Meta tags:
Headings (most frequently used words):
දින, sunday, 2023, හා, සටහන්, 2024, december, labels, january, කතා, blog, saturday, තිලක, උමන්දාවේ, මැත්තා, ගිය, රන්ජන්, කෝච්චියේ, සමග, මා, කැපඩෝසියාවේ, භූගත, නගරය, උමංදාවේ, බිරියානි, අකරතැබ්බය, නස්රුදීන්, අපේ, අන්දරේ, ඔක්ස්ෆර්ඩ්, බොස්පෝරස්, කුමාර්, පාපන්දු, චරිත, රෑම්කාර්, my, february, 18, 28, wednesday, 17, 10, november, 25, list, ට්, archive, followers, popular, posts, පොත, ජීවන, කතන්දර, සිත, කෙටි, ඉස්තාම්බුල්, ආනන්දන්,
Text of the page (most frequently used words):
කතා (37), ගැන (32), අපේ (30), ඔහු (28), අතර (24), #කියල (23), අපි (22), #share (21), #එකක් (20), #නිසා (19), #කියා (19), #භූගත (17), නගර (17), #නස්රුද්දීන් (17), #තමයි (16), ඒත් (16), කියන (16), උමං (15), හරි (14), #සිටි (14), වුනා (14), 2023 (14), ඇති (13), නැත (13), කතාව (13), මාර්ග (13), #රෑම් (13), කියන්නේ (13), තුර්කි (12), කෑම (12), ගෙදර (12), යන්න (12), වෙලා (11), පාපන්දු (11), එක්ක (11), කරන (11), වගේ (11), ටනල් (11), october (10), ඉඳන් (10), ඉස්තාම්බුල් (10), එහෙම (10), උමග (10), වුනේ (10), කාර් (10), නැති (10), දැන් (10), දෙකක් (10), මගේ (10), තියෙනවා (10), හරහා (10), බොස්පරස් (9), ගිහින් (9), රටවල් (9), december (9), කිව්වේ (9), november (9), කෝල් (9), පටන් (9), තුර්කියේ (9), වැඩ (9), ඉතින් (9), හිටි (9), බොහෝ (9), අලුත් (9), වෙන්න (9), අපට (9), සමග (8), කිව්වේය (8), යන්නේ (8), අවුරුදු (8), ලෙස (8), පෙර (8), කිලෝමීටර් (8), තියෙන්නේ (8), may (8), මුහුදට (8), september (8), february (8), january (8), කිව්වා (8), කිසිම (8), මුහුද (8), කරා (8), තියෙන (8), බැරි (8), කෝට් (8), හිත (8), වෙන (7), රීසි (7), ඉංග් (7), මතක් (7), කරන්න (7), july (7), june (7), උදේ (7), මධ් (7), ආවා (7), සමුද් (7), ගියා (7), එහි (7), ගිය (7), සටහන් (7), ඔහුගේ (7), හොඳ (7), දෙයක් (7), තිලක් (7), ටිකක් (7), ගත්තා (7), යටින් (7), මිනිස්සු (7), email (7), this (7), කරමින් (7), ඒවා (7), comments (7), twitter (7), කොළඹ (7), සඳහා (7), blogthis (7), facebook (7), තිබෙන (7), posted (7), වෙච්ච (7), pinterest (7), තිලකසිත (7), චැනල් (7), වෙනවා (6), දවසක් (6), තුර්කිය (6), දිගේ (6), මෙහෙම (6), තිබේ (6), ඉන්නවා (6), විතර (6), august (6), පුළුවන් (6), එකතු (6), රටේ (6), 2024 (6), සිට (6), ඉස්තාන්බුල් (6), හොඳටම (6), පොළව (6), වචන (6), නෙවෙයි (6), ජපන් (6), මගුල් (6), තිබූ (6), සංග් (6), තිබු (6), ගත්ත (6), මේදිස් (6), වෙයි (6), නිර්මාණය (5), අපිට (5), ගියේ (5), ගානක් (5), දුම්රිය (5), හොඳින් (5), ඔවුන් (5), අවට (5), ගෙනා (5), මෙසේ (5), sunday (5), දමා (5), කරලා (5), දුර (5), නස්රුද්දීන්ගේ (5), නුවර (5), වතුර (5), කරන්නේ (5), ඇවිල්ල (5), තරම් (5), එදා (5), වුනේය (5), ටික (5), ලෝකේ (5), ඇත්තේ (5), තැන (5), පරණ (5), ගියේය (5), වඩා (5), අනේ (5), කියවූ (5), කිව්වෙමි (5), භූමිකම්පා (5), මෙම (5), කුඩා (5), වෙනස් (5), ආයේ (5), කරන්නට (5), කළු (5), නොවැම්බර් (5), ගොස් (5), april (5), ඇයි (5), මහා (5), එකේ (5), ජාතික (5), හැකි (5), ගමන (4), සිය (4), අවුරුද්ද (4), රිය (4), ලෝක (4), සේරම (4), source (4), ලංකාවේ (4), ගංවතුර (4), කරනවා (4), විතරක් (4), දෙන්න (4), ගන්නට (4), හෙවත් (4), හිටියේ (4), ඊයේ (4), වනවිට (4), පුරා (4), ටුනලින්ජයි (4), හැටිත් (4), එපා (4), යමු (4), ලොකු (4), ජනප් (4), සරසවි (4), අරන් (4), විදිහට (4), පුතාල (4), හැටියට (4), ගමන් (4), තිස් (4), ගොඩක් (4), කරගෙන (4), විය (4), සේවය (4), ගත්තේය (4), කියපු (4), හිනා (4), හෙට (4), කලාපයේ (4), කරපු (4), නවීන (4), යාලුවා (4), නගරය (4), රවාහණ (4), තවත් (4), තිබුනේය (4), තරමක් (4), ආපහු (4), ඉක්මනින් (4), සමහර (4), ලෝකය (4), දවසේ (4), ඇලන් (4), පෝක් (4), පිහිටි (4), හදන (4), මානව (4), කොහේ (4), අන්දරේ (4), ඇඳගෙන (4), යන්නට (4), මතක (4), විවෘත (4), භෝජන (4), පමණ (4), ගැනීම (4), ඔහුට (4), කෙටි (4), ස්ථාන (4), බලා (4), ආවේ (4), දින (4), නස්රුදින් (4), නගරයේ (4), කිහිපයක් (4), කම්පන (4), ලැබුනේ (4), සිටින්නේ (4), march (4), කෝච්චියේ (4), මොකුත් (4), ඇතුළු (4), රන්ජන් (4), යධරණී (4), බවට (4), පනිට්ටුව (4), උපන් (3), නිදාගෙන (3), දුන්න (3), කෙනෙක් (3), ඕඩය (3), පේරාදෙණියේ (3), ඇතුලට (3), දේශපාලනය (3), මෙන් (3), විශ්වාස (3), පවත්වාගෙන (3), වෙද්දී (3), හැදීමේ (3), රාත් (3), බවය (3), අපිත් (3), දිග (3), එකම (3), අනික (3), මුණු (3), විටය (3), සමාජය (3), පාරේ (3), කියද්දී (3), නස්රුදීන්ගේ (3), වාඩි (3), ඉදි (3), කළේ (3), පැමිණ (3), දේවල් (3), ගොඩ (3), ජිවත් (3), මේවා (3), නැව් (3), බොහොම (3), දන්නා (3), හිටියත් (3), පාවිච්චි (3), කීපයක් (3), සිටියේය (3), පොදු (3), ඔයාට (3), මැත්තා (3), කළේය (3), ආරාධනා (3), ඉන්න (3), කැම්පස් (3), කොට (3), දක්වා (3), ඔක්ස්ෆර්ඩ් (3), වැඩක් (3), අහසේ (3), අත්දැකීම් (3), වෙමින් (3), මෙන්ම (3), අයියා (3), කලින් (3), ගෙඩි (3), තුර්කියට (3), එකක (3), වුනත් (3), හදනවා (3), වීමට (3), posts (3), වෙනම (3), දැක (3), හාල් (3), විට (3), මාර්ගය (3), තිබ්බ (3), දීලා (3), මිතුරා (3), ඉරිදා (3), මගෙත් (3), ළිං (3), රෑම්කාර් (3), පැකට් (3), අරගෙන (3), පාන්දර (3), නොව (3), කිහිප (3), බිරියානි (3), උමගක් (3), සිටියදී (3), අක්බාර් (3), ගෙන (3), යයි (3), පෝස්ට් (3), එක්තරා (3), දේශපාලන (3), එකට (3), තේරුම් (3), සම්බන්ධ (3), කලකට (3), දුටු (3), පිරිසක් (3), labels (3), පැය (3), ගිනිකඳු (3), ඉස්සර (3), මාර (3), චරිත (3), බෙදා (3), කරද්දී (3), කුමාර් (3), කතන්දර (3), තරුණ (3), බලාගෙන (3), වෙලාවේ (3), සේවාව (3), ඕනි (3), වැඩි (3), විද් (3), මොකද (3), කල් (3), රශ්නයක් (3), නමක් (3), බලන්න (3), යැයි (3), මොකක් (3), තට්ටු (3), රේක්ෂකයන් (3), ඉන්නේ (3), කොහෙද (3), මොනා (3), අතරේ (3), එලියට (3), මුළු (3), ඉතිරි (3), උපහාස (3), තමන්ගේ (3), රීඩා (3), ලෝකයේ (3), ඕනිම (3), නේද (3), වාහනේ (3), කරදරයක් (3), ගන්න (3), දහස් (3), කෙරුණු (3), ගමනක් (3), කොටස (3), කොටස් (3), අතින් (3), ඒවායේ (3), ෆෝන් (3), හවස (3), රීඩාව (3), සමාජ (3), කළා (3), එකෙන් (3), ගණනක් (3), ඔක්තෝබර් (2), පදිංචි (2), නස්රුදීන් (2), ඔටෝමාන් (2), ජනයා (2), ගොඩනැගිලි (2), උච්චාරණය (2), වශයෙන් (2), පැරණි (2), අන්තර් (2), මහන්සි (2), කාලය (2), කන් (2), ඉපදිලා (2), කිරිබත් (2), බිහි (2), ලන්ඩන් (2), මාතෘකාවක් (2), රහය (2), පැවැත්වෙන (2), සිටින (2), කාපන් (2), ගතිමු (2), කෞතුකාගාරය (2), උද් (2), කබාය (2), ඉඳල (2), යෝජනා (2), තාමත් (2), තිබෙන්නේ (2), උන් (2), වැඩේ (2), ලඟට (2), ලක්ෂණ (2), වෙලාවක (2), කිහිපයක්ම (2), ගානට (2), සන්ධිය (2), හවස් (2), කොහොමද (2), පටං (2), ලැබිණි (2), පසුවය (2), බස් (2), කලාපවල (2), හොඳට (2), දකුණු (2), උත්සහ (2), මොන (2), නොවී (2), රමේට (2), නිතර (2), පාෂාණ (2), පයින් (2), ලිඳට (2), වහා (2), කඹය (2), පනිට්ටුවට (2), බෙදල (2), ගැනීමට (2), උත්සව (2), සමාජවල (2), saturday (2), ආශ්චර්යයන් (2), නිසාය (2), වුනෙමි (2), ගත්තේ (2), අන්දරේට (2), මනුස්සයා (2), දන්නේ (2), දුක් (2), පිළිබඳ (2), කලාපයක (2), තිබෙනවා (2), පුළුවන (2), සුබ (2), සලකන්නට (2), කතාවල (2), ළමෝ (2), මෙළෙක් (2), කියවන (2), වෙනත් (2), ඉතා (2), අදටත් (2), මනාව (2), නස්රුද්ද්දින් (2), ආසන්නයේ (2), සතුටින් (2), ආරංචි (2), ගනිමින් (2), විස්තර (2), මහත් (2), පුලන් (2), ඇසුවේය (2), හැටියේම (2), ඓතිහාසික (2), යනු (2), මීට (2), යමහල් (2), ඉහළ (2), විශාල (2), පුද්ගලයෙක් (2), අන්තිමේ (2), ගන්නද (2), වඩාත් (2), දෙවියන්ගේ (2), හඬින් (2), කිව්වට (2), කැමති (2), රමයට (2), එනවා (2), ආගමික (2), තැවරී (2), ටුනල් (2), තහවුරු (2), හිතන (2), කල්පනා (2), කොටසක් (2), ආරක්ෂා (2), සිටීම (2), අසල (2), මුහුණ (2), සැපයීම (2), ජනාවාස (2), ලෙසත් (2), රහයට (2), පහසුකම් (2), එකඟතාවක් (2), කතාවක් (2), බොහෝවිට (2), නෑනේ (2), මෑත (2), කිරීම (2), යුරෝපය (2), මැදින් (2), ගලාගෙන (2), සියලු (2), කලාපේ (2), cappadocia (2), දුන්නේ (2), වැටෙනවා (2), වෙනුවෙන් (2), වැටිච්ච (2), දුන් (2), කැරකි (2), ගැහි (2), දියුණු (2), දකින්නේ (2), නිදා (2), blog (2), සතුටට (2), දෙන්නම් (2), නිකන් (2), සිටිද්දී (2), මුකුත් (2), අල්ලා (2), එන්නේ (2), ඩිමෙන්ෂනල් (2), දවසක (2), නවාතැන් (2), මිට (2), සිටීමට (2), ඉස්තම්බුල් (2), එහෙමයි (2), වැටිලා (2), උමගට (2), ගැනීමටත් (2), ගාල (2), ජාතිකයන්ට (2), විවිධ (2), කියනවා (2), එතකොට (2), යොදා (2), වෙනකොට (2), රිපෝර්ට් (2), නමට (2), පොඩ්ඩක් (2), සිත (2), එකකට (2), රොජෙක්ට් (2), කටාර්වලදී (2), show (2), මිත් (2), උදේම (2), අනිත් (2), heart (2), මේක (2), රාශියක් (2), සිතුවිලි (2), ඉවරයි (2), අධ් (2), මිනිහගේ (2), විනාඩි (2), හොඳම (2), වහිඩ් (2), පුපුරා (2), දවස්වල (2), වලට (2), කෙනෙකුට (2), හිමි (2), ඉවර (2), වුන් (2), තරහ (2), සභාවට (2), යෝජනාව (2), පෙබරවාරි (2), දෙකටම (2), 2015 (2), ලැහැස්ති (2), වතාවක් (2), පෙරත් (2), දහසකට (2), පැත්තට (2), මුහුණු (2), අඩු (2), බිමට (2), මුසු (2), හදල (2), ආරංචිය (2), ටිකට් (2), මීටර් (2), අරං (2), කොහෙන් (2), පාර (2), හැදුවේ (2), බල්ගේරියා (2), දේශ (2), සුළු (2), කන්න (2), රස් (2), වැහි (2), පුතා (2), කෝච්චියට (2), බැලුව (2), ලියනගේ (2), අමරකීර්ති (2), 2002 (2), එහෙන් (2), උමගේ (2), ගංගා (2), මතුවන (2), රමය (2), කුතුහලය (2), පැරිසියට (2), සේවා (2), ඔයාගේ (2), ජාලයක් (2), බණ්ඩාරවෙල (2), කියන්න (2), සිටියා (2), තෑගි (2), හෙමින් (2), වැදගත් (2), අසුනේ (2), ගෙවල් (2), විදුලි (2), ගෙදරය (2), අටවිසි (2), මහල (2), විසි (2), දුවන (2), රයේ (2), නැතිව (2), සොක (2), තිලක (2), බලාපොරෝත්තු (2), home (2), පොත (2), නාම (2), මෙහි (2), තුනක් (2), මොළය (2), ඔහේ (2), අම්මේ (2), කොච්චර (2), ගනිද්දී (2), පාවී (2), එංගලන්ත (2), දැක්කේ (2), හකුළා (2), පත් (2), සඳුදා (2), ගත් (2), සුදානම (2), උපදෙස් (2), සංචාරකයන් (2), පැත්තෙන් (2), සභාව (2), සතුටක් (2), මමත් (2), යාලුවෙක් (2), මුහුදු (2), ආපු (2), අලුතින් (2), දවස (2), කොලිටි (2), සියල්ල (2), හදා (2), පුංචි (2), හොඳයි (2), එහෙනම් (2), පණහේ (2), හිතුවේ (2), පාර්සලේ (2), පැරිස් (2), තිස්සේ (2), අකරතැබ්බය (2), හිටපන් (2), සිදුවූ (2), පසුගිය (2), විදෙස් (2), කොටසේ (2), පිටත් (2), ඇලන්වත් (2), ඇහුවේ (2), අඩුම (2), මහද්වීපික (2), සැකය (2), ආසන්න (2), තේරුමයි (2), වචනේ (2), තරමේ (2), රීක (2), භීතිය (2), දෑසින් (2), කන්තෝරුවේ (2), කඳුළු (2), ඉදිකරන (2), බිල්ඩිම (2), ඉන්පසු (2), නිවුන් (2), පත්තර (2), අවුරුදේ (2), ඇලන්ලා (2), රතිඤ්ඤා (2), පෙට් (2), මැලේසියාවේ (2), පණහක් (2), නොයෙක් (2), අවසාන (2), හැදෙන්නට (2), එතනට (2), හරිම (2), කලුමුහුද (2), කියාය (2), ඩාඩනල්ස් (2), මාර්ගයක් (2), කැමතිය (2), wikipedia (2), සමාව (2), හදන්න (2), වලින් (2), දෙන (2), කෙරෙන (2), අසා (2), අදාළ (2), ගමනාගමනය (2), දෙවන (2), පිරෙන (2), ඉතිහාසයක් (2), ඔච්චර (2), බසයේ (2), වචනවලට (2), රංශ (2), දරුවාගේ (2), හැඟීම (2), විදිහ (2), පුදුම (2), අපහාස (2), ලඟින් (2), වෙන්නේ (2), බුරියානි (2), පොරොන්දු (2), හාරන්න (2), පිරිමි (2), ජිවිත (2), මැෂින් (2), වයස (2), මිතුරන් (2), බෝරින් (2), මැයි (2), නැතිනම්, තාවකාලික, නිර්මාණයක්, කිරමට, චරිතයක්, සිදුරු, මෙහෙයුම්වල, අසර්බයිජානයද, බීමතින්, බුදියාගෙන, උපකරණවලින්, නොරිස්සුම, මෙළෙක්ය, පෙන්වන්න, tbm, ආරක්, සුවිශේෂ, කමකුත්, වැස්ස, ස්වභාවික, මොනවද, සලසා, යාමේ, පුරවැසියන්ට, පතල්, ආදියේ, දැමීමට, නිවාසවලත්, අරමුණු, තුර්කියෙත්, ගමනම, සංහතියේ, ලක්නාවේ, නම්දානවා, කොච්චිවල්ට, සෑදෙන, බහක්ට, මාර්ගවල, ගැහිලා, රවනතාව, දුරට, දිවෙන, ඇහුව, ලෙසතු, වතාවකුත්, දිගම, වහින, කඳුවැටිවල, සැදුණු, වැඩිපුර, පාෂාණවලින්, පනහක්, දුරයි, සිද්ද, රංශය, උමන්, බරි, බැස, ඇතිවන, එනකොට, මාර්මරේයි, යුරේසියානු, මිශ්, අළු, ඇතුලෙන්, ලාවා, ඉබිස්, පිපිරිම, අනාගතේ, හෑරීමේ, නගරයකි, හෝටලේ, සිටිනවා, ආලින්දයේ, කටාරයේ, බුල්ගේරියා, පුටුවක, එයට, කුටි, එකටද, යාත්මක, පොලව, යතින්, කිරණය, මවිත, මාමරේ, ෆීලින්, ලොවක්, ගාලා, උනන්දු, ඔච්චරයි, වාස්තුවිද්, මාමරේයි, වැදගත්කම, වෙනස, ලක්ෂ, ගුවන්, තත්වයක්, ඉරිසියා, හැඳින්වීමට, දෙවැනි, ඉංජිනේරුවා, හොයා, ගත්තද, රසිද්දයි, ගයි, ටනලින්, හිතා, භාගෙක, දේශපාලනෙයි, දේශනාවක්, වැටහුනා, කාලීනව, ඒකෙ, ඉතිහාසෙයි, තාක්ෂනෙයි, මිලියනයක්, වියදමයි, මේදිස්ට, හිටපු, ඇතුළත්, නොරොක්, ආලෝකය, ජලාපවාහණය, සැපයුම, කෝච්චි, සපයන, රේල්ලු, වාතාශ්, ච්චි, කාමර, ගබඩා, වාහන, ගමනේදී, ටර්කි, බුදියගෙන, ආහාරපාන, යාපනය, ඩෙරින්කියු, තවමත්, හිතෙන්නත්, ආසියාතුක, පාරකට, බහිද්දී, මතු, අභ්, හොයාගෙන, හරිහැටි, කෙසේද, කටයුතු, වුයේ, දැනිච්ච, සිදු, ආදිය, වචනවලින්, යන්තරයේ, උච්චරානවලදී, සෞඛ්, තුන්පාරක්, එංගලන්තය, පන්නයේ, ඇදගෙන, තරහෙන්, රටක්, තෙර්නවා, කටයුත්තකට, මිනිහවත්, සෙන්ට්, උදෙන්ම, ආරක්ෂක, පැන්ක්, සංගීත, රජයක්, දුම්රියපළට, ටැක්සියෙන්, ගිගින්, නොතේරුනාට, ලෙසටය, නැමුවා, සංවිධානයක්, උපක්, කලාතුරකින්, රිලියනයකටත්, දැකබලාගත්, ජීවිතේටම, වියදම්, ලැබෙයිද, සියැසින්, මොනව, ඇවිද, කිව්වත්, හැටියටය, වරින්, සාමකාමී, සබ්වේ, අඩි, දෙක, රමවේදය, උමංදාවේ, තොරතුරු, උපදේශකවරයා, මිතුරාගෙන්, ඉංගිරිසි, හදපු, නිම්න, නිල, වචනය, කිහිපවිටක්ම, සැලසුම, කණ්ඩායමේ, අපටත්, ජලාශේ, දියුණුවෙලා, පුදුමාකාර, පොම්ප, තාක්ෂනය, කොහොම, රියාත්මක, නමයක්, වටිනා, කුමක්දැයි, ලයින්, පහළ, නැග්ගා, පහක්, අවුරුදුවල, වැහිවතුර, ඉදිරි, තේරෙනවා, කීපයකින්, මට්ටමක, ඇහුවා, හුරුපුරුදු, ජලාශයක, පුරවනවා, පිරෙව්වට, telegraph, වියලිච්ච, සැප්තැම්බර්, ඉදිරියේදී, කණ්ඩායමක්, මට්ටමේ, පහලින්, කටාර්වල, ඇමෙරිකාවත්, යුරෝපයත්, සපයයි, සාක්ෂිය, සමාගමේ, තිහක්, සංස්කෘතික, ටනලය, බසෙත්, පමණක්, ලන්ඩන්වල, උඡ්ච්චාරන, ඉංජිනේරුමය, සතියක්, සිරි, හැබැයි, අවුරුද්දකට, ගමං, නොහැක, ගණනාවකට, යොදනවා, මයික්, හැරගෙන, යොදාගෙන, යෝජිත, පතුලටත්, තැනකදී, පිපිරීම්, සියවස්, ලියන්නම්, වන්නේ, උපකරණ, රැස්වීමකට, නගරවලින්, හම්බවෙච්ච, දෙපාරක්, රසිද්ධ, සවිස්තරව, නරඹලා, එනගමනට, ලියමි, ජාතිකයන්, කෙනෙක්ගේ, සැලසුම්, ගණක, අවුරදු, කළාදැයි, උනේ, අත්ලන්තික, ගැනත්, මේවයින්, යාළුවගේ, සප්පායම්, හදාරන්නට, අලුතින්ම, එක්සයිට්, විෂ්කම්භය, ශිෂ්ටාචාරය, ඩොලර්, හදන්නේ, පොලොව, කිව්ව, සිටිය, පුරාණ, සූදානම්, සැර, බසෙන්, හැකියාවන්, සැහැල්ලු, බිම, බීම, කිරීමේදී, රාතිහාර්යයන්, කතාකරන, නිර්මාණයන්, විචිත්, මට්ටමට, පොළෝ, නොවුනද, සංකල්පයක්, අන්තර, පොහොසත්කමට, පේරාදෙණි, කම්පනවලදී, අකරතැබ්බයක්, බියකින්, වෙලී, ගියෙමි, යෝගයෙන්, කොණ්ඩේ, කපන්න, බාබර්වරයා, ගසාවි, මැච්, බලමින්, අති, රැෆික්, වැඩිවෙන, දෙනා, හවස්වන්නට, අනියත, බෝලයක්, පිටවෙති, අයුරු, මගීන්ගෙන්, නැගුනේ, රීතිය, රතිචාරයකි, දෙපස, මිනිසුන්, දල්වන, පෙනිණි, ෆුට්, රතිචාර, දක්වද්දීය, කොණ්ඩය, කපන, අතරතුර, ඔලුව, කන්තෝරුවලින්, තරග, ගොඩවූ, දිය, ගලටේසාරේ, කණ්ඩායමටය, පණහකට, 000කට, ආසන, ඉදිකර, 2011, හිමිකාරිත්වය, රසිද්ද, දරන්නේ, සුප්, රීඩාගාරයේ, අද්දර, පින්තූරේ, පෙනෙන්නට, රම්ස්පාර්ක්, සමාජයක්, රසිද්ධව, දිනවල, තරගාවලියේ, රම්ස්පාක්, පැත්තේ, පාරවල, වුරුද්දේ, කොරියාවේ, පැවති, කුසලාන, තුන්වන, පහළොවකට, ගැනීමත්, කිරීඩාව, රීඩාගාරයක්, පණස්, 1908, එනම්, එකසිය, මගියෙක්, ඊළඟට, රීඩකයන්, වනවිටත්, මුව, දෑතින්, වසාගෙන, බියමුසු, වටපිට, බැලුවාය, පහවගොස්, ගමු, නොතිබිණ, ගලහා, මෙඩිකල්, ෆැකල්ටිය, ඇතුල්වෙන, ජේමිස්, පීරිස්, රීම්, අසලින්, සිටිවුන්, මැවූ, සංතෘප්ත, ගෙවා, දැමුවෙමු, ගෙවල්වලට, කැවුම්, උයන්නලා, ඇහෙන්නට, අයිස්ක්, ගැසුවෝය, අටක, දරුවෙක්, පාටියක්, දාමු, ශාලාව, බහිනතුරු, තිබිණි, දෙල්තොට, උනේය, ජනාධිපති, ගමන්ගත්, පෙළපාලියෙදී, සිදූවූ, අලකලංචිය, අසන්නට, නැගී, මානසිකව, එද්දීය, බසයට, අතරමගින්, වුවෙක්, කිවේය, සියල්ලන්ගේම, පිබිදෙමින්, විවේකි, පළවෙනිදා, බිහිරි, වසා, කරවන, ජයඝෝෂා, ඇසුණේය, සිසුන්ඇතුළු, සියල්ලන්, සතුටු, සිද්දියක්, කියාගන්නට, 1993, අවනීතිය, තුලින්, පීඩනය, පිටකිරීමක්ම, වසරේ, විභාගය, ගෙවී, රටෙන්, තදින්, සැපයූ, වනතුරු, දිව්වේය, ආසියානූ, යුරෝපීය, අරසා, විශාලෙට, නගරයට, පටන්ගෙන, 1900වසරේ, නොවූවද, රවණතා, වෙන්නට, ලංකාව, තුර්කියද, සේවාවල, 1960, යාප්තව, ඇණියක්, තදබදය, පාන්නට, සභාවේ, උපදේශක, ඉන්ජිනේරුවෙක්, රවාහණයේ, අරක්ගත්, මෝටර්, මවමින්, ගනු, වායු, දූශනය, වාතයක්, 1990, ආයෙමත්, 1966, මුලුමනින්ම, දෙසිය, කලාත්මක, ඇසූ, thoughts, tilakasiri, ekanayaka, thilakasitha, gmail, com, ජීවිත, අනුසාරයෙන්, ලියූ, එකතුවකි, පුද්ගල, කාල, වකවානු, සත්, නොවේ, කරමි, ෆේස්බුක්, පණහකින්, ඇරඹෙන්නේ, කරළියට, අතු, ඉතිලා, වැඩුණු, ජාලය, දශකය, මල්වර, 1890දී, ලියන, මුල්ම, දිව්වේ, අශ්වබලයෙනි, 1912දී, බලයෙන්, අවිවෙකී, එනගමන්, පෙම්, කටුගේක, බදා, යළි, රියම, රීඩාලෝලීන්ට, අමුතුම, තාලේ, උනන්දුවකි, මෙරට, ඉන්ජිනේරුවා, ස්ටේඩියම්, බවත්, ලියා, තබමි, රාදේශීය, සභාවලට, පුලුවන්, ඒකට, වෙන්, අටාටුක්, ඕනිනෙ, හරිය, වැළඳ, එතැන්, පතල, වීම, ඇරඹි, 19වන, සියවසේම, පාලනයේ, රීඩාගාර, හැත්තෑ, හතර, අසුන්, පැනවිය, විශාලම, ඒවායෙන්, එකකි, සල්ලි, සභා, නොස්ටැල්ජික්, දුවවමුදැයි, ඇරඹුණු, දුවවන්නට, දෙස්, අද්දන, කාන්දම්, රෙපෙයාර්, කරවා, ඒකමතිකව, 1992, පිළිගත්, තක්ශින්, ආසියානු, දෙකක, පින්තූරයේ, පෙනෙන, විදිහේ, එලෙසින්, මෙට්, දුප්පත්ය, පුලුවන්දැයි, පිලිගන්නේ, 1929, අවසානය, සභාවෙන්, ඉදිකරන්නේ, සභාවෙනි, සභාවකට, මුලින්, තිබෙයි, හිතුනත්, දුරු, මර්ග, යුගය, මෙහෙයුම්, පද්ධතිවලින්, පොහොසත්, රසකර, නිව්ස්, ආරක්ෂාව, දැවැන්ත, යසනවලට, දෙරටම, මාසයකට, රික්ටර්, පරිමානයේ, භූමිකම්පාවක්, සම්බන්ධය, භූමිකම්පාවලින්, බවයි, රටපුරා, මොනතරම්, තියන්න, තිබ්බද, ඉතිහාසය, පිහිටියි, මිනිසා, ඉදිකිරීම්, චතුරශ්, ලෙවන්ට්, හයකට, ඉදිකිරීමේදී, සම්බන්ධව, අවදානමෙන්, අඩුයයි, වලදී, සක්, භූකම්පනවලට, ඔරොත්තු, හැදීමට, රෙගුලාසි, ඇවිත්, ජපානය, පෙදෙස්, කැන්සල්, අහිංසක, දරුණුම, අවුරුදුදා, අප්ඩේට්, කණගාටු, වේදනාව, එකය, රසැති, මොමෝ, මොහොතකින්, ජපානයේ, හැරුණුකොට, ඉෂිකාවා, පලාතට, අවාසනාව, භූමිකම්පාව, තියාගෙන, මිනිස්සුත්, තොරතුරක්, කනවා, සංවේදී, පැතුවා, මිනිසෙක්, දනන්වද, දොළහකට, මකර, රාශියේ, හිතාගෙන, හැමෝම, අවුරුද්දේ, ඇවිදිනවා, සැකයි, ජපානේ, විතරයි, කවුරුවත්, බලන්නේ, පිලිස්සී, පෙරදා, තක්සිම්, භුමිකම්පාව, අවුල්, කිසිදු, බවක්, සොයාගෙන, කැපඩෝසියාහි, නගරවල, මූලික, අරමුණ, ආරක්ෂිත, සාක්ෂියක්, රමිතීන්, සිදුරුකර, හැඩවැඩ, සතුරු, ආක්, රමණ, කාලවලදී, බේරි, අනුව, ආරක්ෂණ, දිගු, පිහිටා, නිශ්චිත, රතිරෝධී, සහිතව, කෙසේ, වෙතත්, කැපඩෝසියාව, ක්රියාකාරී, සඳහන්, වුවද, වටී, සමහරවිට, පාෂාණය, යම්, ශක්තියක්, අවශෝෂණය, කලාපයට, තර්ජනවලින්, ඇතිවුනා, බලනකොට, පස්සේ, නොයා, ඉවරවිගෙන, ඇතුළේ, කම්පනයක්, දැනුන, අවිල්ල, කලබගෑනියයි, එක්කරගෙන, කොම්පැනියෙ, බඩු, පැක්, 1999දී, ඇඟට, දැනෙන, භුමිකම්පාවක්, අස්වැස්සුවා, රහස්, ඉංජිනේරු, බංකර්, භුමිකම්පාවලින්, බේරී, හැදූ, ඒවාද, රසිද්ධය, විශේෂයෙන්, යාව, මිනිස්සුන්, සිත්, ඇදගන්නා, වනමානව, දක්ෂතාවයේ, අරුමයන්ය, කැපඩෝසියා, ඉක්මනට, සමරන්න, සෙනසුරාද, ටිවී, කෙළවරක, මිනිසෙකු, අහිමි, බෙහෙවින්, පත්ව, ඇතැයි, සිතුවෙමි, මැදිරියේම, කල්පනාවක, පරිණත, ගිලී, දකින්නට, ඒයී, ඔහුවත්, ගෙන්නා, කිසිවෙකුත්, සිද්දිය, රතිපත්තිගරුක, උනන්දුවක්, පාලනයක්, මටනම්, පාලකයෙක්, මැරුණම, රමේ, හැදෙයිද, නරක, කාගේ, ගාවවත්, සතුටක්වත්, මුහුණින්, බලාපොරෝත්තුවක්වත්, කැමතිම, විෂයය, චිත්, රපටි, කරනන්ට, අහුවෙමි, තියෙන්නෙ, යෑමට, ක්රමේම, අයගේ, එක්ස්ප්, පානදුරට, මාධ්, නොතිබූ, කාලයේ, රීති, හවුල්, පමණකි, නුවරින්, සාතිශය, බහුතරයගේ, බවටනම්, සැකයක්, නොවීය, දවසෙම, කැන්ටිමේ, මාතර, පේරාදෙණියට, ගතවන, ආයි, පිලිබඳ, කයිට්, කාගේදෝ, විසඳන්නට, වැටහුණේ, කාලෙකින්, ගියෙත්, හදිස්සියේ, බඩකඩිත්තුවක, පානදුරේ, අම්මලා, නැග්ගාටත්, පහට, ලෑස්ති, ප්ලෑනක්, නොවූ, ෂුවර්ද, එකෙක්, මිසක, දෙවැනිදා, මිතුරෙකුට, අවුරුද්දක්, කිව්වාට, යමක්, මුමුණ, මුමුණා, යහපත්, නැද්ද, රතිඋත්තරයක්, උමන්දාවේ, කැපඩෝසියාවේ, wednesday, ඒවායේදී, නවාරි, උඹට, අමුවේ, පළවැනිදා, සබ්ස්ක්රයිබ්, කලේය, එත්, එහෙ, යකා, සෑහෙන්න, ජනවාරි, ගෙයින්, වන්නැයි, කල්තියා, යලි, රශ්න, උදාවන, ඇවිදින්නට, යන්නටත්, දවල්, අමු, නීති, ඔතෙන්ට, සෝදාගෙන, ජීවත්වීමට, මහජනතාවට, ඔෆ්, ලයිෆ්, ආදී, අංශවල, කිලිටි, තිබීම, ජානගතවී, දෙදෙනාම, ජිවතුන්, සිහිකිරීම, පීඩනෙට, පත්වෙච්ච, හේතු, අනෙක, ගැනම, ස්ථාවර, කැඩීම, වරදවල, අනිතිකව, ඉඩම්, හොරකම, වංචාව, දේශපාලනයේ, යෙදීමට, බැරිවෙන, දේශපාලකයෙක්, රතිපත්ති, බලයේ, අවශ්, මුලික, සදාචාර, රාමුවක්, විවාදයකින්, තොර, මේලෝකේ, සතියේ, අන්තිම, නැටුම්, ආදියෙන්, හිනස්, වාර්තා, ලාංකිකයෙක්, ආනාන්දන්, යන්නෙත්, හිටගෙන, පිනමින්, ඉන්නකොට, දියවැලකට, අහුවෙලා, යාපනේදී, විශ්ව, දඟර, කකුලෙන්, උපාධියක්, කලබල, ආර්ටික, වාසි, දෙනවා, ගැලපෙන්, කිහිපයක, දැන්ම, කාරී, තනි, ඉස්සෙල්ලම, ආන්දන්දන්ගෙන්, ගන්නම්, එහාටත්, මෙහාටත්, පිහිනලා, යාලයේ, වෘත්තියෙන්, දෙකම, ගැටයන්, ඉවුරේ, භාෂාවේ, ඇක්සන්ට්, පලාත්වල, උච්චාරනය, කිය, ගැටිස්සියන්, ඉන්ග්ලිෂ්, තමන්, පරිවර්තනය, පැයේදී, අම්බලන්ගොඩ, උන්ගේ, කතාවට, අඟහරුවාදා, රේට්, නිතිවෙදියෙක්, හරියේ, මිය, 1984දී, කාලේ, සන්ධියට, දහඅටවැනි, සියවසේ, මදුරාසියේ, ස්ට්, ආණ්ඩුකාර, රොබර්ට්, කෑල්ල, ලැබුනත්, picture, තේරුමක්, තීරයක්, අපමණ, ස්වාභාවික, ආදරණිය, ඉගෙන, අටේ, ගොඩනැගිල්ලේ, පිළිසකර, මේවගේ, පිටුපස්සේ, රසවත්, දැනගෙන, වෙළඳ, වසයෙන්, සමානයි, අලිමංකඩ, ගවමංකඩ, සිංහලට, හරවා, යස්තානේ, රොනාස්, තේරුම, කිලොමිටර්, රටවල, තැබූ, ඉදිකිරීම්වල, අතරින්, එංගලන්තේ, රංශයට, 1999, කියෙව්වා, 88ක්, රොනස්, ද්විත්ව, කුලුන, විදුසර, කන්න්තොරුවේ, වචනවල, වැඩිය, අයත්, වැටෙන්න, පටුම, ඉවුරු, දෑළම, මුළුමනින්ම, අයිති, සීමාව, ආවොත්, ඇතුලෙම, මාමුරා, මුහුදට්, ඇළවෙලා, එතැන, යනකම්, නාවික, මාතෘකාවට, හිතන්න, භාෂාවක්, භාෂාව, අරාබි, භාෂාවල, ටර්කික්, සම්භවය, නවීකරණය, නාමනම්, ආයෙම, බොහොමයක්, රීක්, බොස්පරසුත්, බදාදා, bosporus, gbnews, මාලාවක්, අල්ලාගෙන, කැස්පියන්, ඇත්තම, ගෙනල්ල, ගෙදරින්, හෙටයි, අනිද්දයි, දේකට, ගෙන්නගන්න, තියේනම්, එච්චරයි, ආරච්චිකන්දේ, දන්නවා, උනාම, ඉන්නවද, කිලෝමිටර්, හයදහස්, තුන්සියක්, සුනිල්, පොඩ්ඩකින්, දෙන්නනම්, සෙන්ටිග්, ලයිට්, හාත්පස, කළුවරයි, වෙදර්, බැලුවා, උෂ්ණත්වය, රේඩ්, අහන්නේ, අංශක, බින්දුවයි, රවෘත්තිවලට, යටවෙලා, හිටන්, අතුරුදහන්, දුරින්, හේතුවක්, කිට්ටුයි, නින්ද, දෑසන, අවදි, ලංකාවෙන්, එකකින්, නොඅම්බර්, බොස්පෝරස්, වචනෙකට, ආනන්දන්, උඹලගෙන්, ඇහුවනේ, කැපෙනවා, කෙටියි, තියෙන්න, ටක්, එපැ, සිකුරාදා, රියදුරු, නසාර්, බෝම්බයක්, පිපිරුවම, අයියගෙන්, පණිවිඩ, කිවා, තිබ්බා, නිකම්, රශ්නයක්ද, එයයි, මමයි, ටෙලිග්, ගොඩනගිල්ලකවත්, අටට, රමාණයෙන්, ලියන්න, තියනවා, උතුර, පැත්ත, කළුයි, ඒකයි, අස්සේ, බ්ලොග්, මිනිස්සුන්ගේ, ගැනනේ, ඔෆිස්, එකේදී, හිනත්, හැටි, අහල, විශ්වාසයක්, දකුණට, කරදර
Text of the page (random words):
බලමින් අති උද් යෝගයෙන් ප් රතිචාර දක්වද්දීය කොණ්ඩය කපන අතරතුර ඔහු මගේ ඔලුව ෆුට් බෝලයක් කියා පයින් ගසාවි යැයි අනියත බියකින් වෙලී ගියෙමි posted by තිලකසිත at 11 14 am 16 comments email this blogthis share to twitter share to facebook share to pinterest sunday january 28 2024 මා සමග කෝච්චියේ ගිය රන්ජන් හා මැත්තා අ අපේ අවසාන වසරේ විභාගය ඉවර වී දවසක් දෙකක් ගෙවී ගෙදර යන්නට බලා සිටි අප ට 1993 මැයි පළවෙනිදා මානසිකව විවේකි දවසක් උනේය එදා උදේ ජනාධිපති ගමන්ගත් මැයි පෙළපාලියෙදී සිදූවූ අලකලංචිය අපට අසන්නට ලැබුනේ නුවර ගොස් දෙල්තොට බස් එකක නැගී පේරාදෙණි එද්දීය බසයට අතරමගින් ගොඩ වුවෙක් මේ ආරංචිය කිවේය බසයේ සිටි සියල්ලන්ගේම කුතුහලය මුසු මුහුණු පිබිදෙමින් තිබිණි ඊළඟට ගොඩවූ තවත් මගියෙක් අවසාන ආරංචිය තහවුරු කළේය මගීන්ගෙන් නැගුනේ ප් රීතිය මුසු ප් රතිචාරයකි මග දෙපස මිනිසුන් එකතු වී රතිඤ්ඤා දල්වන අයුරු අපට පෙනිණි ගෙවල්වලට ගිහින් කැවුම් කිරිබත් උයන්නලා වැඩේ ඉවරයි කියා පාරේ සිටිවුන් අපට ඇහෙන්නට කෑ ගැසුවෝය බසයේ සිටි වයස අවුරුදු හත අටක කුඩා දරුවෙක් අම්මේ අපි ගෙදර ගිහින් පාටියක් දාමු අයිස්ක් රීම් ගමු කියා කියද්දී දරුවාගේ මව වහ වහා දරුවාගේ මුව දෑතින් වසාගෙන බියමුසු දෑසින් වටපිට බැලුවාය ඒ වනවිටත් සැකය හා භීතිය පහවගොස් නොතිබිණ අප ගලහා පාරේ මෙඩිකල් ෆැකල්ටිය ලඟින් සරසවි බිමට ඇතුල්වෙන තැන සිට ජේමිස් පීරිස් ශාලාව අසලින් බහිනතුරු කන් බිහිරි කරවන ජයඝෝෂා හා රතිඤ්ඤා හඬ ඇසුණේය අවට සමාජය හා සරසවි සිසුන්ඇතුළු සියල්ලන් සතුටු වූ සිද්දියක් වූ එය සමාජය වසා සිටි භීතිය කියාගන්නට බැරි තරම් වූ අවනීතිය තුලින් උපන් පීඩනය පිටකිරීමක්ම විය සමාජ මාධ් ය නොතිබූ ඒ කාලයේ අපට අසුනේ මේ ප් රීති වීමට හවුල් වූ අයගේ හඬ පමණකි එය සාතිශය බහුතරයගේ හඬ බවටනම් සැකයක් නොවීය දවසෙම වෙන වැඩක් කරන්නට හිතුවේ නැති අපි කැන්ටිමේ ටිවී නිව්ස් වලින් හා තම තමන්ගේ අතින් දමා රසකර මැවූ කතන්දර වලින් සංතෘප්ත වෙමින් දවස ගෙවා දැමුවෙමු එදා රාත් රී කෑම ගනිද්දී රන්ජන් මා ලඟට පැමිණ හෙට උදේ අපට දුර ගමනක් යන්න තියෙනවා පාන්දර පහට ලෑස්ති වෙලා හිටපන් කියා කිව්වේය අද හෙට ගෙදර යන්නට ප්ලෑනක් නොවූ මම ඕනි බඩකඩිත්තුවක යන්නට කැමති වුනෙමි උදේ පාන්දර අපි පේරාදෙණියට ගොස් නුවරින් මාතර බලා යන එක්ස්ප් රස් කෝච්චියේ පානදුරට ටිකට් දෙකක් ගතිමු කොහෙද බං යන්නේ මම ඇහුවේ කෝච්චියට නැග්ගාටත් පසුවය පානදුරේ අපේ පුංචි අම්මලා ගෙදර ආයි මේ හදිස්සියේ නෑ බං කාලෙකින් ගියෙත් නෑ ඒත් මේ යන්නේ අතින් කයිට් කරගෙන කාගේදෝ ප් රශ්නයක් විසඳන්නට බව මට වැටහුණේ පසුවය කෝච්චියේ සිටි කිසිවෙකුත් ඊයේ රටේ සිදුවූ සිද්දිය ගැන කතා කළේ නැත ඒත් රන්ජන් කිව්වේ දැන් තියෙන්නෙ නව පාලනයක් ඉක්මනින් බිහි වී රට ගොඩ යෑමට ගතවන කාලය පිලිබඳ ප් රශ්නයක් විතරක් කියාය මේ වෙලාවේ අපේ මැදිරියේම කෙළවරක කල්පනාවක ගිලී වාඩි වී සිටින මැත්තා අපට දකින්නට ලැබිණි ඒයී උඹ කොහෙද යන්නේ කියා ඔහුවත් අප ලඟට ගෙන්නා ගතිමු දේශපාලනය ගැන ඉහළ උනන්දුවක් ඇති පරිණත ප් රතිපත්තිගරුක හිත හොඳ මිනිසෙකු වූ ඔහු දේශපාලනය නිසා බොහෝ දේවල් අහිමි කරගෙන සිටියේය ඉතින් ඔහු බෙහෙවින් සතුටට පත්ව ඇතැයි සිතුවෙමි ඊයේ මාර වැඩේ නේද වුනේ මම අහුවෙමි ඒත් කිසිම සතුටක් නැති මුහුණින් ඔහු මෙසේ කිව්වේය ඔය එක පුද්ගලයෙක් නැති වුනා කියල මිනිස්සු පීඩනෙට පත්වෙච්ච හේතු නැති වුන් නෑනේ බං අනෙක ඔතෙන්ට තව එකෙක් ඇවිල්ල ඔය ක්රමේම පවත්වාගෙන යයි අපිට හොඳටම ෂුවර්ද තව පාලකයෙක් මැරුණම කිරිබත් කන් නැති ගානට මේ රටේ ක් රමේ හැදෙයිද කියල හොඳ නරක ගැන පොදු එකඟතාවක් අපි කාගේ ගාවවත් නෑනේ ඒ නිසා මටනම් ලොකු සතුටක්වත් බලාපොරෝත්තුවක්වත් නෑ කී ඔහු කැමතිම විෂයය වන චිත් රපටි ගැන කතා කරනන්ට පටං ගත්තේය මා සමග එදා කෝච්චියේ ගිය රන්ජන් හා මැත්තා දෙදෙනාම අද ජිවතුන් අතර නැත ඒත් ඔවුන් සිහිකිරීම වෙනුවෙන් දියුණු සමාජවල තිබෙනවා යැයි මා අසා ඇති සමහර ලක්ෂණ ටිකක් සටහන් කරන්නට කැමතිය ඒවායේදී අමු අමුවේ නීති කැඩීම අනිතිකව ඉඩම් අල්ලා ගැනීම හොරකම හා වංචාව දේශපාලනයේ යෙදීමට බැරිවෙන තරමේ වරදවල බවට තහවුරු වී ඇත දේශපාලකයෙක් වීමට හා බලයේ සිටීමට අවශ් ය මුලික සදාචාර රාමුවක් ගැන විවාදයකින් තොර පොදු එකඟතාවක් ඇත ප් රතිපත්ති ස්ථාවර වී ජානගතවී ඇති නිසා දේශපාලනය ගැනම කතා කරන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගෙන ජීවත්වීමට පොදු මහජනතාවට පුළුවන කොලිටි ඔෆ් ලයිෆ් හොඳ වී ඇත්තේ මේ ආදී බොහෝ අංශවල කිලිටි සෝදාගෙන තිබීම නිසාය posted by තිලකසිත at 11 39 am 17 comments email this blogthis share to twitter share to facebook share to pinterest wednesday january 3 2024 උමන්දාවේ දින සටහන් 2 කැපඩෝසියාවේ භූගත නගරය source wikipedia ජ නවාරි දෙවැනිදා මම අපේ ජපන් ජාතික මිතුරෙකුට සුබ අලුත් අවුරුද්දක් කියා කිව්වාට ඔහු යමක් මුමුණ මුමුණා සිටියා මිසක යහපත් ප් රතිඋත්තරයක් දුන්නේ නැත උඹට මොකුත් ආරංචි වුනේ නැද්ද ඔහු ඇසුවේය මම මොකුත් නෑ කියා කිව්වෙමි මොකුත් නෑ ඔහු යලි ප් රශ්න කළේය අලුත් අවුරුද්ද උදාවන දවසේ ඇවිදින්නට යන්නටත් දවල් කෑම කොහෙන් හෝ ගැනීමටත් එකතු වන්නැයි කියා අප කිව්වට ඔහු ආවේ නැත පසුගිය සෙනසුරාද ඔහු අලුතින් ටී වී චැනල් එකකට සබ්ස්ක්රයිබ් කලේය ටිකක් ලොකු ගානක් ගියා මට එත් අලුත් අවුරුද්ද දවසේ එහෙ උත්සව සංගීත වැඩ සටහන් සෑහෙන්න බලන්න පුළුවන් ඒ වැඩ නිසා මම ජනවාරි පළවැනිදා ගෙයින් එලියට යන්නේ නෑ කියා ඔහු කල්තියා කිව්වේය මේ සා බලාපොරෝත්තු තියාගෙන සිය රටේ මිනිස්සුත් එක්ක අවුරුදු සමරන්න හිටි මනුස්සයා මේ ලෙස අවුල් වී සිටින්නේ ඇයි ඔහු මොහොතකින් අලුත් අවුරුදුදා ජපානයේ ඉෂිකාවා පලාතට අවාසනාව ගෙනා භූමිකම්පාව ගැන මට කිව්වේය පෙරදා උදේ සිට ඇවිදිනවා කතා කරනවා කනවා හැරුණුකොට කිසිම ලෝක තොරතුරක් ගැන මම අප්ඩේට් නොවී සිටීම ගැන කණගාටු වුනෙමි ඒ වේදනාව මට මතක් කළේ කඳුළු රසැති මොමෝ පෝස්ට් එකය ජපානේ අපිට අපි විතරයි කවුරුවත් අපි ගැන බලන්නේ නෑ කියා ඔහු කියන විට මගේ හිත පිලිස්සී ගියේය උඹ දනන්වද මේ මගේ අවුරුද්ද මම ඉපදිලා තියෙන්නේ අවුරුදු දොළහකට වතාවක් එන මකර රාශියේ මේ අවුරුද්ද හොඳ වෙයි කියල හිතාගෙන අපේ ගෙදර හැමෝම මට සුබ පැතුවා දැන් වෙච්ච දේ නිසා මේ අවුරුද්දේ මට සැකයි මේ මිනිසා බොහොම අහිංසක සංවේදී මිනිසෙක් ලෙස මට තේරුම් ගියේය ඊයේ රටපුරා මොනතරම් උත්සව තියන්න ලැහැස්ති කරලා තිබ්බද ඒ සේරම කැන්සල් වුනා මීට මාසයකට පමණ පෙර ඉස්තාම්බුල් ආසන්නයේ රික්ටර් පරිමානයේ 5 1ක භූමිකම්පාවක් ඇති වුනේය ඒ වෙලාවේ භූමිකම්පා හා උමං අතර ඇති සම්බන්ධය කතා කරමින් සිටිද්දී පුලන් කිව්වේ භූමිකම්පාවලින් ආරක්ෂා වීමට හොඳම තැන පොළව යට පිහිටි උමං මාර්ග බවයි ජපානය මෙන්ම තුර්කියේ ඉස්තාන්බුල් ඇතුළු බොහෝ පෙදෙස් භූමිකම්පා සක් රිය කලාපවල පිහිටියි ඈත මෑත ඉතිහාසය පුරා දැවැන්ත භූමිකම්පා ව් යසනවලට මේ දෙරටම මුහුණ දී ඇත භූගත ගොඩනැගිලි හා උමං අවදානමෙන් අඩුයයි කිව්වට නව ඉදිකිරීම් වලදී ඒවා භූකම්පනවලට ඔරොත්තු දෙන ලෙස හැදීමට රෙගුලාසි ඇවිත් තිබේ ඉස්තාම්බුල් නුවර තක්සිම් චතුරශ් රයේ සිට ලෙවන්ට් 4 නගරය දක්වා කිලෝමීටර් හයකට ආසන්න උමග ඉදිකිරීමේදී ඊට සම්බන්ධව සිටි පුලන් මෙහෙම කතාවක් කිව්වේය 1999දී ඉස්තම්බුල් වලට ඇඟට දැනෙන භුමිකම්පාවක් ඇතිවුනා ඉස්තාන්බුල් ආසන්නයේ වෙච්ච මේ භුමිකම්පාව දරුණුම එකක් එතකොට මම හිටියේ වැඩ ඉවරවිගෙන යන උමග ඇතුළේ මට කිසිම කම්පනයක් දැනුන නෑ එලියට අවිල්ල බලනකොට එකම කලබගෑනියයි ඒ අතරේ ආරංචි වුනා අපේ උමග හදන ප් රංශ කොම්පැනියෙ උන් බඩු පැක් කරගෙන යන්න හදනවා කියල මම ඉක්මනට ගිහින් ඒ මිනිස්සුන් අස්වැස්සුවා උමග දිගේ පයින් එක්කරගෙන ගියා මම කිව්වා උමගට කිසිම දෙයක් වෙලා නෑ උමගේ වැඩ කරන්න බය වෙන්න එපා කියල ඊට පස්සේ තමයි ආපහු නොයා මෙහෙම ඉන්න ඒ මිනිස්සු හිත හදා ගත්තේ ඔහු කිව්වේය තුර්කිය එහි භූගත නගර සඳහා ප් රසිද්ධය විශේෂයෙන් කැපඩෝසියා කලාපයේ මෙම භූගත නගර නිර්මාණය සහ අදාළ ඉංජිනේරු විද් යාව සිත් ඇදගන්නා සුළු වනමානව දක්ෂතාවයේ අරුමයන්ය ඉතින් මේ භූගත නගර භුමිකම්පාවලින් බේරී සිටීමට හැදූ ඒවාද කැපඩෝසියාහි භූගත නගරවල මූලික අරමුණ භූමිකම්පා සඳහා ආරක්ෂිත ස්ථාන යොදා ගැනීම බවට කිසිදු සාක්ෂියක් නැත මෙම භූගත ජනාවාස ගිනිකඳු පාෂාණ සිදුරුකර හැඩවැඩ දමා නිර්මාණය කර ඇත්තේ සතුරු ආක් රමණ කාලවලදී බේරි සිටීම සඳහා ය මෙම කලාපයට මානව ජනාවාස පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර විවිධ තර්ජනවලින් ජනයා ආරක්ෂා කිරීම සඳහා භූගත නගර රහස් නවාතැන් හෙවත් බංකර් ලෙස සේවය කළේය කෙසේ වෙතත් කැපඩෝසියාව cappadocia භූ කම්පන ක්රියාකාරී කලාපයක පිහිටා ඇති බව සඳහන් කිරීම වටී සමහරවිට මේ කලාපයේ මෙළෙක් යමහල් පාෂාණය යම් භූ කම්පන ශක්තියක් අවශෝෂණය කර ගත හැකි වුවද මෙම භූගත නගර නවීන භූ කම්පන ආරක්ෂණ ප් රමිතීන් අනුව නිර්මාණය කර ඇති බවක් සොයාගෙන නැත මෑත කාලීනව භූ කම්පන කලාපවල ගොඩනැගිලි භූ කම්පනවලදී ඒවායේ ආරක්ෂාව සඳහා නිශ්චිත භූමිකම්පා ප් රතිරෝධී ලක්ෂණ සහිතව නිර්මාණය කර ඇත cappadocia හි භූගත නගර ඒවායේ ඓතිහාසික වැදගත්කම සහ වාස්තුවිද් යාත්මක ආශ්චර්යයන් ලොවක් මවිත කර තිබේ වඩාත් ප් රසිද්ධ භූගත නගරවලින් එකක් වන්නේ ඩෙරින්කියු ය එය සියවස් ගණනාවකට පෙර මෙළෙක් ගිනිකඳු පාෂාණවලින් සැදුණු කඳුවැටිවල මනාව නිර්මාණය කරන ලද තට්ටු කීපයක් ඇති භූගත නගරයකි ගිනිකඳු පිපිරිම නිසා ඇතිවන ලාවා සහ අළු මිශ් ර වී සෑදෙන යමහල් පාෂාණ මෙළෙක්ය උපකරණවලින් සිදුරු කිරමට හා කැටයම් දැමීමට පුළුවන නගරය ආරක් ෂක අරමුණු සඳහා ඉදිකරන ලද බවට විශ්වාස කෙරෙන අතර දහස් ගණනක් පුරවැසියන්ට එහි නවාතැන් සලසා දී ඇත එයට විවිධ කුටි උමං මාර්ග ගබඩා කාමර සහ වාතාශ් ර සපයන මාර්ග ඇතුළත් වී තිබු අතර එහි ජල සැපයුම ජලාපවාහණය හා ආලෝකය සැපයීම ආහාරපාන සැපයීම අධ් යාපනය ආගමික කටයුතු සෞඛ් ය පහසුකම් ආදිය සිදු වුයේ කෙසේද යන්න තවමත් හරිහැටි හොයාගෙන නැත තුර්කියේ භූගත නගර ඉංජිනේරුමය ආශ්චර්යයන් පමණක් නොව කලාපයේ ඓතිහාසික හා සංස්කෘතික පොහොසත්කමට සාක්ෂිය සපයයි මෙම භූගත නගර ප් රාතිහාර්යයන් නොවුනද පොළෝ මට්ටමට යටින් විචිත් ර නිර්මාණයන් කිරීමේදී පුරාණ සමාජවල තිබු හැකියාවන් ගැන පුදුම නොවී සිටිය නොහැක ඉතින් මා පැමිණ සිටින්නේ මානව ශිෂ්ටාචාරය පිළිබඳ අලුතින්ම හදාරන්නට පුළුවන් කලාපයක ට ය ඒවායේ ඇවිද සියැසින් දැකබලාගත් තොරතුරු ඉදිරියේදී ලියමි මම මේ රට දකින්නේ ත් රී ඩිමෙන්ෂනල් රටක් ලෙසටය මිට වඩා දියුණු සාමකාමී රටවල් මම දකින්නේ ටූ ඩිමෙන්ෂනල් රටවල් හැටියටය posted by තිලකසිත at 10 46 am 21 comments email this blogthis share to twitter share to facebook share to pinterest sunday december 17 2023 උමංදාවේ දින සටහන් 1 source telegraph co uk 2023 සැප්තැම්බර් 20 අද අපේ කණ්ඩායමේ හිටි ජපන් ජාතික උපදේශකවරයා කිහිපවිටක්ම ටුනලින්ජයි කියන වචනය පාවිච්චි කළා ටුනලින්ජයි මෙහෙම කිව්වා ටුනලින්ජයි හදපු රිපෝර්ට් එක වගේ ඒවා කියද්දී මම අපේ ඉංගිරිසි මිතුරාගෙන් ඒ කියන්නේ කුමක්දැයි ඇහුවා ඔය කියන්නේ ටනලින් ගයි කියන එක අපිත් එක්ක සිටි උමං ඉංජිනේරුවා හැඳින්වීමට එහෙම කියන බව මට වැටහුනා බොහෝ ආසියාතුක උච්චරානවලදී ටනල් යන්න ටුනල් ලෙසත් බල්ගේරියා යන්න බුල්ගේරියා ලෙසතු ටර්කි යන්න තුර්කි ලෙසත් යොදනවා අපිත් බොහෝවිට එහෙමයි තුර්කි බසෙත් එහෙමයි ටුනල් කියන්නේ උමගට මේ වචන උඡ්ච්චාරන විදිහ නිසා ඉංග් රීසි බසෙන් කතාකරන කෙනෙක්ගේ වචනවලට වඩා ජපන් ජාතිකයන් සමග කරන කතා බහ තුර්කි ජාතිකයන්ට තෙර්නවා ජපන් ඉංග් රීසි උච්චාරණය මට නොතේරුනාට තුර්කි ජාතිකයන්ට තේරෙනවා මේ ප් රොජෙක්ට් එකේ කිලෝමීටර් බර ගානක් දුම්රිය උමං හදන්න තියෙන නිසා අපේ ටුනලින්ජයි වටිනා චරිතයක් ලෝ පුරා උමං හැදීමේ තාක්ෂනය පුදුමාකාර විදිහට වැඩි දියුණුවෙලා තියෙනවා අද වෙනකොට 2023 ඔක්තෝබර් 02 ලෝකේ ඕනිම වෙලාවක මිනිස්සු මිලියනයක් වගේ අහසේ ඉන්නවා කියල ගුවන් ගමන් ගැන උනන්දු මිනිස්සු කියනවා අහසේ ඉන්න ගානට අඩු වුනත් තව ලක්ෂ ගානක් ඕනිම වෙලාවක පොළව අභ් යන්තරයේ ඉන්නවා ඒ භූගත රේල්ලු බස් වෙනත් වාහන පතල් ආදියේ විතරක් නෙවෙයි භූගත නිවාසවලත් මිනිස්සු ජිවත් වෙනවා නැතිනම් ගමන් කරමින් හෝ තාවකාලික මෙහෙයුම්වල සිටිනවා ඒත් අනාගතේ ඔය ප් රවනතාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඒ කියන්නේ ලෝකේ ගමනාගමනය බොහෝ දුරට පොළව යටින් දිවෙන උමං මාර්ගවල වැඩිපුර සිද්ද වෙන්න ඉඩ තියෙනවා ඇලන් ඔය කතා කිව්වේ අපි හදන අන්තර් මහද්වීපික දුම්රිය පාරේ යෝජිත උමං කොටසක් ගැන රැස්වීමකට ගිහින් එන ගමං ඇමෙරිකාවත් යුරෝපයත් යා කරමින් මුහුදු යටින් ඉදි කරන්නට සංකල්පයක් වශයෙන් යෝජනා වී තිබෙන අන්තර් අත්ලන්තික උමග ගැනත් කතා වුනා මේක ඩොලර් ට් රිලියනයකටත් වඩා වියදම් වෙයි කියල හිතන වරින් වර කතා වෙන මාතෘකාවක් කිසිම රජයක් හෝ සංවිධානයක් නිල වශයෙන් එහෙම යෝජනා කළාදැයි දන ගන්නට නෑ හැබැයි ඉතින් එහෙම දේවල් වෙන්න බැරි කමකුත් නෑ 2023 ඔක්තෝබර් 20 තුර්කිය හා ඉස්තාන්බුල් නගරය උමං මාර්ග ගැන ප් රසිද්දයි ලෝකයේ දෙවැනි සබ්වේ එක හෙවත් භූගත දුම්රිය මාර්ගය හදල තියෙන්නේ තුර්කියේ බොස්පරස් සමුද් ර ඇළ මාර්ගය හරහා මුහුද ඇතුලෙන් යන උමං මාර්ග දෙකක් තියෙනවා යුරේසියානු උමග හා මාර්මරේයි උමග තමයි ඒවා ලක්නාවේ කොච්චිවල්ට නම්දානවා වගේ තුර්කියෙත් කෝච්චි පාරකට නමක් දල තියෙනවා ඒ තමයි මාමරේයි ඒ කියන්නේ මාමරේ මුහුද මැදින් යන කිරණය කියන එක කොහොම හරි අපටත් ඉදිරි අවුරුදුවල උමං හාරන්න තියෙනවා කිලෝමීටර් පහක් විතර දිග දුම්රිය ලයින් දෙකක් යන්නට පුළුවන් මේ උමගක් හැදීමේ ක් රමවේදය හා ආරක්ෂක උපක් රම අවුරදු ගණක ඉඳන් සැලසුම් කරනවා අර කිව්ව අන්තර මහද්වීපික උමං නෙවෙයි ගොඩ බිම ඉදිකරන කෙටි දුර උමං හැදීමේ ක් රම කීපයක් තියෙනවා උපකරණ හා කුඩා පිපිරීම් යොදාගෙන කරන පරණ පන්නයේ උමන් හෑරීමේ ක් රමය දැන් පාවිච්චි වෙන්නේ නැති තරම් 2023 නොවැම්බර් ටනල් හාරන්න පාවිච්චි කරන tbm හෙවත් ටනල් බෝරින් මැෂින් ගැන කතා කරද්දී මට හොඳට හුරුපුරුදු ටනල් බෝරින් මැෂින් ගැන කිව්වා මම කටාර්වලදී කිලෝමීටර් නමයක් දිග මයික් රෝ උමගක් හදන කටයුත්තකට සම්බන්ධ වුනා මේ කුඩා උමගේ විෂ්කම්භය මීටර් 2 4 යි ඒක යන්නේ පොලොව මට්ටමේ ඉඳන් මීටර් තිහක් පහලින් අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතරක් වහින කටාරයේ වැහි වතුර බැස යාමේ ස්වභාවික මාර්ග නෑ මේ වැස්ස කියන්නේ සුළු ගංවතුර තත්වයක් ඒ රටේ ගංගා නැති වුනත් ගංවතුර කියල තමයි කියන්න වෙන්නේ මේ වැහිවතුර එකතු කරන්න තමයි පොළව යටින් යන අර උමග හැදුවේ වැහි වතුර සේරම මාර්ග කීපයකින් එකතු කරලා තරමක් පහළ මට්ටමක තිබ්බ ජලාශයක පුරවනවා මේ පිරෙව්වට වතුර මුහුදට ගලාගෙන යන්නේ නෑ වියලිච්ච ගංගා මාර්ග හෝ නිම්න නැති නිසා ඉතින් සැලසුම වුනේ ගංවතුර ඒ ජලාශේ ඉඳන් මුහුදට පොම්ප කරන්න මේ ක් රමය අදටත් හොඳින් ක් රියාත්මක වෙනවා 2023 නොවැම්බර් 25 මම කලින් වතාවකුත් මතක් කරපු ලෝකේ දිගම උමගක් තමයි ඉංග් රීසි ඕඩය හරහා යන චැනල් ටනල් එක ඒක කිලෝමීටර් පනහක් දුරයි ප් රංශය පැත්තෙන් එක කණ්ඩායමක් හා එංගලන්තය පැත්තෙන් තවත් පිරිසක් හැරගෙන ආපු උමග මහා මුහුදු පතුලටත් යට තැනකදී හම්බවෙච්ච දවසේ විස්තර දන්නා යාලුවෙක් මට ඉන්නවා ඒ නිසා ඒ කතාව වෙනම සවිස්තරව ලියන්නම් 2015 අවුරුදේ අපි ලන්ඩන් නුවර ඉඳන් ඔය ටනලය දිගේ පැරිසියට ආව ඒ ගමන ගියේ අර කටාර්වල උමං හදන සමාගමේ මගෙත් එක්ක වැඩ කරපු මේදිස් එක්ක අපි ලන්ඩන්වල සතියක් විතර සිරි නරඹලා ඔය ටනල් එක හරහා පැරිසියට එනගමනට සූදානම් වුනා අපි ගත්ත සැර හා සැහැල්ලු බීම කොට කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා දැක්කේ ගමන පිටත් වෙන්න ලක ලැහැස්ති වෙන දවසේ උදේ ඉතින් යාළුවගේ යෝජනාව උනේ උදේම මේවයින් සප්පායම් වෙලා යමු කියන එක ගමන ගැන එක්සයිට් වෙලා හිටි මම කිව්වේ එහෙම කරන්න බෑ මේ උදේම අනික මේ වැදගත් ගමනක් යන්න හදන්නේ චැනල් ටනල් එක දිගේ මුහුද යටින් යන්නේ මේක කලාතුරකින් යන ගමනක් අපේ ජීවිතේටම ආයේ යන්න ලැබෙයිද දන්නේ නෑ කියල මොනව කිව්වත් මේදිස් ඇහුවේ නෑ හොඳ අඩි දෙක තුනක් ළඟ නැමුවා උදෙන්ම මම තරහෙන් පුපුරා පුපුරා මිනිහවත් ඇදගෙන සෙන්ට් පැන්ක් රස් දුම්රියපළට ටැක්සියෙන් ගිගින් පැරිස් යන කෝච්චියට නැග්ගා මේදිස් මුළු ගමනම නිදාගෙන ආවා මානව සංහතියේ සුවිශේෂ නිර්මාණයක් වන චැනල් ටනල් එක හරහා කිලෝමීටර් පණහේ දුර බීමතින් බුදියාගෙන ආ ඔහුට මගේ නොරිස්සුම පෙන්වන්න මම ඔහු සමග වැඩි කතා බහක්ට ගියේ නෑ පැරිස් ඉබිස් හෝටලේ ආලින්දයේ සිටියදී අසල පුටුවක හරි බරි ගැහිලා ඉඳ ගත්ත මේදිස් මෙහෙම ඇහුව දැන් ඔහේ මගෙත් එක්ක නොරොක් වෙලා ඉන්නේ අර කෝ ච්චි ගමනේදී බුදියගෙන හිටපු එකටද ඔය ටනල් එක යටින් එනකොට මොනවද දැක්කේ මොකුත් නෑ ඒත් පොළව ඇතුලට බහිද්දී ආපහු මතු වෙද්දී දැනිච්ච හැඟීම වචනවලින් කියන්න බෑ මම එහෙම කිව්වේ මේදිස්ට ඉරිසියා හිතෙන්නත් එක්ක බක බක ගාලා හිනා වෙච්ච මේදිස් කිව්වා ඔහේ පොලව යතින් යන ෆීලින් එක ගනිද්දී මම අහසේ පාවී පාවී නිදාගෙන ආවා ඔච්චරයි වෙනස එහෙම කියපු මේදිස් පැය භාගෙක විතර දේශනාවක් දුන්න චැනල් ටනල් එක ගැන ඒකෙ ඉතිහාසෙයි තාක්ෂනෙයි වියදමයි දේශපාලනෙයි ගැන මේ යකා මේවා කොහෙන් හොයා ගත්තද කියල මට හිතා ගන්න බැරි වුනා ලබන සතියේ මිනිස්සු දහස් ගණනක් වසර දහස් ගණනක් තිස්සේ ජිවත් වූ තුර්කියේ පොළව යට නගර ගැන මේදිස්ගේ ක් රමයට විස්තරයක් බලාපොරෝත්තු වන්න posted by තිලකසිත at 8 52 am 25 comments email this blogthis share to twitter share to facebook share to pinterest sunday december 10 2023 බිරියානි අකරතැබ්බය පි න්තුරවල තිබෙන්නේ මට රටවල් කිහිපයකින් ලැබූ තෑගිය ජපන් මිතුරා ගෙනා ජපන් රසකැවිලි පාර්සලයද එංගලන්ත ජාතික ඇලන් සිය බිරිඳගේ රටවන තායිවානයෙන් ගෙනා තේකොල පර්සලයද මගේ මේ නිවස පිරිසිදු කරන්නට කන්තෝරුවෙන් එවූ සේවකයන් මට තෑගි ලෙස ගෙනා තුර්කි තේ පෙට්ටියද වේ ඊට අමතරව ඔවුන්ට තෑගී දෙන්නට මම ගෙනා ලංකාවේ තේ පැකට් එකක්ද මෙහි තිබේ ඇලන්ගේ තේ පාර්සලය තෑගි දී ටික දවසක් වන අතර අද උදේ ඔහු කෝල් එකක් දී මට කිව්වේ අනේ තිලක් සමාවන්න අර තේ කොළ පාර්සලේ මම දීලා තියෙන්නේ ඔයා ඇරලා බැලුවද මම ඇත්තටම එය ඊයේ විවෘත කර බලන්නට සිතුනත් මොකක්දෝ නිසා එය බැරි විය තාමත් බැරි වුනා ඇලන් මම වරදකාරී ලෙස කිව්වෙමි එහෙනම් හොඳයි එහෙනම් හොඳයි අනේ තිලක් මෙහෙමනේ වෙලා තියෙන්නේ ඔය මම වැරදිලා ඔයාට දීලා තියෙන්නේ හාල් පැකට් එකක් ඒක විශේෂ පුංචි හාල් පැකට් එකක් තරහ නැතිව හෙට ගේන්න අපි මාරු කර ගනිමු ඇත්ත නේන්නම් මම ඔයාගේ තේ පාර්සලේ හිඩැසකින් හාල් වගේ දැක්ක අතටත් එහෙම දැනුණා ඒත් මම හිතුවේ ඒ අමුත...
|