Meta tags:
Headings (most frequently used words):
july, 2026, june, තේ, to, my, කවි, ලොසින්ජර, monday, 13, friday, 12, sunday, 2023, total, pageviews, followers, say, hi, archive, ඉතා, කෙටි, කලබල, සිහින, 2015, මිලිතත්පර, සිලියනයක්, 2025, 322, මිහිදුමට, පෙර, ලියූ, සටහනක්, 321, විවේකය, 320, 319, කැළැල්, 318, වම්, පස, හතරවෙනි, කවුළුව, 317, නීරෝ, 316, මල්, පිපෙන, වසන්තෙද, දන්නෙ, නෑ, නුවර, 315, letter, best, bud, 314, බඳුන්, ඇල්වෙයි, 313, ආෆ්ටර්ෂේව්, දියර, 312, soft, hum, for, 311, වචන, සේරම, මතක, ඇති, බව, ගිවිසන, 310, all, butterflies, are, dead, 309, who, am, you, 308, පොඩි, ගෑණුළමයෝ,
Text of the page (most frequently used words):
share (45), pinterest (15), facebook (15), blogthis (15), email (15), this (15), posted (15), බස්සි (15), yash (15), comments (14), the (12), කැළැල් (10), වගේ (8), june (6), මගේ (6), කවි (5), july (5), මතක (5), ඇති (5), යලි (5), 2026 (4), you (4), are (4), හිස (4), වැහි (4), like (4), මැද (4), සිඟිති (4), මල් (4), තියා (4), ඔබේ (4), 2015 (3), ලොසින්ජර (3), all (3), සිහින (3), august (3), පොඩි (3), සේරම (3), තුල (3), කුඩා (3), for (3), නොහැකි (3), වචන (3), කොපුල් (3), දවසක (3), hope (3), that (3), and (3), soft (3), ගිවිසන (3), තැන (3), දියර (3), දමා (3), වෙයි (3), දාමරික (3), හදවත් (3), අපට (3), අත් (3), බිම (3), හිත (3), නැති (3), සුළං (3), සීනුව (3), දෙකක් (3), යමි (3), 2016 (2), ගන්නා (2), කලබල (2), may (2), september (2), october (2), december (2), january (2), 2023 (2), 322 (2), මිහිදුමට (2), පෙර (2), ලියූ (2), සටහනක් (2), posts (2), අන්න (2), ගෑණුළමයෝ (2), බැරි (2), ආදරේ (2), හදවත (2), අතීතේ (2), වීදුරු (2), හෙන්දිරික්කා (2), star (2), who (2), wish (2), මුත් (2), නැතිව (2), රෝස (2), සවසක (2), වුන (2), butterflies (2), dead (2), dark (2), drop (2), hum (2), loved (2), song (2), ______________ (2), පිරිමැද (2), දෙතොලතර (2), ගුම් (2), forehead (2), kiss (2), feels (2), නළල (2), හීන් (2), ගෙල (2), කොපුල (2), වෙන (2), හාදුවක් (2), තවත් (2), වෙමි (2), මත්තෙන් (2), ගිය (2), හැටි (2), ආෆ්ටර්ෂේව් (2), පැහැ (2), බඳුන් (2), ඇල්වෙයි (2), අතර (2), මිතුරේ (2), මිතුරු (2), ආවත් (2), පිටට (2), හරහට (2), මුල් (2), ඉස්සර (2), තියෙන්නැත්තේ (2), හරි (2), වරද (2), සිහින් (2), පොදි (2), පිටුවල (2), පිපෙන (2), වසන්තෙද (2), දන්නෙ (2), මතකයක් (2), නුවර (2), ඇඳි (2), බිඳු (2), පවා (2), පිළිණ (2), වම් (2), හතරවෙනි (2), නොපෙනෙන (2), කවුළුව (2), අතක් (2), ________ (2), හදවතේ (2), ඉගැඹුරු (2), සියක්වර (2), පෑරි (2), පෑරී (2), රිදවන (2), සීහෙන්න (2), සෑහෙන (2), කලක් (2), තැන්වල (2), නමුත් (2), පිට (2), සුවඳ (2), රිදී (2), කුස (2), යවද්දී (2), පැණි (2), අමතක (2), copyright, rights, reserved, watermark, theme, powered, blogger, ඇණවුම්, සඳහා, රූපය, ක්ලික්, upside, books, ෆේස්බුක්, පිටුවට, පණිවුඩයක්, යොමු, කරන්න, මිලිතත්පර, සිලියනයක්, 2025, වසරේ, හොඳම, නවක, කාව්, සංග්, රහය, වෙනුවෙන්, වසරේදී, ගොඩගේ, සාහිත්, සම්මානය, දිනා, කෘතිය, ඉතා, කෙටි, november, 179, february, 2017, 2022, archive, say, followers, total, pageviews, subscribe, atom, home, older, comment, ටික, දැනගන්න, ඔයා, ඔයාටත්, වළාකුළු, අල්ලන්න, විතරක්ම, පුරා, පිරුණම, ගමන්, මළු, බිමින්, තිබ්බම, සංසාරයක, හංගන්න, පුංචි, බරණියක්, එකම, සුවඳකට, පුලුවනි, දේශසීමා, අදාලම, නැහැ, තමන්, කැමතිම, හදක, පායන්න, තරු, තිතකට, පියාපත්, අයෙකුට, painting, rules, falling, love, virgis, carré, artistes, 308, sunday, doesn, know, holds, light, upon, night, _________________, පොවනු, තාරකාව, නිවෙන, දිලෙන, කොහේහරි, අතුරුදන්, වගකුත්, ඉඳහිට, ලැවැන්ඩර්, සුවඳැති, පොරෝණාව, විඩාපත්, හොවාගත, හැකි, හඬාගන්නට, මොහොතක, සනහසේ, දිය, නිවන, ලියන්නට, කල්, වැඩිද, මන්දා, හිතා, ලතැවෙන, නිවහන, කියන්නට, හින්දා, හැටේ, දශකේ, මියුරු, සිනමා, ගීතය, කර්ණපටහාපටල, සන්සුන්, කරන, වර්ණ, සිතුවම්, මෙට්ල්, ලෝකයක, සුන්දර, පේලිය, පැහැයෙන්, හයිලයිට්, නවකතා, පොතක, පිටුවක, තුනී, ඉඳුදුනු, සේලය, යාම, ආකාශයේ, අහම්බෙන්, වැතිර, ගත්, වැටෙන, බොඳ, 309, because, nor, single, tear, shed, pain, its, endless, walking, sleep, can, make, weep, there, nothing, left, drown, down, deep, seas, through, edges, day, vanish, melt, dissolve, float, breeze, would, slowly, slip, away, yearning, moment, stops, tryna, catch, things, they, during, every, curtain, call, wearing, smile, hands, numb, from, holding, walls, 310, breathe, ආයෙ, ආයෙමත්, රිවයින්ඩ්, කරගෙන, තානය, වෙනස්, ඇසිල්ලේ, කිම, විමසන, නාදය, බිඳෙන, හඳුනන, රිදුම්, ඔසු, ගල්වන, බරින්, හදවතම, පැහැවන, දෙනෙත්, ඇතුලේ, කදාමිණි, එලි, දල්වන, හිරු, රැසින්, හාත්පස, නැහැවෙන, හඬින්, අන්තරා, කොටසක්, සුගැයෙන, එයාපොඩ්, අමතකම, කරවා, නීරස, මීටිමක්, මියුට්, කරවන, දිදී, ගැවසී, රහස්, රිද්මෙක, තාලයට, නැටවෙන, නගරයක්, echoes, rain, dances, sunlight, 311, your, ඇදහැලෙන, සිපුම්, දහරක්, පරිස්සම්, දෙතොලකින්, ස්වප්න, කෙලවරක, පෙනුන, ඉමිහිරි, ස්වප්නයක්, සරත්, සමයේ, උණුහුමැති, රැයක, දඟකරන, හිරිකඩ, සීරුවට, කිතිකවා, පිටුපසත්, හෙමින්, මුහුලසත්, කන්පෙතිත්, පිරිමදින, සුලඟක්, මුහුදු, සුසුවඳ, මුසුව, රළු, උදම්, නවත්වන්නට, වුනත්, පතිත, මුදු, ඇහැත්, ඇහිබැමත්, බැහැයි, හිතෙනා, තැනෙක, නම්, 312, බවක්, නොකියාම, නික්මෙමි, මවාගත්, කලබලයෙන්, ඇබින්දක්, තාවර, පාවහන්, පයලන්න, බොත්තම්, කාස, අලවමි, හාෆ්, වැඩට, කමිස, ටයි, පටි, හාද්දක්, තැවරූ, ඇඟිලි, ඉස්සී, තවරමි, කිති, ගැන්වූ, රැවුල්, කොට, කම්මුලෙන්, බඳෙන්, අල්වා, වැළැඳ, 313, ලියන, තවම, දනියි, නිසල, ආකාසයට, මුසුවෙයි, නිහඬවම, අළු, කුරුලු, දැරියක්, මහා, පිපිරුම, සිදුවුනේ, නැත, සුදු, පෙණ, පබළු, පලඳියි, රැලි, ඉපදී, සිඳු, ගැඹර, සන්හුන්, කුණාටුව, තුලම, මියැදී, කුහුඹුවන්, පොදිකකා, රැස්වෙයි, උණු, කැරකෙන, ලෝකය, 314, තවමත්, තියෙනවැත්තේ, බැව්, කුටියක්, පමණක්ම, ඔබට, ඇත්තේ, දහසක්, දනා, ගලවන්නවත්, නොනැවතී, ඔහෙ, ඇවිදින, ඇනෙනා, කඩු, තුඩු, හිරිවැටුණු, අතැඟිලිවලින්, පිසලන, දූවිලි, ඉහිද්දී, සමහර, හීරුණු, පපුව, වර්තමානය, ඇස්, මානයට, පිවිසේ, ගොමු, නගද්දී, හැල්මේ, ගමන, ඒසැණින්, නැවතේ, තුරුවල, මුදුන්, දැවටේ, මිහිදුම්, දුමාරේ, අතරේ, එහෙව්, මචං, යමං, යැයි, යුද, බිමට, පිවිසෙන, හාංකවිසියකුත්, උගෙ, ගැන, නොදැනත්, වෙව්ල, වෙව්ලා, පවසන, රාගෙන, රෙනවා, ඕකා, කනකට, කනක්, ඉල්ලන, ඇහැකට, ඇහැ, උගුල්ලන, 315, letter, best, bud, මහබිනික්මන්, කරනවා, අළුත්, කවියක්, අතේ, නැතුවම, අත්හැරීමම, අත්ලතට, ගුලිකරනවා, අල්ලගන්නට, යුතුද, අයුතුද, හැරපු, ආයෙම, රිදුමක්, ලපැත්තට, කටු, අනිනවා, නැතිනම්, වෙනින්, කාටද, කියන්නේ, මටමද, විරිත්, ගිලිහී, අකුරු, වැටෙනවා, කවිත්, ගැහුණු, දිනපොත්, දෙමංසල, මත්, අදිනවා, යන්න, ආපහු, එන්න, හිතනවා, නොම, අසමි, නිස්සද්ද, ඔහෙත්, හෙම, වෙන්ටැ, ගිඩිගිඩියෙ, හෙන, ගහන්නැහෙ, ගැහෙනවා, අකුණු, ඉරි, අඳින, මෙහෙත්, වැස්ස, 316, රෝමයට, ඉහලින්, මිණිකිකිණි, හඬවන, ගිනිගත්තු, සංවහන, ධාරා, ඔටුනු, නීරෝය, ඉවසන්න, බැරිතැන, රතුවෙන, ඔච්චම්, හිකිහිකිය, ඉලඇට, පැද්දෙන, ගලද්දී, සිහිය, එළැඹෙන, හදිසියේ, පතිතව, ටෝනාඩෝය, ඇඟැලුම්, කීතු, ඉසකේ, උගුලන, සුළිකුණාටුය, මිණි, කිකිණි, සරින්, පසුබිම්, වයන, ආඝාත, කුටීරෙක, එල්වූ, 317, නීරෝ, බොඳවී, ගලන්නේ, බැඳ, සදාදර, දුන්, මතකය, කහට, පැල්ලම්, සිහිනි, සීරුම්ය, කවුළු, මත්තෙහි, කවුළුවෙහි, හතරැස, අත්වැරැද්දෙන්, මැන, බලයි, අකීකරු, ලෙස, සැඟවගමි, තදින්, ඝනකම්, ජනෙල්, තිර, සුපුරුදු, හිසක්, එසවෙයි, විවර, අතරෙන්, පරණ, බස්, රිය, නැවතෙයි, කඩුල්ලට, ඔබ්බෙන්, 318, නිවෙනවා, නිදනවා, හීන්සීරුවෙ, ගොමුව, රිදෙන, නෙතු, කෙවෙන, දවසට, සූරියකාන්තා, ලපැත්තේ, දැන්, පිපෙනවා, වතුසුදු, වවන්නට, පටන්, ගත්තේ, කලල්, බිම්, කළු, කුහර, මත්තේ, අලු, දුඹුලු, මැද්දේ, කුඩුවූ, පිළුණු, සයිලන්ට්, රීට්මන්ට්, සති, පුරුද්දක්, ඇස්දෙක, කළුවරට, හුරු, සවස්වල, තුරුල්ලෙන්, හැලී, තනියෙන්, ඇවිදින්න, සිදුවුනු, දවස්වල, කවුරුවත්, පහසුවෙන්, නොදකින, ඇතුල්, තියෙනවා, පෙනෙන, සෛල, විභජනයෙන්, මදින්, සීහුණු, ජීවිතේ, කවරෙ, සීරුණු, හීනිවට, බඩවතේ, සැත්කම්, කිරි, අතට, ගන්නට, දැල්, ගතේ, විසිරී, දරාගෙන, උන්, සමයක, ඇඳුනු, ඇස්ට්, සතළොස්, වියේදී, උඳුනකට, බරවී, මිරිකා, ඉගිල්ලූ, කුරුළෑ, කැලැල්, ෆිසික්ස්, ටියුෂන්, පංතියට, ළපටි, දෙකොපුල, පෑරවූ, නියපොතු, අදටත්, අපැහැදිලි, නිතරම, දණිස්, සීරී, ගැලූ, පැටි, වියේ, සෙල්ලමක්, අතරක, නිමිත්ත, have, scars, was, asked, someone, 319, ආදරෙන්, සියොළඟම, දන්, දීමය, පිළිල, වැලකට, මලකට, මෙන්ම, සිසිලසම, පෙන්වීමය, නිහඬව, විඳව, විඳවා, වනස්පතියක, රේමය, 320, පොප්, ගීත, ඇහැරෙයි, ඉනික්බිති, උකුළු, පරිගණක, වෙත, එලැඹෙයි, පිරුණු, පෙන්ග්වීන, සෙබළුන්, කුළුණු, හිස්, කිවිසුම්, තුටින්, මුසපත්, පෙණහැල්ල, සිහිසුන්, සකුරා, මින්ට්, පසුගමන්, එනු, දැක, සෝබනකාර, පළතුරු, මුහුවෙයි, දුම්ගුලාවක්, මැද්දට, චෙන්ඩෝල්, නොසැලෙයි, නොරට්ටුන්, මොන, රැඟුම්, රැඟුවත්, කැවූ, උකුකිරි, දියත්තක්, වැතිරෙයි, තායි, ඇතිරිලි, සිසාරා, වියට්කොං, හිමකිරම, බලඇණි, රැස්, ජපානෙන්, දෝසි, කැබලිති, අතගෙන, පෙන්ග්වීනයෙක්, පාඩුවේ, හිමබෝල, පෙරලයි, චීස්, කේක්, සානුව, අසබඩ, කූරු, කරස්, නලවයි, මචා, වදුල, දැල්වී, බ්ලූබෙරි, සිඟිත්තෙක්, විමසයි, මෆින්, කන්දක, හැංගී, තරික්, පමා, මන්දැ, අලස, බන්ග්සාර්, ඈනුමක්, බ්ලැන්කට්ටු, ඔසවා, ඇහිබැමි, වැහෙන, තරමට, 321, විවේකය, friday, වතාවේ, යන්නේ, හිතවත, මිහිදුමේ, සැඟව, දිනක්, පැමිණියොත්, ඇඹුල්, ඇතිව, කිසිත්, එමි, අදත්, අතපසුව, කුමක්, යලිත්, ඔබෙන්, සොරා, රිසින්, මීවිතක්, සනහස, වඩන, මොහොතක්, ගීතයක්, මිමිණෙන, ඇබිති, හිසේ, රැඳවූ, දමක්, ඔබෙ, පොතක්, හලා, කුසේ, සමනල්ලු, අහිනක්, පියෑඹුව, දිනෙක, සෝෆාව, උදර, මුදුවක්, නොදැන, පාමුලේ, සීරුම්, රැගෙන, වැඩ, මේසයේ, රියතම, බේබි, පින්ක්, ජර්නලය, අනවසර, සොරාගමි, shit, quickly, ලියා, එවීමෙන්, අලුත්, ලිප්ස්ටික්, කූර, නානකාමරේ, කරමි, මාවුලාවේ, කොනක, චෙරි, රතැති, තොල්, සලකුණක්, තියමි, උරහිසේ, නිදනත, monday, ලියනවා, මාව, ලිහනවා,
Text of the page (random words):
කවි ලොසින්ජර කවි ලොසින්ජර මං කවි ලියනවා කවි මාව ලිහනවා monday july 13 2026 322 මිහිදුමට පෙර ලියූ සටහනක් මා ඔබේ උරහිසේ හිස තියා නිදනත ර මාවුලාවේ කොනක චෙරි රතැති තොල් සලකුණක් තියමි අලුත් ලිප්ස්ටික් කූර නානකාමරේ අමතක කරමි oh shit i ll quickly drop by ලියා එවීමෙන් අනවසර හාදුවක් සොරාගමි මගේ ප් රියතම බේබි පින්ක් පැහැ ජර්නලය ඔබේ වැඩ මේසයේ තියා යමි ගෙල පාමුලේ සිහින් සීරුම් දෙකක් රැගෙන සෝෆාව මත මගේ උදර මුදුවක් නොදැන දමා යමි කුසේ සමනල්ලු අහිනක් පියෑඹුව දිනෙක හිසේ රැඳවූ රිදී දමක් ඔබෙ පොතක් මත හලා යමි ගීතයක් වගේ දෙතොලතර මිමිණෙන ඇබිති මතකයක් මීවිතක් වගේ සනහස වඩන සිඟිති මොහොතක් දෙකක් යලිත් දවසක ඔබෙන් සොරා ගන්නා රිසින් අදත් අතපසුව තව කුමක් හෝ ඔබේ ලඟ තියා එමි නමුත් ඔය කිසිත් අමතක නැතිව කොපුල් අග ඇඹුල් වැහි බිඳු ඇතිව මිහිදුමේ මා සැඟව යන දිනක් පැමිණියොත් හිතවත අන්න ඒ වතාවේ ඔබේ ලඟ දමා යන්නේ මගේ හදවත posted by බස්සි yash at 8 19 pm 3 comments email this blogthis share to x share to facebook share to pinterest friday june 12 2026 321 තේ විවේකය ඇහිබැමි වැහෙන තරමට වැහි බ්ලැන්කට්ටු ඔසවා ඈනුමක් දෙකක් පා කර යවද්දී අලස බන්ග්සාර් නුවර තේ තරික් පමා මන්දැ යි මෆින් කන්දක හැංගී බ්ලූබෙරි සිඟිත්තෙක් විමසයි මචා වන වදුල දැල්වී අල කූරු කරස් ගා බඳ නලවයි චීස් කේක් සානුව අසබඩ පෙන්ග්වීනයෙක් පාඩුවේ හිමබෝල පෙරලයි ජපානෙන් ආ දෝසි කැබලිති අතගෙන වියට්කොං හිමකිරම බලඇණි රැස් වෙයි තායි අඹ ඇතිරිලි සිසාරා පැණි කැවූ උකුකිරි දියත්තක් වැතිරෙයි නොරට්ටුන් මොන රැඟුම් රැඟුවත් චෙන්ඩෝල් නොසැලෙයි දුම්ගුලාවක් මැද්දට සෝබනකාර පළතුරු සුවඳ මුහුවෙයි සකුරා මින්ට් මී පැණි පසුගමන් එනු දැක තුටින් මුසපත් පෙණහැල්ල සිහිසුන් වෙයි කුළුණු හිස් කිවිසුම් යවද්දී කුස පිරුණු පෙන්ග්වීන සෙබළුන් උකුළු පරිගණක වෙත එලැඹෙයි ඉනික්බිති කේ පොප් ගීත ඇහැරෙයි posted by බස්සි yash at 8 54 am 6 comments email this blogthis share to x share to facebook share to pinterest 320 වනස්පතියක ප් රේමය නිහඬව විඳව විඳවා සිසිලසම පෙන්වීමය සිඟිති මලකට මෙන්ම පිළිල වැලකට පවා ආදරෙන් සියොළඟම දන් දීමය posted by බස්සි yash at 8 19 am no comments email this blogthis share to x share to facebook share to pinterest 319 කැළැල් නිමිත්ත do you have scars i was asked by someone පැටි වියේ සෙල්ලමක් අතරක දණිස් සීරී ලේ ගැලූ තැන්වල කැළැල් වරද අදටත් අපැහැදිලි මුත් නිතරම ළපටි දෙකොපුල පෑරවූ නියපොතු කැළැල් ෆිසික්ස් ටියුෂන් පංතියට යන එන තර නළල මිරිකා ඉගිල්ලූ කුරුළෑ කැලැල් සතළොස් වියේදී උඳුනකට බරවී අතක් හරහට ඇඳුනු ඇස්ට් රා රස කැළැල් ආදරේ කුස දරාගෙන උන් සමයක රිදී දැල් සේ ගතේ විසිරී ගිය කැළැල් කිරි සුවඳ පොදි අතට ගන්නට මත්තෙන් හීනිවට බඩවතේ ඇඳි සැත්කම් කැළැල් ජීවිතේ පිට කවරෙ තැන තැන සීරුණු සෛල විභජනයෙන් මදින් මද සීහුණු පෙනෙන නොපෙනෙන පිට කැළැල් ________ ඒ නමුත් කවුරුවත් පහසුවෙන් නොදකින ඇතුල් පිටුවල තියෙනවා සීහෙන්න සෑහෙන කලක් යන සියක්වර යලි පෑරි පෑරී රිදවන හදවතේ ඉගැඹුරු කැළැල් තුරුල්ලෙන් බිම හැලී තනියෙන් ඇවිදින්න සිදුවුනු දවස්වල පුරුද්දක් නැති සිඟිති ඇස්දෙක කළුවරට හුරු වුන සවස්වල පිළුණු රස සයිලන්ට් ට් රීට්මන්ට් සති වල පිළිණ කුඩුවූ තැන්වල සීහෙන්න සෑහෙන කලක් යන සියක්වර යලි පෑරි පෑරී රිදවන හදවතේ ඉගැඹුරු කැළැල් ________ ඒ කැළැල් අලු දුඹුලු මැද්දේ කලල් බිම් කළු කුහර මත්තේ රෝස වතුසුදු හෙන්දිරික්කා වවන්නට මම පටන් ගත්තේ අතක් බර සූරියකාන්තා ලපැත්තේ දැන් පිපෙනවා හිත රිදෙන නෙතු කෙවෙන දවසට හීන්සීරුවෙ මල් ගොමුව උඩ හිස තියා මම නිදනවා මම නිවෙනවා posted by බස්සි yash at 8 16 am no comments email this blogthis share to x share to facebook share to pinterest 318 වම් පස හතරවෙනි කවුළුව කඩුල්ලට ඔබ්බෙන් පරණ බස් රිය නැවතෙයි විවර කවුළුව අතරෙන් සුපුරුදු හිසක් එසවෙයි තදින් ඇද ඝනකම් ජනෙල් තිර සැඟවගමි ඒ තුල පිටට නොපෙනෙන ලෙස අත්වැරැද්දෙන් මැන බලයි අකීකරු ඇස වම් පස හතරවෙනි කවුළුවෙහි හතරැස කවුළු වීදුරු මත්තෙහි කහට පැල්ලම් සිහිනි සීරුම්ය අත් බැඳ සදාදර පිළිණ දුන් මතකය කොපුල මත බොඳවී ගලන්නේ ඒක ය posted by බස්සි yash at 8 13 am no comments email this blogthis share to x share to facebook share to pinterest 317 නීරෝ හද කුටීරෙක එල්වූ සුළං සීනුව කුඩා ආඝාත මැද මිණි කිකිණි සරින් පසුබිම් ගී වයන මේ සුළිකුණාටුය ඉසකේ පවා උගුලන ටෝනාඩෝය ඇඟැලුම් කීතු වෙන හදිසියේ බිම පතිතව ඩා බිඳු ගලද්දී සිහිය එළැඹෙන සුළං සීනුව ඉලඇට අතර පැද්දෙන ඔච්චම් හිකිහිකිය ඉවසන්න බැරිතැන කොපුල් රතුවෙන ඔටුනු ඇඳි සුළං සීනුව නීරෝය ගිනිගත්තු සංවහන ධාරා මැද රෝමයට ඉහලින් මිණිකිකිණි හඬවන posted by බස්සි yash at 8 11 am no comments email this blogthis share to x share to facebook share to pinterest 316 මල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ ඒ නුවර මෙහෙත් හරි වැස්ස මතකයක් අකුණු ඉරි අඳින තර ගිඩිගිඩියෙ හෙන ගහන්නැහෙ හද ගැහෙනවා ඔහෙත් හෙම වෙන්ටැ නොම අසමි වෙමි නිස්සද්ද මල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ මං හිතනවා ආපහු එන්න හිත නැති ආවත් යන්න හිත නැති දෙමංසල මැද මත් සිහින මුල් අදිනවා කහ ගැහුණු දිනපොත් ඇති කවිත් ඒ පිටුවල ඇති විරිත් ගිලිහී අකුරු පොදි බිම වැටෙනවා මම කියන්නේ මටමද නැතිනම් වෙනින් කාටද සිහින් රිදුමක් ලපැත්තට කටු අනිනවා අත් හැරපු අත් ආයෙම අල්ලගන්නට යුතුද අයුතුද අත්හැරීමම අත්ලතට ගුලිකරනවා අළුත් කවියක් අතේ නැතුවම මහබිනික්මන් කරනවා posted by බස්සි yash at 8 08 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest 315 a letter to my best bud මිතුරේ ඉස්සර අපට තියෙන්නැත්තේ මහ දාමරික හදවත් ඇහැකට ඇහැ උගුල්ලන කනකට කනක් ඉල්ලන ම රාගෙන මැ රෙනවා අද මම ඕකා වෙව්ල වෙව්ලා පවසන හාංකවිසියකුත් උගෙ වරද ගැන නොදැනත් හා මචං හරි යමං යැයි යුද බිමට පිවිසෙන ඉස්සර අපට තියෙන්නැත්තේ එහෙව් මහ දාමරික හදවත් අතීතේ මිහිදුම් දුමාරේ අතරේ මිතුරු තුරුවල මුදුන් මුල් පය දැවටේ හැල්මේ ගමන ඒසැණින් මග නැවතේ මතක මල් ගොමු ගුම් නගද්දී වර්තමානය ඇස් මානයට පිවිසේ හීරුණු පපුව හරහට හීන් දූවිලි ඉහිද්දී සමහර අය හිරිවැටුණු අතැඟිලිවලින් ඒ පිසලන පිටට ඇනෙනා කඩු තුඩු ගලවන්නවත් නොනැවතී ඔහෙ ඇවිදින දහසක් දනා ම රා ආවත් මගේ හද තුල ඔබට ඇත්තේ මිතුරු කුටියක් පමණක්ම බැව් ගිවිසන මිතුරේ තවමත් අපට තියෙනවැත්තේ මහ දාමරික හදවත් posted by බස්සි yash at 8 04 am no comments email this blogthis share to x share to facebook share to pinterest 314 තේ බඳුන් ඇල්වෙයි කැරකෙන අතර ලෝකය උණු තේ බඳුන් ඇල්වෙයි කුහුඹුවන් පොදිකකා ඒ මත රැස්වෙයි කුණාටුව හද තුලම මියැදී සිඳු ගැඹර සන්හුන් වෙයි සිඟිති රැලි යලි ඉපදී සුදු පෙණ පබළු පලඳියි මහා පිපිරුම සිදුවුනේ නැත කුඩා අළු පැහැ කුරුලු දැරියක් නිහඬවම නිසල ආකාසයට මුසුවෙයි මා ලියන දේ ඔබ තවම නො දනියි posted by බස්සි yash at 8 00 am no comments email this blogthis share to x share to facebook share to pinterest 313 ආෆ්ටර්ෂේව් දියර බඳෙන් අල්වා වැළැඳ රැවුල් කොට කම්මුලෙන් පිරිමැද කිති ගැන්වූ මතක මත ආෆ්ටර්ෂේව් දියර තවරමි පා ඇඟිලි මත ඉස්සී හාද්දක් තැවරූ හැටි කමිස ටයි පටි පොඩි වී හාෆ් ඩේ දමා වැඩට ගිය හැටි බොත්තම් කාස මත අලවමි පාවහන් පයලන්න මත්තෙන් ඇබින්දක් තාවර වෙමි මවාගත් කලබලයෙන් යන බවක් නොකියාම නික්මෙමි posted by බස්සි yash at 7 57 am no comments email this blogthis share to x share to facebook share to pinterest 312 a soft hum for june i hope june feels like a kiss on the forehead තවත් තව තවත් නම් බැහැයි හිතෙනා තැනෙක ඇහැත් ඇහිබැමත් මත පතිත වෙන මුදු හාදුවක් වගේ නවත්වන්නට නොහැකි වුනත් රළු උදම් රළ මුහුදු සුසුවඳ මුසුව කොපුල පිරිමදින සුලඟක් වගේ මුහුලසත් කන්පෙතිත් ගෙල පිටුපසත් හෙමින් සීරුවට කිතිකවා දඟකරන හීන් හිරිකඩ වගේ සරත් සමයේ උණුහුමැති රැයක පෙනුන ඉමිහිරි ස්වප්නයක් වගේ ඒ ස්වප්න කෙලවරක නළල මත පරිස්සම් දෙතොලකින් ඇදහැලෙන සිපුම් දහරක් වගේ i hope june feels like a soft kiss on your forehead posted by බස්සි yash at 7 53 am no comments email this blogthis share to x share to facebook share to pinterest 311 වචන සේරම මතක ඇති බව ගිවිසන to be loved like a song that dances in sunlight and echoes in rain ______________ කලබල නගරයක් මැද රහස් රිද්මෙක තාලයට පා නැටවෙන දෙතොලතර ගුම් දිදී ගැවසී නීරස මීටිමක් මියුට් කරවන එයාපොඩ් අමතකම කරවා මහ හඬින් අන්තරා කොටසක් සුගැයෙන හිරු රැසින් හාත්පස නැහැවෙන දවසක දෙනෙත් ඇතුලේ කදාමිණි එලි දල්වන වැහි බරින් හදවතම පැහැවන සවසක රිදුම් පිරිමැද ඔසු දියර හිස ගල්වන නාදය බිඳෙන තැන හඳුනන තානය වෙනස් වන ඇසිල්ලේ ඒ කිම ද විමසන ආයෙ ආයෙමත් රිවයින්ඩ් කරගෙන වචන සේරම මතක ඇති බව ගිවිසන ______________ oh to be loved like a song to be the soft hum you breathe in the dark posted by බස්සි yash at 7 49 am no comments email this blogthis share to x share to facebook share to pinterest 310 all my butterflies are dead my hands are numb from holding the walls wearing the smile during every curtain call tryna catch the things as they drop yearning for a moment that it stops i wish i would slowly slip away melt and dissolve float in a breeze vanish in the dark through the edges of the day and drown down in the deep seas there s nothing left that can make me weep its an endless walking in sleep no hope no pain nor a single tear to shed because all my butterflies are dead posted by බස්සි yash at 7 46 am no comments email this blogthis share to x share to facebook share to pinterest 309 who am i to you සිහින බොඳ වුන දවසක කොපුල් මත වැහි වැටෙන සවසක ශ් යාම ආකාශයේ අහම්බෙන් වැතිර ගත් තුනී ඉඳුදුනු සේලය නවකතා පොතක එක පිටුවක ලා රෝස පැහැයෙන් හයිලයිට් කල සුන්දර වචන පේලිය වර්ණ සිතුවම් මෙට්ල් ලෝකයක කර්ණපටහාපටල සන්සුන් කරන හැටේ දශකේ මියුරු සිනමා ගීතය මගේ නිවහන කියන්නට බැරි හින්දා මගේ නිවන යි ලියන්නට කල් වැඩිද මන්දා හිතා ලතැවෙන සනහසේ දිය ඌල ය හඬාගන්නට නොහැකි මොහොතක විඩාපත් හිස හොවාගත හැකි ලැවැන්ඩර් සුවඳැති පොරෝණාව ය වගේ වගකුත් නැතිව ඉඳහිට කොහේහරි අතුරුදන් වී යන නිවෙන මුත් යලි යලි දිලෙන අත පොවනු නොහැකි තාරකාව ය _________________ you are the star i wish upon at night the star who doesn t know it holds my light posted by බස්සි yash at 7 43 am no comments email this blogthis share to x share to facebook share to pinterest sunday july 2 2023 308 පොඩි ගෑණුළමයෝ painting no rules for falling in love by virgis carré d artistes පියාපත් ඇති අයෙකුට කුඩා තරු තිතකට දේශසීමා අදාලම නැහැ තමන් කැමතිම හදක පායන්න එකම එක හෙන්දිරික්කා සුවඳකට පුලුවනි පුංචි වීදුරු බරණියක් තුල සංසාරයක මතක හංගන්න අතීතේ ගමන් මළු සේරම බිමින් තිබ්බම ආදරේ විතරක්ම හදවත පුරා පිරුණම ඔයාටත් බැරි නෑ වළාකුළු අල්ලන්න පොඩි ගෑණුළමයෝ ඔයා අන්න ඒ ටික දැනගන්න posted by බස්සි yash at 3 41 pm 1 comment email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom total pageviews followers say hi archive 2026 14 july 1 322 මිහිදුමට පෙර ලියූ සටහනක් june 13 2023 8 july 8 2022 28 december 12 august 16 2017 57 january 57 2016 35 october 3 september 8 august 2 may 1 february 12 january 9 2015 179 december 9 november 10 october 32 september 23 august 20 july 21 june 8 may 56 ඉතා කෙටි කලබල සිහින 2015 වසරේ හොඳම නවක කාව් ය සංග් රහය වෙනුවෙන් 2016 වසරේදී ගොඩගේ සාහිත් ය සම්මානය දිනා ගන්නා ලද කෘතිය මිලිතත්පර සිලියනයක් 2025 ඇණවුම් සඳහා රූපය මත ක්ලික් කර upside books ෆේස්බුක් පිටුවට පණිවුඩයක් යොමු කරන්න copyright 2015 2026 කවි ලොසින්ජර all rights reserved watermark theme powered by blogger
|