් මා සසල කරලීමට සමත් වූ දෙයක් මින් එපිට අත්විඳ ඇති බවක් මතකයක නැත කොහෙද යන පිස්සෙක් කාමරය පුරා පැවති කිසියම් බලාපොරොත්තු සුන්වීමකින් මඩින ලද අතිශය ගැඹුරු නිහැඬියාව බිඳිමින් දුරකථනය නාද විය හෙලෝ ඒ වනවිටත් ඇමතුම විසන්ධි වී තිබිණ ම ෙපිටෙහි රිසිවරය හඬක් නගමින් දුරකථන බඳ මත පතිත විය නින්ද විසින් අරියාදු ලැබූ අඩ නින්දෙහි හෝරා කිහිපයක් සංවේදනයකින් තොරව ගෙවීමෙන් අනතුරුව රාත් රිය එළැඹී තිබිණ රාත් රී ආහාරය සඳහා පාන් පෙති දෙකක් ටෝස්ට් කර පිළියෙළ කරගත් මම නාන කාමරයෙහි වතුර මල යට බොහෝ වෙලාවක් ගත කරන්නට ඇත වටපිටාවෙහි ඉතා තද සීතලක් පැවති අතර ධාරානිපාත වර්ෂාවක් එපිටෙහි බොහෝ වේලාවක හිඳ ඇදහැලෙමින් පැවතිණ වෙලාව රාත් රී එක පමණ වන්නට ඇත සුපුරුදු පරිදි සියලු ලයිට් නිවා දමා මම ලියන මේසය මත කුඩා ආලෝක පහන දල්වා ගතිමි එය ගිය වසරෙහි මගේ තුන්වන නවකතාව ජාතික සාහිත ප් රබෝධ සාහිත් ය තරඟයෙහි ප් රථමස්ථානයට තේරීමෙන් අනතුරුව පැවති ඇගයීම් සම්මාන ප් රධානෝත්සවය අවසානයේ තේපැන් සංග් රහය අතරතුර යුවතියක විසින් මා අත තැබූ තිළිණයකි ඈ හට ස්තුති කරන්නටවත් ඈ කවුරුදැයි දැනගන්නටවත් ප් රථම සෙනග අතරින් ඈ අතුරුදන් වී තිබිණ ඒ පිළිබඳව පසු කලෙකදී පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිහිපයක පවා සඳහන් කොට ඈ හට විශේෂයෙන් ස්තුති කළේ ඇයි දැයි වැටහීමක් නැත සැලකිය යුතු ප් රමාණයෙන් ලැබුණු සෙසු ප් රශංසා හා ත් යාග නොසළකා හරින්නට තරම් සාධාරණ හේතුවක් නැත ටෝස්ට් කරන ලද පාන් පෙත්තෙහි නැවුම් වියළි සුවඳ කාමරය පුරා සැරිසරමින් පැවති අතර මම අඩ වසන් නවකතාව සඳහා කවියක් කුරුටුගාමින් හිඳියෙමි හිමායිත මධු බඳුන් දෑසින් මා සසල කළ ගැහැණි මා උමතු කල ගැහැණි ලොව සුණු විසුණු වී මා දැවෙන දුරකථනය නාද විය ඒකාග් රතාවය බිඳීමෙන් බට ආවේගය සහිතව මම රිසිවරය අතට ගතිමි කෙනෙකු හුස්ම ගන්නා හඩක් අපැහැදිලි දුරකථන ශබ්ධ සංඛ් යාත අතරින් ඇසෙන්නට විය හෙලෝ හෙලෝ කවුද කාටද කතා කරන්න ඕන පිළිතුරු නැත ප් රතිපසින් රිසිවරය තබන හඬ පැහැදිලිව ඇසිනි වර්ෂාව හරිහැටි තුරල්වූ පාටක් නැත වහලයෙහි රැස් වූ වතුර වැහි පීල්ල ඔස්සේ නිදහසේ කාණුවට විසිරෙන ඝෝෂාව අතරින් මා තිගැස්සී ගියේ කාගේ හෝ දොරට තඩිබෑමකිනි වේලාව පාන්දර දෙකයි තිහට ආසන්නව තිබිණ මොනයම්ම කාරණයකට වුව දොර නොහරිමියි සපථ කොටගත් මම කළුවර අත ගා සාලය දෙසට ඇවිද ආවෙමි නොනවත්වා දොර පලුවට තඩිබෑම හේතුකොටගෙන මා සිරුර තුල කලක් තිස්සේ නිද් රශීලිව හුන් බොළද සත්වයෙකු ඇහැරී තිබිණ ජනෙල් බීරළු තුළින් හිරිකඩ තද සුළං සමග සාලයට පාත්වෙයි මම ඉදිරිපස ජනේලය අසල පුටුවකට නැග බීරළු කාවුලෙන් දොර අසල බිම විපරම් කළෙමි කළු වැහි කබායක් පැළඳ ඉන් හිසද ආවරණය කරගත් කෙනෙකුගේ අපැහැදිලි ඡායාවක් විසින් යලිත් දොරපලුවට තඩි බාන්නට විය අනතුරුව ඒ සිරුර එතනින් මෑත් වී අත රැඳී විදුලිපන්දමක ආලෝකය ජනේලයෙහි වීදුරුව අතරින් සාලය තුළට යොමන්නට විය මම වහා පුටුවෙන් පැන දොරෙහි සෙවණැල්ලට මුවා වීමි ආලෝකය නිවා දැමු ඒ රුව සිමෙන්ති පඩි කිහිපය බැස ගොස් වර්ෂාව මුසු අඳුරෙහි සැඟව යන අයුරු යතුරු සිදුරෙන් දැකගත හැකි විය හිරිකඩ ඉහිරී තිබුණු සාලයෙහි සීතල බිම පාගා මම නිදන කාමරය වෙත සෙමින් පියවර තැබුවෙමි ඒ මොහොතෙහි කිසිසේත් සිදු නොවිය යුතු අයුරකින් කාමරය පුරා ඒ ඉමිහිරි සුවඳ විසිරී පැතිරී තිබිණ ලියන මේසය අසල පුටුවෙහි කළු වැහි කබාය හැඳගත් රුව හිඳගෙන හිඳිනු දැකීමෙන් ලද තිගැස්මෙන් මා පය ලෙස්සා බිම ඇද වැටිණි පිටිපස්සේ දොර ඇරලා තිබුණේ සියවරක් සංසුන් සෞම් ය ගැහැණු හඬකින් කළු කබාය හැඳගත් සිරුර මිමිණීය රයිටර් at may 08 2018 7 comments email this blogthis share to x share to facebook share to pinterest labels හිතුණා ලිව්වා thursday january 18 2018 රිදවාගනු පිණිස නොලියන්නයැ යි මතු දුක හිතෙන කවි යළි පුන පුනා ඔබ ඇමතුමකින් කොඳුරයි නොගොසින් හිඳින්නැ යි දෙතොලින් කිව නොහී යම් දෙයක් ගැන එ කවි මුවින් මිමිණෙයි නොගොසින්ම ඉන්නට බැරි ගමන් ඇති බවට යා යුතුම ගමනින් අඩක් නිමකළ බැවින මේ කවිකඩත් ඔබට රිදවාගනු පිණිසමයි හර්ටින්ග් රයිටර් at january 18 2018 2 comments email this blogthis share to x share to facebook share to pinterest labels කවි සත් යාදරී ස්නේහී ඉතිහාසයේ සරනා සත් යාදරී ප් රේමී යටගියාවක ගිලිහුණු නපුරු කඳුලක් ඇහැරී ඔබ සොයයි මිතුරී සුසුම් සසලයි ස්නේහී කාලයේ කළු වැලි තලා සොය සොය මතක රැස් කඳ වළලනා යුවතී වමත මුදුවක් පළඳිනා ගැහැණී කල්ප නින්දෙන් අවදිවනු මැනවි ප් රීහිස්ටොරික් රයිටර් at january 18 2018 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels කවි wednesday november 22 2017 උමතු සත්වාදරය සිරුර දහදියෙන් තෙත්වී පමණ ඉක්මවා ස්ඵන්දනය වූ හෘදයෙන් නැගුණ භ් රාන්ත වේදනාව රාත් රිය දෙගොඩ මැදදී එක් කණිසමක මා තැති ගැන්වීමකින් අවදි කරවන්නට සමත් වී තිබිණ ලොමු දැහැගැන්වෙන යැයි උදෘතය යොදා නාම විශේෂණය කළ හැකි වූ සිහිනයක මා හමුවට පැමිණි යමෙකු විසින් ශේෂ කරන ලද අතිශය භාවාත්මක හැඟීමක් විසින් මා කිසියම් අදිසි ග් රහණයකට නතුවී තිබිණ එකවරම එලවා ගත නොහැකි වූ පියවි සිහිය හේතුකොටගෙන සයනය මත තක්බීරී වී මොහොතක් හිඳීමෙන් අනතුරුව ගැඹුරු හුස්මක් ගතිමි සැලෙන දෙතොලින් සසැලෙන දෑතින් යුතුව වම්පසට කැරකැවී මේසය මත තිබුණු වතුර වීදුරුව ගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියෙමි ද් රව වශයෙන් පවතින ජල අංශු තියුණු කැපුම් දාර සහිත ඝන කුට්ටි බවට පත් වී ඇති කළෙක මෙන් ඒවා ගල නාලය ඔස්සේ ගමන් කරනා අතරතුරදී වියළි වේදනාවකින් ගත පෙළනු ලැබීය ඉකුත් ඇසිල්ලකට ඉහතදී සිදුවූව පියවි ලෝකයේ පවතින මිනුම් දඬු උපකල්පන හා විශ්වාසයන් කෙරෙහිද ඡායා මාත් රිකව පවතින එක් ජීවන අත්දැකීමක් සමගද අනුයුක්ත කර සසඳා විසඳා ගැනීමේ තදබල වුවමනාවකින් රිදුම් දෙන හිස දෑතින් බදාගෙන සුසුමක් පිට කළෙමි හරියටම වසර අටකට පෙර මා නිල වශයෙන් වැඩිවියට පත්වූවා යැයි ස්ථීර වශයෙන්ම නිගමනය කිරීම සඳහා වූ ගති ලක්ෂණ බාහිර ශරීරයෙන් පහළ වන්නට පටන් ගන්නට පෙරදා රාත් රියේද පළමු වරට මේ හා සමාන කුළුඳුල් අත්දැකීමට උරුමකම් කීවෙමි භීතියෙන් සසැලී ගියෙමි නිවසෙහි කාමරයක් තුල හුදකලාව ගෙවා දැමූ අතිශය පීඩාකාරී දින කිහිපයට අයත් වූ මූසල රාත් රීන් දෙක තුනකදී වරින් වර සිහිනවලට ඇතුළු වූ එකී ගුප්ත දුමාර සිරුර විසින් මා විශාල මනෝභීතික උභත ෝකෝටිකයකට අැද දමා තිබිණ ඉක්බිතිව සාම්ප් රදායික චාරිත් ර වාරිත් ර හමාරව නහවා ගෙට ගෙන වසර කීපයක් යනතුරුද මා වටා කිසියම් අදිසි දුමාරයක්ව යමක් පැවැති බව අකමැත්තෙන් සිහිකරමි බලහත්කාර අතීතාවර්ජනයෙහි ප් රතිවිපාක වශෙයන් සියොළඟ හීගඩු පිපී තිබිණ උගුර කට වියළී තිබිණ ඉතා සියුම්ව නියත තප්පර කිහිපයකට වරක් ක් රස් ගා හඬක් නගන විදුලි පංකාවෙන් නැගුණ හඬ හැරුණුකොට හාත්පස නිස්කලංකය මා කවුළුවට යාබදව තබා තිබු සයනයෙහි උඩුකුරුව වැතිර ගතිමි කර්ට්නය ඇද දමා පිටත ගුප්තාවකාශය කුටිය තුළ අවකාශය හා මුසුවීම වැළැක්වුවෙමි පුරා උදෑසන සිට දහවල තෙක්ම රාත් රිය අඳුර වැටෙන තුරුද නිවනක් විවේකයක් නොමැතිව ඇඟිලි තුඩු මත තෙරපෙමින් තැවරෙන මාහැඟී වස්තුවකි හිතමිතුරු මොබයිලය ම මනැස් හුදකලා අඳුර පලවා හරින ඒ පෘතුල අවකාශයෙහි බහුලව පුස් ප් රතිරුප නඩත්තු කරනාවූ අසංස්කෘතික ගැහැණුන්ය සියලු සබ්බසකලමනාවම නැති බන්ගස්තාන කරදමා අරපිරිමැස්ම ගැන තම චර්යාව ගැන උදම් අනන ගැහැණුය සතෙකුට වතුර උගුරක් නොදෙන සත්ව අවිහිංසාවාදය ගැන පෝස්ට් ශෙයා කරන කෙල්ලන්ය ලිංගික කුහකකමින් හා ඊර්ෂ් යාවෙන් පිපිරුණ පරිහාණිත පිරිමින්ය අසහනයන් සන්තර්පණය කොටගනු වස් ගැහැණු දඩයමේ යන අසත්පුරුෂ ගැටවරයින්ය ඒ නමුදු එ අසිරිමත් අවකාශය විසින් ගොඩනාගා දුන් අයිසින් ආලේපිත වර්චුවල් මිතුරු සම්බන්ධතා මාධ් යය නොවන්නට මේ වන විටත් මා දරුණු මානසික ව් යාධියකට මුහුණපා තිබෙන්නට තිබිණ අතිශය කාර්යබහුලත්වය විසින් ඒ වන විටත් සැලකිය යුතු කොටසක් භක්ෂණය කර තිබුණාවූ තිශුල හා මාගේ දෙවසරකට ආසන්න විවාහ දිවිය තුළ උගත ලද හා ප් රගුණ කරන ලද ජීවිතානුබද්ධ පාඩම් බොහෝය තිර නඩත්තුවෙන් තොර වූ බැවින් දෑසාභිමුක්ඛ් යයෙහි ඝන මළ බැඳීමකට ලක්ව තිබුණාවූ හද බැඳීම් විනාශාගාධයට පෙරලී යනු දැකීමට සිදුවීම පාපයකි මඩින ලද සිතට එරෙහි වී තිශුල වෙත ඇමතුමක් ගැනීමේ අවශ් යතාවය මත එතුවක් මොබයිලය විදුලි පේනුව හා පවත්වාගෙන ආ ප් රේමණීය සහසම්බන්ධතාවය සාහසිකව විසන්ධිකර බිඳ දැමුවෙමි මග හැරුණු ඇමතුම් දෙකක් ඔහුගේ දුරකථන තිරය මත සටහන් වෙද්දී තෙවන ඇමතුමෙහි ඩයල් ටෝන් තුනක නාදය ඉක්මවූ තැන පිළිතුරු සැපයිණ හෙ ලෝ බබා ඇයි මේ මහ රෑ නිකං මතක් වුණා ම් තිශුලගේ කටහඬෙහි පැවති නිදිබර ගතිය හා නොසලකා හැරීමේ ස්වරය හේතුකොටගෙන පවසන්නට ගිය දේ වසන් කරගතිමි නිකං ම්හඃ ප් රතිපසින් උපහාසයකි කියන්නට ගිය දේ ගිල ගැනීම ගැන අප් රමාණව සතුටු වීමි කෑවද බිව්වද මොකද කරේ ඉතිං ම්ම්ම් ම්ම් දෙපාර්ශවයෙන්ම කට පාඩම් කළ අපුල ප් රශ්න පත් රය දිග හැරීමත් සහ ඕනෑ එපාවට පිළිතුරු සැපයීමත් පමණෙකි මට පාළුයි දවසම පාලුවෙන් ඉන්නේ ඉවසීම විසින් ස්වයං වාරණ සීමා පවුරට පහර දී විනාශ කළ පසුව නැගී ආ මගේ ඉකිබිඳුම් ස්වරය වේදනාබර ස්වරුපයක් උසුලන්නට ඇත තේරුම් ගන්න බබී මම ගොඩක් බිසී ඔයා දන්නේ නෑ දවල් දවසේ මං කොච්චර ම හන්සි වෙනවද කියල හිටගෙන එහාට මෙහාට ඇවිද ඇවිද ඔයා වගේ ගෙදරට වෙලා දවසම ෆේස්බුක් ස්ක් රෝල් කර කර ඉන්නේ නෑනේ මං සුපුරුදු චෝදනා සාහසික විලාප පත් රයය කුටුම්බ සන්දර්භය තුළ අනායාසයෙන් නඩත්තුකළ යුතුව ඇති අවම ඕනාඑපාකම්ද සැපදුක විමසා බැලීම්ද හිතාමතාම අත්හිටුවා නොසලකාහැර දැමූ කළෙක ප් රේමය උදෙසා කිනම් ආයාචන වැළපුම්ද වෙහෙසී ඉපැයීම කා අරභයාද හරි බබා හරි මං දන්නවා මට තේරෙනවා පරිස්සමෙන් ඉන්න තියන්නම් ගුඩ් නයිට් මම ඇමතුම විසන්ධි කළෙමි උගත් පාඩම් හා අවස්තානුකුල හැඩගැසීම් ඉකුත් වසර තුළදී ඕනෑවටත් වඩා ප් රාගුණ් ය කර ඇති නිසාවෙන් නිතින් අත්විය යුතු වේදනාවකින් මෙවර මා පීඩාවට පත් නොවීමි පුරා පැය කීපයක් කොට්ට ඇඳ ඇතිරිලි හා විශාල ටෙඩි බෙයා සමග ඔට්ටු වී ගෙවා දමන ලද ඉතා කර්කශ මැදියමකට පසු උදාවූ පසුදින සැළකිය යුතු වෙනස්කමකට කිසිවක් බඳුන් වී නොතිබිණ සුපුරුදු ස්වයංක් රීය ජීවන චර්යාව ගෙවා දමනු පිණිස හෘදය මත සසලව හොල්මන් කරන භාවාත්මක දුමාරයෙන් ලද අල්ප මාත් රික පීඩාව සහිතව උදෑසන දවල් හා රාත් රී අහාර වේල් තුන සංවේදනයකින් තොරව ගිල දැමීමි ඒ අතර ගිණිය නොහැකි තරම් වූ සෙසු ක්ෂුද් ර ක් රියාකාරකම්ද නිමවීමෙන් පසු සුදානම සයනාරූඪ වන්නටය කුඩා ඩිජිටල් ඔරලෝසු මුහුණත රාත් රී නවයයි තිස් පහ හෝ ඊට ආසන්න වෙලාවක් කියවීය පෙළන ලද මනෝභාවයන් හා චෛතසිකයන් විසින් කිසියම් නොදැනුවත් ප් රබෝධයක් කුහුලක් මා මනස තුල පතුරුවා තිබිණ භ් රාන්ත ත් රාසය නොඉවසුමකට පරිවර්තනය වී තිබිණ තිශුලගේ කුරිරු දෛනික නොසලකාහැරිම් හමුවේ උද්ගත වුවක්ද එසේත් නොමැතිනම් අන් කාරනාවක් අරභයා සිදුවුවක්ද නොදනිමි දිගු කාලයක් නොදැක හිටි සමීප කෙනෙකුන් හදිසියේම හමුවිය යුතුය යන උමතු ආශාවට අවශ් යතාවට බෙහෙවින්ම සමාන වූ සොඳුරු මනෝමුලික වේදනාවක් විය විඥ්ඥාණ සීමාව ආධ් යාත්මිකව ස්පර්ශ කරන්නට සමත්වන්නාවූ එ බලාපොරොත්තුව එක්තාරාකරයක නැවුම් පැහැයක් ගති නෑඹුල් හැඩයක් ගති එය ඉතා ආසාවෙන් කියවාගෙන ආ ඇල්මක් දැක්වූ පොතක අවසාන අග භාගයේ පිටු කිහිපයක් අතුරුදන් වීම නිසා ජනිතවන්නාවූ හැඟීමක් වැන්නකි සියල්ල ඉතා අවිනිශ්චිත වුද කෙසේ කවදාක සිදුවන්නට නියමිතව තිබුණාවූවද මෙ රාත් රීයෙහිදීත් ඒ සෙවණැල්ල මා සොයා එනු ඇතැයි අපේක්ෂා කළෙමි කුටුම්භගත සමාධිය හා ජීවිතාශාව සෘණ අගයක් පෙන්නුම් කර අපුල මහා සාගරය වෙත ගසාගෙන යන තැනකදී එල්ලෙන්නට පිදුරු ගස් අවැසි නැත ප් රාතිහාර්ය ප් රාර්ථනා පමණෙකි පරම සැනසුම මා වැඩිවියට පත්වූ දින වකවානු කාල සීමාව අතර වරින් වර මතුවීමෙන්ද කලක් යනතුරු අතුරුදන්ව තිබීමෙන්ද හදිසියේ අට වසරකට පසුව නැවතත් මා සොයා එ්මෙන්ද මනසාභ් යන්තරය තුළ ශේෂ කරලූයේ ප් රහෙලිකාත්මක පැනයකි සමස්ත පෙරයම ශාන්තය වෙහෙසකර උත්සාහයෙන් තොරවූ සංසුන් සාමකාමී කෙටි නින්දකට උරුමකම් කියන්නට හැකිවිය මැදියම චංචලය එකී සෙවණැල්ල ප් රාධුර්භූතවේ යයි හැඟීය හැකි විශ්වාසශීලි මොහොතය හරිහැටි හඳුනා වෙන්කරගත නොහැකි සිහින ඛණ්ඩ කිහිපයක අපැහැදිලි රූප රාමු පෙලකින් අනතුරුව මෙවර එසෙවණැල්ල තරමක් පැහැදිලිව මදක් ඈතින් දිස්විය එහි දෑසක් යයි අපැහැදිලිව හඳුනාගත හැකි යමක් විය හාත්පස අඳුරුසළු සීතය සඳ දහරින් තෙතබරියම්ය සුවඳවත්ය ලා සුදු පැහැති ඉතා කුඩා පත් ඇති නම නොදන්නා මල් වර්ගයක් දහස් ගණනින් අවකාශයෙහි ඉතා සෙමින් රිද්මයානුකුල රටාවකට නිශ්චිත ගමනාන්තයක් රහිතව පාවෙමින් තිබිණ ඉන් අහුරක් මිට මොලවාගෙන සුවඳ බලන්නට අවැසිය දෙනෙත එකී සෙවණැලි සත්ව දෑස මත තිරස්ව රඳවා මල් මිටක් අල්ලා ගුලිකොට නැහැයට සමීප කරගතිමි නාස් පුඩු කිති කැවී හිසාභයන්තරය නලියන්නට වුයෙන් කිවිසුමක් පිට විය ඉහළ සිට පහළට ඇද වැටෙන්නාක් මෙන් වූ හැඟීමකින් තිගැස්සී අවදි වූවෙමි සාංකාවකි පාලුවකි වචනාර්ථයට චිත්තාර්තයට නගා ගත නොහැකි වූ හැඟුමන් සමුදායකි කණස්සල්ලකි එකම සිහිනය කිහිප දිනක් යනතුරුම එකම ආකාරයකට දැකීමෙන්ද එකම ආකාරයේ හදිසි අවදිවීම් වලින්ද සමන්විතවූ ඒකාකාරී රාත් රීන් පහකට පසු එක් රැය මැදියමකදී තරමක් මා සමීපයට පැමිණ හිඳී හෙවණැල්ලෙහි දෑස එවර ඉතාමත් පැහැදිලිව සහ තීව් ර දැකගත හැකි විය දිදුලන දෑස හැර එහි අන් කිසිවක් නොවිණි වලසෙකුගේ ශරීරයට අතිශය සමාන වූ ඒ උමතු සත්ව රුව මා අසලය ඊශා මිමිණුම අෑතින්ය ගොරහැඩිය අතිශය ළයාන්විතය අප් රමාණ තෙත් බවකින් යුක්තය හඬක් මිසක මුමුණන දෙතොලක සේයාවක් දැකගත හැකි නොවිණ නව යොවුන් යෞවනියක ප් රථම ප් රේමයෙහි සුවඳාකර්ෂනයෙන් මුසපත්ව ගැටවර හිතක අවධානක්ෂියට හසුවන කලෙක මෙන් එකී නිර්මලවූත් ආගන්තුකවූත් සුපෙම් පහස් සුව විඳිනා කලෙක මෙන් පහන් ඖදාර්යයකින් මා ගත පිබිදි තිබිණ අහේතුකය විශ්වාස කළ නොහැකක්ය සත් යයක්ය සිව් දිනක් යනතුරුම වරක් හෝ නොදිස් වූ ඒ රුව නිසාවෙන් උපන් දෝමනස්ස සංකාවන් විසින් මා කායිකව හා මානසිකව අඩපණ කර අලස දුපතක සිරගත කරනු ලැබීය වේදනාබර ඉහිලුම් සහිත දවස් කිහිපයකට පසු උදැසනක ඇඳ ඇතිරිල්ල මත ඇලී තිබෙනු දුටු ඝනකම් දිගු ලොම් අහුරක් විසින් උක්ත අලස දුපත් සිරකඳවුරින් මා මුදවාගනු ලැබීය තම පෙම්වතියගේ හිසින් හිලිහුණු කෙස් අහුරක් සාක්කුවේ දා පරෙස්සම් කර ගෙදර ගෙනැවිත් දයාලේඛිව පිරික්සන බොළඳ පෙම්වතෙකු මෙන් මා ඒ ලොම් අහුර ගෙන පිරික්සා බලා මේසය මත වූ පොතක පිටු දෙකක් අතර අවකාශයෙහි රැඳවා එතැන beast ල ෙස රතු අකුරින් ලියූවෙමි අතීත හු...
|