Meta tags:
Headings (most frequently used words):
posts, චමී4යූ, chami4u, pages, 08, october, 2025, you, might, also, like, total, pageviews, followers, blog, archive, blogroll, all, time, popular, සහෝදර, බ්ලොග්, අඩවි, featured, social, icons, ads, 468x60px, ජයසිරි, ගේ, ඇඩ්වර්ටයිසින්, පිස්සුව,
Text of the page (most frequently used words):
ago (87), years (74), ජයසිරි (17), පොල්තෙල් (11), මගේ (10), ජයසිරිගේ (10), එකේ (9), තිබුණේ (9), #ඇඩ්වර්ටයිසින් (9), බ්ලොග් (8), අපේ (8), තෙල් (8), කියලා (7), ටයිල් (7), ඇඩ් (7), එකක් (7), වගේ (7), months (6), කථා (6), නෙවෙයි (6), විතරයි (6), the (5), පස්සේ (5), සත් (5), ජයසිරිට (5), නැහැ (5), තියෙන්නේ (5), හැබැයි (5), තියෙන (5), තමයි (5), හරි (5), පිස්සුව (5), posts (4), ඉසව්ව (4), කතා (4), අඩවිය (4), යන්න (4), නැති (4), කරන (4), චමී4යූ (4), chami4u (4), හැටි (4), කියන්නේ (4), october (4), ඇත්තටම (4), වුණේ (4), තමන්ගේ (4), වැඩේට (4), ගත්තා (4), ඇඟේ (4), දැන් (4), බාල්දි (4), ඉන්නවා (4), ලොකුම (4), මහත්තයා (4), කරන්න (4), පුළුවන් (4), blog (3), අලුත්ම (3), සොඳුරු (3), සිතුම් (3), සිහින (3), කොටස (3), and (3), ඇවිත් (3), තරු (3), එක්ක (3), සිට (3), කියා (3), වෙන්න (3), කාමරේ (3), කාක් (3), කොල්ලෙක් (3), සිත (3), රාත් (3), ගැන (3), රිය (3), අදුරු (3), කතාව (3), කතාවක් (3), තරගය (3), වැඩි (3), කෙනෙක් (3), ඔන්න (3), වැඩ (3), ගමේ (3), හැමෝටම (3), share (3), කරලා (3), වගේම (3), කඩේ (3), ඇස් (3), ගියා (3), රස්තියාදු (3), වෙලා (3), අරගෙන (3), අන්තිමට (3), යකෝ (3), ගලාගෙන (3), නම් (3), ගිහින් (3), පටන් (3), බෝඩිමේ (3), එයාගේ (3), කළා (3), නළු (3), එයා (3), කාලේ (3), සිනමා (3), blogger (2), comments (2), show (2), all (2), තවත් (2), එක් (2), ලෝකය (2), වෙනුවට (2), ගැස්ම (2), මල් (2), මතක (2), ගැහැණු (2), විල (2), ගමන (2), කෝරලේ (2), මහත්තයාගේ (2), වලව්ව (2), පුංචි (2), how (2), without (2), windows (2), කියන (2), යයේ (2), වෙනස් (2), ටිකක් (2), හිනාවෙන්න (2), thoughts (2), මහා (2), එකෙන් (2), ෆේස්බුක් (2), facebook (2), අනේ (2), සිත් (2), you (2), for (2), kids (2), හෝරාව (2), නවාතැන (2), ආවේ (2), කාලය (2), partition (2), beautiful (2), සතුටු (2), වීම (2), එදා (2), sri (2), lankan (2), දුන් (2), time (2), පැය (2), අලුත් (2), පාර (2), weeks (2), week (2), මුරකරුගේ (2), කොළ (2), වෙලාවක් (2), නිසා (2), oooo (2), ලංකාවේ (2), සිංහල (2), ජනප් (2), කාලයක් (2), විස්සයි (2), විස්ස (2), වෙනුවෙන් (2), වඩාත් (2), පොලිස් (2), වුවා (2), පමණි (2), උස් (2), දවසක් (2), ළමයා (2), ලැබුණු (2), ලිංගික (2), අප් (2), අසුනවයේ (2), භිෂණය (2), මතකය (2), අත්දැකීම් (2), සිදුවීම් (2), පිස්සු (2), march (2), april (2), may (2), june (2), july (2), august (2), september (2), january (2), 2014 (2), ආයුබෝවන් (2), එකට (2), අවසානෙටම (2), 2025 (2), home (2), වෙළෙඳ (2), පෙනී (2), රූප (2), නළුවෙක්ගේ (2), පැසිපියාට (2), ජයසිරිටත් (2), තේරුණා (2), අවශ් (2), විතරක් (2), කරගෙන (2), හිටියා (2), තමන්ව (2), ගාණක් (2), රුපියල් (2), අමු (2), යාළුවෝ (2), ඔක්කොම (2), පෙන්වන්නේ (2), ලස්සන (2), නාන (2), චරිතේ (2), දවසේ (2), හරිම (2), දිහා (2), ඩිරෙක්ටර් (2), කිව්වා (2), ආවා (2), වෙනවා (2), කැමරා (2), විතර (2), ෂූට් (2), ඉවරයි (2), දාලා (2), හීනේ (2), කැමති (2), වුණා (2), පොල් (2), අපිට (2), නිකන් (2), මොකක්ද (2), ලැබෙයි (2), ටික (2), ඉදලා (2), කියපු (2), අල්ලන්න (2), දක්ෂයෙක් (2), රධාන (2), නගරයේ (2), පුළුවන්ද (2), ඉන්න (2), හරියටම (2), චිත් (2), එහෙම (2), කරපු (2), හිතුවා (2), එකක (2), කෑලි (2), ගියාම (2), තිබුණා (2), කතාවේ (2), කොල්ලෝ (2), කෙල්ලෝ (2), පිස්සුවක් (2), ලස්සනම (2), පොටෝ (2), ඉස්සර (2), රන් (2), යුගයක් (2), ලියන්න (2), simple, theme, powered, avg, threatlabs, recent, widget, ads, 468x60px, social, icons, featured, ඇනෝනිමස්, ආතල්, රත්ගමයා, anusha, ඇරඹුනේ, කුජීත, යුගයක්ය, තරූගේ, යතුර, මායා, බන්ධකයන්ගේ, තත්වේ, spellbinder, අසරණයා, විලක, පිපෙන, දහසක්, අතර, පෙම්වතියට, පොවා, සරසවි, සිසුවා, සියදිවි, නසාගෙන, අකල්, වැසි, දෑසින්, ඇඳි, සිතුවම්, සමනළ, ගීතය, නුඹයි, කවිය, සිත්තම්, recollection, ඝනකම්, අඳුර, thick, dark, ලොවක, සිරකරු, ගැමියාගේ, පත්, ඉරුව, තොරොක්කෝව, නෙළුම්, nethineha, club, නෙතින්, එහා, මරුවෝ, සරාගේ, ෂිට්, හැපන්ස්, shit, happens, දේව, සාපය, මාරක, ඔබෙන්, සමුගනිමි, තරියාගේ, කෙරුවාව, අළුතින්ම, එළිදකින, සිතුවම, සිත්තරීගේ, තෙලිතුඩින්, පාළු, කම්හල, යාමය, පහේ, පන්තියෙන්, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, අවසානය, end, era, කතන්දර, මරණ, බිය, going, solo, හසරැල්ලක්, ඉර්මා, ආත්තම්මගේ, අනාවැකි, කුමාරිහාමිගේ, upgrade, processor, any, sotware, rizwan, basharat, a2z, news4u, අභිනව, අස්ගිරි, මහනාහිමි, පත්වන, අන්දම, ආගිය, මෙම, වසා, දැමේ, චන්දනගේ, සටහන්, හඳුන්වාදෙන, සංස්කරණ, softwares, utilities, මෘදුකාංග, එකතුව, ලංකාව, රාජ්, සිරස, කරමුද, sahampathi, අකුරැස්සේ, reargate, බුදුරජාණන්වහන්සේ, අංගවිකල, දෙතිස්, පුරුෂ, ලක්ෂණ, බෞද්ධ, සංස්කෘතිය, අරණ, ෆෝන්, නොයන්නේ, ඇයි, රනා, ලියන, බත්, හූනෙක්, සහගහන, අපරාධයක්, මරාපියව්, උයපු, එකා, මිනිස්සුත්, ලංකාප්, රියගේ, සිතිවිලි, සදානන්දකර, කුරුටු, පොත, win, rar, full, අරුණෝදය, unsaid, නොකී, සිතුනොත්, ඔබට, රස්, තියාදුකාරයා, අම්මාවරුනේ, podi, kumarihami, මොක්කුද, සුදු, අවකාශය, කැපවීම, උනන්දුව, කාලෙකට, yasith, යසිත්ගේ, සිතුවිලි, සිරිපා, අඩවියේ, රවීණ, විද්, ආචාර්යවරියකගේ, අත්දැකීමක්, වෙද, ගෙදර, කවි, දිනය, බස්රියේ, අවුරුදු, හැරේ, raj, කෑම, කනවාද, සම්මතයෙන්, ඔබ්බට, පිරබාහරන්, විජේවීර, pirabaharan, wijeweera, taboo, subjects, සාමාන්, යයෙන්, නොකියන, හිතුවෙවත්, දවසක, එපා, දේශපාලනේ, විලක්කුව, මේවා, එයාලගේ, වැරදි, ශම්මිගේ, ක්ෂිතිජය, මාටින්, මුදලාලි, සිරාගෙ, 肌荒れしやすいならカミソリ処理は辞めるべき, last, row, අන්තිම, පේලිය, ලකී, රන්ත, පිරුණු, රන්ථයක්, හිස්, අහස, 159, හදිසි, අච්චාරුමය, තත්වයක්, ඩෙනිම, blue, jeans, හරීගේ, හීනලන්තය, වාසනාවන්ත, නස්පැත්තිය, මීමුරේ, සයුර, උපමාව, උපමේය, කුරුන්ද, kurundha, carnival, love, වර්ණ, වනසන, ගොබෙල්ස්, කාලකන්නින්ගේ, නාටකය, රෙපාගේ, අම්බලම, 302, පණ්ඩිත, ඇහැරෙන, මනසින්, දිවියට, are, doing, just, your, selfish, need, free, හිරු, උරෙකුගේ, සටන්, අභියෝගය, යදමින්, බැඳ, පරීක්ෂාව, රාජ්ගෙ, ඩිජිටල්, ඡායාරුප, භූතයන්, දෙවියන්, සැමරුම්, කාලෙකින්, වෙන, තැනකට, දේව්, උමතුකාරක, පැතුම්, ආයිබො, ඩෙනිස්, සැහැල්ලුව, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, ආයේ, පතමි, දුකා, laptop, කඩන, ලේසිම, විදිහ, create, drive, formating, comeege, dinapotha, දෙයියන්ගේ, ලෙඩ, එකොළොස්, වැනි, දිග, හැරුම, මංපෙත, path, කිරීමෙන්, හෙවත්, ජීවත්, notion, මතය, අපිරිසිදු, ආදරේ, sam, creations, මෙදා, තුර, best, boss, ever, තහනම්, thahanam, adawiya, හුළඟක්, වින්නැහියක්, ලියන්නා, ගෙජ්ජි, මල්ල්, mind, රන්ජන්, අයියා, සමඟ, රියක්, අනීවාරතේ, ථේරි, ගාථා, ගාථාව, නිවන, පියුම්, jungle, food, buddhist, monk, birthday, jackfruit, alms, ගමටම, කොස්, හාමුදුරුවෝ, සමකය, වටේ, year, පාප්තුමෙක්, තෝරා, ගන්නා, සිස්ටයින්, දේවස්තානය, ඉතාලියේ, ලියමි, paradox, කාලයයි, මොළයයි, එකතුවෙලා, gimmicks, බස්සිගේ, අමතර, භාගයේ, පාසල්, විරුද්ධවිය, යුතු, රශ්නයක්, කඩඉමක්, අවුරුද්ද, හැලපයා, අයිනෙන්, ගත්ත, ටයරය, බාප්පා, කතාවකි, රැකීගේ, දුම්රිය, අනතුරකට, මුහුණ, පෑමට, සිදු, උනෙමි, සිතක, සංකල්පනා, month, නාඩියාගේ, නාඩි, නිර්මාණකරුවාගේ, අයිතිය, ආතම්මගෙ, පෙට්ටගම, නස්රුදින්, කිට්ටු, කැකුළු, සංසලා, iii, අවසන්, ඉවාන්, පවුලූශා, කරුවන්ගේ, සුහද, හමුව, 2026, ඇවිද්ද, days, අමතක, කිරීම, සඳහා, ආන්ඩුව, ගෙනයන, රොපගැන්ඩා, මාතලන්, maathalan, සහෝදර, අඩවි, හමා, සීත, සුළග, රැහැයියන්ගේ, ගීත, නාදය, ඇගේ, හැපෙන, පිනි, බිදු, දේවි, රැයක, අරුමය, සෙවිලි, දැඩි, වර්ෂාව, කපාගෙන, වාහනය, වේගයෙන්, ඉදිරියට, ඇදුනි, මද්දහන, ගෙවී, සුළු, වුවද, මිදුමත්, වැහි, අන්ධකාරයත්, පරිසරයේ, තිබුනෙ, අත්භූත, නවාතැන්පොල, පාන්දරම, අයිනේ, ඉදගෙන, ස්ථාවර, දුරකථනයක්, නාද, දෙනකොට, කොහොමද, දැනෙන, සනිපේ, එහෙව්, වෙලාවක, දුරකථනය, කුඩු, කෙල්ලන්, රැවටු, දියමන්ති, ගුරුකම, මෙයිට, දශක, කිහිපයකට, ඉහතදී, සිදුවූ, සිනමාව, අතිශයෙන්, වෙච්චි, තිබුනනේ, සර්කස්, පැසිපියා, නළුවෙක්වූ, බැලීමට, උදේ, සිටම, සුදානම්, උනේමී, රදේශයේ, හොදම, තිරය, දමා, ඇති, අවන්හල, සොයාගත්තේ, පැහැදිලිව, බලා, කුඩුවක, නැරබුවෙමි, උදැසනම, කාර්යාලයට, ගොස්, මේස, පුටුවේ, හින්දෑ, ුවේ, හින්ද, මැදිවියේ, මුත්, සුන්දර, කාන්තාවක්, සිනහවෙමින්, මැඩම්, යාපාරය, බබෙක්, ලැබීමට, ආසන්න, රෝහල්, ගතවී, පසු, නර්ස්, මෙයාගෙන්, අහනවා, ඔයාගේ, හස්බන්ඩ්, ආවද, නිලියට, කාගේද, එකමත්, කාලෙක, තරුණයෙක්, ජිවත්, වුනාලු, තරුණයා, ජීවත්වුණේ, බොහොමත්ම, සිතේ, කනස්සල්ලෙන්, ඒකට, හේතුව, තරුණයාට, තියෙනවා, රානිකයාගේ, මධු, සමය, මෙය, ලිවීමට, මුලික, උනේ, රහාරය, බ්ලොග, සුමිත්ගේ, පිළිබද, ලිපියයි, සුමිත්, නිරිඇල්ල, තරම්, නැතත්, භීෂණයේ, භයංකාරත්වය, ඇසින්, භිෂණයේ, ගත්, අග්, රගණ්, පුද්ගලයෙකුගේ, ජිවිතයේ, පැතිකඩක්, සම්බන්දයෙන්, සෙවූ, ඇසු, තොරතුරු, සමගින්, සකස්, ලිපියකි, ගැයූ, පෙරදා, සුපිරි, තරුවකගේ, කථාවක්, popular, blogroll, හොල්මන්, සොදුරු, මිනිසුන්, සුපර්, ස්ටාර්, ජාතිය, විහිළු, තහළු, විවේචන, විචාර, හිතෙන, පදවැල්, බුද්ධ, ධර්මය, පාසල්කාලේ, නත්තල්, දේශපාලනික, ජිවිතයට, පාඩමක්, ජාතක, චරිතකථා, කෙටිකථා, කාලින, ඊමේල්ජෝක්, අසාමාන්, අසාධාරණ, අනංමනං, mail, joke, november, december, 2012, february, 2013, archive, followers, chamiblogz, gmail, com, total, pageviews, might, also, like, subscribe, atom, older, pinterest, blogthis, email, this, posted, අවස්ථාව, ලැබිලා, දැන්වීමක, ශරීර, ආදේශකයෙක්, body, double, විදිහට, ඉන්නට, මුහුණේ, රාමු, පාවිච්චි, රසිද්ධ, මිසක්, එදායින්, රස්සාව, පාඩුවේ, ශරීරය, ලෝකෙට, රතුවෙලා, දවස්, 250ක්, නාගෙන, මූණක්වත්, පෙන්වලා, අවදානම්, උඹේ, මූණ, පෙන්නන්නේ, නියමෙටම, එකපාරටම, ලඟින්, ගත්තු, දර්ශන, close, ups, දිගේ, ගලන, පෙන්නේ, අවසානයේදී, පිරිසිදු, බෝතලයක්, පෙන්නලා, කටහඬින්, මෙසේ, කියනවා, පිරිසිදුකමයි, රහස, ලොකු, වෑහෙන, කොට, එනවා, මුලින්ම, අරන්, උස්සන, මිනිස්සුන්ගේ, කැමරාව, ලස්සනට, හදාගත්තු, මියුසික්, යනවා, සීන්, එන්න, මාස, දෙක, තුනකට, සතුටින්, හිටියේ, බලන්, තියාගෙනම, ආපහු, ඇඳුම්, ඇඳගත්තා, යාගන්න, බැහැ, ගෙව්වේ, මුදලක්, මුදලත්, කටපුරා, සිනාසෙමින්, බෝඩිමට, 250, ඕකේ, රසන්නයි, ඒකෙන්, දෙකත්, වහගෙන, ඉවසගෙන, මේක, ඉවසන්න, හිතාගෙන, පුරාම, දර්ශනය, දෙකක්, විදියට, සෙට්, ලයිට්, ඇඳුම, පිටින්, පිරිච්ච, හතරක්, මිනිස්සු, උස්සගෙන, සිග්නල්, දුන්නා, හතරම, මුළු, ඇඟේම, හලලා, දැම්මා, නාන්නද, මෙච්චර, මුකුත්, නොකියා, විස්තර, උයන්න, කලින්, තෙල්වල, පිරිසිදුකම, පෙන්වන්න, යයි, ඔයා, හලාගෙන, ඇඟෙන්, දර්ශනයක්, ගන්න, වෙලාවේ, අඳින්න, දුන්නේ, නිකන්ම, යන්නේ, ඇඳුමක්, දිනයක්, නියම, නියමිත, උදේම, තැනට, විශාල, ගබඩාවක්, අගල්, 100, ඕනෑම, දෙයක්, හිතුවේ, නළුවෙක්ට, රෝල්, හොඳයි, උදව්, කරන්නම්, වැඩක්, කිසිම, දේකට, ඇඟට, කොල්ලෙක්ට, සින්නක්කර, අන්තිමේ, හමුවුණා, මහත්තයත්, බලාගෙන, මෙහෙම, හැමතැනම, වුණාට, රඟපාන්න, නිතරම, කැපිලා, ගියත්, ආපස්සට, හැරුණේ, කලක්, යද්දී, අවස්ථාවක්, ලැබුණා, යාළුවෙක්, මාර්ගයෙන්, යාළුවා, අඳුරන, සම්බන්ද, සමාගමක, උඹට, විශේෂ, දක්ෂතාවය, දන්නවා, ඇක්ටින්, ගොඩක, තිබ්බොත්, ලේසි, හිතට, අමුතුම, අදහසක්, රපටවලට, නිළියෝ, තෝරගන්න, ඇඩ්වර්ටයිසින්වලටත්, තෝරනවා, ඇතිනේ, හිතලා, තමන්, වැඩට, නිවාඩු, නගරේ, තැන්, හොයාගෙන, එකම, කවදාව, දකින්න, ලැබෙන, හිටියොත්, තමන්ටත්, නිළියන්ට, රියතාවක්, බිත්තියේ, නිළියන්ගේ, ෆොටෝ, ගියපු, පත්තර, දැන්වීම්, බස්, ගහපු, බැනර්, විශේෂයෙන්ම, අසල්වැසියාගේ, රටේ, සමාගමේ, අඩෝ, බලපන්, ඒකේ, ගති, දහස්, වාරයක්, පුරුද්ද, පැකට්, සබන්, හැමෝම, දන්න, හඳුනන, කටකාර, රස්සාවට, කළේ, බෝඩිමක, ඇතුළට, ලෝකේ, කඩේක, ගම්වල, හිටිය, අතරෙත්, චරිතයට, එයාට, වෙනමම, විදියේ, දැන්වීම්වලට, තදින්ම, ආසා, තරුණ, අතරේ, කලාපේ, සුපිරිම, නළුවා, නිළියගේ, සඟරාවක, කටවුට්, ඇතුළේ, බිත්තියක, හයි, නැත්නම්, අඩුවක්, නැහැනේ, ඉන්ටනෙට්, සඟරාවක්, ආවාම, උණු, කැවුම්, විකිණෙනවා, මොකද, ඒවායේ, කුමාරයා, කුමාරිය, විස්තරේ, කලා, ජීවනේ, මේකත්, සිනමාවේ, යුගයටම, අයිති, කිව්වොත්, නිවැරදියි, පැත්තකින්, රපට, අනිත්, පැත්තෙන්, වටා, කැරකුණු, රසික, ස්තුතියි, කමෙන්ට්, දාගෙන, මාව, ඉන්නවනම්, ඉතින්, දිගු, නිහැඬියාවෙන්, ආයෙත්, වෙලාවට, හාස්, නොයෙකුත්, ඉදිරියේදීත්, බලාපොරොත්තු, දශකයකටත්, හිතාගන්න, ජනවාරි, වැනිදා, ලිව්වේ, සහයෝගය, දක්වන, සින්ඩිකේටර, pages,
Text of the page (random words):
චමී4යූ chami4u චමී4යූ chami4u pages home සහයෝගය දක්වන සින්ඩිකේටර 08 october 2025 ආයුබෝවන් හැමෝටම ඇත්තටම මගේ බ්ලොග් එකට මම අවසානෙටම කතාවක් ලිව්වේ 2014 ජනවාරි 22 වැනිදා හිතාගන්න පුළුවන්ද හරියටම දශකයකටත් වැඩි කාලයක් ඉතින් මේ දිගු නිහැඬියාවෙන් පස්සේ ආයෙත් පුළුවන් වෙලාවට ලියන්න හිතුවා ඉස්සර වගේම සත් ය කතා හාස් යය සහ නොයෙකුත් අත්දැකීම් ගැන ඉදිරියේදීත් ලියන්න බලාපොරොත්තු වෙනවා මාව මතක අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න හැමෝටම ස්තුතියි ජයසිරි ගේ ඇඩ්වර්ටයිසින් පිස්සුව මේකත් අර කියපු සිනමාවේ රන් යුගයටම අයිති තවත් සත් ය කතාවක් ඇත්තටම ඒ කාලේ තිබුණේ රන් යුගයක් නෙවෙයි පිස්සු යුගයක් කිව්වොත් වඩාත් නිවැරදියි එක පැත්තකින් චිත් රපට පිස්සුව අනිත් පැත්තෙන් සිනමා තරු වටා කැරකුණු රසික පිස්සුව ඒ කාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ අතරේ අර කලාපේ සුපිරිම නළුවා නිළියගේ ලස්සනම පොටෝ එකක් සඟරාවක කටවුට් එකක් හරි අරගෙන ගේ ඇතුළේ බිත්තියක හයි කරලා තිබුණේ නැත්නම් ඒක හරි අඩුවක් දැන් වගේ නෙවෙයි ඉස්සර අපිට තිබුණේ නැහැනේ ඉන්ටනෙට් ෆේස්බුක් ඔය ජීවනේ තරු කලා වගේ සිනමා සඟරාවක් ආවාම ඒක උණු කැවුම් වගේ විකිණෙනවා මොකද ඒවායේ තමයි අපේ සිහින කුමාරයා කුමාරිය ගැන අලුත්ම විස්තරේ සහ ලස්සනම පොටෝ තියෙන්නේ අපේ ගම්වල හිටිය කොල්ලෝ කෙල්ලෝ අතරෙත් ඔය පිස්සුව තිබුණා හැබැයි මේ කතාවේ චරිතයට අර වගේ සිනමා පිස්සුවක් තිබුණේ නැහැ එයාට තිබුණේ වෙනමම විදියේ පිස්සුවක් ඒක තමයි ඇඩ්වර්ටයිසින් පිස්සුව ඒ කියන්නේ වෙළෙඳ දැන්වීම්වලට තදින්ම ආසා කරපු කොල්ලෙක් අපේ මේ කතාවේ ප් රධාන චරිතේ තමයි ජයසිරි ජයසිරි කියන්නේ ගමේ හැමෝම දන්න හඳුනන ටිකක් විතර කටකාර හැබැයි නිකන් ඉන්න කැමති නැති කොල්ලෙක් එයා රස්සාවට කළේ පුංචි බෝඩිමක ඉදලා නගරයේ තියෙන ටයිල් කඩේක වැඩ කරන එක හැබැයි බෝඩිමේ කාමරේ ඇතුළට ගියාම ජයසිරිගේ ලෝකේ වෙනස් එයාගේ කාමරේ බිත්තියේ අර නළු නිළියන්ගේ ෆොටෝ වෙනුවට තිබුණේ ඒ කාලේ ගියපු පත්තර දැන්වීම් කෑලි බස් එකේ ගහපු බැනර් කෑලි විශේෂයෙන්ම ගමේ අසල්වැසියාගේ විතරක් නෙවෙයි රටේ ලොකුම සමාගමේ සබන් එකේ හරි තේ කොළ පැකට් එකේ හරි ඇඩ්වර්ටයිසින් එකක් ටී වී එකේ ගියාම අඩෝ බලපන් ඒකේ ගති කියලා දහස් වාරයක් කියන එක ජයසිරිගේ පුරුද්ද වෙලා තිබුණා ජයසිරිගේ එකම හීනේ වුණේ කවදාව හරි තමන්ව ලංකාවේ ලොකුම ඇඩ්වර්ටයිසින් එකක දකින්න ලැබෙන එක එයා හිතුවා එහෙම ඇඩ් එකක පෙනී හිටියොත් තමන්ටත් අර නළු නිළියන්ට වගේ ජනප් රියතාවක් ලැබෙයි කියලා දවසක් ජයසිරිගේ හිතට අමුතුම අදහසක් ආවා අර චිත් රපටවලට නළු නිළියෝ තෝරගන්න වගේ ඇඩ්වර්ටයිසින්වලටත් අය තෝරනවා ඇතිනේ එහෙම හිතලා එයා තමන් වැඩ කරපු ටයිල් කඩේ වැඩට නිවාඩු දාලා නගරේ තියෙන ඇඩ්වර්ටයිසින් කරන තැන් හොයාගෙන රස්තියාදු වෙන්න පටන් ගත්තා අර පැසිපියාට වගේම ජයසිරිටත් ඕක ලේසි වුණේ නැහැ මොකක්ද බං උඹට තියෙන විශේෂ දක්ෂතාවය මම ටයිල් අල්ලන්න දන්නවා මහත්තයා ඒක නෙවෙයි යකෝ ඇක්ටින් කරන්න පුළුවන්ද ටයිල් කඩේ ටයිල් ගොඩක ඉන්න ඇඩ් එකක් තිබ්බොත් මට හරියටම කරන්න පුළුවන් ඕක තමයි ජයසිරි හැමතැනම කියපු කතාව ඇත්තටම ජයසිරි ටයිල් අල්ලන්න දක්ෂයෙක් වුණාට රඟපාන්න දක්ෂයෙක් නෙවෙයි නිතරම කැපිලා ගියත් ජයසිරි නම් ආපස්සට හැරුණේ නැහැ අන්තිමට ටික කලක් යද්දී ජයසිරිට අවස්ථාවක් ලැබුණා ඒක ආවේ එයාගේ බෝඩිමේ යාළුවෙක් මාර්ගයෙන් ඒ යාළුවා අඳුරන කෙනෙක් ප් රධාන නගරයේ ලොකුම පොල්තෙල් සමාගමක ඇඩ්වර්ටයිසින් වැඩේට සම්බන්ද වෙලා හිටියා අන්තිමේ ජයසිරි ගිහින් ඒ මහත්තයා හමුවුණා අර මහත්තයත් ජයසිරි දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා මෙහෙම කිව්වා හොඳයි මම වැඩේට උදව් කරන්නම් හැබැයි මේ ඇඩ් එකේ තියෙන්නේ සින්නක්කර වැඩක් කිසිම දේකට බය නැති ඇඟට පණ තියෙන කොල්ලෙක්ට විතරයි කරන්න පුළුවන් අනේ මහත්තයා මගේ ඇඟේ අගල් 100 ක් පණ තමයි තියෙන්නේ මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් ජයසිරි හිතුවේ නළුවෙක්ට වගේ රෝල් එකක් ලැබෙයි කියලා දිනයක් නියම වුණා ජයසිරි නියමිත දවසේ උදේම ගිහින් ඇඩ්වර්ටයිසින් ෂූට් කරන තැනට ගියා ඒක විශාල වී ගබඩාවක් ජයසිරිට ඒ වෙලාවේ අඳින්න දුන්නේ නිකන්ම නිකන් යට ඇඳුමක් විතරයි ජයසිරිට තේරුණා මේ මොකක්ද වෙන්න යන්නේ කියලා අපේ ඇඩ් එකේ තියෙන්නේ උයන්න කලින් පොල් තෙල්වල තියෙන පිරිසිදුකම පෙන්වන්න අපිට අවශ් යයි ඔයා බාල්දි ගාණක් පොල් තෙල් ඇඟේ හලාගෙන ඒ තෙල් ඇඟෙන් ගලාගෙන යන ලස්සන දර්ශනයක් ගන්න අර මහත්තයා විස්තර කළා ජයසිරිගේ ඇස් උඩ ගියා පොල්තෙල් නාන්නද යකෝ මෙච්චර රස්තියාදු වුණේ හැබැයි තමන්ගේ ඇඩ්වර්ටයිසින් හීනේ නිසා ජයසිරි මුකුත් නොකියා වැඩේට කැමති වුණා ඔන්න දැන් කැමරා සෙට් කරලා ඉවරයි ලයිට් දාලා ඉවරයි ජයසිරි යට ඇඳුම පිටින් ඉන්නවා පොල්තෙල් පිරිච්ච බාල්දි හතරක් මිනිස්සු උස්සගෙන ඉන්නවා ඩිරෙක්ටර් සිග්නල් එක දුන්නා විතරයි පොල්තෙල් බාල්දි හතරම ජයසිරිගේ මුළු ඇඟේම හලලා දැම්මා අමු පොල්තෙල් ඒක හරිම අප් රසන්නයි ඒකෙන් එන ගඳ ජයසිරි ඇස් දෙකත් වහගෙන ගඳ ඉවසගෙන මේක ලොකුම ඇඩ් එක මට ඉවසන්න වෙනවා කියලා හිතාගෙන ඉන්නවා ජයසිරිගේ ඇඟ පුරාම තෙල් ගලාගෙන යන දර්ශනය කැමරා කළා පැය දෙකක් විතර ඒ විදියට ෂූට් කළා අන්තිමට ඩිරෙක්ටර් ඕකේ කිව්වා ජයසිරි තෙල් ඇඟේ තියාගෙනම ආපහු ඇවිත් එයාගේ ඇඳුම් ඇඳගත්තා පොල්තෙල් ගඳ නම් යාගන්න බැහැ එදා ජයසිරිට ගෙව්වේ රුපියල් 250 ක මුදලක් ඒ මුදලත් අරගෙන කටපුරා සිනාසෙමින් ජයසිරි තමන්ගේ බෝඩිමට ආවා මාස දෙක තුනකට පස්සේ අර පොල්තෙල් ඇඩ් එක ටී වී එකේ යන්න පටන් ගත්තා ජයසිරි ඒ දවසේ හරිම සතුටින් හිටියේ බෝඩිමේ යාළුවෝ ඔක්කොම වට කරගෙන ටී වී එක දිහා බලන් ඉන්නවා ඇඩ් එක පටන් ගත්තා ලස්සනට හදාගත්තු මියුසික් එකක් යනවා දැන් පොල්තෙල් නාන සීන් එක එන්න තියෙන්නේ ඔන්න දැන් එනවා මුලින්ම පොල්තෙල් බාල්දි අරන් උස්සන මිනිස්සුන්ගේ රූප ඊට පස්සේ කැමරාව තෙල් නාන චරිතේ පෙන්වන්නේ නැහැ පෙන්වන්නේ අර පොල්තෙල් ජයසිරිගේ ඇඟේ වෑහෙන කොට ලඟින් ගත්තු දර්ශන close ups විතරයි ඒ කියන්නේ තෙල් ඇඟ දිගේ ගලන හැටි විතරයි පෙන්නේ අවසානයේදී ලස්සන පිරිසිදු තෙල් බෝතලයක් පෙන්නලා ලොකු නළුවෙක්ගේ කටහඬින් මෙසේ කියනවා මේ පිරිසිදුකමයි අපේ රහස ජයසිරිගේ යාළුවෝ ඔක්කොම එකපාරටම හිනාවෙන්න ගත්තා යකෝ කෝ උඹේ මූණ තෙල් ගලාගෙන යන එක විතරයි පෙන්නන්නේ ඒක නම් නියමෙටම ගිහින් ජයසිරිගේ ඇස් රතුවෙලා ගියා දවස් ගාණක් රස්තියාදු වෙලා රුපියල් 250ක් අරගෙන අමු පොල්තෙල් නාගෙන කළ අවදානම් වැඩේට අන්තිමට තමන්ගේ මූණක්වත් පෙන්වලා තිබුණේ නැහැ අර පැසිපියාට වගේම ජයසිරිටත් තේරුණා ඇඩ්වර්ටයිසින් ලෝකෙට අවශ් ය වුණේ තමන්ගේ ශරීරය මිසක් තමන්ව නෙවෙයි කියලා එදායින් පස්සේ ජයසිරි ටයිල් කඩේ රස්සාව විතරක් කරගෙන පාඩුවේ හිටියා ප ලි ජයසිරිට අවස්ථාව ලැබිලා තිබුණේ වෙළෙඳ දැන්වීමක ශරීර ආදේශකයෙක් body double විදිහට පෙනී ඉන්නට මුහුණේ රූප රාමු පාවිච්චි කරලා තිබුණේ ප් රසිද්ධ නළුවෙක්ගේ posted by චමී4යූ chami4u at 1 28 pm 8 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom you might also like total pageviews chamiblogz gmail com followers blog archive 2025 1 october 1 ආයුබෝවන් හැමෝටම ඇත්තටම මගේ බ්ලොග් එකට මම අවසානෙටම 2014 2 january 2 2013 31 october 1 september 2 august 2 july 4 june 5 may 6 april 1 march 2 february 2 january 6 2012 46 december 4 november 6 october 4 september 7 august 4 july 6 june 5 may 4 april 3 march 3 18 6 joke 4 e mail 1 අනංමනං 20 අපේ කථා 24 අසාධාරණ 4 අසාමාන් ය කථා 4 ඊමේල්ජෝක් 1 කාලින සිදුවීම් 4 කෙටිකථා 14 ගමේ කථා 7 චරිතකථා 9 ජාතක කථා 1 ජිවිතයට පාඩමක් 5 දේශපාලනික 1 නත්තල් 3 පාසල්කාලේ 8 පිස්සු වැඩ 7 පොලිස් කථා 3 බුද්ධ ධර්මය 1 මගේ පදවැල් 3 මට හිතෙන හැටි 7 විචාර 4 විවේචන 5 විහිළු තහළු 5 සත් ය සිදුවීම් 9 සිංහල ජාතිය 1 සුපර් ස්ටාර් 1 සොදුරු මිනිසුන් 3 හොල්මන් කථා 6 blogroll all time popular posts ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා සුපිරි තරුවකගේ කථාවක් මා සිත් ගත් අග් රගණ් යයේ පුද්ගලයෙකුගේ ජිවිතයේ එක් පැතිකඩක් සම්බන්දයෙන් මා සෙවූ සහ ඇසු තොරතුරු සමගින් සකස් කල ලිපියකි අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් භිෂණයේ අදුරු මතකය අසුනවයේ භිෂණය අදුරු මතකය මෙය ලිවීමට මුලික උනේ ප් රහාරය බ්ලොග සුමිත්ගේ භිෂණය පිළිබද ලිපියයි සුමිත් නිරිඇල්ල ට තරම් අත්දැකීම් නැතත් ලිංගික අප් රානිකයාගේ මධු සමය 18 ඔන්න එකමත් එක කාලෙක තරුණයෙක් ජිවත් වුනාලු මේ තරුණයා ජීවත්වුණේ බොහොමත්ම සිතේ කනස්සල්ලෙන් ඒකට හේතුව මේ තරුණයාට තියෙනවා ලිංගික අප නිලියට ලැබුණු ළමයා කාගේද 18 දවසක් බබෙක් ලැබීමට ආසන්න ගැහැණු කෙනෙක් රෝහල් ගතවී ළමයා ලැබුණු පසු නර්ස් කෙනෙක් ඇවිත් මෙයාගෙන් අහනවා ඔයාගේ හස්බන්ඩ් ආවද මැඩම් ගේ අලුත් ව් යාපාරය උදැසනම කාර්යාලයට ගොස් මේස පුටුවේ වැඩි වුවා පමණි උස් හින්දෑ ුවේ වැඩි වුවා පමණි උස් හින්ද රී මැදිවියේ මුත් සුන්දර කාන්තාවක් සිනහවෙමින් පොලිස් කුඩුවක සිට විස්සයි විස්ස තරගය නැරබුවෙමි විස්සයි විස්ස තරගය බැලීමට මා උදේ සිටම සුදානම් උනේමී ඒ වෙනුවෙන් ප් රදේශයේ හොදම තිරය දමා ඇති අවන්හල සොයාගත්තේ වඩාත් පැහැදිලිව තරගය බලා සර්කස් පැසිපියා නළුවෙක්වූ හැටි මේ කතාව මෙයිට දශක කිහිපයකට ඉහතදී සිදුවූ සත් ය කතාවක් ඒ කියන්නේ ලංකාවේ සිංහල සිනමාව අතිශයෙන් ජනප් රිය වෙච්චි කාලයක් තිබුනනේ කෙල්ලන් රැවටු දියමන්ති ගුරුකම ට් රී oooo ට් රී oooo මහා පාන්දරම කන අයිනේ ඉදගෙන ස්ථාවර දුරකථනයක් නාද දෙනකොට කොහොමද දැනෙන සනිපේ එහෙව් වෙලාවක දුරකථනය කුඩු අත්භූත නවාතැන්පොල සත් ය කතාව දැඩි වර්ෂාව කපාගෙන වාහනය වේගයෙන් ඉදිරියට ඇදුනි මද්දහන ගෙවී සුළු වෙලාවක් වුවද මිදුමත් වැහි අන්ධකාරයත් නිසා පරිසරයේ තිබුනෙ අදුරු මුරකරුගේ රාත් රිය මුරකරුගේ රාත් රිය හමා යන සීත සුළග රැහැයියන්ගේ ගීත නාදය ඇගේ හැපෙන සිත පිනි බිදු කියා දේවි රැයක අරුමය කොළ සෙවිලි ක සහෝදර බ්ලොග් අඩවි මාතලන් maathalan 22 අමතක කිරීම සඳහා ආන්ඩුව ගෙනයන ප් රොපගැන්ඩා 5 days ago ඇවිද්ද පය බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2026 1 week ago ඉවාන් පවුලූශා සංසලා iii අවසන් කොටස 1 week ago මල් කැකුළු sri lankan kids නස්රුදින් කිට්ටු පාර කියා දුන් හැටි 2 weeks ago ආතම්මගෙ පෙට්ටගම නිර්මාණකරුවාගේ අයිතිය 2 weeks ago නාඩියාගේ නාඩි තේ කතා 1 month ago සිතක සංකල්පනා දුම්රිය අනතුරකට මුහුණ පෑමට සිදු උනෙමි 3 months ago ඩ් රැකීගේ අඩවිය පාර අයිනෙන් ගත්ත ටයරය අපේ බාප්පා ගැන කතාවකි 5 months ago හැලපයා බ්ලොග් කඩඉමක් සහ අලුත් අවුරුද්ද 7 months ago අපේ ඉසව්ව අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප් රශ්නයක් ද 9 months ago චමී4යූ chami4u 10 months ago බස්සිගේ නවාතැන the time paradox කාලයයි මොළයයි එකතුවෙලා කරන gimmicks 11 months ago ඉතාලියේ සිට ලියමි නව පාප්තුමෙක් තෝරා ගන්නා සිස්ටයින් දේවස්තානය 1 year ago සමකය වටේ sri lankan jungle food buddhist monk s birthday and jackfruit alms ගමටම කොස් දුන් හාමුදුරුවෝ 6 years ago සිත නිවන පියුම් විල ථේරි ගාථා 54 ගාථාව 6 years ago අනීවාරතේ රන්ජන් අයියා සමඟ රාත් රියක් 6 years ago සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් 7 years ago ලියන්නා හුළඟක් කළ වින්නැහියක් 7 years ago තහනම් අඩවිය thahanam adawiya එදා මෙදා තුර the best boss ever 7 years ago sam creations අපිරිසිදු ආදරේ 7 years ago my notion මගේ මතය සතුටු කිරීමෙන් සතුටු වීම හෙවත් ජීවත් වීම 7 years ago සොඳුරු මංපෙත beautiful path දෙයියන්ගේ ලෙඩ එකොළොස් වැනි දිග හැරුම 7 years ago comeege dinapotha laptop එකේ c එකෙන් partition කඩන ලේසිම විදිහ how to create partition in c drive without formating 7 years ago දුකා ඒ කාලය ආයේ පතමි 7 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago මාරයාගේ හෝරාව නිවිති එක්ක දෙල් කිරට 8 years ago සැහැල්ලුව ආයිබො න් ඩෙනිස් 8 years ago සිතුම් පැතුම් උමතුකාරක 8 years ago දේව් ගේ අඩවිය කාලෙකින් ආවේ එක්ක යන්න වෙන තැනකට 8 years ago සැමරුම් ඩිජිටල් ඡායාරුප වල භූතයන් සහ දෙවියන් 8 years ago රාජ්ගෙ නවාතැන පරීක්ෂාව 8 years ago යදමින් බැඳ උරෙකුගේ සටන් අභියෝගය 8 years ago හිරු නැති හෝරාව are you doing it for the kids or for just your selfish need to be free 8 years ago මනසින් දිවියට 8 years ago ඉර ඇහැරෙන ඉසව්ව 302 ඌ මහ පණ්ඩිත කොල්ලෙක් 8 years ago රෙපාගේ අම්බලම රට වනසන ගොබෙල්ස් කාලකන්නින්ගේ අලුත්ම නාටකය 8 years ago වර්ණ carnival of love 8 years ago කුරුන්ද kurundha උපමාව සහ උපමේය 9 years ago සිතුම් සයුර වාසනාවන්ත නස්පැත්තිය at මීමුරේ 9 years ago හරීගේ හීනලන්තය කාක් කාක් කාක් 9 years ago මගේ ඩෙනිම my blue jeans 159 හදිසි අච්චාරුමය තත්වයක් 9 years ago හිස් අහස බ් රන්ත පිරුණු ග් රන්ථයක් 9 years ago සිත් ආර ලකී 9 years ago the last row අන්තිම පේලිය 肌荒れしやすいならカミソリ処理は辞めるべき 10 years ago සිරාගෙ කාමරේ මාටින් මුදලාලි 10 years ago ශම්මිගේ සිහින ක්ෂිතිජය මේවා එයාලගේ වැරදි 10 years ago විලක්කුව හිතුවෙවත් නැති දවසක අනේ නෑ බය වෙන්න එපා දේශපාලනේ නෑ 10 years ago taboo subjects සාමාන් යයෙන් නොකියන කතා පිරබාහරන් හා විජේවීර pirabaharan and wijeweera 10 years ago සම්මතයෙන් ඔබ්බට කෑම කියා අප වහ කනවාද 10 years ago raj අවුරුදු අඬ හැරේ 10 years ago මගේ හද ගැස්ම කවි දිනය බස්රියේ සිට 10 years ago වෙද ගෙදර සිරිපා අඩවියේ ප් රවීණ විද් යා ආචාර්යවරියකගේ අත්දැකීමක් 10 years ago thoughts of yasith යසිත්ගේ සිතුවිලි කැපවීම උනන්දුව සහ කාලෙකට පස්සේ 10 years ago සුදු මහත්තයාගේ blog අවකාශය blogger s ලා ඒ මොක්කුද බං 10 years ago podi kumarihami අම්මාවරුනේ 10 years ago රස් තියාදුකාරයා සිතුනොත් ඔබට 10 years ago unsaid නොකී දෑ 10 years ago අරුණෝදය win rar full 10 years ago කුරුටු ගෑ ගී පොත සදානන්දකර වූ 27 11 years ago ලංකාප් රියගේ සිතිවිලි බත් එකේ හූනෙක් සහගහන අපරාධයක් මරාපියව් උයපු එකා මිනිස්සුත් එක්ක 11 years ago රනා ලියන බ්ලොග් මම ෆෝන් එකෙන් ෆේස්බුක් නොයන්නේ ඇයි y no facebook 11 years ago තරු අරණ බුදුරජාණන්වහන්සේ අංගවිකල කළ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා බෞද්ධ සංස්කෘතිය 11 years ago reargate sahampathi thoughts අකුරැස්සේ ගමන 11 years ago ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ශ් රී ලංකාව කියන රාජ් යයේ නම සිරස කියලා වෙනස් කරමුද 11 years ago softwares and utilities මෘදුකාංග එකතුව හඳුන්වාදෙන windows 10 සහ windows 10 හි සංස්කරණ 11 years ago චන්දනගේ සටහන් මෙම බ්ලොග් අඩවිය වසා දැමේ 11 years ago ආගිය කතා අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම 11 years ago a2z news4u how to upgrade processor without any sotware by rizwan basharat 11 years ago පුංචි කුමාරිහාමිගේ වලව්ව ඉර්මා ආත්තම්මගේ අනාවැකි 11 years ago හසරැල්ලක් මරණ බිය going solo 12 11 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era 12 years ago යාමය පාළු තේ කම්හල 12 years ago සිත්තරීගේ තෙලිතුඩින් අළුතින්ම එළිදකින මගේ සිතුවම 12 years ago තරියාගේ කෙරුවාව ඔබෙන් සමුගනිමි 12 years ago කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව ෂිට් හැපන්ස් shit happens දේව සාපය ලද මාරක ගමන 2 වන කොටස 12 years ago සරාගේ ලෝකය මග මරුවෝ 12 years ago නෙතින් එහා nethineha club 12 years ago නෙළුම් විල තොරොක්කෝව 12 years ago ගැමියාගේ පත් ඉරුව ගැහැණු ලොවක සිරකරු 14 කොටස 12 years ago ඝනකම් අඳුර the thick dark මතක බණ recollection 12 years ago සිහින සිත්තම් නුඹයි මගේ කවිය 13 years ago සමනළ ගීතය දෑසින් ඇඳි සිතුවම් 13 years ago අකල් හි වට සිතුම් වැසි පෙම්වතියට වස පොවා සරසවි සිසුවා සියදිවි නසාගෙන 13 years ago සොඳුරු ඉසව්ව විලක පිපෙන දහසක් මල් අතර 13 years ago අසරණයා මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ spellbinder 13 years ago හද ගැස්ම යතුර වෙනුවට 13 years ago තරූගේ ලෝකය ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය 13 years ago anusha blog රත්ගමයා ඉසව්ව ඇනෝනිමස් ආතල් show 25 show all featured posts social icons ads 468x60px recent comments widget avg threatlabs simple theme powered by blogger
|