Meta tags:
Headings (most frequently used words):
අපි, 09, උන්, fit, එකේ, 10, 2014, 2013, 11, 2012, බලන, blog, archive, අපේ, බ්ලොග්, ටික, labels, ආපු, ගියපු, බැරකුඩාවේ, කුඩාවට, යූකේ, වලදී, නේවි, එකෙන්, කෑවෙමු, අජියා, හමුවුනෙමි,
Text of the page (most frequently used words):
සෙට් (44), ago (29), years (25), නිසා (23), අපි (22), එකක් (21), එකේ (21), කට්ටිය (17), වගේ (16), වෙලා (16), බස් (16), කියල (16), විධියට (16), අපේ (15), යන්න (14), අපිය (12), වෙන්න (12), වුණා (12), කතා (11), කියන (11), ගැන (9), පාර (9), ඉවර (9), වෙන (9), හරි (9), තිබුණ (9), තැන (9), පුළුවන් (9), අජියා (8), #බ්ලොග් (8), කියලා (8), කලින් (8), නැති (8), තවත් (8), විතර (8), අනිත් (8), තිබුණා (8), නැත (8), බැරකුඩාවේ (7), නම් (7), ගිහින් (7), කරන (7), තියෙන්නෙ (7), මොකද (7), එතන (7), එක්ක (7), අදාල (7), ඇවිත් (7), පින්තූර (7), විය (7), උන් (6), share (6), එකට (6), ඒත් (6), කියන්න (6), එකෙන් (6), වඩා (6), පිටත් (6), වෙනවා (6), තියෙන (6), වෙද්දි (6), තැනට (6), ආපු (5), බොන (5), barracuda (5), මමත් (5), හිටියා (5), කොහොම (5), හොඳ (5), තමයි (5), ටිකක් (5), හිටපු (5), ඒකට (5), එකා (5), එන්න (5), විනාඩි (5), අතරෙ (5), මුහුද (5), කරල (5), වුණත් (5), බයිට් (5), පොෂ් (5), වෙන්නේද (4), වන්නේද (4), කාලා (4), උඹලාය (4), තැන් (4), පොත් (4), කුඩාවට (4), fit (4), facebook (4), ගහලා (4), වුනේ (4), කලේ (4), බලන්න (4), වෙලාවට (4), ඉඳන් (4), සින්දු (4), ඇස් (4), කියනවා (4), දෙක (4), ඉන්න (4), පාරේ (4), පින්වතුනි (4), ආවා (4), උදේ (4), කරන්න (4), ගස් (4), ගොඩක් (4), හැබැයි (4), දෙකක් (4), සාමාන් (4), යයෙන් (4), නිසාම (4), ඇති (4), වෙමු (4), වුණේ (4), විට (4), මේක (4), 275 (4), එකක (4), ඇලකන්ද (4), වීල් (4), අවශ් (4), රයිස් (4), පරිදි (4), කෑම (4), බදාගෙන (4), වීම (4), දෙහිවල (4), ආදරණීය (4), යක්ෂණී (4), බොන්නේ (3), බීලා (3), කරන්නේ (3), සෙට්වුණ (3), සංස්ථා (3), ඕල්ඩ් (3), මාලිමා (3), ක්ලබ් (3), ඇබ්සොලුට් (3), ඇනෝනිමස් (3), set (3), veem (3), seafood (3), අමුතු (3), මගේ (3), කියපු (3), කතාව (3), වෙනකොට (3), ටික (3), 2013 (3), විදිහ (3), blogthis (3), email (3), this (3), සිංහල (3), කිව්වොත් (3), ඉතිං (3), අරගෙන (3), එකෙක් (3), වැඩිය (3), ගත්ත (3), මෙලෝ (3), කරගන්න (3), නොකරන (3), මදිවට (3), පස්සේ (3), කිව්වෙ (3), දවසක් (3), හැටියට (3), හෙවත් (3), පහල (3), වුනා (3), කොහොමත් (3), කෝල් (3), පාන් (3), ඔන්න (3), එනවා (3), තියාගන්න (3), කට්ටියම (3), ජීවිතේ (3), දේවල් (3), පෝස්ට් (3), කියලයි (3), වගේම (3), සැරයක් (3), දෙන්න (3), නමුත් (3), රෙස්ටුරන්ට් (3), යෝජනා (3), කාරණේ (3), බැරි (3), ගහල (3), ආවරණය (3), සෑහෙන්න (3), වෙද්දිත් (3), හිටිය (3), අපට (3), දෙනා (3), පොලිස් (3), මාමි (3), පොරට (3), එතනින් (3), දැන් (3), පොර (3), දීල (3), ෂේප් (3), වශයෙන් (3), වලට (3), පැතුම් (3), මාර (3), සර්විස් (3), චිකන් (3), බියර් (3), මාධ් (3), පැත්ත (3), චාටර් (3), අතට (3), සියළු (3), යුතුය (3), සත්ගුණවත් (3), රහ්මචාරී (3), මරුවා (3), වාසල (3), උගේ (3), පැත්තට (3), රේල් (3), රයිඩ් (3), කාරණා (3), බොන්නට (2), වැටෙන්නේද (2), කන්නේද (2), කන්නට (2), නන්නත්තාර (2), ඉරිසියා (2), අපිව (2), යලිත් (2), වොඩ්කා (2), වයිට් (2), හවුස් (2), මහල්වරාව (2), බකාදි (2), uswetakeiyawa (2), more (2), marx (2), navy (2), club (2), house (2), dehiwala (2), show (2), the (2), සිතුවිලි (2), තීරණය (2), කවි (2), අළුත් (2), එකතු (2), ආතල් (2), දන්සැල (2), zero (2), weeks (2), චිත් (2), වුණාම (2), november (2), march (2), 2012 (2), 2014 (2), දැකලා (2), posts (2), කටේ (2), මාර්තු (2), එනකොට (2), එවුන් (2), පටන් (2), දිහා (2), අස්සේ (2), බුවා (2), සිරා (2), අප්පුඩි (2), දාගත්තා (2), රහක් (2), වෙලාවත් (2), හිටියේ (2), හවස (2), අජියාගේ (2), ටවුන් (2), හෝල් (2), යමු (2), කට් (2), බින්දු (2), ගාලා (2), නාලා (2), අරන් (2), වෙච්ච (2), උඩින් (2), දවස (2), පට්ට (2), එපා (2), ගමන් (2), ගුදමා (2), බෝතලයක් (2), බොන්න (2), ගත්තා (2), මටත් (2), ෂොට් (2), බිව්වා (2), අනේ (2), නිදි (2), දෙන්නෙක් (2), මට්ටමෙන් (2), තිබුනේ (2), අවුලක් (2), කුජීත (2), කින්ද (2), නොවී (2), hare (2), වැඩ (2), විතරක් (2), නොවෙන (2), ඔන්ලයින් (2), මේන්ටේන් (2), වැදගත් (2), එකකුත් (2), ගිය (2), හැමෝටම (2), වෙනස් (2), යනවා (2), අපිත් (2), ඉඳල (2), කොටන (2), තාමත් (2), නෙවෙයි (2), හිතෙන්නෙ (2), ලියන (2), හැම (2), නොතිබුණ (2), වතාවෙ (2), විශේෂ (2), අමරවංශයා (2), මේල් (2), යෝජනාවක් (2), ගෙනාවා (2), අමරෙ (2), උස්වැටකෙයියාවෙ (2), නේවි (2), විස්තර (2), එකත් (2), දාල (2), ගන්න (2), හරියන්නෙ (2), නැතිව (2), ඇයි (2), පස්සෙ (2), ආවෙ (2), සාධාරණීකරණය (2), හෙඩ් (2), තැන්වල (2), අවසානෙදි (2), සෙට්වීම (2), දිනය (2), කොටුවෙ (2), මමයි (2), මලීයි (2), දැනගෙන (2), 45කට (2), දෙන්නා (2), තමන්ට (2), පොරක් (2), එනව (2), එනකල් (2), ගාවින් (2), දැක්ක (2), කලා (2), වැඩේ (2), අන්තිමේදි (2), හෙව්වා (2), මේකෙන් (2), ගමනට (2), හැඳළ (2), හන්දියට (2), හන්දියෙ (2), තියෙනවා (2), ගමන (2), එහෙම (2), නැත්තං (2), දිගේ (2), කියන්නෙ (2), පාක් (2), විධියෙ (2), තැනක් (2), හිතට (2), සම්ප් (2), රාප්ත (2), හැමෝම (2), කළු (2), මෙන්න (2), තිබුණෙ (2), අමතරව (2), යුවල (2), කොක්ටේල් (2), කාන්තාවො (2), හොඳට (2), සුපිරි (2), ඕඩර් (2), 10ක් (2), කන්න (2), මෙතන (2), කාපු (2), බින්දුට (2), බැහැලා (2), වෙනද (2), අවසානයේ (2), රූප (2), එළියට (2), ඔප්ෂන් (2), අමරවංශයාගෙ (2), ඇන්ටි (2), රීල් (2), බලා (2), සඳහා (2), අරක්කු (2), චිලිපේස්ට් (2), අනාගාමික (2), වූයේ (2), ඇටයා (2), කළේය (2), පමණ (2), පසු (2), කෙසේ (2), වෙන්නට (2), ඕපන් (2), බොහොම (2), රැවුලා (2), විලියම්ස් (2), වේලාවක් (2), බැරකුඩාවට (2), වුවත් (2), පොට් (2), හැක (2), කපුටු (2), කොණ්ඩ (2), ඇටමාල (2), බොක්සිනී (2), ටයිසන් (2), මෙනවිය (2), අතර (2), වර්ග (2), වැඩම (2), එබැවින් (2), සාකච්ඡා (2), සඳහන් (2), සමහරුන්ට (2), ඇඟිල්ල (2), නැවිය (2), skip (2), දැක, ගියපු, හලෝ, මචං, වාඩිය, රම්, මොජිටෝ, පිඤැකොලාදා, ගෝල්ෆේස්, කඨිනේ, උණවටුන, අම්බලම, casa, village, labels, all, out, open, පිටමං, බ්ලොගීගේ, ඩයරිය, ජාඩියට, මූඩිය, ජාඩි, කමු, බොමු, අමුතුකතාවක්, කොටස, කතාවක්, රිමෝට්, කන්ට්, රෝලර්, නිම්නය, දීවී, පාර්ශික, වෙළඳ, ගිවිසුම, හිතුවක්කාරිගේ, සිත්, යාය, මැරෙන්නට, කලාය, වෙරෝනිකා, පොත්ගුල, ඔබට, මතකද, අතීතයට, ගමනක්, sithangi, පදවන, සරතැස, නිවූ, කරත්ත, තුන්පත්, රටා, magento, page, layout, මෙහෙමයි, කොළම, write, express, not, impress, මරණය, alien, eyes, crazy, enough, මාගම්, සෝලිය, රාක්කය, වෙනතුරු, නිකමට, නිර්වාණයේ, දොරකඩ, හිඳිමි, සිහින, සෙවනැළි, blood, injected, dreams, ඩැෆඩිල්, verses, from, eternal, twenties, හිපියාගේ, සටහන්, සමාවේ, ලොසින්ජරය, අහපු, මමද, ඇයද, ourselves, and, රෝමයේ, පත්තර, මල්ලිලාගේ, mondo, una, povera, pazza, වඳුරන්ගේ, දියත්, කුලේ, ලියුමක්, ඇබ්නෝමල්, මයින්ඩ්ස්, පුතා, ලීෂාන්ගේ, රෝල, කාලය, ආයේ, පතමි, දුකා, පොඩිහාමිගේ, shimmering, thoughts, වඳවීමෙන්, ගැලවීමට, one, jual, byoote, collagen, depok, sekitarnya, ජීවත්, while, living, year, දුඹුරු, තික්, ගැහැනියකගේ, පාපොච්ඡාරණය, ටොපිය, months, කැනඩා, සුදාරකගේ, අන්තර්ජාල, සටහන, පැල්ලම්, mini, රපටය, බලලා, ඔලුව, ඇතුලේ, ආරම්භ, නෝලන්ගේ, සිනමාව, tales, bohemian, may, july, august, october, december, 2010, 2011, april, september, blog, archive, බලන, subscribe, atom, home, older, ආගන්තුකයා, stranger, අජිත්, කුමාරසිරි, ගායකයෙක්, දෙතුන්, දෙනෙක්ගේ, තිබුනෙම, උන්ගේ, අඬවැඩියාව, ඉවසන්න, බැරිතැන, වැනිදා, සෙට්වුනා, ඉතින්, දෙයියනේ, ගානට, නාමෙල්, මාලිනී, අහිංසක, මාව, හලලා, අසමජ්ජාතිකයෝ, ඕකම, තමා, වෙලාවෙත්, කටට, මොනා, කරන්නද, යාළුවොනෙ, සද්ද, වහලා, ටිකට්, මෝඩයා, වාඩිවුනේ, අජියාට, මැරෙන්න, හදන, ඒකා, කරන්නේවත්, නොකරන්නෙත්, ජාතියේ, වෙලාවෙ, උගුරෙන්, නොපියා, බලන්, ඉන්නවා, අනේද, සංසාරේ, ඒකාට, තියා, සංසාරයක්, සිරාලු, මොනවද, නිකං, කස්ටිය, ගහනකොට, ගැලපෙන්නෙත්, නෑලු, ඇහුවට, ගහන්න, දිගෑරගත්තු, අත්, සාක්කුවේ, නොදකින්, අවිස්සාවෙල්ලේ, දෙකේ, හතරේ, දේහදාරී, දතාවත්, ආවානම්, හිතුනා, ඕකාගේ, අගේ, තේරෙන්නේ, නැතිවුනාට, පතෝලත්, ඕනි, වෙලාවල්, තියෙනවානෙ, මෙච්චර, ඉවසගෙන, සෙට්වෙනවා, බජව්ව, නොදකින්වත්, හිතුවේ, ලස්සන, තාම, මයි, ගුඩ්නස්, ඇස්මට්ටමට, පහලින්, සුදු, පාට, කොටෙක්, පයින්, ගෝරනාඩුව, ඇහුවා, පයිනුත්, පලයන්කෝ, අජියාව, කරලා, මාක්ස්, ඉවරවෙන, අලි, පැටියාත්, කැමති, වුන, එකනේ, දුක, කියන්නේ, ඌත්, කියූ, කොස්, කොටන්නද, දහ්, බහ්, වැස්සේ, යම්තම්, වාහනයක්, රශ්නයක්, මට්ටමට, එකාගේ, ගෙදරට, යන්තම්, දැනටනම්, කුජීතයි, නාන්නෙත්, නැතුව, අන්තර්ජාලයේ, කඩාගෙන, කියපල්ලකො, බලාගෙන, හිටියොත්, මුන්ගේ, බීමේ, කෙලවෙන, ඉක්මනට, ඕනිත්, ටක්, හලාගත්තා, බිව්වට, නෑවා, වාසනාවන්, අසංක, රමණවංශයා, අනික්, තාලෙට, බෙරේ, ගහනවා, නාරිලතා, පුෂ්පේ, සොරි, නිදාගෙන, ඉඳලා, තියෙන්නේ, සිව, නටරාජා, මේවා, පලයන්, පෙරේදා, කිව්වලු, නිදාගත්තා, ගහපු, වෙරිවෙලා, අඩු, වියදමෙන්, වෙරි, පින්වත්තු, ඇහැරෙනකොටත්, විකාර, එසේමයි, වෙනසකට, රතුපාට, හිඳීම, තිබුනා, සිද්ධිය, ලැජ්ජයි, පාරටම, බුවාට, පින්වතා, එහෙමම, කලිසමක්, හදපු, තේක, රෝටන්, වතුසුද්ද, පනිමින්, ගේට්ටුවේ, අගුල, අරින්නටවත්, පමා, වාද්දුවට, තේකක්, කෑල්ලක්, බෝඩිමට, පොඩිත්තනේ, නිමා, එහෙමයි, ඕයි, තමුසේ, එන්නේ, නැද්ද, සුදූ, ලෑස්ති, එනවානම්, පහකින්, නැත්නම්, දන්නවානේ, හැටි, හමුවුනෙමි, වේලෙන්න, නොදී, අමාරුයි, වැඩවලට, කාර්ය, බහුල, පටංගත්තු, ඔහේ, ගාණට, දේකුත්, ඔන්ලයින්ම, හැදිල, රොෆයිල්වලට, හැබෑ, රොෆයිල්, කට්ටියටම, කවුරුත්, අතාරින, එකින්, එහාට, මෙහාට, දෙයක්, ලෝකෙ, සිද්ධ, හිටල, හොයන්න, ගන්නවා, දෙනෙක්ට, බ්ලොගින්, තමන්, පටන්ගත්තු, කාලෙදි, අදහසම, මිනිස්සු, දියුණු, ආකෘතිත්, ගොඩ, දෙනෙක්ගෙ, හිතෙනවා, වුණාට, ලියවෙන්නෙ, සෙට්වීම්, සටහන්වල, ලොකු, වෙනසක්, නැහැ, පහුගිය, කාලෙම, අඩුගානෙ, මාසෙකට, ඉවෙන්ට්වලදි, වෙඩිං, පාටි, ඇරේන්ජ්, කරගත්තු, පාටිවලදි, ගැනම, පබ්ලිෂ්, උවමනාවක්, කාලයක්ම, වේලුනේ, මේකට, සටහනක්, ලියන්න, අන්තිම, වුණ, ජූලි, මාසෙ, මුලදි, එකකින්, මාසයක්, ග්රෑන්ඩ්, සෙට්වෙලා, නොහිටිය, කලිනුත්, කීප, වතාවක්ම, ලොක්කම, ලින්ක්, අදහසක්, මුලින්ම, විරෝධය, දැම්මෙ, පින්තූරවල, මිස, ගතියක්, නොපෙනුන, හිටියට, මරාගන්නවනෙ, ගියාම, විරෝධයට, පේන, මානයේ, තියෙද්දිත්, මුහුදට, වැටක්, මාකට්, හැකියාවක්, තියෙද්දි, මෙයාලා, හේතුවක්, එයාලට, එතනදි, වියදම්, ගාණත්, සලකල, රූමස්සල, පැත්තක, දිග, රිපක්, යෝජනාවත්, සතියක්, ඇදි, ඇදී, අස්සෙ, මඩවේදී, බින්දුවා, හේතු, අයත්, ඔපීසියෙ, ලෝටස්, ලීෆ්, හෝස්, වෙනසකටත්, ඒකමතික, තීරණයකට, මීළඟ, දාගමු, ලංකා, නාවික, හමුදාවෙන්, පවත්වාගෙන, යොදාගත්තෙ, කලින්ම, වෙනි, සෙනසුරාදාව, පොලිසිය, ගාව, හෝල්ට්, ගාවට, වාද්දුවෙ, ඔෆිස්, අටහමාරට, පරක්කු, වෙනව, කලාම, උන්ට, කොල්ලුපිටිය, හරියට, එද්දි, එදා, අමතක, හීනෙන්වත්, නොහිතපු, කරා, අළුත, බැඳපු, ලැක්ටෝ, මාරි, හැව්ලොක්, ටවුම, පැත්තෙන්, කිව්වා, උදේට, සොසේජ්, බනිස්, දෙකයි, කිරි, පැකටුයි, ස්ටෑන්ඩ්, ගුණසිංහපුරේට, හැරෙන, හන්දිය, අවුල්, සහගතයිනෙ, තුන්, රැෆික්, මාමිත්, චැටක්, දානවා, හිතුවෙ, දන්න, චැට, නොවුණ, පොඩ්ඩක්, කිට්ටුවට, බැලුවා, බැලින්නම, චැට්, මාර්ග, නීති, උල්ලංඝණය, පොලීසියෙ, පොරව, අල්ල, ඕඅයිසී, වයසට, ගියාමවත්, ලැබුණොත්, ජීවිතේට, අනතුරක්, කරනවා, අවස්යතාවය, ඇත්තෝ, විමසා, බලත්වා, මාමිට, පරෙස්සම්, වෙයි, පොරගෙ, පරම, හතුරා, බලනවනං, දැන්ම, ඇඳුම්, පැක්, හොඳා, නොහිතන, මොහොතක, පළාතකට, මාරුවක්, ලැබෙන්න, ලියල, දුන්න, කොල, කෑල්ලත්, පිටකොටුවෙන්, අංක, බෝපිටිය, අහන්න, ලැබුණ, දුවන, මුළු, පාරෙම, 8යි, දුවන්නේ, ගාවටම, යනවනම්, පැයක්වත්, යනව, ඉක්මන්, විධියක්, හොයාගෙන, කිබුණා, ගුවන්, තොටුපලට, 107, ඕනනං, රුපියල්, 200ක්, නැත්නං, 20ක්, නතර, ඒකෙම, තනි, තුනක, විහිළුවක්, ගමනෙ, ඉක්මන, බලද්දි, ඇලකන්දෙ, අළුත්ම, අත්දැකීමක්, හුණුපිටිය, නොහොත්, ගුගලෙ, කැනල්, රෝඩ්, මීගමුව, කලපුවෙ, මට්ටක්කුලිය, හරියෙන්, කැළණි, ගඟට, එකතුවෙන, රධාන, පාවිච්චි, කරන්නෙ, ධීවර, කටයුතුවලට, තේරුණා, කිට්ටුව, ධීවරයන්ගෙ, බෝට්ටු, මොනව, දැකල, වැදුණා, කොහොමින්, පාරෙ, පස්, ඇතුලට, ගියා, දේකින්, පුදුම, පුංචිහේවා, මහා, වර්ගයේ, ඩයල්, හීනමානයක්, මොකක්, වැඩකට, තියල, එනවමයි, සෙට්වීමෙදිත්, හිතාගෙන, වරෙන්, හිතාගෙනද, කොහෙද, යන්නත්, පැතුම්ට, අමරවංශ, මහතා, රේවන්, විෂ්මි, පහන්, අවුෆ්, නෝනල, මහත්තුරු, ගල්භූමි, ජරාවක්, කඩල, කාල්ස්බර්ග්, වීදුරු, කීපයකුත්, කැරකෙමින්, කැමැත්ත, අනුව, mai, tai, කැමැත්තෙ, ඒවත්, අප්සෙට්, අදහස, ටිකකින්, ගියේ, සෙට්විල්ලෙ, බවක්, නිසයි, පිරිසිදුයි, පිළිවෙලට, පේන්න, වැසිකිලි, පහසුකම්, මට්ටමක, සේරටම, වැදුණෙ, කාටත්, පුදුමයක්, අපිට, කොහෙ, ගියත්, ඇතුලත, මේසෙට, ලැබෙන, හම්බවෙන්නෙ, ලංකාවෙනං, කරපු, කෙල්ලො, හොරෙන්, බැලුවෙ, රඟපාන්න, තරම්, පෞරුෂයක්, කොල්ලෙක්, බහක්, සපයල, දුන්නා, වීමෙ, අවසාන, භාගෙදි, කරියක්, වේටර්, මලයා, ගෙනත්, තියලා, වෙලාවෙදි, චෝදනා, කෑමත්, ගෙන්නපු, චිකන්වල, ගම්මිරිස්, ලුණු, මික්ස්චර්, දැණුණත්, ඩෙවිල්ඩ්, පෝක්, හොඳම, දේම, නියම, අනුපානෙට, සුපුරුදු, ගැහිලි, කෙරිලි, රේඩියෝ, රපටි, විධග්ග, සාකච්චා, පැතුම්ගෙ, කොලෝනියල්, සංවාදෙ, දිගටම, ඇදුණා, ජින්ජර්, බුබුළු, රටේ, උන්නතියට, අතිශය, දායකමය, සංස්කෘතිකමය, ස්ත්, රීවාදීමය, ධනවාදීමය, පාවුල්වාදීමය, රෙජීමය, කුටුම්භමය, යවේදීමය, රශ්ණෙ, අල්ලපු, මේසෙ, පවුලෙ, කොටට, කොණ්ඩෙ, කපල, ඉන්නෙ, උත්තරේ, හොයන, ඌටම, තමන්ගෙ, පාඩුවෙ, බේබි, පූල්, නාන, නෑමක්, නාගත්තා, කියලත්, දැක්කා, සෙෂන්, එකිනෙකා, ඉඹගෙන, තුරුළු, කරගෙන, කණු, සිමෙන්ති, ලොකයාට, මුහුණ, බැරිව, පර්දාවෙන්, ඔළුව, වහගෙන, ළාමක, රේමණීය, රෞද්, මැරෑටි, එකී, මෙකී, නොකී, රකාර, විධි, මුදල්, හදල්, බේරලා, ආයෙ, කීපයක්, තිබුණට, එකම, එකයි, තරමට, ජනාකීර්ණ, අහල, එකක්වත්, වෙලාව, උනන්දු, වෙනවනම්, කන්ටැක්ට්, හොඳයි, පැය, බාගයක්, ඩිස්පෝසබල්, කැමරාව, කෙනෙක්, එවල, වෙනකල්, එවන්න, ඉන්ටනෙට්, බිස්නස්, කෙරුවාව, ඒකෙ, මිනිස්සුන්ගෙ, වදිනවට, අකමැති, ඔරං, ඔටන්, දැලිපිහිය, ළඳක්, හතර, ගල්වල, ගැහුවා, වෙද්දිම, රැමටික්, නේද, එනකල්ම, අයි, ෆෝන්, මනමාලියො, සුදුසු, අයගෙ, බැළුවා, කොටුවෙන්, ජොලියටත්, දොඩං, බීම, රේවන්ගෙ, යාළුවෙක්, ප්ලාස්ටික්, බෝතලේකින්, ගලා, ජලයේ, ස්නානය, කරන්නත්, සැදැහැ, සිතින්, ගෙවල්, තොලොංචි, හැමදේම, ඔහොම, හැමදාම, ළමයා, බවත්, මදි, පුංචිකමක්, ගුටි, පෙර, සාදර, අනුග්, රහය, පුවක්ඕවිට, ජයවර්ධන, සරත්චන්ද්, පරණ, ඉංගිරිස්වලින්, ලියන්නේ, වතාවක, හීන, මෙතනින්, එක්, වතාවක්, ලන්ච්, යූකේ, වලදී, කෑවෙමු, ඇටයාද, බතලිද, කපුටුකොණ්ඩ, රැවුලාද, කොටාගේ, ගෙදර, පාටියට, කොළොම්පුර, මංගච්චන, දිනයකදී, නැවත, සෙට්විය, යුතු, මාසයක, යාන්තං, 50ක, ඇවෑමෙන්, සකල, වාසී, කාන්තාවන්ට, සෙත්, පැතීමට, යොදාගත්තා, වෙනිදාව, කොළඹ, අවට, ගාණකට, නිදහසේ, තුනක්, සැලකීමෙන්, බැරකුඩා, grill, ක්සේම, භූමිය, සෙටා, ඡන්දයෙන්, සම්මත, පතල්, දතාද, බතලයාද, කොටාද, සහභාගී, රකාශ, නියමිත, දිනයේ, සෙම්බු, තඩියා, සූසා, ටිෂූ, ලිමිටඩ්, මැතිණිය, හන්දියේ, බැරකුඩාවටම, සැපත්, වූවෝය, පසුකරමින්, සිටි, බතලි, දෙදෙනාද, මදකින්, බැරකුඩාගත, බැරකුඩාව, අමාරුවක්, තැනකි, අඹරන, මෝල, ඔෆීශියල්, පාරය, කෙළවරදී, වමට, හැරුණ, පාරෙන්, එහා, බෝඩ්, ලෑල්ල, දිස්, කෝච්චි, පැන, මෙල්ෆර්ඩ්, රෙසන්ට්, 11ටය, රිසවේෂන්, දමන, ලදී, පොඩිය, ගතිය, වැටකින්, උවමනා, වැල්ලට, යන්නට, පුළුවන්ය, වැටට, වැටකේ, පඳුරුවලින්, වීලා, වහලක්, සැලසුම්, සහගතව, හිටවන, කොට්ටම්බා, ගස්වල, කොළ, වලින්, වියනක්, සැදී, රස්ණෙ, අපහසුවක්, දාඩිය, දැමුවේද, බිම, වැල්ල, මේස, පුටු, අයට, අහුරා, දෙනු, ලැබේ, මෙයාලගේ, කැරැට්ටුව, මේන්, තියෙනවාය, පැමිණීමට, නියමිතව, තිබුණු, තුරු, පැයක්, වීමට, නොහැකි, හේතුවෙන්, වොඩ්කාවක්, බකාදියක්, ඇද්දේය, කාන්තාවන්, පුරුෂයින්, සියල්ලෝ, කිසිදු, පැකිලීමකින්, තොරව, තමාගේ, මනාපය, කලවම්, කිරීමට, පාන, තේරුවෝය, ලිකර්, කෑමට, ගත්, බටර්ඩ්, කටල්, ෆිෂ්, වෙජිටබල්, චොප්සුයි, නිර්මාණය, ඩීප්, බීෆ්, එකනං, නමේ, තිබුණේ, කෝකත්, ඕඩරය, මේසයට, කරවීමට, හැකි, දෙයක්ය, අතින්, සේවය, විශිෂ්ඨ, කිව, ෆුඩ්, ලෙස, ගත්තෙ, දැල්ලන්, පමණක්ය, අනික්වා, ඌෂ්ණය, සාකච්ඡාව, අතරේ, දෙවේලකට, රුවුලා, කියා, තිබියදී, සූසාගේ, රැවා, මෙය, ගෙදරක, සිට, කඩිමුඩියේ, කළාය, ලියා, තමුන්නාන්සෙලාගේ, කැඩීමට, නොහැක, ගැඹුරු, දේශපාලන, සැකෙවින්, නැවතීම, යෙහෙකිය, ඔබලාගේ, මනදොල, නාසය, දිව, ශරීරය, සන්තර්පනය, කරනු, වස්, ෂෝට්, නෝට්, පහතින්, කරුණාවෙන්, සලකන්න, මාපට, අතේ, ඇඟිලිවල, මුල්, පුරුක්, පමණක්, හැකිය, සමහරු, ආත්ම, රකාශණ, යයක්, භාවිතා, කරනවාය, බුලත්, කන්නෝ, ආණ්ඩු, විරෝදියෝය, මහින්ද, මාමාගේ, ලෝගෝව, කන්නෝය, ක්වන්ටින්, ටරන්ටිනෝ, සිනමාත්මක, භාවිතයෙන්, චරිත, සිදුවීම්, ගොඩනැංවීම, කරුණු, සම්බන්ධයෙන්, ලොව, විශිෂ්ඨතම, තිර, රචකයා, අධ්, යක්ෂකවරයා, වන්නේය, සීයක්, දමා, මාරු, පැමිණෙන්නෝ, මිත්, රෝහියෝය, යවේදියෝ, ගෑණුන්ට, චණ්ඩි, පාට්, දමන්නේ, පලවෙන, පරිවර්තන, කියවනවාට, අමාරුවෙන්, කඩ්ඩෙන්, කියවන්න, පුරුදු, නුවණට, හුරු, මල්බෝරෝ, සිගරට්, මුලින්, සැරයි, දැණුනාට, මරුය, ගෑණු, ගාගත්තම, පිරිමින්ට, අන්තය, ෆයිනල්, මැච්, දිනනවාය, යනු, හිටි, එකෙකුට, නමකි, මෙම, නොයෙක්, කරමින්, බෝතල්, කෑන්, කීපයක්ද, කිලෝ, පමණද, හිස්, කිරීමෙන්, ගාණක, බිලක්ද, ගෙවා, බැරකුඩාවෙන්, ගාළු, පාරට, පිවිස, උවමනාව, බස්වල, එල්ලී, විසිර, ගියෝය, ඔහොමය, yamu, මිතුරුකම්, පෙරේත, හතුරුකම්, අජූත, ආදරය, ගලනා, සහෝදර, කම්, සොයා, යන්නන්ගේ, පරම්පරාව, නියෝජනය, කරන්නෙමු, sidebar, main,
Text of the page (random words):
ෙ නැත අපහසුවක් නැත දාඩිය දැමුවේද නැත බිම වැල්ල මත මේස සහ පුටු සෙට් වෙන අයට අවශ් ය පරිදි අහුරා දෙනු ලැබේ වැඩිය කියන්න බෑ ය මෙයාලගේ කැරැට්ටුව මේන් මේ තැන්වල තියෙනවාය yamu lk facebook barracuda barracuda lk ඒ වන විට කපුටු කොණ්ඩ රැවුලා සහ උගේ ආදරණීය යක්ෂණී හෙවත් ඇටමාල බොක්සිනී ටයිසන් මෙනවිය පැමිණීමට නියමිතව තිබුණු අතර උන් එන තුරු තවත් පැයක් චාටර් වීමට නොහැකි වීම හේතුවෙන් බ් රහ්මචාරී මරුවා ඇබ්සොලුට් වොඩ්කාවක් සහ බකාදියක් එළියට ඇද්දේය කාන්තාවන් සහ පුරුෂයින් සියල්ලෝ කිසිදු පැකිලීමකින් තොරව තම තමාගේ මනාපය පරිදි කලවම් කිරීමට අවශ් ය පාන වර්ග සහ කෑම වර්ග තේරුවෝය බැරකුඩාවේ ලිකර් නැත බියර් ඇත කට්ටිය කෑමට ගත් බටර්ඩ් කටල් ෆිෂ් වෙජිටබල් චොප්සුයි ෆ් රයිඩ් චිකන් සහ ෆ් රයිඩ් රයිස් සුපිරි නිර්මාණය ඒත් ඩීප් ෆ් රයිඩ් බීෆ් එකනං නමේ හැටියට තිබුණේ නැත ඔය කෝකත් ඕඩරය දී මහ වේලාවක් යන්න කලින් මේසයට වැඩම කරවීමට හැකි වීම විශේෂ දෙයක්ය ඒ අතින් බැරකුඩාවේ කෑම සහ සේවය විශිෂ්ඨ බව කිව යුතුය කෙසේ වුවත් සී ෆුඩ් ලෙස කට්ටිය ගත්තෙ දැල්ලන් පමණක්ය අනික්වා ඌෂ්ණය කට්ටිය අතර සාකච්ඡාව යන අතරේ දෙවේලකට කපුටු කොණ්ඩ රුවුලා සහ උගේ ආදරණීය යක්ෂණී ඇටමාල බොක්සිනී ටයිසන් මෙනවිය සම්ප් රාප්ත විය යන්න ඔන්න මෙන්න කියා තිබියදී පාන් ඕපන් සූසාගේ ආදරණීය යක්ෂණී රැවා ඇන්ටි මෙය ද මළ ගෙදරක සිට කඩිමුඩියේ වැඩම කළාය කට්ටිය කතා කල දේවල් ලියා ඔබ තමුන්නාන්සෙලාගේ ආතල් කැඩීමට නොහැක එබැවින් එම ගැඹුරු දේශපාලන සාකච්ඡා සැකෙවින් සඳහන් කර නැවතීම යෙහෙකිය එබැවින් ඔබලාගේ මනදොල ඇස කණ නාසය දිව ශරීරය සන්තර්පනය කරනු වස් එම කාරණා ෂෝට් නෝට් වශයෙන් පහතින් සඳහන් කරන බව කරුණාවෙන් සලකන්න සමහරුන්ට මාපට ඇඟිල්ල අනිත් පැත්තට නැවිය හැක තවත් සමහරුන්ට අතේ ඇඟිලිවල මුල් පුරුක් පමණක් නැවිය හැකිය තවත් සමහරු ඇඟිල්ල ආත්ම ප් රකාශණ මාධ් යයක් විධියට භාවිතා කරනවාය බුලත් කන්නෝ ආණ්ඩු විරෝදියෝය උන් මහින්ද මාමාගේ ලෝගෝව කන්නෝය ක්වන්ටින් ටරන්ටිනෝ සිනමාත්මක රූප භාවිතයෙන් සහ චරිත සහ සිදුවීම් ගොඩනැංවීම යන කරුණු සම්බන්ධයෙන් ලොව විශිෂ්ඨතම තිර රචකයා අධ් යක්ෂකවරයා වන්නේය සීයක් දමා මාරු වෙන්නට පැමිණෙන්නෝ මිත් ර ද් රෝහියෝය සියළු මාධ් යවේදියෝ ගෑණුන්ට චණ්ඩි පාට් දමන්නේ නැත දැන් දැන් පලවෙන සිංහල පොත් සහ පරිවර්තන කියවනවාට වඩා අමාරුවෙන් හරි කඩ්ඩෙන් කියවන්න පුරුදු වෙන එක නුවණට හුරු ය මල්බෝරෝ සිගරට් මුලින් සැරයි වගේ දැණුනාට සෙට් වුණාම මරුය ගෑණු අරක්කු කටේ ගාගත්තම පිරිමින්ට අන්තය ෆයිනල් මැච් එක දිනනවාය ඇනෝනිමස් යනු එතන හිටි එකෙකුට කියන තවත් නමකි මෙම කාරණා සහ තවත් නොයෙක් කාරණා සාකච්ඡා කරමින් බෝතල් දෙක සහ තවත් බියර් කෑන් කීපයක්ද කෑම කිලෝ 10ක් පමණද හිස් කිරීමෙන් පසු බර ගාණක බිලක්ද ගෙවා හවස 4ට පමණ කට්ටිය බැරකුඩාවෙන් පිටත් විය ගාළු පාරට පිවිස තම තම උවමනාව පරිදි බස්වල එල්ලී කට්ටිය විසිර ගියෝය බැරකුඩාවේ කුඩාවට සෙට් වුණේ ඔහොමය සෙට් කලේ hare සෙට් වුනේ 10 25 5 ක් මඩ ගහලා email this blogthis share to x share to facebook විදිහ barracuda dehiwala seafood set veem ඇනෝනිමස් ඇබ්සොලුට් බකාදි බොන වොඩ්කා යූකේ වලදී නේවි එකෙන් කෑවෙමු 9 09 2013 මේ බ්ලොග් එක වේලෙන්න නොදී තියාගන්න අමාරුයි කට්ටියම එක එක වැඩවලට සෙට් වෙලා කාර්ය බහුල වෙලා තියෙන නිසා සෙට් වෙලා පටංගත්තු ගොඩක් වැඩ තියෙන්නෙ ඔහේ යන ගාණට ඒකට කරන්න දේකුත් නෑ ජීවිතේ තියෙන්නෙ ඔන්ලයින්ම විතරක් නොවෙන නිසා ඔන්ලයින් හැදිල තියෙන ප් රොෆයිල්වලට වඩා හැබෑ ජීවිතේ ප් රොෆයිල් මේන්ටේන් කරන එක කට්ටියටම වැදගත් වෙලා මේ වෙද්දි හැබැයි කවුරුත් අතාරින එකකුත් නෑ මේ වෙනකොට ඔන්ලයින් ජීවිතේ බ්ලොග් කියන එකින් එහාට මෙහාට ගිය දෙයක් වෙලා හැමෝටම බ්ලොග් ලෝකෙ අළුත් වෙනවා වෙනස් වෙනවා කට්ටිය එනවා යනවා අමුතු දේවල් සිද්ධ වෙනවා ඒ අතරෙ අපිත් ඉඳල හිටල පෝස්ට් එකක් දෙකක් කොටන ගමන් තාමත් ඒ රහ හොයන්න ගන්නවා සෙට් එකේ ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි බ්ලොගින් ගැන තියෙන්නෙ තමන් බ්ලොග් පටන්ගත්තු කාලෙදි තිබුණ අදහසම නෙවෙයි කියලයි මට හිතෙන්නෙ මොකද සාමාන් යයෙන් නම් මිනිස්සු දියුණු වෙනවා ලියන දේවල් වගේම ලියන ආකෘතිත් ගොඩ දෙනෙක්ගෙ වෙනස් වෙලා කියල මට හිතෙනවා ඒ වුණාට මේ බ්ලොග් එකේ ලියවෙන්නෙ අපේ සෙට්වීම් විතරක් නිසා මේ සටහන්වල ලොකු වෙනසක් වෙන එකක් නැහැ පහුගිය කාලෙම අඩුගානෙ මාසෙකට සැරයක් හෝ දෙකක් අපේ එකා දෙන්න එක එක ඉවෙන්ට්වලදි වගේම වෙඩිං පාටි සහ ඇරේන්ජ් කරගත්තු පාටිවලදි සෙට් වුණා නමුත් ඒ හැම එකක් ගැනම පබ්ලිෂ් කරන්න උවමනාවක් නොතිබුණ නිසාම වෙන්න ඇති මේ බ්ලොග් එක කාලයක්ම වේලුනේ හැබැයි මේ වතාවෙ මේකට සටහනක් ලියන්න හිතෙන්නෙ අන්තිම වතාවෙ අපි සෙට් වුණ තැන විශේෂ නිසා ජූලි මාසෙ මුලදි අමරවංශයා මේල් එකකින් යෝජනාවක් ගෙනාවා සෙට් වෙමු කියල මොකද ඒ වෙද්දි මාසයක් දෙකක් විතර කට්ටිය ග්රෑන්ඩ් විධියට සෙට්වෙලා නොහිටිය නිසා කලිනුත් කීප වතාවක්ම අමරෙ ලොක්කම කියපු උස්වැටකෙයියාවෙ තියෙන නේවි රෙස්ටුරන්ට් එකේ සෙට් වෙමු කියලයි යෝජනා වුණේ ඒ තැන ගැන විස්තර මෙතන තියෙනවා මේ ලින්ක් එකත් දාල තිබුණ නිසා තැන ගැන අදහසක් ගන්න පුළුවන් වුණා නමුත් මේ තැන හරියන්නෙ නෑ කියල මුලින්ම විරෝධය දැම්මෙ මම මොකද පින්තූරවල හැටියට පොෂ් විධියට ලන්ච් එකක් ගන්න මිස අපේ විධියට සෙට් වෙන්න පුළුවන් ගතියක් එතන මට නොපෙනුන නිසා මම මෙලෝ රහක් නැතිව හිටියට අනිත් උන් මරාගන්නවනෙ සෙට් වෙන්න ගියාම විරෝධයට අනිත් කාරණේ වුණේ මුහුද පේන මානයේ තියෙද්දිත් මුහුදට යන්න බැරි විධියට වැටක් ගහල තියෙන එක මුහුද මාකට් කරගන්න හොඳ හැකියාවක් තියෙද්දි මෙයාලා මුහුද ආවරණය කරල තියෙන්නෙ ඇයි කියන එකට හොඳ හේතුවක් ඇති එයාලට කොහොම වුණත් එතනදි වියදම් වෙන්න පුළුවන් ගාණත් සලකල පස්සෙ වෙන යෝජනාවක් ආවෙ රූමස්සල වගේ පැත්තක දිග ට් රිපක් යමු කියලා ඒ යෝජනාවත් සතියක් දෙකක් විතර ඇදි ඇදී තිබුණා ඒ අස්සෙ අපි එක් වතාවක් හෝ පොෂ් විධියට සෙට් විය යුතුය කියන කාරණේ සාධාරණීකරණය කරන්න මඩවේදී බින්දුවා සෑහෙන්න හේතු ටිකක් ගෙනාවා අනිත් අයත් ඒක සාධාරණීකරණය කලේ අපි ගොඩක් විට හෙඩ් ඔපීසියෙ ලෝටස් ලීෆ් වයිට් හෝස් වගේ තැන්වල සෙට් වෙන නිසා වෙනසකටත් එක්ක එතන සෙට් වෙමු කියලයි අවසානෙදි කට්ටියම ඒකමතික තීරණයකට ආවා අපි උස්වැටකෙයියාවෙ මාලිමා ක්ලබ් එකේ මීළඟ සෙට්වීම දාගමු කියලා මේක ශ් රී ලංකා නාවික හමුදාවෙන් පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකක් සියළු විස්තර මෙතනින් දිනය විධියට යොදාගත්තෙ කලින්ම තීරණය වෙලා තිබුණ විධියට 2013 08 17 වෙනි සෙනසුරාදාව කට්ටියම උදේ 9 වෙනකොට කොටුවෙ පොලිසිය ගාව තියෙන හෝල්ට් එක ගාවට එකතු වෙමු කියල කතා වුණා වාද්දුවෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳන් මමයි මලීයි දෙන්න යන්න පිටත් වෙද්දිත් අටහමාරට විතර ඇති කොහොමත් අපි දැනගෙන හිටිය අපට යන්න පරක්කු වෙනව කියල ඒ නිසාම අමරෙ කෝල් කලාම උන්ට යන්න කියල කිව්වෙ අදාල තැනට යන බස් තියෙන්නෙ විනාඩි 45කට විතර සැරයක් කියල කලින් දැනගෙන හිටපු නිසා අපි දෙන්නා කොල්ලුපිටිය හරියට එද්දි එදා දවස තමන්ට අමතක නොවෙන දවසක් කියල හීනෙන්වත් නොහිතපු පොරක් කෝල් කරා ඌ අපේ සෙට් එකේ අළුත බැඳපු ලැක්ටෝ සහ මාරි එක්ක හැව්ලොක් ටවුම පැත්තෙන් එනව කියල කිව්වා මලීයි මමයි දෙන්නා අදාල තැනට ගිහින් උදේට සොසේජ් බනිස් දෙකයි කිරි පැකටුයි ගහල කට්ටිය එනකල් හිටියා ඔය කොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ගාවින් ගුණසිංහපුරේට හැරෙන හන්දිය පට්ට අවුල් සහගතයිනෙ අපි දැක්ක අර තුන් දෙනා ඇවිත් එතන හිටපු ට් රැෆික් පොලිස් මාමිත් එක්ක චැටක් දානවා අපි හිතුවෙ දන්න පොරක් වෙන්න ඕන කියලා ඒත් චැට ඉවර නොවුණ නිසා පොඩ්ඩක් කිට්ටුවට ගිහින් බැලුවා බැලින්නම උං චැට් කරල නෙවෙයි මාර්ග නීති උල්ලංඝණය කලා කියල පොලීසියෙ මාමි අර පොරව අල්ල බැරි වෙලාවත් කලින් වතාවක හීන දැක්ක වගේ පොරට ඕඅයිසී පෝස්ට් එකක් වයසට ගියාමවත් ලැබුණොත් මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් නිසා ඒ කතාව එතනින් ඉවර කරනවා අවස්යතාවය ඇත්තෝ විමසා බලත්වා කොහොම වුණත් ඒ වැඩේ තාමත් අපේ සිරා බයිට් එකක් අර පොලිස් මාමිට පරෙස්සම් වෙන්න වෙයි මොකද දැන් අපේ පොරගෙ පරම හතුරා තමයි ඌ ඒ මාමි මේක බලනවනං දැන්ම ඇඳුම් පැක් කරල තියාගන්න එක හොඳා මොකද නොහිතන මොහොතක ඈත පළාතකට මාරුවක් ලැබෙන්න පුළුවන් කොහොම හරි අන්තිමේදි පොලිස් මාමි ලියල දුන්න කොල කෑල්ලත් අරගෙන කට්ටිය බස් එක හෙව්වා මේ බස් එක පිටකොටුවෙන් පිටත් වෙන අංක 275 බෝපිටිය බස් එක මේක අපට අහන්න ලැබුණ විධියට විනාඩි 45කට විතර සැරයක් දුවන එකක් මුළු පාරෙම බස් 8යි ලු දුවන්නේ මේකෙන් අදාල තැන ගාවටම යන්න පුළුවන් ඒත් මේක සෑහෙන්න කොටන බස් එකක් නිසා මේකෙන් යනවනම් පැයක්වත් යනව ගමනට හැබැයි අපේ පොර ඊට වඩා ඉක්මන් විධියක් හොයාගෙන කිබුණා ගුවන් තොටුපලට යන බස් එකක හැඳළ හන්දියට ගිහින් එතනින් 107 ඇලකන්ද බස් එකේ ඇලකන්ද හන්දියට යනවා ඕනනං එතනින් වීල් එකක රුපියල් 200ක් දීල අදාල තැනට යන්න පුළුවන් නැත්නං අර 275 බස් එක ඇලකන්ද හන්දියෙ විනාඩි 20ක් විතර නතර කරල තියෙනවා ඒකෙම යන්න පුළුවන් තනි බස් එකේ ගමනට බස් දෙක තුනක ගමන විහිළුවක් වගේ වුණත් ගමනෙ ඉක්මන ගැන බලද්දි ඒක වඩා ෂේප් ඇලකන්දෙ ඉඳන් ත් රී වීල් එකේ අදාල තැනට ගිය ගමන අළුත්ම අත්දැකීමක් වුණා ඒ පාර තමයි හැඳළ හුණුපිටිය පාර එහෙම නැත්තං ඇළ පාර නොහොත් ගුගලෙ තිබුණ විධියට කැනල් රෝඩ් එක ඒ පාර තියෙන්නෙ මීගමුව කලපුවෙ ඉඳන් ඇවිත් මට්ටක්කුලිය හරියෙන් කැළණි ගඟට එකතුවෙන ඇළ දිගේ ඒ ඇළ ප් රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ ධීවර කටයුතුවලට කියල තේරුණා ඒ කියන්නෙ ඒ කිට්ටුව ඉන්න ධීවරයන්ගෙ බෝට්ටු පාක් කරන වගේ වැඩ වලට මොනව වුණත් ඒ විධියෙ තැනක් කලින් දැකල නැති නිසාම එතන අපේ හිතට වැදුණා කොහොමින් කොහොම හරි ඇළ දිගේ පාරෙ ගිහින් අපි අදාල තැනට සම්ප් රාප්ත වුණා අපි පස් දෙනා ඇතුලට ගිහින් ඒ වෙද්දිත් ඇවිත් හිටිය අනිත් අය හිටපු තැනට ගියා එතන වෙලා තිබුණ දේකින් අපි හැමෝම පුදුම වුණා පැතුම් පුංචිහේවා ඇවිත් සාමාන් යයෙන් පැතුම් කියන්නෙ අර මහා කළු සිංහල වර්ගයේ ඩයල් එකක් ඌට ඒක මාර හීනමානයක් නිසා තමයි පොර ඉංගිරිස්වලින් පොත් ලියන්නේ ඒක නිසා ඌ සාමාන් යයෙන් මොකක් හරි වැඩකට එනව කිව්වොත් වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල හරි එන එක එනවමයි මේ සෙට්වීමෙදිත් අපි පොරට කියල තිබුණෙ උදේ 6 විතර එන්න හිතාගෙන වරෙන් කියල එහෙම හිතාගෙනද කොහෙද පැතුම් අපි යන්නත් කලින් ඇවිත් තිබුණා පැතුම්ට අමතරව අමරවංශ මහතා රේවන් විෂ්මි යුවල පහන් යුවල බින්දු සහ අවුෆ් කියන නෝනල මහත්තුරු ඇවිත් හිටියා ඒ වෙද්දිත් කට්ටිය ගල්භූමි පරණ අරක්කු මළ ජරාවක් බෝතලයක් කඩල තිබුණා කාල්ස්බර්ග් වීදුරු කීපයකුත් කොක්ටේල් එකකුත් කැරකෙමින් තිබුණා අපිත් ඇවිත් ඒ ඒ කැමැත්ත අනුව සෙට් වුණා කාන්තාවො ටික mai tai කොක්ටේල් එක්ක සෙට් වෙද්දි අනිත් අය කැමැත්තෙ විධියට එක එක ඒවත් එක්ක සෙට් වෙලා හිටියා මේ තැන ගැන මට තිබුණ අප්සෙට් අදහස ටිකකින් නැති වෙලා ගියේ සෙට්විල්ලෙ සහ තැන අමුතු පොෂ් බවක් නොතිබුණ නිසයි තැන ගොඩක් පිරිසිදුයි හොඳට පිළිවෙලට මේන්ටේන් කරන බව පේන්න තිබුණා යන්න තිබුණ වැසිකිලි පහසුකම් වුණත් සුපිරි මට්ටමක තිබුණා සේරටම වඩා හිතට වැදුණෙ සර්විස් එක ඒක අපි කාටත් පුදුමයක් වුණා කිව්වොත් හරි මොකද සාමාන් යයෙන් අපිට කොහෙ ගියත් ඕඩර් එකක් දීල විනාඩි 5 10ක් ඇතුලත ඒක මේසෙට ලැබෙන විධියෙ සර්විස් එකක් හම්බවෙන්නෙ නෑ ලංකාවෙනං අනිත් කාරණේ සර්විස් කරපු එකා ඌ දිහා අපේ සෙට් එකේ කෙල්ලො හොරෙන් බැලුවෙ නෑ කියල කියන්න බෑ ඌ රඟපාන්න තරම් පෞරුෂයක් තිබුණ කොල්ලෙක් වැඩිය කතා බහක් නැතිව අවශ් ය දේ සපයල දුන්නා හැබැයි එකක් කියන්න වෙනවා සෙට් වීමෙ අවසාන භාගෙදි අපි රයිස් එකක් සහ ඒක කන්න චිකන් කරියක් ඕඩර් කලා අපේ වේටර් මලයා රයිස් එක ගෙනත් තියලා චිකන් එක අරන් එන වෙලාවෙදි රයිස් එක ඉවර වෙලා තිබුණා ඒකට ඌට චෝදනා කරල හරියන්නෙ නෑ මෙතන කෑමත් සෑහෙන්න ෂේප් කියල කියන්න පුළුවන් බයිට් එකට ගෙන්නපු චිකන්වල නම් ගම්මිරිස් ලුණු මික්ස්චර් එකේ අවුලක් දැණුණත් ඩෙවිල්ඩ් පෝක් බයිට් එක නම් කාපු හොඳම බයිට් එකක් වුණා හැමෝටම ඒකට දාල තිබුණ හැම දේම නියම අනුපානෙට තිබුණා ඉතිං සුපුරුදු පරිදි අපේ මඩ ගැහිලි බයිට් කෙරිලි සහ රේඩියෝ පොත් චිත් රපටි ගැන විධග්ග සාකච්චා එක්ක පැතුම්ගෙ පෝස්ට් කොලෝනියල් සංවාදෙ දිගටම ඇදුණා ඒ අතරෙ දෙන්නෙක් ජින්ජර් බියර් එකේ බුබුළු හෙව්වා ඒ අතරෙ බින්දුට ආපු වැදගත් රටේ උන්නතියට අතිශය දායකමය සංස්කෘතිකමය ස්ත් රීවාදීමය ධනවාදීමය පාවුල්වාදීමය රෙජීමය කුටුම්භමය මාධ් යවේදීමය ප් රශ්ණෙ තමයි අල්ලපු මේසෙ කෑම කාපු පොෂ් පවුලෙ කාන්තාවො හැමෝම කොටට කොණ්ඩෙ කපල ඉන්නෙ ඇයි කියන එක ඒකට උත්තරේ හොයන එක ඌටම කරගන්න දීල අනිත් අය තමන්ගෙ පාඩුවෙ සෙට් වුණා ඔය අතරෙ අමරවංශයා බේබි පූල් එකක බැහැලා වෙනද නො නාන නෑමක් හොඳට නාගත්තා කියලත් අපි දැක්කා අවසානයේ වෙනද වගේම තිබුණෙ පින්තූර සෙෂන් එකක් කට්ටිය එකිනෙකා බදාගෙන ඉඹගෙන තුරුළු කරගෙන ගස් බදාගෙන කණු බදාගෙන සිමෙන්ති රූප බදාගෙන ලොකයාට මුහුණ දෙන්න බැරිව පර්දාවෙන් ඔළුව වහගෙන පොෂ් විධියට ළාමක විධියට ප් රේමණීය විධියට රෞද් ර විධියට මැරෑටි විධියට සහ එකී මෙකී නොකී නා නා ප් රකාර විධි වලට ඉඳල පින්තූර ගත්තා ඊට පස්සෙ අදාල මුදල් හදල් බේරලා කට්ටිය රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවෙ ආයෙ 275 බස් එකක් එනකල් ඉන්න එන්න ඔප්ෂන් කීපයක් තිබුණට යන්න තියෙන්නෙ එකම එක ඔප්ෂන් එකයි 275 මොකද පැත්ත ඒ තරමට ජනාකීර්ණ නැති නිසා අහල පහල ත් රී වීල් පාක් එකක්වත් නෑ ඒ නිසා වෙලාව ගැන උනන්දු වෙනවනම් ඇලකන්ද හන්දියෙ වීල් එකක කන්ටැක්ට් තියාගන්න එක හොඳයි පැය බාගයක් විතර එතන චාටර් වෙද්දි අපට සෙට් වුණේ අමරවංශයාගෙ ඩිස්පෝසබල් කැමරාව ඒක රට ඉන්න ඇන්ටි කෙනෙක් පොරට එවල රීල් එක ඉවර වෙනකල් පින්තූර ටිකක් ගහල එවන්න කියල ඕං ඉන්ටනෙට් එකෙන් බිස්නස් කෙරුවාව ඒකෙ මිනිස්සුන්ගෙ පින්තූර වදිනවට පොර අකමැති නිසා ඔරං ඔටන් දැලිපිහිය අතට ගත්ත වගේ ඒක අතට ගත්ත අපේ සෙට් එකේ ළඳක් හතර අතට ගස් ගල්වල පින්තූර ගැහුවා රීල් එක ඉවර වෙද්දිම බස් එකත් ආවා මාර ඩ් රැමටික් නේද අන්තිමේදි බස් එකේ එනකල්ම කට්ටිය අමරවංශයාගෙ අයි ෆෝන් එකෙන් මනමාලියො වෙන්න සුදුසු අයගෙ පින්තූර බැළුවා කොටුවෙන් බැහැලා ජොලියටත් එක්ක කට්ටිය දොඩං ඇට බීම බිව්වා ඒ අතරෙ රේවන්ගෙ යාළුවෙක් නිසා බින්දුට ප්ලාස්ටික් බෝතලේකින් ගලා යන ජලයේ ස්නානය කරන්නත් වුණා අවසානෙදි කට්ටිය සැදැහැ සිතින් ගෙවල් බලා තොලොංචි වුණා ඔය හැමදේම ඔහොම වෙද්දි මම හැමදාම වගේ හොඳ ළමයා වගේ හිටිය බවත් කිව්වෙ නැත්තං ඒක මාර මදි පුංචිකමක් ගුටි කන්න පෙර පින්තූර සඳහා සාදර අනුග් රහය ලි පුවක්ඕවිට ර ජයවර්ධන ප සරත්චන්ද් ර සෙට් කලේ hare සෙට් වුනේ 10 29 6 ක් මඩ ගහලා email this blogthis share to x share to facebook විදිහ navy club house set veem uswetakeiyawa අපි ගැන කන බොන මාලිමා ක්ලබ් හවුස් සංස්ථා ඕල්ඩ් සෙට්වුණ තැන් අජියා හමුවුනෙමි 11 09 2012 අජියා අජිත් කුමාරසිරි සිංහල ගායකයෙක් කිව්වොත් අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ගේ කටේ තිබුනෙම මේ නම් උන්ගේ මල අඬවැඩියාව ඉවසන්න බැරිතැන මමත් මාර්තු 25 වැනිදා අජියා බලන්න සෙට්වුනා ඉතින් මමත් දෙයියනේ කියලා ගානට වෙලාවට නාමෙල් මාලිනී එකට අජියා බලන්න යන්න එනකොට අපේ එවුන් අහිංසක මාව හලලා කලින් සෙට් වෙලා බීලා අසමජ්ජාතිකයෝ ඕකම තමා මට ඒ වෙලාවෙත් කටට ආපු නම ඒත් ඉතිං මොනා කරන්නද යාළුවොනෙ කියලා මම සද්ද වහලා හිටියා කොහොම හරි ටිකට් එකක් අරගෙන මමත් මෝඩයා වගේ අජියා බලන්න ගිහින් වාඩිවුනේ අර අජියාට මැරෙන්න හදන එකෙක් ලඟ ඒකා වැඩිය කතා කරන්නේවත් නැති කතා නොකරන්නෙත් නැති ජාතියේ එකෙක් මූ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් උගුරෙන් සින්දු කියන අජියා දිහා ඇස් නොපියා බලන් ඉන්නවා අනේද සංසාරේ ඒකාට සින්දු කියන්න තියා මෙලෝ සංසාරයක් කරගන්න බෑ ඒ අස්සේ අර කතා කරන නොකරන බුවා කියනවා ඌ සිරාලු තව මොනවද කතා මමත් නිකං සිරා වගේ හිටියා ඒ මදිවට කියනවා කස්ටිය අප්පුඩි ගහනකොට ඒක ෂෝ එකට ගැලපෙන්නෙත් නෑලු ඒක ඇහුවට පස්සේ මම අප්පුඩි ගහන්න දිගෑරගත්තු අත් දෙක සාක්කුවේ දාගත්තා හොඳ වෙලාවට මූ ඒක කලින් කිව්වෙ නොදකින් හප හප ඉන්න අර අවිස්සාවෙල්ලේ දෙකේ හතරේ දේහදාරී දතාවත් ආවානම් කියලා මට හිතුනා ඕකාගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි මෙලෝ රහක් නැතිවුනාට පතෝලත් ඕනි වෙන වෙලාවල් තියෙනවානෙ මම මෙච්චර වෙලාවත් ඉවසගෙන හිටියේ හවස ටිකක් සෙට්වෙනවා කියපු නිසා අජියාගේ බජව්ව ඉවර වෙලා යන්න බස් නෑ නොදකින්වත් හිතුවේ ලස්සන දවසක් ඒත් තාම පාරේ මයි ගුඩ්නස් ඒ අස්සේ ඇස්මට්ටමට පහලින් හිටපු සුදු පාට කොටෙක් කියනවා ටවුන් හෝල් එකට පයින් යමු කියලා අජියාගේ ගෝරනාඩුව ඇහුවා මදිවට තව පයිනුත් පලයන්කෝ ඒ මදිවට අජියාව කට් කරලා මාක්ස් ඉවරවෙන වෙලාවට ආපු බින්දු කියන අලි පැටියාත් ඒකට කැමති වුන එකනේ පින්වතුනි දුක කියලා කියන්නේ ඌත් හා කියූ කල මම කියන කතා කොස් කොටන්නද ටවුන් හෝල් එකෙන් දහ් බහ් ගාලා කාලා වැස්සේ නාලා යම්තම් වාහනයක් අරන් අර නම ප් රශ්නයක් වෙච්ච ඇස් මට්ටමට වඩා උඩින් හිටපු එකාගේ ගෙදරට යන්තම් ආවා දවස දැනටනම් පට්ට කුජීතයි මට නම් එපා වෙලා හිටියේ ආපු ගමන් නාන්නෙත් නැතුව අර අන්තර්ජාලයේ ගුදමා කියන එකා බෝතලයක් කඩාගෙන බොන්න ගත්තා කියපල්ලකො පින්වතුනි බලාගෙන හිටියොත් මුන්ගේ බීමේ හැටියට මටත් කෙලවෙන නිසා බොන ෂොට් එක හරි ඉක්මනට බොන්න ඕනිත් නිසා ටක් ගාලා හලාගත්තා බිව්වා බිව්වට පස්සේ නෑවා අනේ වාසනාවන් මම නාලා එනකොට අර ගුදමා හෙවත් අසංක රමණවංශයා කට් වෙලා නිදි අනික් එවුන් දෙන්නෙක් සින්දු කියනවා අර ඇස් මට්ටමෙන් පහල එකා උන් සින්දු කියන තාලෙට බෙරේ ගහනවා එකෙක් නාරිලතා පුෂ්පේ වගේ නිදි ආ සොරි ඌ නිදාගෙන ඉඳලා තියෙන්නේ සිව නටරාජා වගේ මේවා දැකලා පණ පලයන් පෙරේදා කිව්වලු මට එපා වුනා මම නිදාගත්තා කොහොමත් ගහපු ෂොට් එකෙන් මටත් වෙරිවෙලා වගේ තිබුනේ කොහොමත් අපි අඩු වියදමෙන් වෙරි වෙන පින්වත්තු නිසා අවුලක් නෑ උදේ මම ඇහැරෙනකොටත් ඒ විකාර ටික එසේමයි වෙනසකට තිබුනේ අර ඇස් මට්ටමෙන් පහල එකා ටිකක් රතුපාට වෙලා හිඳීම සහ අර කතා කරන නොකරන බුවා ටිකක් කතා කරන්න පටන් අරගෙන තිබුනා ඊට පස්සේ වෙච්ච කුජීත සිද්ධිය නම් කියන්න ලැජ්ජයි පින්වතුනි එක පාරටම අර කතා කරන නොකරන බුවාට කෝල් එකක් ආවා ඕයි තමුසේ එන්නේ නැද්ද අනේ සුදූ එනවා මේ එන්න ලෑස්ති වෙනවා එනවානම් තව විනාඩි පහකින් එනවා නැත්නම් දන්නවානේ මගේ හැටි බලන්න පින්වතුනි ඒ පින්වතා එහෙමම කලිසමක් දාගත්තා හදපු තේක බොන්නේ නැති ක් රෝටන් ගස් 4 කින්ද වතුසුද්ද ගස් 1 කින්ද පනිමින් ගේට්ටුවේ අගුල අරින්නටවත් පමා නොවී වාද්දුවට පිටත්...
|