Meta tags:
Headings (most frequently used words):
thursday, 2012, 2013, december, wednesday, january, blog, රඟහල, march, 16, 20, friday, 14, november, 15, ජීවිතයට, අරුතක්, archive, followers, about, me, popular, posts, syndicators, my, list, චාරයක්, නැති, ඡායාරූප, කෙල්ලන්ට, ගල්, ගැසීම, අසුභවාදියා, තාත්තා, එනකං, cat, in, the, cradle, ජාතිවාදීන්, සහ, දේශද්, රෝහීන්, ඉතින්, මම, ආගන්තුකයෙක්, නොවෙමි, මේ, ලොව, යම්, කිසිවෙකු, මා, හට, පෙම්, කල, බව,
Text of the page (most frequently used words):
ago (58), මගේ (53), years (52), the (37), දැන් (31), අපි (29), කියලා (29), නිසා (24), කිරීමට (24), ඇති (23), #තාත්තා (23), කරන (22), අතර (22), and (21), share (21), ඇගේ (20), ගෙදර (20), ආගම (20), ජාතිය (19), කතා (17), වඩා (17), බ්ලොග් (16), you (16), නැති (16), ගල් (16), වගේ (16), සැට් (16), හරි (15), නමුත් (15), අනුව (14), අපේ (13), කියන (13), ගැන (13), යන්න (12), පුතා (12), යම් (12), විට (12), තුල (12), ලෙස (12), තවත් (11), තමන්ගේ (11), දෙස (11), පාර (11), යැයි (11), නම් (10), තේරුම් (10), විය (10), බලා (10), නැත (10), නොවේ (10), යනු (10), cradle (10), සිංහල (9), එහෙම (9), තියනවා (9), සමහර (9), ඉන්න (9), සෙමෙන් (9), පෙර (9), වශයෙන් (9), සමග (9), ඔහු (9), cat (9), like (9), අරං (9), ඔබට (8), just (8), එදා (8), තිසර (8), කරන්න (8), වචන (8), දේවල් (8), තමයි (8), නොවන (8), දැරියගේ (8), තවමත් (8), තිබේ (8), ගිය (8), වෙනස් (8), බොහෝ (8), එකම (8), වැඩ (8), එකේ (7), ඔන්න (7), මුස්ලිම් (7), විවාහ (7), 2012 (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), comments (7), posted (7), උත්සහ (7), දෙයක් (7), හොඳ (7), සිතේ (7), ඇයගේ (7), යුතුය (7), වෙනුවෙන් (7), ඔහුගේ (7), said (7), ඔබගේ (7), ලෝක (7), කුඩ (7), අනිත් (7), ජීවිතය (6), day (6), සිත (6), ඔබේ (6), ඕනේ (6), නැවත (6), තියන (6), වෙයි (6), අපිට (6), එකට (6), අපට (6), ඔවුන් (6), සිටිමි (6), එක් (6), වරම (6), මුහුණ (6), යයි (6), සිටින (6), සොයා (6), වසර (6), වන්නේ (6), එනම් (6), රටේ (6), දේශද් (6), කිරීම (6), dad (6), එකක් (6), වෙලා (6), ඉතිං (6), විචාරකයෝ (6), මටත් (5), කතාව (5), 2013 (5), මෙම (5), කෙල්ලන්ට (5), මතක (5), මේක (5), හිතෙනවා (5), දැනෙන (5), වෙන (5), ඉතින් (5), වැදගත් (5), නෙමෙයි (5), එකතු (5), වෙන්නේ (5), යුත්තේ (5), ජීවිතේ (5), හැම (5), කලින් (5), මිනිස්සු (5), ඇයට (5), අතීත (5), ගත් (5), දෑසේ (5), බසයේ (5), නොහැකි (5), සිටී (5), ගොස් (5), රධාන (5), මහා (5), කරමින් (5), පසු (5), කියන්නේ (5), ඉස්ලාම් (5), ඉහත (5), කණ්ඩායම (5), සංස්කෘතිය (5), අපගේ (5), එහි (5), හැකි (5), නොව (5), වලට (5), http (5), ඔහුට (5), පස්සෙ (5), කුඩා (5), එහෙනං (5), ටික (5), සෙනසුරාදා (5), සෑහෙන (5), බස් (5), ගිහින් (5), ඉඳලා (5), සිතුවිලි (4), එක්ක (4), සාමාන් (4), blue (4), for (4), තහනම් (4), චාරයක් (4), december (4), ගීතයේ (4), තනිකම (4), කරගන්න (4), හඬින් (4), පුළුවන් (4), දවසක (4), ගැනීම (4), නැවතත් (4), විවාහයකදී (4), බලාපොරොත්තු (4), බවත් (4), යනවා (4), ඇයි (4), වෙනවා (4), ලක් (4), පිළිතුරු (4), thursday (4), පිටුපා (4), පිරී (4), හැරී (4), සතුටින් (4), මෙන් (4), ස්තුතිපූර්වක (4), සිනහවකින් (4), සිටි (4), පුවරුවේ (4), නැගීමට (4), බවද (4), ආගන්තුකයෙක් (4), තාර (4), සිදු (4), තමන් (4), ඒවා (4), කිසි (4), වමාරා (4), බෞද්ධ (4), ජාතිවාදී (4), බවයි (4), රෝහී (4), කියන්නට (4), ගැනීමට (4), කියා (4), භාෂාව (4), කරගෙන (4), නිසාය (4), පෙනී (4), රමය (4), ජීවත්වන (4), රශ්න (4), සිදුවන (4), වෙනසක් (4), www (4), com (4), harry (4), chapin (4), boy (4), man (4), other (4), but (4), gonna (4), know (4), son (4), can (4), ආවේ (4), තිබූ (4), කරලා (4), නේද (4), උන් (4), කලේ (4), ලොකු (4), කෙල්ලෝ (4), රත්තා (4), ඇවිදගෙන (4), එකකට (4), අහනවා (4), කතන්දර (3), සිත් (3), හිරු (3), යෑම (3), දෑසින් (3), ගීතය (3), මධ් (3), හමුවේ (3), හිස (3), මෙන්න (3), බත් (3), ආදරය (3), යයෙන් (3), ආදරේ (3), පියා (3), ලොව (3), ඡායාරූප (3), posts (3), january (3), home (3), නිතරම (3), දාන්න (3), කියල (3), හොඳයි (3), කිසිවෙකු (3), අසාධාරණ (3), තුලින් (3), හේතුව (3), කියන්න (3), අවසන් (3), නොදන්නා (3), කෙනෙකුට (3), කරනවා (3), කෙනෙක් (3), කරන්නේ (3), දකින (3), දවසට (3), අදහස් (3), නෙවෙයි (3), එකිනෙකාට (3), පිළිබඳ (3), පත් (3), යමක් (3), තමන්ට (3), ඒත් (3), පොරොන්දු (3), දෙන (3), ඔයාගේ (3), මොකද (3), පිළිතුර (3), අසයි (3), නැගි (3), අපූර්ව (3), වලින් (3), ගොස්ය (3), මෙන්ම (3), කරන්නීය (3), බලමි (3), අයුරු (3), සිතින් (3), සේය (3), දෙනෙත් (3), කාලය (3), දෙසට (3), බලයි (3), ඉවතට (3), සිනහවක් (3), සුවඳ (3), මොහොතකට (3), දෙක (3), සුපුරුදු (3), උඩට (3), කරමි (3), හුරුබුහුටි (3), අම්මා (3), හඬන්නීය (3), ගත්තා (3), පෙනෙන (3), නොවෙමි (3), මෙතෙක් (3), රිය (3), ඉතා (3), හෙමින් (3), වැඩි (3), වැනි (3), සිටින්නේ (3), එවැනි (3), වීමට (3), කිරීමෙන් (3), යුතු (3), මගින් (3), තමා (3), සම්බන්ධයෙන් (3), බැවින් (3), ලියන (3), කොටින්ම (3), වෙමු (3), රයෙන් (3), සංස්කෘතියට (3), හැකිය (3), පුරුදු (3), අන් (3), ජාතියක් (3), එසේ (3), ගෙන (3), වෙතින් (3), විශේෂ (3), එල්ල (3), ඉහලින් (3), රශ්නයක් (3), ජාතියේ (3), බවට (3), ලැබෙන්නේ (3), එකතුවන (3), බෙදේ (3), හරක් (3), කාලයේදී (3), වෙමි (3), වුවද (3), පුතු (3), තාත්තාට (3), අධික (3), ලෝකයේ (3), බවය (3), පුතාට (3), හමුවීමට (3), වෙලාවක් (3), silver (3), spoon (3), little (3), moon (3), සෞභාග් (3), සඳහා (3), තිබිණි (3), was (3), away (3), have (3), him (3), see (3), අවුරුදු (3), ලැබුනේ (3), වයසේ (3), පෙළ (3), වීමි (3), හැඟීම් (3), නිහඬබව (3), වැව (3), විනාසෙ (3), නැත්තං (3), උනත් (3), පුලුවන් (3), එක්කම (3), මාත් (3), වැඩක් (3), කොච්චර (3), සර් (3), පංති (3), එන්න (3), හැටියට (3), කියනවා (3), එනවා (3), දෙකට (3), ගියා (3), හෝල්ට් (3), ගහන්න (3), නිකං (3), කාලේ (3), එච්චර (3), සහෝදරවරුනි (3), ගලක් (3), ඉඳන් (3), ගන්න (3), ෆොටෝ (3), හරිම (3), fujifilm (3), විචාරය (3), theme (2), show (2), අහස (2), සාදු (2), සීරුවෙන් (2), නුඹයි (2), රසිද්ධ (2), පොත් (2), ගියෙමි (2), හැර (2), විල (2), නිසල (2), හිත (2), කටයුතු (2), අඩවිය (2), චන්දනගේ (2), සටහන් (2), සිතිවිලි (2), අනාගතය (2), kids (2), හෝරාව (2), සටන් (2), රාජ්ගෙ (2), පහන් (2), අපූරු (2), පොත (2), සොඳුරු (2), mind (2), තැනක (2), සංසාරේ (2), months (2), blog (2), ගැසීම (2), බොරු (2), november (2), march (2), ජීවිතයට (2), ඇවිදින (2), ගන්නවා (2), හිතුනා (2), සුදු (2), පෙම් (2), එතකොට (2), ආකල්ප (2), කරල (2), ලියන්නේ (2), නොවෙන්න (2), ඇපි (2), පොදුවේ (2), හිතන්න (2), ඉන්නවා (2), මරණය (2), ජීවිතයේ (2), කෙරෙහි (2), බැරි (2), හින්දා (2), හැමෝටම (2), මුල්කරගෙන (2), කවදාහරි (2), ජීවිතයක් (2), වෙයිද (2), සම්පූර්ණ (2), ලියනවා (2), ටිකක් (2), ඇත්තටම (2), පිරිසක් (2), තනියට (2), එනු (2), මැනවී (2), වෙලාවට (2), මට්ටමෙන් (2), නැහැ (2), අනෙකාගේ (2), කැමති (2), ගැනීමයි (2), බ්ලොගේ (2), නිර්මාංශ (2), වීම (2), කමක් (2), යම්කිසි (2), බැහැ (2), ලෝකෙ (2), ඉන්නවද (2), දකින්න (2), ලෝකේ (2), ඇතුලත් (2), මොකද්ද (2), නරක (2), හැමදාම (2), අවධානයට (2), ගෙවෙන්නෙ (2), මතකයන් (2), තිබේද (2), අත්දැකීමක් (2), කඳුලු (2), ගමන් (2), රථය (2), වෙත (2), හදිසියේ (2), සිහිපත් (2), දැරිය (2), මුහුණින් (2), ටටා (2), පෙරළා (2), වනමි (2), කිරා (2), මැන (2), තෝරා (2), නිමේශයක (2), සැහැල්ලුවෙන් (2), පාවී (2), යන්නා (2), මතකයට (2), විසින් (2), සැඟවිය (2), නොහැක (2), ඇලයට (2), ළැම (2), තාරුණ් (2), දුටු (2), ලැජ්ජාවෙන් (2), සිනාව (2), යළිත් (2), වරක (2), මදෙස (2), ගනිමි (2), නැගේ (2), බසය (2), සිහින් (2), දුකක් (2), මසිතේ (2), ඇයද (2), ලෝකයම (2), තරමක් (2), කීප (2), දැනේ (2), දෙයි (2), වටා (2), රහණය (2), ඉවත (2), නමුදු (2), හැඟීමක් (2), වෙලාගනී (2), දෑත් (2), තත්පර (2), යෞවනයේ (2), රමාද (2), දිව (2), තරමක (2), කොලු (2), සිතට (2), මෙය (2), බියපත් (2), එහෙත් (2), දෙමි (2), දෑසට (2), බිම (2), ඇයව (2), නොදැනුවත්වම (2), දිගේ (2), පාරයි (2), උදා (2), දූවිලි (2), නිල් (2), මායිම් (2), දනිමි (2), සිතමි (2), වේලා (2), මාර්ගයේ (2), වාහන (2), මිදී (2), සතුටක් (2), සියළු (2), නොවුනත් (2), පැරණි (2), කලක් (2), යුද්ධය (2), රශ්නය (2), බොහොම (2), ස්ථාන (2), ආරම්භ (2), යුද්ධ (2), පහර (2), දැකීමට (2), ලියවුනක් (2), ස්වයං (2), කෑමකට (2), රකාශ (2), බේරාගත (2), සැබෑ (2), ඒවාට (2), ඔවුන්ට (2), පිරිස (2), අනුගමනය (2), පිරිසට (2), නැතිනම් (2), අදාල (2), කණ්ඩායම් (2), කණ්ඩායමට (2), කියමි (2), කියමින් (2), හරයන් (2), බුදුදහම (2), යාප්ත (2), කීම (2), ආශ් (2), සංස්කෘතියක් (2), සමීප (2), අයිති (2), සරලව (2), දරා (2), බැඳීම (2), හුරු (2), පමණක්ම (2), ලක්ෂණ (2), තත්වය (2), ආගමක් (2), ගෙඩි (2), එල්ලවන (2), භාවිතා (2), දකිමි (2), බුදු (2), නොහැක්කේ (2), නාමයෙන් (2), බැවිනි (2), ගොඩ (2), මිනිසුන්ට (2), way (2), කොට්ටාශයක් (2), ආගමේ (2), දැඩි (2), විරුද්ධ (2), අපහසු (2), කරවයි (2), බහුතරය (2), සමාජය (2), දායක (2), මමත් (2), දෙවෙනි (2), දරමි (2), රෝහීන් (2), පැහැදිලි (2), තවදුරටත් (2), වැදගත්ම (2), ඉවත් (2), සංකල්ප (2), තාර්කික (2), ලබා (2), හේතු (2), පරිදි (2), ජාතියට (2), සම්බන්ධ (2), විරෝධතාවය (2), සමාජ (2), කාලයක් (2), ආගමට (2), තතනන (2), වෙනස්වන (2), මිනිසා (2), දකින්නට (2), පෙන්වන (2), අනන් (2), සාපේක්ෂව (2), රිකට් (2), බෙදීම් (2), සිදුවිය (2), අඩු (2), කෑමෙන් (2), අලුත් (2), cats (2), දරු (2), රැකියාවට (2), තුරු (2), ගලපා (2), ගණන (2), බොහෝවිට (2), ඇඳුම් (2), වත් (2), කාරණා (2), තාත්තට (2), මොනව (2), පුතාගේ (2), සතුට (2), මුහුණේ (2), සිනහව (2), පියාට (2), ඉගෙන (2), වීරයා (2), දවස (2), වුවත් (2), වයස (2), තාත්තාගෙන් (2), තෑගි (2), අධිකය (2), නිවසින් (2), පිටවී (2), ගෙදරින් (2), ඔහුව (2), ලැබීම (2), සංකේතවත් (2), දුර (2), රැකියාවකට (2), came (2), while (2), say (2), when (2), don (2), then (2), time (2), his (2), smile (2), sure (2), nice (2), talking (2), එකල (2), පමණ (2), වන්නට (2), උදෑසන (2), අවදි (2), තිබුණි (2), ඇහැරී (2), ලොකුකම (2), සිදුවන්නේ (2), අක්කාගේ (2), අසා (2), උජාරුව (2), කල්පනා (2), අටේ (2), සිට (2), දෙකක් (2), සති (2), වරකි (2), පිරිමි (2), පමණක් (2), තිබුනේ (2), දුරබැහැර (2), සේවය (2), රැගෙන (2), දුෂ්කර (2), යාමට (2), රදේශ (2), දැන (2), ඈතින් (2), පිහිටි (2), උසස් (2), ඇඟිලි (2), නියමිත (2), රශ්නයට (2), නගා (2), මගෙන් (2), කෙලි (2), ඉදිරියෙන් (2), එකවර (2), රැඳී (2), වැරද්ද (2), ඇඟිලිතුඩු (2), අතැඟිලි (2), සිටියෙමි (2), තැබූ (2), කොල (2), නමා (2), අසුභවාදියා (2), උනේ (2), විනාස (2), පොඩ්ඩක්වත් (2), ඉතුරු (2), දෙන්න (2), උනොත් (2), එයාලා (2), කියන්නෙ (2), කම්පියුටර් (2), මොනවද (2), හමුවීමක (2), කියලද (2), විනාසේ (2), අනිවාර්යයි (2), wednesday (2), ගැල්ලමයි (2), කරදෙන්න (2), දුක (2), කොල්ලෝ (2), කවදාවත් (2), උත්සාහ (2), කලත් (2), මල් (2), කෙලින් (2), බඩු (2), අතේ (2), දැක්කහම (2), ඇවිත් (2), කකුල් (2), දිහා (2), නෙමේ (2), ලඟට (2), උන්ගේ (2), රත්තගෙ (2), කොහොම (2), ක්ලොක් (2), ටවර් (2), යනකං (2), කිව්ව (2), ආපු (2), දවසේ (2), රටකජු (2), උදේ (2), සුධර්මාරාමේ (2), අතුරු (2), උගේ (2), කෙල්ලො (2), ඔක්කොම (2), ඉහල (2), පාරෙ (2), චූටි (2), වුනා (2), හොය (2), සූටි (2), නැමිලා (2), පීර (2), හොයලා (2), බලං (2), හරියට (2), ඉරිදා (2), වෙනකං (2), පංතියටයි (2), ගත්තේ (2), හැබැයි (2), තියෙන්නෙත් (2), කියෝ (2), එවුං (2), බලන්න (2), වේලි (2), විචාරක (2), canon (2), කැමරාවකින් (2), නමක් (2), ඉන්නේ (2), යස්ථ (2), අතකිං (2), විචාරයක් (2), පොටෝ (2), රඟහල (2), simple, images, powered, blogger, cimmerian, all, sanjaya, සයිබර්, පත්තරේ, මේල්, කවිකාරිගේ, හෙවත්, මහැදුරු, බිරිඳකගේ, වස්තුව, ප්රබුද්ධ, උපුටනය, මහගම, සේකර, mahagama, sekera, රුහුණු, කුමාරී, තොටත්, රහාරය, open, letter, anuruddha, padeniya, others, සිටින්, නික්මෙමි, රභා, සෙවණැලි, දීගෙක, ගියාය, නිසූගේ, ලෝගෝ, hirudesigns, නික්ම, ළිහිණි, මුරගල, guard, stone, ඇඳි, සිතුවම්, සමනළ, කවිය, සිහින, සිත්තම්, විවාදය, යස්ථානය, රදර්ශනයට, වජිරදේවි, පැස, අත්, නිවන්, පින්තූරූ, තොරොක්කෝව, නෙළුම්, මුදල්, බලය, නැමූ, මිත්තණියක්, දරුවෝ, memory, humanity, life, trance, පහේ, පන්තියෙන්, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, අවසානය, end, era, දම්, ඇණය, රසකතා, පෙම්වතිය, මැරිලා, හිතුවක්කාරිගේ, දැන්නම්, ආශ්චර්, විදේශ, පාදඩ, කරණය, modern, patriot, තරුවලටත්, කියාදුන්, ගුරු, තරුව, අස්වැන්න, වසා, දැමේ, නොදුටු, sahampathi, thoughts, අකුරැස්සේ, ගමන, reargate, හූනෙක්, සහගහන, අපරාධයක්, මරාපියව්, උයපු, එකා, මිනිස්සුත්, ලංකාප්, රියගේ, නරුමයෙකුගේ, පද්, රටා, sinhala, padya, rata, සිතුනොත්, රස්, තියාදුකාරයා, praසන්னගෙ, ලටපට, යක්ෂයාට, රේම, කලෙමි, අකීකරු, පිරබාහරන්, විජේවීර, pirabaharan, wijeweera, taboo, subjects, නොකියන, sltj, නීතිය, මුස්ලිම්වරුන්, සැබැවින්ම, නිහඬද, 159, හදිසි, අච්චාරුමය, තත්වයක්, ඩෙනිම, jeans, are, doing, your, selfish, need, free, උරෙකුගේ, අභියෝගය, යදමින්, බැඳ, පරීක්ෂාව, නවාතැන, නයින්, ලෙවන්, 911, යාය, උමතුකාරක, සිතුම්, පැතුම්, අඩවියක්, නිදීගේ, පංච, තන්තරේ, මාතලන්ගෙ, සින්ඩිය, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, ලීෂාන්ගේ, රෝල, අපිරිසිදු, sam, creations, varsity, student, heroes, දයල්, බතී, අසාගනිල්ලා, දුම්රිය, සවුදම, මෙදා, තුර, best, boss, ever, thahanam, adawiya, ලියුම්, දෙකයි, සින්ඩරෙල්ලාගේ, සපත්තුව, ගෙජ්ජි, මල්ල්, beautiful, රුසියාවේ, රොකට්, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, හොඳින්, ඉඳීම, nobody, edge, 418, හෘද, සංවාද, harda, sanvada, එයාලගෙ, අකූ, සිහි, විකල්, කරවන, යථාර්ථයක, විකාරරූපී, රතිබිම්බය, බන්දුජීවගේ, ධූමලාවණ්, යාගාරය, වසන්තයේ, කෑම, ලෑස්තියි, පතුල, weeks, පැල්ලම්, mini, කවි, week, අභ්, යන්තර, රමිතීන්, internal, standards, චේජනාගේ, ටුව, chejana, web, page, days, නොකී, වෑයම, කව්මුතු, kavmuthu, hours, නන්දා, මාලනී, ජේවීපීද, මාතලන්, maathalan, list, syndicators, රාවණාගේ, දුන්න, ඇහැ, බලුමැක්කා, popular, view, complete, profile, about, followers, september, october, archive, අරුතක්, subscribe, atom, older, ලිපි, නොකලත්, කොමෙන්ට්, තෙසතියක, විරාමයක්, මහගමසේකරයන්ගේ, පෑන්, තුඩෙන්, ලියැවුන, ආරම්භක, පෙලත්, නවතින්නම්, මොහොතකටවත්, පහල, පාට, කොටුවක්, සටහනක්, තියලා, රාවය, හීන්, කියාවි, කියවාගෙන, යනකොට, විදිහට, වටහාගන්න, හැමෝම, නිසාම, හැමෝගෙම, යටින්, දිවෙන්නේ, කැමතියි, හිතනකොට, සැහැල්ලුවක්, සමාවෙන්න, ලඟදී, අවකාශයේ, පහුකරගෙන, අපහසුවක්, දැනුන, කීපය, ඇතුලේ, එදිනෙදා, නිතර, කතාබහ, මතෘකාවක්, නොවුනාට, සැඟවිලා, පේළියක්, හිටි, හැටියේ, නොකියම, කල්, ඇතිවම, තියෙන, ආයුබෝවන්, ස්ත්රී, පුරුෂ, ප්රේමය, ලියැවුණත්, ගීයෙන්, කියවෙන, සත්යය, සහෘදත්වය, පිළිබඳවත්, වලංගුයි, හිතන්නේ, මරණයෙන්, කිසිවෙකුට, නිකම්ම, නිකම්, හැමවෙලාවෙම, ජීවිත, අවබෝධයන්, හිතෙන්නේ, දන්න, බෙදාගන්නවා, සිතුවිල්ලයි, අවංකව, හිතුවොත්, අවධානයෙන්, සහෘදයන්, නොවේද, කොතැනක, සිටියත්, හමුවුන, ප්රධාන, මාතෘකාවට, සංකල්පනා, සියල්ල, බෙදාගැනීමේ, හැකියාව, යුවලකට, විවාහයකට, අත්යාවශ්ය, කාරණයක්, ජීවත්වීම, දක්වන, අවධානය, අවබෝධය, එතැනදි, කියවන, පොතක, මතවාද, අයුරින්ම, බිරිඳ, තේරුම්ගැනීමට, කියවන්න, මොනවගේ, පොත්පත්ද, තිබ්බ, සැමියා, පමණින්, බිරිඳත්, නිර්මාංශී, නොවෙයි, දෙදෙනාගේ, ප්රියතාවයන්, දෙදෙනා, තේරුම්ගැනීමයි, කාලෙකදි, තනිකමක්, දැනෙනවා, භෞතිකව, තනිකමක්ම, මිතුරු, ඇසුරෙන්, ප්රේම, සම්බන්ධයකින්, විවාහයකින්, හැමවෙලේම, නැතිකරන්න, ඇතිවෙන්නේ, සිතුවිලිම, අදහස්ම, මතවාදම, දරන, කොහේ, සිතුවිල්ල, එක්කයි, වෙලේම, සමානයෙක්, හොයාගෙන, තවකෙක්, උත්සහකරනවා, බෙදාහදාගන්න, හොයනවා, පිලිතුර, තුළම, ඒකටත්, උත්තරේ, දෙබස, shall, dance, චිත්රපටියේ, සාක්ෂිකාරයෙක්, බිලියන, ගණනක්, එතනින්, ජීවිතයක, වැදගත්කම, දෙයකදිම, ලඟින්, සාමාන්ය, හැමදේම, වෙලාවෙම, අනෙකාට, පණිවිඩේ, කාගේවත්, නොවී, කිසිකෙනෙක්, නොදැකම, ඇයම, ප්රශ්නයට, සපයයි, පිළිතුරක්ද, ලැබෙයි, හැඟුමකින්, යුතුව, නේක, හඳුනාගත්තාද, සිදුවීමේ, ලඟත්, ඇයටත්, වුණිද, පිසිමින්, සනසවමින්, පියමනිමි, යමකින්, කණට, කොඳුරන, පෙනේ, මොහොතකින්, සිනාමුසු, වනයි, ඉපිලයයි, මමද, හරවා, වැනීමට, වන්නීය, හැඟීමකින්, වෙලී, හිමිකම්, ස්තුති, පූර්වක, සිනහවෙන්ම, අභියස, දිලිසෙයි, යටපත්කල, සුන්දරත්වය, අතීතය, හඳුනන, නෙත්වලින්, වරෙක, තෙරපුනු, රහණයට, අසුවූ, සම්පූර්ණයෙන්ම, පිටමං, සුන්දරය, ගමන්කල, ඉසව්, රතුවී, තවම, සිපගත්, නිවෙස, පියමං, රතු, සිනාවක්, නැගී, මෙතනින්, බහිනවා, බඳවටා, සිහිපත්වේ, කලබලෙන්, වතේ, බසයෙන්, බැස, තෘප්තිමත්, ආගන්තුක, ඇතැයි, සිතෙයි, බලාවි, පාසල, යෙහෙළියන්, කිහිප, දෙනෙක්ද, ඉදිරියට, ඇදෙයි, මිහිර, පරදවා, මෝදු, වනන්නීය, ලද්දෙකු, ඉපිලී, වේගයෙන්, වංගුවක්, හරවයි, දෙනෙකුගේ, උරහිසට, පොල්ල, අල්ලාගෙන, දකුණත, රිදුම්, එක්වරම, අතක්, ඇදහිය, බලන, අසරණ, දෑස්, ලිහිල්වන, රියාත්මක, වම්, ඉනවටා, යවමි, දැඩිය, පෙදෙස, තෙරපී, දැනෙයි, බඳේ, එතී, නුපුරුදු, උරහිස්, රත්වී, රිදුම්කන, කිහිපයක, චමත්කාර, විඳගනිමින්, බසයට, නැග්ගේ, අන්තිමටය, සෙනග, ඇතුලටම, පහළිනි, නොරුස්සනා, ඇතිවේ, අන්තිම, පඩි, ස්ථානයයි, පඩියක්, සිදුවී, කෙල්ලක්, පහලින්, නොරුස්සයි, දරන්නීය, ඉඩක්, මීටත්, මගේද, කිසිම, කැමැත්තක්ද, ගැහැණියක්, එන්නීය, පරණ, ගවුමකට, උඩින්, චීත්තයක්, දවටාගත්, කෙහෙරැලි, අවුල්ය, ඇත්තේ, පෙනුමකි, අනුමාන, කමට, සරිලන, සුන්දරත්වයක්, ගැහැණියගෙන්, පලනොවන, හැඬුම, ඇරඹේ, ගැහැණිය, දිගුකරමින්, භාර, රැඳුනු, ඇඳේ, නෙත්, මුණගැසේ, එබෙමි, විශ්මයට, බැල්ම, යමි, දැරියක්, වැටී, පසෙකට, නවත්වමි, දණහිස, සීරී, ගලයි, වහා, නැගිටුවමි, නොනවත්වා, දුවගේ, දිගු, දිශාවට, තබමි, හැඬීම, ඉකිගැසීමකි, දූගෙ, කකුල, රිදෙනවද, වැනීමකි, සුරතල්, දැරියකි, සිඟිති, අත්පොඩිය, ගෙලවටා, රතුවුනු, කම්මුල්, බේරෙන, වරින්වර, මතුවන, ඉකිය, ඇතිකරන්නේ, සතුටකි, අටකට, පාසල්, එල්ලී, පින්නෙන්, පෙඟුන, සුලඟ, විඳ, ගනිමින්, සනසන, ගොයමින්, පිරි, කෙත්වතු, තඹේට, නොකර, කොට, කලිසමෙන්, දිග, කලිසමට, උරුමකම්, හිමිකර, දුන්, ආඩම්බරය, ලොවට, කියාපාමින්, අවට, අලුතින්, ඉදිවුනු, ගොඩනැගිලි, ළපටි, ගහකොල, නුඹලා, ඉතිහාසයක්, ආඩම්බරයෙන්, කිසිසේත්ම, වැසී, තිබුණු, කවුළු, විවෘත, තදබදයෙන්, දුමෙන්, අව්, රශ්මියෙන්, නොදැමූ, වැලි, පදවන්නේ, නොනැගෙන්නටම, ගලපන්නට, උවමනාය, වටපිට, දසුන්, නුපුරුදුය, බිමක, සිටිම්ද, ලෙංගතුය, වියපත්, යටගිය, දුටුවනම, ගෝචර, පරිසරයේ, සදාතනික, සැඟවුණු, දැනහැඳුනුම්, කම්, කෙසේ, හැකිද, වාර්ගික, යුද්ධයකින්, තිහකට, බැට, තුනක්, කෙටි, ඇතුලත, අඳිමින්, යසනයකට, කතාකරන, නොවූ, පැවැත්වෙන, භූමි, මෙනි, කිසිකෙනෙකුට, දීමට, හෙලා, ගසමින්, සතුටු, ලබාදීමට, විශ්වාස, සත්, මතම, සදාකාලිකව, එල්බ, නොඉඳ, විවේචනයකට, බඳුන්, ඉල්ලා, සිටිමින්, විවේචනයක්, හිතෙන, හැටි, ලියූ, ලිපියක්, සලකන්න, මෙහෙම, දේශප්, රේමීන්, හෙළයන්, බෞද්ධයන්, භක්තියන්, ජාතියෙන්ය, විරුද්ධව, පිරිසක්ද, රියාවන්ගේ, රතිඵලය, ජාතිවාදය, යාප්තවීම, බිහි, යාසනයකට, කැපීම, මුලින්, දෙවැනි, කොටස, නපුංසක, අයත්, කැක්කුමක්, දේට, මුලා, ලැබෙන, වාසි, තමන්ගේම, එවුන්ට, කපන, පලමු, දෙවන, ඔවුනොවුන්ට, අලවා, ලේබල්, විනා, ලිපිය, වචනාර්ථයෙන්, හැඳින්වීමක්, නොසැලකුව, මැනවි, නගන, තර්කයක්, බෞද්ධාගම, රැක, බෞද්ධාගමේ, අමු, අමුවේ, විනාශ, වෛරය, වෛරයෙන්, නොසංසිඳේ, උගන්වන, රැකගැනීමට, වෛරයම, යන්නය, මූලික, අදහන, බෞද්ධයෝ, ආකාරයට, ලඝු, කලහැකි, බිහිවන, කීමේ, අර්ථය, වඩාත්ම, කීමට, හැඟීමය, යන්නට, විවිධ, නිර්වචන, ඇතත්, හැදෙන, වැඩෙන, පරිසරය, පද්ධතියක්, හැඳින්විය, හැදුනු, වැඩුනු, සම්බන්ධතාවය, අවිඥාණිකව, තුලම, නොහැකිවන්නේ, පිටරටක, ජීවත්වීමට, ඇතිවන, හෝම්, සික්, යනුවෙන්, හඳුන්වන්නේ, වටාපිටාවෙන්, ඈත්වීමේදී, අපහසුතාවයයි, හඳුනාගත, ඉදිරියෙන්ම, තිබෙන්නේ, ඇතිවී, තිබෙන, ඔළු, ගණනින්ද, පරාක්, රමයෙන්ද, සීග්, බලෙන්, කරවීම, සංවිධානාත්මක, උත්සහයක්, පෙනෙන්නට, හෙයින්, බලපෑමෙන්, මුදා, සංඛේත, වැඩපිළිවෙලක්, දහම, බේරා, කියන්නවුන්, දහමේ, සිටින්නන්, දැනුමක්, අවබෝධයක්, කරලියට, පැමිණියත්, ගොඩනැගුණු, අයිතිවන, වෙනුවෙනි, ඊටත්, ජීවන, රටාව, බලහත්කාර, කුමක්, ඇසුරින්, නැගුනද, ජීවත්වීමේ, living, සිටීමට, අයිතියක්, අර්ථයෙන්, බෞද්ධයන්ගෙන්, ජාතීන්ගෙන්, විරෝධය, ඉගැන්වීම්, අර්ථදක්වා, ආකාරය, සහජීවනය, සංකල්පය, නොපෑහේ, ඇතිකරන, ආගම්, භක්තිය, මැදහත්, බැලීම, ජාතීන්, අභිබවා, තැබීමට, නායකයන්, රියා, පැහැදිලිව, දැකගත, පසුබිමක, ජනතාවගේ, ස්වභාවය, බළලා, මල්ලෙන්, පනින්නට, වර්ග, පහසුවෙන්ම, අයිතිවන්නේ, කොටසටය, ගොඩටය, කෑමේදී, වැටෙන, අමතක, අඩුම, ගණනේ, කුමක්ද, කාරණය, හැසිරෙන්නේ, හරයන්ට, තර්ක, පලක්, විරෝධයන්ගෙන්, වීමයි, නැතහොත්, උළුප්පා, නොදැක්වීමයි, සිද්ධවන්නේ, සිරුරකට, සළුපිළි, ඇන්දවීම, බැලු, බැල්මට, පෙනෙනු, අපබ්, රංශය, මෙසේ, ගනිමු, මතින්, නිර්මාණය, ගැටුමක්, යාසනකාරී, වන්නේය, මිනිසාට, තාර්කිකව, ලැබුණු, උරුමයකි, මේවා, රශ්නාර්ථයට, කිරීමක්, යුද්ධයකට, එලඹේ, අවසානයක්, කරා, නොහැකිය, පරම්පරා, ගණනකට, ඇදෙන, විනාශයක්, පමණකි, දෙමළ, ජනතාවට, සාධාරණ, සටන්කොට, කිසියම්, ජයග්, රහණයක්, ඇරඹි, සටන, බලපෑ, නියෝජනය, තිබුණිද, එනයින්, ඇතිවීමට, ගැටුමෙන්, අතිශය, යාසනයක්, වලක්වා, ඇත්තෙන්ම, දැක්, සෘජුවම, පීඩාවන්ටය, ආරක්ෂාව, උදෙසා, බෝධි, පූජාවට, ගෙනයන, කිරි, කළයකටද, කූරක්, ඔබා, පරීක්ෂා, යමෙකුගේ, සැදැහැවත්, තවෙකෙකුගේ, වටිනා, ජාතිකයන්, සමහරක්, මුහුණු, ආවරණය, සුවිශේෂිත, හලාල්, පොදු, පැටවීම, නීතියට, නීති, බැංකු, දීම්, එමෙන්ම, නැතිවේ, බියෙන්, සැත්කම්, ගබ්සා, නොදීමට, මුල්, සරල, තේරුමයි, නියතයක්, රැඩිකල්ව, කාලයට, සාපේක්ෂ, විරුද්ධවිය, කෘතිම, රැඩිකල්, දැරීමට, එරෙහිවය, තනියෙන්, ජීවත්විය, සත්ව, ඔවුහු, රංචු, ගැසෙති, ඉන්පසු, එකතුවීම, වෙන්වීම, චිත්, රයකි, රටවල්, රාදේශීය, නිකාය, උච්චාරණය, තනි, අතරම, පෙන්වීමේ, රමයක්, යතාව, ඉස්පසු, සිදුවේ, ඕස්ට්, රේලියාව, ලංකාව, තරඟයකදී, ලාංකික, උනුන්, කුලමල, සියලු, දේම, මෙවැනි, එකතුවීම්, ඉවසා, තරමට, වර්ණවත්, වර්ණ, දැකීම, නිසි, පිළිවෙල, වටිනාකම්, ලබාදීමත්, දෙයකි, නිකායට, මනුෂ්, යත්වය, දේටම, තිබෙන්නක්, ලාංකිකත්වයට, හිමි, වටිනාකම, ලබාදී, අදහසයි, තණකොට, බෙදීමක්, පසුගිය, අවකාශයෙන්, අහුලා, ගතිමි, මෙහිදී, අර්ථ, දැක්වුනේ, ජනතාවය, කියමන, එකඟතාවයක්, හරකෙක්, තප්පුලෑම, සුදානම්, පැත්තකට, නිවී, හැනහිල්ලේ, ගිල
Text of the page (random words):
බලන්න වගේ දෙවලුත් කරනවා ඔය කරන ජාති මගේ කතාවට එච්චර අදාලත්වයක් නැති උනත් ම ම කිව්වේ පසුබිම් සංගීතයක් හැටියට ඔන්න දැන් සෙනසුරාදා උදේ පංති ඇරිලා අපි දහ දෙනෙක් විතර ඇවිදගෙන එනවා සුධර්මාරාමේ ඉඳලා ප් රධාන පාරට එන්න මීටර් දෙසීයක් තුන්සීයක් ඇවිදගෙන එන්න ඕනේ අතුරු පාර දිගේ අපේ සැට් එකේ හිටිය නහරයා තමයි රත්නායක නැත්නං රත්තා පාරේ යන ගැල්ලමයින්ට උසුළු විසුලු කිරීම තමයි උගේ ප් රධාන රාජකාරිය එහෙම කියන්න ගිහිං හොඳ කතා අහගත්ත වෙලාවලුත් තියනවා රත්තා ගැන කියද්දි මතක්වෙන අනිත් කාරණේ තමයි මුගේ පාර පැනීම මෙන්න මං පනිනවා උඹලා වාහන නවත්ත ගනිල්ලා වගේ තමයි ඌ පාර පනින්නේ මම අනාවැකියකුත් කියලා තිබ්බා ඒ කාලේ කවදාහරි ඌ මැරෙන්නේ බස් එකකට යට වෙලා නැත්තං කොන්දොස්තර කෙනෙක්ගෙන් ගුටිකාලා කියලා ඉතිං මේ කියන දවසෙත් මූ අපිට ඉස්සරහිං ඇවිදගෙන යන්න කෙල්ලො සැට් එකකට අනංමනං කියනවා උගේ කට කැඩිච්ච කතා වලට අපි හිනාවෙනවා ඔන්න එකපාරටම ඔක්කොම කෙල්ලො ටික කුඩ ඉහල ගත්තා මහ පාරෙදි අව්ව සැර උනාට මේ කියන අතුරු පාරෙ කුඩ ඉහලන්න තරං අව්වක් නෑ උං කුඩ ඉහල ගත්තෙ තොපි කියන එව්වා අපිට නෙමෙයි කියන්නා වගේ ඔන්න රත්තා දැන් අලුත් වැඩක් පටන් අරං පාරෙ තියන චූටි චූටි ගල් අහුලගෙන අර කුඩ වලට ගහනවා ස්ත් රී නිදහස වෙනුවෙන් බාල කාලෙ ඉඳල පෙනී සිටින මට මේක එච්චර ඇල්ලුවේ නෑ සහෝදරවරුනි වැඩේ අසාධාරණයි පවුනේ අර අහිංසක ගෑල්ලමයි ටික ඔය ගලක් කුඩයක් අස්සෙන් ගිහින් ඒ ළමයින්ගේ ඇඟේ වැදිලා රිදුනොත් එහෙම නේද ඉතිං අවි ගත්තෝ අවියෙන්ම නසිති කියලා මාත් අහුල ගත්තා පොඩි ගලක් හිමින් සීරුවේ ඇවිදින වේගේ අඩුකරලා ගිය සැට් එකේ පස්සටම ඉලක්කෙ අරං ගැහුවා රත්තගෙ ඔලු ගෙඩියට වැදුනද පිස්සුද අපිට ඔය වගේ ගල් ගහලා පුරුදු නෑ සහෝදරවරුනි ඒ හින්දා වැරදුනා මූට වදින්න ගලක් ගහන්න නම් සෑහෙන ගල් කන්දරාවක් ඕනේ කියලා මට අවබෝධ වුනා ඉතිං හොඳ ගල් ආකරයක් හොය හොය මම තාර පාර පිරික්සමින් යද්දි තාර ගැලවිලා හැදිච්ච වලක මේං තියනවා සූටි සූටි ගල් මම සුටුස් ගාලා දෙකට නැමිලා දෝතපුරා ගල් නෙලාගෙන මල්ටි බැරල් හැඟීමෙන් නැගිට්ටේ රත්තාව බ්ලාස්ට් කරලා දාන්න කරුමේ කියන්නේ නිකං නෙමේ සංසාරේ පුරාවටම විටින් විට පලදෙන අපරාපරියවේදනීය කර්මයක් මෙන්න මේ අවස්ථාවේ පල දුන්නා සහෝදරවරුනි මම තාර පාර පීර පීර ගල් හොයලා ගල් එකතු කොරන්ඩ නැමිලා කෙලින් වෙන අතරේ මම නොදැනුවත්ව තවත් බිහිසුණු සිද්ධි දාමයක් සිද්ධවෙලා තියනවා රත්තාගේ ගල් කරදරයෙන් බේරෙන්න බැරි තැන කෙල්ලෝ සැට් එක පාර අයිනේ නැවතිලා කුඩ අකුලලා අතට අරං අපේ සැට් එක එතන පහුකරං යනකං ඔරෝගෙන බලං ඉඳලා ටයිමිං කියන්නේ හරියට ජයසූරියගෙ ඉ ස්ක්වෙයාර් කට් පාර වගේ මම මල් වට්ටිය සේ ගල් අහුර දෝත දරාගෙන කඳ කෙලින් කලේ උංගේ ඉස්සරහදිමයි ආයේ මොනවද හොරා බඩු අතේ අරං බඩු ටිකට අතේ මාට්ටු මේ වෙනකොට මම අපේ සැට් එකෙනුත් සෑහෙන පහු වෙලා තනියා දැක්කහම ගැල්ලමයින්ගේ කටවල් වලටත් පණ ඇවිත් කියාපු දේවල් ටික නං මෙතන කියන්නෙ නෑ නෑ මයි හරි හමං මිනිහෙක් නං එදායින් පස්සෙ රෙදි අඳින්නෙ නෑ උං කියපු දේවල් වල හැටියට මගේ කටේ කෙළ හිඳිලා කන් රත් වෙලා කකුල් පණ නෑ කොටින්ම කියනවා නං ඇඬෙන්න එනවා කාට කියන්නද මේ දුක නංගියේ ඔබ හැර කියලා මම බැලුවා ගැල්ලමයි සැට් එක දිහා හප්පා බලන්නත් බයයි දත් මිටි කකා ඇස් ගෙඩි ලොකු කරගෙන කුඩ උලුක් කරගෙන බැනුං නං මට නෙමේ වගේ හිටියෑකි ඒත් දෙයියනේ කුඩේකින් පාරක් වැදුනොත් මගේ පුරුසාදිපත්ය සුං නේද කියලා හිතුනා කකුල් දෙකට පණ අරං අඩියට දෙකට දුවගෙන ගියා කොල්ලෝ සැට් එක ලඟට උන්ට හරි හිනා ඊට පස්සෙ උන්ගේ බයිට් එක මම අඩෝ පව් බං කෙල්ලන්ට ගල් ගහන්නේ කැත වැඩ කරන්න එපා බං උන් අර කෙල්ලෝ සැට් එකට ඇහෙන්නම හයියෙන් කියනවා මම කට වහගෙනම හිටියා එදා මමත් පාර පැන්නේ රත්තගෙ ඉස්ටැයිල් එකට බස් එකක හැප්පෙන එක සැපයි ඒ වෙලාවෙ හැටියට කොහොම කොහොම හරි එදා ක්ලොක් ටවර් එක ලඟට යනකං මම දත්මිටි කාගෙන ගියා අර කලින් කිව්ව ජාතියේ උන් උන් උන්ගේ කරත්ත වලට කරගහන්න ගිහින් ඉතුරු වෙච්ච සැට් එක ආවා පුස්තකාලෙ ඉස්සරහ පේරාදෙණි හෝල්ට් එකට මම කට හඬ අවදි කලා මේ අහපියව් මම ගල් ගහන්න හැදුවේ කෙල්ලන්ට නෙමෙයි යකෝ කෙල්ලන්ට ගල් ගහ ගහ ආපු රත්තට ගහන්න තමයි මම ගල් ඇහිලුවේ උස් හඬින් මම එහෙම කිව්වහම කට්ටිය නිකං මා දිහා බැලුවේ මම රටේ දූෂණය භීෂණය තුරන් කරලා සාමය සහ සෞභාග් ය උදාකරනවා කියලා කිව්ව වගේ හරි හරි බං අනිත් දවසේ ගහපං අහු නොවෙන්න මම වගේ රත්තා එහෙම කියලා මාවත් ඇදං රටකජු කරත්තේ පැත්තට ගියා ප ලි මගේ නිදොස්බව ගැල්ලමයි සැට් එකට තේරුම් කරදෙන්න හැදුවානම් එදා අනිවාර්යයෙන් කුඩ පාර වදිනවාය මට දුක කොල්ලෝ සැට් එකවත් කවදාවත් මගේ කතාව පිළිනොගත් එක ගැනය පිළිනොගත්තා පමණක් නොව උන් එය තඹේකට වත් මායිම් කලේ නැතිය සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරදෙන්න බැරිය posted by තිසර at 4 29 pm 69 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday january 9 2013 අසුභවාදියා ඔබ කිසිදිනෙක මා හමුවීමට නැවත පැමිණෙතැයි මම සිහිනෙකිනුදු නොසීතීමි හැඟීම් රහිත ඔබගේ මුහුණ දුටු විට ඇති වූ විශ්මය පසු පස ආවේ තරමක චකිතයකි තත්පර කිහිපයක් තුලදී ඉතිහාසයේ නියමිත කාලවකවානුව සොයා මා නොවිසඳා ඉතිරිකර පැමිණි යම් දෙයක් වේද යන්න සොයා බැලීමි නැත මම ඔබ වෙතින් පූර්ණ ලෙස සමුගෙන ඇත්තෙමි සර් ලබන සෙනසුරාදා පංති නෑ නේද එහෙනං කණ්ඩායමෙන් එකියක අසයි ඇයගේ ප් රශ්නයට ඔවුන් ශබ්ද නගා සිනාසීමෙන් පිළිතුරු දෙති ඇයද එම සිනහවට සම්බන්ධ වීමෙන් පිළිතුර බාරගනියි සර් ඇත්තටම ලෝක විනාසේ වෙයිද ඒ කටකාර කොල්ලෙකි මගෙන් පිළිතුරක් නැත අපෝ ඔන්න ලෝක විනාසෙ උනොත් අපිට ගෙදරින් පංති එන්න දෙන එකක් නෑ ඔහු ඔහුගේම විහිලුවට මහ හඬින් සිනාසේ කෙලි රංචුවද ඔවුන්ගේ හිකි හිකියෙන් ඔහුව දිරිමත් කරති මෙයා ගෙදර අය කියන දේ ඇහුවොත් නම් එදාට ලෝක විනාසය අනිවාර්යයි මුලින්ම ප් රශ්නය ඇසූ කෙල්ලගේ මේ ප් රකාශයට කෙලි රෑනේ ප් රතිචාරය ඉතා ඉහලය හරි හරි ලෝක විනාසේ උනේ නැත්තං එනවලකො මම සියලුදෙනාම පිටවී යනතුරු බලා සිටිමි එහෙනං සර් සුභ ලෝක විනාසයක් වේවා ඒ අන්තිමයාය ඔහුට පසුපසින් පංතියෙන් පිටවූ මා මඳ සිනහවක් මුව නඟාගත්තේ ඔබට මුහුණ දෙන්නටය ඔබගේ මුහුණේ ඇඳුණු පිළිතුරු සිනාව චෝදනාත්මක එකක් නොවන බව මම තීරණය කළෙමි ඔබ මා හමුවීමට පැමිණියේ ඇයිද යන්න සිතේ නැගි එකම පැනය වුවත් මම එය වචන නොකලෙමි අවංක වචන සිත් නොරිදවන්නේ කලාතුරකිනි මම ආවේ ඇයි කියලද කල්පනා කරන්නේ ඔබේ ප් රශ්නයට මම ඔව් හෝ නෑ නොවන සිනහවකින් පිළිතුරු දුනිමි මම ආවේ ඔයාව බලලා යන්න කොච්චර කාලෙකට පස්සෙද නේද මම සුහද ලෙසින් ඇසීමි හ්ම්ම් අපි යමුද වැව දිහාවට මගේ ආරාධනාව පිලිගත් ඔබ ආපසු හැරුණේ මට ඉස්සර වීමට ඉඩසලසා දෙමිනි ඔබ මගේ අවසාන පෙම්වතියයි නොගැලපීම් දහසක් ගලපා ගැනීමට උත්සහ ගත්තී ඔබය ලොකයේ සෑම දෙයක්ම සිදුවිය යුතු ලෙස සිදුවන බවත් ඒවාට මගේ ඇඟිලි ගැසීම් අනවශ් ය බවත් මම ඔබට කියා සිටියෙමි වෙනසක් සඳහා කලයුතු බොහෝ දේ ඔබ යෝජනා කල අතර ඒ සියල්ලටම ඕවා කරලා වැඩක් නෑ යැයි මම කීමි අවසානයේ ඔබට වෙන්වන්නට උවමනා විය මම අලස පෙම්වන්තයෙක් වීමි වෙන්වීමක් යනු හමුවීමක නියත ප් රතිපලයක් ද තවත් හමුවීමක ඇරඹුමක් ද බව දැන මම අලසවම ඔබට සමුදුනිමි සමුගැනීමට පෙර ඔබ මා අත තැබූ කොලයෙහි ලියැවී තිබුණේ එකම වචනයකි ඔබට ඉදිරියෙන් ඇවිදගියද මම ඔබගේ වේගය සමග අනුකූල වන්නට වෙර දරමි ඔබ සෙමෙන් පියවර තබන්නේ කතා කිරීමට බොහෝ දේ ඇති නිසා බව දනිමි සුලෝ දැන් මොකද කරන්නේ එතරම් හැඟීම් විරහිත බවකින් මම මීට පෙර කිසි දිනෙක ඔබගේ නමින් ආමන්ත් රණය කර නැතැයි සිතේ මාත් දැන් එන්ඩෙවර් එකේ උගන්නනවා මොනවද කම්පියුටර් අප දෙදෙනාම එකවර හඬ නගා සිනාසෙමු සිනා හඬ මැකී ගිය පසුද සතුට ඔබගේ මුහුනේ රැඳී තිබේ ඒ කියන්නෙ දැන් කම්පියුටර් වලට කැමතිද මගේ වැරද්ද ද ඒ වැරද්ද ඔබ වටහා ගත් බවද මට එකවර වැටහෙයි නමුත් මා ප් රමාද වැඩිය මිනිස්සු වෙනස් වෙනවා ඒ එක්කම එයාලා කැමති අකමැති දේත් වෙනස් වෙනවා නිහඬබව යනු එකඟවීමම නොවේ මම නිහඬබව තෝරාගනිමි වැව අසල එකම ලී බංකුවෙහි වාඩිවීම නිසා මොහොතකට අප පෙම්වතුන් වෙමු අනිද්දා ලෝක විනාසෙ ඔබේ මද සිනහව මගේ නිහඬබව හමුවේ සුසුමක් වී පිටවෙයි ඔයාට පොඩ්ඩක්වත් බයක් හිතෙන්නෙ නැද්ද ඔබගේ පැනයට මම සිනහවකින් නැහැ කියමි එහෙම උනොත් අපි තනිකමත් එක්කම මැරිල යාවි තැලිච්චි පොඩිවෙච්චි හිත් එක්කම මම ඔබට කතා කරන්නට ඉඩ දෙමි ලෝකයම විනාස වෙන බව දැනගත්තහම අපිට බැරිද එකිනෙකාට ආදරේ කරන්න අනාගතේ වෙනුවෙන් පොඩ්ඩක්වත් ඉතුරු කරගන්න ඕනෙ නැති නිසා දෙන්න පුලුවන් උපරිම ආදරය දෙන්න පුලුවන් එතකොට ඒ වගේ ආදරයක් ලැබෙනකොට ලෝකෙ විනාස උනත් දුකක් දැනෙන එකක් නෑ බලාපොරොත්තුව ඔබේ ඇඟිලිතුඩු අගින් මගේ ඇඟිලිතුඩු වෙලාගනී අපට ඉදිරියෙන් වැව් ඉවුරේ බිඳෙන සිහින් දිය රැළි ද පිටුපසින් මාවතේ දිවයන නොනවතින රිය පෙල ද මැද අපි කල්පයක් ගොළු වී සිටියෙමු ලෝක විනාසෙ උනේ නැත්තං නිරායාසයෙන් මගේ මුවින් පිටවන වදන් ගැන මම පසුතැවිලි වෙමි වැව දෙස බලාගත්වනම පසුවන ඔබේ දෑස මට නොපෙනුණත් ඒ තුල තෙරපෙන හැඟීම් මම ඔබේ නිශ්චල බව තුල දකිමි සමහර මිනිසුන් කිසිදාක වෙනස් නොවන බව ඔබට වැටහෙන්නට ඇත ඔබගේ වෙව්ලන අතැඟිලි සෙමෙන් මා අතැඟිලි අතරින් මිදී යයි මම යන්නං ඔබ මා දෙස නොබලාම බිඳුණු හඬින් එසේ පවසා මගෙන් ඉවතට ඇවිදයන අයුරු මම බොහෝ වෙලාවක් බලා සිටියෙමි පෙර දිනයක ඔබ සමුගැන්මට පෙර මා අත තැබූ කොල කැබැල්ල මම පසුම්බියෙන් ඉවතට ගෙන බලමි හැඩකාර අකුරු වලින් ලියැවුනු එකම වචනය දෙස මම අරමුණක් නොමැතිව බලා සිටිමි අසුභවාදියා මා බොහෝ වෙලාවක් මෙහි රැඳී සිටි බව මට සිහිපත් වේ කොල කැබල්ල නමා තිබූ පැරණි දාර ඔස්සේම එය සීරුවෙන් නමා පසුම්බිය තුල තැම්පත් කල මම බංකුවෙන් නැගිට වැව්තලය පිස ආ සිසිල් සුළඟකට මෙතෙක් වේලා ළය රැඳි බරැති සුසුම පිටකර හරිමි posted by තිසර at 6 08 pm 37 comments email this blogthis share to x share to facebook share to pinterest thursday december 20 2012 තාත්තා එනකං cat s in the cradle එකල මට වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත අක්කා මට වඩා අවුරුදු දෙකකින් වැඩිමල් අතර නංගී මට වඩා අවුරුදු තුනකින් බාලය උදෑසන අවදි වූ විගස අප එකිනෙකාගෙන් අසන විශේෂ ප් රශ්නයක් තිබුණි ඒ තාත්තා ගෙදර එනකොට ඇහැරලාද හිටියේ යන ප් රශ්නයයි තාත්තා ගෙදර එනවිට ඇහැරී සිටීම අපගේ ලොකුකම පෙන්වන නිර්ණායකයක් ලෙස අපි එදා පාවිච්චි කලෙමු බොහෝ වෙලාවට නංගීටත් මටත් සිදුවන්නේ තාත්තා එන විට ඇහැරී සිටි අක්කාගේ උජාරු කතා අසා සිටීමටය ඇයගේ උජාරුව ඉවසාගත නොහැකි වූ සමහර දිනවල අපි අම්මාගෙන් ආච්චීගෙන් හෝ තාත්තාගෙන්ම අසා එහි නිවරද් යභාවය සොයා බැලීමු මේ ගැන දැන් කල්පනා කලවිට පසක්වන්නේ අක්කාගේ උජාරුව හෝ අපගේ ලොකුකම නොව අපට තාත්තා සමග ගත කිරීමට ලැබුනේ කොතරම් සුළු කාලයක්ද යන්නයි පොදුවේ උදෑසන අටේ සිට සවස පහ දක්වා වන සහ ගමනට පැයක් දෙකක් ගතවන රැකියාවන්හි නියුතු බොහොමයක් තාත්තලාගේ දරුවන්ට මේ අත්දැකීම ඇතුවාට සැකයක් නැත ගම්පහ සිට කොළඹ රැකියාවට දිනපතා ගිය තාත්තා පසු කලෙක වඩා හොඳ රැකියාවකට කුරුණෑගල පුත්තලම මාර්ගයේ නිකවැරටියටත් එහා ප් රදේශයකට ගිය කල අපට තාත්තාව දකින්නට ලැබුනේ සති දෙකකට හෝ මාසයට වරකි තාත්තා ගෙදර එන දිනය සැණකෙලි දිනයක් හා සමාන වූවා යැයි කීම අතිශෝක්තියක්මත් නොවේ කලකට පසු පැමිණන නිසා තාත්තා එකල ගෙදර ආවේ කැවිලි පෙවිලි තෑගි බෝග ආදියද රැගෙනය හැම පිරිමි දරුවෙකුටම මෙන් මට ද මගේ ලෝකයේ වීරයා වූයේ තාත්තාය ඊට අමතරව පොතපත කියවීමට දැඩි ඇල්මක් දැක්වූ තාත්තාගෙන් ඒ පුරුද්ද උරුමවූයේ මට පමණක් බැවින් පොත්පත් ගෙනැවිත් දීමෙන් සහ ඒවා පිළිබඳ කතා කිරීමෙන් තාත්තා සහ මා අතර විශේෂ බැඳීමක්ද තිබුණි එම වයසේ පිරිමි ළමයින් සාමාන් යයෙන් වඩා සමීප වන්නේ අම්මාට වුවද මගේ වැඩි බැඳීම තිබුනේ තාත්තා සමගය නිතරම දුරබැහැර පලාත්වල සේවය කිරීමට සිදුවන නිසා එම තනතුර වෙනුවෙන් නිල නිවසක් තිබුණද අපගේ අධ් යාපනය ඇතුළු ප් රායෝගික කාරණා රැසක් නිසා එක් වරම අප සියළු දෙනා රැගෙන එම දුෂ්කර ප් රදේශයට යාමට ඔහු සිතුවේ නැත නමුත් තවත් ඉදිරි වසර ගණනාවකට සේවය කිරීමට සිදුවන්නේ එවැනි දුරබැහැර දුෂ්කර ප් රදේශ වල බැව් තේරුම් ගත් තාත්තා එක ප් රදේශ කිට්ටුවෙන් තිබූ හොඳ යැයි පිළිගත් පාසල්වලට අපව ඇතුලත් කර පාසලේ නේවාසිකාගාරයේ හෝ දැන හැඳුනුම්කම් මත සොයාගන්නා නිවෙස්වල අපට ඉඳුම්හිටුම් සැලැස්වීය මෙහිදීත් මට ලැබුනේ අක්කාට සහ නංගීට වඩා තරමක් ඈතින් පිහිටි පාසලකි එබැවින් ගෙදර යෑම යන්න තවදුරටත් මම මාසයකට වරක් පමණ ලැබූ අත්දැකීමක්ම විය මේ අතර තවත් විපර්යාසයක්ද සිද්ධවෙමින් තිබිණි ඒ ගෙදර යාමට මට තිබූ උනන්දුව ආශාව හීන වී යාමයි ගැටවර වයසට පැමිණ සිටි මට සම වයසේ කොල්ලන් සමග රස්තියාදුවේ යෑම ගෙදර යෑමට වඩා බෙහෙවින් විනෝදජනක විය සමහර විටෙක බොරු හේතු කියමින් මම ගෙදර නොගොසින් මග ඇරියෙමි මගේ ලෝකයේ වෙනත් වීරයන් බිහිවෙමින් තිබිණි තාත්තා මාරුවීම් ලබමින් මුළු පවුලම රැගෙන තැනින් තැනට ගියේය මම සාමාන් ය පෙළ ලියා උසස් පෙළ සඳහා වඩාත් ඈතින් පිහිටි පාසලකට ගියෙමි උසස් පෙළ කරන අතරතුර මා ගෙදර ගිය වාර ගණන දෑතේ ඇඟිලි ප් රමාණයටත් වඩා අඩුය ඒ වන විට මට මගේම ලෝකයක් තිබූ අතර ගෙදර ට එහි තිබුනේ කුඩා ඉඩකි කාලය ගතවිය මම විදේශගත වීමි තවත් ටික කලකින් මම විවාහ වීමි මගේ වයසේ බහුතරය මෙන්ම මම ද දැන් රැකියාවක් කරමින් නිවාස ණය ගෙවමින් ජීවත්වන්නෙමි තාත්තා සමග කතා කිරීමට මට ඉඩ ලැබෙන්නේ සතියකට වරකි එනම් සති අන්තයේය එදිනටත් යම් යම් වැඩ කටයුතු යෙදුනහොත් බොහෝවිට කතා කිරීමට නොහැකි වෙයි අප සමග මෙරට නිවාඩුවක් ගත කිරීමට ඒමට තාත්තා අයැදුම් කල වීසා බලපත් රයද සෞඛ් ය පරීක්ෂණ නිසා ඇදි ඇදී ගොස් නියමිත කලට නොලැබුණි මේ ගීතය මම ඇසුවේ මෑතකදීය පිළිවෙලට කියාගෙන යන කතන්දරයක් වන් මෙම ගීතයේ පද සොයාගෙන කියවූ පසු ඇති වූ තිගැස්ම සහ හැඟීම විස්තර කිරීමට මම අපොහොසත්ය song cat s in the cradle singer harry chapin lyrics harry sandra chapin my child arrived just the other day he came to the world in the usual way but there were planes to catch and bills to pay he learned to walk while i was away and he was talkin fore i knew it and as he grew he d say i m gonna be like you dad you know i m gonna be like you and the cat s in the cradle and the silver spoon little boy blue and the man on the moon when you comin home dad i don t know when but we ll get together then son you know we ll have a good time then my son turned ten just the other day he said thanks for the ball dad come on let s play can you teach me to throw i said not today i got a lot to do he said that s ok and he walked away but his smile never dimmed and said i m gonna be like him yeah you know i m gonna be like him and the cat s in the cradle well he came home from college just the other day so much like a man i just had to say son i m proud of you can you sit for a while he shook his head and said with a smile what i d really like dad is to borrow the car keys see you later can i have them please and the cat s in the cradle i ve long since retired my son s moved away i called him up just the other day i said i d like to see you if you don t mind he said i d love to dad if i can find the time you see my new job s a hassle and kids have the flu but it s sure nice talking to you dad it s been sure nice talking to you and as i hung up the phone it occurred to me he d grown up just like me my boy was just like me and the cat s in the cradle තම රැකියාව සහ අනෙකුත් වැඩ රාජකාරි නිසා මේ පියාට තම පුතු සමග ගත කිරීමට ලැබෙන්නේ ඉතා අඩු කාලයකි කුඩා ළදරුවා ඇවිදින්නට කතාකරන්නට සෙමෙන් ඉගෙන ගනී නමුත් මේ තාත්තාට ඒ වැදගත් අවස්ථා වැඩ අධික බව නිසා මඟ හැරී යයි කතා කිරීමට සමත් පුංචි පුතා කියන්නට හදන්නේ තාත්තා තමන්ගේ ලෝකයේ වීරයා බවය කවදා හෝ තමනුත් ඒ වගේ වීරයෙක් වන බවය තාත්තා ගෙදර එන්නේ කවදාදැ යි කුඩා පුතු අසයි ගෙදර එන දවස හරියටම කිව නොහැකි වුවත් ගෙදර ආ දවසට පුතා සමග කාලය ගත කරන බවට තාත්තා පොරොන්දු වෙයි පුතා දැන් වයස දහයක කොලුගැටයෙකි තාත්තාගෙන් තෑගි ලැබුණ බෝලයෙන් සෙල්ලම් කිරීමට ඔහු තාත්තා සොයයි නමුත් තාත්තාට වැඩ අධිකය තාත්තා ඔහුගේ සුපුරුදු පොරොන්දුව දෙයි පුතා දැන් වැඩුණු තරුණයෙකි තාත්තාට පුතා ගැන ඇතිවන්නේ ආඩම්බරයකි ඔහුට දැන් කලින් මෙන් වැඩ අධික නැත පුතා සමග කතා කිරීමට ඔහුට වෙලාව තිබේ නමුත් පුතාට දැන් මිතුරන් සිටී ඔහු දැන් ඔවුන්ව මුණගැසීමට යා යුතුය පසුව එන බව කියා පුතා නිවසින් පිටවී යයි විශ් රාමික තාත්තා දැන් සිටින්නේ තනිවමය පුතා විවාහ වී ගෙදරින් පිටව ගොස්ය පුතාට දුරකතනයෙන් කතා කරන තාත්තා ඔහුව දැකීමට කැමැත්තෙන් සිටින බව කියයි එහෙත් දැන් පුතාට වැඩ අධිකය රැකියා ස්ථානයේ ප් රශ්න සහ ඔහුගේ දරුවන්ගේ ප් රශ්න ඔහුට තිබේ හමුවීමට වෙලාවක් නැති නමුත් කතා කිරීමට ලැබීම සතුටක් බවත් ඔහු පවසයි පුතාගේ පිළිතුරෙන් කණගාටුවට පත්වන පියාට එක් වරම වැටහෙන්නේ තමන්ගේ පුතා දැන් ගතකරන්නේ තමන් ඔහු කුඩා කාලයේදී ගතකල ජීවිතයම බවයි එනම් පුතා ළදරු කාලයේදී පැවසූ පරිදි ඔහු වැඩිහිටි වී ඔහුගේ තාත්තා වගේම වී ඇති බවය and the cat s in the cradle and the silver spoon little boy blue and the man on the moon ගීතයේ එන මේ කොටසේ වචන භාවිතා වන්නේ සංකේතාත්මකවය cat s in the cradle දරු පවුල නිවස වැනි අදහස දෙන අතර silver spoon යන්න සිංහලෙන්ද රිදී හැන්ද සෞභාග් ය සංකේතවත් කරන්නකි little boy blue යන දුකට පත් දරුවා ද man on the moon නිවසින් බොහෝ දුර බැහැර සිටින මිනිසා ද සංකේතවත් කරයි අර්ථයක් වශයෙන් ගත් කල තම පවුලට සෞභාග් ය උදා කරදීම සඳහා දුර බැහැරක රැකියාවකට ගොස් ඇති පියා සහ ගෙදර නැති පියා පිළිබඳ දුකින් තැවෙන දරුවෙක් මෙයින් ගම් ය වේ මේ ගීතය පිය පුතු සම්බන්ධතාවයටත් වඩා ජීවිතයේ ප් රමුඛතාවයන් නිවැරදිව තේරුම් ගතයුතු බවට කෙරෙන ඉඟියකැයි එක් තැනක සඳහන් කර තිබිණි දැන් මම එක දරු පියෙක් වෙමි රැකියාවට ගොස් මා ගෙදර එන තුරු දැන් මගේ පුතා මගබලා සිටී තවමත් තෙහැවිරිදි ඔහු වචන එකිනෙක ගලපා කියන්නට තතනන කතන්දර ගණන නිමක් නැත එකම පොතේ එකම කතාව මා ලවා නැවත නැවතත් කියවා ගැනීම ඔහුගේ ...
|