Meta tags:
Headings (most frequently used words):
2018, aug, jul, 20, 2012, මඟ, ඇයත්, තවත්, එක, ගැහැණියක්, සැමියන්ට, kavindya, rathnayake, caravan, of, dreams, සිහින, තවලම, 21, 25, 2016, sep, jun, 24, මම, ගමන්, labels, තවලමේ, යන්නේ, හමුවුන, නැවතුම්, search, this, blog, popular, posts, දරුවා, සමඟ, කාලය, ගත, කරන්න, ඔබේ, දරුවාව, හොඳින්, හඳුනාගන්න, හා, වෙන්ඩ, දන්න, මල්, වල, නොදන්න, පාට, let, us, learn, english, හෙවත්, ගනු, කඩුව, report, abuse,
Text of the page (most frequently used words):
ඉංග් (36), රීසි (33), කරන්න (26), #english (23), දරුවා (21), මගේ (20), එයා (20), ago (18), ගන්න (18), share (18), විට (16), ඔයා (16), ඇති (15), years (14), අම්මා (14), කතා (14), නැවත (12), නම් (12), read (12), සමඟ (12), ඔබට (12), කියලා (11), අපි (11), ඔබේ (11), your (11), දරුවාගේ (11), ලෙස (11), තමන්ගේ (10), භාෂාව (10), වචන (10), කරන (10), ඔයාගේ (10), ඒත් (9), එක්ක (9), තවත් (9), the (9), බලන්න (9), නිසා (9), තේරුම් (9), දෙන්න (9), හැම (9), ඇයට (9), ඉතින් (8), and (8), කියවන්න (8), ඔයාගෙ (8), ඇයත් (7), this (7), නැති (7), ගැන (7), 2018 (7), facebook (7), චිත් (7), භාවිතා (7), කලා (7), ලබා (7), ආදරය (7), මාගේ (7), වෙන්න (6), බැරි (6), පුළුවන් (6), කාලය (6), කෙනෙක් (6), වෙන (6), වෙයි (6), pinterest (6), blogthis (6), email (6), වෙනුවෙන් (6), ඉගෙන (6), language (6), පොත් (6), with (6), සම්බන්ධ (6), ඔබත් (6), නැන්දම්මා (6), එකතු (6), උනා (6), දරුවන් (6), පුතේ (5), මල් (5), ගැහැණියක් (5), වගේ (5), ඇයි (5), අපිට (5), හරි (5), කතාව (5), පුතා (5), බලා (5), තරම් (5), කියල (5), august (5), 2012 (5), comments (5), වැඩි (5), learn (5), භාෂාවෙන් (5), ගෙන (5), පමණක් (5), අළුත් (5), කුඩා (5), වැඩ (5), ඔබගේ (5), එදිනෙදා (5), යන්න (5), උනත් (5), පමණයි (5), කොහොමද (5), ඉන්න (5), වෙනස් (5), බොහෝ (5), ඔහුට (5), ඇයගේ (5), කටයුතු (5), නමුත් (5), සැමියාගේ (5), මොන (4), මවක් (4), home (4), එකක් (4), ආදරේ (4), ලස්සන (4), produk (4), ලියන්න (4), තරමට (4), අවුරුදු (4), කෑම (4), අලුත් (4), දෙකක් (4), නැතිනම් (4), පුංචි (4), ගෙදර (4), සිට (4), තමයි (4), දෙන (4), ලිපි (4), labels (4), may (4), july (4), දියුණු (4), එකම (4), රපට (4), කාර් (4), හොඳින් (4), watch (4), කියවා (4), කියවීමේ (4), කරගන්න (4), බසින් (4), වැනි (4), වෙනවා (4), කියන (4), අදටත් (4), දේවල් (4), දෙස (4), කියන්නේ (4), අතර (4), මාව (4), ඔයාට (4), ආදරෙයි (4), කියන්නම් (4), ලුණු (4), තාත්තා (4), එදා (4), කලේ (4), රණ්ඩු (4), දරුවාට (4), තුලින් (4), හැකියි (4), එක් (4), වස්තුව (4), තුල (4), පස්සේ (3), ගියා (3), පුතෙක් (3), දරුවෙකු (3), පෙර (3), මාස (3), posts (3), dreams (3), වලට (3), සිහින (3), කෝල් (3), ඕයි (3), දෙයක් (3), අපේ (3), සිත (3), එහෙම (3), ගිහින් (3), වතාවක් (3), කවි (3), paradise (3), mom (3), kids (3), parenting (3), june (3), september (3), 2016 (3), kavindya (3), ගැනීම (3), දවසේ (3), හැකි (3), ආධාරයෙන් (3), එහි (3), නිවසේ (3), ලැයිස්තුව (3), දමා (3), සකස් (3), vocabulary (3), list (3), children (3), සටහන් (3), ගැනීමට (3), හැකියාව (3), පිළිබඳ (3), දැනුම (3), වන්න (3), subtitles (3), රීසියෙන් (3), සිටින (3), මුල් (3), විදියට (3), හොඳම (3), වර්ධනය (3), හොඳ (3), හිතන්නේ (3), වෙන්නේ (3), හේතුව (3), වෙනත් (3), මෙන්න (3), තවලම (3), සැමියන්ට (3), දෙන්නම (3), දවසක් (3), ඕනි (3), හිත (3), එයාව (3), පුලුවන් (3), ඇයව (3), එකිනෙකාට (3), ලැබෙනවා (3), වඩා (3), තියෙනවා (3), හඳුනාගන්න (3), සෑම (3), සුරතල් (3), උණුසුම (3), කිරීම (3), සැබැවින්ම (3), නොවෙයි (3), වන්නට (3), පාත්තියෙන් (3), මවට (3), මෙලොවට (3), අයිතියක් (3), පටන් (3), විසින් (3), පුතෙකුගේ (3), සමාජ (3), පන්ති (2), හිතේ (2), ලැජ්ජාවක් (2), නෙවෙයි (2), වලාවෙන් (2), වැසුණු (2), සෙනෙහස (2), ඉපදුණු (2), රුජිනක් (2), රුවන් (2), වැකි (2), සඳහන්වේ (2), ගැහෙන (2), පෙත්තක් (2), දෝතින් (2), ගත්තා (2), සේම (2), පපුව (2), මතට (2), ගන්නටත් (2), නවයක (2), search (2), blog (2), නිවස (2), අවදි (2), අවස්ථාව (2), උදා (2), කරපු (2), මටත් (2), පිස්සු (2), ඇහුව (2), ගෙත්තම් (2), විඳී (2), මහද (2), හැඟුමන් (2), නොවන (2), යනවා (2), කරමු (2), mendesain (2), kita (2), yang (2), toko (2), බ්ලොග් (2), මොනව (2), ලියා (2), වෙලාවක් (2), මොකද (2), උනේ (2), උසස් (2), යාලයේ (2), පාසලේ (2), ගත්තත් (2), අත්දැකීම් (2), බලන්නේ (2), ඇසින් (2), නිතර (2), උසට (2), හෙමින් (2), කොනක (2), කරමින් (2), කතාවක් (2), මිනිස්සු (2), කාලෙ (2), තිබුණා (2), වයසක (2), ආච්චි (2), කෙනෙකුයි (2), සිහිනය (2), ඉස්සර (2), පොඩිහාමි (2), මුදලාලි (2), බොහොම (2), කඩේ (2), නිසි (2), ඔහු (2), zero (2), දුඹුරු (2), වාත (2), අඩු (2), කොළඹ (2), මමත් (2), බිග් (2), චුන් (2), දැන් (2), weeks (2), maha (2), bhaje (2), ham (2), යන්නේ (2), හීන (2), විහිලු (2), එරෙහි (2), මතය (2), ජීවිතේ (2), දවල් (2), කෙටි (2), october (2), november (2), december (2), january (2), february (2), march (2), april (2), වේලාවක් (2), වෙන් (2), set (2), you (2), same (2), යාකරණ (2), නීති (2), some (2), dictionary (2), movie (2), write (2), ශබ්දකෝෂයක (2), listen (2), news (2), keep (2), diary (2), own (2), රයක් (2), label (2), ලැයිස්තුවක් (2), through (2), everything (2), again (2), only (2), ළමුන් (2), සඳහා (2), නරඹන්න (2), film (2), සියල්ල (2), උත්සාහ (2), සරළ (2), realistic (2), about (2), level (2), පත් (2), over (2), උපසිරැසි (2), movies (2), සවන් (2), දැන්වීම් (2), මෙන්ම (2), ගැනීමේ (2), book (2), රුචිය (2), කරන්නේනම් (2), සිංහල (2), පරිවර්තනය (2), එසේත් (2), which (2), for (2), වැදගත් (2), ඔන්න (2), ගන්නවා (2), යන්තර (2), ආයිත් (2), බැජ් (2), ජාත් (2), පළමු (2), හෙවත් (2), ගන්නේ (2), අතුරු (2), කියන්න (2), දේට (2), කෙනා (2), ඔවුන් (2), කලොත් (2), ලක් (2), අවශ් (2), රසිද්ධ (2), යමක් (2), ගුරුවරයෙකු (2), කිසිම (2), වෙහෙස (2), පාඩම් (2), කිරීමේදී (2), සංචාරයේදී (2), කොතරම් (2), හේතු (2), ගනු (2), ලේලි (2), ගැටුමට (2), කාලේ (2), උපදෙස් (2), ටික (2), හිතන්න (2), එන්න (2), කරයි (2), එපා (2), කරල (2), අම්මට (2), කලින් (2), දුන්නා (2), කෑමට (2), කිව්වේ (2), නැහැ (2), වෙලාවට (2), බිරිද (2), කිසිදෙයක් (2), පුරුදු (2), වගේම (2), කුමන (2), වැරදි (2), පස්සෙ (2), තාත්තාට (2), සිද්ද (2), මාත් (2), හැමදේම (2), නොකියා (2), කවදාවත් (2), ආදරණීය (2), දොස් (2), හයියෙන් (2), මමයි (2), කේන්තියෙන් (2), තාත්තට (2), පිපිරී (2), හුරතල් (2), aug (2), දකින්න (2), අධ් (2), වයසේ (2), නිවැරදි (2), අධික (2), මිතුරු (2), මිතුරියන් (2), දරුවාව (2), මානසික (2), සිතන්න (2), ඔවුන්ගේ (2), උදාහරණයක් (2), සිය (2), admin (2), rathnayake (2), jul (2), ආදරණිය (2), දිනයක (2), රියාකාරකම් (2), සෙල්ලම් (2), පාසල් (2), එලෙස (2), උදෑසන (2), පසු (2), පිළීවෙලට (2), පවරන්න (2), පිරිසිදු (2), දෙන්නට (2), නොහැකි (2), හදවතින්ම (2), පුතුත් (2), බොහෝම (2), තරමින් (2), දෙදෙනා (2), සිටිනවා (2), පුතෙකු (2), තිබෙනවා (2), බිහිකල (2), අම්මාට (2), දැනෙන්නේ (2), බිහි (2), නොව (2), ඇතැම් (2), කරන්නට (2), 30ට (2), ආදරෙන් (2), ලෝකයේ (2), වටිනාම (2), ගත් (2), ගැහැණු (2), ඉතාමත්ම (2), සුළු (2), කෙනක්ට (2), විය (2), සොයුරා (2), ස්ටෝබෙරි (2), ගෙඩි (2), පාන්දර (2), අයිති (2), මවකට (2), මන්ද (2), සර්ව (2), සම්පූර්ණ (2), කිරි (2), රුවුල් (2), පුතුට (2), අම්මාමයි (2), caravan (2), simple, theme, powered, blogger, සති, ගානක, තහනමකට, ඉස්කෝලේ, ගේට්ටුවෙන්, ඇතුල්, පොඩි, නොතිබුනා, ඉනින්, ඌරන්ට, සෞඛයද, හිතලා, හෙමිහ, තෙවන, කොටස, නිල්, මිණී, දෙනෙතට, එබීගෙන, මොළ, කැටි, අතැගිලි, අල්වාගෙන, සිඟිති, හසරැල, පොදක, වෙලීගෙන, බොහෝදුර, දරාගන්නට, සෙනෙහසින්, පටන, popular, රත්ගමයා, red, image, acacia, කරා, පැමිණියේ, ඇරුණෝදයත්, සමඟයි, සියා, නොසිටීමෙන්, දහසක්, රශ්න, පිළිතුරු, දීමෙන්, වැලකී, සිටිමේ, කින්නර, අඩවිය, ඇකේෂියා, දකින්නිය, දවස්, ගානකින්, දුන්නෙ, හින්ද, කෙල්ලට, දුන්න, වෙලේ, ඉදන්, කෙල්ල, අඩනව, නිකන්, අඩන්නෙ, මංසලකුණු, landmarks, රිදී, සේල, බැඳී, මාල, රන්දම්, රැඳී, රේමෙ, වත්කම්, රණේ, රුවක, සිත්තම්, කළා, වාගෙ, ඔබනම්, වීලා, නැකතින්, තරමෙ, විස්කම්, සිත්, රූසෝබා, තොරන්, කූඩු, සැණකෙළියක්, සතුටක්, විදින්න, වෙසක්, හැමදෙයක්ම, විඳගන්න, දහවලට, සෙනඟ, නොගැ, වෙසඟේ, විදිහට, සතුට, හිරු, එළිය, sebelum, harus, tau, terlebih, dahulu, apa, mau, dibuat, apakah, minuman, sembako, mas, baju, atau, salo, cara, pamplet, efektif, හිම, කැට, වසන්තය, තිබ්බලු, හිතාගෙන, හිටියට, බිසී, වුනා, ලංකාව, දේශපාලනේ, පාර්ලිමේන්තුව, විසුරවනවද, නැද්ද, අවුරුද්ද, mage, sanda, සිද්ධ, කාන්තාර, රටේ, උගන්නපු, අපේම, විද්, මෙහෙ, තුනක්, විතර, උගන්නල, සමු, සෑහෙන්න, ගොඩක, terrorist, ආයාගේ, පියා, සංජු, සයිබර්, සමාගම, ඇරියොත්, රැඩිකල්, කතාය, දේසපාලනේ, දෙසය, ඇසෙන්නේ, විකල්ප, සින්දුම, නන්දසිරිලාට, එදිරිසිංහලාට, එතන, කොයිබද, එහෙව්, තවමත්, යයි, ලීෂාන්ගේ, රෝල, ගඟට, කැපූ, ඉනි, ගංදියෙ, පාවෙනවා, උනිමි, පළගැටියෙකු, විලසින්, නුඹ, පහන්, දැල්ල, වෙතම, ඇදුනි, මහාමෙරක්, තිබුනු, හෙමි, ලිහුනි, හදේ, සුව, ආයේ, පතමි, දුකා, නැත, ඇමෙරිකානු, ඩොලර්, බිලියන, වියදම්, හදන්නට, අති, නවීන, රේල්ලුවක්, නොවේ, එසේ, පාන්දරින්, දුම්රියෙන්, වැඩට, එන්නට, සිතා, පිටත, අසාගනිල්ලා, දුම්රිය, සවුදම, පොත, හොල්මන්, බයයි, හොල්මනුත්, ඇහැකි, ළගත්, තියනව, සෑහෙන, රයෝජන, මන්, කොල්ලා, ලයිට්, තිබ්බ, ගෙජ්ජි, මල්ල්, සොඳුරු, beautiful, mind, එකමත්, රටක, අහසෙ, ගෑවෙන, මාළිඟයක්, මාලිගයෙ, සීයා, එයාගෙ, මිනිපිරිය, ජීවත්, වුණා, මිනිපිරියට, පිපී, පිපීගේ, ආලවන්ත, හුදකලාවේ, හිටියා, සාධාරණව, කරගෙන, මෙහෙම, යනකොට, පුතාලා, වයසට, වගකී, පොඩිහාමිගේ, shimmering, thoughts, අන්තිමේ, නේද, ගැඹුරු, හඬක්, තිබුණ, මිනිහා, ඉමාන්ගෙන්, ඇහුවා, ඉමාන්ට, දුරටත්, වේදනාවක්, නොදැණෙන, පාවෙනසුළු, සැහැල්ලු, බවක්, දැනෙමින්, දිය, පාර, දිහ, වඳවීමෙන්, ගැලවීමට, one, year, අඩුයි, අපෙ, අයියා, කිවුවෙ, හැබැයි, අයියට, පෙන්නුවා, ඉන්ස්ටග්, රැම්, එකට, එකාගෙ, බිජ්ජවල්වල, දිග, පළල, තික්, ගැහැනියකගේ, පාපොච්ඡාරණය, ටොපිය, month, ගමේ, ආවම, කඩේකින්, කෑවම, ඒකේ, වරුණාව, විසි, තිස්, කියෝනවා, ආවා, සෝසල්, මීඩිය, මිස්ටර, කොත්තු, ansathu, dinapotha, වාරු, උදව්කාර, බිත්ති, කිළුටු, එව්වේ, hare, පැල්ලම්, mini, agajjalapalam, kachad, kantha, malam, sarah, chandrabhalam, daitya, kalam, nabho, neelakayam, durava, ramayam, supadma, sahayam, සරත්, shri, hari, stotram, sinhala, meaning, vishnu, හින්දි, සිංදු, හමුවුන, නැවතුම්, තවලමේ, report, abuse, කතන්දර, සින්දු, කිරිල්ලී, සත්, ඇසුරෙන්, විකාර, මායාකාර, ඇස්, හමුවු, චරිත, සියැසින්, පිච්ච, නිමක්, නිසදැස්, ආදර, 2010, 2011, ගමන්, view, complete, profile, subscribe, atom, older, නියමිත, කරවා, goal, particular, time, study, වර්ගයේ, කුරුල්ලන්ගේ, සතුන්ගේ, many, words, can, category, spelling, rules, නරඹා, ශබිද, කෝෂයක, use, while, watching, fictions, පුවත්පත්, newspapers, referring, online, chat, ඩයරියක, සිතුවිලි, feelings, පින්තූරක්, drawing, කාමරයේ, භාණ්ඩ, things, surrounding, room, office, ඉවත, නවමු, මාතෘකාවකින්, start, interesting, way, උගත්, ලැයිස්තුවෙන්, ඉවත්, cross, out, delete, සකසාගන්න, convert, several, times, every, day, ලියූ, books, සැකසූ, රූපවාහිනී, programs, series, දෙවනුව, තේරුම, නොකර, නිම, whole, thing, help, පෙන්ගුවින්, graded, readers, විමසන්න, reading, ලබාගන්න, විෂය, විශේෂිත, අයතනයකින්, පාඨමාලාවක්, හදාරා, සහතික, විමසිලිමත්, රපටය, භාෂාවේ, mother, tongue, now, typing, post, තනා, වාක්, try, create, sentences, work, that, are, doing, රචාරණය, ගුවන්, විදුලි, නාලිකාවන්ට, නිවසේදී, have, radio, උගන්වන්න, මිතුරෙකුට, දරුවන්ට, teach, friends, රකාශනය, සඟරා, කියවීමට, හුරුවන්න, magazines, ඇත්නම්, ඒවා, රිඩා, සිනමා, සංගීතය, අංශ, පිලිබඳ, වෙළඳ, entertainment, guides, comic, දෙබස්, බහුල, ඡේද, කියවීමේදී, ඇතිවන, කම්මැලිකම, අපහසුව, මෙහිදී, හැරෙනු, lot, dialogs, රකාශ, පොතෙහි, පිටු, අත්හරින්න, වැඩිවනු, හඳුන්වාදීම, පටුන, කතෘ, කියවන, translation, skip, first, pages, රපටයක, කැවීමද, පොතක්, already, watches, has, dubbed, අන්තරේජාලයේ, සෙවීම්, ගීතවලට, අතරතුර, පොතක, අසමින්, සියළුම, lyrics, song, music, ඉගැන්වීම්, පන්තියක්, වෙබ්, අඩවියකට, පිවිසෙන්න, sign, regular, team, රවෘත්ති, අහන, එහෙනම්, දෙයකදීම, බොහෝමයක්, පාසලක, ගුරුවරියක්, වාසනාව, ලැබුනෙත්, විසින්ම, උපක්, උගන්වන, කියාගෙන, අඬාගෙන, ආපු, එකේ, සාමාර්ථය, අරගෙන, ටොප්, උනෙත්, විශයට, සාමාර්ථයක්, විතරක්, ගත්තු, idm, ආයතනයේ, edexcel, btec, ඩිප්ලෝමාව, හදාරන්න, දිනයේ, පනිත්තියට, යයෙන්, පෙළට, මාධ්, රකාෂ්පතී, මැතිණිය, මෙයින්, බොහොමයක්, හිටපු, විදුහල්පතිතුමියක්, හතලිහ, දුන්නේ, දැනට, සේවය, පාසල, නුවරඑළිය, ලයිසියම්, හතලිහක්, උත්සහ, ඔබටම, හොඳයි, යමු, හදන, ඔබම, වැරදුනු, විටෙක, සිනා, නොවනවා, කවුරුත්, සිටින්නේ, යතාවය, කෙනාට, සිනාසීමට, විහිලුවක්, අවස්ථා, එමටයි, ඇතැමෙක්, ඔබව, සරදමට, තියෙන, ඉඩකඩ, වැඩියි, ඇත්ත, සමාජය, එහෙමයි, අනෙකාගේ, කරන්නේ, ඉගැනිමේ, අරමුණින්, මිතුරන්, අතරේ, ආයතනයකට, ගොස්, ගැනීමද, ආකාර, දෙකට, අමතරව, කලයුතු, භාවිතය, කෙතරම්, දක්ෂ, යටතේ, ඉගෙනුම, ලැබුවත්, එයින්, පලක්, නොකරනවානම්, වෙත, යාමද, විදිය, කුමක්, කියලාද, මුවහත්, යුතුමයි, දෙවැනි, භාෂා, කෙනෙකු, සුදානම්, උදව්වක්, අතරින්, අවසන්, ළමයින්ට, අත්තර්ජාලය, හරහා, ගණුදෙනු, රාන්තවල, රටවල, රැකියාවේ, භාවිතයට, විශ්ව, භාෂාවක්, වීම, වැදගත්ද, නොයක්, ආකාරයේ, කියාවි, තියෙන්න, පුළුවනි, ජීවිතයේදි, let, කඩුව, jun, දන්න, නොදන්න, පාට, sep, හරිම, ලියවිල්ල, https, com, story, php, story_fbid, 10206997293319546, 1495805143, ගමන, පටන්ගත්තා, හතරක්, වාඩිගහන්, ඉදලා, ලියමනක්, කරද්දි, සංස්කෘතියට, නොගැලපෙන, කොටස්, අයින්, බැදපු, බැදෙන්නට, අයියලා, මල්ලිලා, කියවලා, සාම්ප්, රදායික, හොද, පිලියමක්, කියාපු, කෝක, ලංකාවේ, කියයි, අමාරු, ටිකක්, අන්තිමට, මාසෙකට, සැරයක්වත්, මොනදේ, හැමදාමත්, පවුලක්, හදන්න, උදව්, රශ්නයක්, දාගත්ත, ගමන්ම, හොයාගෙන, ගියත්, විසදගන්න, එක්කම, රශ්නය, දන්නවා, රශ්නයක්ම, වෙනකල්, ඉස්සෙල්ල, කිව්වෙ, අදින්, වැඩකදිම, තැනකදිම, දැන, තාත්තගෙ, කන්තෝරුවේ, යාලුවන්ට, කෑමක්, හදිස්සියට, දාන්න, වෙලා, වෙලාවේ, හිනා, වෙවී, අසනීපයෙන්, නෝනා, වැඩිපුර, දාන්නෙ, ගානට, කරගමු, අමුත්තන්, ඉස්සරහ, අවමන්, නැහෑ, කිව්ව, සනාථ, කෑවා, සමහර, බබෙක්, දැනේවි, තනියම, වේවි, අන්න, බිරිදගේ, කරන්, ගමනටම, එක්කරගෙන, රස්සවට, වෙනුවෙනුත්, අනිවාර්යයෙන්, තියාගන්න, දෙයත්, හොදින්, අහන්න, හැමවිටම, ආරක්ෂා, පෙනීහිටින්න, ඔයාලා, ඇසුරු, කරන්නන්, අවතක්සේරුවට, රැජිනක්, නගාලීමේ, ඇත්තේ, හේතුවක්, නිසාදෝ, සැමුවෙල්, මාමා, අකමැති, වැටහීම්, දුරුවෙනකල්, සිටියා, කතාවේ, ඉතිරි, පිටවෙලා, ගියාට, ගැනම, හැසිරුනේ, ඇදේ, නිදාගත්තා, පහුවදා, වුනු, කණගාටු, පෙන්වන්න, කොටින්ම, ආසම, වර්ග, හැදුවා, වචනයක්වත්, සමාව, දවසින්, පනං, කෙරෙයි, ගෞරවය, ගහල, මූණ, විරූපී, මෙතන, වාඩිවෙලා, ඉන්නෙ, පිලිගන්නේ, ආඩම්බර, වෙයිද, කියයිද, බිරිදට, අතක්, උස්සන්න, තරහින්, බැණ, මොහොතකට, ඈතින්, ඉක්මනින්, හරියාවි, කොයි, මොහොතක, සමග, විරුද්ධ, උනොත්, මතක්, අම්ම, වෙන්නත්, කියලද, දොර, ඇරගෙන, එලියට, තාත්තයි, බැනගත්තා, කෑගහහත්තා, එයයි, මායි, පුදුම, කේන්තියකින්, උන්නේ, කේන්තියෙන්ම, මෝඩයා, බැන්නා, පුදුමයි, කරේ, කෑගැහුවා, මොඩයා, බූරුවා, ගොනා, පිස්සා, වචනයක්ම, ලොකු, මිනිහෙක්, හෙට, කෝකියෙක්, රහස්, සේරම, බෙදාගන්න, මීට, ලෝකය, කරනවට, එයාට, අම්මගේ, තුරුලට, කාරනා, කීපයක්, හෙටින්, පටන්ගන්න, ගමනට, පෙන්වයි, පුතාගේ, විවාහයට, දින, මෙසේ, පැවසුවා, වෙන්ඩ, ඉහත, සියලුම, රමයන්, දීර්ඝ, පැහැදිලි, කිරීම්, ඉදිරි, ලිපිවලදී, පොරොත්තු, සංවේදීදැයි, හැඟිම්, සංවේදනාත්මකව, සලකන්න, යයනය, අදහස්, සංනිවේදනය, ශබ්ද, ලීලාව, tone, ශරීර, body, langage, අභිනය, expression, අධික්ෂණය, එකිනෙකටෙ, භාව, රකාෂණයන්, දක්වන, දරුවාගෙන්, රශ්ණ, අසන්න, අවාධානය, හැගෙන්නට, පරිසරය, පිළීබඳ, අවධානයෙන්, සිටින්න, පහත, අත්හදා, ඔහුගේ, යතාවයන්, නිසිලෙස, සපුරාලීමටත්, එමගින්, නිවසතුලදී, යහපත්, පවත්වාගෙන, යාමටත්, හැකිවනු, මවගෙන්, පියාගෙන්, සහෝදර, සහෝදරියන්ගෙන්, සීයානේ, සමීප, අනෙකුත්, නෑදෑයින්ගෙන්, විටම, පුද්ගලයෙකු, සැමවිට, ආකාරයට, සලකන්නට, නිවැසියන්, සියලු, දෙනාම, මස්මාංශ, අනුභවයට, කැමැත්තක්, දැක්වුවත්, අප්, රිය, කැමැත්ත, ඒවෙනුවට, ආදේශක, ආහාර, කීදෙනෙක්, සිටිනවාද, එක්අයෙක්, දෙදෙනෙක්, ගනනක්, කේසේ, උවත්, පවුලේ, සසඳන, දරුවෙකුම, නොදන්නවා, නෙවේ, සීයයක්, යනය, දෙනා, ආකාරයක්, පැහැදිලිව, හඳුනාගත, comment, ඉතාමත්, වේගයෙන්, ගතවන, ගෙවී, ගිය, පහු, වැඩිහිටි, මෙලෙස, නොපෙන්වනු, ගෙන්, සොයනා, නොසොයනු, දිනය, මොහොත, ගන්නට, අගනා, මොහොතකි, සැම, තත්පරයක්ම, මතකයක්, කරවීමට, විනෝදාංශයට, හරණ, කියවීම, මුද්දර, පැළ, සිටුවීම, නිදා, වෙනමනම්, සතියකට, නිදාගන්න, අත්විඳින්නට, වීවේකී, බැහැරට, මසකට, විවේකී, ළමා, උද්, යානයකට, මුහුදු, වෙරළකට, නැදැ, නිවසකට, රැගෙන, යෑමෙන්, ඒකාකාරී, බවින්, මිදී, ස්නානය, ගීත, ගායනය, අත්වැඩ, සියල්ලට, උපරිම, දායකත්වය, එක්විය, සැමවිටම, දරුවාගේද, වගකීමක්, දැනෙන්නට, හැරීමෙන්, වගකීම, බාරගැනීමෙන්, අනාගතයේදී, බැබලෙන, තරුවක්, වනු, නියතයි, පතා, යබහුල, ඔබෙන්, දුරස්, තබනවාද, එසේනම්, පියවර, අනුගමනය, වීමෙන්, කිරීමට, කොට්ට, තැබීමට, කුස්සියේ, රජාකාරිය, දරුවාද, කරගත, රියාකාරකම්හීදි, දරුවාටත්, රාජකාරී, ශීතකරනයෙන්, බෝංචි, එළවළු, බඩු, තැබීම, ඇතැමි, රුකියාව, දොරේ, යබහුලයි, නිසාම, සාමාන්, කෙනෙක්ගේ, කෝප, සම්භාවිතාවයත්, ඉතා, ඉහලයි, ඉහට, උඩින්, ළමය, ඇඟේ, එල්ලිලා, දෙමව්පියෝ, චෝදනා, වාරත්, අනන්තයි, දන්නවාද, සොයන්නේ, දයාව, child, always, seek, love, affection, හඳුනා, මාලාවේ, දෙවැන්න, පොඩ්ඩෝ, වර්ධනයට, බිඳුණු, බඳුන්, පිරියම්, අපහසු, කැටයම්, පළුද්ද, වසා, දැමිය, පමණට, නොකරනාවා, දියණියගේ, තැන, වන්නේ, නීතියෙන්, සළකනවා, මුව, විවර, කරන්නෙ, හැරෙන්නට, අන්, කිසිවක්, කරනවානම්, සමානකම්, ආශ්වාදජනක, බහක්, කලක්, මූණට, මුලිච්චි, අමනාපෙන්, සිටි, සම්බන්ධයක්, ගොඩනගා, ගනිමින්, හැදූ, වැඩූ, ගණනාවක්, සාත්තු, නෙලන්නේ, පළමුවැනියා, යාම, නෙවෙයිද, දයාබර, සොයුරියනේ, ඇත්තෙන්ම, මෙය, අත්දැක්කා, කාලයේ, සියුම්, වෛර, වලින්, රියාවෙන්, රිදවා, එලෙසම, සිදුවෙනවා, බලන, කෝණය, මවක්ම, කෙනකු, කෙනක්, මගේම, බනින්න, පෙන්නන්න, රිදෙව්වට, අම්මයි, රණුඩු, ටිකකින්, යාළු, නැතුව, අයිතියට, සැමියා, මොලොවට, අම්මටාත්, දෙදෙනෙකු, අයෙකු, මූනිච්චාවට, මුවින්, ආමරු, කරනා, දෙයකින්, අගයන්න, නිතැනින්ම, පෙනෙන්න, ගනිවී, කියපු, නිසාවෙන්, නිවසින්, පිටවන, නිවසට, හවස, තුරුත්, පුතාව, බලාගන්නවාටත්, උනන්දුවෙන්, වගකීමෙන්, යුතුව, අතට, උනානම්, දවස, පුරාවට, රකින, හදා, නපුරු, කමක්, ඉවසන්නට, ගැහැණිය, සතු, අනිවාර්, අංගයක්, කිහිපයක්, මමත්වය, උඩඟු, තන්හාව, ඊර්ෂ්, යාව, ස්වරූපයකින්, ඉස්මතුවීම, මවතක්, බිරිඳක්, සැමියෙකුගේ, චරිතයට, එකවර, සමවැදී, පිරිමියෙකුගේ, ආරක්ෂාව, අවධානය, වෙර, දරන, සම්මත, යුදධයක, රථිපලයක්, මෙම, සිදුවීම්, මෙලස, අඩවි, තුලට, ගෙනැවිත්, බෙදා, හදාගැනීම, එවැනිම, පිටාවක්, සහිත, සියල්ලන්, තමා, පීඩාවන්, ඇඟිලි, තුඩින්, පිට, පිටතින්, බලනා, සංවේදනාත්මක, පෞද්ගලිකව, මාද, අතීතයේ, පීඩා, කාරී, අවස්තාවන්වල, මෙවන්, රියා, වාර, අනනන්තයි, කාලයා, පුතුගේ, මත්වී, ඉදිකටු, තුඩක්, විදනා, ලෙසින්, වේදනා, හැඟීමක්, හැමදාම, සඟවා, කවදා, කෙල්ලෙක්, හොයා, ගත්තම, ස්වභාවිකයි, ස්වභායෙන්ම, ලැදියි, ආදරයට, හැබැවට, අත්දකින්නේ, බැඳීම, බලමින්, දියණිය, කඩා, 31ක්, පුතාට, අයිස්ක්, රීම්, පෙට්ටියකින්, පිරෙන්නට, දාම, උදේ, කඩන, ශිත, කරණයේ, කරනවා, ඒවාට, කාරයෙක්, සිටිනවානම්, නැතහොත්, වසය, ඔනෑම, සිටියත්, මොහොතකම, අගනාම, වටිනා, ගැහැණියටකට, පහදාගන්නට, සිදුවුනු, ඇයගෙන්, සිදුවන, අඩුපාඩුවකට, ගරහන්නේ, කිසිවෙකු, යුතුයැයි, නූගත්, මානසිකත්වකට, පත්විය, යුතුද, කුසෙහි, වැඩෙන, කළලය, රකිමින්, අනේකවිද, දුක්, කන්දරාවක්, දරා, උතුම්, නාම, පදයෙන්, හඳුන්වන්නට, පටන්ම, කුසගින්න, සුවපහසුව, රුව, නොතකා, ජීවියෙකු, කැප, ලොව, ජීවී, විශේෂය, මව්වරුන්, නිදි, නොමැති, රැය, ගෙවා, පුඩු, රිදුම්, දෙද්දීත්, පොවා, ඇහැරීගෙන, ලිප, ගිණි, පොර, බදා, සියල්ලන්ගේම, කුසපුරවන්නී, ඇයයි, කුසින්, දරාගෙන, අනෙකා, අනිත්, වඩාගෙන, පුතුන්, යන්නිය, ඇයමයි, දැලි, වැවෙද්දි, කපන්නට, සුදුහඳුන්, උරගා, කිරිබතුත්, උයා, සතට, සැමරු, මඟුල්, කපුවන්, පසුපස, යමින්, දන්නා, අඳුනනට, අයටත්, කියමින්, යන්තම්, වැවෙන, දියනියක්, සොයන්නට, මුලින්, වන්නේත්, පෝරු, මස්තයෙන්, බැස, පතිනියක්, කැන්දාගෙන, නොඉඳුල්, කෝප්පය, පොවන්නෙත්, එතැන්, දැරූ, රන්, කිරුළ, කටු, කිරුළක්, හිස, පළඳවන්නේ, මිනිසාගේ, ආරම්භයේ, නොනවත්වාම, හෙටටත්, නොවෙනස්, ගැටුම, ලේලිය, පවතින, සීතල, යුද්ධයයි, ජාල, සමූහයන්හී, සැරිසරනවිට, දක්නට, ලැබෙන්නේ, වරුන්, කමෙන්ටු, පෝස්ටු
Text of the page (random words):
තුරු ප් රථිපලයක් ලෙස ඇති වන මෙම සුළු සුළු සිදුවීම් මෙලස සමාජ අඩවි තුලට ගෙනැවිත් බෙදා හදාගැනීම තුලින් එවැනිම වට පිටාවක් සහිත සියල්ලන් තමා තුල ඇති පීඩාවන් ඇඟිලි තුඩින් පිට කිරීම ඇතැම් විට පිටතින් බලනා කෙනක්ට සංවේදනාත්මක දෙයක් විය හැකියි පෞද්ගලිකව මාද අතීතයේ බොහෝ පීඩා කාරී අවස්තාවන්වල මෙවන් ක් රියා කල වාර අනනන්තයි නමුත් කාලයා විසින් මා හට තේරුම් කල දෙයක් අද මම ඔබට කියන්නම් පුතෙකුගේ මවක් වූ පසු ඉතාමත්ම කුඩා පුතුගේ ආදරෙන් මත්වී සිටින මම හිතේ පුංචි කොනක ඉදිකටු තුඩක් විදනා ලෙසින් වේදනා දෙන හැඟීමක් හැමදාම සඟවා සිටිනවා කවදා හරි කෙල්ලෙක් හොයා ගත්තම මට මේ තරමට ආදරේ නැති වෙයි සැබැවින්ම එය ස්වභාවිකයි පුතෙක් ස්වභායෙන්ම තමන්ගේ මවට බොහොම ලැදියි ආදරෙයි අම්මා කෙනක්ට තමන්ගේ සැමියාගේ ආදරයට වඩා දැනෙන්නේ පුතෙකුගේ ආදරය එය මම හැබැවට අත්දකින්නේ මගේ මව සහ සොයුරා අතර ඇති බැඳීම දෙස බලමින් දියණිය වූ මට ගෙදර පාත්තියෙන් ස්ටෝබෙරි ගෙඩි දෙකක් කඩා දෙන විට ඇය අවුරුදු 31ක් හුරතල් කල සුරතල් පුතාට අයිස්ක් රීම් පෙට්ටියකින් එකක් පිරෙන්නට සෑම දාම උදේ පාන්දර පාත්තියෙන් කඩන ස්ටෝබෙරි ගෙඩි ශිත කරණයේ එකතු කරනවා ඒවාට අයිති කාරයෙක් සිටිනවානම් මාගේ සොයුරා නැතහොත් මාගේ වසය දෙකක් වූ සුරතල් පුතා පමණයි සැබැවින්ම ඔනෑම මවකට කුමන වයසක සිටියත් තමන්ගේ පුතා හැම මොහොතකම අගනාම වස්තුව ඉතින් එලෙස වටිනා පුතෙකු වෙනත් ගැහැණියටකට අයිති කර දෙන්න තරම් සිත පහදාගන්නට සිදුවුනු මවකට අපි ඇයගෙන් සිදුවන පුංචි අඩුපාඩුවකට මේ තරම් දොස් කියන්නේ මන්ද මේ තරමින් ගරහන්නේ මන්ද කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවන මේ ලෝකයේ සැමියාගේ මව පමණක් සර්ව සම්පූර්ණ විය යුතුයැයි නූගත් මානසිකත්වකට ගැහැණු අපි පත්විය යුතුද ඔබ මෙන්ම ඇයත් තවත් එක් ගැහැණියක් පුතෙකු හැදූ වැඩූ මවක් අවුරුදු ගණනාවක් ඇය සාත්තු කල පාත්තියෙන් මල් නෙලන්නේ ඔබ ඉතින් ඔබ පළමුවැනියා වන්නට යාම නෙවෙයිද ගැටුමට හේතුව දයාබර සොයුරියනේ මා ඇත්තෙන්ම මෙය අත්දැක්කා මුල් කාලයේ මමත් මාගේ සැමියාගේ මවට සියුම් ලෙස වෛර කලා වචන වලින් ක් රියාවෙන් ඇයත් මාව බොහෝ රිදවා තිබෙනවා අදටත් එලෙසම සිදුවෙනවා නමුත් මම ඇය දෙස බලන කෝණය වෙනස් කලා ඇය මගේ සැමියාගේ මව ඒ නිසා මටත් ඇය මවක්ම පමණයි ඇය නැන්දම්මා කෙනකු නොවෙයි අම්මා කෙනක් මම මා මෙලොවට බිහිකල මගේම අම්මා ගැන කියන්නම් ඒ අම්මාට මට බනින්න අයිතියක් තියෙනවා මට වැරදි පෙන්නන්න අයිතියක් තියෙනවා අම්මා මගේ හිත රිදෙව්වට මට ඒක දැනෙන්නේ නෑ මොකද මම අම්මට ආදරෙයි අම්මයි මමයි රණුඩු වෙනවා ටිකකින් ආයිත් යාළු වෙනවා ඒ අපිට අපි නැතුව බැරි නිසා මාව මෙලොවට බිහි කල අම්මාට ඇති අයිතියට සම අයිතියක් මාගේ සැමියා මොලොවට බිහිකල අම්මටාත් තිබෙනවා දෙදෙනා දෙදෙනෙකු ලෙස නොව එක් අයෙකු ලෙස දකින්න එය මූනිච්චාවට මුවින් පමණක් නොව හදවතින්ම සිතන්න ඇතැම් විට ආමරු වෙයි ඒත් ඇය කරනා එක හොඳ දෙයකින් ඇයව අගයන්න නිතැනින්ම ඔබට ඇයගේ හොඳ පෙනෙන්න පටන් ගනිවී අද මම මං ගැන කියපු නිසාවෙන් මා ඔබට කියන්නම් මා මගේ සැමියාගේ මවට ආදරය කරන්නට හේතුව උදෑසන 5 30ට නිවසින් පිටවන මම නැවත නිවසට යන්නේ හවස 4 30ට ඒ වන තුරුත් ඇය මගේ පුතාව බොහෝම ආදරෙන් බලා ගන්නවා මම බලාගන්නවාටත් වඩා උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව ඉතින් මට මේ ලෝකයේ වටිනාම වස්තුව ඇය අතට දෙන්නට පුළුවන් උනානම් ඇයි මට බැරි ඒ වස්තුව දවල් දවස පුරාවට රකින ඇයට ආදරය කරන්නට ඇයගේ වටිනාම වස්තුව මට දී හිත හදා ගත් ඇයගේ පුංචි නපුරු කමක් ඉවසන්නට මම ඇයට සැබැවින්ම ආදරෙයි මා පමණට ඇය මට ආදරය නොකරනාවා ඇති දියණියගේ තැන මට දෙන්නට ඇයට නොහැකි ඇති නමුත් ඇය මාගේ මව වන්නේ නීතියෙන් පමණක් නොවෙයි මා හදවතින්ම ඇය මාගේ මව සේ සළකනවා මා මුව විවර කරන්නෙ ඇය හා රණ්ඩු වන්නට නොවෙයි අපිට නිවසේ එදිනෙදා කටයුතු ගැන කතා කලොත් හැරෙන්නට අන් කිසිවක් කතා කරනවානම් ඒ මාගේ පුතුත් ඇයගේ පුතුත් අතර ඇති සමානකම් පමණයි එය බොහෝම ආශ්වාදජනක සහ ආදරණීය කතා බහක් ඒ තුලින් කලක් එකිනෙකාට මූණට මුලිච්චි වන්නට නොහැකි තරමින් අමනාපෙන් සිටි අප දෙදෙනා නැවත අළුත් සම්බන්ධයක් ගොඩනගා ගනිමින් සිටිනවා බිඳුණු බඳුන් පිරියම් කරන්න අපහසු නමුත් අපිට කැටයම් දමා පළුද්ද වසා දැමිය හැකියි on august 01 2018 2 comments email this blogthis share to x share to facebook share to pinterest jul 21 2018 දරුවා සමඟ කාලය ගත කරන්න kavindya rathnayake admin 18 may දරුවා හඳුනා ගැනීම ලිපි මාලාවේ දෙවැන්න අද අපි කතා කරමු පොඩ්ඩෝ එක්ක කාලය ගත කරන්න පුළුවන් කොහොමද සහ එය දරුවාගේ මානසික වර්ධනයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක ඇතැමි විට රුකියාව නිසා නැතිනම් ගෙදර දොරේ වැඩ කටයුතු නිසා අපි දවසේ බොහෝ වේලාවක් කාර් යබහුලයි ඒ වැඩ අධික කම නිසාම සාමාන් ය කෙනෙක්ගේ කෝප ගැනීමේ සම්භාවිතාවයත් ඉතා ඉහලයි ඉහට උඩින් වැඩ මේ ළමය ඇඟේ එල්ලිලා කියලා දෙමව්පියෝ චෝදනා කරන වාරත් අනන්තයි ඒත් ඔබ දන්නවාද ඔබේ දරුවා ඒ සොයන්නේ ඔබේ උණුසුම බව ඔබේ ආදරය සහ දයාව බව your child always seek for your love and affection එලෙස ආදරය පතා එක දරුවා ඔබේ කාර් යබහුල බව ඔබෙන් දුරස් කර තබනවාද එසේනම් අද සිට මේ පියවර අනුගමනය කර බලන්න දවසේ එදිනෙදා කටයුතු දරුවා සමඟ කරන්න උදාහරණයක් ලෙස උදෑසන අවදි වීමෙන් පසු ඇඳ සකස් කිරීමට කොට්ට පිළීවෙලට තැබීමට දරුවා සම්බන්ධ කරගන්න කුස්සියේ රජාකාරිය කරන විට දරුවාද සම්බන්ධ කරගත හැකි ක් රියාකාරකම්හීදි දරුවාටත් රාජකාරී පවරන්න ශීතකරනයෙන් යමක් ගෙන ඒම බෝංචි වැනි එළවළු පිරිසිදු කිරීම නිවස පිරිසිදු කිරීමේදී දරුවාගේ සෙල්ලම් බඩු පිළීවෙලට තැබීම දරුවාට පවරන්න සැමවිටම නිවසේ එදිනෙදා කටයුතු දරුවාගේද වගකීමක් බව ඔහුට හෝ ඇයට දැනෙන්නට හැරීමෙන් දරුවා වගකීම බාරගැනීමෙන් අනාගතයේදී බැබලෙන තරුවක් වනු නියතයි දරුවාගේ ක් රියාකාරකම් වලට ඔබත් එකතු වෙන්න දරුවා සෙල්ලම් කරන විට ස්නානය කරන විට කෑම කන විට ඔබත් ඔහුට හෝ ඇයට එකතු වෙන්න දරුවා සමඟ ගීත ගායනය අත්වැඩ ක් රියාකාරකම් වැනි සියල්ලට ඔබට හැකි උපරිම දායකත්වය ලබා දෙන්න පාසල් වයසේ දරුවෙකු සමඟ නම් ඔබට ඔවුන්ගේ පාඩම් කටයුතු සමඟ එක්විය හැකියි වීවේකී දිනයක දරුවා සමඟ බැහැරට යන්න මසකට හෝ වතාවක් විවේකී දිනයක දරුවා සමඟ ළමා උද් යානයකට මුහුදු වෙරළකට හෝ නැදැ නිවසකට හෝ රැගෙන යෑමෙන් දරුවා ඒකාකාරී බවින් මිදී අළුත් අත්දැකීම් ලබා ගනු ඇති දරුවා නිදා ගන්නේ වෙනමනම් සතියකට වතාවක් හෝ ඔබත් දරුවා සමඟ නිදාගන්න ඔහුට හෝ ඇයට ඔබේ උණුසුම අත්විඳින්නට අවස්ථාව ලබා දෙන්න දරුවාගේ විනෝදාංශයට ඔබත් එක් වන්න උදා හරණ පොත් කියවීම මුද්දර එකතු කිරීම මල් පැළ සිටුවීම ඉතාමත් වේගයෙන් ගතවන කාලය ගෙවී ගිය පහු වැඩිහිටි වන දරුවන් නැවත මෙලෙස සුරතල් නොපෙන්වනු ඇත අද ඔහු හෝ ඇය ඔබ ගෙන් සොයනා උණුසුම නොසොයනු ඇත ඔබේ දරුවාගේ මේ දිනය මේ මොහොත නැවත ගන්නට බැරි අගනා මොහොතකි සැම තත්පරයක්ම ආදරණිය මතකයක් කරවීමට හැම විට දරුවා වෙනුවෙන් කාලය වෙන් කරන්න on july 21 2018 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels paradise of mom and kids parenting jul 20 2018 ඔබේ දරුවාව හොඳින් හඳුනාගන්න kavindya rathnayake admin 15 may ඔබට දරුවන් කීදෙනෙක් සිටිනවාද එක්අයෙක් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගනනක් කේසේ උවත් පවුලේ හා මිතුරු මිතුරියන් ගේ දරුවන් හා සසඳන කල සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස් බව ඔබ නොදන්නවා නෙවේ දරුවන් සීයයක් අධ් යනය කල විට ඔවුන් සිය දෙනා සිය ආකාරයක් බව පැහැදිලිව හඳුනාගත හැකියි මවගෙන් පියාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ආච්චි හා සීයානේ සමීප අනෙකුත් නෑදෑයින්ගෙන් දරුවා සෑම විටම වෙනස් පුද්ගලයෙකු බව සිතන්න ඔහුට හෝ ඇයට සැමවිට ඔවුන්ගේ ආකාරයට සලකන්නට පුරුදු වෙන්න උදාහරණයක් ලෙස නිවැසියන් සියලු දෙනාම මස්මාංශ අනුභවයට කැමැත්තක් දැක්වුවත් දරුවා එය අප් රිය කරයි නම් එය දරුවාගේ කැමැත්ත බව තේරුම් ගන්න ඒවෙනුවට ආදේශක ආහාර දරුවාට ලබා දෙන්න ඔබේ දරුවාව හොඳින් තේරුම් ගැනීම තුලින් ඔහුගේ හෝ ඇයගේ අවශ් යතාවයන් නිසිලෙස සපුරාලීමටත් එමගින් දරුවාගේ මානසික වර්ධනය නිවසතුලදී යහපත් ලෙස පවත්වාගෙන යාමටත් හැකිවනු ඇත දරුවා නිසි ලෙස තේරුම් ගැනීමට පහත සරළ ක් රම අත්හදා බලන්න දරුවා සමඟ කාලය ගත කරන්න දරුවා කොතරම් සංවේදීදැයි හඳුනාගන්න දරුවාගේ හැඟිම් සංවේදනාත්මකව සලකන්න දරුවාගේ ඇසින් දකින්න දරුවාගේ වර්ධනය සම්බන්ධ ලිපි පොත් පත් කියවා අධ් යයනය කරන්න සම වයසේ දරුවන් දෙස බලා අදහස් ලබා ගන්න දරුවා සංනිවේදනය කරන විට ශබ්ද ලීලාව tone ශරීර භාෂාව body langage හා අභිනය expression හොඳින් අධික්ෂණය කරන්න දරුවන් එකිනෙකටෙ වෙනස් ලෙස භාව ප් රකාෂණයන් දක්වන බව හඳුනාගන්න දරුවාගෙන් නිවැරදි ලෙස ප් රශ්ණ අසන්න නිවැරදි වචන කතා කරන්න දරුවාට අධික ලෙස අවාධානය ලබා දෙන්න ඒ බව දරුවාට හැගෙන්නට දෙන්න දරුවාගේ පරිසරය හා මිතුරු මිතුරියන් පිළීබඳ අවධානයෙන් සිටින්න ඉහත සියලුම ක් රමයන් පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීම් ඉදිරි ලිපිවලදී බලා පොරොත්තු වන්න on july 20 2018 no comments email this blogthis share to x share to facebook share to pinterest labels paradise of mom and kids parenting aug 25 2016 සැමියන්ට හා වෙන්ඩ සැමියන්ට අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ විවාහයට පෙර දින ඔහුට මෙසේ පැවසුවා මගේ හුරතල් පුතේ ඔයා දැන් ලොකු මිනිහෙක් හෙට ඔයාට අලුත් අම්මා කෙනෙක් ලැබෙනවා අලුත් කෝකියෙක් ලැබෙනවා ඒ වගේම ඔයාගේ රහස් සේරම බෙදාගන්න අලුත් කෙනෙක් ලැබෙනවා මීට පස්සෙ මං නෙවෙයි ඔයාගේ ලෝකය එයා ඔයා මට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන්න ඔයා ඒ අම්මගේ තුරුලට යන්න කලින් මට ඔයාට කියන්න කාරනා කීපයක් තියෙනවා ඒ දේවල් ඔයා හෙටින් පටන්ගන්න ගමනට මග පෙන්වයි එක දවසක් ඔයාගේ තාත්තයි මමයි රණ්ඩු උනා දෙන්නම කේන්තියෙන් බැනගත්තා කෑගහහත්තා එයයි මායි දෙන්නම පුදුම කේන්තියකින් උන්නේ කේන්තියෙන්ම මං ඔයාගේ තාත්තට මෝඩයා කියල බැන්නා තාත්තට පුදුමයි එයා ඇහුව ඔයා කොහොමද මට එහෙම කතා කරේ කියල මං කේන්තියෙන් පිපිරී පිපිරී තව හයියෙන් කෑගැහුවා මොඩයා බූරුවා ගොනා පිස්සා ඔය වගේ හැම වචනයක්ම ඔයා හිතන්නේ එයා මොනව කලා කියලද කිසිදෙයක් නොකියා එයා මහ හයියෙන් දොර ඇරගෙන එලියට ගියා මගේ පුතේ එදා එයා මට ගහල මගේ මූණ විරූපී කලා නම් ඔයා අද කොහොමද මෙතන මාත් එක්ක වාඩිවෙලා ඉන්නෙ ඔයා එයාව ඔයාගෙ ආදරණීය තාත්තා කියල පිලිගන්නේ ඔයා එයා ගැන ආඩම්බර වෙයිද එයා එක්ක රණ්ඩු කලා කියලා මට දොස් කියයිද කවදාවත් ඔයාගෙ බිරිදට අතක් උස්සන්න එපා මොන දේ මොන විදියට සිද්ද උනත් මොන තරම් තරහින් බැණ ගත්තත් රණ්ඩු උනත් මොහොතකට ඈතින් ඉන්න හැමදේම ඉක්මනින් හරියාවි කොයි මොහොතක හරි ඇය ඔබ සමග විරුද්ධ උනොත් මේ කතාව මතක් කරගන්න ඒ ඔයාගෙ අම්ම වෙන්නත් පුලුවන් කියලා හිතන්න ඉතින් කතාවේ ඉතිරි ටික තාත්තා පිටවෙලා ගියාට පස්සෙ මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා ඇයි මං එහෙම හැසිරුනේ කියලා අපි එක ඇදේ නිදාගත්තා ඒත් එකිනෙකාට කතා කලේ නෑ ඒත් පහුවදා මං ඔයාගේ තාත්තාට ලං උනා සිද්ද වුනු දේට මාත් කණගාටු වෙන බව පෙන්වන්න මං පුලුවන් හැමදේම කලා කොටින්ම එදා මං එයා ආසම කෑම වර්ග හැදුවා එයා වචනයක්වත් නොකියා මට සමාව දුන්නා ඒ දවසින් පස්සේ කවදාවත් මං තාත්තාට නං පනං කිව්වේ නැහැ එයා කෙරෙයි මගේ ගෞරවය තවත් වැඩි උනා මෙන්න මේ දෙයත් හොදින් අහන්න මගේ පුතේ හැමවිටම ඔයාගේ බිරිද ආරක්ෂා කරන්න ඇය වෙනුවෙන් පෙනීහිටින්න ඔයාලා ඇසුරු කරන්නන් ඇයව අවතක්සේරුවට ලක් කරන්නේනම් එයාව රැජිනක් වගේ නගාලීමේ හැකියාව ඇත්තේ ඔයාට පමණයි කුමන හේතුවක් නිසාදෝ ඔයාගේ සැමුවෙල් මාමා මට මුල් කාලේ බොහෝ අකමැති උනා ඒත් ඔයාගේ තාත්තා ඒ වැරදි වැටහීම් දුරුවෙනකල් මා වෙනුවෙන් සිටියා මං තවත් කතාවක් කියන්නම් දවසක් ඔයාගේ තාත්තගෙ කන්තෝරුවේ යාලුවන්ට අපි රෑ කෑමක් දුන්නා හදිස්සියට මට කෑමට ලුණු දාන්න බැරි වෙලා ඒ වෙලාවේ ඔයාගෙ තාත්තා හිනා වෙවී කිව්වේ මං අසනීපයෙන් ඉන්න නිසා මගේ නෝනා වැඩිපුර ලුණු දාන්නෙ නැහැ අපි අපේ ගානට කෑමට ලුණු එකතු කරගමු කියලා එදා එයා මට අමුත්තන් ඉස්සරහ අවමන් කලේ නැහෑ එයා කිව්ව දේ සනාථ කරන්න එදා එයා ලුණු නැති කෑම කෑවා සමහර වෙලාවට ඔයාගෙ බිරිද බබෙක් වගේ දැනේවි ඇයට තනියම කිසිදෙයක් කරගන්න බැරි වේවි අන්න ඒ වෙලාවට තමයි ඔයා එයා එක්ක ඉන්න ඕනි ඔයා ඔයාගෙ බිරිදගේ හිත කියවන්න පුරුදු වෙන්න එයාව එකතු කරන් යන්න පුලුවන් හැම ගමනටම ඇයව එක්කරගෙන යන්න රස්සවට වගේම එයා වෙනුවෙනුත් වෙලාවක් අනිවාර්යයෙන් තියාගන්න මං දන්නවා ඔයා මට ආදරෙයි ඔයාගෙ හැම ප් රශ්නයක්ම අද වෙනකල් ඉස්සෙල්ල කිව්වෙ මට ඔයාගෙ අම්මට ඒත් පුතේ අදින් පස්සේ ඒ දේවල් වෙනස් කරන්න හැම වැඩකදිම හැම තැනකදිම එයා ඉන්න ඕනි මට කලින් ඔයාගේ දේවල් දැන ගන්න පළමු කෙනා වෙන්න ඕනි එයා ඔයා එයා එක්ක ප් රශ්නයක් දාගත්ත ගමන්ම මාව හොයාගෙන එන්න එපා දවසක් දෙකක් ගියත් එයා එක්ක කතා කරල විසදගන්න ඔයා ඔයා එක්කම කතා කරල ප් රශ්නය තේරුම් ගන්න අන්තිමට කියන්නේ මාසෙකට සැරයක්වත් දෙන්නම එන්න මාව බලන්න මොනදේ උනත් ඔයා හැමදාමත් මගේ පුතා මේ උපදෙස් ඔයාට ලස්සන පවුලක් හදන්න උදව් කරයි අද කාලේ සැමියන්ට කියාපු උපදෙස් ටික කෝක උනත් ලංකාවේ කිසිම නැන්දම්මා කෙනෙක් කියයි කියල හිතන්න අමාරු වචන ටිකක් මේ ඉංග් රීසි ලියමනක් පරිවර්තනය කරද්දි අපේ සංස්කෘතියට නොගැලපෙන කොටස් අයින් කලා බැදපු සහ බැදෙන්නට ඉන්න අයියලා මල්ලිලා කියවලා තේරුම් ගන්න සාම්ප් රදායික නැන්දම්මා ලේලි ගැටුමට හොද පිලියමක් වෙයි ඔන්න තවලම හෙමින් ගමන පටන්ගත්තා අවුරුදු හතරක් වාඩිගහන් ඉදලා https m facebook com story php story_fbid 10206997293319546 id 1495805143 මෙන්න හරිම ලියවිල්ල on august 25 2016 5 comments email this blogthis share to x share to facebook share to pinterest sep 20 2012 දන්න මල් වල නොදන්න පාට on september 20 2012 9 comments email this blogthis share to x share to facebook share to pinterest jun 24 2012 let us learn english හෙවත් ගනු කඩුව එදිනෙදා ජීවිතයේදි ඉංග් රීසි භාෂාව ඔබට කොතරම් වැදගත්ද ඔබ නොයක් ආකාරයේ හේතු කියාවි ඒ අතර මෙන්න මේ වගේ හේතු තියෙන්න පුළුවනි ඉංග් රීසි කියන්නේ විශ්ව භාෂාවක් වීම රැකියාවේ භාවිතයට වෙනත් රටවල සංචාරයේදී වෙනත් ප් රාන්තවල සංචාරයේදී අත්තර්ජාලය හරහා ගණුදෙනු කිරීමේදී ළමයින්ට පාඩම් කියලා දෙන්න මේ අතරින් අද මම කියන්නේ අවසන් හේතුව නිසා ඔබ ඉංග් රීසි දැනුම මුවහත් කර ගත යුතුමයි ඉතින් ඔබත් තමන්ගේ දෙවැනි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න වෙහෙස වෙන කෙනෙකු නම් මම මේ සුදානම් වෙන්නේ ඔබට ඒ සම්බන්ධ උදව්වක් කරන්න ඔබ හිතන්නේ ඉංග් රීසි ඉගෙන ගන්න පුළුවන් හොඳම විදිය කුමක් කියලාද ප් රසිද්ධ ගුරුවරයෙකු වෙත යාමද එසේත් නැතිනම් ප් රසිද්ධ ආයතනයකට ගොස් ඉගෙන ගැනීමද මම හිතන්නේ ඒ ආකාර දෙකට අමතරව ඔබත් යමක් කලයුතු වෙනවා ඒ තමයි භාෂාව භාවිතය ඔබ කෙතරම් දක්ෂ ගුරුවරයෙකු යටතේ ඉගෙනුම ලැබුවත් එයින් කිසිම පලක් වෙන්නේ නැති වෙයි ඔබ භාෂාව භාවිතා නොකරනවානම් ඒත් කොහොමද භාෂාව භාවිතා කරන්නේ ඉගැනිමේ අරමුණින් ඔබ ඔබේ මිතුරන් අතරේ ඉංග් රීසි භාෂාව භාවිතා කලොත් ඇතැමෙක් ඔබව සරදමට ලක් කරන්න තියෙන ඉඩකඩ වැඩියි ඇත්ත සමාජය එහෙමයි අනෙකාගේ අවශ් යතාවය දෙස ඔවුන් බලන්නේ ඒ කෙනාට සිනාසීමට තවත් හොඳ විහිලුවක් විදියට වෙන අවස්ථා එමටයි ඉතින් ඇයි ඔබ කවුරුත් වෙනුවෙන් බලා සිටින්නේ ඔබට ඉංග් රීසි භාෂාව කතා කරන්න පුළුවන් හොඳම කෙනා ඔබම පමණයි ඔබට වැරදුනු විටෙක ඔබ ඔබට සිනා නොවනවා ඇති හොඳයි අතුරු කතා ඇති අපි යමු අද මම කියන්න හදන දේට ඒ තමයි ඔබටම ඔබේ ඉංග් රීසි දැනුම වර්ධනය කර ගන්න පුළුවන් ක් රම හතලිහක් ගැන මම කියලා දෙන්න උත්සහ ගන්නේ මේ ක් රම හතලිහ ගැන අපිට කියලා දුන්නේ දැනට මම සේවය කරන පාසල හෙවත් නුවරඑළිය ලයිසියම් ජාත් යන්තර පාසලේ හිටපු විදුහල්පතිතුමියක් වන පී ප් රකාෂ්පතී මැතිණිය මෙයින් බොහොමයක් අදටත් මම උනත් භාවිතා කරන දේවල් සිංහල මාධ් යයෙන් ඉගෙන ගෙන උසස් පෙළට ඉංග් රීසි විශයට s සාමාර්ථයක් විතරක් ගත්තු මම idm ආයතනයේ edexcel btec ඩිප්ලෝමාව හදාරන්න පළමු දිනයේ පනිත්තියට ගිහින් ඉංග් රීසියෙන් උගන්වන නිසා ආයිත් පන්ති යන්න බෑ කියාගෙන අඬාගෙන ගෙදර ආපු මම ඒ බැජ් එකේ හොඳම සාමාර්ථය අරගෙන බැජ් ටොප් වෙන තරමට දියුණු උනෙත් අද ජාත් යන්තර පාසලක ගුරුවරියක් විදියට වැඩ කරන්න වාසනාව ලැබුනෙත් මා විසින්ම මේ කියන උපක් රම බොහෝමයක් භාවිතා කරපු නිසා අදටත් ඉංග් රීසි කියන භාෂාව මම ඉගෙන ගන්නවා අළුත් ව් යාකරණ නීති අළුත් වචන ඒ හැම දෙයකදීම මේ කියන ක් රම එකක් හරි භාවිතා වෙනවා ඔන්න එහෙනම් ක් රම 40 1 write a news diary එදිනෙදා අහන වැදගත් ප් රවෘත්ති ඉංග් රීසියෙන් ලියන්න උත්සාහ කරන්න 2 sign up for a regular english team ඉංග් රීසි ඉගැන්වීම් කරන පන්තියක් හෝ වෙබ් අඩවියකට නිතර පිවිසෙන්න 3 listen to english music 4 read the lyrics of a song ඉංග් රීසි ගීතවලට සවන් දෙන අතරතුර එහි ගී පද පොතක සටහන් කරන්න නැවත නැවත අසමින් සියළුම පද සටහන් කර ගන්න 5 search only in english අන්තරේජාලයේ සෙවීම් කරන විට ඉංග් රීසි පමණක් භාවිතා කරන්න 6 read a book which already read watches a movie which has dubbed in your own language with english subtitles ඔබ කියවා ඇති පොතක් ගෙන එහි පරිවර්තනය කියවන්න එසේත් නැතිනම් චිත් රපටයක සිංහල හඬ කැවීමද නැවත නරඹන්න 7 read the translation in english skip first 10 pages ඔබ කියවන ඉංග් රීසි පොතෙහි මුල් පිටු 10 අත්හරින්න ඔබට කියවීමේ රුචිය වැඩිවනු ඇත හඳුන්වාදීම පටුන කතෘ ප් රකාශ වැනි දෑ ඔබගේ කියවීමේ රුචිය අඩු කරන්නේනම් 8 read a book with a lot of dialogs දෙබස් බහුල පොත් කියවන්න ඡේද කියවීමේදී ඇතිවන කම්මැලිකම සහ තේරුම් ගැනීමේ අපහසුව මෙහිදී මඟ හැරෙනු ඇත 9 read english language comic ඉංග් රීසි බසින් ඇති විහිලු කතා කියවන්න 10 read english language entertainment guides ක් රිඩා සිනමා සංගීතය වැනි අංශ පිලිබඳ දැන්වීම් මෙන්ම වෙළඳ දැන්වීම් ද ඉංග් රීසි බසින් ඇත්නම් ඒවා කියවන්න 11 read english language magazines ඉංග් රීසි බසින් ප් රකාශනය වන සඟරා කියවීමට හුරුවන්න 12 teach your friends or children some english ඔබගේ මිතුරෙකුට හෝ කුඩා දරුවන්ට ඉංග් රීසි භාෂාව උගන්වන්න 13 have an english radio at home නිවසේදී ඉංග් රීසි බසින් ප් රචාරණය වන ගුවන් විදුලි නාලිකාවන්ට සවන් දෙන්න 14 try to create sentences with the work that you are doing ඔබ කරමින් සිටින කාර් යය හා සම්බන්ධ කුඩා වාක් ය ඉංග් රීසියෙන් තනා...
|