Meta tags:
Headings (most frequently used words):
2018, හව්, කැන්, අයි, හෙල්ප්, යූ, oct, 12, aug, 2019, about, blog, අනීවාරතේ, රන්ජන්, අයියා, සමඟ, රාත්, රියක්, කවියෙන්, මේල්, ගහමු, අලුත්, දෙයියෙක්, හදමු, ආච්ච්ගේ, ඇඩ්වටයිසින්, එකට, අයිසින්, දැම්මෙමි, හරිම, අවංක, ඉන්ටර්විව්, එකක්, පිස්සෙක්, ලවා, කේන්දරේ, බලවාගත්තෙමි, 2020, 25, mar, 30, jun, 10, apr, 17, 28, 2017, btemplates, com, popular, posts, categories, archive, search, this, me, followers, report, abuse,
Text of the page (most frequently used words):
හරි (48), කියලා (36), එකක් (34), අපි (33), දැන් (32), කරන්න (28), කිරි (28), ඉතින් (26), ඕනෙ (26), ඔව් (26), ආච්චි (23), වෙන (22), #රන්ජන් (21), අයියා (21), අපේ (21), විය (21), වගේ (19), පුලුවන් (18), තමා (16), මගේ (16), එතකොට (15), මල්ලි (15), එකේ (14), අයි (13), පස්සෙ (13), වෙන්න (13), සර් (13), ගෙට් (13), කරන (12), එක්ක (12), ගන්න (12), එහෙම (11), කරලා (11), හැබැයි (11), නෑනෙ (11), මොකක්ද (11), නැත (11), කැන් (10), ඉන්න (10), අපිට (10), වෙන්නෙ (10), කියන්න (10), වෙනවා (10), හොඳ (10), එකට (10), ගැන (9), නෙවේ (9), මේක (9), ගෙදර (9), මොකෝ (9), තියෙනවා (9), වගේම (9), කියන්නේ (9), වැඩ (9), ඇයි (9), දෙන්න (9), සෙයාර් (9), අතර (8), මහත්තයෝ (8), යන්න (8), මන් (8), දෙයක් (8), කියන (8), වෙලා (8), කෘදන්ත (8), සෙට් (8), october (7), read (7), more (7), share (7), ගියා (7), කතා (7), නිසා (7), ඒවා (7), අනිත් (7), එන්න (7), වලට (7), දාලා (7), වැඩි (7), උන් (7), කිවුවෙ (7), with (7), comments (7), කෙනෙක් (7), නැති (7), මෙන් (7), බල්ලා (7), කළේය (7), මැතිඳුනි (7), වෙන් (7), රිපොට් (7), හව් (6), august (6), නමුත් (6), අප් (6), නැත්නම් (6), දොර (6), උනේ (6), රුපියල් (6), අරන් (6), දන්නවා (6), තියෙන (6), බලන්න (6), හොද (6), මොනවද (6), ටිකක් (6), ආච්චිට (6), වෙනුවෙන් (6), ගොඩක් (6), කිරීමට (6), වශයෙන් (6), ඇති (6), කියනවා (6), විදියට (6), ගෙන (6), 2018 (6), බන් (6), පසු (6), ඉන් (6), වට් (6), හෙල්ප් (5), june (5), april (5), බල්ලෙක් (5), යකෝ (5), පාන් (5), ඕනෙද (5), වලින් (5), රශ්න (5), ඊළඟට (5), තියෙන්නෙ (5), දේවල් (5), ඒකත් (5), මාව (5), ගිහින් (5), කොහොමද (5), අනේ (5), තමයි (5), ලොකුම (5), උනත් (5), හොඳම (5), ඉන්නෙ (5), හැම (5), දෙනවා (5), අනික (5), ජොබ් (5), මොකද (5), දර්පණා (5), සිංහල (5), එහෙනම් (5), ෆොටෝ (5), නැවතත් (5), මිනිස්සු (5), පොඩි (5), තිබුණු (5), සූම් (5), කළෙමි (5), කලින් (5), වහා (5), වෙරි (5), ගුඩ් (5), මීයා (5), බව් (5), march (4), සමඟ (4), කිසිම (4), උනාම (4), නැතිය (4), කරනවා (4), මෙන්න (4), ගමන් (4), යයි (4), ලොකු (4), වඩා (4), මහන්සි (4), කාලෙ (4), කල්පනා (4), ටික (4), දානවා (4), බොහොම (4), එකක (4), එකෙන් (4), හැකියාව (4), ඒත් (4), ඔයා (4), බිස්නස් (4), නැතුව (4), දැට් (4), රීන් (4), අවුරුදු (4), හොඳයි (4), තේරුම් (4), තුළින් (4), කැමති (4), පේස්බුක් (4), කතාවක් (4), පුතේ (4), තවත් (4), පැණි (4), මෙහෙම (4), දොවන (4), විට (4), දාමු (4), ඇස් (4), කරගෙන (4), වැනි (4), ඉස්සරහ (4), පිණිස (4), ආච්චිගේ (4), ඉන්පසු (4), ලියෝං (4), සූදානම් (4), ඇඩ්වටයිසින් (4), රැක් (4), පෙර (4), දේවාලය (4), කපුවා (4), මොහොතේ (4), අලුත් (4), නොට් (4), 2019 (4), සුනිල් (4), ඔහු (4), මහත්මයා (4), blogger (3), අනීවාරතේ (3), home (3), search (3), blog (3), november (3), december (3), september (3), අණ්ඩ (3), කඩා (3), ගිය (3), පුදුම (3), බල්ලන් (3), මැද (3), පෙනෙන්නේ (3), රාත් (3), ශබ්ද (3), ගත්තේ (3), තියාගෙන (3), එන්නෙ (3), දන්න (3), කොළ (3), රෝල් (3), ලියන්න (3), පස්සේ (3), වීඩියෝ (3), විතරයි (3), හොයාගන්න (3), ආවේ (3), තියන්න (3), නිකන් (3), පූජා (3), කරන්නෙ (3), ඔන්න (3), දවසක් (3), ඉන්නවා (3), කපු (3), ඒකට (3), දවස්වල (3), විදේශ (3), නැද්ද (3), වැඩේ (3), වෙයි (3), කිවුවා (3), මතක් (3), වැඩක් (3), සල්ලි (3), වියදම් (3), ගත් (3), හරියට (3), වන්නේ (3), අවශ් (3), ඊළඟ (3), ඉතාම (3), ලැබෙන (3), මොනවාද (3), මෙහෙමයි (3), එච්චර (3), කරන්නේ (3), කියන්නෙ (3), තිබෙන (3), වටිනාකම (3), කොච්චර (3), ඔයාගේ (3), තරම් (3), ඉන්නවද (3), ගියාම (3), ආයතනය (3), එකම (3), හෙණ (3), මේල් (3), කොට (3), ඇඩ් (3), අවුට් (3), මුදවපු (3), වීම (3), මෙය (3), ගොස් (3), දෙකක් (3), මෙතන (3), ආවා (3), වෙත (3), බලා (3), ලෙස (3), මාගේ (3), ගම් (3), ගහමු (3), හරකා (3), පහළ (3), ඇවිල්ලා (3), පොරක් (3), සීන් (3), වටේ (3), බොහෝ (3), පැමිණි (3), අසා (3), බවත් (3), දෙන (3), විශ්වාස (3), දෙක (3), මුහුණක් (3), මෙතුමා (3), බිම (3), බෙල්ල (3), බැලුවෙමි (3), එකෙක් (3), ආරම්භ (3), බැන්දෙන් (3), සෙඩ් (3), ඔෆ් (3), ඩියර් (3), දිස් (3), විල් (3), ගිනි (3), යුව (3), අයියාගේ (3), පිල්ම් (3), ගානක් (3), වෙන්නත් (3), හිඟන (3), ඕයි (3), කරපු (3), ලෝයල්ටි (3), පොයින්ට්ස් (3), ඔබේ (3), powered (2), com (2), about (2), may (2), july (2), january (2), february (2), archive (2), රීතියක් (2), හිඟන්නෙකි (2), මැක්කන් (2), කිනිතුල්ලන් (2), අනවසර (2), ඉදිකිරීම් (2), වල් (2), රොත්තක් (2), ජර්මන් (2), සැපට් (2), කැපී (2), යම් (2), සේද (2), රියක් (2), බොහෝම (2), posts (2), අන්තිම (2), ගත්ත (2), ආවෙ (2), රශ්නයක් (2), අපල (2), මිදෙන්න (2), රෙද්ද (2), යනවා (2), මහත්තයාගේ (2), ඉවර (2), වෙද්දි (2), මොනාහරි (2), ගෙඩිය (2), කොළේ (2), ඒකෙ (2), හේතු (2), මහත්තයාට (2), මහත්තයා (2), වෙනම (2), තිබ්බෙ (2), ඇවිත් (2), සියළුම (2), හැමෝටම (2), උත්තර (2), එකපාර (2), වෙලාවට (2), මේකට (2), හානේ (2), බුදු (2), කොහෙද (2), උස්සන් (2), ෂහ් (2), හක්ගෙඩියක් (2), මේකෙ (2), කොයි (2), දීලා (2), ඉස්සරහට (2), දුවේ (2), ඔබතුමා (2), දන්නවද (2), ස්ථානගත (2), කාරිය (2), රවී (2), අයත් (2), දැනගන්න (2), නෙහ් (2), රැකියාවක් (2), ම්ම්ම්ම්ම් (2), ගැනත් (2), එකයි (2), දෙයියෙක් (2), රැකියා (2), ඉස්සර (2), තරයේ (2), ගත්තා (2), මුද්දක් (2), ගන්නවා (2), හොදට (2), ඔව්වොව් (2), වැඩිය (2), අතක් (2), පයක් (2), එපායැ (2), හම් (2), ගෙවී (2), කරා (2), පරිවාර (2), බලාගෙන (2), පේන්නෙ (2), 2017 (2), oct (2), අයට (2), සත් (2), ඕකනෙ (2), හෙට (2), ඉඳන් (2), දමනය (2), සිතින් (2), දුර (2), සිත (2), අමතක (2), ආයතනයක් (2), අරගෙන (2), දුක් (2), ඇහුන්කම් (2), එහෙමයි (2), පැය (2), විසි (2), බලාපොරොත්තුවෙන් (2), උදාහරණ (2), අඩු (2), ඔයාව (2), අන්තිමට (2), සාමාන් (2), ආයතනයේ (2), ඕනම (2), ගන්නත් (2), මානව (2), වගේද (2), ඉන්ක් (2), රිමන්ට් (2), ඉන්නේ (2), පහළොවක් (2), නම් (2), එපා (2), සර්ලා (2), කීයක් (2), ශක්තිය (2), දුර්වලතාවය (2), කිරීමේදී (2), ඔප් (2), සඳහාත් (2), රෙඩිට් (2), හැකියාවක් (2), පවුල් (2), ගොඩ (2), එකකට (2), සොරි (2), ඔබට (2), ඉන්ටර්විව් (2), නැතත් (2), හිහි (2), තිස්සෙම (2), හිතෙනවා (2), වැඩකාරයෙක් (2), ගැනීමට (2), අපහසු (2), හිතන්නේ (2), තුළ (2), දකින්න (2), අවංක (2), කෑලි (2), විතර (2), කළේ (2), මුලින්ම (2), ඡායාරූපයක් (2), මෙතරම් (2), සෙනඟක් (2), අහෝ (2), වහාම (2), පේජ් (2), පැහැදිලි (2), තිබුණේ (2), වැරදි (2), ගුරු (2), එකක්වත් (2), වතුර (2), කඩුල්ල (2), පැන (2), මුන් (2), පනින්නෙ (2), ගහනවා (2), ලැබුණි (2), යුතු (2), ඉටු (2), දෙස (2), රාව (2), දෙන්නෙ (2), වැස්සි (2), සීමා (2), දැක්කාම (2), ලාංකීය (2), වනාහී (2), වහු (2), යන් (2), අම්මා (2), ඇගේ (2), කාට (2), දෙන්නද (2), මොනවට (2), පොටෝ (2), සිනහවක් (2), එයි (2), හරක් (2), හදමු (2), කිරිනෙ (2), මොනාද (2), ඔවුන් (2), දුටු (2), සිනාවක් (2), එක්සෑග්ලි (2), බලන (2), උන්ගේ (2), කඳුලු (2), දිහා (2), මැටි (2), සොට් (2), පෙට් (2), රල් (2), හුදෙක් (2), දන් (2), චතුර (2), දැනුවත් (2), යවනවා (2), ලැට් (2), තැන්පත් (2), ලියන (2), වර්ධනය (2), අඩංගු (2), මතුවිය (2), ගියේය (2), උඩින් (2), එතෙන්ට (2), රයි (2), කරගන්නා (2), සිය (2), හැර (2), නැවත (2), සමඟම (2), වැඩේට (2), රාමනායක (2), කෙල්ල (2), කෙල්ලෙක් (2), එළදෙනගෙන් (2), ලංකාව (2), පාරිභෝගිකයාට (2), ඇඩ්වටයිස් (2), එයින් (2), තැන (2), කවුද (2), ඇහුවාම (2), පටන් (2), එහා (2), ඉදිරිපස (2), එල්ල (2), බෝඩ් (2), ලෑල්ල (2), චිත්ත (2), මෙවැනි (2), කිරීම (2), ස්වාමීණී (2), තොරව (2), හිස් (2), මෙලොව (2), සිදුවන (2), කෙනෙකුට (2), පහදා (2), පල්ලා (2), බැරෑරුම් (2), දේවාලයේ (2), දේවාලයට (2), ඉඩි (2), යාලුවනේ (2), කාලේ (2), සෙත් (2), ඇදන් (2), මිනිස්සුන්ට (2), පුළුවන් (2), කොඩිවිනයක් (2), දේවාලේ (2), දුරකතනය (2), හරහා (2), ලෝකයේ (2), ඇත්තේ (2), දේවාල (2), ෆීලින් (2), විසූකදස්සනා (2), ඉපදුනේ (2), කවද්ද (2), ගෝලයාය (2), සකරබ් (2), රාහ්මණ (2), ඉතා (2), ඉදිරියේ (2), අතට (2), රීතී (2), පිටුපසින් (2), එල්ලා (2), එල් (2), ජෝඩුව (2), වරමක් (2), ඇතැයි (2), යුතුය (2), යුත්තේ (2), ටිකකින් (2), අරමුණ (2), සින්දුවක් (2), මෙහෙ (2), උනා (2), අයියේ (2), ඇසුණු (2), පෙනෙන්නට (2), වූද (2), විවර (2), aug (2), මැනේජර (2), සිටී (2), දිගනම් (2), ඔප්ශන් (2), වන් (2), සැම (2), මීයන් (2), මිස (2), පුහුණු (2), තවමත් (2), කුමක් (2), අපහට (2), නව් (2), ෆස්ට් (2), ඕල් (2), පුට් (2), ඩෝග් (2), කල් (2), එක්සලනට් (2), ඉට් (2), හැරී (2), ලෙට් (2), ඉස් (2), රෙග් (2), රැට් (2), මැතිඳ (2), වෙල් (2), නෝටඩ් (2), ඉන්ෆොර්ම්ඩ් (2), සුනිලා (2), ඩිඩ්ඩි (2), ඩික් (2), දන්නේ (2), ඇහ් (2), පහක් (2), යන්නට (2), ඔහුගේ (2), මුහුණ (2), මුහුණේ (2), තුන් (2), පාරක් (2), ශබ්දයක් (2), කතාව (2), විජයබා (2), කොල්ලය (2), මරු (2), වෙච්ච (2), කැරක්ටර් (2), කියලද (2), මල්ලිට (2), මහදැනමුත්තා (2), ෆන් (2), ඉතිහාස (2), සමාජයේ (2), ස්තූතියි (2), සුපිරි (2), තියෙන්නේ (2), හිටිය (2), දැමූ (2), සිනමාවේ (2), ඉල්ලීම (2), කෙසේනම් (2), ලෑස්ති (2), කලාකරුවෙක් (2), උත්සහ (2), මල්ලී (2), තුන (2), පෑවේය (2), ඔවුන්ගේ (2), සැරිසරනවා (2), වෙන්නේ (2), ෆිල්ම් (2), ඩොක්ටර් (2), ඇඳී (2), හොස්පිටල් (2), කන් (2), කළා (2), සීයයි (2), දෙන්නා (2), ඉහි (2), හුටා (2), මහතාගේ (2), ඉයෝව් (2), ළංවීමි (2), කරගත් (2), යකාට (2), සමගින් (2), ගානකට (2), ඩින්ටි (2), ටිටි (2), කුටු (2), 2020 (2), copyright, design, theme, newbloggerthemes, sandpatrol, followers, view, complete, profile, chinthaka, weerakkody, report, abuse, this, වින්දනීය, ගැට, රතිඵලය, දුටුවාම, පේරගැට, උඹයි, මායි, ආයෙමත්, හෝම්ස්, අලිගැට, categories, මාතෘකාවෙන්, ගැනීම, හේතුවෙන්, උත්පාදනය, කියවුනද, ආකාර, නොවේයයි, සිතෙන්නේ, කැඩී, ඈඳී, පේරාදෙණියේ, ගැනීමේ, රීතිය, නිමිත්තෙනි, හර්ට්ස්, විස්සත්, විසිදාහත්, 20hz, 20000hz, මනුස්ස, කනේ, ස්වර, පරාසයට, ගෝචර, නානාප්, රකාර, අතරෙ, කලාතුරකින්, ඇහෙන, දුර්ලභ, ශබ්දත්, වචනයයි, අකුරු, දෙකයි, popular, btemplates, older, වාක්, රිකානු, කියුමකින්, එළියෙ, හතුරන්ට, හානියක්, කරන්ඩ, ඇතුළෙ, හතුරෝ, ගස්සගෙන, නැගිටන්, කාමරේ, ළඟටම, ආපහු, හැරෙන්න, පිස්සගේ, වතාවටත්, කපුවෝ, තොගෙ, ළඟට, බඩගිනි, හැටි, දැනගන්නද, වීස, ඕනෙය, පරිස්සන්, උනොත්, අනතුරු, ඒවත්, තෝම, මනුස්සයෙක්, තැනකට, මොකක්, සහනයක්, හොයාගෙන, පෙරේත, කුම්බාන්ඩ, දෝස, දීපිය, මගෙ, සීය, ගොඩත්, ඔක්කොම, ලියලා, වෙයිනෙ, හොද්දක්, හදාගෙන, කන්න, බඩගිනිනෙ, මොකටද, නොපසුබට, උත්සාහයෙන්, තුන්වන, ලියපු, රියාත්මක, කරවන, තුනම, ගෙඩියේ, හිලකුත්, හදලා, කොළෙත්, ශ්නවලට, වළක්වලා, රශ්නයත්, වළක්වන්න, ඉන්නකෝ, කොළේක, දුන්න, සීයත්, යනින්, රාත්තලකුයි, තුනක්, හතරක්, කියන්නකො, දුකනම්, උරුමනේ, ඒකටත්, පිළියමක්, කරන්නං, තුමා, විහිළුවකට, ගත්තද, දහසක්, දුක, වැහෙන්නෙ, හුළගට, වෙන්ඩැ, ඇරපු, අඩේට, දුම, අල්ලලා, බරට, හිටින්ඩ, වැලි, පුරවන්ඩ, ඔබතුමාටනම්, අත්වෙන්න, පුද, ඒකෙනම්, දන්නෙ, දුව, රිප්, යද්දි, දැකලා, මහත්තයට, දෙන්නම්, නියමයිනේ, පැත්තටද, කැරකිලා, කොහෙන්ද, ඉදන්, පාත්තුන, දුවෙක්, බලමු, ගොඩින්, බේරගමු, පෙරේතයෝ, අල්ලන්න, කට්ටඩියෙක්, කුප්පියක, දවල්, දඩාස්, ගාලා, වැහුනා, පස්, කොහොමෙයි, ආරක්ෂවටනම්, ඕනෙමයි, හොල්මන්, හොදටම, දැනිලා, සිකුරා, හත්වැන්නේ, වීමනම්, ලකුණක්, ඒකේ, රතිපල, ගන්නනම්, පත්තරේක, මංගල, දැන්නීමක්, මහත්තයෙක්ට, විවාහය, ඉඳලා, පරිස්සමෙන්, හින්ද, හරියයි, හොඳයිනම්, වෙනදට, හම්බු, හොඳයිද, රවිනම්, හත්වැන්නෙ, ලාබ, අමාරුවෙන්, ජීවත්, පරක්කු, ගැටගහගන්න, මුගෙ, පාස්පෝට්, වීසයි, එහෙමටම, දෙයක්නම්, රජෝ, ටිකනම්, හරියටම, තියෙන්ඩ, ටුවර්, අධිපති, ආආආ, හිටින්ට, පුරප්පාඩු, හොයලා, ඉල්ලුන්, එක්කෙනෙක්, යෝග, ඊළගට, උතුම්, මාතෘ, භූමියේ, අභිවෘද්ධිය, ඉදිරි, ගමන, රටින්, පිටවී, රටකට, සිහියට, සුරයක්, ඉල්ල, රිකට්, ගහන, බෝල්, ගාඩ්, දාන්නෙ, වැදුනට, පසුතැවිලි, නරක, අනතුරුදායක, වැඩවල, නොයෙදෙන, නේන්නන්, වළකන්න, මැණික්, දාන්න, වෙයිද, බෝධි, කැඩෙන්න, ඇක්සිඩන්ට්, යකාම, ඇක්සිඩැන්ට්, අසනීපයක්, ආවොත්, සෙනසුරානම්, අනිවාරෙන්ම, කඩනවලු, ටෙක්නිකල්, ඩීටේල්ස්, රහයො, එහාට, මෙහාට, අවලමේ, දේනෙ, මේකනෙ, සෙනසුරු, දසාව, හතේ, කුජය, බැල්ම, ශනි, දෝශ, සැර, බාල, බරහස්පති, කාලෙකට, හමන්, දේකට, සන්තෝශයෙන්, ඇඟත්, අරක්, රහයොත්, වෙලිලා, සහතික, ඇත්ත, හිටියා, බලගතුයි, දක්ශ, පෙනුමක්, වාසනාවන්ත, තරුණයෙක්, පිස්සෙක්, ලවා, කේන්දරේ, බලවාගත්තෙමි, නොතේරෙන, ඔයාට, අනාගතයක්, සෑම, දෙයටම, මුල්, සිතයි, ආයතනයේදී, පහසුකම්, සළසනවා, රශ්නය, සේවක, හදට, සමීප, සුහදශීලීව, ගැනවිල්ලකටම, මාසෙකට, ඒකටම, ඇහුන්කන්, සාවධානව, මාසෙත්, තැනක, ඉඳගෙන, හතරම, meeting, නිර්මාණශීලී, අකාරයට, හේතුවක්, මීටින්, ඕගනයිස්, කිරීමේ, හැකියාවත්, කම්ප්ලේන්, සේවා, කාලය, ඇතුළත, වැඩිවීම, සුළං, රවාහය, අඩුවීම, අධික, වර්ෂාපතනය, හඳුන්වන්න, අහ්, පඩියට, ඉල්ලන්නෙත්, පඩි, කොම්පැනියක්, හොයා, කිවුවත්, යන්නෙ, නෙවෙයි, රතිලාබ, පුතා, යයෙන්, දක්ශතාවය, තියෙනවානම්, පඩියක්, තනතුරක්, මාස, හයෙන්, ධම්මික, පෙරේරාට, කන්සල්ට්, ලෙවල්, ආවත්, පඩිය, වැඩ්, දන්නවනෙ, සම්පත, වටින, සම්පතක්, එවා, සැඟවී, තරමට, රොබේෂන්, පර්මනන්ට්, තියේවිද, ළගටම, පන්දහ, එක්ලක්ෂ, ලියා, මහිතේ, කවුරුත්, ගාන, ඉල්ලන්න, ceo, අඩුවට, කොලිපිකේෂන්ස්, හාඩ්, වර්කින්, රියේටිව්, මිනිමල්, සුපර්විශන්, බයිලා, ගහයි, අහගෙන, ඉදලා, විසිදාහෙන්, එහානම්, හිතාගෙන, සැලරි, බලාපොරොත්තු, වෙනවාද, එකෙදි, සර්ට, රධාන, එකතු, විශේෂයෙන්ම, ටීම්, සාර්ථකත්වය, රඳා, පවතින, රධානම, සාධකය, අන්, අයගේ, දක්ශතා, නැංවීම, ඔවුන්ට, අත්දැකීම, ලබාදීම, පැවරීම, කැපකිරීම, ගැනීමටත්, සහජ, එහෙම්මම්, කැරළි, කෝලහාල, trip, outbound, training, ඊළඟටසමූහයක්, පවුලක්, එක්ස්කියුස්මී, හෙලෝ, විකලාංගනී, ජෙනෙටර්, එකටද, රියන්ත, මහඋල්පතගම, වටිස්, නේම්, හෙහෙ, රාම, තේරුණා, නියමයි, ඇත්තටම, දුර්වලතාවයක්, හිතන්න, කෘදන්තට, පඩයක්, පහුගිය, ගානටම, පඩය, සද්දෙට, වීදුරු, හෙල්ලෙන්න, smoke, detectors, fire, brigade, පඩෙන්, ගඳනම්, කමක්, ම්ම්ම්, පළාතෙවත්, ඉන්නවානම්, කියන්නත්, කට්ටියට, නොසිතෙන, බලාගන්නත්, ලේඛන, රසවත්, ආකාරයට, යාකරණානුකූලව, රබන්ධ, රබල, සැබෑ, අරුත, යංගාර්ථයෙන්, සඟවා, තබා, පාඨකයාව, කුතුහළය, නවතම, මානයක්, යමින්, රහසනවාදී, රපංචයක්, විමධ්, යගත, වික්ෂිප්ත, කිරීමටත්, රධානතම, strength, පේන්න, ඔනෙ, එපෑ, පහකින්, ඔබව, අදහස්, දැක්වීමක්, අපිත්, වේකන්සි, දාද්දි, market, leader, number, one, company, work, ඔයාලා, හිතලා, කැම්පස්, උනාට, දැනට, එකකින්වත්, රසිද්ධ, ඊළග, හම්බවෙනකල්, අවුරුද්දක්, හිටියත්, කියන්නකෝ, සම්බන්ධ, හිතුවේ, හරිම, apr, යවා, තිබීම, පමණක්, සිටින, ෆොටෝජෙනික්, වැස්සිය, සුළු, වැරද්දකින්, ගුරුට, සිතුවාටත්, පුබුදුවන, රතිචාරයකි, පෙරකී, ගුරූගේ, දැන්වීම, සොයාගත්තෙමි, සිදුවූ, ජනාධිපතිතුමාගේ, සිදුවී, පමණි, ගේය, මගේය, දැංවීම, දැම්මද, වාව්, ආච්ච්, හට්ටි, ගියාද, බහින්, ගංවතු, කාලගෝට්ටියක්, කිවුවේ, කඩුල්ලත්, කඩලා, කැරලි, මර්දනෙනුත්, පසුදින, ඇමතුම, ආච්චිගෙනි, ටයිප්, සියල්ලද, ඡායාරූපයද, පෙස්බුක්, යැවුවෙමි, එතුමාණෝ, මැදිහත්, විමසා, කාර්යය, බාර, ගත්හ, කෝකටත්, කියා, රඩක්ෂන්, වදාළ, සේවය, උපදෙස්, පෘතක්ජනයන්, දිවැසින්, නියම්ගම්, පාද, යාත්, ඇරඹුවෙමි, චූට්ටන්, අකුරෙන්, පෝස්ටරේම, පල්ලෙහා, කොනෙන්, පිස්සුද, අරං, බලද්දි, හොයනකොට, ගාණට, අන්න, නැතුං, පැණිත්, දෙනවද, මේත්, බෝතලේ, ඕකත්, දැක්ක, පෝලිං, ගැහිලා, එනවා, සිංහලද, බැඳලද, අහනවා, අභියෝගයක්, මායිම්, බිඳලා, කඩුලු, පැනලා, කොල්ලන්ගේ, ගොන්, මොරාල්, බිඳ, ඔබත්, කොටසේ, එන්නේ, මන්දා, කියනවානම්, ආන්න, පොයින්ට්, රේක්ෂකයා, දෙපැත්තට, බෙදිලා, හිටු, මරාගන්නවා, සත්තුත්, මිනිසාගේ, පරිභෝජනය, සත්ව, හිංසාවක්ය, පැටියා, පවුය, අඬනවාය, ඉස්කෝලෙ, රුබෙල්ලා, එන්නත, ගැහුවේ, නිසදැස්, ලියනවා, පැල්, කවි, අන්තිමේ, දෙගොල්ලගෙන්ම, රොමෝට්, මෙතෙන්දි, ඒකිගෙ, පැටියට, පුතාට, මාතෘත්වය, පිළිබඳ, ලාංකික, කුටුම්බය, නැතිනම්, මුදවා, ඉමෝසනල්, උඩින්ම, කුරිරු, ගහන්නේ, සුවර්, හිට්, පට්ටියක්ම, ගේන්න, ලංකාවෙ, ඉස්ටෙප්, කරන්නම්, රින්ට්, පළාතෙම, තාප්ප, වනසමු, මන්ද, පුදුමයට, පත්, වුනා, පිටතින්, දැක්කේ, උස්සා, බැලූ, දෙයින්, කොහොම, ගොසිප්, සයිට්, විස්තර, ඇතුළෙන්, දර්පණාගේ, රූපෙත්, බොඳ, පල්ලැහින්, වාක්කයක්, මුහුණට, වියරු, නැගුණු, නොපෙනෙන්නට, දාල, හ්ම්, මාකට්, අමාරුයි, වහලා, සව්, කෑල්ල, අයින්, රෙදි, කෑල්ලකින්, හට්ටිය, වහමු, කියවන, පිරිලා, සෙම, බුරුල්, පපුවෙ, මහන්සිය, හැදෙන්න, පටාචාරා, ජාතකේ, ගහපු, තොරණ, කම්මුලට, හීල්ලුවා, හූල්ලන්න, කොම්පැණිය, වෙනුවෙන්නෙ, හට්ටියටත්, මන්ත්, ගෙවල්, උගස්, විඳගෙන, පුච්චගෙන, අවුල්, සුබසිද්දිය, සඳහා, නොවේය, පොදු, ජනතාටගේ, යහපත, තකාය, පෙන්නන, මොකෙක්, මගෙන්, ඇහුවොත්, මාත්, ලියහං, නූගත්, කාන්තාවකට, හැකි, පරිද්දෙන්, දන්නා, මාකටන්, තියරීස්, ලෝඩ්, එකක්ම, හැළුවෙමි, බුද්ධිමත්, පෙනුම, වඩාත්, නැංවෙනු, සේනාරත්න, මුද්, දැක්වූවෙමි, රොඩක්ට්, නිෂ්පාදනය, මිනිස්සුන්ව, එකනෙ, හතර, දවසකින්, ගහලා, හැමතැනම, කනකොටයි, නානකොටයි, බස්, යනකොටයි, ගියාමයි, පේන, ඉබේම, මිනිස්සුන්ගේ, හිතේ, කොහෙ, කඩේක, මෙලෝ, වැඩකට, ගන්නමයි, හිතෙන්නේ, දැනන්, ඉන්නම, මොළේ, වෙනව, කිවුවාම, සිස්සත්වෙ, අම්මන්ඩිලා, හට්ටියත්, ගිල්ලයි, උන්ට, ලිවුවෙ, ඉග්ලුකෝ, පොඩිත්තන්ගේ, මොළය, වර්ධනයටත්, අස්ථිවල, තයිරොක්සින්, වර්ධනයට, උපකාරී, ග්ලූකෝමොකක්දෝයිමේට්, රොයිඩ්, වදන්, ඇමිණුවෙමි, ඡායාරූපය, ගැනීමේදී, එළදෙනට, ජෙනික්, වීමට, යාමෙන්, එළදෙන, ඡායාරූපයෙන්, හැළීයාමේ, අවදානමක්, විටදීත්, මූණ, කැමරාවට, හරවා, රමාණ, වෙහෙසක්, රමාණයක්, ගඟේ, ගඟට, කොක්කු, ගියෝය, ඌප්ස්, යකුනේ, කොයින්ද, කීවෙමි, මමත්, පහත්, චෝදනාව, දර්පණාගෙනි, ලියෝංගෙන්, ආකාරය, රැක්ටිස්, ලෙසට, දර්පණාට, අවවාද, කැමරා, ආදී, උපකරණ, දේශ, ගවේශණයෙහි, යෙදුනෙමි, සුපර්වයිස්, භාරගත්, රාජකාරිය, පැහැර, ගාලට, ගියෙමි, කෑමක්දැයි, අපහාස, මුඛයෙන්, ඉන්පසුව, හිතන්, හිටියේ, මූණෙ, ගාන්න, පැක්, එවන, දර්පණාව, හවුල්, කරගැනීම, තරමක්, කැම්පේන්, මූලාරම්භය, අස්සක, මුල්ලකම, කෑම්ප්, ගැසූ, ගසන, ගෙන්වා, පැවසූ, දෙවෙනි, පයින්, වූවාය, රතිබිම්බා, ඒකටනම්, ෂෝක්, ලස්ස්සන, මෝඩ, කීවේ, දැයි, දනී, වැටුනා, ආච්චිද, වැටී, අම්මට, තියෙනවද, ලයින්, අම්මාගෙන්, පෝෂණය, වගේමයි, පෝසනය, කෑමෙන්, ලැබෙන්නේ, ඕන්නම්, කාල, හට්ටියනම්, වටිනවා, එකකෙවුවට, කලබලේනෙ, කරද්දි, ඇත්තම, රඩක්ට්, පහසුව, වටිනාකමයි, පෙන්වන්නේ, වරෙන්, මගෙත්, ඉටැලික්, විකුනන්නේ, සතුට, පවුලේ, සම්බන්ධතා, නොකැඩෙන, වීශ්වාසය, සුරක්ෂිත, භෞමික, අඛන්ඩතාවය, ඔහොම, ආච්චිගෙ, වයසත්, සමාව, කීපයක්, අහන්නම්, හොඳට, හිතල, මතලා, විකුණන්නේ, කෙටි, කාලයක්, ගත්තෙමි, නමක්, දැම්මා, අලුත්නෙ, සනී, ලියෝන්, පෝන්, ලමිස්සියෙක්, බලන්, ඉන්දැද්දි, ආවාම, හංගගෙන, කිව්වෙ, නෙවේය, එළදෙනක්ය, වියාපාරයක්, එපාආහ්, යැක්, මොකුත්, බොමු, වසා, ගැනුම, ප්ලාස්ටික්, සිනාවකින්, මුව, සරසාගෙන, ඉදිරියට, ආවාය, උක්කුං, උඩු, බිරුවේය, ආච්ච්හීඊඊ, සිංහ, නාද, නැගුවෙමි, නිවසේ, දැකීමෙන්, සන්තාපයේ, පැනීම, කෙසේවීද, යත්, එවෙලේම, ඔනරබල්, එරෙහිව, භංගයත්, ඒමට, සිත්විය, මොඩනීකරනය, මුණුබුරෙක්, කුසලයකට, අනුව, ලැබුනද, වෙළඳ, පොළ, භාණ්ඩයක්, භාරදූර, වැඩකදී, සහය, නොපැතීම, හේතුවයි, ආච්ච්ගේ, අයිසින්, දැම්මෙමි, jun, හෙහ්, බොරු, උවනපුස්තකෙත්, කුමක්ද, දරුවනි, උවනපුස්තකයෙහි, සියලුම, කිසිදු, විචාරයකින්, හෙවිල්ලකින්, බැලිල්ලකින්, මුදුණින්, පිලිගන්නවා, කොටින්ම, යයැයි, දීමට, ඒත්තු, ගැන්වීමට, දරුවන්, යනුවෙන්, දිවුරනවා, වෙනුවට, පවසන්නේ, හැකිතාක්, උපරිම, ගෝල, සුසංයෝගය, යොමු, දේවාලෙ, දෙවියො, කාලෙකින්, අවිශ්වාස, ගනීද, පහසුයි, මෙම, මහතුන්, හඳුන්වන්නේ, පේජැඩමින්, ඔනෑම, තනතුර, දරන්න, විශ්මයජනකයි, සම්බන්ද, ඉන්නකොට, මස්, මාංශයෙන්, පේවිලා, ඉන්ට, එහෙම්මම, අමින්ගේ, රූපයක්, රුවන්වැලි, සෑය, හදන, රිකාවෙන්, ගෙන්නපු, වහල්, කණ්ඩායමේ, නායකයා, කිවුවොත්, අමින්, ජාතික, වීරයෙක්, සාන්ති, වාක්කෙකුත්, සක්කිලියා, මයියංගනේ, ගෑල්ලමයෙක්, කැළේට, ගියේ, සහිතයි, කාළකන්නියා, කඩුගන්නාවෙ, විද්දෙ, හෙණම, කොඩිවිනේ, කටුවක්, ඇඟට, සාන්තියක්, අණවිනයක්, වශයෙනුත්, ඕකට, ගහපන්, දකින, භක්තිකයෝ, හැඳි, ගෑවිලාම, තුඃ, නොදකින්, සම්මාදම්, ඕනෙනම්, හාදයගෙ, කෑල්ලක්, හොයන්, මහත්තයො, ලංකාවේදී, ඇඳීමේ, කොන්ත්, රාත්තුව, ලබා, දුන්නේය, මෙතුමාටයි, රටවල්, එකසිය, ගණනක, අතරන්, විශේෂයි, උවනපුස්තක, දේවාලයයි, වෙනත්, තිබෙනවාද, මෙතුමාට, හොරෙන්, හැපිද, ඕසං, නංගි, කොල්ලා, ළමෙක්, උත්තමයට, ලෝකේ, දේම, පේනවද, තාවචේද, විකාල, බෝජනා, උන්ගල්, ඝ්ර්, යෛඹ්ණ්ළ්ඛ්, අතිදක්ෂ, ඉක්මනින්, යාතිකාවක්, නිර්මාණය, කැලිෆෝනියානු, රාජිකයේ, කරුණා, නේත්, රයෙන්, මෙලොවට, බැලුම්, හෙළනා, දේවතාවා, ගෝලයා, දිගා, වූහ, ජංගම, එහි, ඔවුනට, පෙන්වූයෙමි, කදිම, අදහසක්, කල්හී, වටා, මමියක, කසී, සළු, ඔතා, සුවඳ, ගල්වා, දිළිසෙන, තිර, බලුප්, වැලක්, පරලෝ, සැපත්, ටෙන්ෂන්, වික්, රමළසුරේන්ද්, පින්, පිණිසය, සිතාගෙන, දේව, ලැබී, කියාය, සිතන, ආකාරයටනම්, කේන්ති, වැල්, එතිය, එරමිණියා, ගොතාගෙන, සෝෆාසනාරූඩ, දෙනෙත්, පියා, එල්ලේ, ඉදිරිය, ජනේලයෙන්, ඇඳුම, මාරු, නංගී, මනස, නාභි, අසරණයක්, කෙරේය, නැණැසට, කණ්නාඩියක්, වැටුණි, දෑස, කඳුලින්, පෙඟී, ජීවිතයේ, ඒකායන, වනුයේ, නියං, සිසාරා, අසරණයන්ට, පිහිට, නොවේද, කතර, ගෙවාගෙන, නොකියම, ආවට, සමාවෙයන්, බණ්ඩ, දැන, උගත්, පුද්ගලයෙකුගෙන්, උපදෙසක්, ලබාගැනීමටයි, අඩුවුනා, ආදයම්, මීළඟට, මයික්, රෆෝනය, ඉතිං, ඇඬේනවා, මිළ, මුදල්, යාන, වාහන
Text of the page (random words):
් බල්ලා ඩිඩ් එක්සලනට් හූ එව සජෙස්ටඩ් ඉට් ගෙට් ඉන්ක් රිමන්ට් මී මී මං මං යස් ඉට්ස් මී අගේන් සර් මැතිඳුනි කුමක් කරමුද අප බිල්ඩිමට ඇයි මොකෝ වට් හැපන්ට්ඩ් ඉස්ටෝරුවෙ දැන් කිසිවක් නැත ඉතිරී බල්ලා ගෙනා ගිනි හැමතැන යයි පැතිරී ස්ටෝරුවෙන් ඇරඹී ඔෆිසියට හැරී ගිනි දළු නැගේ දැන් දසදෙස දුමින් පිරී හව් කුඩ් යූ ලෙට් අ ෆයර් එන්ටර් ඉන් දිස් ඉස් නොට් වට් වී ආ එක්ස් පෙක්ටින් අ බබ සර් බල්ලා බ වෙරි ඩිසපොයින්ටින්ග් ඕ මා ගෝඩ් ක් රෙග්ලඩින්ටේශන් මැක්සිමිලියන් ග් රෙග් වෙන් කැන් අයි ගෙට් අ රිපොට් share read more aug 12 2018 අලුත් දෙයියෙක් හදමු on august 12 2018 with 4 comments උදේ පාන්දරම කවුදෝ දොරට තට්ටු කරන හඬක් ඇසුණේ අපේ ගෙදර බෙල් එකක් නැති හෙයිනි විවර වූ කුතුහලයෙන් යුතුව මම දොර විවර කළෙමි අඹ දඹ ජම්බෝල දූරියං අඩංගු බන්දේසියක් මුලින්ම දර්ශනය වූ අතර ඉන්පසු මොණර පිල් කළඹක් මගේ හිසේ ගෑවී නොගෑවී ගමන් කළේය කට්ට වෙට්ට කුමංජල් දුමෙන් පසු පොල් ගෙඩියක්ද දොරකඩ දෙපළු විය මා ඉදිරියේ උන් ජෝඩුවේ එකෙක් ස්වකීය සරවුන්ඩින් සවුන්ඩ් සිස්ටම් එකේ බේස් වැඩි කළේය ම්ම්ම්ම්මහත්මයා ආස බැන්දෙන් මෙර බැන්දෙන් පෙර සසර තෙර බැන්දෙන් අපි දෙදෙනා වනාහී අහවල් දේවාලයේ අධිගෘහිත ඝණ මේඝ වර්ණාවලියෙන් ඔඳ වැඩී ලොඳ හැළී ගියා වූද වේරම්ඹ වාතයෙන් ඇළී ගියා වූද එහා ගෙදර ඇන්ටි බිම පෙරළි පෙරළී බාරයක් ඔප්පු කිරීමට ආ අතර ඉන්පසු කාවඩි නටාගෙන එන කොල්ලන් සෙට් එකක් ඈතින් පෙනෙන්නට විය මම වහ වහා දොර වහා ගත්තේ ලොක් එක වැටීමට පෙර අර ජෝඩුවත් ගෘහස්ත කරවමිනි මොකක්ද අයියෙ කළේ මෙතන තව ටිකෙන් දේවාලයක් වෙනවා මිනිස්සු දුවන් එයි මට වරමක් ඇවිල්ලා කියලා එය ඇසුණු වහාම දෙකේ හතරේ පාංශුකූල දේහදාරී පුද්ගලයා කඳුලු සළමින් අඬන්නට විය ටිකකින් එකයි දශම පහේ තුනේ එකාද ඊට ජොයින් වූ නිසා දේවාලය මළ ගෙයක් විය අඬන ශබ්දය ඇසීමෙන් ටෙලි නාට්ටි සෙට් එක පටන් ගෙන ඇතැයි සිතූ දේවාලයට පැමිණි ආතුර සබා තොමෝ සියලු අපල සුව කරගෙන වහ වහා විසිර ගියහ ඒ පාර අඬන්න ගත්තා මොකක්ද අයියේ මේ සීන්ස් එක දේවාලේ නම ඇහුවාම ඇඬේනවා මල්ලි ඉස්සර අපි මිළ මුදල් යාන වාහන හරක බාන වතු පිටි සිරිත් විරිත් ඉමක් කොනක් එකෙක් යුගල පද සිංහල පාඩම ආරම්භ කළේය ඊළඟට උපමා උපමේය පාඩමයි මේ විදියට සැපෙන් උන්නු අපේ සැපත හිරු දුටු පිණි සේ පුරන් වූ කුඹුරක් සේ මලට බඹරෙකු සේ නෑ නෑ ඒක සින්දුවක් වියැකී ගියා මහත්තයෝ ඉතිං මීළඟට මයික් රෆෝනය අතට ගත්තේ කොට ගෝලයාය ඊට පස්සේ මහත්තයෝ මිනිස්සු දේවාල විශ්වාස කරන එක අඩුවුනා අපේ ආදයම් නැති උනා ඉතින් මහත්තයෝ දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩ ආ ඒකත් සින්දුවක් මෙහෙ ආවේ ඔබතුමා වගේ දැන උගත් පුද්ගලයෙකුගෙන් උපදෙසක් ලබාගැනීමටයි මාගේ දෑස කඳුලින් පෙඟී ගියේය මගේ ජීවිතයේ ඒකායන අරමුණ වනුයේ ගම් නියං ගම් සිසාරා ගොස් මෙවැනි අසරණයන්ට පිහිට වීම නොවේද මම එරමිණියා ගොතාගෙන සෝෆාසනාරූඩ වී දෙනෙත් පියා එක එල්ලේ ඉදිරිය බැලුවෙමි මේ ඉස්සරහ ගෙදර ජනේලයෙන් පෙනෙන්නේ ඇඳුම මාරු කරන විසූකදස්සනා නංගී විය යුතුය නැත නැත මේ මොහොතේ මාගේ මනස නාභි ගත විය යුත්තේ මේ අසරණයක් කෙරේය ටිකකින් මගේ නැණැසට කණ්නාඩියක් වැටුණි ඉන්පසු අනිත් ඇස් දෙක හැර බලන කල්හී මගේ ඇඟ වටා මමියක මෙන් කසී සළු ඔතා සුවඳ ගල්වා පිටුපසින් දිළිසෙන තිර එල්ලා බෙල්ල වටේ එල් ඊ ඩී බලුප් වැලක් එල්ලා තිබුණු අතර එය පූජා කර තිබුණේ පරලෝ සැපත් ටෙන්ෂන් වික් රමළසුරේන්ද් රට පින් පිණිසය මුන් ජෝඩුව සිතාගෙන ඇත්තේ මට දේව වරමක් ලැබී ඇතැයි කියාය ඔබ සිතන ආකාරයටනම් මේ මොහොතේ මට කේන්ති ගොස් එල් ඊ ඩී වැල් උන්ගේ බෙල්ල වටේ එතිය යුතුය නැත නැත ප් රීතී ප් රීතී මට කදිම අදහසක් පහළ විය කපුවා සහ ගෝලයා මා ඉදිරියේ බිම දිගා වූහ මම මගේ ශ් රී ජංගම දුරකතනය අතට ගෙන එහි වූ ඡායාරූපයක් ඔවුනට පෙන්වූයෙමි කපුවා මේ තමා කැලිෆෝනියානු රාජිකයේ කරුණා නේත් රයෙන් මෙලොවට බැලුම් හෙළනා සකරබ් රාහ්මණ දේවතාවා සකරබ් රාහ්මණ තාවචේද විකාල බෝජනා උන්ගල් ඝ්ර් යෛ ර් යෛඹ්ණ්ළ්ඛ් ඓ අතිදක්ෂ කපුවා ඉතා ඉක්මනින් යාතිකාවක් නිර්මාණය කළේය දැන් මේ උත්තමයට මේ ලෝකේ වෙන හැම දේම පේනවද ඒ ගෝලයාය නැතුව මෙතුමාට හොරෙන් මෙලොව කිසිම දෙයක් කරන්න බෑ මේ මොහොතේ ඔබ ෆීලින් හැපිද ෆීලින් ඕසං ද කියලා මෙතුමා දන්නවා එතකොට අර ඉස්සරහ ගෙදර විසූකදස්සනා නංගි ඉපදුනේ කවද්ද කලින් කොල්ලා කවුද ලොකු ළමෙක් උනේ කවද්ද කියලා මෙතුමා දන්නවා මෙතුමා වෙනුවෙන් ලෝකයේ වෙනත් දේවාල තිබෙනවාද ස්වාමීණී ලෝකයේ ලොකුම දේවාලය ඇත්තේ මෙතුමාටයි රටවල් එකසිය ගණනක ඒ අතරන් ලංකාව විශේෂයි මේ දේවාලය උවනපුස්තක දේවාලයයි කපුවා දේවාලේ බෝඩ් ලෑල්ල ඇඳීමේ කොන්ත් රාත්තුව දුරකතනය හරහා ලබා දුන්නේය ලංකාවේදී මේ දේවාලය තුළ සෙයාර් කරන්න පුළුවන් ඒ කිවුවෙ මහත්තයො සෙයාර් කියන්නේ සෙත් සාන්තියක් වගේම අණවිනයක් වශයෙනුත් කරන්න පුලුවන් දෙයක් ඒ කියන්නේ මිනිස්සුන්ට පුළුවන් ඕකට හෙණ ගහපන් කියලා සෙයාර් කරන්න එතකොට ඒක දකින සෙයාර් භක්තිකයෝ හැඳි ගෑවිලාම පල තුඃ නොදකින් වගේ දේවල් වලින් ඒකට සම්මාදම් වෙනවා කොඩිවිනයක් කරන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ ඒ හාදයගෙ ෆොටෝ කෑල්ලක් හොයන් කටුවක් ගහනවා ඇඟට නෑ ඒක සෙයාර් කරනවා නිකන් නෙවේ පොඩි වාක්කෙකුත් එක්ක උදාහරණ වශයෙන් මෙන්න මේ සක්කිලියා තමා මයියංගනේ ගෑල්ලමයෙක් කැළේට ඇදන් ගියේ වීඩියෝ සහිතයි මෙන්න මේ කාළකන්නියා තමයි යාලුවනේ කඩුගන්නාවෙ ගල විද්දෙ ඔය වගේ ඉතින් ඕක සෙයාර් උනාම ඉතින් හෙණම කොඩිවිනේ එතකොට සෙත් සාන්ති ඒකත් එහෙම්මම තමා ඉතින් ඉඩි අමින්ගේ රූපයක් සෙයාර් කරලා මෙන්න මේ තමා යාලුවනේ රුවන්වැලි සෑය හදන කාලේ අප් රිකාවෙන් ගෙන්නපු වහල් කණ්ඩායමේ නායකයා උනේ කිවුවොත් ඉඩි අමින් ජාතික වීරයෙක් වෙනවා දැන් ඔය සෙයාර් කරන්න මස් මාංශයෙන් තොරව පේවිලා ඉන්ට ඕනෙද නෑ නෑ ලැට් එකේ ඉන්නකොට උනත් පුලුවන් විශ්මයජනකයි දැන් කොහොමද මහත්තයෝ අපි ඔය දේවාලයට සම්බන්ද වෙන්නෙ එය ඉතාම පහසුයි මෙම දේවාලයේ ඔබ වැනි කපු මහතුන් හඳුන්වන්නේ පේජැඩමින් වශයෙන් ඔනෑම කෙනෙකුට එම තනතුර දරන්න පුලුවන් ඉතින් මහත්තයෝ මේ දේවාලෙ දෙවියො ගැනත් කාලෙකින් මිනිස්සු අවිශ්වාස කරන්න ගනීද මම හැකිතාක් උපරිම බැරෑරුම් මුහුණක් කපු ගෝල සුසංයෝගය වෙත යොමු කළෙමි දරුවනි උවනපුස්තකයෙහි තිබෙන සියලුම දේවල් කිසිදු විචාරයකින් හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව බොහෝ දෙන හිස් මුදුණින් පිලිගන්නවා කොටින්ම මෙලොව සිදුවන දෙයක් සත් යයැයි වෙන කෙනෙකුට පහදා දීමට ඒත්තු ගැන්වීමට අම්මා පල්ලා දරුවන් පල්ලා යනුවෙන් දිවුරනවා වෙනුවට දැන් මිනිස්සු පවසන්නේ වෙනම දෙයක් ඒ කුමක්ද ස්වාමීණී හෙහ් බොරු වෙන්නෙ කොහොමද අර උවනපුස්තකෙත් තිබ්බෙ share read more jun 10 2018 ආච්ච්ගේ ඇඩ්වටයිසින් එකට අයිසින් දැම්මෙමි on june 10 2018 with 4 comments ආච්චිගේ නිවසේ ඉදිරිපස එල්ල තිබුණු මී කිරි ඇත බෝඩ් ලෑල්ල දැකීමෙන් මා චිත්ත සන්තාපයේ වර්ධනය වූ මල පැනීම කෙසේවීද යත් එවෙලේම ඔනරබල් ආච්චිට එරෙහිව විශ්වාස භංගයත් ගෙන ඒමට මට සිත්විය මා වැනි මොඩනීකරනය වූ මුණුබුරෙක් පෙර කළ කුසලයකට අනුව ලැබුනද මෙවැනි වෙළඳ පොළ භාණ්ඩයක් ඇඩ්වටයිස් කිරීම වැනි භාරදූර වැඩකදී මගේ සහය නොපැතීම ඊට හේතුවයි ආච්ච්හීඊඊ මම සිංහ නාද නැගුවෙමි එහා ගෙදර බල්ලා උඩු බිරුවේය හානේ උක්කුං පුතේ ආච්චි සිය වැරදි වසා ගැනුම පිණිස ප්ලාස්ටික් සිනාවකින් මුව සරසාගෙන ඉදිරියට ආවාය මොකුත් බොමු එපාආහ් මොකක්ද මේ මී කිරි සීන් එක මොනවද මේ ඇඩ්වටයිසින් මී කිරි ඇත යැක් ආ ඔය අපේ ලියෝං එළදෙනගෙන් ගන්න කිරිනෙ නිකන් ඉන්න එකේ පොඩි වියාපාරයක් පටන් ගත්ත ලියෝං ඔව් ඇයි උඹ දවසක් පෝන් එකේ කවුද ලමිස්සියෙක් දිහා බලන් ඉන්දැද්දි මං ආවාම හංගගෙන කිව්වෙ නෑ ඒ කෙල්ලෙක් නෙවේය එළදෙනක්ය කියලා නම ඇහුවාම කිවුවෙ ලියෝං ද කොහෙද සනී ලියෝන් ඔව්වොව් මම ඉතින් නමක් නැති තැන ඒක දැම්මා අලුත්නෙ අ අ බ බ ප නැ චි පෙ බ බ හරි හරි මම රී සෙට් වීම පිණිස කෙටි කාලයක් ගත්තෙමි හැබැයි ආච්චි ඔය වැඩේ කරන්නෙ ඔහොම නෙවේ ආච්චිගෙ වයසත් එක්ක සමාව දෙන්න පුලුවන් හැබැයි මම ප් රශ්න කීපයක් අහන්නම් ආච්චි හොඳට හිතල මතලා උත්තර දෙන්න ආච්චි දැන් මේ විකුණන්නේ මොනවාද මී කිරි හොඳම ඒවා නෑ ආච්චි නෑ එහෙම නෙවේ ආච්චි විකුනන්නේ සතුට පවුලේ සම්බන්ධතා නොකැඩෙන වීශ්වාසය සුරක්ෂිත හෙට දවසක් භෞමික අඛන්ඩතාවය ආච්චිගේ ඇස් දෙක සූම් ඉන් විය කට ඉටැලික් විය නෑ බන් මී කිරි විශ්වාස නැත්නම් වරෙන් යන්න මගෙත් එක්ක කලබලේනෙ ආච්චි අපි ඇඩ්වටයිස් කරද්දි ඇත්තම ප් රඩක්ට් එක නෙවේ අපි එයින් පාරිභෝගිකයාට දෙන පහසුව සහ වටිනාකමයි පෙන්වන්නේ වටිනාකම කියන්නේ ඉතින් ඕන්නම් කාල ඉවර උනාම මැටි හට්ටියනම් වටිනවා එකකෙවුවට නෑ ආච්චි එහෙම නෙවේ මේ ආච්චිගේ මී කිරි කෑමෙන් පාරිභෝගිකයාට ලැබෙන්නේ මොනවාද පෝසනය හරියට හරි අපි මෙහෙම ලයින් එකක් දාමු අම්මාගෙන් ලැබෙන පෝෂණය වගේමයි අම්මට මී කිරි තියෙනවද බන් ලංකාව හරි ට් රැක් එකට වැටුනා සේ ආච්චිද හරි ට් රැක් එකට වැටී ඇත ආච්චි මෝඩ කතාවක් කීවේ ඇයි දැයි ඔබ දැන් දනී අපි ෂෝක් ෆොටෝ එකක් දාමු ලස්ස්සන කෙල්ලෙක් එළදෙනගෙන් කිරි දොවන එකක් ආ ඒකටනම් අපේ දර්පණා කෙල්ල ඉන්නෙ දර්පණා ප් රතිබිම්බා ඉන්නවද ඉන්නවද හොඳයි හොඳයි මී කිරි කියන්නේ කන කෑමක්දැයි අසා අපහාස මුඛයෙන් කතා කොට ඉන්පසුව මම හිතන් හිටියේ මූණෙ ගාන්න පැක් කරලා එවන එකක් කියලා යයි කී දර්පණාව අපේ ඇඩ්වටයිසින් වැඩේට හවුල් කරගැනීම තරමක් අපහසු විය මෙය ඇඩ්වටයිසින් කැම්පේන් එකක මූලාරම්භය බවත් මෙය හැම අස්සක මුල්ලකම කෑම්ප් ගැසූ පසු තව තවත් ඇඩ් ගසන බවත් ඊළඟ ඇඩ් එකට රන්ජන් රාමනායක ගෙන්වා ගන්න බවත් පැවසූ විට ඈ දෙවෙනි පයින් කැමති වූවාය ලියෝංගෙන් කිරි දොවන ආකාරය ප් රැක්ටිස් කරගන්නා ලෙසට දර්පණාට තරයේ අවවාද කළ මා කැමරා ආදී උපකරණ සූදානම් කරගන්නා පිණිස දේශ ගවේශණයෙහි යෙදුනෙමි ඈ සුපර්වයිස් කිරීමට භාරගත් ආච්චි සිය රාජකාරිය පැහැර හැර තිබුණු අතර මා නැවත පැමිණි පසු ඈ සමඟම ගව ගාලට ගියෙමි කෝ ආච්චි කිරි නෑනෙ මම ගොඩ වෙලා ඉඳන් ට් රයි කරන්නේ ඒ චෝදනාව දර්පණාගෙනි මමත් පහත් වී බලා ඒක තමා ආච්චි කෝ යි කීවෙමි යකුනේ මේ චතුර අපේ හරකා උට කොයින්ද කිරි අර ඉන්නෙ ලියෝං පල එතෙන්ට ඌප්ස් ඡායාරූපය ගැනීමේදී දර්පණා එළදෙනට වඩා පොටෝ ජෙනික් වීමට යාමෙන් එළදෙන ඡායාරූපයෙන් හැළීයාමේ අවදානමක් මතුවිය කිරි දොවන විටදීත් මූණ කැමරාවට හරවා ගැනීමට ඈ අප් රමාණ වෙහෙසක් ගත් නිසා කිරි බොහෝ ප් රමාණයක් ගඟේ ගියේය ගඟට උඩින් කොක්කු ගියෝය ඉන්පසු මම වදන් ඇමිණුවෙමි පොඩිත්තන්ගේ මොළය වර්ධනයටත් අස්ථිවල තයිරොක්සින් වර්ධනයට උපකාරී වන ග්ලූකෝමොකක්දෝයිමේට් රොයිඩ් අඩංගු මොනාද පුතේ ඒ ඉග්ලුකෝ මන් දන් නෑ එහෙනම් ලිවුවෙ එහෙම තමයි ආච්චි අපි ලියන දේවල් දැනන් ඉන්නම ඕනෙ කියලා එකක් නෑ මොළේ වර්ධනය වෙනව කිවුවාම සිස්සත්වෙ ලියන පොඩි උන් ඉන්න අම්මන්ඩිලා කිරි හට්ටියත් එක්ක ගිල්ලයි පොඩි උන්ට අපිට දැන් වෙන්න ඕනෙ ආච්චි අපේ ප් රොඩක්ට් එක නිෂ්පාදනය ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එකනෙ දැන් මම මේ ෆොටෝ එක හතර වටේ යවනවා ටික දවසකින් වීඩියෝ එකක් ගහලා හැමතැනම යවනවා මිනිස්සු කනකොටයි නානකොටයි බස් එකේ යනකොටයි ලැට් එකට ගියාමයි පේන විදියට එතකොට ඉබේම ආච්චිගේ මී කිරි ගැන මිනිස්සුන්ගේ හිතේ තැන්පත් වෙනවා එතකොට කොහෙ හරි කඩේක දැක්කාම මෙලෝ වැඩකට නැතත් ගන්නමයි හිතෙන්නේ සල්ලි දීලා ආච්චි වැනි නූගත් කාන්තාවකට තේරුම් ගත හැකි පරිද්දෙන් මා දන්නා සියළුම මාකටන් තියරීස් ලෝඩ් එකක්ම ගේ ඉස්සරහ හැළුවෙමි මගේ බුද්ධිමත් පෙනුම වඩාත් ඔප් නැංවෙනු පිණිස චතුර සේනාරත්න මුද් රාව දැක්වූවෙමි මොකෙක් හරි මගෙන් ඕක ඇහුවොත් මන් දන් නෑනෙ මාත් දන්න එකක් ලියහං හරි එහෙනම් මේ දවස්වල යන් සීන් එක තමා අපි මේ ගෙවල් උගස් තියාගෙන දුක් විඳගෙන පෙට් රල් පුච්චගෙන පවුල් අවුල් කරගෙන බිස්නස් කරන්නෙ අපේ සුබසිද්දිය සඳහා නොවේය හුදෙක් පොදු ජනතාටගේ යහපත තකාය කියන එක පෙන්නන එක අපේ මන්ත් රී වගේ එක්සෑග්ලි එතකොට මේක දෙන්න ඕනෙ බලන කියවන උන්ගේ ඇස් කඳුලු වලින් පිරිලා සෙම බුරුල් වෙලා පපුවෙ මහන්සිය හැදෙන්න අර ආච්චි පටාචාරා ජාතකේ ගහපු තොරණ දිහා බලාගෙන කම්මුලට අත තියාගෙන හීල්ලුවා වගේ හූල්ලන්න ඕනෙ අනේ මේ කොම්පැණිය අපි වෙනුවෙන්නෙ මේ මහන්සි වෙන්නෙ කියලා ඊළඟට අපි ඔය මැටි කිරි හට්ටියටත් සොට් එක දෙන්න ඕනෙ ඈ හ්ම් ඕක මාකට් කරන්න අමාරුයි අපි ඔය වහලා තියෙන සව් කොළ කෑල්ල අයින් කරලා රෙදි කෑල්ලකින් කිරි හට්ටිය වහමු වහ දාල මගේ මුහුණට වියරු සිනාවක් නැගුණු බව ආච්චිට නොපෙනෙන්නට ඇත මන් දන්නවා ගොසිප් සයිට් එකක් කරන පොරක් අපි මේ කිරි බිස්නස් එකේ විස්තර ඇතුළෙන් දාලා වෙන ෆොටෝ එකක් අරන් දර්පණාගේ රූපෙත් බොඳ කරලා දාලා පල්ලැහින් මෙහෙම වාක්කයක් දාමු කොහොම පිටතින් ඔවුන් දැක්කේ සාමාන් ය දෙයක් නමුත් රෙද්ද උස්සා බැලූ විට දුටු දෙයින් ඔවුන් පුදුමයට පත් වුනා මොනාද මී කිරිනෙ ආච්චි අනේ මන්ද බන් සුවර් ආච්චි මේක හිට් වෙනවා ආච්චිට බිස්නස් එයි තව හරක් පට්ටියක්ම ගේන්න ඒ තරම් හරක් ලංකාවෙ ඉන්නෙ ඒක ඇවිල්ලා ඊළඟ ඉස්ටෙප් එක දැන් මේක හදමු මේක මන් පේස්බුක් එකේ සෙයාර් කරන්නම් තව සෙට් එකක් ප් රින්ට් කරලා පළාතෙම තාප්ප ටික වනසමු දැන් මොකක්ද උඹ ගහන්නේ නැවතත් කුරිරු සිනහවක් මේක හොඳ ඉමෝසනල් වෙන්න එපායැ මං කිවුවෙ දර්පණා කිරි දොවන පොටෝ එක දානවා උඩින්ම දානවා ඇගේ කිරි මුදවා ඔබට නැතිනම් වෙන කාට දෙන්නද කියලා මේකෙ ආච්චි මාතෘත්වය පිළිබඳ ශ් රී ලාංකික කුටුම්බය මොනවට පැහැදිලි වෙනවා මොනවට ඔව් ආච්චි දැන් බලන්න අම්මා කෙනෙක් ඇගේ ලේ වලින් ලැබෙන කිරි පුතාට නැත්නම් වෙන කාට දෙන්නද එතකොට බන් මෙතෙන්දි වැස්සි ඒකිගෙ වහු පැටියට කිරි දෙන්නෙ නෑනෙ ආන්න ආච්චි පොයින්ට් එකට ආවා දැන් ඕක පේස්බුක් ගියාම ලාංකීය ප් රේක්ෂකයා දෙපැත්තට බෙදිලා හිටු කියලා මරාගන්නවා සෙට් එකක් කියනවා හරකා වගේම අනිත් සත්තුත් ඉන්නෙ මිනිසාගේ පරිභෝජනය කියලා අනිත් උන් කියනවා මේක වනාහී සත්ව හිංසාවක්ය අනේ වහු පැටියා පවුය ඌට කිරි නැතිය අඬනවාය ඉස්කෝලෙ යන් නැතිය රුබෙල්ලා එන්නත ගැහුවේ නැතිය කියලා නිසදැස් ලියනවා පැල් කවි කියනවා අන්තිමේ වෙන්නෙ ඔය දෙගොල්ලගෙන්ම අපි ප් රොමෝට් වෙන එක අනේ මන්දා බන් උඹ කියනවානම් එහෙම වෙන්න ඇති අර ෆොටෝ එක පහළ කොටසේ එන්නේ මෙහෙම එකක් හොඳ සිංහල මුදවපු කිරි ගන්න එන්න ඔබත් සීමා බිඳ කඩුල්ල පැන ඕකත් අර වගේම තමා සිංහල දැක්ක ගමන් එක සෙට් එකක් පෝලිං ගැහිලා එනවා තව සෙට් එකක් ඇයි ඩෝ වැස්සි සිංහලද හරකා බැඳලද වගේ ඒවා අහනවා ඊට පස්සෙ අපි අභියෝගයක් දෙනවා එන්න සීමා මායිම් බිඳලා කඩුලු පැනලා ඕක දැක්කාම කොල්ලන්ගේ ගොන් මොරාල් අප් වෙනවා එතකොට පැණි බෝතලේ ගැන මොකෝ කියන්නේ ආච්චි පැණිත් දෙනවද මේත් එක්ක නැතුං ආච්චිට පිස්සුද අපි දෙන්නෙ කිරි විතරයි ඒක ගෙදර අරං ගිහින් බලද්දි පැණි නෑනෙ ඊට පස්සෙ පැණි හොයනකොට වැඩි ගාණට දෙනවා අන්න එහෙමයි හරි නෑ පුතේ එහෙනම් ඉතින් චූට්ටන් අකුරෙන් අපේ පෝස්ටරේම පල්ලෙහා කොනෙන් ගහමු පැණි නැත කියලා මම ටයිප් විය යුතු සියල්ලද ඡායාරූපයද පෙස්බුක් පේජ් ගුරු කෙනෙක් වෙත යැවුවෙමි එතුමාණෝ මැදිහත් සිතින් විමසා බලා කාර්යය ඉටු කිරීමට බාර ගත්හ කෝකටත් කියා ආච්චිට ප් රඩක්ෂන් වැඩි කරන ලෙස වදාළ මා තවත් මාගේ සේවය හා උපදෙස් අවශ් ය පෘතක්ජනයන් දෙස දිවැසින් බලා ගම් නියම්ගම් වලට යන පාද යාත් රාව ඇරඹුවෙමි පසුදින මා බලාපොරොත්තුවෙන් උන් ඇමතුම ලැබුණි ඒ ආච්චිගෙනි බුදු පුතේ පුදුම සෙනඟක් මෙතන ලොකු කාලගෝට්ටියක් උඹ අර කඩුල්ල පැන එන්න කිවුවේ මුන් පනින්නෙ නෑ කඩුල්ලත් කඩලා දාලා දැන් කැරලි මර්දනෙනුත් ආවා වතුර ගහනවා වතුර බහින් නැතුව ගංවතු වාව් ආච්ච් කිරි හට්ටි කීයක් ගියාද එකක්වත් නෑ බන් උඹ අර දැංවීම දැම්මද මෙය සිතුවාටත් වඩා සිත පුබුදුවන ප් රතිචාරයකි මෙතරම් සෙනඟක් අහෝ අහෝ මම වහාම පෙරකී පේස්බුක් ගුරූගේ පේජ් එකට ගොස් අපේ දැන්වීම සොයාගත්තෙමි සිදුවූ ඇති දේ ජනාධිපතිතුමාගේ කතාවක් මෙන් පැහැදිලි විය සිදුවී තිබුණේ වැරදි දෙකක් පමණි එකක් පේස්බුක් ගුරු ගේය අනික මගේය 1 ගුරුට හොඳ සිංහල මුදවපු කිරි ගන්න එකේ මුදවපු අමතක වීම 2 සුළු වැරද්දකින් වැස්සිය නැතුව හොඳ ෆොටෝජෙනික් දර්පණා පමණක් සිටින ඡායාරූපයක් යවා තිබීම share read more apr 17 2018 හරිම අවංක ඉන්ටර්විව් එකක් on april 17 2018 with 7 comments ඔව් කෘදන්ත මුලින්ම කියන්නකෝ බලන්න ඇයි ඔයා මේ ආයතනය එක්ක සම්බන්ධ වෙන්න හිතුවේ කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ මම දැනට cv පහළොවක් විතර දාලා තියෙනවා ජොබ් වලට එකකින්වත් කතා කළේ නෑ මේ ආයතනය එච්චර ප් රසිද්ධ නැති ආයතනයක් උනත් ඉතින් ඊළග හොඳ ජොබ් එකක් හම්බවෙනකල් අවුරුද්දක් හිටියත් ඇති මට ඉතාම අවංක අදහස් දැක්වීමක් කෘදන්ත අපිත් වේකන්සි ඇඩ් එක දාද්දි market leader number one company to work වගේ කෑලි දානවා ඒ ඔයාලා වගේ අය ගොඩක් කැමති වෙයි කියලා හිතලා හොඳයි තව අවුරුදු පහකින් ඔබ ඔබව දකින්න කැමති කොහොමද සර්ලා ඉතින් මාව දකින්න කැමති විදියට තමයි ඉතින් මට මාව පේන්න ඔනෙ නැත්නම් වෙන ජොබ් එකක් හොයාගන්න එපෑ මොකක්ද ඔයාගේ ප් රධානතම ශක්තිය strength එක මගේ ලේඛන හැකියාව සර් ඒකත් එක්ක බොහෝම රසවත් ආකාරයට ව් යාකරණානුකූලව තේරුම් ගැනීමට අපහසු ඊ මේල් ප් රබන්ධ කරන්න මට පුලුවන් මම හිතන්නේ ඒක මගේ තියෙන ප් රබල හැකියාවක් ඒ වගේම ඊ මේල් එකේ සැබෑ අරුත ව් යංගාර්ථයෙන් සඟවා තබා පාඨකයාව කුතුහළය තුළින් නවතම මානයක් කරා ගෙන යමින් ප් රහසනවාදී ප් රපංචයක් තුළ විමධ් යගත කොට වික්ෂිප්ත කිරීමටත් මට පුලුවන් අ ආ බ බ බොහොම හොඳයි ඔයාගේ තියෙන ලොකුම දුර්වලතාවය මොකක්ද ම්ම්ම් මට හැම තිස්සෙම හිතෙනවා මම හෙණ වැඩකාරයෙක් මම තරම් කෙනෙක් පළාතෙවත් නෑ කියලා වැඩක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඒ මම විතරයි කියලා ඒ වගේම මට හිතෙනවා ඒක හැමෝටම කියන්නත් අනිත් කට්ටියට එහෙම නොසිතෙන විදියට වග බලාගන්නත් නියමයි ඇත්තටම ඒ දුර්වලතාවයක් නෙවේ කෘදන්ත හිතන්න කෘදන්තට පඩයක් ගියා කියලා ඒක පහුගිය අවුරුදු ගානටම මේ ආයතනයේ ගිය ලොකුම පඩය වෙන්න ඕනෙ ඒකෙ සද්දෙට වීදුරු හෙල්ලෙන්න ඕනෙ smoke detectors වැඩ කරන්න ඕනෙ fire brigade එන්න ඕනෙ නැත්නම් ඒ පඩෙන් වැඩක් නෑ ගඳනම් ඉතින් නැතත් කමක් නෑ හිහි හිහි තේරුණා සර් ග් රීන් ග් රීන් ග් රීන් ග් රීන් එක්ස්කියුස්මී කෘදන්ත හෙලෝ විකලාංගනී ඔව් හරි හරි ජෙනෙටර් ඉන්ටර්විව් එකටද හා හා මොකක්ද නම කිවුවෙ ප් රියන්ත මහඋල්පතගම වටිස් දැට් නේම් හෙහෙ ඩ් රාම එකක් වගේ හරි සොරි කෘදන්ත ඊළඟටසමූහයක් එක්ක වැඩ කිරීමට ඔබට ඇති හැකියාව කොහොමද මොකද මේ ආයතනය කියන්නේ එකම පවුලක් කියලා අපි කියනවා කියන්න ඕනෙ නිසා අනිත් අයත් කියන නිසා ගොඩ වෙලාවට ඔය trip එකක් ගියාම outbound...
|