Meta tags:
Headings (most frequently used words):
labels, 2021, walaspathiවලස්පතිගේ, අඩවිය, total, pageviews, saturday, may, friday, march, 26, kaluheeneti, blogspot, com, බලන්න, followers, blog, archive, about, me, රසායනික, පොහොර, පිළිබඳ, ප්, රශ්නය, දෙපැත්තෙන්, හාරා, ගෙන, යනවා, පොළොව, මැද, දී, එකට, මුණගැසුණාම, පාටි, දානවා,
Text of the page (most frequently used words):
පොහොර (50), #රසායනික (30), උමං (24), ගෙන (21), ඉදි (18), කිලෝමීටර් (17), සඳහා (15), උමගය (14), විදුලි (14), පුවත් (13), නම් (13), පමණ (13), සිහිල් (12), නිම්නය (12), ඒවා (12), තිබේ (12), ඉහළ (12), පතල් (12), කාබනික (12), වගා (12), මැණික් (11), පොළොව (11), දිග (11), කිරීම (11), ඇති (10), සිට (10), රටේ (10), මිනිරන් (10), ඇත්තේ (10), මාධ් (9), විය (9), තරම් (9), පිළිකා (9), පෙර (8), පිට (8), labels (8), අනුව (8), කෙරුණු (8), වැඩ (8), එහි (8), වසරේ (8), ආදී (8), යුතු (8), කුකුළේ (8), වැඩි (8), හෘද (8), රැව් (7), පිළිරැව් (7), කතා (7), may (7), march (7), february (7), december (7), november (7), october (7), උමග (7), එයින් (7), එහෙත් (7), යන්ත් (7), පසුව (7), දෝනාව (7), කරන්නට (7), නිසා (7), කෘෂි (7), 2005 (7), පොත් (6), සාහිත් (6), කලා (6), සියොත් (6), රාව (6), වෙද (6), හෙදකම් (6), අඩවියේ (6), ලියැද්ද (6), මළුව (6), දවස (6), පිළිසඳර (6), වීදිය (6), තේමා (6), සටහන (6), ජනරැල්ලේ (6), විත්ති (6), උරුමය (6), ආදි (6), මානව (6), කාලේ (6), තැපෑලේ (6), ලියුම් (6), 2021 (6), 2020 (6), september (6), 2018 (6), share (6), රක් (6), මගින් (6), ඇතුළත (6), ඔස්සේ (6), රමාණය (6), කළේ (6), වුණු (6), පැවති (6), විට (6), ගත් (6), සඳහන් (6), එබැවින් (6), රව් (6), හෙක්ටයාර් (6), කෘත් (6), රිම (6), රසායන (6), විෂ (6), රෝග (6), කෘෂිකාර්මික (6), පිළිබඳ (5), august (5), april (5), january (5), කැණීම් (5), සිදු (5), වන්නේ (5), කෙරෙන්නේ (5), වශයෙන් (5), භූගත (5), රධාන (5), ඒවායෙහි (5), පිණිස (5), කොත්මලේ (5), දක්වා (5), මුල් (5), ලැබේ (5), දෝනා (5), හැකි (5), දැන් (5), ගිය (5), ගියේ (5), නැත (5), වූයේ (5), ජනාධිපති (5), රාජපක්ෂ (5), හරිත (5), වසර (5), ආනයනය (5), මෙටි් (5), 000ක් (5), රුපියල් (5), සෞඛ් (5), අලුතින් (5), සංඛ් (5), දේශීය (4), ගොවීන්ගේ (4), අන්තර්ජාල (4), july (4), හාරා (4), යාම (4), මාර්ගයේ (4), මීටර් (4), දිය (4), අවශ් (4), කරන (4), කිරීම් (4), සමස්ත (4), විදුලිබලාගාර (4), දියවර (4), පසුගිය (4), කාලයේ (4), දිස්ත් (4), යන්නේ (4), බලාගාරයට (4), වාරි (4), කෙරෙන (4), උමගක් (4), කෙරිණි (4), භාගයේ (4), ලක්ෂපාන (4), ඔක්සිජන් (4), පාරම්පරික (4), වඩා (4), වතුර (4), යයි (4), ඇතුළට (4), කළු (4), සමග (4), ගොස් (4), සිටි (4), වීම (4), යවලින් (4), ගොවිතැනකට (4), තිස්සේ (4), ගොවිතැන (4), ටොන් (4), කිලෝ (4), භෝග (4), රෝගීන් (4), යාව (4), වකුගඩු (4), සහනාධාර (4), කඩමණ්ඩිය (3), krishna (3), රශ්නය (3), june (3), com (3), එකට (3), දෙපැත්තෙන් (3), දෙකක් (3), කොළඹ (3), දුම්රිය (3), කුඩා (3), මගිනි (3), බොහොමයක් (3), රජයේ (3), අතර (3), ආශ් (3), රිතව (3), විවෘත (3), තවමත් (3), වෙමින් (3), සමාගමකි (3), වික්ටෝරියා (3), හැටියට (3), ජලය (3), මහවැලි (3), නිර්මාණය (3), දශකය (3), 1960 (3), කෙරුණේ (3), අපේ (3), ඇරඹුණේ (3), දෝනාවට (3), ලබා (3), අතට (3), දීර්ඝ (3), එකක් (3), ඉන් (3), සාමාන් (3), මහත (3), ගැනීමට (3), කෙරේ (3), යන්න (3), හමු (3), සමයේ (3), කළුගල් (3), පිවිසුම (3), ගොසිනි (3), ක්ෂේත් (3), ගැන (3), මාර්ග (3), ලෙස (3), ඇතුළේ (3), මෙන් (3), දමා (3), ඔවුහු (3), ස්කන්ස්කා (3), කිරීමේ (3), දිගින් (3), ඉවත් (3), පොල් (3), ගෝඨාභය (3), බලා (3), බුලත් (3), රිෂ්ණ (3), නවීකරණය (3), කාලයක් (3), කෙසේ (3), සමාගම් (3), රමය (3), වාර්තා (3), කාලය (3), තුළ (3), යෙදීම (3), රජය (3), දත්ත (3), පණහක (3), ජනාධිපතිවරයාගේ (3), බිම් (3), කන්නයේ (3), කන්නයට (3), පෝෂක (3), ශාක (3), බැර (3), පසට (3), එකතු (3), බයිපාස් (3), සැත්කම් (3), පවා (3), විස (3), දෙන (3), සිටිති (3), වෙනුවෙන් (3), එයට (3), මුදල් (3), දිනවල (3), ගොවීහු (3), theme (2), 111 (2), 2019 (2), 2012 (2), blogspot (2), posts (2), pinterest (2), facebook (2), blogthis (2), email (2), this (2), comments (2), posted (2), 0000000000000000000 (2), යම් (2), කණ්ඩායම් (2), රිය (2), සිරිතයි (2), බදුල්ල (2), හමුවන (2), නුවරඑළිය (2), රැගෙන (2), මාර්ගවල (2), මහනුවර (2), කැණීම (2), මෙහි (2), පාෂාණ (2), කොටස් (2), පිටතට (2), ගන්නේ (2), කණින්නන් (2), වර්තමානයේ (2), සමාගමයි (2), රියාත්මක (2), හතරක් (2), යාපෘතිය (2), රන්ටැඹේ (2), විවිධ (2), පරිමාණ (2), මොරගහකන්ද (2), යාපෘතියේ (2), රන්දෙණිගල (2), ජලාශයේ (2), බලාගාර (2), බලාගාරයේ (2), බෝවතැන්න (2), බි් (2), රතාන් (2), සංවර්ධන (2), දිගැති (2), පැරණි (2), ආලෝකය (2), වලක් (2), බඳු (2), කෙරෙයි (2), අලුත් (2), රත්නපුරයේ (2), පියවර (2), යනුවෙනි (2), ඉටිපන්දම් (2), නැති (2), වායුව (2), තිරස් (2), ගමන් (2), කොතෙක් (2), වරින්වර (2), කළුතර (2), තිබී (2), පාලන (2), දුම්බර (2), දැනුදු (2), බස් (2), රථයක් (2), පදවා (2), යන්නට (2), ඉඩකඩ (2), මදිවාට (2), අපට (2), රත්නපුර (2), ඇල්ලගාවා (2), ගලක් (2), හැඳින් (2), වීමට (2), වෙයි (2), විසින් (2), මාර්ගයක් (2), තොරතුරු (2), අසන්නට (2), බවට (2), භාවිතා (2), විණි (2), උඩරට (2), රාජ් (2), අවසන් (2), හැරවීම (2), උමගේ (2), පැළඳ (2), සවිකර (2), තිබිණි (2), ආකාරයට (2), වායු (2), ඇතැම් (2), මහා (2), සිටිය (2), ලොව (2), ලංකාවේ (2), තිබුණේ (2), උමගයක (2), සුබාව (2), ලියුම්කරුට (2), සිහිපත් (2), වීමෙන් (2), නැත්තේ (2), හරියට (2), වාගේ (2), එළියට (2), පොම්ප (2), උමගයේ (2), විශාල (2), දැවැන්ත (2), බලන (2), පෙනෙන්නේ (2), මුසු (2), ධාරා (2), චාරිකාව (2), පලුගස්වැව (2), පස් (2), කොටසක් (2), වැනි (2), හැරුණු (2), තබා (2), මිනිස් (2), සිටින්නේ (2), සුද්දා (2), පෙනෙන (2), කරමින් (2), ගත්තෝ (2), ඔවුන්ගේ (2), විජේබණ්ඩාර (2), මැද (2), මුණගැසුණාම (2), පාටි (2), දානවා (2), යනවා (2), විප්ලවයේ (2), ගැලපෙන (2), කළහ (2), උපන් (2), රභේද (2), පොහොරවලට (2), හයක (2), වත් (2), වෙතත් (2), යහපත් (2), කියන (2), ඔවුන්ට (2), ලංකා (2), ඵලදායිතාවය (2), කිලෝග් (2), රෑම් (2), වසරකට (2), ජනාධිපතිවරයා (2), වැය (2), කුඹුරු (2), වසරෙන් (2), එවකට (2), මහින්ද (2), මාස් (2), හමාර (2), පෙදෙස්වල (2), සල්පේට් (2), පොස්පේට් (2), ඔෆ් (2), පොටෑෂ් (2), ආහාර (2), එක් (2), වර්ධනයට (2), දියුණු (2), සහිත (2), ආසනික් (2), රසදිය (2), ඊයම් (2), රමයෙන් (2), ඇතුළු (2), ලෙඩ (2), ජීවීන් (2), ක්ෂුද් (2), පොළොවට (2), කතිකාවක් (2), රදේශවලිනි (2), කුරුණෑගල (2), අලුත (2), ශල් (2), හැකිව (2), කිරීටක (2), ධමනි (2), කපාට (2), රෝගවලට (2), ඇතුළුව (2), ජලයට (2), ලෝහ (2), ලෝක (2), ගන්නා (2), පොරොත්තු (2), හතර (2), වියලි (2), කලාපීය (2), නිදන්ගත (2), හඳුනා (2), දශක (2), මුළු (2), වර්තමාන (2), එකම (2), අස්වැන්නක් (2), පුරා (2), ඔරොත්තු (2), ධාන් (2), ඔවුන් (2), රමිතිගත (2), ගෙවී (2), නැතිව (2), ගොවිතැනක් (2), වගේ (2), ලේකම් (2), ලැබෙන (2), ගොවීන්ට (2), රබර් (2), භෝගවලට (2), 350කට (2), walaspathiවලස්පතිගේ (2), අඩවිය (2), walaspathi, simple, images, powered, blogger, gaffera, view, complete, profile, about, 2017, 2016, 2015, 2014, 2013, blog, archive, followers, kaluheeneti, බලන්න, subscribe, atom, home, older, නිශ්චිත, ස්ථානයක, දෙක, මුණගැසෙති, සාදයක, ආකාරයෙන්, සැමරීම, අතිශයින්, නිවැරදි, මිණුම්, බොහෝවිට, 225, 590, 615, ඒවාට, නිදසුන්, බෙලිඅත්ත, කැකණදුර, නාකුට්ටියගම, සිංගිමලේ, හැටන්, ගම්පොළ, රම්බොඩ, විදුලිබලාගාරවලට, මහාමාර්ග, ඉදිකර, කඩුගන්නාව, මේවා, රවේශමෙන්, පුපුරුවා, හැරීමෙන්, රමවේදයයි, පිපිරීමෙන්, කැබිලිතිවලට, බිඳී, උමගයෙන්, එනු, ලබයි, වෙසෙස්, පළපුරුද්දක්, බඳවා, පළපුරුදු, නවීන, සූත්, අවස්ථාවල, දිශාගත, දැඩි, ස්තරයක්, මුහුණතෙහි, සිදුරුවලට, වෙඩි, බෙහෙත්, පුරවා, ෆාරාබ්, ඉරානයේ, ඉරාන, මූල්, යාධාර, වන්නකි, දුර, උමාඔය, සමනලවැව, ගෙනයාම, තනා, කිහිපයක්, නමයක්, රික්ක, පවතින, උමගකිනි, කැනේඩියානු, මහවැලියේ, රත්කිඳ, මාදුරු, ජලාශයට, වර්ෂයේ, 1970, 1976, 1977, 1984, සැපයෙන, ඉංජිනේරුවරයෙකු, ආරියතිලක, පීරිස්ට, මතක, ලෙනදොර, බලාගාරයෙන්, කලාවැව, නිම්නයට, හරවා, යැවෙන, කඳුකරයෙහි, ගණනාවක්, මින්, බැල්පර්, බීටි, කඩිනම්, කෙරුණි, වේල්ල, යාපාරය, යුගෝස්ලෝවියානු, වර්ෂ, ඉන්ග්, උකුවෙල, බලාගාරය, මුල, පිරුණි, යටතේ, ගඟේ, පොල්ගොල්ල, වේල්ලේ, යාපාරයට, දශකයේ, තවත්, තැනවිණි, කාසල්රී, කිරීමත්, සමගිනි, විමලසුරේන්ද්, රවීණ, ඉංජිනේරුවරයාගේ, සැලසුමක්, විදුලිබල, මෑත, කාලීනව, කැලණි, ඉහත්තාවේ, සැපයේ, පතල්වලට, කොලොන්ගහ, කහටගහ, කණිනු, සම්බන්ධ, මෙය, වාතය, ගැනීමේ, උපක්, රමයකි, දොඩම්ගස්ලන්දේ, හුළං, එල්ලේ, සිරස්, පතලයට, ටිකක්, ඇතින්, හීන, පතල්කරුවෝ, දනිති, ආරක්ෂක, ගනු, එතැනින්, එහාට, නිවෙනවා, ඉටිපන්දම, ඉටිපන්දමකට, හඳුන්වන්නේ, නියාව, දැන, පාවිච්චිකර, වෙනම, තාක්ෂණයකි, එබඳු, එක්කෝ, මිනිසෙකුට, සිටගෙන, යාමට, නැතිනම්, උක්කුටිකව, කිරීමට, සකස්, උසට, කණිනවා, තීරණය, ඉල්ලම, පිහිටා, ආකාරය, ස්ථානයේ, පසෙහි, ස්වභාවය, කර්මාන්තයේ, යටට, වලවල්, බැස, අදත්, ගාල්ල, රික්කවල, එකල, ගම්පහ, රත්නපුරය, 1990, සරුසාරව, යටත්, විජිත, දැකිය, හොඳටම, අබලන්ව, දෝනාවේ, වුවත්, අන්ධකාර, පත්ලෙන්, දොළ, පාරක්, දහරක්, ගලා, වවුලන්, දහස්, ගණනකගේ, ජනාවාසයකි, පන්දම්, ආධාරයෙන්, සියයක්, දුරක්, පානදුර, පාරේ, මංසන්ධියෙන්, තරණයකර, හැරී, දිනක, පදිංචි, ගුරුවරයෙකු, සරත්, දවුන්ඩසේකර, ලියුම්කරු, නරඹන්නට, නටබුන්ව, යන්වෙන්, ඇරඹෙන, කවිය, කෙරී, එයිනි, ඉන්නෙත්, දුම්බරයි, පතල්කරුවන්, මහත්, පරිශ්, රමයක්, දරා, විද, ඉල්ලමක්, පාදා, දෝනාවයි, එවන්, රසිද්ධ, දෝනාවක්, සංකීර්ණයෙහි, රික්, අන්තයෙහි, පුළුවන, රික්කයෙහ, වුව, යටින්, විහිදෙන, රයේ, සම්ප්, රදායික, හෑරීමේ, කර්මාන්තයෙහි, කෝට්ටේ, රාජධානි, භාවිත, ඇහැලේපොළ, නිලමේ, බැසයන, මගක්, පවත්වා, ඉතිහාස, පුවත්වල, කියැවෙයි, නගරයෙහි, පද්ධතියක, මෑතක, දීත්, යයේ, සබරගමුවේ, දිසාවේ, තනතුර, දැරූ, වටිනා, බඩු, භාණ්ඩ, සඟවා, තැබීම, රජවරුන්ගේ, සමයන්හි, සතුරු, උපද්, රවයක, ආරක්ෂා, සහිතව, පලා, සැඟවී, සිටීම, ආධාරයෙනි, වෝකිටෝකි, වාහන, අතරමගින්, පුළුල්, ස්ථාන, දක්නට, ලැබුණේ, සන්නිවේදන, කටයුතු, පාකින්, ඒරියා, නීතියකි, දෙනෙකු, හෙල්මට්වල, පන්දමක්, යවේදීන්, කණ්ඩායම, කැඳවා, සරසවා, ගමන, සමනිත, වෑන්, රථවලිනි, ස්ථානවල, සපත්තු, හිසට, හෙල්මට්, ඇඳුම්, ඕවරෝල්, ඉංජිනේරු, රයෙහි, රසිද්ධව, සිටියහ, අංක, එකේ, රථම, බලාගාරයයි, යාපෘතියට, තෝරා, සමාගම, ජාත්, යන්තර, සමාගමට, වැඩවලට, දායකත්වය, තිබුණු, මුල්කර, ස්වීඩනය, කොන්ත්, රාත්තුව, පැවරී, වර්ණනාවයි, උම්මග්ග, ජාතකයෙහි, සාර, කොහොමට, හිටීවි, දැයි, කල්පනා, හයකටත්, අඩු, හැටි, එහෙම, මීට, කළෙමු, විදුලිය, නිපද, උමගයක්, රකට, ජලයේ, ගිල්වන, ජබොස්, මාදිලිය, දමලා, කිසිදු, අඳුරක්, දවල්, දොර, දෙකේ, තුළින්, ගලන, නිරන්තරයෙන්, වලකින්, ඉසින්නේ, ගැමියන්, ටියුබ්, ලයිට්, ඩබල්, කැබ්, ජීප්, යති, එති, 2000, පොළොවේ, කණින, ගුහාවකට, ගුලකට, සර්පයෙකු, රිංගා, සෙයකි, නළයක්, වහලයට, එල්ලා, දෙස, කෙනෙකුට, ගසක්, පිරිසිදු, සුළං, කළා, එළියේ, සවිකළ, සිසිලන, නිපැයෙන, ඒසී, කාර්තුවේ, දුබල, බැවින්, තරමක්, රස්නේ, යෙදුණේ, ලියුම්කරුගේ, මතකයේ, මීගස්වැවෙන්, කෝඳුරුවාවෙනි, එදින, අතින්, පිඩැල්ලක්, කපා, ඇරඹිණි, ජලාශ, යාපෘතියෙහි, ඇරඹෙන්නේ, ඇලහැර, පුවත, ආසියාවේ, දිගම, රූපවාහිනී, නාලිකා, ඉකුත්, පෙබරවාරි, යපෘතිය, රැයක්, දවාලක්, දකින, අමුතුම, තාලේ, ජීවිතයකි, පිරිසිදුව, කණින්නෝ, ගනිති, කැණීම්වල, නිරත, තොරව, අපද්, දේවල්, කණින්නේ, කිරීමෙනි, කණිද්දී, මට්ටමේ, අඩි, පන්සියයක්, ගැඹුරින්, භූගතව, දිවෙන, කුහරයෙහි, ගල්, පහක්, පෙන්වන්නට, පරිස්සම්, කීහ, මේකේ, අයට, කෑමත්, තහනම්, කරලයි, තියෙන්නේ, දැක්කොත්, ඉතින්, බලු, බැණුම්, තමයි, කිසිවෙකුට, තැනකට, කෙළ, ගැසූහ, කාරිය, මොහොතකට, නවතා, විටක්, හපන්නට, ඉක්බිති, සීරුමාරු, දෙදෙනා, කම්කරුවන්, මදක්, එහා, මෙහා, තුරු, ජාතිකයෙකි, ස්වීඩන්, කියන්නේ, සුද්දෙකි, පාලක, ඉංජිනේරුවරයා, friday, භෝගවල, සංයුතිය, යුහය, අරමුණට, රසායනවලට, වෙනස්, දෙමුහුන්, එතරම්, ඵලදායකත්වයක්, පෙන්වන්නේ, ගොයම්, යළිත්, කරගත, සුලභ, හැබැයි, යුත්තේ, අදියරෙන්, අදියර, පහක, වනු, හැට, ගොවිතැනට, පුරුදුකර, තිබූ, පොළොවක්, එක්වරම, හුරු, පහසු, මෙහෙයවන, කෘෂිකර්ම, දෙපාර්තමේන්තුව, ගසා, මතයේ, හිතවත්, ගමක්, රටක්, ගානේ, නිෂ්පාදන, ආයතන, ගොවිතැනේ, ඉන්දියාවේ, සුභාෂ්, පලේකාර්, තවදුරටත්, අත්හදා, බැලිය, මහබැංකු, රටට, රක්ටොන්, 774, 090කි, වගාව, භාවිතකර, හෙක්ටයාරයක, අස්වනු, 839කිනි, තේරුම, ඵලදායිතාව, 52ක්, බැගිනි, කරුණු, එසේ, හෙයින්, රතිපලදායක, මතු, සිය, කතාවේ, දැනටත්, පිටරටින්, වාර්ෂිකව, මුදල, ඇමරිකානු, ඩොලර්, මිලියන, 400කි, ඵලදායක, රශ්න, මිටියකට, 350ක, සහනාධාරයක්, පිරි, නැමීමේ, බලයේ, යෝජනාවකි, සහනාධාරයෙන්, වේගයෙන්, 2004, වැපිරුණු, 562කි, 2009, 2010, 037ක්, 248ක්, මිටිය, 350ට, දීම, ඇරඹුණු, ගෙවුණු, පහළොවක, 686ක්, අක්කර, 215ක්, තිස්, වසරක්, උතුරු, නැගෙනහිර, සිවිල්, යුද්ධය, වීමත්, සම්පූර්ණ, හේතු, යයෙන්, යූරියා, නයිට්, රජන්, ඇමෝනියම්, ඇමෝනියා, ලවණ, රොක්, පොස්පරස්, රිත්ව, සුපර්, එස්, මියුරියේට්, පොටෑසියම්, සමන්විත, අමිශ්, මිශ්, වගාවන්ට, පොහොරවලින්, ශාකවල, මූලද්, කෙලින්, සැපයෙයි, වර්ධනයවී, ඵලදාවක්, රතිඵල, පෙන්වයි, යයට, බෙහෙවින්, කැඩ්මියම්, ලෝහයන්, අඩංගු, සෑදීමට, පෑදෙන, පර්යේෂණවලින්, හෙළි, දැමීම, පාංශු, විනාශ, නිසරු, පසක්, යනු, රයට, කෘතිම, මාදිලියකි, පැවැත්මට, දැරීමට, මූල, පොහොසත්, නිෂ්පාදනයන්, යාප්තිය, මතුපිටට, සම්බන්ධයකි, ලියාපදිංචි, රෝගීන්ගේ, ඇසුරෙන්, ගොඩනගා, මහරගම, අපේක්ෂා, රෝහල, රෝහලෙන්, ලියාපදිංචිකර, 2206කි, බදුල්ලෙන්, 2151කි, අනුරාධපුරයෙන්, 1483කි, පොළොන්නරුවෙන්, 699කි, අම්පාරෙන්, 111කි, මොණරාගලින්, 413කි, යාපනයෙන්, තෙලිප්පලෙයි, 1186කි, මඩකලපුවෙන්, 876කි, වවුනියාවෙන්, 223කි, නුවරඑළියෙන්, 203කි, හම්බන්තොටින්, 312කි, වාර්තාවුණු, රෝගීන්ගෙන්, 34953, තුනෙන්, එන්නේ, බොහොම, බිය, උපදවන, තොරතුරකි, රෝහලට, විශේෂඥ, වෛද්, යවරුන්, දෙදෙනෙක්, පත්කර, යාගාරයක්, කාර්ය, මණ්ඩලයක්, වෙන්කර, අවහිරවීම්, හේතුව, කැඩිමියම්, නිකල්, සංවිධානය, පර්යේෂණ, කාරණය, සනාථ, ආහාරයට, බතට, මුසුවී, රෝහලකින්, සැත්කමක්, අවහිරතා, සැත්කම, කරවා, අවුරුද්දක්, පෝලිමේ, ලේඛනයේ, සිටීමට, මසකට, තුන්, ගුණයක්, පෝලිමට, ලේඛනයට, ගාල්ලේ, කරාපිටිය, ශික්ෂණ, රෝහලේ, අංශයේ, අත්දැකීමයි, වගාවට, ඇරුණු, මාරාන්තික, රෝගයට, බිලීවී, යාලේඛනවල, දැක්වෙන, අන්දමට, 192කි, 953කි, දියවැඩියාව, තලයක, විප්ලවයට, හයකි, රටම, බුදින්නේ, විප්ලව, බුදින, සමාජයේ, ඛේදවාචකයකි, යෙදවුම්, පළිබෝධනාශක, ඉසින, රැක්ටර්, හඳුන්වා, දිනි, වර්ගවලින්, ලැබීමත්, සමගම, මහජනයා, වැළඳ, කරන්නේ, රියාවලියට, දෙනු, එතෙක්, වර්ග, අභාවයට, ලෝකයට, වල්නාශක, කෘමිනාශක, දිලීර, නාශක, ආදිය, භාවිතාවට, පැමිණියේ, විප්ලවය, යාප්ත, සටහනකි, ජනගහනයට, රමාණවත්, නිපදවීම, ඉලක්කය, භෝගවලින්, දෙමුහුම්කර, දැනට, පෙළේ, විසි, ආනයනයෙහි, යෙදී, ජනප්, යවහාරයේ, ගෙන්වන්නේ, මෙතෙක්, කල්, ගෙන්වූවා, දිනෙන්, දින, ගැටලුවකි, හැරත්, භූමියට, වීමේ, අවදානමක්, පැසසිය, පමා, මෙවන්, පියවරක්, අනෙක, පදම්, භූමිය, පාරිසරික, දවසෙන්, දෙකෙන්, බැරි, පහක්වත්, මුලින්, පොහොරෙන්, රෝගී, ජීවී, සම්පතින්, සුවපත්, විධිමත්, පිළිවෙලක්, තිබිය, නතර, කිසිත්, කියූ, වහාම, විවේචකයන්, පැවසුවේ, ගෙන්වන්න, සල්ලි, නැතිකම, හින්දා, තීරණයකට, එන්න, ඇතියි, කතාවෙහි, සත්, යයක්, ඇතැයි, කන්නවල, ආනයන, සමාගම්වලට, හිඟ, බැවිනි, ආනයනකරුවෝ, ජාතික, කාර්යාලයෙන්, ඉල්ලා, හිඟය, පියවන්නට, ලැබී, ගෙව්වා, කෝටි, විතර, ගෙවන්න, තියෙනවා, කාර්යාල, ආරංචිමාර්ග, විදෙස්, විනිමය, හිඟයෙන්, පෙළෙයි, මෙවර, තොග, ගෙන්වා, ගැනීම, ගැටලුවක්, පත්ව, සිංහල, හින්දු, අවුරුද්ද, කන්නය, ඇරඹීමට, සූදානම්, 206ක, වැඩවල, නියැලෙමින්, පසුවෙති, අප්, රියෙල්, 22දා, කොටුවේ, මන්දිරයේ, සංස්ථා, යවස්ථාපිත, මණ්ඩල, රධානීන්ගේ, හමුවක, දී්, පවසා, එක්ව, කන්දරාව, මිනිසුන්ට, පිළියම්, මුදලක්, කීවේ, භාවිතය, ලාභයට, ඔහු, කෘෂිකර්මය, තල්ලුකරගෙන, රඥා, ගෝචර, අදහස, රජයෙන්, සැපයෙන්නේ, රමයට, සම්බන්ධව, නොබෝ, දිනකින්, නතරකර, භාවිතයට, පැවසීම, නිමිත්ත, වගාවන්, භාවිතාකර, බැංකු, වාර්තාවල, නිකන්, ගෙවතුවල, වැවෙන, කොස්, කෙසෙල්, දැමූහ, අන්තිමේ, සරු, යහමින්, කලවම්, මල්ලක්, දෙමින්, ධුරය, හෙබැවූ, සද්භාවයෙන්, රතිපත්තිමය, තීන්දුවකි, අනිකකි, මිටියක්, අස්සක්, මුල්ලක්, නෑර, පෙළඹුණහ, සුළු, අපනයන, සහනාධාරය, දෙන්නට, ගොවීන්, ගෙන්, ඇතැමෙක්, නිර්දේශිත, රමාණ, ඉක්මවමින්, ඉවක්, බවක්, අධික, දමන්නට, පටන්, 52කින්, පණස්, ලක්ෂයකට, එකක, saturday, total, pageviews, හුදී, සහෘදයින්, සිංහලෙන්, විජේබණ්ඩාරගේ, සඟරාමය, කතිකාව, krishnawijebandara, gmail, masuranbath, පිවිසෙන්න,
Text of the page (random words):
ව් යවලින් සමන්විත ය ඒවා අමිශ් ර පොහොර හෝ මිශ් ර පොහොර වශයෙන් ආහාර භෝග වගාවන්ට එක් කිරීම ගොවීන්ගේ සිරිතයි රසායනික පොහොරවලින් ශාකවල වර්ධනයට අවශ් ය පෝෂක මූලද් රව් ය කෙලින් ම සැපයෙයි ඉන් ශාක වර්ධනයවී වැඩි ඵලදාවක් ද ලැබේ නව වැඩි දියුණු කළ බව භෝග වගා කිරීමේ දී කෘත් රිම රසායනික පොහොර සහ කෘෂි රසායන ඉහළ ප් රතිඵල පෙන්වයි එහෙත් කෘත් රිම රසායනික පොහොර මිනිස් සෞඛ් යයට බෙහෙවින් විෂ සහිත ය ඒවායෙහි ආසනික් කැඩ්මියම් රසදිය සහ ඊයම් ආදී විවිධ බැර ලෝහයන් අඩංගු ය ඒවා ක් රමයෙන් පසට එකතු වේ එයින් පිළිකා ඇතුළු ලෙඩ රෝග සෑදීමට මග පෑදෙන බව පසුගිය කාලයේ කෙරුණු පර්යේෂණවලින් හෙළි විය දීර්ඝ කාලයක් තිස්සේ කෘත් රිම රසායනික පොහොර දැමීම නිසා පස ද විෂ වේ පාංශු ජීවීන් සහ ක්ෂුද් ර ජීවීන් ද විනාශ වේ නිසරු පසක් ඇති වේ කිලෝ පණහක කුඹුරු පොහොර මිටියකට රුපියල් 350ක සහනාධාරයක් පිරි නැමීමේ ක් රමය ඇරඹුණේ 2005 වසරෙන් පසුව ය එය එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යෝජනාවකි පොහොර සහනාධාරයෙන් පසුව රටේ වී වගා බිම් ප් රමාණය වේගයෙන් ඉහළ ගියේ ය 2004 2005 මාස් කන්නයේ රටේ වැපිරුණු වී වගා බිම් ප් රමාණය හෙක්ටයාර් 5 80 562කි එය 2009 2010 මාස් කන්නයට එන විට හෙක්ටයාර් 6 46 037ක් විය 2019 2020 මහ කන්නයේ දී එය හෙක්ටයාර් 7 52 248ක් දක්වා ඉහළ ගියේ ය ඒ අනුව පොහොර මිටිය රුපියල් 350ට දීම ඇරඹුණු 2005 සිට ගෙවුණු වසර පහළොවක කාලය තුළ ඉහළ ගිය වී වගා බිම් ප් රමාණය හෙක්ටයාර් 1 71 686ක් අක්කර 4 29 215ක් පමණ විය තිස් වසරක් තිස්සේ උතුරු නැගෙනහිර පැවති සිවිල් යුද්ධය හමාර වීමත් සමග එම පෙදෙස්වල සම්පූර්ණ කුඹුරු ප් රමාණය ම වගා කරන්නට හැකි වීම ද මේ වැඩි වීමට හේතු වූයේ ය ශ් රී ලංකා මහබැංකු වාර්තා අනුව 2005 සිට 2020 දක්වා රටට ආනයනය කෙරුණු සමස්ත පොහොර ප් රමාණය මෙටි් රක්ටොන් 10 774 090කි ඉන් වී වගාව පිණිස 2005 වසරේ සිට 2020 දක්වා රසායනික පොහොර මෙටි් රක් ටොන් 54 53 000ක් භාවිතකර තිබේ මේ කාලය තුළ වී වගා හෙක්ටයාරයක අස්වනු ඵලදායිතාවය ඉහළ ගොස් ඇත්තේ කිලෝග් රෑම් 839කිනි එහි තේරුම ඵලදායිතාව ඉහළ ගොස් ඇත්තේ වසරකට කිලෝග් රෑම් 52ක් බැගිනි කරුණු එසේ හෙයින් රසායනික පොහොර යෙදීම ඔය කියන තරම් ප් රතිපලදායක ද යන ප් රශ්නය මතු වේ ජනාධිපතිවරයා සිය කතාවේ සඳහන් කළ ආකාරයට දැනටත් පිටරටින් පොහොර ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රජය වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400කි එය කොතෙක් ඵලදායක ද යන්න මේ දත්ත සමග ප් රශ්න කෙරෙයි කෙසේ වෙතත් වසර හැට එකක් තිස්සේ රසායනික ගොවිතැනට පුරුදුකර තිබූ පොළොවක් එක්වරම කාබනික ගොවිතැනකට හුරු කිරීම පහසු නැත රටේ ගොවිතැන මෙහෙයවන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පය ගසා ගෙන සිටින්නේ රසායනික ගොවිතැන වඩා යහපත් ය කියන මතයේ ය රසායනික පොහොර සමාගම් ද ඔවුන්ට හිතවත් ය ඒ මදිවාට ගමක් රටක් ගානේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන ඇත්තේ ද නැත කාබනික ගොවිතැනේ දී ඉන්දියාවේ සුභාෂ් පලේකාර් ක් රමය තවදුරටත් අත්හදා බැලිය යුතු ය 1960 කෙරුණු හරිත විප්ලවයේ දී බව භෝගවල සංයුතිය සහ ව් යුහය නවීකරණය කරමින් ඔවුන්ගේ අරමුණට කෘෂි රසායනවලට ගැලපෙන සේ වෙනස් කළහ එයින් උපන් දෙමුහුන් වී ප් රභේද කාබනික පොහොරවලට එතරම් ඵලදායකත්වයක් පෙන්වන්නේ නැත එබැවින් කාබනික පොහොරවලට ගැලපෙන සේ ගොයම් ගස යළිත් නවීකරණය කරගත යුතු ය කාබනික පොහොර සුලභ කළ යුතු ය හැබැයි කාබනික ගොවිතැනකට යා යුත්තේ අදියරෙන් අදියර ය ඒ සඳහා වසර පහක හයක වත් කාලයක් ගත වනු ඇත්තේ ය 2021 05 05 0000000000000000000 posted by krishna at 8 58 pm no comments email this blogthis share to x share to facebook share to pinterest friday march 26 2021 දෙපැත්තෙන් හාරා ගෙන යනවා පොළොව මැද දී එකට මුණගැසුණාම පාටි දානවා දෙපැත්තෙන් හාරා ගෙන යනවා පොළොව මැද දී එකට මුණගැසුණාම පාටි දානවා ක් රිෂ්ණ විජේබණ්ඩාර ඔවුන්ගේ වැඩ පාලක ඉංජිනේරුවරයා සුද්දෙකි ඒ කියන්නේ ස්වීඩන් ජාතිකයෙකි සුද්දා මදක් එහා මෙහා වන තුරු බලා සිටි උමං කම්කරුවන් දෙදෙනා කරමින් සිටි කාරිය මොහොතකට නවතා බුලත් විටක් හපන්නට ගත්තෝ ය ඉක්බිති සීරුමාරු බලා කිසිවෙකුට නො පෙනෙන තැනකට කෙළ ගැසූහ මේකේ වැඩ කරන අයට බුලත් විට කෑමත් තහනම් කරලයි තියෙන්නේ සුද්දා දැක්කොත් ඉතින් බලු බැණුම් තමයි බුලත් කෑ කට නො පෙන්වන්නට පරිස්සම් වෙමින් ඔවුහු අපට කීහ අප දැන් සිටින්නේ කුකුළේ ගඟ ජල විදුලිබලාගාර ව් යාපෘතියේ දිගින් කිලෝමීටර් පහක් පමණ ඈත පොළොව මට්ටමේ සිට අඩි පන්සියයක් තරම් ගැඹුරින් භූගතව දිවෙන උමගය ඇතුළේ ය මහ පොළොව කුහරයෙහි ඇත්තේ ගල් පස් වතුර සහ මඩ ආදී දේවල් ය උමගක් කණින්නේ ඒවා හාරා ඉවත් කිරීමෙනි එහෙත් උමං කණිද්දී මිනිස් අපද් රව් යවලින් තොරව පිරිසිදුව තබා ගැනීමට උමං කණින්නෝ වග බලා ගනිති කැණීම්වල නිරත වීම මෙන් ම භූගත උමං මාර්ගයක් ඇතුළේ වැඩ කිරීම ද රැයක් දවාලක් නො දකින අමුතුම තාලේ ජීවිතයකි කුකුළේ විදුලි බලාගාරයේ ප් රධාන උමගය දිගින් කිලෝමීටර් 5 71 කි කුකුළේ ජල විදුලිබලාගාර ව් යපෘතිය ඉදි කෙරෙන සමයේ ගිය මාධ් ය චාරිකාව ලියුම්කරුට සිහිපත් වූයේ ඉකුත් පෙබරවාරි 05 වැනි දා රූපවාහිනී නාලිකා ඔස්සේ දිග හැරුණු ආසියාවේ දිගම වාරි උමග පිළිබඳ පුවත නිසා ය එහි දිග කිලෝමීටර් 28 කි උමගය ඉදි කිරීම පිණිස එදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් පලුගස්වැව දී පස් පිඩැල්ලක් කපා වැඩ ඇරඹිණි මොරගහකන්ද ජලාශ ව් යාපෘතියෙහි කොටසක් වශයෙන් ඉදි කරන්නට යන මේ උමගය ඇරඹෙන්නේ ඇලහැර කෝඳුරුවාවෙනි එය පලුගස්වැව මීගස්වැවෙන් අවසන් වේ ලියුම්කරුගේ මතකයේ හැටියට කුකුළේ මාධ් ය චාරිකාව යෙදුණේ 2000 වසරේ මුල් කාර්තුවේ දී ය පොළොව ඇතුළත වායු ධාරා දුබල බැවින් තරමක් රස්නේ ය එහෙත් කුකුළේ උමගය නම් හරියට ඒසී කළා වාගේ ය එළියේ සවිකළ දැවැන්ත සිසිලන යන්ත් ර මගින් නිපැයෙන ඔක්සිජන් වායුව මුසු කළ පිරිසිදු සුළං ධාරා උමග ඇතුළට පොම්ප කෙරේ එය කෙරෙන්නේ පොල් ගසක් තරම් මහත නළයක් මගිනි එය උමගයේ වහලයට එල්ලා සවිකර තිබේ උමං කට දෙස ඈත සිට බලන කෙනෙකුට පෙනෙන්නේ පොළොවේ කණින ලද ගුහාවකට ගුලකට දැවැන්ත සර්පයෙකු රිංගා ගෙන ඇති සෙයකි උමං පිවිසුම ඔස්සේ වරින්වර විශාල ට් රක් රථ ඩබල් කැබ් රථ සහ ජීප් රථ ද ඇතුළට යති එළියට එති උමගයේ ඇතුළත ටියුබ් ලයිට් දමලා ය එබැවින් පොළොව යට සිටිය ද කිසිදු අඳුරක් නැත්තේ ය හරියට මහ දවල් වාගේ ය දොර දෙකේ බස් රථයක් පදවා ගෙන යන්නට තරම් උමග උස මහත ය උමගය තුළින් ගලන වතුර ඉවත් කිරීම පිණිස නිරන්තරයෙන් ම එළියට පොම්ප කෙරේ ඇතැම් වලකින් වතුර ඉසින්නේ ගැමියන් අතර ජබොස් මාදිලිය යයි ප් රකට ජලයේ ගිල්වන යන්ත් ර මගිනි කුකුළේ දිගින් කිලෝමීටර් 5 71 ක් පමණ වන බව මීට පෙර ද සඳහන් කළෙමු විදුලිය නිපද වීමෙන් පසුව ජලය පිටතට ගෙන යන්නේ ද උමගයක් ඔස්සේ ය එය ද කිලෝමීටර් 1 5 ක් පමණ දිග ය කිලෝමීටර් හයකටත් වඩා අඩු උමගයක හැටි සුබාව එහෙම නම් කිලෝමීටර් 28 ක් දිගැති උමගයක සාර සුබාව කොහොමට හිටීවි දැයි ලියුම්කරුට කල්පනා වේ සිහිපත් වන්නේ ම උම්මග්ග ජාතකයෙහි එන දීර්ඝ උමං මාර්ග වර්ණනාවයි කුකුළේ ප් රධාන උමග ඉදි කිරීමේ කොන්ත් රාත්තුව පැවරී තිබුණේ ස්වීඩනය මුල්කර ගත් ස්කන්ස්කා නම් ජාත් යන්තර ඉදි කිරීම් සමාගමට ය ඊට පෙර ද ශ් රී ලංකාවේ උමං කැණීම් හා භූගත ජල විදුලිබලාගාර ඉදි කිරීම් වැඩවලට දායකත්වය දී තිබුණු ස්කන්ස්කා සමාගම කුකුළේ ව් යාපෘතියට ද තෝරා ගෙන තිබුණේ ය කොත්මලේ ලංකාවේ ප් රථම භූගත ජල විදුලි බලාගාරයයි එය ඉදි කළේ ද ස්කන්ස්කා ය ඔවුහු ලොව අංක එකේ උමං කණින්නන් ලෙස මහා පරිමාණ ඉංජිනේරු සහ ඉදි කිරීම් ක්ෂේත් රයෙහි ප් රසිද්ධව සිටියහ ඕවරෝල් ඇඳුම් ඇඳ හිසට හෙල්මට් දමා සපත්තු ද පැළඳ සිටිය යුතු වීම උමගේ නීතියකි බොහොමයක් දෙනෙකු පැළඳ සිටි හෙල්මට්වල කුඩා විදුලි පන්දමක් ද සවිකර තිබිණි මාධ් යවේදීන් කණ්ඩායම උමගය ඇතුළට කැඳවා ගෙන ගියේ ද ඒ ආකාරයට සරසවා ගෙන ය ගමන සිදු වූයේ වායු සමනිත වෑන් රථවලිනි උමගේ ඇතැම් ස්ථානවල අපේ මහා මාර්ගවල මෙන් පාකින් ඒරියා ද වාහන අතරමගින් හැරවීම සඳහා ඉඩකඩ පුළුල් කළ ස්ථාන ද දක්නට ලැබුණේ ය උමගය ඇතුළේ සන්නිවේදන කටයුතු කෙරුණේ වෝකිටෝකි යන්ත් ර ආධාරයෙනි භූගත උමං මාර්ග පිළිබඳ කතා පුවත් උඩරට රජවරුන්ගේ පාලන සමයන්හි ද පැවති බව අසන්නට ලැබේ යම් සතුරු උපද් රවයක දී ආරක්ෂා සහිතව පලා යාම හෝ සැඟවී සිටීම වටිනා බඩු භාණ්ඩ සඟවා තැබීම සහ අප ජලය බැසයන මගක් ලෙස භාවිතා කිරීම ඒවා පවත්වා ගෙන ගිය බව ඉතිහාස පුවත්වල කියැවෙයි මහනුවර නගරයෙහි පැවති පැරණි උමං පද්ධතියක කොටස් මෑතක දීත් හමු විණි උඩරට රාජ් යයේ අවසන් කාලයේ සබරගමුවේ මහ දිසාවේ තනතුර දැරූ ඇහැලේපොළ මහ නිලමේ විසින් කළ උමං මාර්ගයක් ගැන තොරතුරු රත්නපුරයේ දී අසන්නට ලැබේ කෝට්ටේ රාජධානි සමයේ ද උමං මාර්ග භාවිත කළ බවට තොරතුරු ඇත අපේ රටේ සම්ප් රදායික මැණික් පතල් සහ මිනිරන් හෑරීමේ කර්මාන්තයෙහි ද දෝනා හමු වෙයි පොළොව යටින් තිරස් අතට විහිදෙන ඒවා ඒ තරම් දිග නැත මැණික් පතල් සහ මිනිරන් පතල් ක්ෂේත් රයේ දී දෝනා යයි හැඳින් වුව ද ඒවා ද උමං යයි හැඳින් වීමට පුළුවන රත්නපුර දිස්ත් රික්කයෙහ ි කළුතර දිස්ත් රික් අන්තයෙහි දී කළු ගඟ ආශ් රිතව හමුවන දුම්බර මිනිරන් පතල් සංකීර්ණයෙහි ද එවන් ප් රසිද්ධ දෝනාවක් තිබේ එය කළුගල් දෝනාවයි එහි වැඩ කළ පතල්කරුවන් මහත් පරිශ් රමයක් දරා කළු ගලක් විද ගෙන ගොස් මිනිරන් ඉල්ලමක් පාදා ගෙන තිබේ ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට යන්වෙන් ඇරඹෙන මිනිරන් පතල් කවිය නිර්මාණය කෙරී ඇත්තේ එයිනි 1990 දශකය මුල් භාගයේ දිනක ඇල්ලගාවා පදිංචි ගුරුවරයෙකු වන සරත් දවුන්ඩසේකර ද සමග ලියුම්කරු කළුගල් දෝනාව නරඹන්නට ගියේ ය පිවිසුම නටබුන්ව ගිය ද දෝනාවේ ඇතුළත බස් රථයක් වුවත් පදවා ගෙන යන්නට තරම් ඉඩකඩ තිබේ දෝනාව ඇතුළත අන්ධකාර ය එහි පත්ලෙන් කුඩා දොළ පාරක් බඳු වතුර දහරක් ගලා යයි ඒ මදිවාට එය දැන් වවුලන් දහස් ගණනකගේ ජනාවාසයකි අපට විදුලි පන්දම් ආධාරයෙන් මීටර් සියයක් පමණ දුරක් දෝනාව ඇතුළට ගමන් කරන්නට හැකි විය රත්නපුර පානදුර පාරේ ඇල්ලගාවා මංසන්ධියෙන් කළු ගඟ තරණයකර හැරී ගිය විට කළුගල් දෝනාව දැනුදු දැකිය හැකි ය එහි පිවිසුම නම් දැන් හොඳටම අබලන්ව ගොසිනි දුම්බර මිනිරන් පතල් සරුසාරව තිබී ඇත්තේ බි් රතාන් ය යටත් විජිත පාලන සමයේ ය රත්නපුරය ගම්පහ ගාල්ල සහ කළුතර යන දිස්ත් රික්කවල එකල මිනිරන් පතල් තිබී ඇත ඒවායෙහි පැවති දෝනා අදත් වරින්වර හමු වේ පාරම්පරික මැණික් හෝ මිනිරන් පතල් කර්මාන්තයේ දී පොළොව යටට වලවල් බැස තිරස් අතට දෝනා කැණීම වෙනම තාක්ෂණයකි එබඳු දෝනා එක්කෝ මිනිසෙකුට සිටගෙන යාමට තරම් උස ය නැතිනම් උක්කුටිකව ගමන් කිරීමට හැකි වන සේ දෝනාව සකස් කෙරේ දෝනාව කොතෙක් උසට කණිනවා ද යන්න තීරණය වන්නේ මැණික් හෝ මිනිරන් ඉල්ලම පිහිටා ඇති ආකාරය සහ එම ස්ථානයේ පසෙහි ස්වභාවය අනුව ය ඒවායෙහි ඇතුළත ආලෝකය පිණිස ද ඔක්සිජන් වායුව ඇති නැති නියාව දැන ගැනීමට ද පාවිච්චිකර ඇත්තේ ඉටිපන්දම් ය ඒවා සාමාන් ය ඉටිපන්දමකට වඩා මහත ය හඳුන්වන්නේ පතල් ඉටිපන්දම් යනුවෙනි ඉටිපන්දම නිවෙනවා නම් එතැනින් එහාට ඔක්සිජන් හීන බව පතල්කරුවෝ දනිති ඉන් පසුව ආරක්ෂක පියවර ගනු ලැබේ පතල් දෝනාව දීර්ඝ එකක් නම් මුල් පතලයට ටිකක් ඇතින් දෝනාවට එක එල්ලේ සිරස් අතට හුළං වලක් කණිනු ලැබේ එය ද පතල් වලක් බඳු ය එය දෝනාවට සම්බන්ධ කෙරෙයි මෙය අලුත් වාතය දෝනාවට ලබා ගැනීමේ පාරම්පරික උපක් රමයකි වර්තමානයේ නම් රත්නපුරයේ මැණික් පතල් සහ දොඩම්ගස්ලන්දේ කහටගහ කොලොන්ගහ ආදී මිනිරන් පතල්වලට විදුලි ආලෝකය ද යන්ත් ර මගින් ඔක්සිජන් ද සැපයේ මෑත කාලීනව අපේ රටේ උමං කැණීම් ඇරඹුණේ කැලණි ගඟ ඉහත්තාවේ ලක්ෂපාන ජල විදුලිබල ව් යාපෘතිය ඉදි කිරීමත් සමගිනි එය නිර්මාණය කෙරුණේ ඩී ජේ විමලසුරේන්ද් ර නම් ප් රවීණ ඉංජිනේරුවරයාගේ සැලසුමක් අනුව ය මෙහි දී ලක්ෂපාන විදුලි බලාගාරයට පැරණි ලක්ෂපාන විදුලි බලාගාරයට දියවර ගෙන ඒම සඳහා කිලෝමීටර් 3 8 ක් දිගැති උමගක් තැනවිණි කාසල්රී ජලාශයේ සිට නව ලක්ෂපාන විදුලි බලාගාරයට දියවර ගෙන ඒම සඳහා කිලෝමීටර් 6 0 ක තවත් උමගක් ඉදි කෙරිණි ඒවා ඉදි කෙරුණේ 1960 දශකයේ අග භාගයේ ය එයින් පසුව 1970 දශකය මුල් භාගයේ දී මහවැලි ගඟ සංවර්ධන ව් යාපාරයට මුල පිරුණි ඒ යටතේ මහවැලි ගඟේ ඉදි වුණු පොල්ගොල්ල වේල්ලේ සිට උකුවෙල විදුලි බලාගාරය දක්වා දිය ගෙන ඒම සඳහා 1976 දී කිලෝමීටර් 8 06 ක් දිග උමගක් නිර්මාණය කෙරිණි එහි කැණීම් කළේ ඉන්ග් රා නම් යුගෝස්ලෝවියානු සමාගමකි වර්ෂ 1977 න් පසුව මහවැලි සංවර්ධන ව් යාපාරය කඩිනම් කෙරුණි එයින් වික්ටෝරියා වික්ටෝරියා වේල්ල ඉදි කළේ බැල්පර් බීටි නම් බි් රතාන් ය සමාගමයි බෝවතැන්න රන්දෙණිගල රන්ටැඹේ කොත්මලේ සහ ඉහළ කොත්මලේ වශයෙන් ඉහළ කඳුකරයෙහි ජල විදුලි බලාගාර ගණනාවක් ඉදි විය මින් බෝවතැන්න විදුලි බලාගාරයෙන් පිට කෙරෙන ජලය කලාවැව නිම්නයට හරවා යැවෙන ලෙනදොර උමගය කිලෝමීටර් 6 85 ක් දිග ය වාරි ඉංජිනේරුවරයෙකු වන ආරියතිලක පීරිස්ට මතක හැටියට එය ඊ ඩී ඊ නම් සමාගමකි 1984 වසරේ විවෘත කෙරුණු කොත්මලේ විදුලි බලාගාරයේ උමග කිලෝමීටර් 6 08 ක් ද වික්ටෝරියා විදුලි බලාගාරයට දිය සැපයෙන උමග කිලෝමීටර් 5 06 ක් ද දිග ය 2012 වර්ෂයේ විවෘත වුණු ඉහළ කොත්මලේ විදුලි බලාගාර උමගය කිලෝමීටර් 13 ක් දිග ය මහවැලියේ රත්කිඳ ජලාශයේ සිට මාදුරු ඔය ජලාශයට දියවර ගෙන යන්නේ කිලෝමීටර් 5 72 ක් දිග උමගකිනි එය ඉදි කළේ කැනේඩියානු සමාගමකි රන්දෙණිගල රන්ටැඹේ සහ සමනලවැව ජල විදුලිබලාගාර ආශ් රිතව දියවර ගෙනයාම පිණිස විවිධ පරිමාණ උමං තනා තිබේ පසුගිය කාලයේ විවෘත කෙරුණු මොරගහකන්ද ව් යාපෘතියේ ද උමං කිහිපයක් ඇත ඒවායෙහි සමස්ත දිග කිලෝමීටර් නමයක් පමණ වේ නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත් රික්ක ආශ් රිතව තවමත් ඉදි වෙමින් පවතින උමාඔය ව් යාපෘතිය ඉරාන රජයේ මූල් යාධාර මත ක් රියාත්මක වන්නකි එහි ද ප් රධාන උමං හතරක් ඇති අතර ඒවායෙහි සමස්ත දුර ප් රමාණය කිලෝමීටර් 26 ක් පමණ වේ ඉදි කිරීම් කෙරෙන්නේ ඉරානයේ ෆාරාබ් සමාගමයි වර්තමානයේ උමං කැණීම් කෙරෙන්නේ නවීන යන්ත් ර සූත් ර මගිනි බොහොමයක් අවස්ථාවල උමගය දිශාගත කෙරෙන්නේ දැඩි පාෂාණ ස්තරයක් ඔස්සේ ය යන්ත් ර මගින් උමං මුහුණතෙහි ඇති කරන සිදුරුවලට වෙඩි බෙහෙත් පුරවා ප් රවේශමෙන් පුපුරුවා හැරීමෙන් කැණීම කිරීම මෙහි ක් රමවේදයයි පිපිරීමෙන් කුඩා කැබිලිතිවලට බිඳී යන පාෂාණ කොටස් ට් රක් රථ මගින් උමගයෙන් පිටතට රැගෙන එනු ලබයි උමං ඇතුළත වැඩ කිරීම සඳහා වෙසෙස් පළපුරුද්දක් අවශ් ය ය ඒ සඳහා බඳවා ගන්නේ ද පළපුරුදු උමං කණින්නන් ය මේවා ජල විදුලිබලාගාරවලට දිය රැගෙන යාම හෝ එයින් දිය පිට කිරීම සඳහා ඉදි කෙරුණු භූගත උමං ය එහෙත් මහාමාර්ග සහ දුම්රිය මාර්ගවල ද උමං ඉදිකර තිබේ කොළඹ මහනුවර ප් රධාන මාර්ගයේ කඩුගන්නාව ගම්පොළ නුවරඑළිය මාර්ගයේ රම්බොඩ උමග මීටර් 225 හැටන් බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන සිංගිමලේ උමගය මීටර් 590 කොළඹ බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ කැකණදුර නාකුට්ටියගම උමගය මීටර් 615 ඒවාට නිදසුන් ය උමගය දිග නම් බොහෝවිට කෙරෙන්නේ කණ්ඩායම් දෙකක් වශයෙන් දෙපැත්තෙන් හාරා ගෙන යාම ය ඒවා සිදු වන්නේ අතිශයින් ම නිවැරදි මිණුම් අනුව ය ඒ අනුව පොළොව යට යම් නිශ්චිත ස්ථානයක දී කැණීම් කණ්ඩායම් දෙක එකට මුණගැසෙති එය ප් රිය සාදයක ආකාරයෙන් සැමරීම සිරිතයි 0000000000000000000 2021 03 27 posted by krishna at 10 26 pm no comments email this blogthis share to x share to facebook share to pinterest labels රැව් පිළිරැව් older posts home subscribe to posts atom kaluheeneti blogspot com බලන්න e තැපෑලේ ලියුම් 1 ආදි මානව කාලේ 6 උරුමය 2 ජනරැල්ලේ විත්ති 7 තේමා සටහන 1 පිට වීදිය 8 පිළිසඳර 2 පුවත් 2 පෙර රජ දවස 24 මහ මළුව 6 මහ ලියැද්ද 21 මාධ් ය 26 මැණික් අඩවියේ කතා 19 රැව් පිළිරැව් 111 වෙද හෙදකම් 4 සියොත් රාව 13 සිහිල් නිම්නය සාහිත් ය හා කලා 8 සිහිල් නිම්නය පොත් පුවත් 13 2 followers blog archive 2012 1 february 1 2013 7 november 6 december 1 2014 18 august 4 september 5 october 3 november 2 december 4 2015 86 january 2 february 5 march 9 april 1 may 3 june 5 july 2 august 14 september 7 october 19 november 5 december 14 2016 45 january 9 february 8 march 3 april 3 may 3 july 4 august 2 september 3 october 9 december 1 2017 24 january 2 february 1 march 2 april 1 may 1 june 6 july 2 september 3 october 1 november 1 december 4 2018 81 january 6 february 11 march 6 april 10 may 6 june 10 july 8 august 7 september 3 october 5 november 7 december 2 2019 15 january 2 february 2 april 1 may 1 august 2 september 4 october 2 november 1 2020 8 march 3 october 3 november 1 december 1 2021 3 february 1 march 1 may 1 රසායනික පොහොර පිළිබඳ ප් රශ්නය about me krishna view my complete profile labels e තැපෑලේ ලියුම් ආදි මානව කාලේ උරුමය ජනරැල්ලේ විත්ති තේමා සටහන දේශීය වී ගොවීන්ගේ අන්තර්ජාල කඩමණ්ඩිය පිට වීදිය පිළිසඳර පුවත් පෙර රජ දවස මහ මළුව මහ ලියැද්ද මාධ් ය මැණික් අඩවියේ කතා රැව් පිළිරැව් වෙද හෙදකම් සියොත් රාව සිහිල් නිම්නය සාහිත් ය හා කලා සිහිල් නිම්නය පොත් පුවත් labels e තැපෑලේ ලියුම් ආදි මානව කාලේ උරුමය ජනරැල්ලේ විත්ති තේමා සටහන පිට වීදිය පිළිසඳර පුවත් පෙර රජ දවස මහ මළුව මහ ලියැද්ද මාධ් ය මැණික් අඩවියේ කතා රැව් පිළිරැව් වෙද හෙදකම් සියොත් රාව සිහිල් නිම්නය සාහිත් ය හා කලා සිහිල් නිම්නය පොත් පුවත් labels 2 labels e තැපෑලේ ලියුම් ආදි මානව කාලේ උරුමය ජනරැල්ලේ විත්ති තේමා සටහන පිට වීදිය පිළිසඳර පුවත් පෙර රජ දවස මහ මළුව මහ ලියැද්ද මාධ් ය මැණික් අඩවියේ කතා රැව් පිළිරැව් වෙද හෙදකම් සියොත් රාව සිහිල් නිම්නය සාහිත් ය හා කලා සිහිල් නිම්නය පොත් පුවත් labels 2 labels e තැපෑලේ ලියුම් ආදි මානව කාලේ උරුමය ජනරැල්ලේ විත්ති තේමා සටහන දේශීය වී ගොවීන්ගේ අන්තර්ජාල කඩමණ්ඩිය පිට වීදිය පිළිසඳර පුවත් පෙර රජ දවස මහ මළුව මහ ලියැද්ද මාධ් ය මැණික් අඩවියේ කතා රැව් පිළිරැව් වෙද හෙදකම් සියොත් රාව සිහිල් නිම්නය සාහිත් ය හා කලා සිහිල් නිම්නය පොත් පුවත් labels 2 e තැපෑලේ ලියුම් 1 ආදි මානව කාලේ 6 උරුමය 2 ජනරැල්ලේ විත්ති 7 තේමා සටහන 1 දේශීය වී ගොවීන්ගේ අන්තර්ජාල කඩමණ්ඩිය 1 පිට වීදිය 8 පිළිසඳර 2 පුවත් 2 පෙර රජ දවස 24 මහ මළුව 6 මහ ලියැද්ද 21 මාධ් ය 26 මැණික් අඩවියේ කතා 19 රැව් පිළිරැව් 111 වෙද හෙදකම් 4 සියොත් රාව 13 සිහිල් නිම්නය සාහිත් ය හා කලා 8 සිහිල් නිම්නය පොත් පුවත් 13 walaspathi simple theme theme images by ...
|