Meta tags:
Headings (most frequently used words):
රටා, 2010, jul, 2011, pages, 22, jun, dec, oct, 27, aug, 12, තුන්පත්, ලියන, අපි, පරි, සොයන්නට, වියුණු, පෙළගැස්ම, විඳින, කලාකාමීන්, සක, පදවන, දන, සරතැස, නිවූ, කරත්ත, කවි, මයුරා, වන්නම, ළඳුන්, ලියූ, කුරුටු, ගී, මේවර, කෙළිය, ආශ්, රිත, සමාජීය, මතිමතාන්තර, දුප්පත්, කම, නිසයි, මම, පැල්, රකින්නේ, දුක්ගන්නාරාළලා, කියන්නේ, කාටද, සංදේශ, කාව්, යයන්, හි, සිංහල, නාට්, හා, නැටුම්, ගැන, ඇති, වර්ණනා,
Text of the page (most frequently used words):
කවි (38), ඇති (33), මේවරයා (25), කරත්ත (24), පල් (24), ලෙස (23), විය (22), විට (20), කවිය (19), තහර්ජිත් (19), පැල් (18), ගැන (16), සිය (16), සඳහා (15), රජතුමා (15), ගමන් (15), රටා (14), කරන (14), නම් (14), උඩරට (13), කලේ (13), මගේ (13), නැත (13), #තුන්පත් (12), අතර (12), වලට (12), නෑනෝ (12), නුඹේ (12), දරුවන් (12), දුටුවේ (12), පහත (11), දක්වා (10), ඔවුන් (10), මේවර (10), නැටුම් (9), සිට (9), සමහර (9), සිංහල (9), ජීවිතය (9), නිසා (9), ගියදෝ (9), එහි (8), ගන්නා (8), න්නේ (8), සිටින (8), යටතේ (8), රාජසිංහ (8), යනු (8), අනුව (8), ආයුධ (8), සැතපෙන (8), කරන්නට (8), ජනකවි (8), තුරා (8), අඹු (8), රවර්ගය (7), රතිචාර (7), ඉතා (7), නමුත් (7), වලින් (7), හරියට (7), ඔහු (7), වූයේ (7), සේවයේ (7), අපට (7), ස්ත් (7), ආරම්භ (7), භාවිත (7), කරත්තය (7), 2010 (6), සුභාෂ් (6), lishwish (6), ලියා (6), විසින් (6), එක් (6), මහතා (6), වතගොත (6), අපේ (6), හැකිය (6), රජු (6), පවා (6), සඳහන් (6), ගෙන (6), වෙනත් (6), සාමාන් (6), කෙනෙකු (6), රජතුමාගේ (6), වෙන (6), කාලය (6), ආරක්ෂා (6), හෙවත් (6), අතීත (6), කතා (6), ගිය (6), දෙවියන් (6), වඩින (6), එකම (6), ගත්තක (6), ජනයා (6), ගොන් (6), අපි (5), කාව් (5), අතීතයේ (5), නිසාවෙන් (5), ඇත්තේ (5), කියන (5), තමා (5), වන් (5), රන් (5), පත් (5), රජතුමාට (5), අප්පුහාමි (5), භාවිතා (5), යන්න (5), යටත් (5), වෙයි (5), ගත් (5), සහල් (5), තිබේ (5), කටයුතු (5), හැකි (5), වශයෙන් (5), ජාම (5), දුග්ගන්නාරාළවරු (5), එහෙත් (5), තුල (5), පිළිබඳ (5), කන්ද (5), වූවා (5), දෙනවා (5), දනී (5), වන්නේ (5), හේනේ (5), බවත් (5), රීඩා (5), කෙළිය (5), ගොසින් (5), ඉහත (5), ජිගත (5), කතරගම (5), තින (5), ගුණවර්ධන (4), කරගෙන (4), තරම් (4), ඉදිරිපත් (4), ලිපි (4), දෙවි (4), පොතේ (4), න්දී (4), මිණි (4), යැයි (4), ම්ලා (4), රායා (4), දිය (4), ලිව්වේ (4), මහතාගේ (4), පමණක් (4), නමින් (4), එසේම (4), දෙවන (4), දෙන (4), රාත් (4), වේලාව (4), යයෙන් (4), අතපත්තු (4), එයට (4), ආවුද (4), අවස්ථා (4), ගෙයි (4), පවතින (4), ඉන් (4), සිටි (4), නිසයි (4), යන්නේ (4), බවයි (4), ඔවුන්ගේ (4), ඒවා (4), ගණන (4), බොහෝවිට (4), තවත් (4), කුඹුරේ (4), හොඳ (4), මොකද (4), මහිම (4), මෙදා (4), පැලේ (4), බැන්දා (4), බැඳලා (4), දුප්පත් (4), යුතුය (4), ගොවියාගේ (4), එසේ (4), රැකීම (4), කවියෙන් (4), මහාචාර්ය (4), අලුත් (4), කන්දේ (4), මෙලෙස (4), දේවා (4), මහමත (4), කැටපත් (4), තරිකිට (4), මයුරා (4), කවියේ (4), ලිහමු (4), නැන්දගේ (4), වත්තේ (4), නැතිව (4), තණ්ඩලේ (4), අදින්නට (4), 2011 (3), ආගන්තුකයා (3), stranger (3), සංදේශ (3), බවට (3), කතිකා (3), තිබෙනවා (3), හැකියි (3), කෙසේ (3), කරන්න (3), නාට් (3), ආකාරය (3), රචනා (3), පමනක් (3), රැවු (3), ලිය (3), පෙති (3), තබා (3), සිත් (3), බැලුම් (3), මෙසේ (3), යෙදී (3), වැදගත් (3), රජුට (3), නිලමේ (3), වලදී (3), අවැසි (3), අවස්ථාවල (3), රජගෙදර (3), පමණ (3), නගර (3), අසල (3), නියුතු (3), නිසාම (3), ජාමය (3), පැයට (3), කුමන්ත් (3), දුග්ගන්නාරාළ (3), වෙනුවට (3), වුණා (3), දෙන්න (3), කිරීමට (3), වටා (3), අප්පුහාමිලාගේ (3), දුක්ගන්නාරාළලා (3), පවත්වා (3), ගැනීම (3), බලා (3), දෛනික (3), කියන්නේ (3), හෙළ (3), වළල්ලා (3), නුග (3), ලොකු (3), කාලේ (3), වෙලා (3), දුක් (3), අතු (3), පැල (3), වෙනවා (3), කැලේ (3), කපා (3), පැසෙන්නේ (3), කරන්නේ (3), රකින්නේ (3), පන්නා (3), පැල්කවි (3), කිව (3), ගොවියා (3), තමාගේ (3), වගාවට (3), කුඹුරු (3), නෙලන (3), නොව (3), ඔහුගේ (3), හේන් (3), ගැනීමට (3), යුතු (3), හැක (3), රකාශන (3), පැහැදිලි (3), අදහසක් (3), ගතවන (3), කවියක් (3), කැලෑ (3), පොත් (3), ලිපිය (3), වැඩ (3), ජාතික (3), ජනශ් (3), රැති (3), විද් (3), යාව (3), නන්දසේන (3), රත්නපාල (3), ගැමි (3), සමාජ (3), දැයි (3), අන්දමට (3), මෙය (3), අවසාන (3), වළල්ල (3), කොට (3), කරයි (3), පිළිබඳව (3), යෙදෙන (3), බවය (3), ඇතැයි (3), සම්ප් (3), ආශ් (3), ගායනා (3), ණිදලු (3), ඇස් (3), මෙම (3), කුංතක (3), වාහන (3), තනෙන (3), තිනෙන (3), තොරතුරු (3), ලෙසය (3), දක්කනවා (3), පාලම (3), කවියට (3), ගොනා (3), බුලත් (3), විඳින (2), december (2), july (2), පදවන (2), සරතැස (2), නිවූ (2), පරි (2), posts (2), home (2), ගීත (2), මුල් (2), බවක් (2), මති (2), මතාන්තර (2), පසු (2), ලිපියකින් (2), විශේෂයෙන් (2), සඳහන්ව (2), යුතුයි (2), කියා (2), දෙව් (2), පද් (2), බැව් (2), සේදරමන් (2), කලාව (2), කරවන (2), යොදා (2), වර්ණනා (2), සමා (2), කන් (2), නෙත් (2), සිරි (2), ඉසි (2), ඇදි (2), සිතු (2), ලායා (2), අසන (2), උදු (2), රඟන (2), මලින් (2), නිවායේ (2), මත් (2), තුනු (2), සුදු (2), සෙත (2), පොත (2), jul (2), ජනප් (2), රවාද (2), පිටු (2), සේවය (2), දුග්ගන්නාරාලවරුන්ට (2), විශේෂිත (2), නාමයකි (2), උසස් (2), පළමුවන (2), සිටියදී (2), යවහාර (2), නමයි (2), අයුරින් (2), ගෞරව (2), නාමය (2), විටෙක (2), නොවීය (2), හැමවිටම (2), නිලධාරීන් (2), පුලුවන් (2), ඇතැම් (2), ලැබුවේ (2), කලාතුරකිනි (2), ආකාරයෙන් (2), විවිධ (2), වරප් (2), රසාද (2), සේවයට (2), පැමිණි (2), කෙනෙකුට (2), හැඳින්නුවේ (2), බරක් (2), හුන්ඩු (2), හැටකි (2), මිටවල් (2), ගණන් (2), තවද (2), ලදී (2), වකවානු (2), දිනපතා (2), දලදා (2), මල්වතු (2), අස්ගිරි (2), නිතරම (2), පිරිවරා (2), මුහන්දිරම් (2), අමතරව (2), ලේකම් (2), තැනක (2), අයත් (2), තිබූ (2), අවි (2), මාලිගය (2), වගකීම (2), වැනි (2), රාජ් (2), වෙනස් (2), භාවිතය (2), පාන්දර (2), අටවැනි (2), පැය (2), බෙදා (2), රිය (2), හැඬවේ (2), ගන්නේ (2), ගණ්ඨාව (2), දුග්ගන්නාරාළලා (2), ජීවිත (2), එවිට (2), වුනා (2), කරුවන්ගේ (2), අතින් (2), කන්නට (2), සමඟ (2), රජවරු (2), යොදාගත් (2), වික් (2), නිතර (2), මුරපොල (2), වැඩකටයුතු (2), වන්නට (2), යෙදුනු (2), සම්බන්ධ (2), සහිත (2), නැහැ (2), එනම් (2), අප්පුහාමිලා (2), නියමිත (2), රජුදවස (2), සේවා (2), කණ්ඩායමක් (2), නොවන (2), ශබ්ද (2), නිරත (2), රචිත (2), උපුටා (2), රුක්මනී (2), අරන්ගල්ල (2), මහත්මිය (2), පැලේයා (2), කිරල (2), රජුන්ටයි (2), කරපු (2), පොල් (2), සමඟින් (2), ගෝමර (2), කිරි (2), සිව්පද (2), කියමු (2), තිබෙන (2), මුදුනින් (2), කුරුල්ලනේ (2), බාන (2), ගල් (2), කුඹුර (2), පුරා (2), වැට (2), නොවෙද (2), දුම්බර (2), කෙතේ (2), බලන (2), රැක්මෙන (2), දෙවියනේ (2), වෙලෙ (2), බත් (2), බුදින්නේ (2), දුක්දෙන (2), අලි (2), ඇතුන් (2), හරින්නේ (2), ලස්සන (2), හිමවතේ (2), කිසියම් (2), අමතක (2), සුසුම් (2), අව් (2), යාජ (2), ලබා (2), සරුසාර (2), ලබයි (2), ආරක්ෂාව (2), පැලයි (2), හෙනේ (2), ලැබෙන (2), ගොවියාට (2), දැකිය (2), ගොවිතැන (2), අවශ් (2), සතුන්ගෙන් (2), වගාව (2), අකාරයට (2), යම් (2), රකාශ (2), හැඳින්වේ (2), කියැවෙන (2), පාළුව (2), කාන්සිය (2), සිතට (2), තකා (2), වෙසෙමින් (2), ගතිය (2), කියයි (2), පිලිතුරු (2), මැද (2), ගිනි (2), සතුන් (2), පුර (2), බැඳි (2), සටහන් (2), අප්ඩේට් (2), ගෙනාපු (2), ගන්න (2), ගෙදර (2), ලංකාවේ (2), ඩබ් (2), ආර් (2), සෝමරත්න (2), ගීය (2), සරත් (2), විජේවර්ධන (2), නැතිවී (2), ලබන (2), මේවරය (2), වලල්ල (2), කැරකැවෙමින් (2), ගොසිල්ලා (2), ගොස් (2), කොටනා (2), කඩනා (2), සාර (2), සදිසි (2), පේර (2), කොස් (2), විමසයි (2), පාදක (2), නොහොත් (2), යෙහෙළියන් (2), දෙන්නේ (2), සැක (2), ස්වාමි (2), සේවකයා (2), වැදී (2), විසින්ද (2), ලැබේ (2), මෙහෙවර (2), දැක්වේ (2), පවසන්නේ (2), නැතිවූ (2), රිතව (2), මතිමතාන්තර (2), විශේෂ (2), වර්තමානයේදී (2), හිතූ (2), කාලයේදී (2), ඔබට (2), කඩවල (2), සීගිරිය (2), කුරුටු (2), එකල (2), පහල (2), සෙලු (2), කාන්තාවන් (2), ඔබේ (2), තරඟ (2), සීගිරි (2), මුතු (2), වැලක් (2), 152 (2), වැල (2), බතී (2), යන්නට (2), අදාල (2), කරමි (2), පවුරට (2), රින් (2), පරිදි (2), තහර් (2), ජිත් (2), ජිංගත (2), කුංදං (2), කුඳං (2), කුං (2), කුකුඳන් (2), දොංතක (2), පන්සල් (2), දේවාල (2), ඇසුරින් (2), වන්නම (2), පිට (2), ගොඩගේ (2), රකාශකයෝ (2), 1996 (2), පැතිකඩක් (2), මොරතොට (2), ඉතාම (2), කමට (2), හපුතලේ (2), දැකලා (2), දනවා (2), ගෙජ්ජි (2), කරේ (2), කටුකැලේ (2), ගාල (2), නොලිහා (2), ගොනෝ (2), ඇදපන් (2), හපුතල් (2), යනවා (2), දෙපොලේ (2), ලෙසිනේ (2), දුටිමි (2), කපලා (2), පදවාගෙන (2), ගමන (2), කරුවෙකු (2), ගැලක (2), වුව (2), ගොනුන් (2), ඇද්දා (2), මාදුරු (2), කරත්තයයි (2), තරුණ (2), හොරණ (2), රිස්ස (2), යන්නා (2), සිදුවෙයි (2), සිතුවිලි (2), ගොනාට (2), කන්නේ (2), නැවතී (2), වැඩි (2), සමාන (2), හිමි (2), කරුවා (2), අනික් (2), ආඳනු (2), විඩාව (2), කෙමෙන් (2), අභාවයට (2), skip (2), copyright, කලාකාමීන්, 2009, january, february, march, april, may, august, october, june, වියුණු, පෙළගැස්ම, සොයන්නට, හෂිත, අබේවර්ධන, නිල්මනි, නදීෂා, ලියන, subscribe, atom, older, රාවණාකාල, පැවත, ලාංකේය, කලාවට, බෞද්ධාගමේ, අභාෂය, එක්තරා, මට්ටමකට, සීමා, මායිම්, වටුනු, නච්ච, වාදිත, විසූක, දස්සන, මාලා, ගන්ධ, විලේපන, ධාරණ, මණ්ඩන, විභූසනාඨානා, වේරමණී, සික්ඛා, පදං, සමාදියාමී, සිල්පදය, ගොඩ, නැගී, අනුමානය, බිඳ, දමන්න, රභල, කාරනා, කාලයේ, හිටපු, පඬිවරු, විසින්ම, කරනා, බලාපොරොත්තුවෙන්, ලිපියෙන්, ඉදිරි, කීපයකින්, මාතෘකාවෙන්, යන්, මාලාවක්, තැබිය, සිතුනා, ගම්පල, යුගයේදී, ගුරුළුගෝමීන්ගේ, මුනුපුරෙකු, කවීෂ්වර, මයුර, සංදේශය, යයේ, කැළනියෙහි, විභීෂණ, මැදුරෙහි, දිවිනුවර, උපුල්වන්, මදුරෙහි, රඟපාන, විස්තර, අඩංගුව, කැළණියේ, යයක්, ඇසුරු, කලාවේ, රභවය, සංවර්ධනය, කොටසේ, ලොබින්, බලමින්, එපුරෙහි, වෙසෙස, නළඟනන්, රජගෙට, පිවිස, රැඟුම්, පුද, අනතුරුව, එවි, කෙකාසන්, කැරැ, මැදට, බැස, දෙවිනුවර, පිලිබඳව, අර්ථය, උද්දීප්තිමත්, විරිත්, ශබ්දාලංකාර, මැනවින්, ලියවුනු, චමත්කාරජනක, හෙබි, මලා, කීපයක්ම, කෙවිලි, රන්ලිය, වදලැ, ගීයට, නමා, මෙසවු, නොමැ, දුටු, විරු, නළඹුවන්, මඬලැ, යොමා, ඇඟි, කරතලි, නුදු, පුල්, මල්, තුරු, දිලි, නුඹ, තියෙ, ලෙළ, දුන්සන්, සුරඟන, ලනු, බැරි, නොම, උපුලා, ලෙළුම, තුලායා, බැමලා, බමවා, එකලා, බැලුම, සලායා, සිතැලා, බැද, ලකළ, රුවන්, ලෙළෙන, අතමැ, කියුලිය, සුරු, රිසියැ, යුග, බිතු, කරැ, රිසි, තොස, වයන්නන්, පෙදෙයි, අඟින්නන්, රඟන්නන්, සුරන්, සිතෙ, මෙවන්, නුවන්, ලෙවන්, කුම්, කිය, දුන්න, ගත්තේ, ගත්තේය, කුහුල්, මියුල්, දෙන්, නෙතෙව්, බැලු, කමල්, වතුන්, මතින්, නැගු, ළහෝ, නොපෑතුල්, පතුල්, ලෙලු, දනන්, රැඟු, සරින්, හිවා, ලෙසිනි, විදුලිය, අයුරු, පත්ල, බිමැ, නොපටු, වඩිති, දඟනක, බසැ, පැණ, තනනා, තිස, විලසින්, දැනුයෙන්, දුන්, ඇලුම්, කරණ, කතක, එරඟ, පැළඳි, සවණ, නිල්, උපු, නෙතට, පැරැදි, සෙයින්, සුර, අඟන, වටනා, රඟනා, නළඹු, සීලය, රසයින්, නොතෑ, වේතුට, මේතුට, දුටුව, සදෙව්, පිරි, කුළුණු, සිසිලෙන්, සිලි, ලිඳු, බඳු, ගිමන්, වන්නව, රදු, රුදු, සිරිඳු, යෙදූ, ඇසුර, යයන්, නුවරඑළියේ, හේමපාල, සිංහලයේ, නායකයෝ, තෙන්නකෝන්, විමලානන්ද, කැරැල්ල, තුන්වන, කාණ්ඩය, අංක, 227, 229, 325, මූලය, නොවුවද, පහතරට, ගොවිගම, කුලයේ, පැලැන්තියක්, සංඥානාමයකි, හොඳම, උදාහරණය, විමලධර්මසූරිය, රාජවංශිකයෙකු, නොවූ, කතෝලික, ආගම, වැළඳ, පෘතුගීසි, දොන්, ජුවන්, රදේශ, රාජපාක්ෂිකයන්, නාමයක්, වශයෙනි, දුග්ගන්නාරාලවරු, කිසි, රජුර, කනිටු, නිලදාරියෙකුට, මහජනතාව, හඳුන්වන්නට, මාලිගයේ, පැවති, රාජකීය, උත්සව, බිසෝවරුන්, අදිකාරම, වරු, පසුකොට, පෙරරු, ගන්නට, තමන්ගේ, ගම්බිම්, බදු, නොගෙවා, සිටින්න්ට, ඉඩකඩම්, ලබාදී, තිබිණ, සියල්ලන්ට, පොදුවූ, කත්හාල්, රාජකාරියෙන්, නිදහස්, වරදකර, දඬුවම්, ලබාදුන්, දුග්ගන්නාරාළකෙනෙකුට, රවේණි, ගම්වරයක්, දුන්නේය, කීරිති, රජතුමාරාජ, වයෝවෘධ, දුග්ගන්නරාළ, මිය, තෙක්, අඩුම, කුඩුම, සපයන්, නියෝග, දුග්ගන්නරාල, කෙනෙක්ට, රමාණ, හාල්බර, නමිනි, හාල්, 8කි, හුන්ඩුවක්, ගන්නාලදී, වීරපරාක්, නරේන්ද්, රසිංහ, රජුගෙන, වසර, පෞද්ගලික, යෙදිය, අවසර, රමයට, රියට, හතරකට, බෙදුනි, කාල, අනුසාරයේ, රාජකාරි, පණහත්, හැටත්, හැඟවූ, ගණ්ඨා, නාදය, මයිල, හතරක්, ඈතට, ඇසුනේය, හැඬවීම, සේවකයන්ට, මෙන්ම, වාසීන්ට, සුභ, මුහුරත්, වෙලාව, දැනගනීමට, හැකිවිය, රජටුහ්මා, වැඳීමට, පැමිණියේ, වෙනි, ජාමයට, භික්ෂූන්, තේවාවන්, දැනගත්තේද, අනුවය, නගරයෙන්, පිටගියේ, හිමිවරු, බැහැ, දකින්නට, ගියේ, දුග්ගන්නාරාළවරුද, සහභාගි, රජමාලිගයේ, කාර්යංශයන්, මෙන්, මුරපොලත්, පාලනය, කංකානම, මණ්ඩපය, තැම්පත්, ගබඩාවයි, මෙයට, 100, දෙනෙකු, පාළනය, පිහිටා, තිබී, ගබඩාව, ලේඛනයක්, ලේකම, වරයා, ඉල්ලන, විටදී, ලබාදීම, වූවන්ගේ, රජුගේ, නොබැඳී, පිරිසිදුව, සිටීම, යතාන්ත්, රික, ලබාදීමත්, රජුවටා, රැකසිටීමත්, ආවුදමඩුවේ, දුහ්හන්නාරාළවරුන්ගේ, කාර්යයභාර්යය, වීය, පාවිච්චි, වඩා, පෙනුමින්, රාජදණ්ඩන, දරුණු, වරදවල්, උදේ, නවවෙනි, මධ්, යහනය, 5වෙනි, මද්දහනේ, 7වෙනි, තෙවන, පැයේ, 15වෙනි, සිවුවන, ජාමයයි, දවසේ, දැක්වීමේදී, දහවල, 4කටද, 4කට, අටක්, මෙසේය, හඬවනයුරු, විරුද්ධව, රජවරුන්ගේ, ඉතිහාසයේ, කියැවෙනවා, වෙනුවෙන්, නිල්ලඹේ, නුවර, එතුමාට, කුමත්, රණයක්, අඹන්වෙල, රාළ, එහිදී, හොර, රහසේම, මාළිගාවට, ඇතුළු, මූලික, අරමුණ, ගෙයිදීම, මරාදැමීමට, අවස්ථාවේ, අලුවිහාරේ, වනිගසේකට, මුදියන්සේ, පරපුරට, රජතුම, සයනයේ, වැතිර, හිඳ, රණකරුවන්, මැරුම්, පිරිවර, හඟුරන්කෙතට, පලා, ගියා, ජාතීන්, හමුවනවා, රමරාජසිංහ, නියුක්ත, කරතිබූ, අඩුකලා, සේවකයන්, දැක්, අවිශ්වාසය, යොදාගත්තේ, ජාතීන්වයි, පිළිමතලව්වේගේ, මෙහෙයවීමෙන්, රණයකට, මුහුණ, එහිදීත්, දිවි, බේරී, නිසායි, රටතුල, ගැටලුකාරි, තත්වය, හිසේ, ආතතියක්, හරවාගේ, මිදීම, ඉක්මවා, මීවිතෙන්, සප්පායම්, රජතුමාව, මරන්නට, බලවනතරාළ, මුහන්දිරම්ව, අල්ලාගනු, සැතපෙනගෙයි, පෙනී, ජරු, සිටිමින්, රජුව, සැදී, පැහැදී, සිටින්, තපත්තු, මඩුව, පිහිටියේ, ගෙදරට, නුදුරුවයි, කාර්යය, වරුන්ගේ, ඇරඹීම, නිමාව, පිණිස, දැක්වීමයි, පැතැටියකට, දැක්වීම, ගෙඩි, හැඬවීමයි, කැපකල, සිංහලය, රාජධානියේ, පුද්ගලික, සේවකයෝ, නැතිනම්, රාජ, පුරුෂයෝ, හඳුන්, සම්මත, පවුල්, පසුබිම්, තෝරාගන්නට, සිවිල්, සමාජයේ, ආමන්ත්, රණය, ඔවුන්ගෙන්, බලාපොරොත්තුවූ, රධානම, රාජපාක්ෂික, භාවයයි, හේතුව, රධානතම, අංශ, තුනක්, මණ්ඩපේ, කොටස්, තුන, නියම, නිදන, කුටිය, ගොඩනැගිල්ලයි, නිශ්චිතවම, කියන්නට, හැමදෙනාට, රාමාණික, සංඛ්, යාවක්, සිටියේ, රාජාධිරාජසිංහ, 42ක්, කීර්ති, 160ක්, විජයරාජසිංහ, 170ක්, පළමුවැනි, 81ක්, දවස, 48ක්, වෙනස, යෙදුනේ, බරඳය, මුර, රමයකට, යටත්වයි, රමය, කාණ්ඩ, පැවරී, තිබුනේ, වගකීමක්, ඇතිවයි, ඉදිරිපිට, අතදැරූ, කාර්ය, නින්දට, බාධා, අවට, ඇතිවා, නතර, වගබලා, ගැනීමයි, හදිසියේ, අඬගැසූ, ඇවැසිදේ, සපයන්නට, සූදානම්, තිබුණේලු, විදියට, විශේෂත්වයක්, සියල්ලම, රක්ත, පැහැති, මුකවාඩමින්, සැරසී, සිටීමයි, නිශ්ෂබ්ධතාවය, පොරොත්තු, සිතිය, දුක්ගන්නාරාලලා, සැරසුනේ, නිල, ඇඳුමින්, රතු, මුඛවාඩමෙනුත්, ධවල, වර්ණිත, වේට්ටියකින්, සමන්විත, තිබුණා, නායකයා, පැවරීමට, වාර්තා, තැබීමට, වරයෙකු, අධීක්ෂණය, කංකානම්, වරුයි, ඉලුක්කොලේ, මහත්තයා, කාටද, http, thisbluemarble, com, showthread, php, 18407, pic, taken, from, පොතෙන්, කලොත්, ඇදගෙන, යයි, කැලේයා, නොකර, නැගපන්, ගොයි, ගඳට, එයි, ඌරෝ, රැලේයා, හිඹුටු, වැල්, කවුරුත්, වරෙල්ලා, පෑදී, දියට, බොර, දියරක්, වැඳ, ගත්තෙමි, සරණ, කියන්ටයි, මිහිකත්, අනග, යුදයෙන්, කඩු, දිනන්ටයි, වසන, සක්, අරළු, රාළේ, කියන්, තෝරාලා, සිටන්, පුරුදුයි, ලැගලා, විඳිමු, පෙර, අකුසල්, අපලා, කියමි, පැලට, කල්, රෙදි, වැරලි, ඉණවට, දවටාලා, නැති, රටේ, පුළුටක්, කාලා, පොත්තක්, රොටියක්, උයාලා, මැකේ, පරව, පොද, වැස්සට, තෙමේ, වෙල, පාළු, ලියක, ඉසීලා, මලක, පිපීලා, පැලක, කොල, සොයාලා, වෙලක, පැසීලා, පොටෙත්, අලියා, බැට, අප්පුට, බිත්තර, විහ, මිතුරේ, අමුණම, වනසනවා, පනාමුරේ, ඇත්, රංචුව, ඉරුගල, අඳුරින්, ගිරගින්, ඉරු, යලේ, නොකරන්, පුංචි, කටින්, කුරු, තලන්නේ, බානෙන්, ගැසුවත්, නොයන්නේ, රෑනෙන්, රෑන, ඉගිලෙන, අඩුවා, අටුව, සීත, කකා, ලැග්ගා, පැදුර, කැත්ත, ලොව්තුරා, බුදුන්, කවදද, දකින්නේ, සෙනසුර, වැහිපල, නුදුන්නේ, මල්වරා, නොවේද, කිරිවැද, කල්බලා, ගොවිතැන්, නෙලුම්, රටාවයි, බොලඳ, ලියන්, ඔසවා, මහවැලි, ගඟේ, බඳලා, කෙතට, ගිලුම්, රැකුම්, ඉසුරෙන්, පිරෙන, සැම, සිව්, හෙළයෙන්, තරු, අතරින්, හිරු, ගිරි, කියවා, ඒවායේ, විඳගැනීමට, උත්සුක, වන්න, කියැවී, කර්මාන්ථයක, රැකියාවක, අයවලුන්, බවද, නොකල, විහිදී, ජනතාවගේ, ජීව, වේදනාවන්, යථාර්ථවාදී, කිරීම, හේතුකොට, නිර්මාණවල, සැබා, ජීවන, සුවඳක්, හමා, අතුරෙන්, හිමිවන්නේ, තැනක්, ගුවනේ, පාකර, හැරීමෙන්, සතුටක්, සැහැල්ලුවක්, අතරම, ආරාක්ෂිත, හේනෙන්, අස්වැන්නක්, පිලිබඳ, පැතුම්, මුදුන්, පත්වීමෙන්, ජීවිතයට, ජීවනයක්, වැස්සෙන්, පින්නෙන්, ස්ථානය, සැදි, ඔහුත්, වගාවත්, රැකදෙන, කේන්ද්, රස්ථානය, වගා, පූදින, නැතහොත්, වැදෙන, ගොයමට, තුලිනි, අස්වැන්න, ලංවෙත්ම, පෞලේ, සෙසු, සාමාජිකයන්ටත්, පලේ, සිදුවෙන, දැකගත, වෙතත්, අභිමතාර්ථ, සාධනයට, ඉවහල්, සාධකය, එමඟින්, සියළු, අභිලාෂයන්, ඉටු, ගැනීමේ, පුලුවන්කම, සම්බන්ධයෙන්ද, උදා, වනාන්තර, යාබදව, කෙරෙන, හානිකර, පොදුවේ, දෙකටම, සාධකයක්, හැඳින්විය, විනෝද, රියාවක්, වගාකරන, පලදාවක්, පෙනෙන, සිත, සතුටින්, පිරීයන, කවියා, තරතිරම, වටපිටාව, පෑමට, හැකිවී, නිහතමානී, සවභාවය, වැටහෙයි, දරිද්, රතාවය, රකින, නොරැක, කුඹුරෙන්, අපේක්ෂිත, ආදාලම, නොලැබිය, හොඳින්, පැසී, සුන්දරත්වයෙන්, වැඩී, ආකාරයක, රාර්ථනා, ඉටුවීමක්, පිලිබඳවද, අයුරුද, පෙනේ, ආකාරයට, යාය, දිගින්, දිගටම, මඟහැරී, සහනයක්, සවියක්, දැනෙයි, සතුන්ගේ, පැමිනීමද, වැළකෙයි, රැකවරණය, එළඹී, කලය, නිදිමත, දැනෙන්න, පටන්, ගනී, මුළු, පරිසරයේම, පාලු, පළවා, හරිමින්, ඇසෙත්ම, අල්ලපු, හේනෙහි, පැලෙහි, තැනැත්තාද, පැළවී, කිරිවැදී, හානි, අවම, රූස්ස, ගසක, තනන, හේන, රැක, ගැනීමෙහි, වෙති, තනා, ගැසූ, මලයේ, එලියෙන්, හේනට, ඇදී, දකින, ඔවුහු, නොයෙක්, ඝෝෂා, උන්, දමති, ගොවියෝ, ජනවාරි, මාසයේ, දමා, වියලී, මාර්තු, මාසයේදී, පාලොස්වක්, පොහොයට, පසුව, එලැඹෙන, මාසේ, පෝයත්, පුළුස්සා, හේන්වල, කුරක්කන්, ධාන්, වපුරති, බෝග, වර්ග, සිටුවති, රමානයෙන්, කුඩා, විශාල, වටිනාකමකින්, පින්චෙන්, ගත්තු, ලිපියක්, කීපයක්, අදහස්, කලා, බ්ලොග්, කියලා, රැසක්, පරහා, සොයා, තියෙන, අපහසුවයි, දැන්, 3යි, 20යි, හවස, නිමාවෙලා, ආපු, පොඩි, නින්දක්, දාපු, ඔන්න, ඇහැරිලා, ඉඳගෙන, ලංකාවෙන්, aug, මූලයන්, ජනක්, ඇම්, සේනාරත්න, කිරීමේ, යාතුකර්මයක්, ඇතිවී, මතුවූ, හානිය, හරවා, අස්වසා, සමාජයටම, ආපසු, ස්ථාපිත, කිරීමෙන්, institution, ඇබැද්දියක්, තුමා, මතයක්, පලකර, එතුමාගේ, මතයට, ඇබැද්දියෙන්, මින්, ඇඟවෙන්නේ, රීන්, අසම්මත, හැසිරීම, ඇතිවූ, එකක, හුවා, තනිවම, කැලෑවේ, වතුර, හේනක, ලිංගික, රදේශය, වසා, පළඳිනු, යාතුකර්ම, පළඳනාවක්, ඇගේ, රීකඩය, සම්බන්ධවන, රන්ථය, හරහා, ඉඟියක්, මතුකර, කතුන්ගේ, මනිමේඛලාදාමය, විප්ලවීය, කරගත්, පක්ෂයට, සමඟම, පාගා, අයද, නැමේ, දෙපසම, පොර, බදිති, ලැබෙන්නේ, අත්පත්, ගැයුම, වෙත්ම, කෙනා, ඔට්ටුයි, කියමින්, නැමෙයි, ලිඳට, අදිනා, වටේ, ගාගෙන, නෑමට, නාන, තැනේදී, අලවතු, කොටන, පොලන, අඹරණ, මුංවතු, මුං, කහවතු, වතු, නෙලනා, විශේෂයක්, රශ්ණ, පාගාගෙන, පොදියක්, සැදෙත්, අයෙක්, දෙදෙනෙක්, පොදිය, රීඩිකාවන්, කිහිප, දෙනෙක්, තැනකට, පස්, සඟවති, එතැන, දකුනු, කකුල්, මිතුරියන්, එවැන්නක්, නොදුටු, මිතුරියෝ, පුන, පුනා, පවසයි, රියකගේ, වලල්ලක්, නැතිවිය, කවර, තැනකදී, නොදනී, සෙවීමට, උත්සහ, දරයි, රීඩාව, වළල්ලක්, මතය, වටකුරු, නැමති, නිසාත්, 1957, යෙදුන, නැමැති, පිළිතුරකි, දුව, ඔහුඇය, දුටුවේදැයි, යෙහෙළියන්ගෙන, අසයි, විමසන, හැම, වරෙකම, කොතැනකදී, සමූහයක්, ගයනු, රදායයි, අමතන, සැකසී, ගායනයේදී, දුවගේ, කොටස, අයෙකු, පිළිතුර, සකසාගෙන, නිවසේසේවකයෙකු, නැතිවීමෙන්, අසල්වැසි, අමතා, පදය, උච්ඡාරණයේ, පහසුව, ලෙසට, නොදුටුව, කෙනෙකුගේ, ආභරණයක්, අයෙකුගෙන්, තැනැත්තා, තැනැත්තිය, ගන්වෙන, පැවසේ, පුරාණ, කර්ණාභරණයක්, කියැවේ, වලගියදෝ, කියැවෙන්නේ, මෙහෙකරුවා, කැලයට, ගියාදෝ, යන්නකැයි, අරුත්, තැනෙක, අතුරුදන්, මෙහෙකරුවෙකු, සොයනාකාරයක්, රීඩාවක්, විවිධාප්, රකාර, රීඩාවේ, පමණින්ම, බැඳී, ස්ථානයක්, හිමිව, ඉහල, ස්ථානයක, වැජඹෙන, කෙළියේදී, වීමට, අවාසනාවන්ත, තාලයන්, කර්තෘ, අඥාත, වීමේ, පාපය, කරණකොටගෙන, බොල්, හරසුන්, ජාමේ, බේරාගන්නට, පසුගිය, මතක, ගීයක, යටගියාව, එසේනම්, මීඩියා, හින්දු, අවුරුද්දට, තාලයට, ගැයෙනාවිට, සිතෙන්නේ, කුමක්ද, නිසැකවම, අලංකාර, ජනගීයක්, මැවෙනු, oct, රිත, සමාජීය, කාන්තා, දායකත්වය, එව්වේ, පරණවිතානයන්, කියනා, ලියන්ද, ස්වාමියාගේ, බොහෝ, වංශවත්, පවුල්වල, සිදුවී, පුද්ගලයාගේ, පලමු, විවාහක, අන්, අවිවාහක, බවටද, උපකල්නයකට, එලඹිය, මෙයය, කාන්තාවෝද, පවුරේ, කවිලියා, මහනෙල්, ගැවසුන, වරලස, ඇස්කොන්, බැල්මද, මිහිදඹු, මහනෙලබර, වරල, ගෙල, හුණු, පිහිරල, රසන්, ඇදිනි, මෙබැලුම, වෙනක, නුයුනග, මුව, රූමතියන්, කෝපය, ඇතිකරවයි, ඒතරම්, රූමත්ය, රූපයට, මහමත්, අම්බු, දෙවාමි, මෙසි, නැගි, බෙයන්ද්හි, ලොරැසි, යොවනක්, මැයි, අති, බැලුමැ, සෙපත, අපහය, 681, සෙවි, කලී, 247, මිහිදී, සෙත්, 400, නාල්, 543, දයාල්
Text of the page (random words):
ුන්ගේ ලිංගික ප් රදේශය වසා පළඳිනු ලබන යාතුකර්ම පළඳනාවක් වන මෙය ඇගේ ස්ත් රීකඩය හා සම්බන්ධවන එකක ලෙස එහි හුවා දක්වා ඇත මෙය නැතිවී ඇත්තේ තනිවම කැලෑවේ වතුර ඇති තැනක හේනක ගොසින් සිටින විට ය මින් ඇඟවෙන්නේ එම ස්ත් රීන් සමාජ අසම්මත අන්දමට හැසිරීම නිසා ඇතිවූ ඇබැද්දියක් දැයි මහාචාර්ය තුමා අලුත් මතයක් පලකර තිබේ එතුමාගේ මතයට අනුව ඒ ඇබැද්දියෙන් මතුවූ සමාජ හානිය මඟ හරවා ඇය අස්වසා සමාජයටම ආපසු ස්ථාපිත කිරීමෙන් re institution සටහන් කිරීමේ යාතුකර්මයක් ලෙස මේවර කෙළිය ඇතිවී තිබෙන බවයි මූලයන් ලංකාවේ ජනක් රීඩා පී ඇම් සේනාරත්න මහතා සිංහල ජාතික ක් රීඩා ඩබ් ආර් සෝමරත්න මහතා ජනශ් රැති විද් යාව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ගැමි ගීය සරත් විජේවර්ධන ලිව්වේ lishwish 5 ක් ප් රතිචාර දක්වා ඇත ප් රවර්ගය lishwish අපේ වතගොත ජන ක් රීඩා ජන ගී ජන ජීවිතය ජන නැටුම් ජනප් රවාද හෙළ ජනකවි දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ පළ කලේ තුන්පත් රටා හරියට ම 4 22 pm aug 12 2010 මේ බ්ලොග් එක අප්ඩේට් කරන්න කියලා ගෙනාපු පොත් රැසක් අපි ලඟ තිබෙනවා නමුත් නිතර අප්ඩේට් නොවන එකම පරහා වේලාව සොයා ගන්න තියෙන අපහසුවයි දැන් වේලාව පාන්දර 3යි 20යි හවස වැඩ නිමාවෙලා ගෙදර ආපු ගමන් පොඩි නින්දක් දාපු නිසා ඔන්න අද මහ රෑ ඇහැරිලා ඉඳගෙන ලංකාවෙන් ගෙනාපු රුක්මනී අරන්ගල්ල මහත්මිය රචනා කරපු ජන කවි කියන ප් රමානයෙන් කුඩා නමුත් විශාල වටිනාකමකින් යුතු පොත් පින්චෙන් උපුටා ගත්තු ලිපියක් හා ඒ ලිපිය හා බැඳි කවි කීපයක් සටහන් කරන්න අදහස් කලා පැල්කවි ගොවියෝ ජනවාරි මාසයේ කැලෑ කපා දමා ඒවා වියලී ගිය විට මාර්තු මාසයේදී කැලෑ ගිනි තබා පුර පාලොස්වක් පොහොයට පසුව එලැඹෙන මාසේ පෝයත් අතර කාලය තුල එසේ පුළුස්සා ගත් හේන්වල කුරක්කන් වැනි ධාන් ය වපුරති වෙනත් බෝග වර්ග සිටුවති ඒවා පැළවී කිරිවැදී එන කාලය වන විට සතුන්ගෙන් වන හානි අවම කර ගැනීම සඳහා හේනේ මැද රූස්ස ගසක තනන ලඳ පැලේ වෙසෙමින් හේන රැක බලා ගැනීමෙහි නිරත වෙති පැල තනා ගත් ගස යට ගැසූ ගිනි මලයේ එලියෙන් හේනට ඇදී එන සතුන් දකින ඔවුහු නොයෙක් ශබ්ද ඝෝෂා පවත්වා උන් පන්නා දමති රාත් රිය එළඹී කලය ගතවන විට පාළුව කාන්සිය නිදිමත ගතිය දැනෙන්න පටන් ගනී එවිට ඔහු මුළු පරිසරයේම පාලු ගතිය පළවා හරිමින් කවියක් කියයි ඒ කවිය ඇසෙත්ම අල්ලපු හේනෙහි පැලෙහි සිටින තැනැත්තාද එයට පිලිතුරු වශයෙන් කවියක් කියයි මේ ආකාරයට හේන් යාය පුරා දිගින් දිගටම කවි කියැවෙන විට පාළුව කාන්සිය මඟහැරී සිතට සහනයක් හා සවියක් දැනෙයි සතුන්ගේ පැමිනීමද වැළකෙයි මේ අකාරයට හේනේ හෝ කුඹුරේ රැකවරණය තකා පැලේ වෙසෙමින් කියන ලද මේ කවි පැල් කවි නමින් හැඳින්වේ ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන දෙවියනේ වෙලෙ බත් බුදින්නේ දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ මේ කවියෙන් ජන කවියා තමාගේ තරතිරම වටපිටාව ඉතා පැහැදිලි ලෙස අව් යාජ ලෙස කියා පෑමට හැකිවී ඇති නිහතමානී සවභාවය අපට වැටහෙයි තමාගේ දරිද් රතාවය නිසා තමා පැල් රකින බවත් එසේ පැල් නොරැක කුඹුරෙන් අපේක්ෂිත ආදාලම නොලැබිය හැකි බවත් ඔහු හොඳින් දනී පැසී එන කුඹුරේ සුන්දරත්වයෙන් ඔද වැඩී ගිය ගොවියා තුල කිසියම් ආකාරයක ප් රාර්ථනා ඉටුවීමක් පිලිබඳවද යම් අදහසක් ප් රකාශ කරන අයුරුද පෙනේ මේ අකාරයට පැල් රැකීම විනෝද ක් රියාවක් නොවීය වගාකරන ලද හේනේ සරුසාර පලදාවක් ලැබෙන වග පෙනෙන විට ගොවියාගේ සිත සතුටින් පිරීයන බව ඔහුගේ ප් රකාශන වලින් අපට පැහැදිලි වෙයි හේන් ගොවිතැන පමනක් නොව කුඹුරු ගොවිතැන සම්බන්ධයෙන්ද සමහර විට පැල් රැකීම අවශ් ය වන අවස්ථා උදා වෙයි ඝන වනාන්තර යාබදව කෙරෙන වී වගාවට හානිකර සතුන්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීමට ගොවියාට පැල් රැකීම කල යුතු වෙයි පොදුවේ හේන් වගාව වී වගාව දෙකටම අවශ් ය සාධකයක් ලෙස පැල් රැකීම හැඳින්විය හැක සමහර විට හේනේ හෝ කුඹුරු අස්වැන්න නෙලන කාලය ලංවෙත්ම ගොවියාට පමනක් නොව පෞලේ සෙසු සාමාජිකයන්ටත් හෙනේ පලේ කාලය ගත කරන්නට සිදුවෙන අවස්ථා දැකගත හැකිය කෙසේ වෙතත් හේනේ පැල ගොවියාගේ අභිමතාර්ථ සාධනයට ඉවහල් වන එකම සාධකය වෙයි එමඟින් ඔහුගේ සියළු අභිලාෂයන් ඉටු කර ගැනීමේ පුලුවන්කම දැකිය හැකිය ගොවියාගේ ජීවිතය ආරක්ෂා වන්නේ හෙනේ වගා කරන ලද කුඹුරේ පූදින නැතහොත් කිරි වැදෙන ගොයමට වගාවට ලැබෙන ආරක්ෂාව තුලිනි එසේ වගාවට ආරක්ෂාව ලබා දෙන ගොවියා වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන ස්ථානය ගස උඩ සැදි පැලයි ඔහුත් වගාවත් රැකදෙන එකම කේන්ද් රස්ථානය එසේ බලන කල එම පැලයි ඒ පැලේ සිට ගොවියා තමාගේ සිය ජීවිතය හා සම්බන්ධ දුක් සුසුම් ගුවනේ පාකර හැරීමෙන් සතුටක් සැහැල්ලුවක් ලබා ගන්නා අතරම ආරාක්ෂිත හේනෙන් සරුසාර අස්වැන්නක් පිලිබඳ පැතුම් මුදුන් පත්වීමෙන් ගොවියාගේ ජීවිතයට නව ජීවනයක් ලබයි පැල් කවි වලින් විහිදී ඇත්තේ දුක් විඳින ජනතාවගේ සෝ සුසුම් හා ජීව වේදනාවන් බව කිව යුතුය ඒවා අව් යාජ ලෙස හා යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කිරීම හේතුකොට ගෙන එම කාව් ය නිර්මාණවල සැබා ජීවන සුවඳක් හමා යන බව කිව යුතුය ඒ නිසා ජනකවි අතුරෙන් පැල්කවි වලට හිමිවන්නේ ඉතා වැදගත් තැනක් බව ද කිව යුතුය නිතරම ජනකවි කියැවී ඇත්තේ කිසියම් කර්මාන්ථයක රැකියාවක යෙදුනු අයවලුන් විසින් බවද අප අමතක නොකල යුතුයි පහත සඳහන් පැල්කවි කියවා ඒවායේ රස විඳගැනීමට උත්සුක වන්න ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන දෙවියනේ වෙලෙ බත් බුදින්නේ දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ හිරු දෙවියන් ගිරි මුදුනින් වඩින තුරා සඳ දෙවියන් තරු අතරින් වඩින තුරා සැම දෙවියන් සිව් හෙළයෙන් වඩින තුරා සිව්පද කියමු රට ඉසුරෙන් පිරෙන තුරා දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම් මහවැලි ගඟේ දිය බඳලා කෙතට ගිලුම් බොලඳ ලියන් කර ඔසවා බලන බැලුම් තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම් කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ මල්වරා නොවේද කිරිවැද පැසෙන්නේ සෙනසුර නොවෙද වැහිපල නුදුන්නේ ලොව්තුරා බුදුන් කවදද දකින්නේ කැලේ කපා වැට බැන්දා කැත්ත දනී කුඹුර පුරා දිය බැන්දා කුඹුර දනී සීත කකා පැල් ලැග්ගා පැදුර දනී මෙදා පැලේ වී අඩුවා අටුව දනී රෑනෙන් රෑන උඩ ඉගිලෙන කුරුල්ලනේ බානෙන් බාන ගල් ගැසුවත් නොයන්නේ පුංචි කටින් කුරු වී ඇට තලන්නේ මෙදා යලේ ණය නොකරන් කුරුල්ලනේ ඉරු දෙවියන් ඉර මුදුනින් වඩින තුරා සඳ දෙවියන් සඳ ගිරගින් වඩින තුරා ගණ දෙවියන් ගණ අඳුරින් වඩින තුරා සිව්පද කියමු අපි ඉරුගල තිබෙන තුරා පනාමුරේ ඇත් රංචුව ලං වෙනවා විහ මිතුරේ වී අමුණම වනසනවා කිරි අප්පුට බිත්තර වී ණය වෙනවා මෙදා පොටෙත් අලියා මට බැට දෙනවා වෙලක මහිම බල මා වී පැසීලා පැලක මහිම බල බට කොල සොයාලා මලක මහිම බල අතු අග පිපීලා ලියක මහිම බල ගෝමර ඉසීලා වෙල හොඳ මොකද යල මහ පාළු වේ නම් පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම් මල හොඳ මොකද අතු අග පරව යේ නම් ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම් පැල් පොත්තක් යට ඉඳ රොටියක් උයාලා පොල් නැති රටේ පුළුටක් සමඟින් කාලා කල් ගිය රෙදි වැරලි ඉණවට දවටාලා පැල් කවි කියමි මම මේ පැලට වෙලා පෙර කාලේ කරපු අකුසල් වල අපලා මම කාලේ විඳිමු දුක් පැ ල් වලට වෙලා රජ කාලේ සිටන් පුරුදුයි පැල් ලැගලා ලොකු රාළේ කියන් පැල් කවි තෝරාලා නුග පත් නුග අරළු නුග බෝ රජුන්ටයි එම පත් දෙවි වසන සක් දෙවි රජුන්ටයි මිහිකත් අනග යුදයෙන් කඩු දිනන්ටයි වැඳ ගත්තෙමි සරණ පැල් කවි කියන්ටයි ඉර වර වර ඉර වර වර වළල්ලා සඳ අර වර ඉර වර වර වළල්ලා පෑදී දියට බොර දියරක් වළල්ලා පැල් කවි කියන අය කවුරුත් වරෙල්ලා කිරල හිඹුටු වැල් කුඹුරේ පැලේයා කිරල ගඳට එයි ඌරෝ රැලේයා කතා නොකර නැගපන් ගොයි පැලේයා කතා කලොත් ඇදගෙන යයි කැලේයා උපුටා ගැනීම රුක්මනී අරන්ගල්ල මහත්මිය විසින් රචිත ජන කවි නම් පොතෙන් ලිව්වේ සුභාෂ් pic taken from http thisbluemarble com showthread php t 18407 4 ක් ප් රතිචාර දක්වා ඇත ප් රවර්ගය අපේ වතගොත ජන ගී ජන ජීවිතය සුභාෂ් ගුණවර්ධන හෙළ ජනකවි දුක්ගන්නාරාළලා කියන්නේ කාටද පළ කලේ තුන්පත් රටා හරියට ම 2 46 am අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින් ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් අප්පුහාමි යන නමයි උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක මහත්තයා නිලමේ යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත් රණය කරන්නට වුනා රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප් රධානම දේ රාජපාක්ෂික භාවයයි මේ හේතුව නිසාම රජ මාලිගය ට සම්බන්ධ ප් රධානතම අංශ තුනක් වූ සැතපෙන ගේ රන් ආවුද මණ්ඩපේ සහ අතපත්තු මුරපොල යන කොටස් තුන ඔවුන්ගේ සේවයට නියම වූ ඒවා වූවා සැතපෙන ගේ යනු රජතුමාගේ නිදන කුටිය සහිත ගොඩනැගිල්ලයි රජවරු හා සිටි දුක්ගන්නාරාළලා නිශ්චිතවම මේ යැයි කියන්නට තරම් හැමදෙනාට ම එක ප් රාමාණික සංඛ් යාවක් සිටියේ නැහැ එනම් අප්පුහාමිලා ගණන නියමිත නැහැ රාජාධිරාජසිංහ රජුදවස සිටි සැතපෙන ගේ අප්පුහාමිලා ගණන 42ක් කීර්ති ශ් රී රාජසිංහ රජුදවස ඒ ගණන 160ක් වූවා ශ් රී විජයරාජසිංහ රජතුමා යටතේ සිටි ගණන 170ක් පළමුවැනි රාජසිංහ යටතේ 81ක් ශ් රී වික් රම රාජසිංහ රජු දවස 48ක් ලෙස වෙනස වන්නට වුණා ඔවුන් සේවයේ යෙදුනේ රජු සැතපෙන ගෙයි බරඳය වටා වූ මුර ක් රමයකට යටත්වයි මේ සේවා ක් රමය කාණ්ඩ වශයෙන් පැවරී තිබුනේ වගකීමක් ඇතිවයි බොහෝවිට සැතපෙන ගෙයි ඉදිරිපිට ඉලුක්කොලේ නම් ආයුධ අතදැරූ කණ්ඩායමක් වූවා ඔවුන්ගේ කාර්ය ය වූයේ රජතුමාගේ නින්දට බාධා නොවන ලෙස අවට ඇතිවා ශබ්ද නතර කිරීමට වගබලා ගැනීමයි තවත් කණ්ඩායමක් රජු හදිසියේ අඬගැසූ විට රජුට ඇවැසිදේ සපයන්නට සූදානම් කර තිබුණේලු මේ විදියට සේවයේ නිරත වෙන අප්පුහාමිලාගේ විශේෂත්වයක් වූයේ ඔවුන් සියල්ලම රක්ත පැහැති මුකවාඩමින් සැරසී සිටීමයි ඉන් සමහර විට අප්පුහාමිලාගේ නිශ්ෂබ්ධතාවය පවත්වා ගැනීම බලා පොරොත්තු වූවා යැයි සිතිය හැකියි හැමවිටම සැතපෙන ගෙයි සේවයේ නියුතු දුක්ගන්නාරාලලා සැරසුනේ නියමිත නිල ඇඳුමින් ඒය රතු මුඛවාඩමෙනුත් ධවල වර්ණිත වේට්ටියකින් සමන්විත වී තිබුණා නායකයා ලෙස ඔවුන් අතර මුහන්දිරම් කෙනෙකු සේවයේ යෙදී ඇති අතර වැඩකටයුතු පැවරීමට හා දෛනික වාර්තා තැබීමට ලේකම් වරයෙකු ද විය ඔවුන්ගේ අධීක්ෂණය කලේ කංකානම් වරුයි රජතුමාට සිය ජීවිතය කැපකල දුග්ගන්නාරාළලා රජතුමාට විරුද්ධව සමහර වකවානු වලදී දුග්ගන්නාරාළලා නිසා රජවරුන්ගේ ජීවිත පවා ආරක්ෂා වූ අවස්ථා ගැන ඉතිහාසයේ කියැවෙනවා එවිට ඔවුන් රජු වෙනුවෙන් තම දෙවන රාජසිංහ රජතුමා නිල්ලඹේ නුවර සිටියදී එතුමාට කුමත් රණයක් අඹන්වෙල රාළ යටතේ ඇති වුනා එහිදී හොර රහසේම රජ මාළිගාවට ඇතුළු වූ කුමන්ත් රණ කරුවන්ගේ මූලික අරමුණ වූයේ රජතුමා සැතපෙන ගෙයිදීම මරාදැමීමට යි ඒ අවස්ථාවේ අලුවිහාරේ වනිගසේකට මුදියන්සේ පරපුරට අයත් දුග්ගන්නාරාළ කෙනෙකු රජතුම වෙනුවට සයනයේ වැතිර හිඳ කුමන්ත් රණකරුවන් අතින් මැරුම් කන්නට වුණා දෙවන රාජසිංහ රජතුමා සිය පිරිවර සමඟ හඟුරන්කෙතට පලා ගියා එහෙත් සමහර රජවරු දුග්ගන්නාරාළවරු ලෙස වෙනත් ජාතීන් යොදාගත් අවස්ථා අපට හමුවනවා ශ් රී වික් රමරාජසිංහ රජතුමා සිය සැතපෙන ගෙයි සේවයේ නියුක්ත කරතිබූ දුග්ගන්නාරාළවරු 48 දක්වා අඩුකලා ඒ සිංහල සේවකයන් පිළිබඳ ඔහු දැක් වූ තද අවිශ්වාසය නිසාවෙන් ඒ වෙනුවට ඔහු යොදාගත්තේ වෙනත් ජාතීන්වයි ඒ නමුත් රජතුමාට පිළිමතලව්වේගේ මෙහෙයවීමෙන් වූ රාජ් ය කුමන්ත් රණයකට මුහුණ දෙන්න වුණා එහිදීත් රජතුමාගේ දිවි බේරී ඇත්තේ දුග්ගන්නාරාළ කෙනෙකු සිට ඇති නිසායි රටතුල පවතින ගැටලුකාරි තත්වය සිය හිසේ ආතතියක් බවට හරවාගේ ඉන් මිදීම සඳහා පමණ ඉක්මවා මීවිතෙන් සප්පායම් වී සිට රාජසිංහ රජතුමාව මරන්නට පැමිණි බලවනතරාළ හා ජා මුහන්දිරම්ව ද අල්ලාගනු ලැබුවේ රජතුමාගේ සැතපෙනගෙයි සිටි දුග්ගන්නාරාළ කෙනෙකු නිසයි මේ නිසා පෙනී යන්නේ රජතුමා ආරක්ෂා කිරීමට නිතර ම දුග්ගන්නාරාළවරු ජරු වටා සිටිමින් රජුව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින් බවයි අතපත්තු මුරපොල හෙවත් තපත්තු මඩුව පිහිටියේ රජ ගෙදරට නුදුරුවයි ඔවුන්ගේ කාර්යය වූයේ රජගෙදර සේවයේ නියුතු අප්පුහාමිලාගේ හා වෙනත් නිලමේ වරුන්ගේ සේවය ඇරඹීම හා එහි නිමාව පිණිස වේලාව දැක්වීමයි එය කලේ පැතැටියකට අනුව කාලය දැක්වීම ට ගණ්ඨාව හෝ මිණි ගෙඩි හැඬවීමයි ගණ්ඨාව හඬවනයුරු හා ජාම දවසේ කාලය බෙදා දැක්වීමේදී සාමාන් යයෙන් දහවල ජාම 4කටද රාත් රිය ජාම 4කට ද බෙදා නම අටක් වශයෙන් හැඬවේ එම ජාම ගණන් ගන්නේ මෙසේය උදේ පාන්දර සිට අටවැනි සිංහල පැය පළමුවන ජාමය නවවෙනි පැය සිට මධ් යහනය 5වෙනි පැයට දෙවන ජාමය මද්දහනේ සිට 7වෙනි පැයට තෙවන ජාමය යි අටවැනි පැයේ සිට 15වෙනි පැයට සිවුවන ජාමයයි මේ අනුව සිංහල ක් රමයට පය හැටකි මේ අනුව රාත් රියට ද 8 7 7 8 වශයෙන් ජාම හතරකට බෙදුනි මේ කාල වකවානු අනුසාරයේ රාජකාරි කල දුග්ගන්නාරාළවරු පණහත් හැටත් අතර විය ඔවුන් දිනපතා හැඟවූ ගණ්ඨා නාදය රජගෙදර සිට මයිල හතරක් පමණ ඈතට ඇසුනේය මේ හැඬවීම නිසා රජගෙදර සේවකයන්ට මෙන්ම නගර වාසීන්ට වෙනත් කටයුතු සඳහා සුභ මුහුරත් සඳහා වෙලාව දැනගනීමට හැකිවිය රජටුහ්මා දිනපතා දලදා වැඳීමට පැමිණියේ 4 වෙනි ජාමයට ය එසේම මල්වතු අස්ගිරි භික්ෂූන් දලදා තේවාවන් සඳහා වේලාව දැනගත්තේද මේ අනුවය සාමාන් යයෙන් රජතුමා නගරයෙන් පිටගියේ කලාතුරකිනි එහෙත් නිතරම රජතුමා මල්වතු අස්ගිරි හිමිවරු බැහැ දකින්නට ගියේ ය මේ ගමන් වලට රජතුමා පිරිවරා දුග්ගන්නාරාළවරුද සහභාගි විය රජමාලිගයේ වෙනත් කාර්යංශයන් මෙන් අතපත්තු මුරපොලත් අතපත්තු මුහන්දිරම් කෙනෙකු යටතේ පාලනය විය ඊට අමතරව එයට ලේකම් කෙනෙකු හා කංකානම තැනක ද අයත් විය රන් ආවුද මණ්ඩපය යනු රජතුමාගේ ආවුද තැම්පත් කර තිබූ අවි ගබඩාවයි මෙයට දුග්ගන්නාරාළවරු 100 දෙනෙකු පමණ යටතේ පාළනය විය මාලිගය අසල පිහිටා තිබී ඇති මේ ගබඩාව තුල ඇති ආයුධ පිළිබඳ ලේඛනයක් එහි ලේකම වරයා යටතේ ඇති අතර රජු ඉල්ලන විටදී ඒ ආයුධ ලබාදීම එහි සේවයේ නියුතු වූවන්ගේ වගකීම විය විශේෂයෙන් රජුගේ අවි ආයුධ මල නොබැඳී පිරිසිදුව තබා ගෙන සිටීම වැනි වගකීම ද ඒ අතර විය රාජ් යතාන්ත් රික කටයුතු වලදී රජුට අවැසි ආයුධ ලබාදීමත් ආයුධ පිරිවරා රජුවටා රැකසිටීමත් රන් ආවුදමඩුවේ සිටින දුහ්හන්නාරාළවරුන්ගේ කාර්යයභාර්යය වීය රජතුමා පාවිච්චි කරන ආයුධ වෙන ආයුධ වලට වඩා පෙනුමින් ද වෙනස් විය මේ නිසාම මේ ආවුද භාවිතය රාජදණ්ඩන වලට යටත් විය හැකි තරම් දරුණු වරදවල් විය වරප් රසාද දුග්ගන්නාරාලවරු කිසි විටෙක රජුර කනිටු නිලදාරියෙකුට යටත් නොවීය හැමවිටම හේ රජුට පමණක් යටත් විය මේ නිසාවෙන් ම ඔවුන් ව මහජනතාව නිලමේ යන නමින් හඳුන්වන්නට විය එසේම මාලිගයේ පැවති රාජකීය උත්සව වලදී බිසෝවරුන් හා අදිකාරම වරු පසුකොට රජු පෙරරු කරගෙන ගමන් ගන්නට මේ නිලධාරීන් ට පුලුවන් විය ඇතැම් විට තමන්ගේ ගම්බිම් සඳහා රජතුමාට බදු නොගෙවා සිටින්න්ට පුලුවන් විය ඉඩකඩම් ලබාදී තිබිණ උඩරට සියල්ලන්ට පොදුවූ කත්හාල් රාජකාරියෙන් පවා ඔවුන් නිදහස් විය කල වරදකර දඬුවම් පවා ලැබුවේ කලාතුරකිනි මේ ආකාරයෙන් රජතුමා දුග්ගන්නාරාලවරුන්ට ලබාදුන් විවිධ වරප් රසාද ගැන මෙසේ සඳහන් වෙයි දෙවන රාජසිංහ රජතුමා තමා සිත් ගත් දුග්ගන්නාරාළකෙනෙකුට ප් රවේණි ගම්වරයක් දුන්නේය කීරිති ශ් රී රාජසිංහ රජතුමාරාජ සේවයට පැමිණි වයෝවෘධ දුග්ගන්නරාළ කෙනෙකුට මිය යන තෙක් ම සහල් සහ අඩුම කුඩුම සපයන් ලෙස නියෝග කර තිබේ දුග්ගන්නරාල කෙනෙක්ට අවැසි සහල් ප් රමාණ හැඳින්නුවේ හාල්බර නමිනි හාල් බරක් යනු හුන්ඩු හැටකි 60 හුන්ඩු කට සහල් මිටවල් 8කි සමහර අවස්ථාවල දී සහල් මිටවල් 10 ද සහල් හුන්ඩුවක් ලෙස ගණන් ගන්නාලදී තවද වීරපරාක් රම නරේන්ද් රසිංහ රජතුමා රජුගෙන වසර ගෙන සිය පෞද්ගලික කටයුතු වල පවා යෙදිය හැකි ලෙස අවසර දෙන ලදී අප්පුහාමි නාමය මෙසේ උඩරට රජතුමාට සේවය කල දුග්ගන්නාරාලවරුන්ට විශේෂිත වූ නාමයකි අප්පුහාමි යන නම මේ නම අද උඩරට භාවිතා නොවුවද පහතරට සිටින ගොවිගම කුලයේ උසස් පැලැන්තියක් සඳහා යෙදී සංඥානාමයකි ඊට හොඳම උදාහරණය පළමුවන විමලධර්මසූරිය රජතුමා ලෙස ගත හැකිය රාජවංශිකයෙකු නොවූ ඔහු කතෝලික ආගම වැළඳ පෘතුගීසි යටතේ සිටියදී ව් යවහාර කල නම වූයේ දොන් ජුවන් අප්පුහාමි යන නමයි මේ අයුරින් පහත රට ප් රදේශ වල ව් යවහාර වූ අප්පුහාමි යන්න වැදගත් අය භාවිතා කල ගෞරව නාමයකි එය උඩරට භාවිතා වූයේ රාජපාක්ෂිකයන් සඳහා වූ ගෞරව නාමයක් වශයෙනි ලිව්වේ lishwish මූලය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල තුන්වන කාණ්ඩය පිටු අංක 227 229 325 නුවරඑළියේ හේමපාල මහතාගේ ත් රි සිංහලයේ නායකයෝ 10 ක් ප් රතිචාර දක්වා ඇත ප් රවර්ගය lishwish අපේ වතගොත උඩරට වතගොත ජන ජීවිතය ජනප් රවාද සංදේශ කාව් යයන් හි සිංහල නාට් ය හා නැටුම් ගැන ඇති වර්ණනා පළ කලේ තුන්පත් රටා හරියට ම 1 39 am jul 2 2010 ඉතා ඈත රාවණාකාල අතීතයේ සිට පැවත එන ලාංකේය කලාවට බෞද්ධාගමේ අභාෂය නිසාවෙන් එක්තරා මට්ටමකට සීමා මායිම් වටුනු බවට සමහර අය අතර කතිකා තිබෙනවා නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනාඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමී යන සිල්පදය මුල් කරගෙන මේ කතිකා ගොඩ නැගී ඇති බවක් අනුමානය කල හැකියි කෙසේ නමුත් ඒ මති මතාන්තර බිඳ දමන්න තරම් ප් රභල කාරනා ඒ කාලයේ හිටපු පඬිවරු විසින්ම ඉදිරිපත් කර තිබෙනවා ඒ කතිකා මති මතාන්තර හා කරනා පසු ලිපියකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් අද ලිපියෙන් හා ඉදිරි ලිපි කීපයකින් විශේෂයෙන් මේ මාතෘකාවෙන් අතීතයේ සංදේශ කාව් යන් හි සිංහල නාට් යය ගැන සඳහන්ව ඇති ආකාරය ගැන ලිපි මාලාවක් ලියා තැබිය යුතුයි කියා සිතුනා ගම්පල යුගයේදී ගුරුළුගෝමීන්ගේ මුනුපුරෙකු වූ කවීෂ්වර විසින් රචනා කරන ලද මයුර සංදේශය කාව් යයේ කැළනියෙහි විභීෂණ දෙව් මැදුරෙහි හා දිවිනුවර උපුල්වන් දෙවි මදුරෙහි රඟපාන ලද නැටුම් විස්තර අඩංගුව ඇත එහි කැළණියේ නැටුම් ගැන ඇත්තේ එක් පද් යයක් පමනක් බැව් මා මේ ලිපි සඳහා ඇසුරු කර ගන්නා ජේ ඊ සේදරමන් මහතා ගේ උඩරට නැටුම් කලාව පොතේ උඩරට නාට් ය කලාවේ ප් රභවය හා සංවර්ධනය නම් කොටසේ දක්වා ඇත නො ල ගී ලොබින් බලමින් එපුරෙහි වෙසෙස අ න ගී නළඟනන් සහ රජගෙට පිවිස ක ළ ගී රැඟුම් පුද අනතුරුව එවි ගස ය ස ගී කෙකාසන් කැරැ සබ මැදට බැස දෙවිනුවර නැටුම් පිලිබඳව අර්ථය උද්දීප්තිමත් කරවන සිංහල විරිත් හා ශබ්දාලංකාර මැනවින් යොදා ලියවුනු චමත්කාරජනක වර්ණනා වලින් හෙබි පද් ය මලා කීපයක්ම ඇති බැව් ඒ පොතේ සඳහන්ව ඇත නි ල ව කෙවිලි රන්ලිය වදලැ රැවු සමා ලෙ ල ව කියන ලිය ලිය ගීයට කන් නමා ලො ල ව මෙසවු රූ නොමැ දුටු විරු තමා බ ල ව නළඹුවන් රඟ මඬලැ නෙත් යොමා ර ත ක ම ලේ පෙති සිරි ඇති ඇඟි ලී ලෙ ළ එ ක ලේ කල කරතලි නුදු ලී ර ඟ ම ඬ ලේ ඉසි පුල් මල් ඇදි ලී පැ හැ න ව ලේ තුරු දිලි නුඹ තියෙ ලී ස සො බා ලෙළ ...
|