Meta tags:
Headings (most frequently used words):
14, 12, 15, 16, නිකමට, ලියූ, පද, වැල්, 26, 18, 20, sujeewa, kokawala, blog, archive, followers, අවසර, ප්, රේමයේ, පෑන්, තුඩ, කොට, කවි, මහ, කම්මල, පිපිරුණාය, දස, වසරකට, පෙර, වාරියපොළේ, කඩමණ්ඩිය, දිහාවේ, කෙල්ලෙක්, ඇවිත්, ගැහුවලු, තඩි, කොල්ලෙකුට, නැතිවුණු, සපත්තු, සේකරලගේ, කාලේ,
Text of the page (most frequently used words):
අවසර (37), නැති (11), කම්මල (11), sujeewa (8), #kokawala (8), comments (7), posted (7), august (6), december (6), මැද්දෙ (6), june (5), නැතුව (5), රින්ස් (5), චාමින් (5), march (4), april (4), විදුලිය (4), අසු (4), කතා (4), හන්දිය (4), දුවන (4), ලෝකෙ (4), november (3), may (3), february (3), දැන් (3), ගිහින් (3), අවදි (3), අරා (3), ණයට (3), වෙන (3), ගෙන (3), සපත්තු (3), කෙල්ලෙක් (3), බලා (3), බොදු (3), බස් (3), උන් (3), බඩු (3), විස (3), සල්ලි (3), නිකමට (3), ලියූ (3), වැල් (3), september (2), october (2), january (2), july (2), posts (2), සේකර (2), වත් (2), ෂුවර් (2), නිසා (2), බලාපොරොත්තුවේ (2), ගිය (2), වගේ (2), නැහැ (2), කලින් (2), ටික (2), කළු (2), කාලේ (2), සින්ඩරෙල්ලා (2), හඩු (2), සෙරෙප්පුව (2), යනෙන (2), කෙල්ලන් (2), වෙනුවට (2), දෙන (2), ගත් (2), අඟුරු (2), නමට (2), වාරියපොළේ (2), කඩමණ්ඩිය (2), දිහාවේ (2), ඇවිත් (2), ගැහුවලු (2), තඩි (2), කොල්ලෙකුට (2), කියනා (2), කොල්ලන් (2), නොදකින් (2), විමුත්තිය (2), වෙනුවෙන් (2), ඔහොම (2), හැම (2), අසරණ (2), ඕකුන් (2), තමා (2), පෙර (2), සිංහල (2), නොම (2), වගෙ (2), දැකලා (2), නැද්ද (2), එකතු (2), ඉන්න (2), විකුණන (2), වුණාට (2), අන්තිමේදී (2), කිව්වත් (2), මැෂින් (2), වගක් (2), නගරෙ (2), රටේ (2), ලොක්කන් (2), හදල (2), නැව් (2), වෙලා (2), ඒකෙ (2), වැඩ (2), රේමයේ (2), කවි (2), කඩේට (2), චිත් (2), සුක්කානම (2), නෙව (2), skip (2), followers, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, blog, archive, subscribe, atom, home, older, ගොඩක්, කල්, මැරිලා, නත්තලට, පාස්කුවට, ගෙදර, එන්න, බැරි, කරගෙන, කන්ටෙනරේ, වෘත්තීය, හිරකාරයෙක්, සෙබස්ටියන්, ඉතාලියේ, අරාබියට, යුද, පුහුණුව, ගන්න, මොහොමඩ්, ටිකට්, ඊළඟට, නඩරාජා, එක්ක, සුමනපාල, මිය, කුලල්, කාල, යුද්ධ, කරල, වැදුණු, කරන්ට්, එකේ, සැරට, වද්ද, ගත්තනේ, කට්ටිය, වල්බිහිව, එව්වයේ, හදාපු, ගෙයක්, දොරක්, තාම, සින්නක්කර, ඔප්පු, දුම්මැස්සේ, වේලෙමින්, හම්පඩ, වුනු, දශක, කීපයක්, බලුප්, ගැහෙන්නේ, අපේ, හිත, වෝල්ටේජ්, ගානක, දෙසිය, තිහෙන්, ගානක්, කොමිස්, ගහලා, චීන, කැළණි, පාලම, තරම්ම, අලුත්ම, දුම්රොටු, අස්සෙන්, අධිවේගී, වෙන්න, සුදුවෙන්, තාමත්, නුවරපාර, උපන්දිනය, නිමිත්තෙන්, අඩවියේ, තිබු, පින්තුරයකි, සටහන, අපට, පෙනෙන්නට, ශෙයා, අමන්දා, අබේසූරියටත්, ස්තූතිය, ආදිවාසියනි, වෙව්, සේකරලගේ, සුරඟන, මායාවෙන්, හැඩවන, හවහට, ගෙදරදී, යළි, හමුවන, ගලවා, අතට, දුව, නිතර, සරණ, ගැවසෙන, වෙනත්, දිහා, නොබලන, නිසාම, පාටියක්, නටවන, නැතිබව, කුඩම්මට, අහුවන, දුන්, මල්, ලියුම, පාවා, මතින්, පැමිණෙන, රැයේ, අබිනික්මන, දැලි, ගාගෙන, දොළහ, පසු, වැහැරෙන, කැත, දරු, පෝලිමක්, එල්ලා, කිව්වට, කලුහාමිලාගේ, කුමරෙකු, කුරුල්ලා, මෙන්, නිදැල්ලේ, තටු, සලන, ජීවිතේ, අමතක, කොහේ, කඹුරන, හැමදාම, කටවනක්, බීගෙන, නැතිවුණු, මේවා, මහතුන්, නෝනා, අහලා, විකාරෙකි, ඇඳුමට, නිදහසක්, කෙල්ලට, දෙන්නෙ, සංහතිය, හොඳම, වැඩේ, වනිතා, කියනු, ඇසේ, කෙල්ලගෙ, හපන්කම, ගැන, වැඩුණු, හිතින්, ගැහුවත්, හැකිදෝ, එකාටම, ඕකිගෙ, පස්සෙ, මැරයෙක්, ඉන්නවා, මැරබල, ආණ්ඩුව, මුන්ගෙ, යුගේ, කොල්ල, එති, විපස්සයෝ, හෙළුවෙන්, යනවාද, දූසනය, වන්නේ, ගෑණිගෙ, හැට්ට, දැකලත්, කුලප්පුව, දෙයියනේ, බවලත්තුන්, මුගෙන්, රකෝ, හෙළ, කුල, කතක්, ඔහොමත්, කරාවි, විසාකා, වැස්සේ, තෙමී, ගියේ, වෙසඟන, ගැතිය, පස්සත්, නූතනයේ, බවුද්දය, කිව්වලු, පෙරට, පැන, සොයුර, මදකට, ඉවසන්න, කෙසෙල්, කැනට, කලියෙන්, වැට, පනිනු, මැය, කතකි, අරකා, හම්බයෙකි, බොදුනු, විට, කොහෙද, අසා, මුල, මහත්තුරු, කෙළි, සක්වලේ, ගසා, සුළු, දැයේ, මුස්ලිම්, කොල්ලාට, හිටිවන, සහය, දුන්නත්, පුදුමයක්, ගන්නා, එකාගේ, විස්තර, අනුව, ගහන, තොපෙ, හොල්මන්, විචාරේ, පාර, තොටේ, පොඩි, සිද්දීත්, පටල, කියවන, එකයි, ලොකු, දේශපාලනේ, දිග, කොලු, කල්ලි, කෙරුවා, හැමදාමත්, වචනය, වැරදිලා, කෙල්ලන්ගෙන්, කාපු, පලවෙනි, එකා, අන්තිමයා, අල්ලක්, විතර, මෙතරම්, පිරෙන්නට, කෙල්ලන්ගේ, සෙල්ලම්, නොවෙද, හැමදා, වෙච්ච, විද්වත්, විහිලුවකි, අවලම්, කොල්ලා, ගුටි, කෑය, කෙල්ලත්, පෙන්නුවා, මැරකම, නැහැදිච්ච, මීට, වැඩක්, යනතක, පලයල්ලා, දහස්, ගණනක්, වෙළා, සොරාගෙන, සැඟව, නපුරු, සිහිනයකි, බොහෝ, දෙසැම්බර්, සීතලට, මුහුදු, අන්ධ, ආගාධයට, නුහුරු, සිත්, වසරකට, මුඩියයි, ඩෙඩ්, ලයින්ය, රෙෂර්, බෝම, සේවකයින්, පිස්සු, වැටිල, මැනේජර්, මරණ, බයේ, හතර, වටෙන්, ඉල්ලුම්, ඉල්ලන, තරමට, සපයන, උන්ගේ, රීරි, මස්, නිපැයුම්, සේවක, අයිතිවාසිකම්, නිසි, ආරක්ෂක, සැලසුම්, ජනයගෙ, සුව, පිළියම්, මෙලෝ, දෙයක්, රකින්නෙ, එව්ව, හොයන, සුදු, කරපටි, මහත්වරුත්, ලැජ්ජ, මිලට, ගන්නෙ, සේවකයම, බිහි, කරාපු, සේවකයගෙ, නමින්, හදපු, ආයෝජක, ලියපු, උදෙත්, රැයෙත්, කුණු, කරන, උන්ටත්, පාලනයක්, නවතින්, මිනිස්, ඔලුත්, වලත්, උෂ්ණත්වය, වැඩි, වුණාලු, පුපුරන, ඔක්කොම, කන්දට, ඇහිරුනාලු, ඉබාගාතේ, දුවනවාලු, අළු, පිහිදන්, මකන්, ආයෙ, දඩින්, ගාල, පිපිරුණාලු, සක්වලකට, නිපදන, සක්වලෙන්, ලැබෙන, මුදලාලිත්, තඩියෙක්, ඉතිරි, පොලියට, බයිසිකලෙන්, ගෑටු, කාලෙ, දණින්, වැටුණු, පස්සේ, කාර්, කෝච්චි, ගස්සපු, ලොක්කන්ටත්, දීපු, සේවකයා, දුම්, පෙරාන, අහල, පහල, කාස, රෝග, වුනාට, පුරා, සුවය, රකින, හදන, දොළ, ඇසිඩ්, මහපොළොවට, වැදිලා, කිසිම, ඔහේ, අධිකයි, පිපිරුණාය, කසාදෙට, අත්සන්, කරනකම්, පෑන්තුඩ, සිටියි, තීන්ත, වියළුණු, තාක්ෂණ, ගිනියමට, බස්සියක්, සමග, ලියන්නට, ගොහින්, හොට, පැටලුනු, විටෙක, ලියවුනෙකි, පෑන්, තුඩ, කොට, නොදමන, ගලවන, හදිස්සියෙම, අනවසරෙන්, ගොඩ, වුණ, ගෙවන්, මිළදී, ගන්, මිල, සපත්තුවේ, බලනවද, චක්, දත්, පටලන්, සක්, පිළිගන්නේ, නෙවි, හම්බයො, ඉඳලම, විතරක්, හිමිකරුවා, ඕකිත්, හෙර, බුද්දාගම්කාරී, කියල, විශ්වාසත්, පොලිසියත්, උසාවියත්, කඩේ, කෙල්ල, එල්ලන්නට, පෝරකයට, යමු, සිද්ධාර්තෙ, තෙල්, බුද්දරාජ, ගුලි, පුංචි, දීල, වැරැද්ද, බුදු, හාමුදුරුවො, පෙරලන්නට, දැමු, කරත්ත, රෝදේ, ගරාදි, පිටට, පැන්නෙ, ඇයි, අගේට, පෙරළුණු, හැමෝම, සැනසුණු, එදා, පටන්, කැරකුණු, නතර, කරකවන්නෙ, නැන්ගුරමත්, දාගෙන, ගමන, යන්නෙ, කොහෙ, මොකට, අරින්නද, ඉන්නවනම්, ඇති, කම්මැළි, වෙලාවට, sidebar, main,
Text of the page (random words):
නිකමට ලියූ පද වැල් skip to main skip to sidebar නිකමට ලියූ පද වැල් කම්මැළි වෙලාවට නිකමට ලියූ පද වැල් 12 14 16 අවසර සපත්තු නොදමන අවසර සපත්තු ගලවන අවසර හදිස්සියෙම අනවසරෙන් කඩේට ගොඩ වුණ අවසර සල්ලි ගෙවන් නැති අවසර මිළදී ගන් නැති අවසර මිල වෙනුවට සපත්තුවේ චිත් ර බලනවද අවසර චක් රය නොම දත් අවසර චිත් රය පටලන් අවසර සක් රය කිව්වත් ඒ බව පිළිගන්නේ නැති අවසර සුක්කානම නෙවි අවසර ඕකුන් හම්බයො අවසර රට ඉඳලම ඔය කඩේට විතරක් එන බඩු අවසර හිමිකරුවා රට අවසර ඕකිත් මහ හෙර අවසර බුද්දාගම්කාරී කියල විශ්වාසත් නැහැ අවසර පොලිසියත් ඔබ අවසර උසාවියත් ඔබ අවසර කඩේ කෙල්ල එල්ලන්නට පෝරකයට යමු අවසර සිද්ධාර්තෙ තෙල් අවසර බුද්දරාජ ගුලි අවසර පුංචි කාලේ දීල නැද්ද ඒකෙ වැරැද්ද ද අවසර බුදු හාමුදුරුවො අවසර පෙරලන්නට දැමු අවසර කරත්ත රෝදේ ගරාදි පිටට පැන්නෙ ඇයි අවසර අගේට පෙරළුණු අවසර හැමෝම සැනසුණු අවසර එදා පටන් කැරකුණු එක නතර වෙලා නෙව අවසර නැව් සුක්කානම අවසර කරකවන්නෙ ඔබ අවසර නැන්ගුරමත් දාගෙන නෙව ගමන යන්නෙ කොහෙ අවසර ලෝකෙ ඉන්න උන් අවසර මොකට අරින්නද අවසර ඔබ අවසර වැඩ අවසර ඉන්නවනම් ඇති අවසර posted by sujeewa kokawala at 7 49 pm 7 comments 12 15 15 ප් රේමයේ පෑන් තුඩ කොට කවි බස්සියක් සමග කවි ලියන්නට ගොහින් හොට පැටලුනු විටෙක ලියවුනෙකි තාක්ෂණ ගිනියමට ප් රේමයේ තීන්ත වියළුණු පෑන්තුඩ බලා සිටියි කසාදෙට අත්සන් කරනකම් posted by sujeewa kokawala at 4 42 pm 3 comments 8 16 15 මහ කම්මල පිපිරුණාය මහ කම්මල හන්දිය ළඟ සක්වලකට බඩු නිපදන සක්වලෙන් ම සල්ලි ලැබෙන මුදලාලිත් බඩ තඩියෙක් ඉතිරි සල්ලි පොලියට දෙන හන්දිය ළඟ මහ කම්මල බයිසිකලෙන් ගෑටු කාලෙ ලොක්කන් ළඟ දණින් වැටුණු ඊට පස්සේ කාර් හදල බස් කෝච්චි නැව් ත් හදල ලොක්කන් වත් දණ ගස්සපු ලොක්කන්ටත් ණයට දීපු නගරෙ මැද්දෙ රටේ මැද්දෙ ලෝකෙ මැද්දෙ මහ කම්මල සේවකයා දුම් පෙරාන අහල පහල කාස රෝග ඒ වුනාට ලෝකෙ පුරා සුවය රකින මැෂින් හදන ගං ඇළ දොළ ඇසිඩ් වෙලා මහපොළොවට විස වැදිලා ඒකෙ කිසිම වගක් නැතුව ඔහේ දුවන මහ කම්මල වැඩ අධිකයි ක ඩි මුඩියයි ඩෙඩ් ලයින්ය ප් රෙෂර් බෝම සේවකයින් පිස්සු වැටිල මැනේජර් ල මරණ බයේ හතර වටෙන් ඉල්ලුම් එන ඉල්ලන තරමට සපයන ඉන්න උන්ගේ රීරි මස් ද නව නිපැයුම් හා විකුණන සේවක අයිතිවාසිකම් නිසි ආරක්ෂක සැලසුම් මහ ජනයගෙ සුව පිළියම් මෙලෝ දෙයක් රකින්නෙ නැති ඒ වුණාට එව්ව හොයන සුදු කරපටි මහත්වරුත් ලැජ්ජ නැතුව මිලට ගන්නෙ උන් විකුණන බඩු ම තමා සේවකයම බිහි කරාපු සේවකයගෙ නමින් හදපු ඒ වුණාට අන්තිමේදී ආයෝජක නමට ලියපු හන්දිය ළඟ මහ කම්මල උදෙත් දුවන රැයෙත් දුවන වස විස කුණු එකතු කරන උන්ටත් පාලනයක් නැති උන් කිව්වත් නවතින් නැති හන්දිය ළඟ මහ කම්මල මිනිස් ඔලුත් මැෂින් වලත් උෂ්ණත්වය වැඩි වුණාලු වස විස පුපුරන ඔක්කොම එක කන්දට ඇහිරුනාලු වගක් නැතුව මහ කම්මල ඉබාගාතේ දුවනවාලු අන්තිමේදී මහ කම්මල දඩින් ගාල පිපිරුණාලු නගරෙ මැද්දෙ රටේ මැද්දෙ ලෝකෙ මැද්දෙ මහ කම්මල අළු පිහිදන් අඟුරු මකන් ආයෙ දුවන මහ කම්මල posted by sujeewa kokawala at 4 09 pm 7 comments 12 26 14 දස වසරකට පෙර දෙසැම්බර් සීතලට මුහුදු මඩ එකතු කළ අන්ධ ආගාධයට නුහුරු සිත් අවදි කළ දහස් ගණනක් වෙළා සොරාගෙන සැඟව ගිය නපුරු එක සිහිනයකි බොහෝ රෑ අවදි වන posted by sujeewa kokawala at 6 29 am 5 comments 8 18 14 වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට මේවා බලා අප මහතුන් නෝනා ලා කියනා කතා අහලා මළ විකාරෙකි ඇඳුමට නිදහසක් කෙල්ලට දෙන්නෙ නැති කොල්ලන් සංහතිය නොදකින් හොඳම වැඩේ වනිතා විමුත්තිය වෙනුවෙන් කියනු ඇසේ කෙල්ලගෙ හපන්කම ගැන ඔද වැඩුණු හිතින් ගැහුවත් ඔහොම හැකිදෝ හැම එකාටම ඕකිගෙ පස්සෙ මැරයෙක් ඉන්නවා ෂුවර් මැරබල ආණ්ඩුව නොදකින් මුන්ගෙ යුගේ අසරණ කොල්ල වෙනුවෙන් එති විපස්සයෝ කෙල්ලෙක් ඔහොම මග හෙළුවෙන් යනවාද ඕකුන් දූසනය වන්නේ ඕක තමා ගෑණිගෙ හැට්ට අත දැකලත් කුලප්පුව හැම දෙයියනේ බවලත්තුන් මුගෙන් රකෝ හෙළ බොදු කුල කතක් ඔහොමත් කරාවි ද පෙර මහ විසාකා වැස්සේ තෙමී ගියේ වෙසඟන පර ගැතිය පස්සත් නූතනයේ සිංහල බවුද්දය කිව්වලු පෙරට පැන නෑ නෑ සොයුර මදකට ඔබ ඉවසන්න කෙසෙල් කැනට කලියෙන් වැට නොම පනිනු මැය බොදු බල කතකි අරකා හම්බයෙකි සිංහල බොදුනු කී විට ඌ කොහෙද නැති ඒ බස් අසා මුල කී අර මහත්තුරු බොදු බල කෙළි විමුත්තිය සක්වලේ ගසා අසරණ සුළු දැයේ මුස්ලිම් කොල්ලාට හිටිවන සහය දුන්නත් පුදුමයක් නැති ගහ ගන්නා එකාගේ විස්තර අනුව උඩ යට ගහන තොපෙ හොල්මන් විචාරේ පාර තොටේ පොඩි සිද්දීත් පටල ගෙන කියවන එකයි මහ ලොකු දේශපාලනේ මග දිග යනෙන කෙල්ලන් හා කොලු කල්ලි මේ වගෙ කතා බස් කෙරුවා හැමදාමත් වචනය වැරදිලා කෙල්ලන්ගෙන් කාපු පලවෙනි එකා හෝ අන්තිමයා මූ ද අල්ලක් විතර රට මෙතරම් පිරෙන්නට කොල්ලන් කෙල්ලන්ගේ සෙල්ලම් නොවෙද වග හැමදා වෙච්ච දේ දැකලා නැතුව වගේ විද්වත් කතා කියනා එක විහිලුවකි අවලම් කතා කී කොල්ලා ගුටි කෑය කෙල්ලත් පෙන්නුවා මැරකම නැහැදිච්ච මීට කලින් මේ වගෙ දැකලා නැද්ද වැඩක් බලා ගෙන යනතක පලයල්ලා posted by sujeewa kokawala at 9 49 pm 15 comments 6 6 14 නැතිවුණු සපත්තු සින්ඩරෙල්ලා සුරඟන මායාවෙන් හැඩවන හවහට ගෙදරදී යළි හඩු වන ප් රින්ස් චාමින් ව මග දී හමුවන සෙරෙප්පුව ගලවා අතට දී දුව යන ප් රින්ස් චාමින් නිතර අසු අරා සරණ ඈ යනෙන මග ගැවසෙන වෙනත් කෙල්ලන් දිහා නොබලන ඈ නිසාම මහ පාටියක් නටවන සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන ණයට ගත් අසු මතින් ප් රින්ස් චාමින් පැමිණෙන මහ රැයේ අසු අරා අබිනික්මන දැන් සින්ඩරෙල්ලා දැලි අඟුරු ගාගෙන රෑ දොළහ පසු වූ නිසා දැන් හඩු වෙන වැහැරෙන කැත වෙන කළු වෙන දරු පෝලිමක් එල්ලා ගෙන ප් රින්ස් චාමින් කිව්වට කලුහාමිලාගේ ප් රින්ස් චාමින් නමට කුමරෙකු වන ණයට ගත් අසු අරා යන එන කුරුල්ලා මෙන් නිදැල්ලේ තටු සලන ඒ ජීවිතේ අමතක ව යන අද කොහේ හෝ කඹුරන හැමදාම කටවනක් බීගෙන posted by sujeewa kokawala at 8 51 pm 11 comments 4 20 14 සේකරලගේ කාලේ සේකර ගේ උපන්දිනය නිමිත්තෙන් ආදිවාසියනි අවදි වෙව් අඩවියේ පල කර තිබු පින්තුරයකි සටහන අපට පෙනෙන්නට ශෙයා කල අමන්දා අබේසූරියටත් ස්තූතිය තාමත් ඒ නුවරපාර අධිවේගී වෙන්න කලින් සුදුවෙන් ටික ටික කළු වූ ඒ දුම්රොටු අස්සෙන් ඒ තරම්ම අලුත්ම නැති කැළණි පාලම උඩ ඒ විදුලිය මේ විදුලිය චීන විදුලිය දෙසිය තිහෙන් බර ගානක් කොමිස් ගහලා වෝල්ටේජ් එක එක ගානක නැහැ බලුප් වගේ ගැහෙන්නේ අපේ හිත දශක කීපයක් දුම්මැස්සේ වේලෙමින් හම්පඩ වුනු බලාපොරොත්තුවේ සින්නක්කර ඔප්පු එව්වයේ හදාපු ගෙයක් දොරක් තාම නැතුව වල්බිහිව ගිය බලාපොරොත්තුවේ විදුලිය වද්ද ගත්තනේ කට්ටිය වැදුණු කරන්ට් එකේ සැරට කුලල් කාල යුද්ධ කරල නඩරාජා එක්ක සුමනපාල මිය ගිහින් මොහොමඩ් ගේ ටිකට් එක ඊළඟට ෂුවර් නැති නිසා ඌ යුද පුහුණුව ගන්න ගිහින් අරාබියට සෙබස්ටියන් ඉතාලියේ වෘත්තීය හිරකාරයෙක් කන්ටෙනරේ ගිහින් නත්තලට පාස්කුවට වත් ගෙදර එන්න බැරි කරගෙන සේකර මැරිලා දැන් ගොඩක් කල් posted by sujeewa kokawala at 3 10 pm 4 comments older posts home subscribe to posts atom sujeewa kokawala blog archive 2016 1 december 1 අවසර 2015 2 december 1 august 1 2014 5 december 1 august 1 june 1 april 1 march 1 2013 5 december 1 november 1 august 1 july 1 february 1 2012 8 june 1 may 1 april 1 march 2 february 1 january 2 2011 20 december 2 october 1 august 1 july 2 june 1 may 4 april 3 march 2 february 2 january 2 2010 17 december 3 november 2 october 1 september 4 august 1 june 1 may 1 april 2 march 2 2009 13 november 1 september 1 august 1 june 10 followers
|