Meta tags:
Headings (most frequently used words):
sunday, 2016, 2015, of, threatened, endangered, 10, april, තවත්, සර්පයෙක්, snake, ශ්, රී, ලංකාවේ, සර්පයෝ, red, list, fauna, and, flora, sri, lanka, 2007, critically, cr, en, vulnerable, vu, near, nt, data, deficient, dd, september, 2017, july, 31, saturday, february, 20, november, 15, tuesday, june, friday, ගමන්, මග, මම, ගැන, පාඨක, පිරිස, ලිපි, මුහුදේ, වෙසෙන, වයිරන්, මුහුදු, නයා, පලාබරියා, green, keelback, කදුකර, මූකලන්, තෙලිස්සා, highland, hump, nosed, pit, viper, අපේ, රටට, ආවේණික, පුල්ලි, දත්කැටියා, streaked, kukri, දැතිගෝමරයා, black, headed, සර්පයින්, ගේ, වැදගත්, කම, සර්පයන්ට, ඇති, තර්ජන, සහ, සංරක්ෂණය,
Text of the page (most frequently used words):
share (21), #සර්පයින් (17), විට (16), පාට (14), හැක (14), සර්ප (13), මෙම (13), දැකිය (13), මුහුදු (12), අතර (12), විෂ (11), ලංකාව (10), rhinophis (10), කණඋල්ලා (10), කුඩා (10), වැනි (10), ගනී (10), ඇති (9), කලු (9), typhlops (9), ලබයි (9), විද් (9), සර්පයා (9), unknown (8), මෙන්ම (8), සදහා (8), කරවලා (8), හමුවේ (8), ඇතැම් (8), april (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), posted (7), තුඩැල්ලා (7), විශේෂ (7), කරනු (7), වලින් (7), හදුන්වන (7), පුල්ලි (7), snake (6), september (6), නයා (6), comments (6), නිසා (6), බොහෝ (6), කදුකර (6), aspidura (6), ගන්නා (6), මීයන් (6), www (6), සර්පයෙකි (6), මධ් (6), ශරීරයේ (6), සහිත (5), july (5), february (5), වනාන්තර (5), වලට (5), මැඩිල්ලා (5), මෙරටට (5), සිදු (5), අඩු (5), ලෙස (5), යොදා (5), ලංකාවේ (5), ආහාරයට (5), යාත්මක (5), පමණ (5), දරයි (5), දුඹුරු (5), genus (5), family (5), colubridae (5), serpentes (5), suborder (5), order (5), squamata (5), reptilia (5), class (5), phylum (5), chordata (5), kingdom (5), animalia (5), රදේශ (5), දත් (5), හිස (5), සර්පයින්ගේ (4), තවත් (4), 2015 (4), 2016 (4), වයිරන් (4), ගැනීම (4), යනු (4), විසින් (4), ceylonensis (4), hypnale (4), මූකලන් (4), තෙලිස්සා (4), macropisthodon (4), sri (4), රතු (4), පවතී (4), ආහාර (4), ගෙම්බන් (4), තුළ (4), යයි (4), http (4), com (4), org (4), හිසේ (4), වැඩි (4), රමාණයේ (4), ශරීරයක් (4), වර්ගීකරණය (4), ආවේනික (4), sunday (4), දිගකට (4), කොළ (4), ආශ් (4), ආදී (4), උග් (3), october (3), december (3), january (3), june (3), november (3), මුහුදේ (3), වෙසෙන (3), සර්පයෙක් (3), පරිදි (3), ලක් (3), හැකි (3), uropeltis (3), වකටුල්ලා (3), වල්ගා (3), ඇබයා (3), තිත් (3), දෙපත් (3), සිහින් (3), ceylonicus (3), nepa (3), plumbicolor (3), පලාබරියා (3), carinatus (3), දිය (3), oligodon (3), lanka (3), දත්ත (3), බොහොමයක් (3), ගහණය (3), සිටී (3), සර්පයින්ට (3), රව් (3), අහිතකර (3), යුක්ත (3), ඉහල (3), රසායනික (3), ඡායාරූප (3), විවිධ (3), යාව (3), විශාල (3), කෘෂිකාර්මික (3), සර්පයෙකු (3), දිවා (3), කාලයේ (3), වැඩුනු (3), සිලින්ඩරාකාර (3), ඇස් (3), රමයෙන් (3), වලිගයක් (3), sibynophis (3), subfamily (3), අයත් (3), දක්වා (3), තෙත් (3), හමුවී (3), මට්ටමින් (3), ඉන්දියාව (3), හෙවත් (3), ඉංග් (3), රීසි (3), කැටියා (3), රිතව (3), රේඛා (3), නාමයෙන් (3), නකල්ස් (3), වැඩේ (3), සතුන්ගේ (3), green (3), keelback (3), hydrophis (3), august (2), 2017 (2), posts (2), කාණ්ඩය (2), යෑම (2), අත් (2), මොවුන් (2), මිනිසුන් (2), මරා (2), ඔවුන් (2), එනිසා (2), කිරීමේ (2), එමෙන්ම (2), porrectus (2), philippinus (2), drummondhayi (2), බිංඋල්ලා (2), කබර (2), haplocercus (2), කුරන් (2), dryocalamus (2), dendrelaphis (2), හාල්දන්ඩා (2), boiga (2), මාපිලා (2), කලුවා (2), chrysopelea (2), පදුරු (2), threatened (2), balanophis (2), නිහලුවා (2), දත්කැටියා (2), දගර (2), cercaspis (2), දාර (2), රදනකයා (2), endangered (2), බරියා (2), 2007 (2), මෙරට (2), iucn (2), විවිධත්වය (2), රටකි (2), ආවේණික (2), කරන (2), සීඝ් (2), රයෙන් (2), බලපෑම් (2), කරයි (2), වඩා (2), උෂ්ණත්ව (2), අවශ් (2), ජීවත් (2), විම (2), කෘෂි (2), කටයුතු (2), වගාවන් (2), හේතු (2), පමණක් (2), වාසස්ථාන (2), මගින් (2), ජීවිකාව (2), පවත්වා (2), ඇතුලු (2), දකුණු (2), ආසියාතික (2), රෝග (2), ගනු (2), මීයන්ගේ (2), වසංගත (2), පාලනය (2), වීම (2), වගාවන්ට (2), සතුන් (2), කෘමින් (2), වැදගත් (2), උපුටා (2), වලල්ලක් (2), වශයෙන් (2), රාත් (2), බිම් (2), හමුවන (2), දිරාගිය (2), ගල් (2), පහර (2), හොදින් (2), රවුම් (2), කණිනිකාවක් (2), colubrinae (2), subpunctatus (2), පහත (2), වැඩිදුරටත් (2), පුත්තලම (2), සිංහරාජය (2), කලුතර (2), බංගලාදේශය (2), රටවලින් (2), black (2), headed (2), දැතිගෝමරයා (2), භාෂාවෙන් (2), arkive (2), ජායාරූප (2), වර්ගීකරනය (2), මැඩියන් (2), රහිත (2), කාල (2), වැඩිපුර (2), රොඩු (2), ඕවලාකාර (2), ගෝලාකාර (2), කනිනිකාවක් (2), subphylum (2), vertebrata (2), කුළයට (2), කැටියාගේ (2), යාප්තිය (2), මීගමුව (2), වාර්තා (2), labels (2), viper (2), සෙන්ටිමීටර් (2), සහිතයි (2), ශරීර (2), අදුරු (2), ශරීරය (2), යටි (2), පැත්ත (2), සුදු (2), නමින් (2), මීටර් (2), වෙසේ (2), පේරාදෙනිය (2), ශරීරයෙන් (2), වෙන්ව (2), පාටින් (2), පාටට (2), හුරු (2), පැහැයක් (2), ආකාරයට (2), දුරටත් (2), හැරුනු (2), පකිස්ථානය (2), මියන්මාරය (2), cyanocinctus (2), elapidae (2), sea (2), වෙරළ (2), තීරය (2), සර්පයෝ (2), picture, window, theme, powered, blogger, දෂ්ඨනයෙන්, වැලකීම, ලක්ෂණ, කුළ, families, ලිපි, පාඨක, පිරිස, view, complete, profile, ගැන, 2011, may, 2012, 2013, 2014, march, ගමන්, subscribe, atom, home, older, කෙසේ, වෙතත්, පරිසරයෙන්, නුදුරු, අනාගතයේදිම, තුරන්, යාමට, නියමිත, සත්ත්ව, ආරක්ෂා, සැමගේම, යුතුකමක්, වගකීමක්ද, මිට, පෙරද, සදහන්, පාරිසරික, සමතුලිත, තාවය, පවත්වාගෙන, යවශ, ජීවී, කාණ්ඩයකි, වීමට, නොවී, ආරක්ෂාකර, සුදුසු, සංරක්ෂණ, රමවේද, අනුගමනය, යුතුයි, දෙනෙකු, දමන්නේ, පිළිබදව, නොදැනුවත්, හේතුවෙනි, රජාව, දැනුවත්, වැඩසටහන්, සිසුන්, අධ්, යාපනික, රියාකාරකම්, සංවිධානය, අවශතාවය, පැන, නැගී, නිවෙස්, තුළට, පැමිනෙන, නොමරා, නැවතත්, යොමු, කිරිම, ඕනෑම, පුද්ගලයෙකුට, දෙයකි, ruhunae, රුහුනු, phillipsi, ඉරි, melanogaster, tricoloratus, දැරණියගලගේ, punctatus, දික්, කුවියර්ගේ, oxyrhynchus, උල්, homolepis, erangaviraji, එරංග, විරාජ්ගේ, තපෝ, dorsimaculatus, තම්බපන්නි, blythii, ගෝමර, pseudotyphlops, platyplecturus, madurensis, මදුරාසි, violaceus, දම්, veddae, වැද්දාගේ, tenebrarum, ටේලර්ගේ, ස්ටොලික්ස්කාගේ, mirus, හීන්, malcolmi, මැල්කම්ගේ, leucomelas, lankaensis, ස්මිත්ගේ, ramphotyphlops, දුමුටු, රත්, gracilis, මීගැට, oliveri, ඔලිවර්ගේ, beddomei, argyrogena, fasciolata, වල්, ගැරඩියා, data, deficient, trachyprocta, දලව, guentheri, brachyorrhos, calliophis, melanurus, bungarus, මුදු, cylindrophis, maculatus, වටඋල්ලා, nympha, ගැට, ornata, පොල්මල්, barnesii, ahaetulla, pulverulenta, හෙනකදයා, near, echis, වැළි, පොළගා, මල්, cerberus, rynchops, කුනු, calamarius, liopeltis, calamaria, පන්බරියා, caudolineolatus, වයිරි, taprobanica, දන්ඩා, gongylophis, conicus, වැලි, පිඹුරා, vulnerable, රෙදි, ගොයා, acrochordus, granulatus, කෙටිවල්, කදු, deraniyagalae, පොවොස්ටිගේ, gerarda, prevostiana, critically, red, list, fauna, and, flora, වාර්තාවට, අනුව, අවදානමට, පොතට, ඇතුලත්ව, අධික, නමුත්, දියුණු, යැයි, කියා, විසින්ම, රියා, හේතුවෙන්, වෙමින්, වීමේ, තර්ජනයටද, මුහුණ, එල්ලවි, රබලතම, තර්ජනයවන්නේ, ධීවරයින්, දැමීමයි, මීට, අමතරව, තෙල්, ජලයේ, සිදුවන, දූෂණයද, silva, 1980, 1987, තෙතමණයෙන්, කොළරොඩු, පරිසරයක්, තත්ව, නොමැති, වුවහොත්, මිය, යෑමට, පුලුවන, spp, ගෝලීය, උෂ්ණත්වය, වාර්ශික, වර්ෂාපතනය, අඩුවීම, දේශගුණ, වෙනස්වීමද, කෙරෙහි, සමහර, උදාහරණයක්, මැඩිල්ලන්, කාර්මික, වලදී, යයන්ද, තර්ජනයක්, කෘමිනාශක, වල්නාශකද, කිරීමට, වෙයි, නයිට්, රිජන්, අඩංගු, පොහොර, වර්ග, අධි, භාවිතයද, මොවුනට, බලපානු, ආකාරයකින්, කෘමීන්, සතුනගේ, කිරිමටද, පසුගිය, දශක, ගණනාව, විනාශය, විය, නාගරිකකරණය, පිණිස, විනාශ, කිරීම, විටත්, සිදුවෙමින්, නොව, අනෙකුත්, වනජීවීන්ගේද, අහිමි, සර්පයන්ට, තර්ජන, සංරක්ෂණය, friday, content, time, news, index, ssf, නයින්, නැටවීම, රැදී, ශේෂ, යෙන්ම, අහිගුන්ඨක, කොධ්ඨාශ, රටවල, කොට්ඨාශ, physiology, biochemistry, immunology, විෂය, ක්ෂේත්, පරීක්ෂණ, රතිශක්ති, ජෛව, කායික, ඇදුම, සඳහාද, මර්ධනය, කිය, මහාමාරිය, රූමටික, ලාදුරු, ස්නායු, මෝෆීලියාව, සරම්ප, පිළිකා, anti, venom, serum, avs, නිෂ්පාදනය, සඳහා, ලබන්, විෂයි, දෙන, රති, දෂ්ඨ, ලබා, විෂේ, අන්තර්ගත, සංඝටක, විෂේෂිත, කෘතයන්, නූතන, වෙද්, ඖෂධ, නිපදවීමට, යෝගී, මුත්, තත්වයන්, පැතිර, ස්වාභාවික, සතුරෙකි, ගොදුරු, රමාණයට, වැඩිවීම, මර්ධනයට, පිටිවහලක්, එයින්, පාඩු, වැළ, කෘමි, අතීත, සිටම, වෙනත්, ගබඩා, හානි, පමුනුවයි, දාම, මට්ටම්, පෙන්නන්, ලංකා, ජෙව, නැංවීමට, දායකත්වය, යාවශ්, ගැනීමට, ecological, balance, එසේම, පරිසර, සමතුළිතතාවය, යම්, හෙයක්, මිහිතලය, වසන, සෑම, සත්ව, කොට්ඨාශයක්, සර්පයින්ද, මිහිතලයේ, පැවැත්මට, tuesday, sarrp, indianaturewatch, net, indiansnakes, flickr, දිගකින්, හූනන්, හිකනලුන්ද, දඩයම්, නිර්විෂ, දැති, ගෝමරයා, දෙකේදීම, නිරන්තරයෙන්, භෞමිකවාසී, වේලාවක්, කොටන්, සැගවී, දීමක්, නොකරයි, සරිපයෙකු, දිගු, ගණනක්, තොල්, කොටස, පාටයි, කුලයට, උසකට, වියළි, කලාප, දක්නට, ලැබේ, පානදුර, ගාල්ල, කොළඹ, දෙනියාය, 750, විෂේශය, නම්, jerdon, polyodent, යටතේ, least, concern, පොතේ, වර්ධනය, සන්ධ්, වර්ෂා, මුන, ගැසෙන, මිනිස්, වලටද, හිසක්, ඇසේ, පැල්ලම්, දෙකක්, ගෙලේ, සිට, වලිගය, කරා, දිවේ, sublineatus, ලිපිනයෙන්, බලා, පහතරට, කලාපය, කදුකරයේ, ගම්පොළ, මහනුවර, රත්නපුර, කොත්මලේ, අපේ, රටට, streaked, kukri, saturday, humpnose, සිකනලුන්, වගාබිම්, කාලයේද, භෞමික, වුවත්, ගස්මතද, ගැසී, දීම, දුරට, පැනීමේ, හැකියාව, සපා, ස්ථානයේ, ඉදිමීමක්, ඇතිවේ, තුවාලයේ, ඇතිවන, වේදනාව, දින, කිහිපයක්, තුරුද, වර්ණය, විවිධාකාර, පුරා, අලු, පාටක්, ගෙළින්, වෙන්, නාස්, පුඩු, ඉලිප්සාකර, crotalinae, viperidae, මෙලෙස, ජෛවවිද්, යාත්මකව, 2000, හන්තාන, කන්නෙලිය, විශ, highland, hump, nosed, pit, තෘණ, භූමි, ගෙවතු, රිත, කොල, වේගයෙන්, පලා, පලි, නිශාචර, භෞමිකව, වාසය, යමප්, මදක්, රිකෝණාකාර, හැඩයක්, ගෙළ, රගින්, කෙටි, පිහිටයි, අකුරක, හැඩති, යුත්, පැල්ලමක්, කලදී, තරුණ, අවධි, පසුවන, පැහැති, වයසට, යත්ම, නැතිවී, ගෙලෙහි, විශේෂය, lankan, palabariya, 1000, සීගිරිය, බණ්ඩාරවෙල, දඹුල්ල, රිකුණාමලය, පොලොන්නරුව, නමුනුකුල, හපුතලේ, comment, සියලුම, https, alchetron, වෙබ්, අඩවියෙන්, ලදී, මත්සයින්, 170, ඉතා, ආක්, රමණශීලී, රමානයේ, දරන, සර්පයාගේ, පැහැදිලිව, නැත, පටි, වෙන, උතුරු, බටහිර, නැගෙනහිර, වෙරළබඩ, මන්නාරම, කුමන, පානම, වැල්ලවත්ත, කළුතර, lue, banded, යනුවෙන්, ඉන්දියන්, සාගරයේ, පිහිටා, තායිලන්තය, පර්සියන්, ගල්ෆ්, චීන, annulated, snakes,
Text of the page (random words):
ශ් රී ලංකාවේ සර්පයෝ ශ් රී ලංකාවේ සර්පයෝ snakes in sri lanka sunday september 10 2017 මුහුදේ වෙසෙන තවත් සර්පයෙක් වයිරන් මුහුදු නයා වයිරන් මුහුදු නයා හෙවත් ඉංග් රීසි භාෂාවෙන් annulated sea snake හෝ b lue banded sea snake යනුවෙන් හදුන්වන මෙම මුහුදු සර්පයා උග් ර විෂ සහිත සර්පයෙකි ශ් රී ලංකාව හැරුනු විට ඉන්දියන් සාගරයේ පිහිටා ඇති බංගලාදේශය ඉන්දියාව පකිස්ථානය මියන්මාරය තායිලන්තය වැනි රටවලින් මෙන්ම පර්සියන් ගල්ෆ් වෙරළ තීරය හා දකුණු චීන මුහුදු වෙරළ තීරය ආශ් රිතව හමුවේ ශ් රී ලංකාවේ උතුරු බටහිර නැගෙනහිර වෙරළබඩ ආශ් රිතව වෙසේ මන්නාරම කුමන පානම වැල්ලවත්ත මීගමුව පුත්තලම කළුතර ආදී ප් රදේශ වලින් හමුවී ඇත hydrophis cyanocinctus යන විද් යාත්මක නාමයෙන් හදුන්වන මෙම සර්පයා elapidae කුළයට අයත් වෙන අතර මේ ආකාරයට වැඩි දුරටත් වර්ගීකරණය කරනු ලබයි වයිරන් මුහුදු නයා kingdom animalia phylum chordata class reptilia order squamata suborder serpentes family elapidae genus hydrophis මධ් යම ප් රමානයේ ශරීරයක් දරන මෙම සර්පයාගේ හිස කුඩා වන අතර ශරීරයෙන් පැහැදිලිව වෙන්ව නැත කොළ පාටට හුරු කහ පාට ශරීරයේ කලු පාට පටි ඇතැම් විට දැකිය හැක ඉතා ආක් රමණශීලී සර්පයෙකු වන අතර උග් ර විෂ සහිතයි 1 2 0 170 cm පමණ දිගකට වැඩේ මත්සයින් හා මුහුදේ ඇති දෑ ආහාරයට ගනී hydrophis cyanocinctus ගේ හිස සියලුම ඡායාරූප https alchetron com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී posted by unknown at 1 55 pm 1 comment email this blogthis share to x share to facebook share to pinterest sunday july 31 2016 පලාබරියා green keelback පලාබරියා හෙවත් green keelback යන නමින් හදුන්වන සර්පයා ශ් රී ලංකාව හැරුනු විට ඉන්දියාව පකිස්ථානය මියන්මාරය වැනි ආසියාතික රට වලින් හමුවේ ශ් රී ලංකාව තුළ මුහුදු මට්ටමින් මීටර් 1000 දක්වා සීගිරිය නකල්ස් බණ්ඩාරවෙල දඹුල්ල ත් රිකුණාමලය පොලොන්නරුව පේරාදෙනිය නමුනුකුල සහ හපුතලේ ආදී ප් රදේශ වලින් වාර්තා වී ඇත macropisthodon plumbicolor යන විද් යාත්මක නාමයෙන් හදුන්වන මෙම සර්පයා මේ ආකාරයට වැඩි දුරටත් වර්ගීකරණය කරනු ලබයි kingdom animalia phylum chordata class reptilia order squamata suborder serpentes family colubridae genus macropisthodon macropisthodon plumbicolor palabariya sri lankan green keelback යන උප විශේෂය මෙරටට ආවේනික වේ හොදින් වැඩුනු සතුන්ගේ ශරීරය කහ පාටට හුරු කොළ පැහැයක් ගන්නා අතර කුඩා කලදී අදුරු කොළ පැහැයක් ගනී කුඩා සහ තරුණ අවධි වල පසුවන සතුන්ගේ ශරීර වල කලු පැහැති රේඛා දැකිය හැකි අතර ක් රමයෙන් වයසට යත්ම එම රේඛා නැතිවී යයි ශරීරයේ යටි පැත්ත සුදු පාටින් යුක්ත වේ කුඩා කල සතුන්ගේ ගෙලෙහි ඉංග් රීසි a අකුරක හැඩති කලු පාටින් යුත් පැල්ලමක් දැකිය හැක මධ් යමප් රමාණයේ ශරීරයක් දරයි කුඩා කළ මදක් ඕවලාකාර හිස වැඩුනු විට ත් රිකෝණාකාර හැඩයක් ගනී හිස ගෙළ රගින් ශරීරයෙන් වෙන්ව ඇත කෙටි වලිගයක් දරයි ඇස් වල ගෝලාකාර කණිනිකාවක් පිහිටයි වනාන්තර තෘණ භූමි කෘෂිකාර්මික බිම් ගෙවතු ආශ් රිත කොල රොඩු හා ගල් අතර හමුවේ බොහෝ විට වේගයෙන් පලා යයි පලි බරියා විෂ රහිත නිශාචර සර්පයෙකි භෞමිකව වාසය කරන මෙම සර්පයා සෙන්ටිමීටර් 40 50 පමණ දිගකට වැඩේ වැඩි වශයෙන් ගෙම්බන් හා මැඩියන් ආහාරයට ගනී posted by unknown at 8 01 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest labels ශ් රී ලංකාව සහ සර්පයින් sunday april 10 2016 කදුකර මූකලන් තෙලිස්සා highland hump nosed pit viper කදුකර මූකලන් තෙලිස්සා යනු මෙරටට ආවේනික විශ සහිත සර්පයෙකි මුහුදු මට්ටමින් මීටර් 2000 දක්වා වූ කදුකර වනාන්තර වල වෙසේ පේරාදෙනිය සිංහරාජය නකල්ස් හන්තාන කන්නෙලිය ආදී ප් රදේශ වලින් හමුවී ඇත hypnale nepa යන විද් යාත්මක නමින් හදුන්වන කදුකර මූකලන් තෙලිස්සා මෙලෙස වැඩිදුරටත් ජෛවවිද් යාත්මකව වර්ගීකරණය කල හැක kingdom animalia phylum chordata subphylum vertebrata class reptilia order squamata suborder serpentes family viperidae subfamily crotalinae genus hypnale මධ් යම ප් රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් ඇත හිස ගෙළින් වෙන් වී පවතී කුඩා නාස් පුඩු දරයි රවුම් ඇස් තුළ ඉලිප්සාකර කනිනිකාවක් දැකිය හැක ශරීර වර්ණය විවිධාකාර වේ බොහෝ විට අදුරු හෝ ලා දුඹුරු පාට වේ ඇතැම් විට ශරීරය පුරා කලු පාට පුල්ලි දැකිය හැක ශරීරයේ යටි පැත්ත සුදු හෝ අලු පාටක් ගනී රතු හෝ දුඹුරු පාට තිත් දැකිය හැක මධ් යම ප් රමාණයේ විෂ සහිතයි සපා කෑ ස්ථානයේ ඉදිමීමක් ඇතිවේ තුවාලයේ ඇතිවන වේදනාව දින කිහිපයක් යන තුරුද පවතී තෙත් වනාන්තර වල සහ කදුකර වගාබිම් වල හමුවේ රාත් රී කාලයේ මෙන්ම දිවා කාලයේද දැකිය හැක භෞමික සර්පයෙකු වුවත් ඇතැම් විට කුඩා ගස්මතද හමුවේ ඇතැම් විට පදුරු වල දගර ගැසී සිටී පහර දීම සදහා දුරට පැනීමේ හැකියාව ඇත සෙන්ටිමීටර් 30 35 පමණ දිගකට වැඩේ සිකනලුන් ගෙම්බන් මීයන් ආහාරයට ගනී ජායාරූප http www arkive org sri lanka humpnose viper hypnale nepa posted by unknown at 8 14 pm no comments email this blogthis share to x share to facebook share to pinterest labels ශ් රී ලංකාව සහ සර්පයින් saturday february 20 2016 අපේ රටට ආවේණික සර්පයෙක් පුල්ලි දත්කැටියා streaked kukri snake පුල්ලි දත් කැටියා මෙරටට ආවේනික සර්පයෙකි පහතරට තෙත් කලාපය මධ් යම කදුකරයේ නකල්ස් ගම්පොළ මහනුවර කලුතර රත්නපුර කොත්මලේ මීගමුව ආදී ප් රදේශ වලින් වාර්තා වී ඇත මෙම ලිපිනයෙන් පුල්ලි දත් කැටියාගේ ව් යාප්තිය බලා ගත හැක පුල්ලි දත් කැටියාගේ ව් යාප්තිය colubridae සර්ප කුළයට අයත් පුල්ලි දත් කැටියා oligodon sublineatus යන විද් යාත්මක නාමයෙන් හදුන්වන අතර පහත පරිදි වර්ගීකරනය කරනු ලබයි kingdom animalia phylum chordata subphylum vertebrata class reptilia order squamata suborder serpentes family colubridae subfamily colubrinae genus oligodon සිලින්ඩරාකාර ශරීරයේ ඕවලාකාර හිසක් දරයි ඇසේ ගෝලාකාර කනිනිකාවක් ඇත ක් රමයෙන් සිහින් වූ වලිගයක් ඇත දුඹුරු පාට හිසේ සහ ශරීරයේ කලු පාට පැල්ලම් දැකිය හැක කලු පාට රේඛා දෙකක් ගෙලේ සිට වලිගය කරා දිවේ පුල්ලි දත් කැටියා විෂ රහිත සර්පයෙකි දිවා සහ සන්ධ් යා කාල වල වැඩිපුර හමුවන අතර බොහෝ විට දිරාගිය කොළ රොඩු ආශ් රිතව හමුවේ වර්ෂා සහිත කාල වල වැඩිපුර මුන ගැසෙන අතර ඇතැම් විට මිනිස් වාසස්ථාන වලටද ඇතුලු වේ මෙම සර්පයා 40 50 cm පමණ දිගකට වර්ධනය වේ කුඩා කෘමින් මැඩියන් ආහාරයට ගනී iucn රතු දත්ත පොතේ මෙම සර්පයා least concern lc කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි ජායාරූප http www arkive org posted by unknown at 8 37 pm 3 comments email this blogthis share to x share to facebook share to pinterest sunday november 15 2015 දැතිගෝමරයා black headed snake දැතිගෝමරයා හෙවත් ඉංග් රීසි භාෂාවෙන් jerdon s polyodent හෝ black headed snake යන නම් වලින් හදුන්වන මෙම සර්පයා ඉන්දියාව ශ් රී ලංකාව සහ බංගලාදේශය යන රටවලින් පමණක් හමුවේ sibynophis subpunctatus ceylonicus යන උප විෂේශය මෙරටට ආවේනික වේ ශ් රී ලංකාවේ මුහුදු මට්ටමින් 750 m දක්වා උසකට තෙත් හා වියළි කලාප වල දක්නට ලැබේ පානදුර ගාල්ල කොළඹ පුත්තලම සිංහරාජය දෙනියාය කලුතර ප් රදේශ වලින් හමුවී ඇත colubridae කුලයට අයත් මෙම සර්පයා පහත පරිදි වැඩිදුරටත් වර්ගීකරණය කළ හැක sibynophis subpunctatus kingdom animalia phylum chordata class reptilia order squamata suborder serpentes family colubridae subfamily colubrinae genus sibynophis මධ් යම ප් රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් දරයි විශාල ඇස් තුළ රවුම් කණිනිකාවක් දැකිය හැක ක් රමයෙන් සිහින් වන දිගු වලිගයක් දැකිය හැකි අතර ලා දුඹුරු පාට ශරීරයේ තද දුඹුරු පාට තිත් විශාල ගණනක් ඇත කලු පාට හිසේ කහ පාට වලල්ලක් දැකිය හැක තොල් හා හිසේ යට කොටස කහ පාටයි නිර්විෂ සර්පයෙකු වන දැති ගෝමරයා දිවා කාලයේ සහ රාත් රි කාලයේ දෙකේදීම දැකිය හැක කෘෂිකාර්මික බිම් වල නිරන්තරයෙන් හමුවන අතර භෞමිකවාසී සර්පයෙකි වැඩි වේලාවක් විට දිරාගිය කොටන් යට සහ ගල් යට සැගවී සිටී බොහෝ විට පහර දීමක් සිදු නොකරයි හොදින් වැඩුනු සරිපයෙකු 20 35 cm පමණ දිගකින් යුක්ත වන අතර ආහාර වශයෙන් ගෙම්බන් කුඩා සර්පයින් හූනන් මෙන්ම හිකනලුන්ද දඩයම් කරනු ලබයි කලු පාට හිසේ කහ පාට වලල්ලක් දැකිය හැක ඡායාරූප උපුටා ගැනීම www flickr com indiansnakes org www indianaturewatch net www sarrp org posted by unknown at 8 08 pm 13 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday june 2 2015 සර්පයින් ගේ වැදගත් කම මිහිතලය මත වසන සෑම සත්ව කොට්ඨාශයක් මෙන්ම සර්පයින්ද මිහිතලයේ පැවැත්මට යම් මෙ හෙයක් සිදු කරයි එසේම පරිසර විද් යාත්මක සමතුළිතතාවය ecological balance පවත්වා ගැනීමට සර්පයින් වැදගත් වේ ලංකා වේ ෙ ජෙව විවිධත්වය ඉහල නැංවීමට සර්පයින් ගේ දායකත්වය අත් යාවශ් ය වේ ලංකාව ඈත අතීත යේ සිටම කෘෂිකාර්මික රටකි මීයන් සහ වෙනත් කෘමින් වගාවන්ට සහ ආහාර ගබඩා වලට හානි පමුනුවයි සර්පයින් ආහාර දාම වල ඉහල මට්ටම් වල යැ පෙන්නන් වේ ඔවුන් විසින් මීයන් හා විවිධ කෘමි සතුන් ආහාරයට ගනු ලබයි එනිසා එම සතුන් ගේ බෝ වීම පාලනය වේ එයින් වගාවන්ට විශාල ලෙස පාඩු සිදු වීම වැළ කේ මීයන්ගේ මල සහ මුත් රා මගින් මී උණ වැනි වැනි වසංගත තත්වයන් පැතිර යයි සර්පයින් යනු මීයන්ගේ ස්වාභාවික සතුරෙකි සර්පයින් විසින් මීයන් ගොදුරු කර ගැනීම නිසා මීයන් ප් රමාණයට වඩා වැඩිවීම පාලනය වේ එය වසංගත මර්ධනයට පිටිවහලක් වේ සර්ප විෂේ අන්තර්ගත විවිධ සංඝටක වල විෂේෂිත කෘතයන් නිසා නූතන ෙ වෙද් ය විද් යා වේ ඇතැම් ඖෂධ නිපදවීමට සර්පයින්ගේ විෂ උප යෝගී කර ගනී බෝ හෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබා දෙන ප් රති විෂ anti venom serum avs නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන් නේ සර්ප විෂයි පිළිකා සරම්ප හි මෝෆීලියාව ඇතැම් ස්නායු රෝග ලාදුරු රූමටික උණ මහාමාරිය ඇදුම වැනි රෝග සඳහාද මර්ධනය කළ සර්ප විෂ යොදා ගන්නා බව කිය වේ කායික විද් යාව physiology ජෛව රසායනික විද් යාව biochemistry ප් රතිශක්ති විද් යාව immunology වැනි විෂය ක්ෂේත් ර වල පරීක්ෂණ කටයුතු සදහා සර්ප විෂ යොදා ගනී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත රැදී ති බේ වි ශේෂ යෙන්ම අහිගුන්ඨක ජන කොධ්ඨාශ නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගනී ඡායාරූප http www nj com news index ssf http content time com posted by unknown at 2 23 pm 5 comments email this blogthis share to x share to facebook share to pinterest friday april 3 2015 සර්පයන්ට ඇති තර්ජන සහ සංරක්ෂණය 2 පසුගිය දශක ගණනාව තුළ ශ් රී ලංකාවේ වන විනාශය සීඝ් රයෙන් සිදු විය නාගරිකකරණය වගාවන් පිණිස වනාන්තර විනාශ කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතී මේ නිසා සර්පයින් පමණක් නොව අනෙකුත් බොහොමයක් වනජීවීන්ගේද වාසස්ථාන අහිමි වී යයි කෘෂි කාර්මික කටයුතු වලදී යොදා ගන්නා කෘෂි රසායනික ද් රව් යයන්ද සර්පයින්ට තර්ජනයක් ඇති කරනු ලබයි වගාවන් සදහා යොදා ගන්නා කෘමිනාශක මෙන්ම වල්නාශකද සර්ප ගහණය අඩු කිරීමට හේතු වෙයි නයිට් රිජන් අඩංගු පොහොර වර්ග වල අධි භාවිතයද මොවුනට අහිතකර ලෙස බලපානු ලබයි මෙම රසායනික ද් රව් යය තවත් ආකාරයකින් සර්පයින්ගේ ආහාර වන කෘමීන් ගෙම්බන් මීයන් වැනි සතුනගේ ගහණය අඩු කිරිමටද හේතු වේ ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම වාර්ශික වර්ෂාපතනය අඩුවීම වැනි දේශගුණ වෙනස්වීමද ඇතැම් විශේෂ කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි සමහර සර්ප විශේෂ වලට ජීවත් විම සදහා අඩු උෂ්ණත්ව අවශ් ය වේ උදාහරණයක් ලෙස මැඩිල්ලන් aspidura spp නිහලුවා balanophis ceylonensis දාර රදනකයා cercaspis carinatus කුරන් කරවලා haplocercus ceylonensis වැනි විශේෂ වලට ජීවත් විම සදහා 25 c වලට වඩා අඩු උෂ්ණත්ව මෙන්ම තෙතමණයෙන් යුක්ත කොළරොඩු සහිත පරිසරයක් අවශ් ය වේ මෙම තත්ව නොමැති වුවහොත් මොවුන් මිය යෑමට පුලුවන de silva 1980 1987 මුහුදු සර්පයින්ට එල්ලවි ඇති ප් රබලතම තර්ජනයවන්නේ ධීවරයින් විසින් මරා දැමීමයි මීට අමතරව තෙල් වැනි ද් රව් යය නිසා මුහුදු ජලයේ සිදුවන දූෂණයද මුහුදු සර්පයින්ට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි ශ් රි ලංකාව යනු සර්පයින්ගේ විවිධත්වය අධික රටකි එමෙන්ම මෙරටට ආවේණික වූ විශේෂ බොහොමයක් හමුවේ නමුත් දියුණු යැයි කියා ගන්නා මිනිසුන් විසින්ම සිදු කරන ක් රියා හේතුවෙන් සර්ප ගහණය සීඝ් රයෙන් අඩු වෙමින් පවතී මේ නිසා බොහොමයක් විශේෂ වද වීමේ තර්ජනයටද මුහුණ පා සිටී මේ වන විට මෙරට වෙසෙන බොහෝ සර්ප විශේෂ iucn රතු දත්ත පොතට ඇතුලත්ව ඇත 2007 රතු දත්ත වාර්තාවට අනුව මෙරට අවදානමට ලක් වී ඇති සර්ප විශේෂ red list of threatened fauna and flora of sri lanka 2007 critically endangered cr gerarda prevostiana පොවොස්ටිගේ දිය බරියා aspidura deraniyagalae කදු මැඩිල්ලා aspidura drummondhayi කෙටිවල් මැඩිල්ලා endangered en acrochordus granulatus රෙදි නයා දිය ගොයා vulnerable vu gongylophis conicus වැලි පිඹුරා cercaspis carinatus දාර රදනකයා chrysopelea taprobanica දගර දන්ඩා dendrelaphis caudolineolatus වයිරි හාල්දන්ඩා liopeltis calamaria පන්බරියා oligodon calamarius කබර දත්කැටියා cerberus rynchops කුනු දිය කලුවා balanophis ceylonensis මල් කරවලා නිහලුවා echis carinatus වැළි පොළගා near threatened nt ahaetulla pulverulenta හෙනකදයා boiga barnesii පදුරු මාපිලා chrysopelea ornata පොල්මල් කරවලා dryocalamus nympha ගැට කරවලා cylindrophis maculatus දෙපත් නයා වටඋල්ලා bungarus ceylonicus මුදු කරවලා calliophis melanurus දෙපත් කලුවා aspidura brachyorrhos ලේ මැඩිල්ලා aspidura guentheri කුඩා මැඩිල්ලා aspidura trachyprocta දලව මැඩිල්ලා macropisthodon plumbicolor පලාබරියා hypnale nepa කදුකර මූකලන් තෙලිස්සා data deficient dd argyrogena fasciolata වල් ගැරඩියා boiga beddomei කහ මාපිලා dendrelaphis oliveri ඔලිවර්ගේ හාල්දන්ඩා dryocalamus gracilis මීගැට කරවලා haplocercus ceylonensis කුරන් කරවලා රත් කරවලා ramphotyphlops දුමුටු කණඋල්ලා typhlops ceylonicus ස්මිත්ගේ කණඋල්ලා typhlops lankaensis ලක් කණඋල්ලා typhlops leucomelas කබර කණඋල්ලා typhlops malcolmi මැල්කම්ගේ කණඋල්ලා typhlops mirus හීන් කණඋල්ලා typhlops porrectus ස්ටොලික්ස්කාගේ සිහින් කණඋල්ලා typhlops tenebrarum ටේලර්ගේ කණඋල්ලා typhlops veddae වැද්දාගේ කණඋල්ලා typhlops violaceus දම් කණඋල්ලා platyplecturus madurensis මදුරාසි බිංඋල්ලා pseudotyphlops philippinus මහ බිංඋල්ලා rhinophis blythii ගෝමර තුඩැල්ලා rhinophis dorsimaculatus තම්බපන්නි වල්ගා ඇබයා rhinophis drummondhayi තපෝ තුඩැල්ලා rhinophis erangaviraji එරංග විරාජ්ගේ තුඩැල්ලා rhinophis homolepis දෙපත් තුඩැල්ලා rhinophis oxyrhynchus උල් තුඩැල්ලා rhinophis philippinus කුවියර්ගේ වල්ගා ඇබයා rhinophis porrectus දික් තුඩැල්ලා rhinophis punctatus තිත් තුඩැල්ලා rhinophis tricoloratus දැරණියගලගේ වල්ගා ඇබයා uropeltis melanogaster කලු වකටුල්ලා uropeltis phillipsi ඉරි වකටුල්ලා uropeltis ruhunae රුහුනු වකටුල්ලා මිට පෙරද සදහන් කල පරිදි සර්පයින් යනු පාරිසරික සමතුලිත තාවය පවත්වාගෙන යෑම සදහා අත් යවශ ජීවී කාණ්ඩයකි මේ නිසා මොවුන් වද වීමට ලක් නොවී ආරක්ෂාකර ගැනීම සදහා සුදුසු සංරක්ෂණ ක් රමවේද අනුගමනය කල යුතුයි මිනිසුන් විසින් සර්පයින් බොහෝ දෙනෙකු මරා දමන්නේ ඔවුන් පිළිබදව ඇති නොදැනුවත් කම හේතුවෙනි එනිසා ප් රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම සිසුන් සදහා අධ් යාපනික ක් රියාකාරකම් සංවිධානය කිරීමේ අවශතාවය පැන නැගී ඇත එමෙන්ම නිවෙස් තුළට පැමිනෙන සර්පයින් නොමරා නැවතත් වනාන්තර වලට යොමු කිරිම ඕනෑම පුද්ගලයෙකුට කළ හැකි දෙයකි කෙසේ වෙතත් අප පරිසරයෙන් නුදුරු අනාගතයේදිම තුරන් වි යාමට නියමිත මෙම සත්ත්ව කාණ්ඩය ආරක්ෂා කර ගැනීම අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ posted by unknown at 7 38 pm 11 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom ගමන් මග 2017 1 september 1 මුහුදේ වෙසෙන තවත් සර්පයෙක් වයිරන් මුහුදු නයා 2016 3 july 1 april 1 february 1 2015 6 november 1 june 1 april 1 march 1 february 2 2014 8 december 1 september 1 july 2 april 1 february 2 january 1 2013 9 october 1 september 1 august 2 july 1 april 1 february 1 january 2 2012 12 december 2 november 1 october 1 september 2 july 1 june 1 may 1 april 2 january 1 2011 8 december 1 october 1 september 1 august 5 මම ගැන unknown view my complete profile පාඨක පිරිස තවත් ලිපි ශ් රී ලංකාව සහ සර්පයින් 16 උග් ර විෂ සහිත සර්පයින් 7 සර්ප කුළ snake families 4 සර්පයින්ගේ ලක්ෂණ 4 සර්ප දෂ්ඨනයෙන් වැලකීම 3 සර්ප විෂ 3 picture window theme powered by blogger
|