Meta tags:
description= පර්වත රජදහනක සුරැකි උරුමය - ගම් ප්‍රදේශය යන්න ගංයාය හෝ අහළගංහත යනුවෙන් ද හැදීන් වෙන අවස්ථා යාදිනි හා සෙත් පැතීම් අතර දිී හමුවෙයි. මේවා අන්තර්ජාලයට මුදා හැරෙන්නේ wordpress අනුග්‍රහයෙන් නොමිලේ ලැබන පහසුකම් යටතේය . Thank you wordpress;
Headings (most frequently used words):
ලිපි, ගම්, ප්, රදේශය, හා, යාත්, රණය, wordpress, දෙවියන්ගේ, උග්ගල්, අලුත්නුවර, මෙනුව, අරංගුව, කියන්නෙ, මොකද්ද, අවසර, නොලබා, උපුටා, පළනොකරන්න, එය, නීති, විරෝධීය, ලෝකයෙන්, එන, අමුත්තෝ, පෝෂකය, නවතම, translate, hours, info, පර්වත, රජදහනක, සුරැකි, උරුමය, යන්න, ගංයාය, හෝ, අහළගංහත, යනුවෙන්, හැදීන්, වෙන, අවස්ථා, යාදිනි, සෙත්, පැතීම්, අතර, දිී, හමුවෙයි, මේවා, අන්තර්ජාලයට, මුදා, හැරෙන්නේ, අනුග්, රහයෙන්, නොමිලේ, ලැබන, පහසුකම්, යටතේය, thank, you, මෙය, බෙදාගන්න,
Text of the page (most frequently used words):
#අරංගුව (16), උග්ගල් (14), අලුත්නුවර (14), පෙරහර (14), දේවාල (12), හඳගල (9), කොටු (8), වින්ඩෝවකින් (7), විවෘත (7), හැකියි (7), ගම් (6), රදේශය (6), ලිපි (6), share (6), අතර (6), ඇති (6), wordpress (5), හැටි (5), පත්තිනි (5), අම්මඩුව (5), භාවිත (5), කැන්ද (5), අනුව (5), අරංගු (5), බැඳීම (5), දෙවියන්ගේ (4), පුරාණයේ (4), දෝතළු (4), මල් (4), විස්තර (4), යවහාරය (4), යන්න (4), වර්තමානයේ (4), පිණිස (4), සැරසිලි (4), විය (4), කණු (4), ඉදි (4), සිටින (4), යක්කුන්ගෙ (3), කාලෙ (3), බුද්ධ (3), ඉස්සර (3), දෙවේලේ (3), වෙන්නෙ (3), දේවාලයට (3), සම්ප් (3), පැරණි (3), සඳකඩ (3), ඇත්තේ (3), කිරීම (3), පුරාණ (3), පිවිසෙන (3), මෙන්ම (3), බැවින් (3), ඉදිකිරීම (3), මුදුනේ (3), කොඩි (3), සෑම (3), කාලයේ (3), දේවාලය (3), required (2), this (2), පිවිසුම (2), subscribed (2), subscribe (2), com (2), 5pm (2), uggal (2), මාතා (2), පැවති (2), පිළිබඳ (2), වෙනත් (2), චාරිත් (2), කොටස (2), මංගල්ලය (2), ගුරුවරයා (2), පුදුම (2), පූජනීය (2), තවත් (2), වේවා (2), දේව (2), මැදගම (2), දේවාලයේ (2), වත්පිළිවෙත් (2), මෑත (2), මහපෙරහර (2), කියන්නෙ (2), මොකද්ද (2), counter (2), යාත් (2), රණය (2), posted (2), මෙය (2), 2013 (2), බැලිය (2), පහණ (2), සෙවීම (2), නිරීක්ෂණය (2), කරන (2), පැහැදිලි (2), යවහාර (2), සොරගුණය (2), කැටයම් (2), විශේෂ (2), පුවක්මල් (2), පුවක් (2), සන්ධි (2), පෙරසිරිත (2), සිදුවන (2), පරිදි (2), කෙරෙන (2), සවි (2), වඩා (2), බදින (2), සැලැස්ම (2), මහතා (2), අමතරව (2), උත්සව (2), පැරැන්නන් (2), ඒවා (2), මැදිවන (2), පෙනී (2), යනවා (2), සිටම (2), සිතිය (2), ලෙස (2), සාම්ප් (2), රදායික (2), වචනයක් (2), කියන (2), පර්වත (2), රජදහනක (2), සුරැකි (2), උරුමය (2), ගංයාය (2), අහළගංහත (2), යනුවෙන් (2), හැදීන් (2), වෙන (2), අවස්ථා (2), යාදිනි (2), සෙත් (2), පැතීම් (2), දිී (2), හමුවෙයි (2), මේවා (2), අන්තර්ජාලයට (2), මුදා (2), හැරෙන්නේ (2), අනුග් (2), රහයෙන් (2), නොමිලේ (2), ලැබන (2), පහසුකම් (2), යටතේය (2), thank (2), you (2), වෙබ්, අඩවිය, ඊමේල්, write, comment, loading, comments, collapse, bar, manage, subscriptions, view, site, reader, report, content, ලියාපදිංචි, වන්න, පෞද්ගලිකත්වය, already, have, account, log, now, sign, join, other, subscribers, lunch, 11am, 2pm, dinner, 11pm, fri, sat, 1am, mppgguna, gmail, aluthnuwara, katharagama, devale, hours, info, translate, සොයා, යාම, දිග්ගේ, නැටුමට, හොඳට, ඉනංගුයි, වල්ලි, තේවානි, පරිවාරය, ඓතිහාසිකද, සාක්ෂි, හැත්තෑ, වසකට, ඉහත, පෙන්නගෙන, එන්නෙ, අපේම, කාලය, උත්තම, පූජා, කාලය2, පුනර්, ජීවනය, ලැබූ, උතුංම, චාලිත්තරේ, ගමෙන්, අවුරුදු, සුබපැතුම්, බෝධි, වංසය, දෙපාරක්, පෙරහරේ, නානුමුර, මංගල්ල, දිනේ, නළුවෙලට, නවාලෝකයක්, නළුවෙල, ගමේ, රන්කරල්, දිවි, පිදූ, හරි, ශාන්ත, ස්මාරක, රෝන, කැමරාවෙන්, පාන්මඩුව, පහන්, මඩුවේ, අරුතක්, මංගල්ලෙට, පෙරාතුව, අලුත්, සහල්, 2022, සැම, දෙනාටම, සෙත, ශාන්තිය, උදා, පුරාණය, මකර, තොරණ, පුවත, balangoda, බළන්ගොඩ, සුබ, වසරක්, දෙයියන්, වඩම්මන, වීදි, සුද්ද, බැබලෙන, රන්, කොත්, නවයක්, වෙච්ච, අලුත්ම, අලුත්නුවරක්, මළපාළු, පංගු, රදායයන්, අතීතය, දැනට, යවහාරයේ, නැති, කෝරළයක්, පිළිවෙත්, පහන්මඩුව, වැඩමවීම, මඩු, පේවීම, සිරිපදලස, සමනළ, පියසේ, පුරා, කතා, යකඩ, හදාගත්, හටන්පල, වානේ, නිෂපාදන, කර්මාන්තය, නවතම, rss, පෝෂකය, ලෝකයෙන්, අමුත්තෝ, blog, who, online, අවසර, නොලබා, උපුටා, පළනොකරන්න, නීති, විරෝධීය, රතිචාර, ලංකාවේ, උඩරට, සමාජය, පුරණය, වෙමින්, කැමතියි, ටම්බ්ලර්, tumblr, රෙඩිට්, reddit, පින්ටරෙස්ට්, pinterest, ෆේස්බුක්, facebook, ලින්ක්ඩ්ඉන්, linkedin, තැපැල්, email, link, friend, බෙදාගන්න, උත්සවය, ගැන, ඉතා, වටිනා, ලිපිය, බලන්න, විස්තරය, පෙන්වා, දුන්, අඩවියෙන්, aru, adaviya, වෙනුවට, දේවාලයන්හි, තිබුණේද, වටනේය, හොඳින්, විට, ඉිදිරියේ, රවුම්, ගලක්, මිස, අඩසඳක්, නොවන, ඇතැමකු, යැයි, නිවැරදිද, නැවත, සිතා, යුතු, සේය, බොල්තුඹය, දේවාලයන්හිද, වන්නේ, නමිනි, විහාරයන්හි, ජුනි, මාසයේ, ගන්නා, හඳගලේ, සේයා, සටහනකි, මෙම, මෑතදී, කරවන, පහණක්, තබා, එහෙත්, ගලේ, ඉදිරි, තවම, දිටිය, 2002, ස්ථානයේ, යොදවන, ගල්, තහඩුව, මෙහි, වදන්, සටහන්, පොල්මල්ද, දුර්ලභ, සඳහා, කොට, හරස්, බැදිම, කොහුලණු, යොදාගත්ත, යටකී, මල්වර්ග, හැර, නොවේ, වසරේ, පාවිච්චි, තිබුණේ, මලින්, අලංකාර, කිරීමද, පොල්වලු, රැඳවීමද, සිදුවේ, කලින්, මගින්, සැරසෙයි, සඳහාද, කැලෑ, කපමින්, සංවර්ධන, යාපාර, නිසා, හිඟය, උග්, රවන, තුරුම, යොදවා, ගත්තේ, පමණි, එහි, මංසන්ධි, ගසා, නොකෙරේ, වසරවල, දීද, කරඇත්තේ, වල්ලපට්ට, ශාඛයේ, පිට, පොත්ත, ශක්තිමත්, ස්ථාන, ලද්දේ, වේවැල්, වලිනි, සන්ධී, පොල්මල්, දක්වා, රාජකාරි, ශිල්පියා, 2000, දශකයේ, සිට, 1970, අඳිමින්, අරංගුවේ, හේවිසි, වාදනයට, එම්, ටියුඩර්, වයස, සදහා, යොදාගන්නා, රව්, ආදිය, සම්බන්ධ, සම්මතයන්, රැසකි, රමාණය, ආවාට, ගියාට, ඉදිකෙරෙන, තොරණකට, එක්තරා, තේවාවක්, රදායීක, අධ්, යයනයකදී, වෙයි, සැදීමෙදී, සැලැස්මේ, අන්තර්ගත, අලංකාරය, අරමුණු, කරගනිමින්, පවසන්නේ, අවදියේ, බිමට, වාහල්, කඩකම, පවසනවා, ඒත්, දැන්, ඉදිවන්නේ, දෙපස, පිවිසුමේ, තවමත්, පවතී, නැරඹීමට, යන්නකුට, පරිශ්, රයට, වාහල්කඩකම, දැකිය, එවැනි, උසකට, කෙලින්, අපහසු, කරනවා, සමගම, බවටද, පත්ව, සම්මතව, අඩි, පමණ, උසට, හැදීමට, ගත්, නමුත්, තුනක්ද, ඉහළින්, දෙකක්, දෙක, විසින්, දරා, රිකෝණාකාර, ඇටවුමක්ද, නිර්මාණය, අනුගමනය, සිරිත්, රදායයක්, හයක, පේලියක්, රඳවා, අන්දමින්, එක්පැත්තක, තුනක්, බැගින්, දෙපසින්, හයක්, බැඳේ, ඇසළ, දිනවල, ඉදිවන, තාවකාලික, තොරණක්, හඳුන්වන්නට, යනු, අමුතු, අහන්න, දකින්න, ලැබෙන්නෙ, වැනි, විවිධ, වලදී, තාවකාලිකව, ඉටුකෙරන, රයක්, අස්පර්ශ, උරුමයක්, තුළ, ස්ථිරව, මකරතොරණට, නැමති, තොරන්, විශේෂය, පිවිසුම්, දෙපට, ඉදිවෙනවා, කතරගම, ඉදිරිපිට, දෙකේ, මැදිවනසේ, කෙරෙනවා, ගම්යායේ, සුමංගල, ශබ්ද, කෝෂයේ, දඹදෙන්, සමයේ, අරඟු, වදනකින්, හැදින්, විශේෂයක්, කියවෙනවා, තොරණට, කරන්න, වචනය, හැකි, දැයි, ආරම්භයේ, ආරම්භ, සම්පූර්ණ, පළමු, දවසෙදි, අරං, ගුව, අත්තනායක, මොහොට්ටාල, නිලමේ, වීදිය, විදානේ, සමග, සැලසුම්, කරමින්, අවස්ථාවක්, ඉදිරිපිටද, මැදිවනසේ, බැඳෙමින්, ලහි, ලහියේ, වැඩ, නිමවෙන, mppgunasinghe, 2025, ජූලි, ඉල්ලීමක්, භූගෝලීය, පිහිටීම, geographical, location, අරුම, කොස්, marvelous, sacred, jack, tree, aluthnuwra, about, කවුද, නිවස, අන්තර්ගතයට, පනින්න, මෙනුව,
Text of the page (random words):
දෙවියන්ගේ ගම් ප් රදේශය හා උග්ගල් අලුත්නුවර පර්වත රජදහනක සුරැකි උරුමය ගම් ප් රදේශය යන්න ගංයාය හෝ අහළගංහත යනුවෙන් ද හැදීන් වෙන අවස්ථා යාදිනි හා සෙත් පැතීම් අතර දිී හමුවෙයි මේවා අන්තර්ජාලයට මුදා හැරෙන්නේ wordpress අනුග් රහයෙන් නොමිලේ ලැබන පහසුකම් යටතේය thank you wordpress දෙවියන්ගේ ගම් ප් රදේශය හා උග්ගල් අලුත්නුවර පර්වත රජදහනක සුරැකි උරුමය ගම් ප් රදේශය යන්න ගංයාය හෝ අහළගංහත යනුවෙන් ද හැදීන් වෙන අවස්ථා යාදිනි හා සෙත් පැතීම් අතර දිී හමුවෙයි මේවා අන්තර්ජාලයට මුදා හැරෙන්නේ wordpress අනුග් රහයෙන් නොමිලේ ලැබන පහසුකම් යටතේය thank you wordpress මෙනුව අන්තර්ගතයට පනින්න නිවස about me කවුද මේ අරුම පුදුම පූජනීය කොස් ගස උග්ගල් අලුත්නුවර marvelous sacred jack tree in uggal aluthnuwra භූගෝලීය පිහිටීම geographical location විශේෂ ඉල්ලීමක් ලිපි යාත් රණය පැරණි ලිපි අරංගුව කියන්නෙ මොකද්ද posted on 2025 ජූලි 27 by mppgunasinghe ලහි ලහියේ වැඩ නිමවෙන අරංගුව පත්තිනි දේවාලය ඉදිරිපිටද හඳගල මැදිවනසේ අරංගුව බැඳෙමින් මහ දේවාලයේ අරං ගුව බැඳීම පිළිබඳ අත්තනායක මොහොට්ටාල නිලමේ සහ වීදිය විදානේ සමග සැලසුම් කරමින් සිටින අවස්ථාවක් අරංගුව යනු අමුතු වචනයක් මේ ව් යවහාරය අහන්න දකින්න ලැබෙන්නෙ උග්ගල් අලුත්නුවර අම්මඩුව සොරගුණය වැනි විවිධ දේවාල පෙරහර උත්සව වලදී එය පෙරහර කාලයේ දි තාවකාලිකව ඉටුකෙරන පැරණි චාරිත් රයක් අස්පර්ශ උරුමයක් දේවාලය තුළ ස්ථිරව ඉදි කර ඇති මකරතොරණට අමතරව මේ අරංගු නැමති තොරන් විශේෂය පිවිසුම් හඳගල දෙපට සිටින සේ ඉදිවෙනවා වර්තමානයේ කතරගම දේවාලය ඉදිරිපිට මෙන්ම පත්තිනි දේවාල දෙකේ හඳගල මැදිවනසේ ඉදි කෙරෙනවා ඊට දේවාල ගම්යායේ සාම්ප් රදායික ව් යවහාරය වී ඇත්තේ අරංගුව කියන වචනයක් සුමංගල ශබ්ද කෝෂයේ දඹදෙන් සමයේ පැවති අරඟු යන වදනකින් හැදින් වෙන්නෙ සැරසිලි විශේෂයක් බව කියවෙනවා මේ අනුව තොරණට පුරාණ කාලයේ භාවිත කරන්න ඇත්තේ අරංගුව කියන වචනය විය හැකි දැයි සිතිය හැකියි දෙවේලේ පෙරහර ආරම්භයේ මේ අරංගු බැඳීම ආරම්භ වන අතර සම්පූර්ණ වෙන්නෙ දෙවේලේ පෙරහර පළමු දවසෙදි මේ අනුව මෙය ඇසළ පෙරහර දිනවල ඉදිවන තාවකාලික සාම්ප් රදායික තොරණක් ලෙස හඳුන්වන්නට හැකියි හඳගල මැදිවන අන්දමින් ඉදි වන මේ අරංගුව එක්පැත්තක කොටු තුනක් බැගින් දෙපසින් කොටු හයක් බැඳේ ඒ මුදුනේ කොටු හයක පේලියක් රඳවා ඒ මත තවත් කොටු තුනක්ද ඊට ඉහළින් කොටු දෙකක් ද ඒ කොටු දෙක විසින් දරා සිටින ත් රිකෝණාකාර ඇටවුමක්ද සිටින ලෙස නිර්මාණය කිරීම පුරාණයේ සිටම අනුගමනය කළ සිරිත් සම්ප් රදායයක් බව පෙනී යනවා ඒ සමගම අරංගු කණු මුදුනේ කොඩි සවි වන බැවින් ඒවා කොඩි කණු බවටද පත්ව ඇති බව පෙනී යනවා මේ සැලැස්ම පුරාණයේ සිටම සම්මතව ඇති බව පැරැන්නන් කරන විස්තර අනුව සිතිය හැකියි අඩි 20 ක් පමණ උසට පුරාණයේ අරංගුව හැදීමට කැන්ද ලී ගත් නමුත් වර්තමානයේ එවැනි උසකට කෙලින් ඇති කැන්ද ලී සෙවීම අපහසු බැවින් මේ කාලයේ පුවක් කණු භාවිත කරනවා විය හැකියි අම්මඩුව දේවාල පෙරහර නැරඹීමට යන්නකුට දේවාල පරිශ් රයට පිවිසෙන සෑම වාහල්කඩකම අරංගු ඉදි කෙරෙන බව දැකිය හැකියි උග්ගල් අලුත්නුවර පැරැන්නන් පවසන්නේ ද පෙරහර අවදියේ දේවාල බිමට පිවිසෙන සෑම සෑම වාහල් කඩකම අරංගුව බැඳීම සිදුවන බව පවසනවා ඒත් දැන් ඉදිවන්නේ හඳගල දෙපස ඒවා මැදිවන පරිදි ය පත්තිනි දේවාල පිවිසුමේ ද අරංගුව ඉදිකිරීම තවමත් පවතී උත්සව අලංකාරය අරමුණු කරගනිමින් ආවාට ගියාට ඉදිකෙරෙන තොරණකට වඩා අරංගුව බැඳීම ද එක්තරා දේව තේවාවක් බව සම්ප් රදායීක විස්තර අධ් යයනයකදී පැහැදිලි වෙයි අරංගුව සැදීමෙදී සැලැස්මේ අන්තර්ගත කොටු ප් රමාණය සැරසිලි කිරීම සැරසිලි සදහා යොදාගන්නා ද් රව් ය ආදිය සම්බන්ධ පෙරසිරිත අනුව සම්මතයන් රැසකි එම් පී ටියුඩර් මහතා වයස 70 අඳිමින් විස්තර කළ අරංගුවේ දළ සැලැස්ම මේ මහතා හේවිසි වාදනයට අමතරව 1970 දශකයේ සිට 2000 දක්වා අරංගුව බදින ලද රාජකාරි ශිල්පියා විය කැලෑ කපමින් ඇති කෙරෙන සංවර්ධන ව් යාපාර නිසා හිඟය උග් රවන තුරුම අරංගුව ඉදිකිරීම පිණිස යොදවා ගත්තේ කැන්ද ලී පමණි එහි මංසන්ධි ඇණ ගසා සවි නොකෙරේ සන්ධි බැඳීම පිණිස මෑත වසරවල දීද භාවිත කරඇත්තේ වල්ලපට්ට ශාඛයේ පිට පොත්ත වන අතර වඩා ශක්තිමත් ස්ථාන බදින ලද්දේ වේවැල් වලිනි කොටු අතර ඇති සන්ධී පොල්මල් පුවක්මල් හා දෝතළු මලින් අලංකාර කිරීමද පෙරසිරිත අනුව සිදුවන අතර පොල්වලු රැඳවීමද සිදුවේ කලින් කී පරිදි කණු මුදුනේ කොඩි මගින් සැරසෙයි අම්මඩුව දේවාල අරංගු සඳහාද 2013 වසරේ පාවිච්චි කර තිබුණේ කැන්ද ලී බව නිරීක්ෂණය විය කැන්ද ලී දෝතළු මල් පුවක්මල් මෙන්ම පොල්මල්ද වර්තමානයේ දුර්ලභ බැවින් අරංගුව ඉදිකිරීම සඳහා පුවක් කොට භාවිත කර හරස් සන්ධි බැදිම පිණිස කොහුලණු යොදාගත්ත ද සැරසිලි පිණිස යටකී මල්වර්ග හැර වෙනත් මල් භාවිත නොවේ විශේෂ වදන් හා සටහන් හඳගල දේවාලයට පිවිසෙන ස්ථානයේ යොදවන ලද කැටයම් කළ ගල් තහඩුව මෙහි මෙන්ම අම්මඩුව 2002 ජුනි මාසයේ ගන්නා ලද උග්ගල් අලුත්නුවර හඳගලේ සේයා සටහනකි වර්තමානයේ මෙම හඳගල මත මෑතදී කැටයම් කරවන ලද සඳකඩ පහණක් තබා ඇත එහෙත් පුරාණ හඳ ගලේ ඉදිරි කොටස තවම දිටිය හැකියි බොල්තුඹය සොරගුණය යන දේවාලයන්හිද ව් යවහාර වන්නේ හඳගල නමිනි පුරාණ විහාරයන්හි සඳකඩ පහණ යන ව් යවහාරය වෙනුවට දේවාලයන්හි හඳගල යන ව් යවහාරය තිබුණේද යන්න සෙවීම වටනේය හොඳින් නිරීක්ෂණය කරන විට දේවාල පිවිසුම ඉිදිරියේ ඇත්තේ රවුම් ගලක් මිස අඩසඳක් නොවන බව පැහැදිලි වේ ඇතැමකු එය සඳකඩ පහණ යැයි ව් යවහාර කිරීම නිවැරදිද යන්න නැවත සිතා බැලිය යුතු සේය දෝතළු මල් aru ge adaviya අඩවියෙන් පෙන්වා දුන් මේ විස්තරය හා මේ ලිපිය බලන්න දෝතළු මල් ගැන ඉතා වටිනා විස්තර බැලිය හැකියි 2013 අම්මඩුව දේවාල මහපෙරහර උත්සවය මෙය බෙදාගන්න share on x නව වින්ඩෝවකින් විවෘත වේ x email a link to a friend නව වින්ඩෝවකින් විවෘත වේ වි තැපැල් share on linkedin නව වින්ඩෝවකින් විවෘත වේ ලින්ක්ඩ්ඉන් share on facebook නව වින්ඩෝවකින් විවෘත වේ ෆේස්බුක් තව share on pinterest නව වින්ඩෝවකින් විවෘත වේ පින්ටරෙස්ට් share on reddit නව වින්ඩෝවකින් විවෘත වේ රෙඩිට් share on tumblr නව වින්ඩෝවකින් විවෘත වේ ටම්බ්ලර් කැමතියි පුරණය වෙමින් posted in ශ් රී ලංකාවේ උඩරට සමාජය ප් රතිචාර 5 ලිපි යාත් රණය පැරණි ලිපි අවසර නොලබා උපුටා පළනොකරන්න එය නීති විරෝධීය who is online counter blog counter ලෝකයෙන් එන අමුත්තෝ පෝෂකය rss ලිපි නවතම ලිපි අරංගුව කියන්නෙ මොකද්ද හටන්පල ගම හා වානේ නිෂපාදන කර්මාන්තය යකඩ හදාගත් හැටි පුරා කතා සිරිපදලස සමනළ පියසේ මල වැඩමවීම හා මඩු පේවීම උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාල පිළිවෙත් 1 පහන්මඩුව මහපෙරහර වත්පිළිවෙත් 1 දැනට ව් යවහාරයේ නැති කෝරළයක් දේවාලයේ වත්පිළිවෙත් සම්ප් රදායයන් මෑත අතීතය මළපාළු පංගු මැදගම දේවාලයට අලුත්ම අලුත්නුවරක් මැදගම දේවාලයට වෙච්ච දේ බැබලෙන රන් කොත් නවයක් පත්තිනි දෙයියන් වඩම්මන කං වීදි සුද්ද වෙන්නෙ නෑ සුබ නව වසරක් වේවා balangoda බළන්ගොඩ මකර තොරණ පුවත උග්ගල් අලුත්නුවර දේව පුරාණය 1 සැම දෙනාටම සෙත ශාන්තිය උදා වේවා අලුත් සහල් මංගල්ලය 2022 බුද්ධ මංගල්ලෙට පෙරාතුව පහන් මඩුවේ තවත් අරුතක් උග්ගල් අලුත්නුවර පාන්මඩුව උග්ගල් අලුත්නුවර පූජනීය ස්මාරක ඩ් රෝන කැමරාවෙන් ශාන්ත හරි පුදුම ගුරුවරයා දිවි පිදූ ගුරුවරයා නළුවෙල ගමේ නම හා රන්කරල් මංගල්ලය නළුවෙලට නවාලෝකයක් පෙරහරේ නානුමුර මංගල්ල දිනේ දෙපාරක් යන දෙවේලේ පෙරහර ඉස්සර පෙරහර කළ හැටි 3 ඉස්සර පෙරහර කළ හැටි 2 ඉස්සර පෙරහර කළ හැටි 1 කොටස උග්ගල් අලුත්නුවර බෝධි වංසය දේවාල ගමෙන් අවුරුදු සුබපැතුම් පුනර් ජීවනය ලැබූ උතුංම චාලිත්තරේ උත්තම පූජා චාරිත් රය බුද්ධ කාලය2 බුද්ධ කාලය 1 යක්කුන්ගෙ කාලෙ 3 යක්කුන්ගෙ කාලෙ 2 යක්කුන්ගෙ කාලෙ ඔය පෙන්නගෙන එන්නෙ අපේම හැටි හැත්තෑ වසකට ඉහත පෙරහර පුරාණයේ පැවති පෙරහර පිළිබඳ වෙනත් සාක්ෂි උග්ගල් අලුත්නුවර පෙරහර ඓතිහාසිකද වල්ලි මාතා සහ තේවානි මාතා පරිවාරය දිග්ගේ නැටුමට හොඳට ඉනංගුයි සොයා යාම translate hours info uggal aluthnuwara katharagama devale mppgguna gmail com lunch 11am 2pm dinner m th 5pm 11pm fri sat 5pm 1am subscribe subscribed දෙවියන්ගේ ගම් ප් රදේශය හා උග්ගල් අලුත්නුවර join 59 other subscribers sign me up already have a wordpress com account log in now පෞද්ගලිකත්වය දෙවියන්ගේ ගම් ප් රදේශය හා උග්ගල් අලුත්නුවර subscribe subscribed ලියාපදිංචි වන්න පිවිසුම report this content view site in reader manage subscriptions collapse this bar loading comments write a comment ඊමේල් required නම required වෙබ් අඩවිය d
|