Meta tags:
Headings (most frequently used words):
2025, monday, 2026, august, thursday, july, saturday, හෙවත්, හැටි, බිත්තිය, pages, වැඩියෙන්, බලපුවා, ලොව, වටා, හොයල, බලන්න, followers, blog, archive, යන, එන, තැන්, 17, 30, april, 20, december, 06, november, 08, 11, 03, tough, guy, book, club, බාර්, එකට, පොත්, ගෙනියමු, මගේ, කාලය, කවුද, කන්නේ, ජිවිතේ, අම්මට, 75, වෙනස්, නොවන, අසරණයෝ, පළමු, යාලුවාගේ, මරණය, හිපියෙකුගේ, නිවන, ලියනාඩෝ, මෙල්බන්, ආපු, the, lume, leonardo, da, vinci, 500, years, of, genius,
Text of the page (most frequently used words):
කියල (91), නැහැ (64), ගැන (63), තමා (57), ago (57), එකක් (50), අපේ (50), කතා (44), අපි (42), පස්සේ (41), හරි (40), තියෙනවා (37), වෙලා (35), කියන්නේ (34), නමුත් (33), මගේ (33), වගේ (33), හැබැයි (31), නම් (31), තියෙන (30), ගිය (29), පුළුවන් (29), ගිහින් (29), වැඩ (29), කරලා (29), කාලේ (29), ඉඳල (28), කියන (28), පොඩි (27), years (26), කරන (26), අම්මා (26), විදියට (25), ගන්න (25), ක්ලබ් (25), ඕනේ (24), බ්ලොග් (24), ඉන්න (24), තියෙන්නේ (23), ගොඩක් (23), වෙන (23), එකේ (23), එහෙම (22), ඉතින් (21), හැටි (21), august (21), දැන් (20), දෙයක් (20), වෙන්න (19), හිතන්නේ (19), අවුරුදු (19), ටික (19), දේවල් (18), the (18), පොත (18), ඇති (18), නැති (18), november (18), යන්න (17), විතර (17), අපිට (17), කෙනෙක් (17), එක්ක (17), ටිකක් (17), කලින් (16), april (16), මාසේ (16), february (16), කරන්නේ (15), හැමදාම (15), ගෙවල් (15), ලොකු (15), ඒවා (14), කළා (14), ලියන්න (14), හිටියා (14), හෙහ් (14), එකට (14), තිබ්බ (14), හිටියේ (14), කරපු (14), පටන් (14), ගියා (14), december (14), june (14), january (14), july (13), සෑහෙන (13), ජිවත් (13), වෙනවා (13), වලින් (13), වෙච්ච (13), සෙට් (13), october (13), එකම (12), හැම (12), මේක (12), නෙමේ (12), තමන්ගේ (12), september (12), වැඩේ (11), බලන්න (11), නැත්නම් (11), ලියල (11), ආපු (11), ආයේ (11), ඉන්නවා (11), නිසා (11), වලට (11), සුදුවා (11), ආවා (11), ගෙදර (11), සුදුලෑ (11), දවස් (11), මොනවා (11), කරන්න (11), රශ්න (11), months (11), තරම් (10), කතාවක් (10), වඩා (10), අවුරුද්දේ (10), දෙක (10), නැතුව (10), ඔක්කොම (10), හිටපු (10), මිනිස්සු (10), උගේ (10), උන්ගේ (10), ගියේ (10), ගෙදරට (10), බඩු (10), 2026 (10), වැදගත් (10), හෙවත් (10), පොත් (10), march (10), may (10), 2025 (9), සමහර (9), හිත (9), ඉවර (9), කරනවා (9), ලංකාවේ (9), කලේ (9), වෙන්නේ (9), ලංකාවට (9), බොහෝ (9), පහුගිය (9), ලෙස (8), ඔවුන් (8), වැඩි (8), ලිපි (8), ජිවිතේ (8), යනවා (8), අනිත් (8), කරගන්න (8), දෙකක් (8), කාලයක් (8), ඉගෙන (8), විට (8), පාර (8), එන්න (8), ලෝකේ (8), මතක් (8), පැත්තේ (8), පොඩ්ඩක් (8), වෙනකොට (8), හොඳ (8), කවදාවත් (8), වත් (8), හැමෝම (8), අලුත් (8), රටේ (8), ඉස්සර (8), අයට (8), ඕඩර් (8), comments (7), posted (7), pathum (7), herath (7), විස්තර (7), තිබ්බා (7), බැරි (7), බැහැ (7), ඇවිල්ලා (7), උනත් (7), අවශ් (7), උනාට (7), විතරක් (7), කුඩා (7), සමග (7), ඇත්තටම (7), අදහස (7), අතර (7), කියවල (7), සිංහල (7), බියගම (7), දාන (7), මිනිස්සුන්ට (7), අසරණ (7), විතරයි (7), දන්නේ (7), එක්කෝ (7), ගමේ (7), ගත්තා (7), උදේ (7), වෙනසක් (7), බොහොම (7), අයියා (7), තමන් (7), days (7), උනේ (6), අරගෙන (6), උනා (6), තිබුනේ (6), කියන්න (6), ගත්තේ (6), හිටලා (6), monday (6), මහණ (6), හිතෙන්නේ (6), කතාවේ (6), ගමන් (6), ඔහු (6), ගන්නවා (6), පොතක් (6), වැඩට (6), හරියට (6), සැරේ (6), මතක (6), හදන්න (6), එනවා (6), කියනවා (6), ගෙදරයි (6), අරන් (6), කට්ටිය (6), මොකක් (6), ජිවිතේට (6), දවසේ (6), හිතෙනවා (6), කොළඹ (6), ජිවිත (6), කාල (6), ඊළඟ (6), පිරිමි (6), ඔෆිස් (6), වෙනුවෙන් (6), and (6), බාර් (6), කොටස (6), දැනට (5), මිට (5), ෆොටෝ (5), ජාතියේ (5), පොස්ට් (5), වැඩක් (5), දාල (5), ඔබට (5), තුනක් (5), වෙලාවට (5), පොතේ (5), ආදී (5), පාරවල් (5), කෑලි (5), මතකයි (5), හිපි (5), කියවන්න (5), මහා (5), හින්දා (5), සුගත් (5), බන් (5), දුකක් (5), ඔයා (5), එපා (5), දිය (5), මෙන්න (5), තිබ්බේ (5), අපිව (5), දුර (5), දීලා (5), වයස (5), ගෙයක් (5), වදයක් (5), හේතුව (5), තාත්තා (5), පරණ (5), හින්ද (5), කිසිම (5), ඔහේ (5), රධාන (5), අවුලක් (5), කැමති (5), වෙනස් (5), ඉන්නේ (5), ගත්ත (5), කියවන (5), ඇගේ (5), එයා (5), තැනක (5), අම්මගේ (5), ගෙන (5), නිතර (5), පෝස්ට් (5), ලියන (5), කාලය (5), රවී (5), චැප්ටර් (5), අගෝස්තු (5), නිකන් (5), විද් (5), thursday (4), චිත් (4), එකක (4), ඔහුගේ (4), තිබුනා (4), තරමේ (4), ලියා (4), කෙනෙකුට (4), තැන (4), පසු (4), එකෙන් (4), හදල (4), මුල් (4), මෙල්බන් (4), තිබුණ (4), මේකට (4), ඔහොම (4), හම්බ (4), දෙන (4), නිවාඩු (4), well (4), තියෙන්න (4), තවම (4), නිවන (4), නිදහස් (4), දකින්න (4), තර්කය (4), සියලු (4), ඈත් (4), පහසු (4), ගමන (4), වශයෙන් (4), තිස්සේ (4), කොහොමද (4), කතාව (4), වචන (4), එහා (4), හිපියෙක් (4), ගණන් (4), දැනෙන (4), ලස්සනට (4), සැප (4), සිතුවිලි (4), හරහා (4), හිර (4), සුද්දෝ (4), එයාල (4), එකතු (4), එච්චර (4), සංස්කෘතිය (4), ළමයි (4), ගෙදරින් (4), වෙද්දී (4), නරක (4), saturday (4), ආස්සරේ (4), හොඳටම (4), හොඳයි (4), මැරුණා (4), මුළු (4), සුදුවගේ (4), හදා (4), ගන්නේ (4), සුදුව (4), එදා (4), අන්තිම (4), දවසක් (4), කෝල් (4), වෙලාවේ (4), එතකොට (4), උණා (4), බුලි (4), ඌයි (4), මායි (4), පළවෙනි (4), දෙන්න (4), කිහිප (4), බලල (4), මුලින්ම (4), මොකද (4), එයාලගේ (4), අම්මට (4), දෙමව්පියෝ (4), ආදරය (4), මුලික (4), අවට (4), මිනිස්සුන්ගේ (4), risk (4), ජනක (4), බෞද්ධ (4), උදව්වක් (4), දෙනවා (4), ඉස්කෝලේ (4), පවුලේ (4), හරිම (4), විසින් (4), ගෙවිලා (4), මාරු (4), එකයි (4), කඩේ (4), 2020 (4), බදාදා (4), චැලේන්ජ් (4), තහනම් (4), කිරීම (4), ඔන්න (4), day (4), ඩිජිටල් (4), අඩවිය (4), weeks (4), සිය (3), පාට (3), immersive (3), අදහස් (3), විදියකට (3), අඩුම (3), නතර (3), අන්තිමට (3), වීඩියෝ (3), බලා (3), සිංහලෙන් (3), තැනක් (3), ගියාට (3), ගන්ඩ (3), not (3), ඕනෙම (3), උපන්දා (3), 1970 (3), නැවත (3), සිටින (3), සත් (3), උනාම (3), නුවර (3), යන්නේ (3), කෙනෙකුගේ (3), වුණ (3), ඊයේ (3), ලියපු (3), කියෙව්වා (3), ආසන්න (3), 20ක් (3), හිතුනේ (3), දක්වා (3), සිත (3), පත් (3), යන්නත් (3), දෙවෙනි (3), දින (3), ලැබෙන (3), පැහැදිලි (3), වීම (3), හිතල (3), අවසන් (3), ජාතික (3), ඔවුන්ට (3), හිතෙන (3), ජීවිතය (3), හිපියෙකුගේ (3), හොයල (3), වෙළඳ (3), හදන (3), කොළ (3), කඩදාසි (3), පැනල (3), රටවල (3), බලපෑම (3), ජනප් (3), රිය (3), දශක (3), ඔලුවේ (3), වෙනකම් (3), දන්නා (3), සුව (3), විඳලා (3), කෙළවර (3), අම්මලට (3), බජාර් (3), හිතාගෙන (3), මාස (3), කිව්වා (3), මාමා (3), දැක්කේ (3), තුන් (3), කොහෙද (3), අම්මලා (3), දැනගෙන (3), බැනල (3), මෙව්වා (3), ගහනවා (3), ගෑනු (3), හෙමින් (3), මාව (3), සතුටු (3), විදියේ (3), ආරංචි (3), බුලියෙක් (3), කෙල්ලෝ (3), කිසි (3), යාලු (3), කරගත්ත (3), කියා (3), කොම්පුටර් (3), අම්මයි (3), සෙල්ලං (3), ඕවා (3), අතින් (3), හොඳට (3), පැත්ත (3), මොකුත් (3), සුදුවට (3), ඉස්සරහ (3), එලියට (3), අමු (3), සාමාන් (3), අක්කා (3), යාලුවෝ (3), කොයි (3), හිතවත් (3), තාමත් (3), ඉලෙක්ට් (3), පොල් (3), අතු (3), හදපු (3), වුණා (3), ඇහුවම (3), හිටිය (3), ඉන්නකොට (3), දුන්න (3), චමින්ද (3), තමන්ට (3), කිව්වොත් (3), වටේ (3), ගාල (3), කිට්ටුව (3), අපරාදේ (3), දැඩි (3), හැමදේම (3), ඇදගෙන (3), ආවේ (3), වගේම (3), ලියන්නම්කො (3), දුන්නා (3), මේකේ (3), මුහුණ (3), වැදගත්ම (3), ගහල (3), ෂොට් (3), කමක් (3), වලදී (3), අයත් (3), කටයුතු (3), අම්මත් (3), බස් (3), වැඩිය (3), නෑදෑයෝ (3), පිරිස (3), පමණ (3), එදාට (3), අම්ම (3), දීම (3), ඕස්ට් (3), රේලියාවේ (3), කොහොම (3), 4ක් (3), ලියනවා (3), ටක් (3), කාලෙකට (3), සිට (3), බලන් (3), ගොඩ (3), බලන්ඩ (3), අමුත්තෙක් (3), කියන්ඩ (3), දවස (3), ගස් (3), හිතේ (3), කියවපු (3), tough (3), guy (3), book (3), club (3), මාසය (3), කියවන්නේ (3), ලබා (3), එකේම (3), කතන්දර (3), නීති (3), වාඩි (3), ඉතිරි (3), කරන්ඩ (3), නැත (3), කලාකරුවන් (3), පුලුවන් (3), කාලෙ (3), this (3), දෙවියන් (3), දුම්රිය (3), වසර (3), 2012 (3), කළු (3), blog (3), month (3), how (3), week (3), නස්රුදින් (3), ලෝකය (3), posts (2), home (2), ඉංජිනේරු (2), නිර්මාණ (2), ආකෘති (2), මිනිස් (2), දක්ෂ (2), අඳින (2), කටු (2), සටහන් (2), ඇස් (2), පින්තුරේ (2), තිබුණු (2), නගරය (2), නැවතත් (2), දැක්ක (2), සමහරවිට (2), දැනුවත් (2), වෙනිදා (2), මෙහෙම (2), රශ්නයක් (2), leonardo (2), vinci (2), වටින (2), විදියටම (2), lume (2), හන්දියේ (2), දුරින් (2), මරු (2), වෙන්ඩ (2), රස්සාවට (2), බොරුවට (2), ගහන්න (2), ඇවිදලා (2), ඇමරිකාවේ (2), හාමුදුරුවෝ (2), ජිවිතයේ (2), සිහියෙන් (2), මෙතන (2), දකින්නේ (2), ඔබේ (2), යක්ෂ (2), නිවන් (2), අවබෝධයක් (2), දෙකේ (2), පස්සෙත් (2), අවබෝධ (2), වැරදි (2), තවමත් (2), එයින් (2), අනුන්ට (2), අඩුයි (2), කමෙන්ට් (2), දැම්මා (2), දාලා (2), බුදු (2), කියපු (2), තේරුම් (2), භාවනාව (2), දවසට (2), කනවා (2), කම් (2), ගැඹුරට (2), භාවනා (2), මධ් (2), දැකපු (2), මෙච්චර (2), දකින (2), ඇමරිකන් (2), යෝගාවචර (2), රාහුල (2), නිදහස (2), විවිද (2), දුක් (2), තරුණයෙක් (2), මත්කුඩු (2), රටවල් (2), නිදහසේ (2), ටිකේ (2), පරිවර්තනය (2), එක් (2), උදේට (2), සුදු (2), දදා (2), දිග (2), කොහේ (2), මොනවාද (2), තරුණ (2), විනාස (2), වීරක් (2), රියා (2), කවද (2), ඇවිදින්න (2), ගහපු (2), කොහොමත් (2), 1960 (2), හිපියෝ (2), ජාතියක් (2), තිබුණේ (2), හිතනවා (2), තියෙනවනම් (2), ලැබෙන්න (2), සතියේ (2), සැරයක් (2), දුක (2), අඬපු (2), මැවිලා (2), පේනවා (2), චරිතේ (2), සෙනසුරාද (2), මැසේජ් (2), විසබීජ (2), වයිෆ් (2), යැව්වා (2), 2024 (2), සුගත්ලගේ (2), අපාය (2), හම්බවෙන්න (2), මැලේසියාවේ (2), දවසක (2), 2023 (2), අසනීප (2), අමාරුවෙන් (2), දෙනෙක් (2), පිට (2), වෙලාවක් (2), නැද්ද (2), බැඳලා (2), දොර (2), ගාවට (2), අන්න (2), ළමයෙක් (2), කාලෙන් (2), එහෙන් (2), මෙහෙන් (2), මනුස්සයෙක් (2), කාලේදී (2), කකුල් (2), ඕනනම් (2), කඩේට (2), ටිකට (2), වරක් (2), එකෙක් (2), කලාපෙට (2), වෑන් (2), ගිටාර් (2), කීබෝඩ් (2), ගහන (2), රස්සාවක් (2), ඕකට (2), ලිව්වා (2), දන්න (2), අවුරුද්දක් (2), එක්කත් (2), ළමයින්ට (2), බෝඩින් (2), කිව්වේ (2), පුතා (2), පන්සලට (2), දිගට (2), අමතක (2), තිත්ත (2), 10ක් (2), ඉස්කෝලෙට (2), සියයට (2), අදටත් (2), නපුරු (2), මාත් (2), හොඳින් (2), මිය (2), දැනුනා (2), ලයිට් (2), රික් (2), දන්නවා (2), යන්තම් (2), මැටි (2), තේරෙන්න (2), පහු (2), මතකේ (2), සංවේගයක් (2), දෙන්නා (2), තුනේ (2), වයසේ (2), පවුලයි (2), තාත්තයි (2), හපුතලේ (2), නැතිව (2), කෑම (2), ගෙනල්ල (2), සෙල්ලම් (2), මරණය (2), සුදූ (2), මොන (2), යාලුවා (2), පළමු (2), නොවී (2), සරල (2), වතුර (2), පළාත (2), ගබඩා (2), තියන්න (2), පළාත් (2), හැඟීමක් (2), ගංවතුරට (2), පළාතේ (2), ගංවතුර (2), පරිදි (2), පිටත (2), නගරයට (2), ගානක් (2), අවුල (2), වැරැද්දක් (2), වෙනුවෙනුත් (2), මහන්සි (2), තැනකට (2), කෙනා (2), දියුණු (2), හැදුනු (2), ගමට (2), පිටින් (2), උන් (2), ඇත්ත (2), වෙනි (2), නගර (2), 20km (2), කොච්චර (2), රධානම (2), ජීවිතයි (2), හදාගෙන (2), සාධක (2), 40කට (2), ආදිය (2), තාම (2), ගෙදරමයි (2), පුංචි (2), එහෙමමයි (2), අපිත් (2), 2016 (2), ලියු (2), සටහන (2), අවුරුද්දට (2), ආතල් (2), ඉඳන් (2), කලාට (2), ඔහෙලට (2), එවැනි (2), ගෙවලා (2), එච්චරයි (2), ශක්තිමත්ව (2), ශක්තිය (2), කවුරුත් (2), මිලියන (2), නෙවෙයි (2), කරගෙන (2), දාන්නම් (2), අවස්තාවක් (2), එතරම් (2), චරිතයක් (2), චරිත (2), අමුතු (2), කොටුවේ (2), වේල්ල (2), කරත්ත (2), රස්සාව (2), හිතුවේ (2), ආච්චි (2), දැකල (2), රජයේ (2), හම්බවෙන්නේ (2), වෙලාවක (2), පිරිසක් (2), එදිනෙදා (2), නෑයෝ (2), පැවැත්තුවා (2), සිටි (2), දෙනෙකු (2), එලි (2), නැතත් (2), එක්කෙනෙක් (2), බාල (2), 2022 (2), උත්සවේ (2), හැමෝටම (2), ආරාධනා (2), නංගි (2), ළමා (2), අලවපු (2), එයාලට (2), තිබුණා (2), පහලින් (2), දානයක් (2), ලැස්ති (2), ආශ් (2), රිප් (2), කඩේකින් (2), ලබන (2), නේද (2), මොනවද (2), ලැප්ටොප් (2), kvm (2), switch (2), ඉන්නවනම් (2), යෑම (2), රස්නයක් (2), දිහා (2), සර්විස් (2), බකට් (2), මටත් (2), එකකුත් (2), 12ක් (2), කිව්වට (2), එයත් (2), හිටියත් (2), අනුව (2), ජනවාරි (2), මෙහෙ (2), ලංකා (2), එකකට (2), මාසෙම (2), නොකරන (2), වීමේ (2), හදිසි (2), වියෝව (2), සුන්දර (2), කාට (2), කවුද (2), වෙනම (2), පලවෙනි (2), කෙනකුට (2), ඉංග් (2), සාමාජිකයෝ (2), facebook (2), සමාජිකයින්ට (2), බෙදා (2), සිද්ද (2), නිල (2), කරන්නෙ (2), රොනික් (2), හොයාගෙන (2), මාසෙට (2), අත්දැකීම් (2), දුස්ටයාගේ (2), රසිඩන්ට් (2), මෙහෙමයි (2), බීම (2), මැද (2), don (2), head (2), වැඩිහිටි (2), විනාඩි (2), වෙන් (2), සම්බන්ධ (2), ඇතුලේ (2), වෙනත් (2), තැන් (2), කඩේකට (2), වයින් (2), ජිම් (2), මේසයක් (2), යාලුවෙක් (2), පොරක් (2), පිරිමින්ට (2), තවත් (2), ලංකාව (2), රටක් (2), රපටි (2), ගෙනියමු (2), show (2), all (2), තොරොක්කෝව (2), තමයි (2), මැලේසියා (2), part (2), යුත් (2), ගුරු (2), ගුරුත්ව (2), තරංග (2), මහාචාර්ය (2), ලිපියක් (2), sri (2), lankan (2), යාත්මක (2), නැගු (2), එහි (2), පොරොන්දු (2), සුරැකුම් (2), හීන (2), මෙන්ඩාට (2), ඉස්කෝල (2), ඉස්කෝලෙ (2), සතිවලට (2), පහත (2), ජේදයේ (2), සඳහන් (2), උපමාව (2), process (2), that (2), very (2), meaning (2), from (2), are (2), ඡායාරුප (2), භූතයන් (2), මෙම (2), කම්කරුවන් (2), බෝම්බ (2), ඇමෙරිකානු (2), වේලාව (2), ගැනීමේ (2), gogreenlk (2), eco (2), friendly (2), products (2), services (2), web (2), directory (2), වෙබ් (2), කියන්නෙ (2), හැඟීම් (2), year (2), වටා (2), පුරා (2), අමුත්තා (2), සටන් (2), යුතු (2), heart (2), යනු (2), හැලපයා (2), බ්ලොගය (2), ඉන්නෙ (2), ජීවිතේ (2), මුල (2), කිව්වෙ (2), ආදරයේ (2), singleton (2), pattern (2), with (2), කියලා (2), නමක් (2), රවීගේ (2), අයිතිය (2), නෝලන් (2), පෙරදිග (2), විදේශ (2), සංචිත (2), පෙට්ටගමින් (2), අනං (2), මනං (2), world (2), අහස් (2), කරුවන්ගේ (2), සුහද (2), image (2), පෑඩ් (2), about (2), කුඹුරු (2), කිහිපයක් (2), have (2), hours (2), පිරි (2), සක් (2), 2010 (2), යනකොට (2), led (2), දුපතට (2), ජපන් (2), රජය (2), camera (2), පිළිගන්න (2), බිත්තිය (2), subscribe, atom, older, වින්චි, රසිද්ධ, ශරීරය, විශ්මය, ජනකයි, ආලේඛ්, පින්තුරය, මොනාලිසාගේ, රංශයේ, ලුවර්, කෞතුකාගාරයේ, මොනාලිසා, වර්ණ, වම්පස, රුපයේත්, රයේ, ඇත්තම, දකුණු, පින්තුරයේත්, මොනා, ලීසා, කොපිය, දර්ශන, නැගල, ෆ්ලොරන්ස්, උඩින්, පියාඹන, ආකාරය, වැඩිහරියක්, වහලවල්, උඩට, වැටිච්ච, අලුත්ම, ඉස්සරහට, මේවා, තියෙයි, පොස්ටුව, නොදැක්ක, පෙන්නන, shows, ජුනි, vincent, van, goah, යන්නම්, හිටියටත්, වෙලාව, data, ලේඛන, පිටපත්, මට්ටමේ, ඔරිජිනල්, එකමද, අමුතුම, අත්දැකීමක්, ඉස්ටේසමේ, පයින්, මාසෙකට, කෝච්චිය, ලඟදි, අවුරුද්දකට, බුද්දිමත්, බුද්ධිමත්, කියක්, බම්බු, හොර, ලෙඩ, ලෙඩක්, නෑනේ, මතකයක්, රස්තියාදු, ලියනාඩෝ, 500, genius, 104, දශකයේදී, හිපියෙකුව, ලංකාවේදී, ඇමරිකාවට, ජීවත්වෙනවා, අවබෝධය, මොහොතකම, කාර්යය, කුමක්, යාවබෝධයට, හේතුවෙනවා, දැකීමට, බලව, බුදුන්, වහන්සේ, මනසින්, ඔබත්, මනසත්, ලොවත්, රත්, අවස්තාවක, මනා, කුමාරි, අයගේ, උනෙත්, බණට, මාර්ගයේ, අවබෝධයට, ලගා, 11කට, තර්කයට, එකඟ, දෙයින්ම, කාවැදිච්ච, වැටහීමක්, අසීමිත, නිදහසකින්, ජිවිතය, නිෂ්පල, දැකීම, නිෂ්පලතා, වීමටත්, කරගත්, දෙය, වටහා, දීමටත්, අයුරින්, හිපියෙකුට, ගිහියෙකුට, මහණෙකුට, බාදක, පමණින්, ලේසි, පෙරේදා, 10කට, ආයෙත්, දීර්ඝ, කමෙන්ට්ස්, අවදියෙන්, හාමුදුරුවන්ගේ, කියවද්දී, යතාවය, කැපවීම, අමාරු, මහණෙක්, ගිහියෙක්, ලිපියේ, දෙකම, නිහඩපාල, මහත්මයා, ලිපියට, හිනයානයට, මහායානය, නේපාලයෙදී, ටිබෙට්, ලාමා, වරුන්ගෙන්, යෝග, වේලක්, නොකා, අල්පේච්ච, මත්, රව්, මනසේ, සැහැල්ලුව, භාවනාවෙන්, එස්, එන්, ගොඑන්කා, තුමාගෙන්, කඳුබොඩ, යස්ථානයේ, නේවාසිකව, ඉඳලත්, අවස්තා, වලදීම, ඔහුට, සිතුනු, අත්හැර, තෙක්, කල්, පන්සල්, මහණුන්, නොපහන්, හැඟීමට, හුදෙක්, භක්තිය, මොළ, සෝදනය, නොව, සැබෑ, විදර්ශනාවකින්, පසුව, තරුණයා, නමින්, පැවිදිවෙලා, විදපු, ඉරිසියා, යුරෝපෙට, එතනින්, ආසියාව, ඇවිදිමින්, ගෙවන, රසවත්, බාවිතය, වෙළඳාම, ගෙනියද්දි, අහුවෙලා, කාන්තාවන්, නියම, ඇමරිකානු, හිමියන්ගේ, ස්වයං, චරිතාපදානය, බලද්දී, හාමුදුරුවොත්, බ්ලොගර්, සරසවි, රකාශනයක්, රැයෙක, නවාතැන, කුරුණෑගොඩ, ධම්මාලෝක, හිමි, one, night, shelter, කොකා, කොලා, කොම්පැනියේ, කලාපේ, ෆැක්ටරි, සංචාරකයෙක්, ඉඩක්, පැති, දුවනවා, හන්දි, හොයා, විනෝදයක්, සෙන්ටිමීටරයක්, රිකෝණාකාර, වරදින, හන්දියකට, පත්තර, හිපියන්ට, ඕෂෝ, බනිනවා, කල්ට්, දැන, මිසක්, අවබෝදෙකින්, වෙමින්, හැකිවුනා, මඩොල්, දුවේන්, අතරට, ඇත්තේ, කියෙව්වට, හිතිලා, හිතුනු, ඉන්නවද, ආසාවෙන්, හිපියන්ගේ, ගංජා, එවුන්, විෂයන්, ඇදිලා, කොල්ලොත්, කෙලින්ම, සංස්කෘතියේ, 2000, සමාජයේ, කෙනක්, කියයි, හිතමු, උඹට, ලැබෙයි, මචං, ස්වර්ගය, දෙව්ලොව, අත්විඳින්න, අපා, සතුට, විඳින්න, නොලැබු, තියෙනවයි, අමාමහ, සැනසීමවත්, උන්ට, ගෙවුණු, කීප, ඇඩුනා, පව්, බයේ, මුනේ, මැරයෙක්, රූපේ, මැවෙන්නේ, රිදුනු, එකෙකුගේ, රුපයක්, කිව්වෙත්, මැරුණේ, විහින්, මැරිච්ච, ඇඟටම, ඉස්පිරිතාලේදී, මැරිලා, තුනකට, කකුල, කැපුවා, එත්, අතේ, පණිවිඩ, දියවැඩියාවට, බෙහෙත්, දොස්තරලා, දෙසම්බරුත්, කෑමට, යද්දී, තාත්ත, ගාමිණි, පුතේ, මිනිසුන්ට, කොල්ලෝ, ආපහු, සුදුවව, කීපයක්, බිලද, කුඩු, ගහලද, වැඩියාව, වැඩිවෙලා, ගෙදරම, ගඳයි, වේදනාවෙන්, ඉඳගෙන, අතගාපන්කෝ, රිදෙනවා, ගගා, සුදුවටත්, බැන්නේ, තාත්තල, 6කට, සතුටින්, ටෙලිපොන්, එව්වා, කෙල්ලන්ට, දෙන්නේ, නම්බරේ, වැට, අයිනට, එන්ඩෝ, ඇවිල්ලම, දුවල, එන්නම්, උන්ගෙන්, සුදුවත්, එනකොට, හම්බුනාට, ගනු, දෙනුවක්, වතාවක්, කුපාඩි, වෙයං, උවමනාවක්, මීටර්, 100ක්, පාස්, අල්ලගෙන, කඩෙන්, ගෙනාපු, බලෙන්, ඇරලා, ගල්, විහිලුවට, දෙවරක්, දේකට, හිංසා, දෙනෙකුට, එහාට, මිනිස්සුන්ව, හයර්, දිව්වා, මියුසික්, ක්ලාස්, දෙල්ගොඩ, හරියේ, දිගටම, ලීඩ්, බෑන්ඩ්, කාලෙක, sounds, කුලියට, මැරෙනකම්, ගත්තේවත්, වයිෆ්ව, ලව්, ලෙටර්, දුන්නේ, කොහොමහරි, කෙල්ලව, වයිෆ්ට, හිනා, වෙවී, ටොයෝටා, හයිඑස්, කැඩිලා, බම්බලපිටියේ, unity, plaza, හවුස්, වෙල, හෙන, යනකම්, හොරෙන්, වැල, පීස්, බලනකොට, ඇන්ටිලා, ගහනකොට, බෝඩිමේ, කෙල්ලටම, ලෙජන්ඩ්, නාන, ලිඳ, පේන, නිරුවත, නාද්දී, රෙද්ද, හදන්නේ, හැරිලා, කාමර, ආදායම්, මාර්ගයක්, සුදුලා, පිටිපස්සෙන්, හැදුවා, ඉගෙනීම, කාලකන්ණි, පලයන්, වැඳලා, වරෙන්, තෝව, මරණව, දැනගනින්, එනකං, ඇහුන, බැස්සෙත්, කුණුහරුපෙන්, බැනගෙන, ගිහන්, ගනේවත්ත, පන්සලේදී, අඬුව, නොවෙන, සිද්ධියක්, දැනුත්, විබාගෙට, අම්මගෙනුයි, තාත්තගෙනුයි, කුණු, හරුපෙන්, බැනුම්, අහද්දී, හැදුවේ, සලකල, හිටියෙත්, අහසයි, අපායයි, හැදුනේ, පරිසරයක, වුණේ, දෙමව්පියන්ගේ, ආදරේ, විතරමයි, ජාන, අවුල්, කර්මය, සර්වබලදාරි, වහන්සේගේ, කැමැත්ත, සියක්, අඩුවෙන්ම, ලැබුනේ, කරුණාවන්ත, රැකවරණය, අයිතිවාසිකම්, සමාජෙට, බරක්, අකාලයේ, අන්ත, අසරණව, මැරෙන්න, සැර, පෙනුනේ, වෙලෙත්, රණ්ඩු, බනින, කුඩම්මා, සැළකුවා, පාළුවක්, විදුලි, මණ්ඩලේ, මනු, කියවන්නෙක්, ඉහලට, කලාද, ඔහුව, බාසුන්නැහැ, ගඩොල්, කාලෙත්, සුදුලට, සිමෙන්ති, කපරාරු, ඒවට, උන්ව, 20දී, ගත්තට, උගෙන්, තනිකර, එක්කම, සහනයකුත්, පන්තියේ, කෑවේ, බිව්වේ, අඳුරගත්ත, අඳුරනවා, බියගමට, පදිංචියට, අසලවැසියෝ, සුදුලයි, සුගත්ලයි, බොන්න, විදියක්, බිම, අහපු, දැනුනේ, යාලුවෙකුගේ, මරණයට, හැඟීම, මගුලටදැයි, අහලත්, හිතලත්, හොඳම, යාලුවාගේ, අසරණයින්ට, සරණ, පින්, විදින්න, චාන්ස්, අඩුවෙනවා, සිටින්න, යතාවයක්, රජයක්, ගැටළු, උත්තර, දෙයි, පලාත්වල, රජයට, දේශපාලනයට, ආරක්ෂාව, පහසුව, සඳහා, කරව, දැනුම, යතාව, හරිය, උසයි, යටවෙන්නේ, කොටුවෙනවා, ගෙදරකවත්, මෝටර්, බෝට්ටුවක්, වැඩිවෙනකොට, යටවෙනවනම්, අත්, යාවශ්, බදු, සංකීර්ණයක්, වියදමක්, නැහැනේ, 5km, කොටුවෙලා, අනුන්ගෙන්, යැපෙන්නේ, පහසුකම්, කාටවත්, සැලසුමක්, සිදුවෙන, හැමදේකින්ම, උදව්, සති, දෙකකට, විනාසයක්, එනකම්, උදාහරනෙකට, යටවෙන, පලාතක්, දසක, 4ටම, සංවර්ධනයක්, වැළැක්වීමටවත්, ගංවතුරක්, ආවම, නිසි, කළමනාකරණය, රමයක්, පලාත, වටරවුම්, පාරේ, exit, රදේශ, සැලකිල්ලකින්, තොරව, බලනකොටත්, පුදුමයි, වැරදියට, ආකල්ප, දේශපාලනයේ, යතා, නොදැනීම, ඒකෙ, ජීවිතේම, හොයන්නේ, කරදරයක්, මහන්සියකින්, ඔවුන්ව, අකමැත්ත, උන්න, අතෑරලා, යන්නෙම, ගන්නනේ, එතන, අතාරින්නෙ, පරම්, පරාවම, තණ්හාය, ජායති, සෝකෝ, වැටිලා, නගරෙට, වෙන්නයි, නගරෙම, ආසන්නයේ, ඉන්නං, වාලේ, ඉන්නයි, මන්ද, පදිංචි, එහෙට, පරම්පරාවෙන්, ගමේම, උපන්, පිටිං, තැනමයි, දෙකේම, prime, location, සැලකෙනවා, තුලම, අවාසනාවන්ත, තියෙනවද, දුම්බර, හේතුවක්, දියුණුව, අබූත, යාප්ත, තරමක්, නොවෙන්න, පරිසර, බලපානවද, රස්සා, යාළුවන්, කීපෙකට, තත්වෙට, දශම, ගානකින්, බොට්ටා, කුප්පි, ලාම්පු, අජ්ජා, ඉන්නෙත්, දොඩ්ඩ, අලුතින්, කලුවරට, උස්ස, බිත්ති, කාලෙම, හදයි, ආයේත්, ඇවිත්, කොටු, වුනු, දෙනාත්, නොවන, අසරණයෝ, ස්ථානය, නොලියන්න, හේතු, අහන්ඩ, විවාහයෙන්, උපදෙසක්, ළමය, අහගෙන, හිටපන්, කියෙව්වනම්, කරුණ, ආගමකට, නොකිරිම, මානාදී, ආගම, භක්තියක්, බයක්, බැඳීමක්, වෙන්නෙත්, රැඩිකල්, පහසුවෙන්, දහම්පාසල්, ජිවිතයෙන්, පෙන්නුවා, උඹලට, හිටපල්ලා, දේවලින්, කාවැදුණු, ඔයාට, ආත්මාර්ථකාමී, පුරුදු, වෙයන්, ශක්තිමත්, ආර්ථික, මානසික, සමබරව, ගැනීම, ඉතා, පතියෝ, යතාවයකදී, කතාවේදී, කරණු, කලොත්, ආදරණිය, ඇරෙන්න, තරහින්, දීමේ, චේතනාවෙන්, බැනපු, කොල්ලෙක්, හදනකොට, රළුවට, හැදුවට, සුමට, පෙනුමෙන්, සමාජ, රළු, නොවුනට, ෆේල්, සමාජයෙන්, approval, validation, නොවීම, සමාජේ, කලත්, හිතවත්ව, ගාන්න, එකෙදීද, කච්චේරි, බිල්ඩින්, දැනෙන්නේ, එක්කගෙන, සාරියක්, වේවි, කච්චේරියේ, දිස්ත්, ලේඛම්, කාර්යාලේ, විදිය, අපිරිසිදුම, පැත්තක්, දැන්නම්, 15කින්, වැස්සට, ගොහොරු, නාටාමිලාගේ, අස්සෙන්, පරම්පරාවේ, දියණියක්, වාසනාවන්ත, කැමතියි, සලකනවා, 40ක්, 60න්, පැන්ෂන්, ආගමන, විගමන, දෙපාර්තමේන්තුවේ, තාත්තගේ, පදිංචිය, එහෙමම, අහිතක්, කලිනුත්, කීයක්, රස්සාවල, nasa, රැකියාවල්, 60ක්, කළාතුරකින්, අවස්ථාවේදී, ඇවිල්ල, 25කට, මමත්, රැස්ව, 80ක්, පැවැත්තුවේ, තිබ්බට, පවත්වල, දක්වන, දවසේදී, උගත්, හැමෝගෙම, රෝල්, මොඩ්ල්, දෙදෙනා, සහෝදර, සහෝදරියෝ, වෙනියා, දෙදෙනාගෙන්, කීපයකට, මල්ලියි, නංගියි, වුනේ, සීයා, කාලේම, පරලොව, සෙනසුරාදා, අවස්ථාවට, හැමදෙනාම, උත්සවය, මිතුරන්, දක්වල, වාසල, නේචර්, රිසෝට්, උපන්දිනේ, දහවල්, පන්සලේ, හාමුදුරු, දෙනමට, දානේ, මසකම, වෙසෙන, තිදෙනාත්, නංගීත්, පුතාත්, වෙනුවෙන්ම, හොටෙල්, බුක්, නෑදැයින්ට, පරණම, මිතුරු, මිතුරියෝ, දෙනෙකුත්, උත්සවයක්, උපන්දිනෙම, ගෙවෙන්නේ, කිරිබත්, අක්කල, ගිහිල්ලා, උයාගෙන, අවස්ථාත්, උපන්දින, නිකන්ම, පෙබරවාරි, 75ක්, පිරුණා, ජිවිතෙන්, පබ්ලිස්, එකත්, මදැයි, දෙයියෝ, මගුලකුත්, ඕකෙන්, පුද්ගලික, ස්විච්, එකකින්, මොනිටර්, මවුස්, ලේසියි, කවුරු, ගැජට්, ගන්නකොට, රෑන්ඩ්, ugreen, වයර්, ගින්දර, ගාන, චුට්ටක්, උසස්, තත්වයේ, කරන්නත්, බෑනේ, පිස්සු, කෙලිනකොට, පාරට, ගන්නත්, උත්තරේ, රෙදි, හේදීම, ගෑම, ඉවීම, ෆිල්ම්, බැලීම, නොයෙක්, පරාස, විහිදෙන, හැබෑටම
Text of the page (random words):
කේ සෑහෙන දෙයක් ලිව්වා හෙහ් හෙහ් බොරුනම් ගිහින් බලන්ඩ හැබැයි මේ අවුරුද්දේ වැඩේ ගොඩ දාගන්නම බැහැ තව පොස්ට් 12ක් විතර ලියන්න පුළුවන් හේතුවකුත් තියෙනවා හැබැයි ඒක පස්සෙම ලියන්නම්කො මම මේ හීතලේ මේක ලියන ගමන් කූල් කරපු තිත්ත කෝපි ටින් එකකුත් බොන ගමන් කල්පනා කලේ ඇත්තටම මොකාද මේ මගේ 20 වසරක් තිස්සේ නොකඩවා කොටාපු බ්ලොග් එකට හෙනේට හිටියේ කියල ඔහෙලා හිතුව හරි දැන් මේ ලෝකේ හැම දේටම හෙනයක් වෙලා තියෙන අයියා තමා මටත් කෙල වෙන්ඩ වැඩේ දීලා තියෙන්නේ උදේ ඉඳල රෑ වෙනකං ඒ අයි යා තමා ඉස්සර නම් වැඩ කරනකොට අපිට එක එක ජාතියේ සොෆ්ට්වෙයා කෑලි අර සර්විස් මේ සර්විස් අර බකට් මේ බකට් ආදී ගොඩක් ජාති තිබ්බා හැබැයි දැන් තියෙන්නේ එකයි ආ a අයියේ මෙන්න මේක පොඩ්ඩක් බලපන් කියල ඉතාම කෙටියෙන් වචන දෙකෙන් තුනේ වැඩේ ගැන කියනවා එච්චරයි ඊට පස්සේ ඉතින් මුළු දවසම මු කරන වැඩේ දිහා බලන් ඉන්නවා ඉඳල හිටලා ප් රස්නයක් දෙකක් ඇහුවට වැඩේ සියයට සීයක් ම කරලා දෙනවා ඉතින් එතකොට වැඩ කරනවා කියල මොනවද හැබෑටම කරන්නේ අන්න ඒක හොඳ ප් රස්නයක් ඕකට උත්තරේ රෙදි හේදීම ගේ අතු ගෑම ඉවීම සිට ඉස්කෝලේ යෑම කඩේ යෑම ෆිල්ම් බැලීම ආදී නොයෙක් පරාස වලට විහිදෙන දවස් තියෙනවා ඉඳල හිටලා a අයියා පිස්සු කෙලිනකොට පොඩ්ඩක් හරි පාරට ගන්නත් තියෙනවා ඉතින් හැබැයි එහෙම දවස් හරි අඩුයි දැන් දැන් නමුත් ඔහොම කඩේ යන එක හැමදාම කරන්නත් බෑනේ ඉතින් මම ගත්තා kvm switch එකක් ඔය ගැජට් කෑලි ගන්නකොට මම ගන්න බ් රෑන්ඩ් එකක් තමා ugreen කියන්නේ මෙච්චර කාලෙකට ගත්ත බඩු වයර් හැමදේම ගින්දර වගේ වැඩ ගාන චුට්ටක් වැඩි උනත් සෑහෙන උසස් තත්වයේ තියෙන බඩු ඔය kvm switch කියන්නේ මොකක් ද කියල දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මෙන්න මේ තියෙන්නේ ඕකෙන් කරන්නේ මගේ ඔෆිස් ලැප්ටොප් එකයි මගේ පුද්ගලික ලැප්ටොප් එකයි එක ස්විච් එකකින් ටක් ගාල මාරු කරගන්න එක එක මොනිටර් එකයි කීබෝඩ් මවුස් ඔක්කොම ටක් ටක් ගාල මාරු වෙනවා හරි ලේසියි හරි ඉතින් ඔහොම මාරු කර කර මොනවද කරන්නේ දෙයියෝ තමා ඉතින් දන්නේ කරන මගුලකුත් නැහැ මේ මාසේ නම් කොහොම හරි මොනවා හරි ලියනවා කියල ගිය මාසේ පටන් ගත්ත පෝස්ට් එක ලබන මාසේ වෙන්න කලින් මේ මාසේ ම කොහොම හරි පබ්ලිස් කරගත්ත එකත් මදැයි නේද ජිවිතේ හැටි posted by pathum herath at thursday july 30 2026 25 comments monday april 20 2026 අම්මට 75 පහුගිය පෙබරවාරි 28 වෙනිදා අපේ අම්මට වයස අවුරුදු 75ක් පිරුණා ඇගේ ජිවිතෙන් 3 4ක් විතර මේ වෙනකොට ගෙවිලා අපේ අම්මා ගැන මම ටිකක් කලින් පෝස්ට් වල ලියල තියෙනවා හැම උපන්දිනෙම වගේ ගොඩක් වෙලාවට ගෙවෙන්නේ ඔය පොඩි කිරිබත් ටිකක් කාල එක්කෝ අක්කල එක්ක කොහේ හරි ට් රිප් එකක් ගිහිල්ලා නැත්නම් ඔය කඩේකින් කාල ගෙදර අවට ඉන්න අම්මගේ නෑයෝ ටික එකතු වෙලා ඔය මොනවා හරි උයාගෙන කාල සෙට් වෙන අවස්ථාත් තිබ්බා ගොඩක් උපන්දින හැබැයි නිකන්ම ගෙවිලා යන ඒවා අපේ අම්මලට ඕවා කොහොම උනත් වෙනසක් නෑ මේ සැරේ 75 නිසා අපි පොඩි වෙනසක් කළා ඕස්ට් රේලියාවේ වෙසෙන අප තිදෙනාත් නංගීත් ඇගේ ලොකු පුතාත් ඒ වෙනුවෙන්ම ලංකාවට ගියා අක්කා ගෙවල් කිට්ටුව තියෙන හොටෙල් එකක් බුක් කරලා ඒ අවට සිටින අපේ සියලු නෑදැයින්ට ආරාධනා කරලා තිබ්බා අම්මා දැනට ආශ් රය කරන ඇගේ පරණම මිතුරු මිතුරියෝ කිහිප දෙනෙකුත් එක්ක අපි පොඩි උත්සවයක් ලැස්ති කළා උපන්දිනේ දවසේ උදේ අම්මා දහවල් දානයක් ලැස්ති කරලා අම්මා නිතර යන එන පන්සලේ හාමුදුරු දෙනමට දානයක් දුන්නා මේ දානේ දීම හැම මසකම වගේ වෙන දෙයක් උත්සවේ ෆොටෝ ටිකක් පහලින් දාන්නම් මේ ඉන්නේ අම්ම මාව දැකල නැති අයට මේ ස්ථානය තමා වාසල නේචර් රිසෝට් අපි උත්සවේ ගත්තේ රෑ සෙනසුරාදා දවසේ හැමෝටම තියෙන වැඩ ටික ඉවර කරලා එන්න පහසු විදියට මේ අවස්ථාවට අපි ආරාධනා කරපු හැමදෙනාම ඇවිල්ලා හිටියා උත්සවය බොහොම සරල නමුත් ලස්සනට තිබුනා නංගි සහ අපේ ළමා පිරිස විසින් අම්මා සහ අපේ නෑ හිත මිතුරන් එකට සිටින ෆොටෝ අලවපු පොතක් හදල ඒ හැමෝටම දුන්නා අම්ම ගැන එයාලට දැනෙන දෙයක් ලියන්න කියල හැමෝම සිය අදහස් දක්වල තිබුණා අපේ අම්මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 5 අපේ අම්මා තුන් වෙනියා ලොකු අම්මලා දෙදෙනාගෙන් එක්කෙනෙක් දැනට අවුරුදු කීපයකට කලින් නැති වුණා අම්මට බාල මල්ලියි නංගියි ආච්චි නැති වුනේ 2022 සීයා නම් අපි පොඩි කාලේම පරලොව ගිහින් අපේ මාමා සෑහෙන උගත් දක්ෂ කෙනෙක් එයා තමා අපේ පවුලේ හැමෝගෙම රෝල් මොඩ්ල් එක වගේ ඉන්නේ ලොකු අම්මලා දෙදෙනා එතරම් ඉගෙන නැතත් අපේ අම්මා සහ පුංචි මම හිතන්නේ a l දක්වා පමණ ඉගෙන ගෙන තියෙනවා ඔය අවස්ථාවේදී මාමා ලොකු අම්මා සහ ඇවිල්ල හිටිය ගොඩක් අය තම තමන්ට අපේ අම්මා ගැන දැනෙන දේ ඇය ඔවුන් වෙනුවෙන් කරපු දේ ගැන කතා පැවැත්තුවා අවුරුදු 25කට පස්සේ මමත් රැස්ව සිටි 80ක් පමණ පිරිස ඉස්සරහ කතාවක් පැවැත්තුවා මම මුලින්ම ඒ වගේ කතාවක් පැවැත්තුවේ මගේ පොත එලි දක්වන දවසේදී එදාට පස්සේ ඔය ඔෆිස් වල කිහිප දෙනෙකු ඉන්න තැන කතා කරලා තිබ්බට මම කතා පවත්වල නැහැ ඔය අම්මගේ පවුලේ නෑදෑයෝ හරිම හොඳ සහ තවමත් කිසි අහිතක් නැතුව ඕනේ වෙලාවක ඕනේ කෙනෙක් වෙනුවෙන් ඉන්න පිරිසක් මම හිතන්නේ මම කලිනුත් ඔය නෑදෑයෝ ගැන කියල තියෙනවා එයාල එදිනෙදා කීයක් හරි හම්බ කරන රස්සාවල ඉඳල nasa එකේ වැඩ කරන කෙනෙක් දක්වා විවිද රැකියාවල් කරන අය නමුත් ඕනේ වෙලාවක 50 60ක් පිරිස එකතු කරගන්න අපිට පුළුවන් ඔක්කොම නෑදෑයෝ කිසි අවුලක් නැතුව තමන්ගේ දේවල් කතා බහ කරලා නිදහසේ ඉන්න පුළුවන් පිරිසක් මම හිතන්නේ එහෙම නෑයෝ හම්බවෙන්නේ කළාතුරකින් තාත්තගේ පැත්තේ අයත් එහෙම තමා එයාල පදිංචිය දුරින් නිසා වැඩිය හම්බවෙන්නේ නැහැ නමුත් එයාලගේ ආදරය හිතවත් කම තවම එහෙමම තමා අපේ ආච්චි 5 වෙනි පරම්පරාවේ කුඩා දියණියක් දකින්න තරම් වාසනාවන්ත වුණා අම්මගේ පවුලේ අය හරියට වැඩ කරනවා එයාල වැඩ කරන්න කැමතියි වැඩ කියන්නේ වදයක් විදියට සලකනවා මම කවදාවත් දැකල නැහැ අපේ අම්මා අවුරුදු 30 40ක් රජයේ රස්සාවක් කළා 60න් පැන්ෂන් ගියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරලා හැමදාම උදේට සාරියක් ඇදගෙන බස් එකේ හිර වේවි කොළඹ කොටුවේ වේල්ල විදියේ තිබ්බ කච්චේරියේ කොළඹ දිස්ත් රික් ලේඛම් කාර්යාලේ වැඩට ගිය හැටි මට තවම මතකයි වේල්ල විදිය කියන්නේ ඔය කොළඹ තියෙන අපිරිසිදුම පැත්තක් දැන්නම් අවුරුදු 10 15කින් ගියේ නැහැ නමුත් ලොකු වෙනසක් වෙලා ඇති කියල මම හිතන්නේ නැහැ වැස්සට මඩ ගොහොරු වෙන කොටුවේ පාරවල් වල නාටාමිලාගේ කරත්ත අස්සෙන් හැමදාම අම්මා වැඩට ගියා කවදාවත් රස්සාව වදයක් කියල හිතුවේ නැහැ අම්මා ඔෆිස් වල අයත් එක්කත් හිතවත්ව කටයුතු කළා ඉස්සර මම අම්මගේ ඔෆිස් එකට යනවා ඉස්කෝලේ නිවාඩු දවස් වලට මම හිතන්නේ මම මුලින්ම කොම්පුටර් අත පත ගාන්න ගත්තේ ඔෆිස් එකෙදීද කොහෙද ඒ පරණ කච්චේරි බිල්ඩින් එක එහෙම දැන් මතක් වෙනකොට හරි අමුතු හැඟීමක් දැනෙන්නේ යන්න ඕනේ ආයේ බලන්න අම්මත් එක්කගෙන මම එදා ඔය කරපු කතාවේදී මතක් කරපු කරණු දෙක තුනක් ලියල දාන්නම් එකක් තමා අපේ ගෙදර අම්මා හෝ තාත්තා කවදාවත් මට ගහල බැනල නැහැ ඒ කියන්නේ ඉඳල හිටලා මොනවා හරි දඟ වැඩක් කලොත් දෙන ආදරණිය ෂොට් එකක් ඇරෙන්න තරහින් වද දීමේ චේතනාවෙන් ගහපු බැනපු කිසිම අවස්තාවක් නැහැ ගොඩක් වෙලාවට දෙමව්පියෝ හිතනවා කොල්ලෙක් හදනකොට ගහල බැනල රළුවට හැදුවට කමක් නැහැ කියල හැබැයි මගේ අදහස නම් සුමට ලෙස හැදුනු පිරිමි ජිවිතේට වඩා ශක්තිමත්ව මුහුණ දෙනවා කියන එක මම පෙනුමෙන් සමාජ වැඩ වලදී එතරම් රළු දැඩි චරිතයක් නොවුනට බොහෝ එවැනි චරිත ෆේල් වෙනකොට මම අවුලක් නැතුව ඉඳල තියෙනවා මේකට හේතුව විදියට මම හිතන්නේ මට සමාජයෙන් approval එකක් validation එකක් අවශ් ය නොවීම වෙන්න ඇති සමාජේ මට මොනවා කලත් මට ගෙදර යන්න පුළුවන් අම්මයි තාත්තයි මට ඉන්නවා කියන දේ විතරක් මට හැමදාම තිබ්බා ඊට පස්සේ අපේ අම්මා මට කියපු දේවලින් මට කාවැදුණු දෙයක් තමා ඔයාට ඉන්නේ ඔයා විතරයි කියන එක මේකේ අදහස ආත්මාර්ථකාමී වෙන එක නෙමේ ජිවිතේට ශක්තිමත්ව මුහුණ දෙන්න පුරුදු වෙයන් කියන එක තමා මම තේරුම් ගත්තේ ඔය ශක්තිමත් කම එන්න වැදගත්ම සාධක තමා ආර්ථික ශක්තිය සහ මානසික ශක්තිය ඔය දෙක සමබරව හදා ගැනීම ඉතා වැදගත් අපි කවුරුත් මිලියන පතියෝ නෙවෙයි නමුත් අනුන්ට වදයක් නොවී කෙනෙකුට අවශ් යතාවයකදී උදව්වක් කරගෙන ඉන්න පුළුවන් තැනක ජිවත් වෙනවා ජිවත් වීම වදයක් වෙලා නැහැ ඊළඟ කරුණ තමා අපිව ආගමකට හිර නොකිරිම අපි බෞද්ධ දාන මානාදී වැඩ ගොඩක් කරනවා හැබැයි මට ආගම ගැන තද භක්තියක් බයක් හෝ එවැනි කිසිම බැඳීමක් නැහැ අපේ අම්මා ජිවත් වෙන්නෙත් එහෙම තමා ඇය රැඩිකල් බෞද්ධ නෙමේ නමුත් හැමදේම පහසුවෙන් කරගන්න පුළුවන් තරමේ බෞද්ධ කියල මට හිතෙනවා අම්මා අපිව දහම්පාසල් යැව්වා බෞද්ධ ජීවිතය ඇගේ ජිවිතයෙන් ගෙවලා අපිට පෙන්නුවා එච්චරයි ඊට පස්සේ එයා උඹලට ඕනේ විදියකට හිටපල්ලා කියන නිදහස අපිට දුන්නා ඊළඟ එක තමා විවාහයෙන් පස්සේ මට දුන්න වැදගත් උපදෙසක් තමා ඔය ළමය කියන දේ අහගෙන හිටපන් කියන එක හෙහ් හෙහ් අම්මා දන්නවා එදා ඉඳන් මගේ හැටි ඔය ගැන විස්තර මම කතාවේ ටිකක් පැහැදිලි කලාට මේක කියවන ඔහෙලට මෙන්න මේක පොඩ්ඩක් කියෙව්වනම් ආයේ වැඩි විස්තර ඕනේ වෙන එකක් නැහැ හෙහ් හෙහ් බොහොම අමාරුවෙන් මේ අවුරුද්දට එකක් ලියල දා ගත්තා බ්ලොග් එක නොලියන්න හේතු වෙච්ච තව ආතල් ජනක දේවල් ටිකක් එක්ක තව එකක් ලියන්නම්කො මේ අවුරුද්දේ ද කියල අහන්ඩ එපා posted by pathum herath at monday april 20 2026 29 comments saturday december 06 2025 වෙනස් නොවන අසරණයෝ 2016 ගංවතුර ආපු වෙලාවේ ලියු සටහන මේ ආයේත් ඒ වගේම කාලයක් ඇවිත් ගං වතුර තාමත් එහෙමමයි අපේ ගමේ අපිත් එක්ක ගංවතුරට කොටු වුනු බොහෝ දෙනාත් තාමත් එහෙමමයි සමහර ජිවිත අලුත් නොවෙන්න පරිසර සාධක බලපානවද ඔය අපි හිටපු පළාත දැන් අවුරුදු 30 40කට පස්සෙත් එච්චර වෙනසක් වෙලා නැහැ ඒ පාර ඒ පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් රස්සා ආදිය ලොකු වෙනසක් වෙලා නැහැ මම ගිය අවුරුද්දේ ගියා පරණ යාළුවන් ගේ ගෙවල් කීපෙකට ඒ ගෙවල් මිට අවුරුදු 30 40කට කලින් තිබ්බ තත්වෙට වඩා දශම ගානකින් ඕනනම් වෙනස් වෙලා ඇති බොට්ටා තාම ඉන්නේ උන්ගේ මහ ගෙදර ඒ ගෙදර අපි පොඩි කාලේ ගිය ගෙදරමයි ඉස්සර කුප්පි ලාම්පු තිබ්බ ගෙදරට දැන් ලයිට් තියෙනවා අජ්ජා ඉන්නෙත් තාත්තා හදපු පුංචි ගෙදරමයි ලොකු දොඩ්ඩ අලුතින් ගෙයක් හදන්න පටන් අරගෙන හැබැයි මම කලුවරට දැක්කේ යන්තම් උස්ස ගත්ත බිත්ති ගොඩක් විතරයි උගේ ජිවිත කාලෙම ඌ ඒ ගේ හදයි සුගත් චමින්ද හොඳ ගෙවල් දෙකක් හදාගෙන තරමක් හොඳට ඉන්නවා උන්ගේ ජිවිත වෙනස් වෙන්නේ හරි හෙමින් අපි හිටිය බියගම කියන්නේ කොළඹ ඉඳල 20km වත් නැති තරම් රටේ ප් රධානම නගරයට ළඟ තැනක් හැබැයි ඒ ජීවිතයි ඈත දුම්බර මිනිස්සුන්ගේ ජීවිතයි අතර මහා වෙනසක් නැහැ මොකක් හරි හේතුවක් නිසා අපේ රටේ දියුණුව කියන එක මහා අබූත විදියකට තමා ව් යාප්ත වෙන්නේ මම මේ ජිවත් වෙන්නේ තුන් වෙනි රටේ අනිත් රටවල් දෙකේම ප් රධාන නගර වල ඉඳල 20km කියන්නේ ඒ රටේ prime location විදියට සැලකෙනවා ලංකාවේ ප් රධාන නගරය තුලම කොච්චර අවාසනාවන්ත ජිවිත තියෙනවද අපි ඔය ගමට පිටින් ඇවිල්ලා පදිංචි වෙච්ච අය ඒ කියන්නේ අපේ තාත්තා එහෙට ආවේ හපුතලේ ඉඳල ඔය මගේ යාලුවෝ ඔක්කොම පරම්පරාවෙන් ඒ ගමේම උපන් අය ඉස්සර මට මතකයි ඔය ගමේ කට්ටිය කියනවා ගමට පිටිං ආපු මිනිස්සු හැමදාම දියුණු වෙනවා ගමේ උන් එකම තැනමයි කියල ඒක ඇත්ත නගරෙට කිට්ටුව තියෙන තැනකට දුර ඉඳල එන කෙනෙක් දියුණු වෙන්නයි උපන්දා ඉඳල එක්කෝ නගරෙම හැදුනු නැත්නම් ඒ ආසන්නයේ ජිවත් වෙච්ච මිනිස්සු ඔහේ ඉන්නං වාලේ ඉන්නයි හේතුව මොකක් ද මන්ද මම හිතන්නේ risk ගන්න තියෙන අකමැත්ත වෙන්න පුළුවන් කියල උන්න තැන අතෑරලා අලුත් තැනකට යන කෙනා යන්නෙම risk එකක් ගන්නනේ එතන ඉඳල කරන හැමදේම risk තමා හැබැයි අතාරින්නෙ නැතුව ඇදගෙන යනවා නමුත් උපන්දා ඉඳල එකම තැන ඉන්න මිනිස්සු වෙනසක් වෙන්න කැමති නැහැ ඔය ඇති මේ හොඳයි අපේ පරම් පරාවම හිටියේ මෙහෙම තමා තණ්හාය ජායති සෝකෝ නේ කියල ඔහේ තියෙන දෙයක් කාල වැටිලා ඉන්නවා වගේ දෙයක් කියල තම මට නම් හිතෙන්නේ ඒකෙ ඇති වැරැද්දක් නැහැ හැබැයි ඒ ජිවිත අපරාදේ ඔවුන්ට හැමදාම ප් රශ්න ජීවිතේම දුකක් කියල හිතෙනවා ඔවුන් සැප හොයන්නේ කෙළවර තමා ඒ වෙනකම් ඔවුන්ට මොනවා හරි කරදරයක් උනාම රටේ ඉන්න අර risk අරගෙන දැඩි මහන්සියකින් වැඩ කරන මිනිස්සු ඔවුන් වෙනුවෙනුත් මහන්සි වෙලා ඔවුන්ව ජිවත් කරලා දෙන්න ඕනේ මේ අදහස වැරදියට ගන්න එපා නමුත් අපේ වගේ රටවල මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු අවුලක් තියෙනවා ඒ අවුල අපි දකින්නේ රටේ දේශපාලනයේ අවුලක් කියල නමුත් ඇත්තටම මිනිස්සුන්ගේ අවශ් යතා මොනවාද කියල ඔවුන් නොදැනීම තමා තියෙන අවුල කියල මට නම් හිතෙන්නේ උදාහරනෙකට ඔය බියගම කියන්නේ හැමදාම ගංවතුරට යටවෙන පලාතක් මම මේ ජිවත් වෙච්ච දසක 4ටම ඔය පළාතේ කිසිම සංවර්ධනයක් ගංවතුර වැළැක්වීමටවත් අඩුම තරමේ ගංවතුරක් ආවම නිසි පරිදි ඒක කළමනාකරණය කරගන්න වත් ක් රමයක් නැහැ කොළඹ නුවර යන අලුත් පාර තියෙන්නේ ඔය පලාත හරහා පිටත වටරවුම් පාරේ ප් රධාන exit තුනක් ඔය අවට තියෙනවා මේ වගේ රටේ ප් රධාන නගරයට කිට්ටුව තියෙන ප් රදේශ ගොඩක් කිසිම සැලකිල්ලකින් තොරව දශක ගානක් තිස්සේ ඔහේ තියෙන්නේ කොහොමද කියල හිතල බලනකොටත් පුදුමයි ලංකාවට සිදුවෙන විනාස හැමදේකින්ම හැමදාම වෙන්නේ අසරණ වෙන මිනිස්සුන්ට කට්ටිය හෝ ගාල උදව් කරනවා සති දෙකකට පස්සේ හිටපු විදියටම ආයේ ඔහේ ඉන්නවා ආයේ විනාසයක් එනකම් මම සරල දෙයක් විදියට කිව්වොත් ඔය බියගම අපේ ගෙවල් තිබ්බ හරිය ගොඩක් උසයි කවදාවත් යටවෙන්නේ නැහැ ඒ මිනිස්සු හැමදාම කොටුවෙනවා හැබැයි එක ගෙදරකවත් පොඩි මෝටර් බෝට්ටුවක් නැහැ වතුර ටිකක් වැඩිවෙනකොට පළාත යටවෙනවනම් අත් යාවශ් ය බදු ටිකක් ගෙනල්ල ගබඩා කරලා තියන්න පුළුවන් පොඩි ගබඩා සංකීර්ණයක් හදන්න මහා වියදමක් යන්නේ නැහැනේ වටේ 5km විතර කොටුවෙලා අසරණ වෙන මිනිස්සුන්ට දවස් දෙක තුනක් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව ඉන්න පුළුවන් මුලික පහසුකම් ටික හදන්න කාටවත් සැලසුමක් නැහැ ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ට එහෙම දේවල් තමන්ට ඕනේ කියල අඩුම තරමේ හැඟීමක් වත් නැහැ මම හිතන්නේ නැහැ කිසිම රජයක් ඔය ඔක්කොම ගැටළු වලට හිතල උත්තර හදල දෙයි කියල ඒ ඒ පලාත්වල ඉන්න මිනිස්සුන්ට රජයට සහ දේශපාලනයට බල කරලා තමන්ගේ ආරක්ෂාව තමන්ගේ සුව පහසුව සඳහා වැඩ කරව ගන්න දැනුම සහ අවශ් යතාව තියෙන්න ඕනේ අසරණ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ අසරණ නොවී සිටින්න තමන්ට අවශ් යතාවයක් නැති හින්ද කියල හිතෙන්නේ නැද්ද හැබැයි අපිට අසරණයින්ට සරණ වෙලා පින් කරලා කෙළවර සැප විදින්න තියෙන චාන්ස් එක අඩුවෙනවා posted by pathum herath at saturday december 06 2025 26 comments saturday november 08 2025 පළමු යාලුවාගේ මරණය ගිය සෙනසුරාද උදේ සුදුව මැරුණා සුදුවා ගැන මම මිට කලින් ලියල තියෙනවා ඌ මගේ හොඳම යාලුවා කියල මම කවදාවත් කියන්නේ නැහැ හැබැයි ඌ තමා මගේ පළමු යාලුවා සුදුවගේ නම චමින්ද මම ජිවිතේට ඌට චමින්ද කියල කතා කරලා නෑ හැමදාම සුදූ සුදුවා තමා ඌට සුදූ කිව්වේ මොන මගුලටදැයි අපි කවදාවත් අහලත් නෑ හිතලත් නෑ උගේ මරණය ගැන අහපු වෙලාවේ මට දැනුනේ දුකක් නෙමේ සංවේගයක් ඒ කියන්නේ යාලුවෙකුගේ මරණයට වඩා මේ ලෝකේ ඕනෙම කෙනෙක් මැරුණා කියල ඇහුවම දැනෙන හැඟීම වගේ දෙයක් මම අර සෙල්ලම් කාලේ පොස්ට් එකේ දී දාල තියෙන අපේ පරණ ගෙදර ඉන්න කාලේ ඉඳල සුදුලෑ පවුලයි අපේ පවුලයි අඳුරනවා ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි හපුතලේ ඉඳල බියගමට පදිංචියට ආපු කාලේ ඉඳල අපේ අසලවැසියෝ උනේ සුදුලයි සුගත්ලයි මට මතකයි අපේ අම්මා කියනවා අම්මලට බොන්න තේ ටිකක් වත් හදා ගන්න විදියක් නැතිව ඉන්නකොට ඒ මිනිස්සු කෑම බිම ගෙනල්ල දුන්න හැටි ගැන මට සුදුව කියන්නේ ජිවිතේ මම හැමදාම දැනගෙන හිටිය එකෙක් වගේ ඒ කියන්නේ ඌව අඳුරගත්ත දවසක් මගේ මතකේ නැහැ ඌ මට වයස අවුරුදු දෙකේ තුනේ විතර ඉඳල මාත් එක්ක සෙල්ලං කරන්න ඇති ඌයි මායි එක වයසේ අපි දෙන්නා ගියේ එක ඉස්කෝලෙට හිටියේ එකම පන්තියේ සෙල්ලං කලේ කෑවේ බිව්වේ එකට හැබැයි ඌ මැරුණා කියල ඇහුවම මට සංවේගයක් එක්කම සහනයකුත් දැනුනා කියල මට හිතෙනවා සුදුවා කියන්නේ තනිකර බුලියෙක් ඌ මාව පොඩි කාලේ ඉඳල බුලි කළා කියන එක තමා මට ඌ ගැන තියෙන මතකේ ඒක මට තේරෙන්න පටන් ගත්තේ ගොඩක් පහු වෙලා මට ඒක පොඩි කාලේ ප් රශ්නයක් උනත් මම ගණන් ගන්නේ නැතුව හිටියා හැබැයි අවුරුදු 18 20දී තේරෙන්න ගත්තට පස්සේ මම ටික ටික උගෙන් ඈත් වුණා උගේ ඒ බුලි කම මට විතරක් තිබ්බ දෙයක් නෙමේ ඌව ආස්සරේ කරපු ගොඩක් උන්ව ඌ බුලි කළා ඒ දවස් වල අපේ පැත්තේ ගොඩක් මිනිස්සුන්ට තිබ්බේ එක්කෝ පොල් අතු ගෙවල් නැත්නම් යන්තම් කටු මැටි ඔය මැටි ගඩොල් වලින් හදපු ගෙවල් ඒ කාලෙත් සුදුලට තිබ්බ සිමෙන්ති වලින් බැඳලා කපරාරු කරපු ගෙයක් පොඩි ගෙයක් නමුත් ඒක අනිත් ඒවට වඩා හොඳ ගෙයක් සුදුලෑ තාත්තා වැඩ කලේ විදුලි බල මණ්ඩලේ මම හිතන්නේ මනු කියවන්නෙක් ලෙස පටන් අරන් ඊට පස්සේ ඉහලට යන්න ඇති නමුත් මොනවා කලාද කියල මම දන්නේ නැහැ හැබැයි ඔහුව තාමත් ගමේ හැමෝම දන්නේ ලයිට් බාසුන්නැහැ කියල ඉලෙක්ට් රික් වැඩ එහෙම හොඳට දන්නවා සුදුලෑ අම්මා ගෙදර හිටියේ සුදුලෑ අම්මා අපි පොඩි කාලේ හරි සැර නපුරු කෙනෙක් විදියට තමා අපිට පෙනුනේ කොයි වෙලෙත් රණ්ඩු වෙන සුදුවට ගහන බනින අර නපුරු කුඩම්මා කියන චරිතේ වගේ කෙනෙක් හැබැයි අපි ලොකු වෙනකොට සුදුලෑ අම්මා මාත් එක්ක ගොඩක් හිතවත් උනා මට ගොඩක් හොඳින් සැළකුවා ඇය මිය ගිය දවසේ මට ඇත්තටම ලොකු දුකක් පාළුවක් දැනුනා කියල මට අදටත් මතකයි සුදුවා බුලියෙක් වෙලා සමාජෙට බරක් වෙච්ච අකාලයේ අන්ත අසරණව සෑහෙන දුකක් විඳලා මැරෙන්න හේතුව ඒ දෙමව්පියෝ කියල තමා මට අදටත් හිතෙන්නේ ඌයි මායි හැදුනේ එකම පරිසරයක ආස්සරේ කලේ එකම යාලුවෝ ගිය එකම ඉස්කෝලෙට ඌට නැති වුණේ දෙමව්පියන්ගේ ආදරේ කියල විතරමයි මට හිතෙන්නේ සමහරවිට ජාන වලින් එන අවුල් තියෙන්න ඇති නැත්නම් කර්මය හරි සර්වබලදාරි වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති හැබැයි සියයට සියක් මට කියන්න පුළුවන් උගේ ජිවිතේට අඩුවෙන්ම ලැබුනේ කරුණාවන්ත කම ආදරය රැකවරණය ආදී මුලික මිනිස් අයිතිවාසිකම් කියල ඌ අම්මගෙනුයි තාත්තගෙනුයි අමු තිත්ත කුණු හරුපෙන් බැනුම් අහද්දී ඌට වයස අවුරුදු 10ක් වත් නැතුව ඇති ඒ දෙමව්පියෝ ඌව හැදුවේ වදයක් විදියට සලකල සුදුවට හිටියේ අක්කා කෙනෙක් විතරයි මට හිටියෙත් අක්කා විතරයි අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අහසයි අපායයි වගේ කියල තමා මට හිතුනේ ඌ අඬපු හැටි මට මේ දැනුත් මැවිලා පේනවා o l විබාගෙට කලින් දවසේ පන්සලට ගිහින් එන්න කියල ගෙවල් වලින් ළමයින්ට කියන එක සාමාන් ය දෙයක් නේ සුදුවට ඒක උගේ අම්මා කිව්වේ කාලකන්ණි වේ ගේ පුතා පලයන් පන්සලට ගිහින් වැඳලා වරෙන් තෝව මරණව දැනගනින් මේ වචන මම උන්ගේ ගේ ඉස්සරහ ඌ එනකං ඉන්න ටිකට මට ඇහුන ටි...
|