Meta tags:
Headings (most frequently used words):
sunday, 2017, 2020, 2019, september, may, saturday, june, 2021, friday, august, 04, wednesday, monday, 12, අඩ, දිගටම, සින්ඩරෙල්ලාගේ, සපත්තුව, 26, january, 10, 21, thursday, april, 01, february, 02, december, 18, 05, july, 23, 2018, tuesday, 14, 13, 07, යාළු, මිතුරු, මංවත්, නොදන්න, මං, හිතට, එන, දේවල්, නෑ, ගමන්, යන, තැන්, රූබරිය, අතහරිමි, ඔබ, තවම, ඔබමද, මුහුදු, රැළි, දිග, සාය, වයිරස්, ගොඩකි, කාලය, නාම, පදයක්, ඔයාට, ඔයා, කියන්නද, සිනාව, තදකර, සිත, බිඳුණු, හඳ, නතරවෙමි, ලියුම්, දෙකයි, අමාරු, ප්, රශ්න, අහන, එක, වැරදිද, මහත්තයෙක්, කෙසේ, පැවතිය, යුතුද, ඇපල්, දිගටෝම, ලඟට, ආවොත්, සරා, සඳ, මම, අන්ධකාරය, හිමි, සුකුරුත්තන්, දඬුවම්, සැළසුම්, කපුටෝ, ඇලෙන, සුළුය, පිපාසිතය, නින්දිතය, අවසන්, කපුරු, පෙත්ත, මොකද්ද, බං, කවිය,
Text of the page (most frequently used words):
rasi (26), posted (25), ago (18), comments (16), years (15), ඔයා (15), මල් (13), ඔබේ (12), අපි (11), තියෙනවා (10), ගිලී (10), කවි (9), #august (9), comment (9), මගේ (8), september (8), එයා (8), තවමත් (8), නැත (7), විසින් (7), ගැන (7), july (7), february (7), යන්න (7), අවසන් (7), ඇති (7), තිබුනා (7), නැහැ (6), නම් (6), හිස් (6), වෙලා (6), january (6), june (6), may (6), 2017 (6), එයාට (6), රේමය (6), මෙන් (6), පවා (6), කියන්න (6), ඔයාට (6), හුඟක් (6), අපේ (5), වෙත (5), කෙනෙක් (5), april (5), 2020 (5), කවිය (5), දැන් (5), sunday (5), දිගටම (5), රශ්න (5), කළා (5), ගියා (5), නමුත් (5), කතා (4), ගිය (4), වුනා (4), december (4), 2019 (4), ආපහු (4), නෙමෙයි (4), කෑලි (4), කියලා (4), නේද (4), පැමිණ (4), මිස (4), ඉන්න (4), එහෙත් (4), අත් (4), මෙනි (4), සිත (4), රේම (4), නැති (4), පිටු (4), පොත් (4), කරන්න (4), චිත් (3), බලන්න (3), ඔබට (3), නාමල් (3), රන් (3), පාරක් (3), සොයා (3), වගේ (3), පහන් (3), කාලය (3), ලෙස (3), කෙටි (3), pdf (3), star (3), wars (3), master (3), apprentice (3), signed (3), ඇස් (3), කතන්දර (3), බ්ලොග් (3), පටන් (3), හිටියා (3), october (3), november (3), march (3), රූබරිය (3), 2021 (3), මොකද්ද (3), දෙන්න (3), කිව්වා (3), ඉහළට (3), ගත්තා (3), හිටියේ (3), අන්තිම (3), කපුරු (3), හදිසියේ (3), මොහොතක් (3), සුළුය (3), වටක් (3), ඉලිප්පෙන (3), තටාගයක (3), සැලසුම් (3), මොනවාද (3), සෘතුවේ (3), දිග (3), කුඩා (3), ලකුණු (3), කියවන (3), බොහෝ (3), හැම (3), පැහැ (3), මැව්වෙ (3), කරනවා (3), වුනත් (3), බිඳුණු (3), කියා (3), පදයක් (3), තවම (3), සිටියා (3), ඔහු (3), සිනාසුනා (3), කවදාවත් (3), කියල (3), අහල (3), සමනල (2), සංධ්වනිය (2), බැලුවා (2), හරිම (2), හිතට (2), හැකි (2), අඩවිය (2), පන්තියේ (2), මුහුණ (2), අවසාන (2), වචන (2), මගේම (2), පොද (2), පෙත්තේ (2), ලියලා (2), හදවත (2), නොවේ (2), විය (2), විට (2), කොටසක් (2), නිල් (2), නුඹ (2), ගානේ (2), කමක් (2), ඉවර (2), වෙනතුරු (2), බලා (2), හෙමින් (2), months (2), ජීවිතයේ (2), සිට (2), ඉහළින් (2), කඳු (2), කවුළුවෙන් (2), ebook (2), download (2), autographed (2), copy (2), කළුවර (2), විවිධ (2), විදියට (2), ඉහලට (2), ඇනෝනිමස් (2), ආශ් (2), ඉතා (2), දැඩි (2), sahampathi (2), thoughts (2), තබන (2), ගත් (2), ගමන (2), ආතර් (2), ජෙම්මා (2), ෆාද්රේ (2), හොඳින් (2), long (2), from (2), නෙවෙයි (2), කරන (2), 2018 (2), දේවල් (2), posts (2), ලියන්න (2), පව් (2), එක්ක (2), හිතෙන්නෙත් (2), දවසක (2), අහුලලා (2), ඇවිත් (2), තිබුණා (2), හර්දේ (2), කෙලින්ම (2), තමයි (2), වැටෙයි (2), ඉගෙන (2), හිමි (2), කාලෙම (2), තනියම (2), සුදු (2), සුදුම (2), අඳින (2), මතක් (2), කලාට (2), ඉවකර (2), පිණිස (2), වහා (2), වුව (2), හඬක් (2), සුළඟට (2), බැස (2), සිසිර (2), ඇලෙන (2), පිපාසිතය (2), නින්දිතය (2), ඉන්නද (2), යුතු (2), හෙයින් (2), උන් (2), කපුටෝ (2), එකම (2), අවර්ණය (2), පෙති (2), කල් (2), සුවඳ (2), ඇවිදින (2), රේමයේ (2), saturday (2), වෙහෙසී (2), සුකුරුත්තන් (2), සරා (2), monday (2), දිගටෝම (2), දුක් (2), ගන්නවා (2), දෙසවන් (2), හිඳිමි (2), අවේලාවේ (2), ඇපල් (2), ඉතින් (2), ගැඹුරු (2), වදනක් (2), මිහිරි (2), හැටි (2), කෙරේ (2), කෙසේ (2), පැවතිය (2), පිපී (2), ඇත්නම් (2), දනිමි (2), මහත්තයෙක් (2), අමාරු (2), අහන (2), වැරදිද (2), උත්තර (2), තියෙන (2), අන්තිමට (2), මගෙන් (2), පාට (2), යනවා (2), කියන්නද (2), හරි (2), හරියට (2), කාලේ (2), friday (2), ලියුම් (2), දෙකයි (2), නතරවෙමි (2), පිරෙයි (2), හිඳ (2), අඩු (2), wednesday (2), අයුරු (2), සිනාව (2), තදකර (2), පමණක් (2), නාම (2), වෙන්න (2), වයිරස් (2), ගොඩකි (2), කියන්නේ (2), පත් (2), පරණ (2), මුහුදු (2), රැළි (2), සාය (2), අන් (2), සොහොන් (2), වෙන්නද (2), ඔබමද (2), රැගෙන (2), නොබෝ (2), වාරයක් (2), එක් (2), බොරු (2), අතහරිමි (2), කාලයද (2), ඉන් (2), නොකළ (2), කෝප්පය (2), යුතුයි (2), වෙලාවක් (2), තිස් (2), ඉන්පසු (2), ලියූ (2), දෙයක් (2), කිව්වට (2), කියවන්න (2), මාව (2), ආදරේ (2), එයාගේ (2), මාස (2), අදහන්න (2), එයාව (2), සිරුරක් (2), තියෙන්නේ (2), රහසක් (2), ආවේ (2), කරලා (2), සුරේන් (2), සින්ඩරෙල්ලාගේ (2), සපත්තුව (2), picture, window, theme, powered, blogger, ලස්සනයි, පුංචි, සිද්ධියක්, ලස්සනට, ගොතලා, වේදනාව, දනවන්න, සිත්තමක්, හදලා, සම්පූර්ණ, රපටියම, පසුබිම්, සංග, සිහින, දකින්නියකගේ, සාතන්ගේ, father, වනමල්wildflowers, days, 1987, වසරේ, මාතර, රාහුල, විද්, යාලයේ, සාමාන්, පෙළ, විභාගයට, දෙන, පාසල්, වසර, පන්තිභාර, ගුරුවරයා, වූයේ, සිංහල, භාෂාව, සාහිත්, කවිරත්න, සර්, ගෞරවය, ආදරය, ටැක්සි, නපුරූම, නපුරුයි, ඇයි, අනේ, විදිහට, නපූරු, රිද්දවන්නේ, අහිංසක, සුසුදු, සියුමැලි, අම්මා, සම්බෝ, මහගෙදර, ඇත්තෝ, චෝදනා, නොහැක, අතැර, සෝදුකට, සැබවින්ම, සෝකයක්, දැණුනෙ, සිතට, වත්, ඔබේවත්, ඉදින්, කුමකට, තැවුල්, ගන්නෙම්ද, විරහ, පබඳින්නෙ, කුම, අනිත්, නිමිති, තුහින, රිදී, දෝළිය, නොහැකි, වුණ, තිබියද, සුදුසුකම්, අපමණ, දිනූ, ආඩම්බරයෙ, මුතු, දෙපෙල, දියමන්ති, යුගල, දිගු, ගෙලට, නොසිදුවීම්, nonevents, පින්තූරයේ, අයිතිය, pradeep, kirindage, සතුය, ඇවිදින්නෙකු, බෙදා, ගත්තාට, පාර, නිකමට, ගඟට, කැපූ, ඉනි, ගංදියෙ, පාවෙනවා, උනිමි, පළගැටියෙකු, විලසින්, දැල්ල, වෙතම, ඇදුනි, මහාමෙරක්, උසට, තිබුනු, සෙනෙහස, හෙමි, ලිහුනි, හදේ, කොනක, සුව, ආයේ, පතමි, දුකා, වෙහෙසවන්නාවූ, උසුලන්නාවූ, මිනිස්සු, සහනය, දෙවියන්, යාමට, මත්තෙන්, කර්කෂවූ, මහපොළොව, යම්තරමක්, සැපතක්, විඳීමට, දරණ, අරගලය, ජීවත්වීම, රෙදි, වැලක, වැනෙන, සෞන්දර්යය, විපරීත, මිනිස්, සමාජයක, අව්, යාජ, පිළිඹිබුවක්, සටහන්, රල්, අහස, වළා, කෙන්දක්, කන්දකට, පාවේ, බස්, රියක්, ඇදෙයි, නොලියු, කවියක්, කීතු, ඈතට, පියාඹයි, දූවිල්ල, දුමා, අජිත්, හේරත්, කැටපත්, පවුර, j71299, image, book, autogr, j72199, පෙනෙන, ගත්තු, ඉඳලා, අවස්ථාවල, රාඨමික, පාසලේ, සිදුවුණු, සිදුවීම්, හෝඩියේ, පහේ, පන්තියෙන්, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, අවසානය, end, era, වර්තමානයේ, කමෙන්ට්ස්, රයෙන්, ලියන්නන්, ලියන්නියන්, හාස්, ලක්, කිරීමත්, ඔවුනට, පුද්ගලික, මට්ටමෙන්, පහර, ගැසීමත්, සිදුවනු, දකින්නට, ලැබේ, රස්තවාදයට, එරෙහි, වෙමු, පහත, දැක්වෙන්නේ, සහම්පති, මහා, රහ්මයා, අකනිටාවේ, බ්ලොගයේ, අකුරැස්ස, සංචාරය, සටහනකින්, උපුටා, පින, අකුරැස්සේ, reargate, ඒත්, දවසක්, මිටියකින්, ගසා, විනාශ, මැට, ලොව, යම්, තැනක, ඉඳීම, nobody, edge, අරුණල්ලේ, මියෙන්නට, තතනයිමේ, අන්ධකාර, පොරොත්තුවේ, රාත්, රියබලා, සිටීමෙන්, වෙහෙසවූ, නෙත්, පියවුණු, මොහොතකඔහු, පැමිණුනොත්, යැයි, සලිත, වෙයි, සිතඅනේ, මිතුරනි, geethanjali, been, creating, this, emotional, hell, for, time, making, all, just, imagining, you, distance, far, away, land, while, exile, sinc, glimpse, alone, the, dark, හිතවත්, මාල, හොරා, හොරෝ, දන්නවද, දවස, කොච්චියවල, මනුස්සයෙක්, කෝච්චි, වලට, අකමැති, හින්දා, කෝච්චියක්, මඟදි, කැඩුනොත්, මොකද, ලියුමක්, abnormal, minds, ගමන්, තැන්, 128, 2010, 2011, 2012, 2013, 132, 2014, 2015, 2016, view, complete, profile, මංවත්, නොදන්න, යාළු, මිතුරු, subscribe, atom, home, older, අසනීපයක්ද, හිතෙනවා, වෙන, මොකටවත්, කියපං, ඒවායින්, වැඩක්, ඔන්න, ඔව්වයි, විස්තර, නැත්නං, රැඳෙන්නත්, ආයෙ, ඉහළ, දෙන්නෙත්, ඉල්ලන්න, දූලම, දෙන්නයි, සින්නක්කර, ඉල්ලපු, ඔයාම, තියාගන්න, මිනිහ, දුන්නා, දුන්න, කොහෙන්ද, මිනිහෙක්, දැනගත්තෙත්, එතකොට, මටත්, වස්තුවක්, මොකෝ, හිනාවෙන්නේ, වස්තුවත්, තුවාළයි, බිඳුම්, ගොඩයි, බිමම, හිල්, වුනානේ, විමානේ, කුණාටුවක්, රිදෙයි, පහළ, ගියාම, හිතනවා, අම්මයි, තාත්තයි, මැරුණ, හම්බුනානේ, පස්සෙ, කාර්, එකක්, බැන්දෙ, පැනල, ගියාද, බොදු, ගොවි, ඉඩම්, බැන්දා, කට්ට, කලුවෙලා, තට්ට, කොහෙද, යන්නේ, සුදුනි, ඔබෙ, හිතත්, අනං, මනං, වගයක්, ලිව්වෙ, ගීතානි, යාළුවෙලා, වාරෙ, ගණන්, උගන්නන්න, ආවෙ, පැයක්, තිස්සේ, මාන්සි, ලිව්ව, නොවෙන, සැනහෙනු, අත්ල, නිමී, පසුවද, දල්වමි, පෙත්තද, යායුතු, නොනගා, ගිලිහෙණු, රුචිව, ළදැල්ලක්ව, රාණවත්ව, ඉබේ, නැළවෙන, බොඳවූ, රයක්, යටිකුරු, සෙවනැල්ලක්ව, පොකුණ, තුළ, ගිලීහුන්, පමාවී, හිරු, කිරණ, සෙමෙන්, පෙත්ත, පෙම්වත, සෞම්, රාගන්විතය, ශෝකාන්විතය, සන්ධ්, යාව, මධ්, යාහ්නය, පැහැදිළිය, මනස්කාන්තය, බිඳෙන, අරුණෝදය, දෙඅදර, රඳවා, මඳහසක්, සපථ, වෙමි, පිළිස්සෙන්නට, දැල්වෙන්න, අමතර, හැකිවේනම්, නොගයා, ගීතය, නොඇඳ, පටන්ගත්, සියලු, දෙය, කළු, කැත, සත්තු, කුරුල්ලන්, නෙමේද, ගල්, කැබළි, විසිකර, එලවමි, දිය, බොති, බඳුන්, තබමි, කුරුල්ලන්ට, හරව, හරවා, අඳිනු, කපු, ගවුම, ලොම්, ඇඳුම්, අපට, මහත්මයා, මුළු, දිවියම, මහත්, ඒකාකාරීය, මහත්මිය, සමන්, වස්සාන, රෝස, ගිම්හාන, සැළසුම්, සොඳුරු, දඬුවම, නොහැඟේ, අදිසි, වෙන්නට, තනන, අරන්, රැඳෙමින්, සිරස, හලන, වැටක්, හිඳිමින්, වාරු, කරගනු, සෙල්, ටැඹක්, වෙනු, පතමින්, ස්නේහය, සිහිනෙකින්වත්, නොලැබෙන, දෙපයට, පෑගෙන, සැනහෙන, ගොළුවකු, හැසිරෙන, මිහිරිතම, වදන්, ගිලගෙන, අන්ධයෙක්, එවන, ලිපි, යාකරණ, දෝෂ, බහුල, අක්ෂර, වින්, යාස, රශ්නයාර්ථ, නොනගන, විස්මයාර්ථ, විටෙක, නොකියවා, ඉවතලන, දඬුවම්, තියේදැයි, අමතකවී, තාරුකාවක්, බිම, වැටි, පරවූ, දිළිසී, මනරම්, රැයෙහි, ඈත්, මෑත්, සොයමි, යතුරු, කිළිටි, නෝට්ටු, තොල්, අඳුන්, කූරු, පසුම්බිය, දිගහැර, අන්ධකාරය, ලඟට, ආවොත්, tuesday, ඉතිං, කළුවරයි, සිය, නිමනු, වලාකුළු, සයුරට, මැදිව, සීතලෙන්, ඇකිලී, පොරෝනාවද, කියනවා, වැනි, නාඬන්න, රත්තරං, තවත්, පලක්, නිදි, වරා, දරා, හුස්ම, ඉතාම, සියුම්, හඬකින්, තාරුකා, දැල්වී, නුබ, ගැබ, කඳුළු, යොමා, අසා, අවදිවී, රැයකම, දිනකම, මහද, වැළපිණි, පුන්, යවන්තයෙනි, පාපයේ, සළකුණු, මැකුනි, සියල්ල, යහපති, මැහුම්, යෙදුනි, හර්දයේ, පැල්මට, අඩි, සේදුනි, වැසි, වැටුණි, තබා, ඝනී, භවනය, හුස්මක, නිහඬතාවය, කාළ, වර්ණ, රකුසෙකු, දොඩන්නට, සුසර, කරවන, ගීයක්, අහන්නට, පිරියක්, නොමැති, සිතා, හිඳින, යුතුදැයි, ඉවෙන්, හැඟේ, දීර්ඝ, වකවානුවල, කිසිදු, මලක්, නොපිපෙන, අලුත්, පෙමකට, ඉඟි, වේනම්, දම්, සාංකාවෙන්, බිඳී, රේමයෙන්, රත්, වැටෙන, වැලෙහි, වෙසෙන, හුදෙකලා, කුටියේ, යුතුද, හිනායන, විහිළු, පත්තර, බැල්කනියක්, සහිත, වහළක්, සෝලා, තැටි, යෙදූ, එහේ, මෙහෙ, වැලක්, කඩුල්ලක්, නිතර, වල්ගය, සොලවන, බල්ලෙක්, දුඹුරු, උත්තරත්, දෙවියොනම්, අඬන, එකත්, දෙවියොමද, හිනාවෙන, දෙවියො, සේරම, ඊයේ, අදක්, හෙටක්, තියේද, හිනාවෙනවා, ලියනවා, සිල්, ගන්නැද්ද, අහනවා, මස්, මාළු, නොකා, බිත්තර, කනවා, අරිනවා, දිව්, ලෝකවල, කඩම්, පන්සල්, භාවනා, වයසෙ, ගෑණු, පරුෂ, සද්දෙට, කොහොම, දන්නවා, බොන්න, ගෑණුන්ට, විස්කි, තිබුනත්, රශ්නම, මිසක්, මිනිස්සුන්ට, කඳුත්, වතුර, කුණු, අස්සේ, සන්, ෆ්ලවර්ස්ලා, මැරෙන්න, කලින්, කීපාරක්, මළාද, කපුගේ, අතරමං, පිට, පිටම, සිංදු, ගත්තම, වශී, අමරසිරි, ගැයූ, ඇඟිල්ලක්වත්, අල්ලන්න, නොලැබුණ, පැරණි, වගතුග, ඇහුවනෙ, දෙක, ළඟින්, ඉදිරියට, යෑම, වෙහෙසකි, සබඳ, යළිත්, නොලියවෙනු, බැවින්, එවන්නෙමි, පෙම්, නොපොව්වන, තරම්, දුරින්, මධු, රැඳුණ, බඳුනක්ය, ජීවිතය, නික්ම, යනවිට, කහට, ඉතිරිකර, බිතෙහි, ඉබාගාතේ, සැරි, සරයි, හඳක්, මිනිස්සුත්, පොළොවටම, චන්දයක්, ඉවරවී, සිංහලුන්ගෙන්, ලිමිට්, කූල්, ප්ලැනට්, පමුණුවේ, පෝලිම්, හැදෙයි, එන්නෙ, ජනවාරි, බිහිරි, ඇසෙයි, කොත්තු, සංගීතයක්, පවුල්, පිටින්, දියත, උයනේ, ඉරිදාට, පාඩුවේ, දුම්, වැටියක්, උරයි, ෂාරුක්, ගසක්, ඩික්සිත්, සොලවා, රඟයි, වීඩියෝවක, සිටින, සඳක්, කන්, දෙපැත්තේ, විළවුන්, තවරා, ඇහිබැම, සකසා, සෝදා, ජීවිතයට, අදින, කතාකරන්නද, ඉඳන්, හෙලූ, පොරෝ, පහරක්, අවකාශය, සාගරය, අවසානයක්, ගැන්මක්, විඳිමින්, රිදුමට, රිදුමද, සමට, සමද, ආලිංගන, පෙම්බරය, එහෙයින්, කිසිවෙකු, නොදකියි, දෙපලු, රුධිරය, නොගලයි, මුල්, සුවිශේෂී, සුවඳක්, අහම්බයකි, කෙනෙක්ද, කිසිවක්, රැඳී, විදා, බදා, ගත්තත්, රියා, නොවන, සතුට, යනු, මිසක, සංතෝෂ, දිනවලට, වඩා, වැඩි, කණගාටුවෙන්, ගෙවුන, දවස්, ආපසු, භාරදිය, ඉල්ලාගත්, දිළිසෙන, පියාපත්, පුරවා, සතුටු, මීවිත, නිස්සාර, හැඟෙයි, පිළිතුරු, නොදෙන, කොයිතරම්, හදවත්, යැව්වත්, දිනෙන්, දින, මුනිවත, රතන, සූත්, සූරයි, කිමද, දුර, ලෝකය, ඇටයක්, පමණි, කැස්සක, නොනගින, කාලයම, තැපැල්, පෙට්ටිය, ශීතකරණය, පිරී, තිබුනද, හේතු, ඇතුව, සියොතුන්ට, සියොතුන්, අහසද, ඇඳිරි, නීතිය, නොසළකයි, මහලු, මරණය, තබයි, මුස්පේන්තු, සුළඟක්, තරමටම, නිහඬ, නගරය, thursday, කොළ, හුළඟට, ඉඳගත්තට, ඔයාගෙ, ජර්සිය, සනීපයි, හවසට, තරමක්, සීතලයි, තුරු, හූල්ලන, හඬට, අහගෙන, ඉන්නව, වැටෙනකොට, පුටුවට, දකුණු, පැත්තෙ, ජනේලෙ, අව්ව, වැටෙනවා, කුප්පිය, ඩෙබියුටාන්, බිංදුවට, හිඳුනු, විසි, ලාච්චුවක, අමතක, ඉමිටේෂන්, වළලු, ටික, පිරෙන්නම, දමාපු, අල්මාරියේ, පැත්තක, ඉස්සර, ආසම, දෙසක, එහෙම, නැත්නම්, ඔබගෙද, ඉඩක්, දෙනවද, වතාවටවත්, මෙතෙකින්, නිම, සංසාරයේ, තුරුළු, සනහනවද, නැලවිල්ලක්, අත්ලට, හෙමිහිට, සුන්බුන්, පතිත, උල්කාවක්, නොදිළී, හිතුනම, දිනකින්, අත්හරිමි, මුදු, සුමුදු, දහස්, සිතින්, පෙම්කළ, වරක්, දිගුකළ, පිපෙණු, නැගෙනු, එයින්, පසුවත්, හඬනගා, හිනැහෙමි, විහිළුවක්, පමණටත්, වැඩියෙන්, මුණ, ගැහෙන්නට, අන්තිමම, දිනයටත්, උදය, අවසන්ව, දහවල්, අනතුරුව, සවස්, සෙවනැලි, දිගුවී, සිහින්වී, අඳුරට, මුසු, ලංව, වටා, කුහුඹුවන්, රාශියක්, රොක්ව, වෙලාවකින්, අඳුර, වැටෙනු, නොපමාව, දැල්විය, නිසලව, අප්, රාණිකව, මෙතන, සිටිනු, සිහින්වට, රිදෙමින්, හඬදෙමි, පාද, ජාලාවක්ව, සරහන, හැමවිට, ගෙවත්තෙහි, ඩබල්, එක්ස්, එල්, මීඩියම්, සොඳුරිය, බියව, වසකට, පසුද, යතැයි, ගවොම, දණතෙක්, එකළ, හැඳි, පහළොව, රූස්ස, කැළයට, ධනයද, ඉසුරද, සැකයද, පැන්, වඩයි, මොටෙයියන්, ඇදෙන, නියං, සමයෙක, නොකියවන, රියාවිය, දොළහ, අරමුණක්, නැතිව, බලාගත්, බලාගෙන, නැගිට, කාමරයට, වෙව්ලන, දෑතින්, පොතක්, පෙරළුවා, ගැහැනුන්, ලියනවායයි, සිතාගෙන, මෙතෙක්, අතින්වත්, නෑල්ලු, ගණනාවක්, අතරින්, පොත, කියවාගෙන, තැනවත්, නොඅසා, පිටවී, නිහඬව, ඇත්තම, කිව්වොත්, නැතුව, තමුන්ට, ඇත්ත, ඉතිරි, තියේනම්, හොයාගෙන, දෙනෙකුට, දෙනෙක්, එයාටත්, ලිව්වේ, විතරයි, ඕනි, අවස්ථාවක්, දුන්නෙ, ඕනිවුනේ, අන්න, වෙලාවට, ගොතගැහුවා, ම්ම්ම්, සමහරක්, කියෝලා, තියෙනවද, ඇහුවා, පසුව, අසුනින්, නැගිට්ටා, පසෙක, තැබුවා, හයක්, විනාඩි, කීයක්ද, සුසුමක්, හෙලුවා, තදින්, ගැඹුරින්, පාරටම, වැහි, ලකුණක්, අහසට, අකුණක්, පාත්වුනා, පත්තරේක, මැරුණා, පුලුවන්ද, මැරිලත්, හයකට, පස්සේ, දෙස, භුමදානේ, වැඩිමහල්, සහෝදරයෙක්, හිටි, නිසා, ආදාහනේ, ලැබුනේ, හඬින්, කියෙව්වා, මැරුණයි, දැනගත්තම, බැරුව, දන්නා, මැරිලා, කෙනෙකුටම, මරණ, ගෙයක්, සොහොනක්, තරමින්, අළු, බඳුනක්, ඉඳල, තරහින්, දැනුයි, තේරෙන්නේ, සම්බන්ධව, තරහකින්, තරහට, හේතුව, සාරියක්, ඇඳගෙන, රූමත්ව, යහපත්ව, තේරෙනවා, අහලම, දැනිලා, ජීවිතේ, නොකියපු, තේරිලා, එහෙනම්, සැර, වැඩිද, වරදවා, වටහා, ගන්න, එපා, කණගාටුව, රකාශ, අතර, සම්බන්ධයක්, ඉක්මනින්, දෙපැත්තකට, විසිරිලා, ආයෙම, මුණගැහුනේ, මෑතකදී, නිකම්ම, නිකම්, යාළුවන්, හරිනම්, මෙතනදී, පසුබැසිය, ශෝකයෙන්, කිව්වත්, බලාගත්තා, හදිසියෙන්, ආරංචි, වුනේ, ගමන්මයි, අසනීපයෙන්, හිටියයි, හිතුවා, ලඟක්, වෙනකන්ම, පුදුමයක්, පහළට, වැටිලා, නිතරම, අපහසුවෙන්, ඇත්තද, කිට්ටුවෙන්, නැවතත්, හ්ම්ම්, කීවා, ගණනකට, නොගත්, අයුරින්, එක්කලා, කැම්පස්, නිල්මිණි, මදෙස, බැලුවේ, අහක, බලන, පාසා, ඇගේ, සොයන, වැටහුනා, කරමින්, සිටියේත්, එයමයි, සිහින්, තිබු, තරුණ, රූමතියක්ව, සිටින්නට, ඇතැයි, හඟවන, සලකුණු, ශේෂව, පැමිණියේ, උදෑසනක, තේකොළ, මැකී, පෙරාතුව, එකිනෙකාට, වාඩිවී, සිටියේ, කෝප්ප, දෙකකුත්, සමග, සපත්තුවයි,
Text of the page (random words):
මහ ඉහළින් කතා කළා ඒක පුදුමයක් නෙමෙයි මම කවදාවත් පහළට වැටිලා නැහැ මම හිතුවා හරි ඒ කියන්නේ ලඟක් වෙනකන්ම දෙන්න කතා බහ කරලා තියෙනවා මට හදිසියෙන් ආරංචි වුනේ ඒ ගමන්මයි මම මේ ආවේ එයා අසනීපයෙන් හිටියයි කියල කවදාවත් මට කියල නැහැ ඔයාට කිව්වත් කරන්න දෙයක් නැහැ නේ අපි එයාව හොඳින් බලාගත්තා හරිනම් මෙතනදී ඇය පසුබැසිය යුතුයි නමුත් ඇය සිනාසුනා ශෝකයෙන් මාව වරදවා වටහා ගන්න එපා මම ආවේ කණගාටුව ප් රකාශ කරලා යන්න ඒ කාලේ අපි අතර ප් රේම සම්බන්ධයක් තිබුනා තමයි නමුත් ඒක ඉතා ඉක්මනින් ඉවර වුනා අපි දෙපැත්තකට විසිරිලා ගියා ආයෙම මුණගැහුනේ මේ මෑතකදී නිකම්ම නිකම් යාළුවන් විදියට මම කතා කළා සැර වැඩිද මට තේරෙනවා මම ඔයා ගැන අහල තියෙනවා අහල තියෙනවා කිව්වට අහලම නෙමෙයි දැනිලා තියෙනවා එයාගේ ජීවිතේ මට නොකියපු රහසක් තියෙන බව තේරිලා තියෙනවා එහෙනම් ඒ ඔයා මම ඉඳල තියෙන්නේ තරහින් දැනුයි මට තේරෙන්නේ රහසක් සම්බන්ධව තරහකින් මේ තියෙන්නේ තරහට හේතුව ලා නිල් පාට සාරියක් ඇඳගෙන තවමත් රූමත්ව තවමත් යහපත්ව එයා මැරුණයි කියල දැනගත්තම මට අදහන්න බැරුව ගියා මම දන්නා හුඟක් අය මැරිලා තියෙනවා ඒ හැම කෙනෙකුටම මරණ ගෙයක් තිබුනා මළ සිරුරක් තිබුනා සොහොනක් තිබුනා අඩු තරමින් අළු බඳුනක් තිබුනා ඇය බිඳුණු හඬින් කියෙව්වා අපි එයාව භුමදානේ කළා එයාට වැඩිමහල් සහෝදරයෙක් හිටි නිසා ආදාහනේ කරන්න ලැබුනේ නැහැ මම කිව්වා ඇය මොහොතක් මා දෙස බැලුවා එක පාරටම වැහි ලකුණක් නැති අහසට අකුණක් පාත්වුනා වගේ පත්තරේක තියෙනවා එයා මැරුණා කියලා අදහන්න පුලුවන්ද මැරිලත් මාස හයකට පස්සේ ඇය සුසුමක් හෙලුවා තදින් හා ගැඹුරින් මාස හයක් විනාඩි කීයක්ද ඉන් පසුව අසුනින් නැගිට්ටා අවසන් නොකළ තේ කෝප්පය පසෙක තැබුවා ඔයා කවදාවත් එයාගේ කවි පොත් කියෝලා තියෙනවද මගෙන් ඇහුවා මම ගොතගැහුවා ම්ම්ම් සමහරක් පොත් ඇය සිනාසුනා ඔයා මට බොරු කිව්වට කමක් නෑ තමුන්ට ඇත්ත කියන්න ඉතිරි වෙලා තියේනම් ඒ පොත් හොයාගෙන කියවන්න එයා හුඟක් දෙනෙකුට ප් රේම කරන්න ඇති හුඟක් දෙනෙක් එයාටත් ප් රේම කරන්න ඇති නමුත් එයා කවි ලිව්වේ ඔයාට විතරයි එයාට ඕනි වුනා ඔයාට හුඟක් දේවල් කියන්න නමුත් ඔයා එයාට අවස්ථාවක් දුන්නෙ නෑ එයාට මාව ඕනිවුනේ අන්න ඒ වෙලාවට ඔයා ගැන කියවන්න ඔයාට ආදරේ බව කියන්න ඔයා ආදරේ නැති බව කියන්න මා නිහඬව බලා සිටියා ඇත්තම කිව්වොත් කියන්න දෙයක් නැතුව ඉන්පසු ඇය හදිසියේ පැමිණ හදිසියේ පිටවී ගියා ඔහු සොහොන් කළ තැනවත් නොඅසා මා බොහෝ වෙලාවක් අරමුණක් නැතිව බලාගත් අත බලාගෙන සිටියා ඉන්පසු නැගිට ඔහු කවි ලියූ කාමරයට ගියා වෙව්ලන දෑතින් ඔහු ලියූ පොතක් රැගෙන පිටු පෙරළුවා අන් ගැහැනුන් ගැන ලියනවායයි සිතාගෙන මෙතෙක් කල් අතින්වත් නෑල්ලු පොත් ගණනාවක් අතරින් ඒ පොත දිගටම කියවාගෙන ගියා පිටු දොළහ ප් රියාවිය මා විසින් කියවන ඔබ විසින් නොකියවන ලද අපේ ප් රේමය නියං සමයෙක පවා මොටෙයියන් ඇදෙන කළ ඔබ පැන් වඩයි ධනයද ඉසුරද සැකයද යන රූස්ස කැළයට පිටු පහළොව රූබරිය ඔබ එකළ හැඳි දණතෙක් කෙටි කෙටි ගවොම සුළඟට යතැයි තිස් වසකට පසුද තවමත් මා බියව පිටු තිස් එක සොඳුරිය මීඩියම් හි හිඳ ඩබල් එක්ස් එල් ව ඔබ මගේ ගෙවත්තෙහි පා තබන හැමවිට ඔබේ පා සරහන පාද ජාලාවක්ව හඬදෙමි මම රිදෙමින් සිහින්වට උදය කාලය අවසන්ව දහවල් කාලයද ඉන් අනතුරුව සවස් කාලයද පැමිණ තිබුනා සෙවනැලි දිගුවී සිහින්වී අඳුරට මුසු වෙන්න ලංව තිබුණා ඇය විසින් අවසන් නොකළ තේ කෝප්පය වටා කුඩා කුහුඹුවන් රාශියක් එක් රොක්ව සිටියා තව නොබෝ වෙලාවකින් අඳුර වැටෙනු ඇති නොපමාව පහන් දැල්විය යුතුයි එහෙත් මා නිසලව අප් රාණිකව තව බොහෝ වෙලාවක් මෙතන සිටිනු ඇති posted by rasi at 9 35 pm 8 comments sunday january 10 2021 අතහරිමි අන්තිමම දිනයටත් මුණ ගැහෙන්නට පැමිණ ඔබේ අත අතහරිමි පමණටත් වැඩියෙන් බොරු විහිළුවක් කර හඬනගා හිනැහෙමි එයින් පසුවත් මල් පිපෙණු ඇත රළ නැගෙනු ඇත ඒ දනිමි එක් වරක් පමණක් ඔබ විසින් දිගුකළ දස දහස් වාරයක් මා සිතින් පෙම්කළ ඔබේ මුදු සුමුදු අත අත්හරිමි posted by rasi at 11 37 am 4 comments ඔබ තවම ඔබමද තව නොබෝ දිනකින් නොදිළී ඉන්න හිතුනම උල්කාවක් වගේ ඔබ මත පතිත වෙන්නද සුන්බුන් වූ හදවත අත්ලට රැගෙන හෙමිහිට නැලවිල්ලක් කියා තුරුළු කර සනහනවද සංසාරයේ ගමන මෙතෙකින් නිම හෙයින් අන්තිම වතාවටවත් මට ඉඩක් දෙනවද ඔබ තවම ඔබමද මා තවම ඔබගෙද එහෙම නැත්නම් මම අන් දෙසක සොහොන් වෙන්නද posted by rasi at 11 32 am 1 comment friday august 21 2020 මුහුදු රැළි දිග සාය ඔයා ඉස්සර ආසම මුහුදු රැළි දිග සාය තවමත් තියෙනවා අල්මාරියේ පැත්තක අත පිරෙන්නම දමාපු ඉමිටේෂන් වළලු ටික අමතක වෙලා පරණ ලාච්චුවක විසි කළා ඒ කාලෙම අන්තිම බිංදුවට හිඳුනු ඩෙබියුටාන් කුප්පිය තවමත් අව්ව වැටෙනවා දකුණු පැත්තෙ ජනේලෙ ළඟ පුටුවට පත් වැටෙනකොට අහගෙන ඉන්නව මම තුරු හූල්ලන හඬට තනියම තරමක් සීතලයි හවසට පරණ වුනත් සනීපයි ඔයාගෙ ජර්සිය කවි ලියන්න ඉඳගත්තට හිස් කොළ හුළඟට යනවා අන්තිමට posted by rasi at 8 02 pm 2 comments thursday june 04 2020 වයිරස් ගොඩකි කාලය කළුවර තරමටම නිහඬ ය නගරය මුස්පේන්තු සුළඟක් මරණය තබයි මහලු පත් ර මත ඇඳිරි නීතිය නොසළකයි අහසද සියොතුන්ට සියොතුන් කියන්නේ හේතු ඇතුව ය ශීතකරණය පිරී තිබුනද තැපැල් පෙට්ටිය හිස් ය කාලයම වයිරස් ගොඩකි කැස්සක හඬක් හෝ නොනගින ලෝකය අබ ඇටයක් පමණි නම් කිමද ඔබ මේ හැටි දුර රතන සූත් රය සේ සිත සූරයි දිනෙන් දින ඔබ මුනිවත posted by rasi at 2 59 pm 2 comments wednesday april 01 2020 නාම පදයක් කොයිතරම් හදවත් ලකුණු යැව්වත් ඔබ පිළිතුරු නොදෙන විට මට හැඟෙයි ජීවිතයේ නිස්සාර බව පුරවා ගත් සතුටු මීවිත දැන් හිස් වෙන්න ළඟ බව ඉල්ලාගත් දිළිසෙන පියාපත් ආපසු භාරදිය යුතු බව කණගාටුවෙන් ගෙවුන දවස් සංතෝෂ දිනවලට වඩා වැඩි බව සතුට යනු නාම පදයක් මිසක ක් රියා පදයක් නොවන බව අත් විදා බදා ගත්තත් කිසිවක් රැඳී නැති බව ඔබ කියා කෙනෙක් පමණක් නෙමෙයි මා කියා කෙනෙක්ද නැති බව posted by rasi at 6 56 pm 1 comment sunday february 02 2020 ඔයාට ඔයා කියන්නද ඔබ කෙරේ ප් රේමය අහම්බයකි ප් රේමය අවර්ණය සුවිශේෂී සුවඳක් නැත මුල් මිස මල් නැත දෙපලු වුව රුධිරය නොගලයි එහෙයින් කිසිවෙකු නොදකියි පෙම්බරය ඒ දැඩි ආලිංගන සමට සමද රිදුමට රිදුමද අත් විඳිමින් හිඳිමි පටන් ගැන්මක් නැත අවසානයක් නැත සාගරය මෙනි අවකාශය මෙනි හද මත හෙලූ පොරෝ පහරක් මෙනි ඉතින් දැන් ඉඳන් මම ඔයාට ඔයා කියලා කතාකරන්නද posted by rasi at 3 15 pm no comments සිනාව තදකර බලන්න ඔබේ එකම එක වදනක් විසින් මා ජීවිතයට අදින අයුරු හිස් සෝදා ඇහිබැම සකසා කන් දෙපැත්තේ විළවුන් තවරා සරා සඳක් සේ සිනාව තදකර මා සිටින අයුරු posted by rasi at 3 06 pm no comments wednesday december 18 2019 සිත බිඳුණු අඩ හඳ හඬ අඩු කල වීඩියෝවක ඩික්සිත් ඉඟ සොලවා රඟයි ෂාරුක් ගසක් යට හිඳ පාඩුවේ දුම් වැටියක් උරයි දියත උයනේ ඉරිදාට පවුල් පිටින් සූ ගා පිරෙයි කොත්තු සංගීතයක් දෙසවන් බිහිරි කර ඇසෙයි ළඟ එන්නෙ ජනවාරි පමුණුවේ පෝලිම් හැදෙයි නෝ ලිමිට් කූල් ප්ලැනට් සිංහලුන්ගෙන් පවා පිරෙයි චන්දයක් ඉවරවී මිනිස්සුත් පොළොවටම වැටෙයි සිත බිඳුණු අඩ හඳක් ඉබාගාතේ සැරි සරයි posted by rasi at 7 30 pm 1 comment නතරවෙමි කහට රස ඉතිරිකර හද බිතෙහි ජීවිතය නික්ම යනවිට හෙමින් මිහිරි මධු රැඳුණ බඳුනක්ය ඔබ අත නොපොව්වන තරම් මහ දුරින් එවන්නෙමි අවසාන පෙම් කවිය යළිත් කවි නොලියවෙනු ඇති බැවින් ඉදිරියට යෑම වෙහෙසකි සබඳ නතරවෙමි ඔබේ ඇස් දෙක ළඟින් posted by rasi at 7 17 pm no comments monday august 05 2019 ලියුම් දෙකයි ඔබ ඇහුවනෙ මගේ පැරණි ප් රේමයේ වගතුග ලියුම් දෙකයි ඇඟිල්ලක්වත් අල්ලන්න නොලැබුණ posted by rasi at 10 08 pm 1 comment friday july 12 2019 අමාරු ප් රශ්න අහන එක වැරදිද ගී ගැයූ කාලේ අමරසිරි වශී වෙලා හිටියේ අපි එයාට සිංදු කියන්න පටන් ගත්තම පිට පිටම අතරමං වුනා අපි හරියට කපුගේ වුනත් මැරෙන්න කලින් කීපාරක් මළාද සන් ෆ්ලවර්ස්ලා එක්ක ගං වතුර කුණු කඳු අස්සේ ඇවිදින කඳුත් හරි හරියට ප් රශ්නම මිසක් උත්තර නෑ මිනිස්සුන්ට විස්කි තිබුනත් බොන්න බෑ ගෑණුන්ට දන්නවා වුනත් කොහොම කියන්නද පරුෂ වචන සද්දෙට මගේ වයසෙ ගෑණු පන්සල් යනවා භාවනා කරනවා දිව් ය ලෝකවල ඉඩ කඩම් ගන්නවා තද පාට අඳින එක අත් අරිනවා මස් මාළු නොකා බිත්තර කනවා සිල් ගන්නැද්ද මගෙන් අහනවා මං හිනාවෙනවා කවි ලියනවා ප් රේම කරනවා ප් රශ්න කරනවා අදක් මිස හෙටක් තියේද අන්තිමට සේරම ඊයේ නේද හිනාවෙන එක මැව්වෙ දෙවියො නම් අඬන එකත් මැව්වෙ දෙවියොමද උත්තර තියෙන ප් රශ්න මිස අමාරු ප් රශ්න අහන එක වැරදිද ප් රශ්න මැව්වෙ දෙවියොනම් උත්තරත් එයා ළඟ ඇති නේද posted by rasi at 6 49 pm 1 comment මහත්තයෙක් දුඹුරු පැහැ කුඩා බල්ලෙක් නිතර වල්ගය සොලවන ලී කඩුල්ලක් මල් වැලක් එහේ මෙහෙ ගිය සෝලා තැටි යෙදූ වහළක් බැල්කනියක් සහිත මහත්තයෙක් පත්තර කියවන හිනායන විහිළු කරන posted by rasi at 6 39 pm no comments කෙසේ පැවතිය යුතුද ඔබ වෙසෙන හුදෙකලා කුටියේ කවුළුවෙන් ඇද වැටෙන මල් වැලෙහි රත් පැහැ මල් පිපී ඇත්නම් දනිමි ඔබ ප් රේමයෙන් වග කහ මල් පිපී ඇත්නම් ප් රේමය බිඳී සාංකාවෙන් වග දම් පැහැ මල් වේනම් අලුත් පෙමකට ඉඟි වග කිසිදු මලක් නොපිපෙන දීර්ඝ වකවානුවල ඉවෙන් මෙන් මට හැඟේ මා කෙරේ කෙසේ පැවතිය යුතුදැයි සිත සිතා හිඳින වග posted by rasi at 6 24 pm 1 comment sunday september 23 2018 ඇපල් අඩ පිරියක් නොමැති හැටි මිහිරි ගීයක් අහන්නට ප් රේමය සුසර කරවන වදනක් හෝ දොඩන්නට කාළ වර්ණ රකුසෙකු මෙනි ගැඹුරු නිහඬතාවය හුස්මක හඬ පවා තබා ඇත ඝනී භවනය කර අවේලාවේ වැසි වැටුණි ඔබ ඇවිත් ගිය අඩි ලකුණු සේදුනි හර්දයේ පැල්මට පවා ගැඹුරු මැහුම් යෙදුනි දැන් ඉතින් සියල්ල යහපති පාපයේ සළකුණු මැකුනි එහෙත් පුන් යවන්තයෙනි ඇපල් අඩ සොයා මහද වැළපිණි posted by rasi at 5 51 pm 5 comments දිගටම දිගටම දිගටෝම හැම දිනකම හැම රැයකම අවේලාවේ අවදිවී දෙසවන් යොමා අසා හිඳිමි නුබ ගැබ දුක් කඳුළු මෙන් තාරුකා දැල්වී ඇත ඉතාම සියුම් හඬකින් ඔබ හුස්ම ගන්නවා ඇත නිදි වරා දුක් දරා තවත් වෙහෙසී පලක් නැත නාඬන්න රත්තරං ඔබ කියනවා වැනි මට ඔබේ පොරෝනාවද පවා සීතලෙන් ඇකිලී ඇත වලාකුළු සයුරට මැදිව සඳ සිය පහන් නිමනු ඇත දැන් ඉතිං කළුවරයි දිගටම දිගටම දිගටෝම posted by rasi at 5 48 pm 1 comment tuesday september 12 2017 ලඟට ආවොත් posted by rasi at 10 43 am 1 comment monday september 04 2017 සරා සඳ මම අන්ධකාරය හිමි posted by rasi at 6 03 pm 1 comment sunday may 14 2017 සුකුරුත්තන් අත් පසුම්බිය දිගහැර කිළිටි නෝට්ටු තොල් අඳුන් කූරු සුකුරුත්තන් හා යතුරු ඈත් මෑත් කර සොයමි ඒ මනරම් රැයෙහි බොහෝ සේ දිළිසී වෙහෙසී බිම වැටි පරවූ තාරුකාවක් තවමත් තියේදැයි අමතකවී posted by rasi at 7 08 pm 7 comments saturday may 13 2017 දඬුවම් ඔබ විසින් කියවන විටෙක නොකියවා ඉවතලන විස්මයාර්ථ ලකුණු ඇති ප් රශ්නයාර්ථ නොනගන අක්ෂර වින් යාස හා ව් යාකරණ දෝෂ බහුල මා එවන කුඩා ලිපි එහෙත් ඒ මගේ කවි ය ප් රේමයේ මග දිග අන්ධයෙක් සේ ඇවිදින මිහිරිතම වදන් ගිලගෙන ගොළුවකු සේ හැසිරෙන සුවඳ ඉවකර සැනහෙන ඔබේ දෙපයට පෑගෙන සිහිනෙකින්වත් නොලැබෙන එහෙත් ඒ මගේ ස්නේහය සෙල් ටැඹක් වෙනු පතමින් වාරු කරගනු පිණිස මල් වැටක් වී හිඳිමින් සිරස මත මල් හලන කල් අරන් ළඟ රැඳෙමින් අදිසි වෙන්නට තනන ඔබට නොහැඟේ තවමත් මා ඔබේ සොඳුරු දඬුවම posted by rasi at 7 59 pm 7 comments සැළසුම් මේ ගිම්හාන සෘතුවේ ඔබේ සැලසුම් මොනවාද රෝස පෙති ඉලිප්පෙන තටාගයක කර වටක් ගිලී ගිලී ගිලී ඉන්න මේ වස්සාන සෘතුවේ ඔබේ සැලසුම් මොනවාද කපුරු පෙති ඉලිප්පෙන තටාගයක කර වටක් ගිලී ගිලී ගිලී ඉන්න මේ සිසිර සෘතුවේ ඔබේ සැලසුම් මොනවාද සමන් මල් ඉලිප්පෙන තටාගයක කර වටක් ගිලී ගිලී ගිලී ඉන්න මහත්මිය මහත් ඒකාකාරීය ඔබේ මුළු දිවියම හිස් ය අවර්ණය මහත්මයා ලොම් ඇඳුම් නැත අපට ඔබ මෙන් එකම කපු ගවුම හරව හරවා අඳිනු මිස posted by rasi at 7 55 pm 2 comments sunday may 07 2017 කපුටෝ කුරුල්ලන්ට ජල බඳුන් තබමි කපුටෝ පැමිණ දිය බොති ගල් කැබළි විසිකර එලවමි උන් කුරුල්ලන් නෙමේද නෑ උන් කළු කැත සත්තු posted by rasi at 7 35 pm 4 comments ඇලෙන සුළුය පිපාසිතය නින්දිතය අවසන් විය යුතු හෙයින් පටන්ගත් සියලු දෙය නොඇඳ ඉන්නද චිත් රය නොගයා ඉන්නද ගීතය හැකිවේනම් ඔබට දැල්වෙන්න අමතර මොහොතක් සපථ වෙමි පිළිස්සෙන්නට දෙඅදර රඳවා මඳහසක් අරුණෝදය මෙන් පැහැදිළිය මනස්කාන්තය බිඳෙන සුළුය මධ් යාහ්නය මෙන් ඇලෙන සුළුය පිපාසිතය නින්දිතය සන්ධ් යාව මෙන් සෞම් යය රාගන්විතය ශෝකාන්විතය පෙම්වත මගේ ප් රේමය posted by rasi at 7 12 pm 3 comments අවසන් කපුරු පෙත්ත ඔබ සෙමෙන් බැස යන්න අවසන් හිරු කිරණ සේ සිසිර කල මොහොතක් පමාවී වහ වහා බැස යන්න පොකුණ තුළ ගිලීහුන් යටිකුරු සෙවනැල්ලක්ව බොඳවූ චල චිත් රයක් ලෙස අවසන් කර ඔබ යන්න සුළඟට ඉබේ නැළවෙන ළදැල්ලක්ව ප් රාණවත්ව හදිසියේ ගිලිහෙණු රුචිව හඬක් නොනගා ඔබ යන්න යායුතු වුව මා ද දල්වමි අවසන් කපුරු පෙත්තද වහා නිමී ගිය පසුවද ඉවකර සැනහෙනු පිණිස අත්ල මත posted by rasi at 7 07 pm no comments මොකද්ද බං ඒ කවිය මොකද්ද බං ඒ කවිය මතක් කලාට කලාට මතක් නොවෙන පැයක් තිස්සේ මාන්සි වෙලා ලිව්ව ඒ කවිය අන්තිම වාරෙ ගණන් උගන්නන්න ආවෙ සුදුම අඳින සුදුම සුදු අර ගීතානි යාළුවෙලා හිටියේ එයා ගැන නේද ලිව්වෙ අපි සුදුනි ඔබෙ හිතත් සුදු ද අනං මනං වගයක් කොහෙද බං යන්නේ මේ කට්ට කලුවෙලා තට්ට තනියම බැන්දා නේද උඹ ඒ කාලෙම බොදු ගොවි ඉඩම් හිමි කෝ දැන් පැනල ගියාද ඌ මං බැන්දෙ නෑ බං මං ඉගෙන ගත්තා ඊට පස්සෙ කාර් එකක් ගත්තා මහ ගේ නම් හම්බුනානේ අම්මයි තාත්තයි මැරුණ බං මං ආපහු ඉගෙන ගත්තා ඉහළට ඉහළට ඉහළට ඉහලට ගියාම බය හිතනවා බං පහළ බලන්න වැටෙයි කියලා රිදෙයි කියලා දවසක කුණාටුවක් ආව හිල් වුනානේ බං විමානේ කෙලින්ම බිමම තමයි තුවාළයි බිඳුම් ගොඩයි හර්දේ වස්තුවත් කෑලි කෑලි මොකෝ උඹ හිනාවෙන්නේ මටත් තිබුණා හර්දේ වස්තුවක් දැනගත්තෙත් එතකොට මං කොහෙන්ද මිනිහෙක් ඇවිත් අහුලලා දුන්න බං කෑලි මිනිහ කෑලි අහුලලා මට දුන්නා මං කිව්වා ඔයාම තියාගන්න ඉල්ලපු දවසක ආපහු දෙන්න සින්නක්කර දෙන්න බෑ බං දූලම දෙන්නයි මට ඉල්ලන්න හිතෙන්නෙත් නෑ එයා ආපහු දෙන්නෙත් නෑ මට ආයෙ ඉහළ යන්න හිතෙන්නෙත් නෑ එයාට මා එක්ක රැඳෙන්නත් බෑ මට පව් ද බං නැත්නං මම පව් ද ඔන්න ඔව්වයි විස්තර ඒවායින් වැඩක් නෑ බං මොකද්ද කියපං අර කවිය වෙන මොකටවත් නෙමෙයි බං කවි ලියන්න හිතෙනවා ආපහු මට අසනීපයක්ද බං මට posted by rasi at 7 04 pm 2 comments older posts home subscribe to posts atom යාළු මිතුරු මංවත් නොදන්න මං rasi view my complete profile හිතට එන දේවල් 2021 3 june 1 රූබරිය january 2 2020 5 august 1 june 1 april 1 february 2 2019 6 december 2 august 1 july 3 2018 2 september 2 2017 11 september 2 may 9 2016 3 august 2 january 1 2015 51 december 1 november 1 october 2 august 2 july 12 april 20 february 6 january 7 2014 132 november 7 october 2 september 15 august 20 july 12 june 11 may 16 april 10 march 15 february 24 2013 53 may 9 march 4 february 40 2012 89 september 10 july 8 june 32 february 38 january 1 2011 78 august 23 july 18 april 2 march 10 february 10 january 15 2010 128 december 13 november 13 october 14 september 35 august 50 july 3 නෑ ගමන් යන තැන් abnormal minds ලියුමක් අ හිතවත් මාල හොරා වෙත හොරෝ ඔයා දන්නවද මම දවස ගානේ කොච්චියවල යන මනුස්සයෙක් නෙවෙයි ඒ මම කෝච්චි වලට අකමැති හින්දා නෙවෙයි කෝච්චියක් මඟදි කැඩුනොත් මොකද කරන 8 years ago alone in the dark glimpse i ve been creating this emotional hell for a long long time by making it all up just imagining you from a distance from a far away land while in exile sinc 11 years ago geethanjali 47 අරුණල්ලේ ගිලී මියෙන්නට තතනයිමේ අන්ධකාර පොරොත්තුවේ රාත් රියබලා සිටීමෙන් වෙහෙසවූ මා නෙත් පියවුණු මොහොතකඔහු පැමිණුනොත් යැයි සලිත වෙයි ම සිතඅනේ මිතුරනි ඔ 6 months ago nobody s edge මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම ආතර් කෙනෙක් හිටියා මම ජෙම්මා කෙනෙක් වෙලා හිටියා ආතර් ෆාද්රේ කෙනෙක් වුනා ඒත් මම ජෙම්මා කෙනෙක් වෙලා හිටියා දවසක් ෆාද්රේ මිටියකින් ගසා විනාශ කළ හැකි මැට 6 years ago reargate sahampathi thoughts අකුරැස්සේ ගමන පහත දැක්වෙන්නේ සහම්පති මහා බ් රහ්මයා විසින් අකනිටාවේ තම sahampathi thoughts නම් බ්ලොගයේ තම අකුරැස්ස සංචාරය ගැන තබන ලද සටහනකින් උපුටා ගත් කොටසක් සහ පින 11 years ago අඹ ගහ යට ඇනෝනිමස් ත් රස්තවාදයට එරෙහි වෙමු වර්තමානයේ ඇනෝනිමස් කමෙන්ට්ස් ආශ් රයෙන් ඉතා දැඩි ලෙස බ්ලොග් ලියන්නන් ලියන්නියන් හාස් යට ලක් කිරීමත් ඔවුනට පුද්ගලික මට්ටමෙන් පහර ගැසීමත් සිදුවනු දකින්නට ලැබේ 12 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප් රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා හෝඩියේ පන්තියේ 12 years ago කළුවර පෙනෙන ඇස් j72199 ebook pdf download star wars master apprentice signed autographed copy j71299 ebook pdf download star wars master apprentice signed autographed copy image pdf book star wars master apprentice signed autogr 7 years ago කැටපත් පවුර ඈත සිට ඈත වෙත අජිත් සී හේරත් ඈත සිට ඈත වෙත අපේ ් රල් අහස හිස් වේ වළා කෙන්දක් කන්දකට ඉහළින් පාවේ බස් රියක් කඳු වෙත ඇදෙයි නොලියු කවියක් කීතු වී කවුළුවෙන් ඈතට පියාඹයි දූවිල්ල සහ දුමා 16 years ago ජීවිතයේ කෙටි සටහන් රෙදි වැලක වැනෙන සෞන්දර්යය විපරීත මිනිස් සමාජයක අව් යාජ පිළිඹිබුවක් වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ මිනිස්සු සහනය සොයා දෙවියන් වෙත යාමට මත්තෙන් මේ කර්කෂවූ මහපොළොව මත යම්තරමක් හෝ සැපතක් විඳීමට දරණ අරගලය ජීවත්වීම ලෙස නම් කළ හැ 7 months ago දුකා ඒ කාලය ආයේ පතමි ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමි පළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනි මහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනි හදේ කොනක සුව 7 years ago නිකමට වගේ පාර ඉවර වෙනතුරු මම පින්තූරයේ අයිතිය pradeep kirindage සතුය පාරක් සොයා පාරක් පාරක් ගානේ ඇවිදින්නෙකු නම් බෙදා ගත්තාට කමක් නැත 12 years ago නොසිදුවීම් nonevents රන් රිදී දෝළිය රන් විය නොහැ...
|