Meta tags:
Headings (most frequently used words):
මොකක්ද, ලංකාවේ, පෙනෙන, නොපෙනෙන, friday, කියන්නේ, එක, 2023, 2020, විදුලි, බ්ලැක්, අවුට්, blackout, එකක්, බ්ලොග්, යාව, ප්, රාජ්, සහ, gmoa, කොරෝනා, පැතිරීම, සම්බන්ධයෙන්, කල, අනාවැකිය, නිවැරදිද, october, january, 13, monday, august, 24, පද්ධතියක, ග්, රිඩ්, උප, පොලක්, අගෝස්තු, 17, වන, සඳුදා, පද්ධතියේ, වුනේ, april, sunday, july, 2019, නෙලුම්යාය, සම්මාන, උළෙලේ, 2016, විද්, හා, තාක්ෂනය, අංශයේ, රථම, ස්ථානය, දිණු, ලිපිය, ජනප්, රිය, කථා, ලෝකයට, ඇහැ, ගහගෙන, ඉන්න, blog, archive, මේ, ටිකේ, ගොඩ, වැදුණු, අය, subscribe, to, මම, යන, එන, තැන්, ඇග, පිට්, එකට, තියාගන්න, ගැන, මගේ, උගත්, පාඩම්, රැල්ලට, බයේ, දුවමුද, සර්ෆ්, කරමුද, සාගර, සුලන්, බලය, අසමත්, සේවකයා, සිවිල්, පුරවැසියාගේ, වගකීම, විෂය, රවීණයෙක්, වෙන්න, පිලිබඳ, සහතිකයක්, තිබිය, යුතුමද, විසින්, විඥාන, විප්ලවයක්, කරගැනීමට, නොහැකි, වූ, අපි, ඉස්සර, කාලේද, හොඳම, පරිසර, සංරක්ෂණයේ, මිත්, සුද්දාගේ, දැනුම, අපේ, නොදැනුම,
Text of the page (most frequently used words):
විදුලි (47), වගේ (39), කරන්න (31), එකක් (30), ඇති (29), තියෙන (27), #පද්ධතියේ (26), ගැන (25), කියලා (25), කරන (24), අපේ (23), share (21), මේක (20), පුළුවන් (20), රියාත්මක (20), අපි (18), ආරක්ෂණ (18), විද් (17), ලංකාවේ (17), විදුලිය (17), නම් (17), වගේම (17), පද්ධතියෙන් (16), මිනිස්සු (15), යන්න (15), තියෙනවා (15), ගන්න (15), පද්ධතිය (15), නැති (15), කියල (14), කියන (14), විට (14), තමා (14), නැහැ (14), පද්ධති (14), වෙලා (13), වෙන්න (12), එකට (12), එකේ (12), ලෝකේ (12), කරලා (12), මෙසේ (12), රිඩ් (12), විෂය (12), ඉන්න (11), වෙන්නේ (11), වලට (11), යන්ත් (11), කරන්නේ (11), කතා (10), comments (10), තිබ්බා (10), නැත්නම් (10), හරි (10), දැන් (10), අපිට (10), දේවල් (10), පටන් (10), ඉවත් (10), මුළු (10), ජනන (10), ඕනේ (10), වෙනස් (9), කියන්නේ (9), වැඩ (9), දෙයක් (9), එහෙම (9), වුනේ (9), වුණා (9), තියෙන්නේ (9), වෙනවා (9), ජාතික (9), නිසා (9), දැනුම (8), කාලේ (8), එක්ක (8), වලින් (8), රටේ (8), කොට (8), අතර (8), මෙගාවොට් (8), පද්ධතියට (8), දෝෂයක් (8), කිරීමට (8), තෙල් (8), රාජ් (7), බලාගාර (7), බ්ලොග් (7), විසින් (7), යාව (7), ඉතින් (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), posted (7), නදීර (7), ගිහින් (7), හැබැයි (7), අනික් (7), නෙවෙයි (7), කෙරවලපිටිය (7), එනම් (7), blackout (7), නැතුව (7), කාර් (7), පොඩි (6), මගේ (6), කිරීම (6), posts (6), සිවිල් (6), ගොඩක් (6), මහා (6), ගත්තේ (6), වැඩි (6), වුනත් (6), ඉස්සර (6), තිබ්බ (6), කරගන්න (6), මොකද (6), අඩු (6), රටවල් (6), ලෙස (6), මෙම (6), සාමාන් (6), විසන්ධි (6), වෙන (6), මෙවැනි (6), අවුට් (6), පාවිච්චි (6), කරාම (6), කාලයක් (5), සිංහල (5), atom (5), පිට් (5), පෙනෙන (5), නොපෙනෙන (5), කලින් (5), සමග (5), ලෝක (5), රශ්න (5), මොකටද (5), කොටස (5), කෙනෙක් (5), මේකට (5), ගත්තා (5), කරනවා (5), ගත්ත (5), බලය (5), අවුරුදු (5), මූලාශ් (5), බිඳ (5), නොරොච්චෝලේ (5), එක් (5), භූගත (5), මේකෙන් (5), වුණාම (5), දත්ත (5), මේකේ (5), රවාහනයට (5), ජිම් (5), යායාම (5), ගමන් (4), all (4), live (4), april (4), october (4), january (4), අසමත් (4), සර්ෆ් (4), තියාගන්න (4), වාර්තාව (4), නිකුත් (4), බලශක්ති (4), ඉස්කෝලේ (4), අරන් (4), අදාළ (4), පිලිබඳ (4), සුලන් (4), අඩවියේ (4), බැවින් (4), තාක්ෂනය (4), විප්ලවයක් (4), නතර (4), අලුත් (4), හොයාගත්ත (4), අවශෝෂණය (4), දෙන්නේ (4), වැඩිය (4), හොඳම (4), හිටපු (4), එකෙන් (4), කියනවා (4), විදිය (4), තවත් (4), සිතියම් (4), තිබ්බේ (4), කාලය (4), විතරක් (4), තේරුම් (4), මිනිස්සුන්ගේ (4), පහුගිය (4), සම්බන්ධයෙන් (4), පරිදි (4), ඉහත (4), කොහොමද (4), යම් (4), සංඛ් (4), වෙද්දී (4), පමණක් (4), වීමට (4), රයේ (4), ගනී (4), ධාරිතාවක් (4), අවස්ථාවේ (4), ඉල්ලුම (4), system (4), යයෙන් (4), වෙලාවට (4), තුනක් (4), මෙය (4), සිදු (4), කටයුතු (4), සම්බන්ධ (4), වෝල්ට් (4), දෝෂ (4), සජීවී (4), ඉංජිනේරු (4), මොකක්ද (4), ඇත්තටම (4), ඕනෙම (4), එපා (4), ලොකු (4), හැමදාම (4), වුණ (4), හදාගන්න (4), හිත (4), වැඩක් (4), අයට (4), නීතිය (4), රියාමාර්ග (4), මේවා (4), දෙකක් (4), චීනේ (4), බැටරි (4), ගිගාවොට් (4), වර්ක් (4), සතියට (4), දෙන්න (3), පැහැදිලි (3), and (3), ආරක්ෂාව (3), 2016 (3), may (3), july (3), august (3), 2020 (3), සේවකයා (3), පුරවැසියාගේ (3), රැල්ලට (3), බයේ (3), සාගර (3), උගත් (3), පාඩම් (3), 2023 (3), මුල් (3), අකුර (3), හඳුන්වන (3), උදාහරණය (3), බැඳුම්කර (3), රුපියල් (3), බිලියන (3), අප් (3), මිත් (3), ගල් (3), අඟුරු (3), කරන්ට් (3), කථා (3), දැනුමට (3), සරලව (3), මුලින්ම (3), දැනගත්තේ (3), පසු (3), ගිය (3), විඥාන (3), revolution (3), අයගේ (3), යද්දී (3), දැනුමක් (3), සමාජය (3), ඉදිරියට (3), මෙන්න (3), රමේට (3), ආයේ (3), ආචාර්ය (3), යාඥයා (3), කෘෂිකාර්මික (3), වශයෙන් (3), දියුණු (3), නමුත් (3), මෙහෙම (3), අහවල් (3), ලක් (3), චින්තන (3), නොදන්න (3), විදියට (3), ගවේෂණය (3), ගියපු (3), ඒවා (3), සංකල්ප (3), වැඩියි (3), හොයන්න (3), වුණේ (3), ආයු (3), හේතුව (3), යාවේ (3), හේතු (3), https (3), විවිධ (3), සමාජයේ (3), මතයක් (3), ආපහු (3), කරගැනීමට (3), friday (3), පාලන (3), මධ් (3), www (3), නොමැති (3), නිලධාරීන් (3), ගෙන (3), එන්නේ (3), සඳුදා (3), රියාවලිය (3), සිදුවී (3), යාතය (3), වන්නේ (3), බලාගාරයේ (3), ඉල්ලුමට (3), සමාන (3), සැපයුමක් (3), scc (3), නැවතත් (3), විශාල (3), සුළු (3), කරමින් (3), කළහොත් (3), සම්ප් (3), රේෂණ (3), උපපොළ (3), විස්තර (3), 220 (3), විභාවයක (3), ඔබේ (3), බේරා (3), සහිත (3), පද්ධතියක (3), protection (3), earth (3), fault (3), conductor (3), phase (3), busbar (3), නඩත්තු (3), සන්නායක (3), සිතියම (3), කිව්වොත් (3), ටිකක් (3), වුණත් (3), හෙමීට (3), learning (3), උපාධියක් (3), යන්නේ (3), ගන්නවා (3), autodidact (3), මනුස්සයා (3), එකක්වත් (3), ගත්තොත් (3), කර්මාන්ත (3), ගත්තම (3), තමන්ගේ (3), නිකං (3), වගකීම් (3), නිසි (3), බලලා (3), විරුද්ධව (3), ඒකට (3), සිද්ධි (3), ඉඳලා (3), හදන්න (3), වගකීම (3), එකටයි (3), සෑහෙන්න (3), බැංකුව (3), 100 (3), සමහර (3), එනවා (3), ඉතිං (3), තරම් (3), ලංකාව (3), එකකින් (3), ඛනිජ (3), වටේ (3), වෙලාව (3), වැඩේ (3), දවස් (3), ඇගට (3), අල්ලං (3), කෑම (3), උදේ (3), දවසක් (3), කිරීමක් (2), ආගම (2), වචන (2), ටික (2), සිත (2), ඉතිහාසය (2), එන්න (2), අමතක (2), සඳහා (2), කොළඹ (2), ජීවිතේ (2), අරුණි (2), subscribe (2), ටිකේ (2), ගොඩ (2), december (2), february (2), march (2), 2018 (2), 2019 (2), දුවමුද (2), කරමුද (2), alpha (2), සත්ව (2), ඉන්නවා (2), ඇල්ෆා (2), සරල (2), ජනාධිපති (2), බැංකු (2), අර්බුදය (2), කරා (2), අයුරු (2), රේල් (2), ස්ථානය (2), මිනිසා (2), ගෙන් (2), පවතින (2), පෙරේදා (2), ඇරිලා (2), ගෙදර (2), ගියපුවහම (2), දුවගේ (2), communication (2), book (2), dictation (2), note (2), sent (2), බැලුව (2), පරිසර (2), සංරක්ෂණයේ (2), සුද්දාගේ (2), නොදැනුම (2), හැමෝම (2), විශේෂයෙන් (2), ක්ෂේත් (2), දන්නේ (2), නැද්ද (2), වැදුනොත් (2), මෙහි (2), ලිපියේ (2), අනුවාදයක් (2), වෙබ් (2), සිංහලෙන් (2), එලිටිස්ට්ලා (2), තිබු (2), දුටු (2), පහත (2), රථම (2), cognitive (2), සමාජයට (2), කරගෙන (2), හොඳ (2), හදපු (2), දෙකේ (2), කැමති (2), ඇරලා (2), ගමනක් (2), රමය (2), රැක්ටරේ (2), දීල (2), කොච්චර (2), බැරි (2), හැම (2), හරිම (2), හිතනවා (2), ඔක්කොම (2), හොයාගෙන (2), අභියෝගයට (2), අනේ (2), මිදිලා (2), වැනි (2), හිස් (2), පිරුණු (2), තිබුණු (2), මනකල්පිත (2), දිහා (2), මූලික (2), අඩිතාලම (2), නොදන්නා (2), පසුබට (2), තමන් (2), මෙතැනදී (2), රටට (2), ආරක්ෂා (2), මිනිසෙකුගේ (2), අපේක්ෂිත (2), ඇතුලත (2), විප්ලවයෙන් (2), වුනු (2), හොඳයි (2), නොහැකි (2), gmoa (2), කොරෝනා (2), පැතිරීම (2), අනාවැකිය (2), නිවැරදිද (2), සුපුරුදු (2), ඉංග් (2), පැලවත්තේ (2), සිටි (2), ceb (2), http (2), com (2), නිල (2), වාර්තාවක් (2), රකාශ (2), විස්තරයක් (2), බලාපොරොත්තු (2), දවසේ (2), සිද්ධිය (2), ඇතැයි (2), නමැති (2), ගැනීමට (2), රීයව (2), ඇත්තේ (2), හර්ට්ස් (2), වීමෙන් (2), ඒවාට (2), සිදුවන (2), පද්ධතියම (2), පාලනයෙන් (2), 810 (2), තිබිණ (2), වරම (2), 2100 (2), ලංකා (2), ඉතාමත් (2), ඉතා (2), යනවා (2), අංක (2), 220kv (2), හරහා (2), වීම (2), නොවිය (2), යුත්තක් (2), දෝෂය (2), මිලි (2), තත්පර (2), වැරදි (2), හසුරුවමින් (2), 130 (2), 000 (2), 160 (2), කාලයකි (2), කොටස් (2), කපාදමා (2), පුරාම (2), අඩුම (2), කාර්ය (2), පුර්ණ (2), වලක්වා (2), වරදක් (2), ඉහල (2), ධාරාවක් (2), සන්නයනය (2), කිරීමේදී (2), තෙකලා (2), සැපයුමේ (2), අන්තර් (2), පරිණාමක (2), වැටිලා (2), සිද්ධ (2), වෙලාවක (2), බ්ලැක් (2), එහෙමත් (2), නැත්තං (2), formal (2), හදාරන්න (2), තනියම (2), ඉගෙන (2), self (2), taught (2), නැත්තන් (2), අධ් (2), විෂයක් (2), පිළිබඳව (2), යමෙක් (2), විවාදයට (2), උපාධිය (2), පත් (2), සොයාගැනීම් (2), නිකොලා (2), ටෙස්ලා (2), ඉඳන් (2), මුලින් (2), තෝමස් (2), අල්වා (2), එඩිසන් (2), විශ්ව (2), යාලෙකට (2), මුල (2), ඉතිහාසේ (2), ලෝකෙට (2), බැණලා (2), පැහැර (2), රාජකාරිය (2), හොයලා (2), මොනවද (2), වගකීමක් (2), විනය (2), තියෙනවද (2), ඔහොම (2), රධාන (2), ලංකාවට (2), එමු (2), මිලියන (2), කිව්වා (2), විතර (2), ලන්ඩන් (2), විනාඩි (2), විදිහට (2), යොමු (2), අඩුයි (2), කරුමේ (2), කවුරු (2), හිතට (2), ඉවසන්න (2), දරාගෙන (2), පුරුදු (2), නීති (2), අන්තිම (2), පින්තූරේ (2), දෙවෙනි (2), පලවෙනි (2), රැල්ලේ (2), ගියාම (2), දුවන (2), වේගයෙන් (2), උත්තරත් (2), සුලං (2), තාක්ෂණය (2), තාම (2), රටකට (2), රෙන්ඩ් (2), අවුරුද්දේ (2), වාහන (2), ඉලෙක්ට් (2), රික් (2), දැක්කා (2), neo (2), රෑන්ඩ් (2), දෙනවා (2), මාසේ (2), ආනයනික (2), සංවර්ධනය (2), පැත්තක (2), හුලන් (2), උත්තරේ (2), දෙකෙන් (2), වැඩියෙන්ම (2), දුන්නත් (2), බණ්ඩා (2), සප්ලිමෙන්ට් (2), හිතෙනවා (2), scaler (2), mass (2), එක්සයිස් (2), සීන් (2), සස්ටේනබල් (2), හින්දා (2), තිබ්බාට (2), මේකත් (2), වැදගත් (2), එතකොට (2), කනවා (2), පස්සේ (2), youtube (2), මොලේ (2), ෆුල් (2), ඊලග (2), යනකං (2), whey (2), protein (2), supplement (2), වයසට (2), රතිඵල (2), කිව්වාට (2), යකඩ (2), නැවිල්ල (2), රැටිෆිකේෂන් (2), ගත්තාම (2), core (2), රතිපල (2), basic (2), අරං (2), පීනලා (2), ethereal, theme, powered, blogger, ආවාට, තිබුනත්, පින්න, මලේ, දුමීගේ, කහන, w3lanka, para, paraphernalia, මනෝවිද්, යාත්මක, ගැඹුරු, එරන්දී, erandi, ආයිබො, ඩෙනිස්, සැහැල්ලුව, religion, something, like, sex, ජපන්, කොළු, ගැටයෙකු, මසුරන්, අවිද්, යාවෙන්, බටහිර, යාවට, ගෙජ්ජි, මල්ල්, සොඳුරු, beautiful, mind, ඉස්ලාමයේ, දිව්, යමය, පණිවුඩය, පාදඩ, අසපුව, teachers, cheaters, corona, කණ්ඩාගේ, කොලම, kanda, column, 2025, reflection, journalling, විසිරි, සිහින, ලියූ, පස්සෙන්, අනිත්, කොන, doctor, heart, sutra, පාසලේ, කීර්තිනාමය, දරුවන්ගේ, අභිවෘද්ධිය, මූසිලගෙන්, ගුත්තිල, ඇදුරාට, ඉල්ලීමක්, සෙල්ලම්, ආන්ඩුව, ගෙනයන, රොපගැන්ඩා, මාතලන්, maathalan, රෝහි, යර්, දිය, ලාවේ, මිනි, න්දෝරු, කෞතු, තිලක, විශාරද, නන්දා, මාලිනියනි, ඔබට, සුභ, ගමයා, ගලන, ගඟකි, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, නිර්බල, powerless, පරිවර්තනය, ශපීරෝ, වෙතින්, echoes, troy, military, might, mortal, fails, odysseus, will, survive, transylvania, තැන්, traffic, stats, වැදුණු, 2017, සුලන, blog, archive, ලෝකයට, ඇහැ, ගහගෙන, රීක, හෝඩියේ, කොට්ඨාශ, මේල්, male, පිරිමි, සත්වයෙක්, මේල්ගෙන්, රජාතන්ත්, රවාදය, ඉල්ලීම, ඊයේ, දිනයේ, පැවසු, ආකාරයට, වංචාවේ, රජයට, පාඩුව, වංචාව, සිල්, මගඩිය, හාල්, මැස්සෙකි, මාෆියාව, තල්මසෙකි, දැන, ඉක්නොනොමට්ටා, සතපහ, අඩවියෙනි, එයට, අනුව, මණ්ඩලය, ආර්ථික, අර්බුදයක්, මුහුණ, සත්, සිදුවීමකි, දිනය, 2013, මාසයේ, දිනයක්, වත්තහේන, කණිටු, විදුහල, ඉස්කෝලෙට, නොපෙණෙන, විදුලියේ, නොපෙනුණු, කතාවක්, විටත්, පිළිකුලක්, උපදවන, උකුණා, වනාහි, වානරයා, පරිණාමනය, වීමටත්, කාලයේ, සිටම, බල්ලාටත්, කලින්ම, බැඳී, සත්වය, කැසීම, උකුණෝ, දන්නවා, පාරසරික, විරෝධේ, බලධාරීන්, දැනු, බොලව්, සූර්ය, මැරෙනවද, ලෑස්ති, ඔබටත්, මටත්, අත්, වැරදීමකින්, සැර, මැරෙනවාද, පළකල, roar, පාඨක, පිරිසකගේ, රසාස්වාදයට, පලකල, රකාශන, අයිත, පළමු, ශේපිරෝ, පොස්ට්, එකකිනි, දිනක, සිටින, සඳහන්, පාරේ, ජනප්, රිය, නෙලුම්යාය, සම්මාන, උළෙලේ, අංශයේ, දිණු, ලිපිය, home, older, රැවටෙන, කීපදෙනෙක්, බේරගන්න, ලිව්වේ, හදන, තාමත්, පුරාණ, විභූතියක්, හෙමින්, අනාගත, පරම්පරාවේ, චින්තනෙ, ඇයි, හිතන්, ඉන්නේ, තියෙනක්, රමයක්, හොයාගන්න, විදියක්, විජේවර්ධන, ලංකික, රෝද, රැක්ටරය, two, wheel, tractor, කමතත්, බැඳිලා, හරකා, වීල්, රක්ටරෙත්, තුන්වන, විප්ලවේ, 1950, 1960, green, ඉදිරියෙන්ම, මිනිස්, වෙනුවට, ආදේශ, අන්තිමේට, හරකව, අල්ලන්, හිටියෙත්, එංගලන්තේ, ලෑන්ඩ්, මාස්ටර්, කොම්පැනියෙන්, හදල, එව්වහම, ගානක්, ලේසියෙන්, මහන්සියෙන්, හැටි, වෙළඳ, උපක්, පෙන්නපුවහම, එතෙන්දි, ඉක්මනට, අල්ලගත්තද, ගාව, අල්ල, රාථමික, සිස්ටම්, ඇතුලෙම, රමයෙන්, කරගත්තා, ඉස්සරහින්, අවශ්, දිශාවට, කරගන්නත්, චින්තනේට, trend, අඳුරගෙන, වෙනසක්, තුලින්ම, ආසියාතික, චින්තනයක්, බිහි, වෙලානැහැ, පඬිවරු, දෙන්නෙත්, හැමතිස්සෙම, දේශනා, පොතේ, දර්ශනේ, දෙයක්ම, ෂෝක්, කොහොම, අන්න, සුන්දර, අතීතෙට, යමු, ඉඳන්ම, උගන්නන්නේ, ඔන්න, එකා, හොයන්නේ, විදියකට, කරගන්නවත්, ඉඩක්, චින්තෙනෙන්, හොයා, චින්තනයකට, නැත්තේ, සීමිතයි, සියවසේදී, අඳින, රදේශ, තියලා, අඳින්න, කුතුහලයෙන්, හිස්තැන්, පුරවන්න, දැනගැනීමේ, වැදගත්කමට, ලෝකය, පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඥය, රටවල්වල, විකාශණය, අතීතයේ, හදද්දී, සිතියමේ, අවකාශ, රූප, සතුන්ගෙන්, රූපවලින්, පුරවල, සිතියමම, ගතියක්, බලපු, මිනිස්සුන්ට, කුතුහලයක්, ජනිත, යුරෝපයේ, පැතිරිලා, ආගම්, ආගමේ, පරිපූර්ණයි, ආගමයි, යාවයි, දර්ශනයයි, බලන, රියාවලියේ, වැදගත්ම, යාඥයෝ, හදාරන, පිළිගත්තා, දන්න, ටිකයි, කවුරුවත්, නොදන්නවා, තමන්ම, අවබෝධ, කරගත්ත, සොයාගන්න, ධනය, දේශපාලන, අයෝජයන, පාලකයෝ, හොයාගත්තොත්, ලෝකයේ, යුද්ධයක්, අවොත්, සාර්ථකව, පහර, ඔවුන්ගෙන්, අලුතෙන්, සොයාගත්ත, ඔස්සේ, ජීවන, තත්වය, උසස්, චින්තනයත්, හැදිලා, 150, දෙගුණ, දියුණුවත්, මිනිසුන්ගේ, අපේක්ෂාව, වැඩිවීම, දියුණුවට, ආවේ, පුනරුදය, ඇතිවුණු, පුනරුදයෙන්, රියාවලියත්, රියාදාමය, කාර්මික, විප්ලවයත්, ඇතුළුව, මීට, පැහැදිලිව, දර්ශනය, ගැනීම, ourworldindata, org, life, expectancy, තියෙන්නෙ, සියවස්, තුන, ඇතුළත, ගෝලීය, කලාපවල, කාලෙට, කාලේද, sunday, ලිපියට, දිගුව, අනුවාදය, ලද්දේ, මවිසින්, රසිකයන්ගේ, සංවාදයට, විවෘතයි, factcheck, දක්වන, රීසි, මිතුරන්, කිහිප, දෙනෙකු, ආරම්භ, comment, පිහිටි, යස්ථානය, එවක, විවෘත, අවස්ථාව, මැයි, යස්ථානයේ, දසුනක්, colombopage, archive_18a, may17_1526533727ch, php, තවමත්, නිකුත්කොට, වගකිවයුතු, විටින්, මාධ්, ඇසුරෙන්, සටහන, ලියා, වඩාත්, යාවත්කාලීන, වැටුණු, නැවත, යථා, තත්වයට, ඊළඟ, කරමු, අවබෝධයක්, ලබාගන්න, සිතනවා, උපපොලෙන්, බලාගාරයෙන්, ගත්, දාමයක්, සියලු, ලංකාවේම, වැටුණි, සංසිද්ධිය, ලංකාවටම, වුණි, එවිට, රවල, ස්වයන්ක්, මෙයට, නිපදවා, 50hz, යාතයක, හානි, වැලක්වීමට, සමස්ත, ජනක, පසුපස, ස්වයංක්, ගිලිහී, ගොස්, ආපසු, හැරවිය, වැටීමට, ධාරිතාව, 900, අභ්, යන්තර, පරිභෝජනයට, සපයමින්, පද්ධතියකින්, generation, capacity, වුවත්, electricity, demand, නැත, පවතින්නේ, සැම, විටම, ලබාදෙමින්, සමතුලිතතාවයේ, පවත්වා, ගනිමිනි, සමතුලිතතාවය, පවත්වාගන්න, කාර්යය, control, centre, හෙවත්, පිහිටා, මණ්ඩලයේ, යස්ථානයෙන්, සරිලන, ලබාදීමට, ක්ෂණිකව, frequency, පහල, බැසීමට, තත්වයෙන්, බේර, කොටසක්, කොටසකට, කපාහැර, අඩුකොට, සැපයුම, අස්ථාවර, ස්ථාවර, ගැනීමටය, කාලයකදී, අහිමි, මිදී, 300, ජනනය, පැවති, ඉවත්වීමත්, ඇතිවූ, කැළඹීමත්, තුනත්, කරගැනිණ, රැහැන්, බලාගාරයත්, පොලත්, මැද, කොටුගොඩ, වේයන්ගොඩ, හලාවත, new, chillaw, යනාදී, උපපොළවල්, එකෙහි, වෙනමම, එබැවින්, උපපොලක, වත්, නොවී, පොලෙහි, බලාගාරය, රිප්වීම, සිදුවීම, මිලිතත්පර, 200, උපපොලේ, 360, ලක්විජය, තාප, අංක1, ජනකය, වුනි, තාක්ෂණික, ආරක්ෂක, සැකසුමක්, සිදුවන්නට, අනුමාන, හැක, අනුමානයක්, කමිටු, එලි, දැක්වූ, පසුව, දැමීමට, පොළ, ඉවත්වූ, ඉල්ලුමක්, ගියේය, ධාරිතාවෙන්, රමාණයක්, පද්ධතියකට, රතිශතයක, ක්ෂණික, විචල්, යතාවයක්, දරාගැනීමට, හැකියාව, එහි, ගන්නා, ලදී, මෙලෙස, දීර්ඝ, කලත්, සිදුවීමම, සිදුවීමට, සිට, ඉවත්වීමට, වුයේ, තත්පරයෙන්, 1000, උදාහරණයකින්, ඇඟිල්ලක, පුරුකක්, අසාදනය, සුව, නොහැකියි, තීරණය, වෛද්, වරයා, ඇඟිල්ලේ, පුරක, ලඟින්, ගනු, ආකාරයෙන්ම, රහිත, ඇඟිලි, පුරුකේ, අසාධනය, ඔඩු, දුවා, අතම, උරහිස, අසලින්, විච්චේදනය, සිදුවීමය, මට්ටමින්, levels, විවධ, මට්ටම්, තිබීමේ, රයෝජනය, බලපෑමක්, කිරීමටය, අයිති, කොටසට, හානියක්, පෙර, හානියකට, පත්වීමෙන්, ගැනීමත්, අනෙක්, දෝෂයෙන්, බලපෑමට, පත්වීමට, ගැනීමත්ය, සිද්ධියක්, relay, උපකරණය, හඳුනාගෙන, isolation, සන්නායකයක්, 000ක, සන්නායකය, ශුන්, පොළොවට, සැලකිය, යුතු, හානිකරයි, යනු, පැනලයක්, තුල, ලෝහයෙන්, සැදී, තීරුවක්, කටයුත්ත, අවසන්, සමබන්ධ, වීමකින්, බස්, බාර්, කිරීමකින්, තොරව, බලගැන්වීමට, energize, උත්සාහ, සිදුව, පවතී, වීමකට, ලක්වී, three, ground, යාවේදී, ආකාරයේ, පස්වරු, පමණ, පොලේ, දෙලක්ෂ, විසිදාහක්, පද්ධතියක්, සංසන්දනයට, නිවසේ, 230, පමණි, කටයුත්තක්, පියවරක්, විභවයක, පිළිවෙලකි, අගෝස්තු, වාලච්චේන, පොල, powermin, gov, english, content, uploads, documents, performance_2014_and_programmes_2015_english, pdf, transmission, පොලකින්, ජාලයක්, සම්බන්ධයි, සම්බන්ධතාවය, තබාගැනීම, මේවායේදී, අවකර, අධිකාර, මගින්, රාන්ස්ෆොර්මර්, වෝල්ටීයතා, අනු, ඡායාරූපය, ජාලයේ, පොලක්, රටක, රටටම, අන්ධකාරයක්, තේරුම, ඇතුව, තහවුරු, විදුලිබල, power, ඇතිවන, හානිදායක, තත්වයකින්, අංගෝපාංග, සැබෑවටම, malfunctioning, වෙලාත්, වෙන්නත්, සමහරු, අහලා, එවලා, සංකීර්ණ, රියාදාමයක්, උත්සහයක්, කියෙව්වොත්, ලියල, කෙනෙක්ට, monday, autodidacticism, සංකල්පයක්, structured, උගන්වන, ගුරුවරයෙක්, ගාවට, පාඨමාලාවක්, ඩිප්ලෝමාවක්, තැනකට, ස්ව, යනය, කරපු, පුද්ගලයෙක්, පර්යේෂනකරු, experimentalist, පියා, මයිකල්, ෆැරඩේ, රසිද්ධ, ඉස්සරහට, ගියේ, ලාගෙන්, මනුස්සයෙක්ට, ගැඹුරින්, රවීනයෙක්, expert, තමුන්, education, ස්වයං, යනයක්, ලියනවා, කරුණ, පුද්ගලයාගේ, සම්බන්ධව, සහතික, හාස්, යයට, කාරණේ, දෙන්නා, ලංකාවෙ, ඉපදිලා, රශ්නයක්, අපෝ, ඩිග්රි, බොළඳ, තර්ක, සමාජෙන්, රමාණික, උගත්තුන්ගෙන්, උදාහරණයක්, රත්, යවර්ථ, alternative, current, induction, motor, වතුර, පොම්පේ, පංකාවේ, ශාලාවල, මෝටර්, වඩා, මොටරේ, මොහුගේ, ලොක්කා, හදාරලා, කොටින්ම, තියෙන්නෙත්, එඩිසන්ගේ, අම්මා, එයාට, උගන්වල, ලියන්න, මහාචාර්ය, පදවියක්, ගානේ, උපාධියක්වත්, සම්පුර්ණයෙන්ම, පරිකල්පනය, අදහස්, පතාක, යෝධයෝ, බොහොමයක්, ගණයට, අයත්, ලියනාඩෝ, වින්චි, ඒබ්, රහම්, ලිංකන්, ජේම්ස්, වොට්, රයිට්, සහෝදරයෝ, රවීණ, කොහොමත්, ගියත්, ලැබුණා, උපකල්පනය, කරොත්, අවබෝධය, පහලින්, කෙනාම, එතෙක්, සොයා, නොගත්, දායාද, දීපු, රවීණයෙක්, සහතිකයක්, තිබිය, යුතුමද, අහසින්, පාත්, අපිම, සමාජයක්, දේශපලකෙයෙක්ට, ආණ්ඩුවේ, කීප, දෙනෙක්ට, හදාගෙන, සිදුවුණේ, කාගේ, නිලධාරියෙක්ගේ, නිලධාරී, කණ්ඩායමකගේ, හැරීමක්, නොකිරීමක්, වුණාද, කීයකට, අඩුමගානේ, තහනම්, කිරීමක්වත්, මැරිලා, ඇත්ද, කුණු, කන්දට, රමිතියට, බෙහෙත්, දීලා, ශල්, යාගාරයට, පාරවල්වල, වලවල්, රටේම, සිදුවීම්, කීයක්, ජීවිත, ලඟදි, දවසක, මුළුවකදී, හම්බ, ලන්ඩන්වල, නියාමනය, ආයතනයේ, utility, regulator, ලොක්කෙක්, මිනිහා, නගරයෙන්, රමාණයකට, 30ක, සිදුවීමක්, ලේසියට, නැහැල්ලු, පුදුම, තරහා, වගකිව, යුත්තන්, නොවෙන්න, සපයන, සමාගමට, නියාමන, ආයතනයට, ඇමතිට, අගමැතිටත්, කාළය, 999, සිද්ධියෙන්, පාරිභෝගිකයින්, ලක්ෂ, දෙකහමාරකට, නුවර, වැටීමක්, partial, 1987, මොන්ටිසෝරි, හැරලා, තියෙනවාද, නිලධාරීන්ට, ආණ්ඩුවට, මහජන, නියෝජිතයාට, ජනයා, පවු, මැරිච්ච, එකාට, මෝඩ, ඔලුවට, දාගෙන, ආතල්, ෆැන්ටසි, වැලලෙනවා, මොනවා, පව්, දරු, පවුලක්, කෙනෙක්ගේ, රස්සාව, හිටියත්, කියාගෙන, සමාජ, කතිකාවතක්, සිදුවෙන්න, රබලම, හේතුවක්, tolerate, සේවකයාටම, සාමූහික, මිනිස්සුන්ගේත්, සිදුවුණ, දේට, නගර, සභාවටයි, ඒකෙ, ගස්, කපන, සැට්, විරුද්ධයි, පාර, ශක්ති, සුනිත්, අධිකාරිය, අඩි, රැල්ලක්, කාන්තාවක්, documentary, netflix, එකෙත්, sustainable, රැලි, ඒකෙන්, දුවාගන්න, වේගය, වේගයට, රැල්ලෙන්, බේරිලා, දුවන්න, කටු, කැඩෙන, රැල්ල, එද්දී, රටක්, වෙලාවේ, තෝරාගැනීම්, බලශක්තිය, ශක්තිය, ක්ශේත්, දැනටමත්, අභියෝග, ජයගන්න, machine, හිතෙයි, හදන්නේ, තමයි, අළුත්, හිතන්න, ඉංජිනේරුවෝ, අඤී, mature, මදි, යල්, පැනපු, වේගෙන්, පුංචි, අවස්ථාවල්වල, හරියට, නෙළාගන්න, වෙයි, කුමන්ත්, වහං, හරියන්නේ, රවාහනය, විදුලිකරණය, වීමත්, කාර්තුවේ, වතාවට, අපනයනයෙන්, තැනට, පලවෙනියා, ඔව්, චයිනීස්, චීනේදී, swappable, සංකල්පය, අයිතිකාරයා, කොපි, බොද්දී, මාරු, චාජ්, මාසෙට, swap, 4ක්, නොමිලේ, 10ක, කාලෙකට, ගමනාගමනය, electrify, අංශයක්, හොඳටම, ඉන්නකොට, රාන්ත, කරක්, ගහද්දි, නැගපු, ටැක්සි, ඉස්සෙල්ල, වැඩිම, සංසන්දනාත්මකව, දැනට, බලාගාරවල, එකතුව, තියෙනෙන්, හිතාගන්න, හිතන්නේ, සම්පතේ, වටිනාකම, රයෝගික, වෙනත්, සංකීර්ණතා, ධරිතවයම, වගුව, මේවට, භාවිතයට, 2050, වර්ෂය, මුදේ, මුහුදු, කියන්න, ආපු, කාරණේට, කලා, කිරීමේ, මාර්ග, වාර්තා, අහන්න, අවධානයක්, නොවුණාට, වාර්තාවේ, නිධියකට, එහා, සම්පතක්, මුහුදේ, නිධියක්, හිදෙන්නේ, පායනකන්, අවුරුද්ද, හමන්නේ, පැත්තේ, හමනවා, පෙනෙයි, සලාක, තරම, රතිශත, භාවිතා, නිෂ්පාදනයට, ඇහුවොත්, බොහෝ, දෙනෙක්, කියයි, උත්තර, ගියා, බීපු, වෙලාවක්, ෆෝන්, ස්ක්, රීන්, ටයිම්, සතියකට, ෆේස්බුක්, ඉන්ස්ටග්, රෑම්, වට්ස්ඇප්, බලන්න, එතන, body, 5000, අඩුවෙන්, xiaomi, බලාගන්න, මාංශපේශී, muscle, වලින්ද, මේදයෙන්, fat, නිවැරදි, medical, grade, වුණාට, පාරෙද, අදහසක්, දිගට, හිටලා, ජොලියක්, දාන්න, ඒකාකාරී, පිටේ, ඩිජිටල්, ජීවිතය, ගලාගෙන, වේගයත්, චීට්, ඩේස්, cheat, days, කෑමක්, අවුලක්, විවේකය, යයාම, ව්වේකය, කෙල, සීනි, ඩෙසට්, දුකක්, පෘතග්ජන, අනුභවයෙන්, වළකිනවා, ෂෝට්, ඊට්, කේක්, අත්දැකීමෙන්, ස්ට්, රෙස්, ඇරියස්, එකපාරම, කලින්ටත්, කන්න, වන්නකු, හදලා, නෝනා, මහත්තයා, රෑට, හවස, පාලනය, කන්නේ, වේල්, දෙකයි, රන්ච්, දවල්, දෙකම, අල්ලලා, creatine, research, කියවලා, රයල්, huberman, lab, චැනල්, hubermanlab, සෙට්, රියාකාරිත්වයට, උදව්, අතුරු, ආබාධ, පර්යේෂණ, වකුගඩු, කේස්, බහුලත්වයත්, රොටීන්, ශේක්, බිව්වාම, ගහලා, දවසේත්, නොගහා, හමාරක්, හාමතේ, හිතෙන්නේ, වැඩිපුර, දුරක්, පීනුවාමත්, මන්ද, පෝෂණේ, පට්ට, තෙහෙට්ටුයි, කරන්නෙත්, ගහනවා, මාස, ගණං, රහට, අරක්කු, බෝතල්, දෙකක, ගානට, සල්ලි, රවට්ටගන්න, මොන, පොර
Text of the page (random words):
සේ මම චීනේ ප් රාන්ත 2 ක කරක් ගහද්දි නැගපු එක ටැක්සි එකක්වත් තෙල් වලින් දුවන එකක් තිබ්බේ නෑ ඔක්කොම ඉලෙක්ට් රික් කාර් තව මම චීනේදී දැක්කා neo කියලා කාර් බ් රෑන්ඩ් එකක් මේකේ තියෙන්නේ swappable බැටරි මේකේ සංකල්පය තමා කාර් එක අයිතිකාරයා කොපි එකක් බොද්දී කාර් එකේ බැටරි එක මාරු කරලා දෙනවා චාජ් වෙලා තියෙන තව බැටරි එකකින් මේ neo කාර් එකක් ගත්තම මාසෙට බැටරි swap 4ක් දෙනවා නොමිලේ අවුරුදු 10ක කාලෙකට මේ අවුරුද්දේ මුල කාර්තුවේ ඉතිහාසේ ප් රථම වතාවට වාහන අපනයනයෙන් ලෝකේ දෙවෙනි තැනට පත් වුණා පලවෙනියා වුණේ චීනේ මේකට හේතුව විදුලි කාර් ඔව් චයිනීස් ඉලෙක්ට් රික් කාර් ලෝකේ තියෙන ප් රශ්න වගේම උත්තරත් වෙනස් වෙනවා හරිම වේගෙන් ලංකාව වගේ රටකට බෑ ට් රෙන්ඩ් හදන්න අපි වගේ පුංචි රටවල් වලට පුළුවන් භය නැතුව ලෝකේ තියෙන ට් රෙන්ඩ් එක්ක ගිහින් ඒ ඒ අවස්ථාවල්වල පල හරියට නෙළාගන්න ඒක කරන්න ඔය වද වෙයි අන්තර් ජාතික කුමන්ත් රණ වගේ කියලා රට වහං බය වෙලා ඉඳලා හරියන්නේ නෑ ලෝකෙට යන්න ඕනේ භය නැතුව මේ ප් රවාහනය විදුලිකරණය වීමත් ඒ වගේ දැන් ඉතිං හිතෙයි ඔය තරම් සුලං වලින් විදුලි බලය හදන්නේ කොහොමද කියලා ඒකට තමයි අළුත් තාක්ෂණය එක්ක භය නැතුව වැඩ කරන්න පුළුවන් හිතන්න පුළුවන් ඉංජිනේරුවෝ ඕනේ අඤී අපිට බෑ තාම ඔය තාක්ෂණය mature මදි වගේ යල් පැනපු කතා කියලා රටකට ගොඩ යන්න බෑ මේ ලෝකේ බලශක්තිය සහ ශක්තිය ඉතා වේගයෙන් වෙනස් වෙනවා මේ ක්ශේත් රයේ තියෙන ප් රශ්න වගේම උත්තරත් දැනටමත් මේ බලශක්ති ඉල්ලුම සැපයුමේ අභියෝග ජයගන්න පාවිච්චි කරන්නේ ai සහ machine learning අපිට රටක් විදිහට මේ වෙලාවේ තෝරාගැනීම් දෙකක් තියෙනවා 1 රැල්ල එද්දී එකට බයේ දුවන එක 2 රැල්ලේ සර්ෆ් කරන එක මම නම් කැමති දෙවෙනි එකට මොකද පලවෙනි එක sustainable නෑ සමහර රැලි එනවා අපිට ඒකෙන් දුවාගන්න බෑ රැල්ලේ වේගය වැඩියි අපේ වේගයට වැඩිය රැල්ලෙන් බේරිලා දුවන්න ගියාම වෙන්නේ රැල්ලට යට වෙන එක යට වෙලා ඇට කටු කැඩෙන එක අන්තිම පින්තූරේ අඩි 100 උස රැල්ලක් සර්ෆ් කරන කාන්තාවක් මේක ගැන documentary තිබ්බා netflix එකෙත් දත්ත සහ මූලාශ් ර ශ් රී ලංකා මහා බැංකුව ජාතික ශක්ති වාර්තාව සුනිත් ය බලශක්ති අධිකාරිය ලෝක බැංකුව කතා කරන දත්ත පාර කියන දත්ත posted by නදීර at 8 23 pm no comments email this blogthis share to x share to facebook share to pinterest අසමත් රාජ් ය රාජ් ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම අසමත් රාජ් ය රාජ් ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම මේ සිදුවුණ දේට ඔය කොළඹ නගර සභාවටයි ඒකෙ ගස් කපන සැට් එකටයි බැණලා හිත හදාගන්න එකට මම නම් සෑහෙන්න විරුද්ධයි මේ වගේ සිද්ධි සිදුවෙන්න එක ප් රබලම හේතුවක් තමා අපේ මිනිස්සු මේ වගේ දේවල් ඉවසන්න දරාගෙන ඉන්න tolerate කරන්න පුරුදු වෙලා ඉන්න එක මේකට අදාළ රාජ් ය සේවකයාටම වගකීම දෙන්න බෑ සාමූහික වගකීමක් තියෙනවා රටේ මිනිස්සුන්ගේත් අනේ පව් කවුරු හරි දරු පවුලක් තියෙන කෙනෙක්ගේ රස්සාව නේ ඔය කවුරු හිටියත් ඔහොම වෙනවා මේක අපේ කරුමේ මේ වගේ දේවල් හිතට කියාගෙන මිනිස්සු මේවා ඉවසන්න දරාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා මේ සිද්ධි වලට වග වෙන්න ඕනේ අයට නීතිය ක් රියාත්මක කරන්න එහෙම නීති නැත්නම් නීති හදන්න සමාජ කතිකාවතක් හදන්න මේවා සිවිල් සමාජයේ වගකීම් අදාළ නිලධාරීන් රාජකාරිය පැහැර හැරලා තියෙනවාද එහෙම නම් ඒ නිලධාරීන්ට විරුද්ධව ගත්ත ක් රියාමාර්ග මොනවද එහෙම නිසි විනය ක් රියාමාර්ග ගත්තේ නැති වෙලාවට ආණ්ඩුවට තමන්ගේ මහජන නියෝජිතයාට බල කරන්න නීතිය ක් රියාත්මක කරන්න මේ වගේ දේවල් වලට අපේ සාමාන් ය ජනයා යොමු වෙනවා ඉතාමත් අඩුයි ඔය පවු නේ අපේ කරුමේ මැරිච්ච එකාට ආයේ පණ ගන්න පුළුවන් යෑ වුණ දේ වුණා වගේ මෝඩ සංකල්ප ටිකක් ඔලුවට දාගෙන ආතල් එකේ ෆැන්ටසි ලෝකේ ඉඳලා හැමදාම වැලලෙනවා මේ වගේ මොනවා හරි දෙයක් වුණාම මේ ලඟදි දවසක වැඩ මුළුවකදී මට හම්බ වුණා ඔය ලන්ඩන්වල තියෙන විදුලිය නියාමනය කරන ආයතනයේ utility regulator ලොක්කෙක් මිනිහා කිව්වා දැන් අවුරුදු 20 කට විතර කලින් ලන්ඩන් නගරයෙන් 15 වගේ ප් රමාණයකට විනාඩි 30ක කාලයක් වගේ විදුලිය නැති වුණ සිදුවීමක් ඒ පොඩි වෙලාවට විදුලිය නැති වුණ එක මිනිස්සු ලේසියට ගත්තේ නැහැල්ලු මිනිස්සු පුදුම විදිහට ඒකට තරහා අරන් එකට වගකිව යුත්තන් හොයන්න නීතිය ක් රියාත්මක කරන්න ඒ වගේම මේ වගේ එකක් නොවෙන්න බල කරලා තියෙනවා විදුලි සපයන සමාගමට වගේම විදුලි නියාමන ආයතනයට ඇමතිට වගේම අගමැතිටත් දැන් ඒ අයගේ විදුලිය තියෙන කාළය 99 999 වගේ මේ සිද්ධියෙන් විදුලිය නැති වෙලා තියෙන්නේ පාරිභෝගිකයින් ලක්ෂ දෙකහමාරකට වගේ ලන්ඩන් නුවර මිනිස්සු ඉන්නවා මිලියන 9 වගේ ඒ වගේම මෙහෙම ලොකු විදුලිය බිඳ වැටීමක් partial blackout එකක් ඊට කලින් වෙලා තියෙන්නේ 1987 අපි මොන්ටිසෝරි යන කාලේ දැන් ලංකාවට එමු ලංකාවේ මුළු රටේම මිලියන 20 ක් මිනිස්සුන්ගේ විදුලිය නැති වෙන සිදුවීම් කීයක් වෙලා තියෙනවද අපේ ජීවිත කාලේ දැන් ලංකාවේ එහෙම සිද්ධි වුණාම නිලධාරීන් කීයකට විරුද්ධව විනය ක් රියාමාර්ග අරන් තියෙනවද අඩුමගානේ වැඩ තහනම් කිරීමක්වත් ඔහොම මිනිස්සු කොච්චර මැරිලා ඇත්ද කුණු කන්දට යට වෙලා නිසි ප් රමිතියට නැති බෙහෙත් දීලා ශල් යාගාරයට විදුලිය නැති වෙලා ප් රධාන පාරවල්වල තියෙන වලවල් වලට වැටිලා සිවිල් සමාජයක් වුණාම මේ වගේ දෙයක් වුණාම නිකං දේශපලකෙයෙක්ට ආණ්ඩුවේ වැඩ කරන කීප දෙනෙක්ට බැණලා හිත හදාගෙන වැඩක් නෑ ඒ දේ සිදුවුණේ කාගේ හරි නිලධාරියෙක්ගේ හෝ නිලධාරී කණ්ඩායමකගේ වගකීම් පැහැර හැරීමක් රාජකාරිය නිසි පරිදි නොකිරීමක් නිසා ද කියලා හොයලා බලලා ඒ අයට විරුද්ධව නීතිය ක් රියාත්මක වුණාද මොනවද ඒ අයට ගත්ත ක් රියාමාර්ග කියලා හොයලා බලලා එහෙම වෙලා නැත්තන් ඒකට බල කරන එක සිවිල් සමාජයේ වැඩක් වගේම වගකීමක් අපි ආස කරන සමාජය අහසින් පාත් වෙන්නේ නෑ ඒක අපිම හදාගන්න ඕනේ posted by නදීර at 8 11 pm no comments email this blogthis share to x share to facebook share to pinterest friday january 13 2023 විෂය ප් රවීණයෙක් වෙන්න ඒ පිලිබඳ සහතිකයක් තිබිය යුතුමද ලෝකේ තියෙනවා autodidacticism කියලා සංකල්පයක් මේකෙන් කියන්නේ structured learning එහෙමත් නැත්තං formal learning ඒ කියන්නේ ඒ විෂය උගන්වන ගුරුවරයෙක් ගාවට නැත්නම් ඒ විෂය හදාරන්න පාඨමාලාවක් උපාධියක් නැත්නම් ඩිප්ලෝමාවක් තියෙන තැනකට යන්නේ නැතුව තනියම ඉගෙන ගන්නවා මේකට කියනවා self taught එහෙමත් නැත්තන් තමන් විසින් ස්ව අධ් යනය කරපු පුද්ගලයෙක් autodidact කෙනෙක් කියලා අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු මිත් යා මතයක් තියෙනවා යමෙක් යම් විෂයක් ගැන කතා කරන්න ලියන්න නම් ඒ මනුස්සයා ඒක ගැන ආචාර්ය උපාධියක් මහාචාර්ය පදවියක් නැත්නම් අඩුම ගානේ උපාධියක්වත් නැත්නම් ඒ විෂය ගැන කතා කරන්න බෑ කියල මේක සම්පුර්ණයෙන්ම වැරදි මතයක් වගේම මිනිස්සුන්ගේ පරිකල්පනය අදහස් ප් රකාශ කිරීම නතර කරන දෙයක් ලෝකේ ගත්තම ඉතිහාසේ හිටපු පතාක යෝධයෝ බොහොමයක් මේ ගණයට අයත් ලියනාඩෝ ඩා වින්චි ගෙන් පටන් ගත්තම තෝමස් අල්වා එඩිසන් නිකොලා ටෙස්ලා ඒබ් රහම් ලිංකන් ජේම්ස් වොට් රයිට් සහෝදරයෝ මේ හැමෝම තමන්ගේ ප් රවීණ විෂය self taught කොහොමත් මේ මිනිස්සු ඒ කාලේ තිබ්බ විශ්ව විද් යාලෙකට ගියත් යන්න ලැබුණා කියලා උපකල්පනය කරොත් ඒ කාලේ ලෝකේ ඒ විෂය සම්බන්ධයෙන් තිබ්බ අවබෝධය සහ සොයාගැනීම් මේ අයගේ දැනුමට පහලින් තිබ්බේ මොකද මේ හැම කෙනාම තමන්ගේ විෂය ක්ෂේත් රයේ එතෙක් සොයා නොගත් දැනුමක් හොයාගෙන ලෝකෙට දායාද කරලා දීපු මිනිස්සු උදාහරණයක් විදියට නිකොලා ටෙස්ලා ගත්තොත් අපි ජීවිතේ හැමදාම පාවිච්චි කරන ප් රත් යවර්ථ තෙකලා විදුලිය 3 phase alternative current induction motor වතුර පොම්පේ විදුලි පංකාවේ ඉඳන් කර්මාන්ත ශාලාවල තියෙන මෝටර් වලින් 90 කට වඩා තියෙන්නේ මේ මොටරේ වගේ දේවල් හොයාගත්ත මේ මහා විද් යාඥයා විදුලි ඉංජිනේරු විද් යාව පිලිබඳ උපාධියක් නැහැ මොහුගේ මුලින් ලොක්කා වුණ තෝමස් අල්වා එඩිසන් වුණත් විශ්ව විද් යාලෙකට ගිහින් විදුලි ඉංජිනේරු විද් යාව හදාරලා නැහැ කොටින්ම කිව්වොත් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් පොඩි කාලයක් එඩිසන්ගේ අම්මා තමා එයාට මුල කාලේ උගන්වල තියෙන්නේ ඇත්තටම මේ මිනිස්සු දෙන්නා ලංකාවෙ ඉපදිලා ඔය කියන සොයාගැනීම් කරා නම් ලොකු ප් රශ්නයක් වෙන්න තිබ්බා අපෝ ඔය ඩිග්රි එකක්වත් නැති මනුස්සයා හදපු දේවල් අපි කොහොමද පාවිච්චි කරන්නේ වගේ බොළඳ තර්ක එන්න තිබ්බා අපේ සමාජෙන් සහ ඒ විෂය පිලිබඳ ප් රමාණික උගත්තුන්ගෙන් ලෝකේ හොඳම පර්යේෂනකරු experimentalist වගේම විදුලි ඉංජිනේරු විද් යාවේ පියා කියල හඳුන්වන මයිකල් ෆැරඩේ වුනත් ලෝක ප් රසිද්ධ autodidact කෙනෙක් ලෝකේ ගොඩක් වෙලාවට ඉස්සරහට ගියේ මෙන්න මේ autodidact ලාගෙන් ඕනෙම මනුස්සයෙක්ට පුළුවන් ඕනෙම විෂයක් ගැන ගැඹුරින් හදාරන්න තනියම වගේම ඒ විෂය පිළිබඳව ප් රවීනයෙක් expert කෙනෙක් වෙන්න ඉතින් තමුන් formal education එකක් ගත්ත නැති දෙයක් පිළිබඳව යම් කෙනෙක් ස්වයං අධ් යනයක් කරලා යමෙක් ඒ ගැන කතා කරනවා නම් ඒ ගැන ලියනවා නම් ඒ මනුස්සයා කතා කරන විෂය කරුණ විතරක් විවාදයට ප් රශ්න කිරීමට ගන්න නැතුව ඒ පුද්ගලයාගේ ඒ විෂය සම්බන්ධව තියෙන උපාධිය ආචාර්ය උපාධිය ගැන හොයන්න යන්න ඒ සහතික පත් ර නෑ කියල අර කියන දේ හාස් යයට ලක් කරන්න යන්න එපා කතා කරන විෂය කාරණේ විතරක් විවාදයට ගන්න අභියෝගයට ලක් කරන්න posted by නදීර at 9 04 pm 3 comments email this blogthis share to x share to facebook share to pinterest monday august 24 2020 බ්ලැක් අවුට් blackout එකක් කියන්නේ මොකක්ද සමහරු අහලා එවලා තිබ්බා blackout එකක් වෙන්නේ කොහොමද කියලා සහ පහුගිය සඳුදා රටේ විදුලි පද්ධතියට මොකද වුණේ කියල මේ ක් රියාවලිය ටිකක් සංකීර්ණ ක් රියාදාමයක් වුණත් සුපුරුදු පරිදි සරලව විස්තර කරන්න කරන උත්සහයක් මේ ටිකක් හෙමීට කියෙව්වොත් මේ ලියල තියෙන දේ ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා විදුලි පද්ධතියක බ්ලැක් අවුට් blackout එකක් කියන්නේ මොකක්ද රටක තියෙන මුළු විදුලි පද්ධතියම බිඳ වැටිලා මුළු රටටම විදුලිය නැති වීමට කියනවා blackout එකක් කියලා කියනවා පුර්ණ අන්ධකාරයක් කියන තේරුම ඇතුව මේක සිද්ධ වෙන්නේ පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන්න තියෙන විදුලිබල ආරක්ෂණ පද්ධතිය power system protection system එක ක් රියාත්මක වීමෙන් ඇත්තටම පද්ධතියේ ඇතිවන හානිදායක තත්වයකින් විදුලි පද්ධතියේ ඇති අංගෝපාංග බේරා ගැනීමට වගේම පද්ධතියේ සැබෑවටම වරදක් නොමැති වෙලාවක ආරක්ෂණ පද්ධතියේ ඇති වන දෝෂයක් නිසා malfunctioning ආරක්ෂණ පද්ධතිය ක් රියාත්මක වෙලාත් මේ දේ සිද්ධ වෙන්නත් පුළුවන් ග් රිඩ් උප පොලක් කියන්නේ මොකක්ද සරලව කිව්වොත් ග් රිඩ් උප පොලකින් වෙන්නේ ලංකාවේ විදුලි පද්ධතියේ මේක ඇත්තටම කිව්වොත් ජාලයක් එකට එකක් සම්බන්ධයි අන්තර් සම්බන්ධතාවය තබාගැනීම මේවායේදී අවකර සහ අධිකාර පරිණාමක මගින් පරිණාමක ට් රාන්ස්ෆොර්මර් විවිධ වෝල්ටීයතා ඇති අනු පද්ධති සම්බන්ධ කරනවා පහත ඡායාරූපය ලංකාවේ විදුලි සම්ප් රේෂණ ජාලයේ සිතියම ලංකාවේ විදුලි සම්ප් රේෂණ පද්ධතියේ සිතියම මූලාශ් රය https www ceb lk transmission en වාලච්චේන ග් රිඩ් උප පොල මූලාශ් රය http powermin gov lk english wp content uploads documents performance_2014_and_programmes_2015_english pdf අගෝස්තු 17 වන සඳුදා ලංකාවේ විදුලි පද්ධතියේ මොකක්ද වුනේ පස්වරු 12 30 ට පමණ කෙරවලපිටිය ග් රිඩ් උප පොලේ 220kv පද්ධතියේ වෝල්ට් දෙලක්ෂ විසිදාහක් 220 000 සන්නයනය කරන පද්ධතියක් සංසන්දනයට ඔබේ නිවසේ විදුලි සැපයුමේ ඇත්තේ වෝල්ට් 230 පමණි නඩත්තු කටයුත්තක් කරමින් තිබුණු අතර මෙසේ නඩත්තු කටයුතු කරන විට ආරක්ෂණ පියවරක් ලෙස පද්ධතියෙන් විසන්ධි කරන මේ ඉහල විභවයක ක් රියාත්මක වන සජීවී සන්නායක live conductor භූගත කිරීම earth කිරීම සාමාන් ය ආරක්ෂණ පිළිවෙලකි මේ නඩත්තු කටයුත්ත අවසන් කොට නැවතත් පද්ධතියට සමබන්ධ කිරීමට කටයුතු කිරීමේදී අමතක වීමකින් භූගත earth කොට තිබු බස් බාර් busbar එකක් භූගත කිරීම විසන්ධි කිරීමකින් තොරව නැවතත් බලගැන්වීමට energize එනම් පද්ධතියට සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමක් සිදුව ඇත මෙසේ සම්බන්ධ කිරීමේදී සජීවී live busbar සන්නායක තුනක් තෙකලා විදුලි පද්ධතියක මෙවැනි සජීවී සන්නායක තුනක් පවතී භූගත වීමකට ලක්වී three phase to ground fault ලෙස විදුලි ඉංජිනේරු විද් යාවේදී හඳුන්වන ආකාරයේ දෝෂයක් සිදුවී ඇත busbar එකක් යනු විදුලි පැනලයක් තුල ඇති විදුලිය සන්නයනය කරන ලෝහයෙන් සැදී තීරුවක් මෙසේ සජීවී සන්නායකයක් live conductor or phase conductor භූගත වූ විට ඉහල විභාවයක වෝල්ට් 220 000ක ඇති මේ සන්නායකය ශුන් ය විභාවයක ඇති පොළොවට විශාල ධාරාවක් ගමන් කරන්න පටන් ගනී මෙසේ විශාල ධාරාවක් සැලකිය යුතු කාලයක් පද්ධතිය හරහා ගමන් කිරීම පද්ධතියට හානිකරයි ඒ නිසා මෙවැනි සිද්ධියක් වූ විට පද්ධතිය ආරක්ෂා කිරීමට ඇති ආරක්ෂණ පද්ධතියේ protection system ඇති protection relay නමැති උපකරණය මෙවැනි වරදක් earth fault ඇති බව හඳුනාගෙන මෙම කොටස පද්ධතියෙන් ඉවත් කිරීමට ක් රියාත්මක වේ fault isolation මෙම ආරක්ෂණ පද්ධතියේ අයිති කාර්ය නම් මෙවැනි දෝෂයක් සිදු වූ විට පද්ධතියේ එම දෝෂ සහිත කොටසට හානියක් වීමට පෙර විදුලිය විසන්ධි කොට පද්ධතියට පුර්ණ හානියකට පත්වීමෙන් වලක්වා ගැනීමත් දෝෂයක් නොමැති පද්ධතියේ අනෙක් කොටස් මෙම දෝෂයෙන් බලපෑමට පත්වීමට වලක්වා ගැනීමත්ය ජාතික විදුලි පද්ධතියක මෙවැනි ආරක්ෂණ පද්ධති විවිධ මට්ටමින් levels වලින් ක් රියාත්මක වේ විවධ මට්ටම් වල ආරක්ෂණ පද්ධති තිබීමේ ප් රයෝජනය නම් දෝෂයක් ඇති වූ විට පද්ධතියට අඩුම බලපෑමක් ඇති කරමින් එම දෝෂ සහිත කොටස පමණක් පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමටය මෙය සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් ඔබේ ඇඟිල්ලක පුරුකක් අසාදනය වී සුව කිරීමට නොහැකියි තීරණය කළහොත් වෛද් ය වරයා ඇඟිල්ලේ පුරක ලඟින් කපාදමා ඔබේ අත බේරා ගනු ඇත ඒ ආකාරයෙන්ම විදුලි පද්ධතියේ ඇති ආරක්ෂණ පද්ධතිය දෝෂයක් වූ විට දෝෂ සහිත සුළු කොටස පමණක් පද්ධතියෙන් කපාදමා දෝෂ රහිත කොටස බේරා ගනී blackout එකක් සමාන වන්නේ ඇඟිලි පුරුකේ ඇති අසාධනය අත පුරාම ඔඩු දුවා මුළු අතම උරහිස අසලින් විච්චේදනය කිරීමට සිදුවීමය ඉහත විස්තර කල පරිදි මෙගාවොට් 130 ක විදුලි සැපයුමක් හසුරුවමින් සිටි කෙරවලපිටිය ග් රිඩ් උපපොළ 220 000 වෝල්ට් විභාවයක ඇති පද්ධතිය එහි ආරක්ෂණ පද්ධතිය ක් රියාත්මක වී ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කර ගන්නා ලදී මෙය මෙලෙස දීර්ඝ ලෙස විස්තර කලත් මේ මුළු සිදුවීමම සිදුවීමට එනම් දෝෂය ඇති වූ අවස්ථාවේ සිට ග් රිඩ් උපපොළ පද්ධතියෙන් ඉවත්වීමට ගත වුයේ මිලි තත්පර 160 ක කාලයකි එනම් තත්පරයෙන් 1 1000 ක කොටස් 160 ක් වැනි සුළු කාලයකි මෙසේ කෙරවලපිටිය ග් රිඩ් උපපොළ පද්ධතියෙන් ඉවත් වෙන අවස්ථාවේ ජාතික විදුලි පද්ධතියේ මෙගාවොට් 2100 ක ධාරිතාවක් හසුරුවමින් තිබිණ මෙම උප පොළ පද්ධතියෙන් ඉවත්වූ විට මෙගාවොට් 130 ක ඉල්ලුමක් පද්ධතියෙන් විසන්ධි වී ගියේය එනම් මුළු පද්ධති ධාරිතාවෙන් 6 ක ප් රමාණයක් සාමාන් යයෙන් විදුලි පද්ධතියකට පද්ධති මෙවැනි ප් රතිශතයක ක්ෂණික විචල් යතාවයක් දරාගැනීමට හැකියාව ඇත ඉහත සිදුවීම සිදුවී මිලිතත්පර 200 කට පසු එනම් කෙරවලපිටිය ග් රිඩ් උපපොලේ මුල් දෝෂය ඇති වී මිලි තත්පර 360 කට පසු නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ අංක1 ජනන යන්ත් රයේ ආරක්ෂණ පද්ධතිය ක් රියාත්මක වී එම විදුලි ජනකය පද්ධතියෙන් ඉවත් කරගැනීමට කටයුතු කරගැනීමට වුනි ඉහත සිද්ධිය නිසා මෙසේ මේ අවස්ථාවේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක් රියාත්මක වීම සිදු නොවිය යුත්තක් වන අතර යම් තාක්ෂණික දෝෂයක් හෝ ආරක්ෂක පද්ධතියේ වැරදි සැකසුමක් නිසා සිදුවන්නට ඇතැයි අනුමාන කල හැක මෙය අනුමානයක් පමණක් වන අතර මේ සම්බන්ධ කමිටු වාර්තාව එලි දැක්වූ විට පසුව වැඩි විස්තරයක් දැමීමට බලාපොරොත්තු වෙනවා මෙය තවත් පැහැදිලි කළහොත් 220kv සම්ප් රේෂණ රැහැන් හරහා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයත් කෙරවලපිටිය ග් රිඩ් උප පොලත් අතර මැද කොටුගොඩ වේයන්ගොඩ සහ නව හලාවත new chillaw යනාදී උපපොළවල් තුනක් ඇති අතර මේ එක එකෙහි වෙන වෙනමම පද්ධති ආරක්ෂණ පද්ධති ඇත එබැවින් මේ එක් ග් රිඩ් උපපොලක වත් ආරක්ෂණ පද්ධති ක් රියාත්මක නොවී කෙරවලපිටිය ග් රිඩ් උප පොලෙහි ඇති වූ දෝෂයක් නිසා නොරොච්චෝලේ බලාගාරය පද්ධතියෙන් විසන්ධි වීම ට් රිප්වීම සිදු නොවිය යුත්තක් නමුත් සිදු වී ඇත මෙසේ එක් වරම මෙගාවොට් 300 ජනනය කරමින් පැවති අංක 1 ජනන යන්ත් රය පද්ධතියෙන් ඉවත්වීමත් සමග ඇතිවූ පද්ධතියේ කැළඹීමත් සමග ජනන යන්ත් ර අංක 2 සහ 3 හි ආරක්ෂණ පද්ධති ක් රියාත්මක වී එම යන්ත් ර තුනත් පද්ධතියෙන් ඉවත් කරගැනිණ මෙම ජනන යන්ත් ර 3 හි ජනන ධාරිතාව මෙගාවොට් 900 වන අතර බලාගාරයේ අභ් යන්තර පරිභෝජනයට විදුලිය ගෙන ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 810 ක ධාරිතාවක් මේ අවස්ථාවේ සපයමින් තිබිණ මෙසේ එක් වරම මෙගාවොට් 2100 ක පද්ධතියකින් මෙගාවොට් 810 ක එනම් 38 ක ජනන ධාරිතාවක් generation capacity ඉවත් වුවත් පද්ධතියේ ඉල්ලුම electricity demand එක අඩු වන්නේ නැත ජාතික විදුලි පද්ධතිය පවතින්නේ ඉල්ලුමට සමාන සැපයුමක් සැම විටම ලබාදෙමින් පද්ධතිය සමතුලිතතාවයේ පවත්වා ගනිමිනි මෙම සමතුලිතතාවය පවත්වාගන්න කාර්යය කරන්නේ system control centre scc හෙවත් පැලවත්තේ පිහිටා ඇති ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මධ් යස්ථානයෙන් මෙසේ පද්ධතියේ ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් බලාගාර වලින් ලබාදීමට අසමත් වූ විට ඉතාමත් ක්ෂණිකව පද්ධතියේ සංඛ් යාතය frequency සාමාන් යයෙන් පවතින හර්ට්ස් 50 න් පහල බැසීමට පටන් ගනී මේ වෙලාවට පද්ධතිය මේ තත්වයෙන් බේර ගන්න scc එකෙන් සාමාන් යයෙන් කරන්නේ පද්ධතියේ කොටසක් විසන්ධි කොට රටේ කොටසකට විදුලිය කපාහැර ඉල්ලුම අඩුකොට නැවතත් පද්ධතියේ ඉල්ලුමට සැපයුම සමාන කොට අස්ථාවර වූ පද්ධතිය ස්ථාවර කර ගැනීමටය නමුත් මෙසේ පද්ධතියේ විශාල ජනන යන්ත් ර තුනක් ඉතා සුළු කාලයකදී පද්ධතියට අහිමි වූ විට මේ සිදුවන ක් රියාවලිය scc එකේ පාලනයෙන් මිදී යනවා එවිට පද්ධතියේ සංඛ් යාතය තවත් අඩු වෙද්දී රටේ අනික් විදුලි බලාගාර වල ආරක්ෂණ පද්ධති ක් රියාත්මක වී එම ජනන යන්ත් රවල ආරක්ෂාව සඳහා එම ජනන යන්ත් ර පද්ධතියෙන් ඉවත් කර ගැනීමට ස්වයන්ක් රීයව ක් රියාත්මක වෙනවා මෙයට හේතුව වන්නේ මේ විදුලි ජනන යන්ත් ර නිපදවා ඇත්තේ 50hz හර්ට්ස් 50 පමණක් ක් රියාත්මක වීමට අතර ඊට වැඩි හෝ අඩු සංඛ් යාතයක ක් රියාත්මක වීමෙන් ඒවාට හානි සිදුවන බැවින් එය වැලක්වීමට සමස්ත විදුලි පද්ධතියේ සංඛ් යාතය වෙනස් වන විට එක් එක් ජනක යන්ත...
|