Meta tags:
Headings (most frequently used words):
2023, popular, posts, tuesday, sunday, december, november, ප්, වාසිතය, september, 24, 2024, wednesday, 29, 26, march, 2022, saturday, 25, 2021, search, this, blog, about, me, labels, නෙළුම්, යාය, බ්ලොග්, සම්මාන, උළෙල, 2016, අටම්පහිය, සින්ඩිය, ලුහුබඳින්නන්, total, pageviews, මම, යනෙන, තැන්, all, time, last, month, ලංකාවේ, රථම, වෘත්තීය, නර්තනවේදිනිය, වජිරා, චිත්, රසේන, විවාද, තරඟය, ශනිදා, දහයට, කේක්, කෑල්ල, කා, දැවිල්ල, නිසා, තොවිලයක්, නැටීම, සදාචාර, නියෝජිතයෝ, කෙටි, කතාව, සතියට, දවස්, හතක්, ආවේ, කොහොම, පැරිස්ගේ, තේරීම, දුටුගැමුණු, හා, නාගයෝ, ඉතිහාසය, වෙනස්, කළ, මිත්, යා, රජු, රෙස්ටර්, ජෝන්, report, abuse,
Text of the page (most frequently used words):
කියලා (41), නිසා (31), චිත් (27), ඔහු (26), අපි (25), මගේ (24), නාට් (24), ගැන (21), නම් (21), share (21), නැහැ (21), වගේ (19), අතර (18), නාග (18), ඔහුට (18), අපේ (17), වජිරා (17), මිත් (16), තමා (16), දැවිල්ල (16), දින (15), පටන් (15), කතා (14), තියෙනවා (14), පත්තර (14), විවාද (14), දැන් (13), කරලා (13), කරා (13), රසේන (12), තවත් (12), ඇති (12), වෙලා (12), කේක් (12), නැති (11), වෙනවා (11), ඉන්න (11), එක් (11), කතාව (11), මහා (11), දෙයක් (11), කන් (11), කලින් (11), කියන්නේ (11), වුනා (11), අපිට (11), ගත්තා (11), වතුර (11), පස්සේ (10), ලංකාවේ (10), පුරාණ (10), කුල (10), #december (10), නමුත් (10), රජතුමා (10), කිව්වා (10), නෙමේ (10), රයා (10), හතක් (10), ඇන්තනී (10), ඔහුගේ (10), ඇන්තනි (10), the (9), කරන (9), මෙම (9), මුල් (9), november (9), දුටුගැමුණු (9), තියෙන (9), එක්ක (9), පැරිස් (9), මිනිස්සු (9), වලට (9), දවස් (9), දෙස (9), උණු (9), මුද් (9), නර්තන (9), කාලය (8), ලෙස (8), ඇයි (8), විද් (8), නිර්මාණය (8), ලාංකීය (8), march (8), september (8), this (8), වෙනස් (8), කිරීමට (8), කියනවා (8), කරනවා (8), වෙන්නේ (8), කාන්තාව (8), තමන්ගේ (8), කරන්න (8), විවාහ (8), වශයෙන් (8), සිටි (8), තියෙන්නේ (8), පාලනය (8), කරමින් (8), කරන්නේ (8), වඩා (8), නැත (8), අඩවිය (7), බ්ලොග් (7), අවසන් (7), ලෝකය (7), එකේ (7), පෙර (7), කවි (7), කලේ (7), රමය (7), 2023 (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), සමඟ (7), හිටියේ (7), යනවා (7), වෙන්න (7), කෙනෙක් (7), කුඩා (7), ඇෆ් (7), ලෝකයේ (7), තිබුනා (7), චන්ද් (7), භාවිතා (7), සතියට (7), රහවස්තු (7), දිනය (7), නිවස (7), තිබුනේ (7), තිබූ (7), වේදිකාව (7), rdp_postdate (6), substring (6), එන්න (6), ඉතා (6), විට (6), සමාජයේ (6), නූතන (6), බැම්ම (6), කොටස (6), පලමු (6), july (6), ඔවුන් (6), comments (6), හිටියා (6), සම්බන්ධ (6), තමන් (6), කරපු (6), හැම (6), රොඩයිට් (6), සාහිත් (6), ගන්න (6), විදිහට (6), වෙන (6), දේවල් (6), දවස (6), නැවත (6), පෘතුවිය (6), කිව්වේ (6), ඒවා (6), එහි (6), පසු (6), පැමිණ (6), ඇයගේ (6), මේසය (6), උපරිම (6), වජිරාගේ (6), posts (5), හරි (5), හිටපු (5), විස්තර (5), පියා (5), මුලු (5), රථම (5), සොයා (5), ගොස් (5), පිටු (5), වන්නේ (5), හොඳින් (5), ලාංකික (5), february (5), may (5), june (5), ඉඳන් (5), අරගෙන (5), අසනීප (5), එපා (5), යාව (5), සෑය (5), දෙනෙක් (5), එහෙම (5), තුල (5), අතරින් (5), යයේ (5), යයන් (5), තුන් (5), ගියා (5), කාන්තාවට (5), නිසයි (5), එකක් (5), සෙනසුරු (5), සියල්ල (5), බැලුවා (5), ළමා (5), අහිංසක (5), ඔයා (5), පොඩි (5), පැණි (5), මට්ටම (5), සීනි (5), තිබ්බේ (5), සර් (5), document (4), write (4), and (4), සටහන් (4), දෙනා (4), දොර (4), කිරීම (4), අලුත් (4), 2021 (4), මධ් (4), වෘත්තීය (4), නර්තනවේදිනිය (4), වාසිතය (4), අනිත් (4), මේකට (4), විය (4), අධ් (4), එකට (4), ඒත් (4), ගත්තේ (4), ටික (4), කාලයක් (4), තිස්සේ (4), රකට (4), කරන්නම් (4), අයත් (4), දෙකක් (4), කාලයක (4), යකඩ (4), තාක්ෂණය (4), එතරම් (4), නොබිදෙන (4), තවදුරටත් (4), january (4), april (4), october (4), 2022 (4), මෙසේ (4), කියා (4), කාලයේ (4), රුවන්වැලි (4), මෙහෙම (4), රජතුමාට (4), යන්න (4), එනවා (4), ගිහින් (4), රූමත් (4), බලන්න (4), ආපු (4), වුන (4), සඳහන් (4), හැර (4), ඇතීනා (4), හේරා (4), බිරිඳ (4), අධිපති (4), ඔයාට (4), පියකරු (4), ගාවට (4), සියුස් (4), ඉන්නේ (4), ලොකු (4), දෙන්න (4), කාන්තාවන් (4), ඒරීස් (4), හොඳ (4), විශේෂ (4), එන්නේ (4), තුලින් (4), වසර (4), කළේ (4), සතියේ (4), බොහෝ (4), වැඩ (4), ඉංග් (4), හත් (4), පුලුවන් (4), තැන (4), බැහැ (4), ලැබුනේ (4), හතෙන් (4), ඇන්තනීට (4), දිගේ (4), ඉදිරියට (4), නිවසට (4), තුලට (4), වතාවේ (4), වැඩි (4), බලා (4), කබාය (4), වුනත් (4), අවධානය (4), සිදුවුනු (4), ඔයාලා (4), අඩු (4), තොවිලය (4), කෑල්ලක් (4), කෑල්ල (4), බිව්වම (4), සභාවේ (4), තරඟය (4), සිංහල (4), සේවය (4), කලාවට (4), බිහි (4), රංග (4), රසේනයන්ගේ (4), කළුතර (4), නගර (4), popular (3), කාක් (3), ගමේ (3), හෙවත් (3), කතාවක් (3), සමග (3), යාය (3), ඇගේ (3), සිතුවිලි (3), මල් (3), ලංකා (3), ඡායාරූප (3), හැටි (3), රශ්න (3), දවසක (3), වටේ (3), වටා (3), පිරිමි (3), කොහොම (3), වරදක් (3), නොවේ (3), නමක් (3), උග් (3), ඉතිහාසය (3), අන්තිම (3), දෙක (3), 2016 (3), අප් (3), පිහිටි (3), සදහා (3), තරමක් (3), විසින් (3), යාපනය (3), කපොලු (3), සිට (3), කිරීමේ (3), දැන (3), ගෙන (3), පෙළ (3), august (3), 2024 (3), නාගයෝ (3), රජතුමාගේ (3), යුතුයි (3), එකතු (3), ලැබෙන (3), ධාතූන් (3), තිසා (3), වැවේ (3), නතර (3), එයාගේ (3), දවසක් (3), මාව (3), කාන්තාවෝ (3), බලලා (3), අතින් (3), ඉතින් (3), ලියලා (3), මොකක් (3), බෙහෙත් (3), කව් (3), ලොකුවට (3), රීක (3), වුනේ (3), දෙවඟන (3), කාන්තාවක් (3), දෙන්නම් (3), වෙතට (3), ආවා (3), බවට (3), පත් (3), දහස් (3), ගණනක් (3), වඩාත් (3), දෙවන (3), පුද්ගලයාගේ (3), දෙවි (3), ඇපල් (3), අනෙක් (3), අපහසු (3), හැමෝටම (3), ආරාධනා (3), උත්සවයට (3), මේසයක් (3), දකින (3), ඇස් (3), මැනීමේ (3), පැරණි (3), මේක (3), යනා (3), සබත් (3), වර්තමාන (3), සෑම (3), ශිෂ්ටාචාර (3), විතරක් (3), පැය (3), නමින් (3), සමහර (3), රීසි (3), තිබුනු (3), විශ්වාස (3), ඊළඟ (3), සූර්යයා (3), ගිය (3), මිනිස්සුන්ට (3), මොකද (3), ඒකත් (3), මර්කියුරි (3), අභ් (3), තෝරා (3), මාස (3), හේතු (3), ආසන්න (3), සදාචාර (3), නියෝජිතයෝ (3), බිම (3), සිදු (3), වූයේ (3), නොහැකියි (3), අයිස්ක් (3), රීම් (3), තැබීමට (3), දොරට (3), රිවෝල්වරය (3), සිටියේ (3), ඝාතනය (3), උවමනා (3), ඇවිද (3), නීති (3), තරඟයක් (3), කිහිපයක් (3), ගැනීමට (3), හුස්ම (3), ආපහු (3), කොතරම් (3), රූපවාහිනී (3), වෙන් (3), ඇයට (3), ජීවිතය (3), හඬටත් (3), කනකොට (3), ඉක්මනින් (3), බොනකොට (3), බොන (3), තියාගෙන (3), යක්කු (3), දැනෙන්නේ (3), කාලේ (3), තිබ්බා (3), මතක් (3), මැද්දේ (3), දිහා (3), සාක්ෂි (3), ගැහුවා (3), ඔන්න (3), කන්න (3), මුලින්ම (3), පන්තියේ (3), සිංදු (3), රලේඛා (3), හැකියි (3), කලායතනය (3), තුළින් (3), ගනිමින් (3), විධුර (3), එකල (3), කොල්ලුපිටිය (3), කලාව (3), තිබෙනවා (3), පවුලේ (3), පෙරේරා (3), simple (2), theme (2), rdp_info (2), yes (2), getvalue (2), for (2), var (2), rdp_snippet (2), rdp_commentsnum (2), all (2), time (2), show (2), රසිකොලොජි (2), rasikology (2), කොළොම්පුරේ (2), අටම්පහුර (2), නුඹයි (2), අනාගතය (2), praසන්னගෙ (2), ලටපට (2), පුදුම (2), ඉස්කෝලෙ (2), කඳු (2), දමමින් (2), තැන් (2), බියුටි (2), doctor (2), රිකට් (2), මිරිස් (2), නොකී (2), යුද්ධය (2), සිතන්න (2), වටිනාකම (2), චරිත (2), සියළු (2), වෙනුවෙන් (2), නිදහස් (2), සියලුම (2), සයිබර් (2), ලියන (2), ආරම්භ (2), හමුවීම (2), සිත (2), සුව (2), ජීවිතේ (2), රතු (2), part (2), ඔබට (2), අමාගේ (2), ගමන් (2), මෙකී (2), කලත් (2), පාර (2), ගත්ත (2), අන්තෝනියෝ (2), සමාජවාදය (2), නැත්නම් (2), මරණය (2), කියූ (2), වෙතින් (2), තියන්න (2), අඟහරු (2), කොළඹ (2), ඔඩි (2), යක් (2), මනස (2), about (2), අමතක (2), මාසයේ (2), වසරේ (2), පල්ලිය (2), යම් (2), දෙයකට (2), පින්තූරයේ (2), මහාවංශ (2), කතුවරයා (2), ලැබුනු (2), කරගෙන (2), කතාවේ (2), චරිතවලට (2), විවිධ (2), කඳුකරයේ (2), පහත් (2), මුතුන්මිත්තෝ (2), නිස්සාරණය (2), සිටියහ (2), පළාතට (2), බෙරගලින් (2), 2400 (2), නිස්සාරණ (2), වර්තමානය (2), තදබලව (2), නොපැවතුනද (2), අතීත (2), බැසගත් (2), අංගයකි (2), ලිපි (2), මගින් (2), සමාජ (2), ස්ථරයේ (2), නොබිඳෙන (2), කොටසට (2), සබැඳිය (2), ලිපියෙන් (2), රොඩී (2), ජනතාව (2), රත්නවල්ලි (2), පිලිබඳව (2), සාක (2), කෙටි (2), home (2), පැමිණි (2), සදහන් (2), දැනගෙන (2), කාලයත් (2), භික්ෂුව (2), නොයෙක් (2), ආකාරයෙන් (2), රන් (2), සත්කාර (2), වහන්සේලා (2), මෙය (2), ගෝත් (2), තැන්පත් (2), මහාවංශයේ (2), මුලදි (2), නැතුව (2), අවසානයේ (2), කවදාවත් (2), රාජයා (2), රජතුමනි (2), දැනගන්න (2), ස්වාමිපුර්ෂයා (2), මෙහෙන් (2), අතරතුර (2), යාවෝ (2), රජතුමාව (2), හදලා (2), ඉවර (2), හේතුව (2), සිද්ධියක් (2), අවස්ථාව (2), මෙනලේයස් (2), තුනක් (2), තියෙද්දී (2), මෙතන (2), ලබා (2), ආදරයට (2), අලංකාරයට (2), අවසාන (2), යුද්ධයට (2), මිනිසුන් (2), එක්කම (2), ඇවිත් (2), ගිහිල්ලා (2), සියුස්ගේ (2), ඔයාව (2), පැරිස්ගේ (2), කෙනෙක්ව (2), අවශ් (2), යයි (2), වුනාට (2), සාමාන් (2), කෙනා (2), පැමිණියේ (2), ශාලාවේ (2), රත්තරන් (2), ගන්නේ (2), යයෙන් (2), එයාට (2), අරගත්තේ (2), ලන්ඩන් (2), වලම (2), එකිනෙකට (2), කැමතිම (2), තේරීම (2), මානවයා (2), පවා (2), නැවතත් (2), දැක්කා (2), මොවුන් (2), හතේ (2), ඔස්සේ (2), උත්සවයෙන් (2), මුණ (2), අදාළ (2), එයින් (2), ජනයා (2), ඉරිදා (2), සඳුදා (2), සඳු (2), අනුව (2), සිටිනවා (2), දෙවිවරු (2), දෙනාට (2), විතරයි (2), රහයා (2), ඔහොම (2), දවසේ (2), සතිය (2), කියලයි (2), හැටියට (2), හරියට (2), යාපෘතිය (2), නාසා (2), ආයතනයෙන් (2), යවකාශගත (2), උදෙසා (2), සාර්ථක (2), මිනිසුන්ට (2), තබන්න (2), හැකියාව (2), ආයතනය (2), යාපෘති (2), මිනිසුන්ගේ (2), මැවීමේ (2), පළමු (2), බෙදෙන්නේ (2), දිගට (2), ගත් (2), ඇරත් (2), ආවේ (2), tuesday (2), රශ්නයක් (2), ඇසුවා (2), දෙසට (2), වීමට (2), මොහොතයි (2), වහනය (2), වීදියේ (2), වහා (2), වචන (2), වැටුනු (2), දැයි (2), කිසිවක් (2), තමන්ටම (2), තට්ටු (2), ඇතුලතින් (2), වතාවක් (2), අතෙහි (2), පැමිණෙන (2), අසල (2), මවක් (2), යොමු (2), මොන (2), ළමයි (2), සිටියා (2), ළමුන්ගේ (2), පමණ (2), නිවාස (2), පින්තූරය (2), මෙවන් (2), අයෙක් (2), යුතු (2), සිටින (2), නරුමයෙක් (2), කැමති (2), මීට (2), කියන්න (2), සෑහෙන (2), කෝපි (2), උගුරක් (2), බලාගෙන (2), ආයතනයේ (2), රාත් (2), බැලූ (2), බැල්මට (2), ලියමනක් (2), ඔවුන්ට (2), දිය (2), අනතුරෙන් (2), කිසිදු (2), වෙනත් (2), හිස (2), රැගෙන (2), වෙයි (2), ඉදිරියේ (2), උකුල (2), අත් (2), අපෙන් (2), ඈත් (2), රැකියා (2), මොහොත (2), මාරු (2), සැඟවුනු (2), අසුනක් (2), පැමිණීමට (2), හැකි (2), sunday (2), කරගන්න (2), සිය (2), රමයෙන් (2), යකෙක් (2), තොවිලයේ (2), මුලින් (2), ඉස්සරහා (2), ඇඳගත්තු (2), තොවිලයක් (2), දරුවන් (2), මෙහෙමයි (2), දිවට (2), මොහොතේ (2), දැනෙන (2), රසේ (2), කෑල්ලේ (2), මදි (2), තේරෙන්නේ (2), දිව (2), ඉහළින් (2), දැවිල්ලේ (2), කටේ (2), තරඟයක (2), නිව්ස් (2), ලස්සනට (2), කියනකොට (2), අවුස්ස (2), විවාදය (2), ගොඩක් (2), කල්පනා (2), මෙන්න (2), විතර (2), මිටිය (2), පුරා (2), රයාට (2), මොකක්ද (2), හෙලවි (2), පෙන්නන්නම් (2), මිටියක් (2), ඕනේ (2), රයට (2), අතේ (2), මාතෘකාව (2), සික් (2), රූම් (2), ඇඳේ (2), මෙට්ටේ (2), අස්සේ (2), හෙව්වා (2), මිස් (2), අහගෙන (2), සර්ගෙන් (2), නැගිට්ටා (2), සභාවෙන් (2), අවසර (2), ඇත්තටම (2), දාලා (2), හැමදේම (2), දෙමළ (2), යයක් (2), හෝල් (2), ඉස්කෝලේ (2), අයට (2), පිට (2), ඉස්කෝල (2), දන්නේ (2), කාන්තාවන්ගේ (2), පිරිමින් (2), මිරියම් (2), පීරිස් (2), රංගනයේ (2), අනන් (2), පළමුව (2), විසිනි (2), මූලික (2), කලාවේ (2), හමුවේ (2), රසේනගේ (2), තිබේ (2), සීතා (2), ආනන්ද (2), දමයන්ති (2), වින් (2), ඉන්පසු (2), හොරා (2), බෙර (2), ලත් (2), දැනුම (2), දස්කම් (2), ඇතුළු (2), කටයුතු (2), දක්ෂ (2), වීම (2), තුළ (2), නැටුම් (2), අවධියේ (2), ශිල්පිනිය (2), වැඩිමහල් (2), යාලයයට (2), මෙතෝදිස්ත (2), නල්ලපෙරුම (2), ආරච්චිගේ (2), යාලයයෙන් (2), තිබුණේ (2), කාලීන (2), කාන්තාවන්ට (2), දශකය (2), ඉඩක් (2), images, powered, blogger, peskymonkey, last, month, දුමී, අළුත්, බ්ලොගියක්, කමත, ජනේලයෙන්, පනින්න, ජනේලය, වියමන්, අයිස්, බිඳ, සිත්ගත්, ගනී, මතකයේ, රැඳුනු, sudarshana, ඇමසන්, වනයේ, සැගවුණු, ජිවිත, පියැසි, කවුළුව, piyasi, kawuluwa, කල්චර්, කචල්, pawanzpedia, පවන්ස්පීඩියා, හරීගේ, හීනලන්තය, කොල්ලො, කරදිය, රැළි, මොණරතැන්න, රාවනා, ගුහාවට, නිල්දිය, පොකුණ, වෙත, පුරාවේදය, කොලඹ, ඉඩම්, හොර, ඔප්පුවලින්, විකිණු, කල්ලියක්, දැලේ, lanka, voice, නිර්නාමික, හුදෙකලා, protect, rar, file, unlock, කරමු, විදු, නැණ, පියස, ස්තොක්, මාළිඟයේ, පවුල, හමුවෙමු, වෙදදුරුගේ, සංචාර, travel, with, ආයෙමත්, කූඹියෝ, ගැහැනුන්ගේ, නැන්දා, නැටූ, අගමැති, කොච්චි, අම්මා, සෙල්ෆි, කවියා, selfie, kaviya, පවතින්නේ, කොතැනකද, her, him, other, සර්පයාගේ, දියණිය, serpents, daughter, නයින්, ලෙවන්, 911, පහන්, සබ්බේ, සංඛාරා, අනිච්චාති, theory, everything, මකර, රජදහන, බලය, ආධිපත්, power, authority, think, සාජාහි, සංගීතය, දම්පාට, දේදුන්න, නින්ද, ගෙදරින්, පැනීම, පීතු, පාදං, නමා, මහං, යාං, හෑල්ල, නිශාචර, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, atampahura, මධුසමය, මනස්ගාත, ජීවිතයක, කුරහන්, හේන, වලාකුළු, නිම්නය, නිර්භීත, හදවතක්, නිම්, පොහොය, ගතවිය, මකරාගේ, 128, ජීවන, ගමනේ, මවන්නිය, ඇයයි, පුංචි, කැකුළු, little, flower, buds, රස්ත, රහාරයෙන්, මියගිය, සාතිශය, සංවේගය, අජිත්, කුමාරගේ, දර්ශකය, කණපිට, සිංදුව, විභීෂණ, සතුටෙන්ම, මිනිසා, පෑල, සංඛාර, saṅkhāra, සබඳ, මදුමාදව, දේශප්, රේමී, දේශද්, රෝහී, සන්නිය, sanniya, ගුවන්, හමුදා, කෞතුකාගාරය, රත්මලාන, සහිතයි, කාර්, පිස්සුව, යායෙන්, පණිවිඩයක්, cyber, yaya, දේශීය, දෙමුහුම්, රභේදයක්, රටට, තිළිණ, walaspathiවලස්පතිගේ, බුද්ධ, චරිතය, අවිචාරවත්, රාලගේ, ලියමන, බිල්බෝ, බැගින්ස්ගේ, වීරචාරිකාවෙන්, ෆෝඩෝ, බැගින්ස්ගෙන්, මුදුවේ, මිතුරු, හවුලේ, කතාන්දරය, තරිඳුගේ, ජෙට්, රවාහ, දේශගුණය, jet, stream, climate, ටෙක්, කැම්පස්, උන්, තොපි, හැලප, අයියාගේ, අහඹු, සඳුන්, සෙවණ, අටවැන්න, අසමි, දකිමි, සොයමි, ගල්නෑව, ඔක්කොම, කසීර, මාලතී, රුසියානු, පරිවර්තන, රුසියාවේ, රොකට්, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, ගෙම්බා, සුරතල්, සතෙකි, රාජකුමාරියගේ, මණ්ඩුක, රතය, ඇවරිගේ, සලාදය, beyond, reasonable, doubt, සාධාරණ, සැකයෙන්, ඔබ්බට, boys, don, cry, archive, ලොව, යහනෙ, නිදී, කටුසු, හදවත, මයිනාගෙකතා, තඩියා, මයිනාගෙ, පෙබරවාරියට, සෙව්වන්දිය, පස්, මසකට, පෙරළුණු, පිටුව, අහසෙන්, සිහින, කුමරු, වසත්, සුළඟ, මළවුන්ගේ, shenu, perera, ගොවියා, පොහොර, farmer, fertilizer, organic, inorganic, කාබනික, සමකය, රේස්, අසම්මත, කූඩුව, ඇතුලෙ, කුරුල්ලන්ව, පොටෝ, ගහමු, විහින්දි, vihindi, ඇමරිකානු, අන්තර්, යකාලීන, මැතිවරණ, රැල්ලක්, රැලිත්තක්, ඇසි, දිසි, මානය, කාලෙකට, කඩදාසි, කොලේ, seafood, sheet, pan, meal, everyday, cooking, oasis, ක්ෂේම, භූමිය, විල්පත්තුව, දෙදවසක්, wild, slog, wilpattu, wilderness, කල්, යාණ, fourtwentyamthought, යාත්, රාව, හුදකලාවේ, ලියු, අරංගුව, කියන්නෙ, මොකද්ද, sugv, පිස්සු, හීන, සාප්පුව, paradox, කාලයයි, මොළයයි, එකතුවෙලා, gimmicks, බස්සිගේ, නවාතැන, ලියූ, පස්සෙන්, කොන, heart, sutra, හිත්, siththam, maya, windows, tech, සයුර, 2029, චන්ද, සිතියම, වෙයිද, රස්තියාදුකාරයා, සීගිරියේ, සත්, සමුදුර, හිතකින්, රිදවන්නෙ, පළිගන්නෙ, ලන්කාප්, රිකාවී, sri, lankan, african, angel, කින්ට්සුගි, බඳුන, නිරුවත්, සංචාරකයා, අනවශ්, burden, borrowed, chaos, අවන්හල, ජනාධිපති, අනුර, තිබෙන, විප්ලවය, කුමක්ද, w3lanka, para, paraphernalia, අයිනෙන්, ටයරය, බාප්පා, කතාවකි, රැකීගේ, බුද්ධිමතුන්ගේ, සැකැස්ම, රාම්ෂි, මීමාංසා, රේමය, අසෙනිය, කුසුමක්, කට්ටකාඩුව, කොළොම්පුරයාගේ, වෙසක්, කූඩු, වස්තුව, සිත්තම, ව්ලැදිමීර්, ලෙනින්, බොල්ෂෙවික්, විප්ලවයේ, දේශපාලන, යථාර්ථය, සිතක, කියුබාව, අත්හරී, අරුණි, ශපීරෝ, තියාපං, අයියෙ, දන්නෙ, සිත්තමට, නැගෙනා, පොත, 135, 495, සියපතක, මකරන්ද, සුවඳ, වින්දෙමි, යසනයක, තතු, artificial, intelligence, how, china, destroys, america, economy, ගවේෂණ, exploring, science, 310, කළු, ජූලියේ, අඳුරු, මතක, thattayage, kolama, තට්ටයාගේ, කොලම, thattaya, column, වීඩියෝ, විීවරය, බහිජටා, නුහුරු, hot, chocolate, days, ගවයින්, සහිත, ගොවිපල, කර්මාන්තය, පරිසර, ගැටළුවක්, හැකිය, යාපන, රසකතා, නෝලන්, ඔඩිසිය, රීසියේ, ගමයා, නොදන්නා, ඉංගිරිසියට, වරිගය, නසා, ගැනීම, chandima, gomes, තිරය, තිලක, නිල, විදේශ, සංචිත, 2026, ජූලි, අවසානයේදී, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, බලාපොරොත්තු, mal, sithroo, පෙට්ටගමින්, අනං, මනං, nidige, pancha, thanthare, නිදිගෙ, පංච, තන්තරේ, final, pages, jonathan, harker, diary, transylvania, ෆ්ලවර්, හෝන්, මාධවගේ, කථා, තර්කය, හැඟීම්, මනෝවිද්, යාත්මක, සටනක, යෙදෙන, ටෂින්ගා, චිගෙවෙනා, අහස්, ගව්වෙන්, එහා, ahas, gawwen, eha, lokaya, පෑඩ්, more, pad, silva, tough, guy, book, club, බාර්, පොත්, ගෙනියමු, බිත්තිය, සඳහා, ආන්ඩුව, ගෙනයන, රොපගැන්ඩා, මාතලන්, maathalan, කුඹුරු, කොම්පැනි, lakshman, illangakoon, ඉලංගකෝන්ගේ, විවරණය, යනෙන, 2015, වර්ෂයේ, දෙසැම්බර්, නියමාකාරව, ලියන්න, රේල්, ඉදන්, ලිප, 200, වෙනි, සටහන, දකුණු, ඉතාලියේ, ඔට්, රැන්ටො, රසිද්ධියක්, උසුලයි, සියවසේදී, ඔටෝමන්, තුර්කිවරුන්ගේ, රෝම, ආක්, රමණයෙන්, මියගි, මිනිස්, ඇටකටු, හෙමිහිට, ලිව්ව, ලිපියක්, ලිපිය, එකතුව, පින්තූර, මවිසින්, යොදා, ගන්නා, ලදි, පලම, දිස්ත්, රික්කය, හැඳින්වූයේ, නාගදීපය, ලෙසිනි, නාගදීපයට, ආකාරය, වෙනම, ලිපියකින්, සාකච්ඡා, යාපනයට, ලැබුනෙ, කොහොමැයි, යනු, කුමක්, රයක්, උපයෝගී, කියාපෑම, රකතාවයි, කතාවට, සිදුවීම්, රියාකාරී, ස්වභාවිකව, විෂමතාවයක්, උස්, ස්ථානය, කපොල්ලකි, සානු, total, pageviews, ලුහුබඳින්නන්, අටම්පහිය, සින්ඩිය, නෙළුම්, සම්මාන, උළෙල, නිසඳැස්, මහත්තයාගේ, පන්තිය, labels, 146, 2017, 2018, 2019, 2020, view, complete, profile, ඩියෝන්, මිතිල, රනාන්දු, report, abuse, search, blog, කුළු, බඩු, රිස්තියානින්, පැමිණෙමු, වස්කෝ, ගාමා, ඉන්දියාවට, බවයි, ඉතිහාස, වාර්තා, රජු, රෙස්ටර්, ජෝන්, subscribe, atom, older, ඡායාරූපය, බුද්ධි, රබෝධ, කරුණාරත්න, තිබුණු, අමනාපකම, සමාජය, මරණයට, පැටලුනේ, බලනු, මැන, රුවන්වලින්, සුන්දර, මනාකොට, චේතියඝරය, තමුන්නාන්සේගේ, ලංකාද්වීපයේ, සියලු, රුවන්, කළත්, මෙහි, පඩිපෙළ, පාමුල, සඳකඩපහණක්, තරම්වත්, වටිනාකමක්, චේතියඝර, ආදියේ, මුතු, මැණික්වල, කවර, කතාද, තැනකින්, අල්ප, තැනකට, ගෙනියනවා, තොපට, ගැලපෙන, රිකයෝ, යාවගේ, සිදුවීමට, අමනාපයෙන්, වැඳපුදාගත්, රවට්ටලා, සෑයේ, තිස්, එක්වෙනි, පරිච්ඡේදයේ, අපූරුවට, රුවන්වැලිසෑයේ, රජ්ජුරුවන්ගෙන්, ඉල්ලපු, සෝණුත්තර, තෙරුන්වහන්සේට, නාගරජ්ජුරුවෝ, කරත්, නාන, කාලයකින්, අනතුරු, ඇඟවීම, නාන්න, නයෙක්, දෂ්ට, කරලයි, වැවට, බහින්න, උපදෙසක්, දෙනවා, ගෙදර, ගියත්, අමුතු, හැසිරීම, සැක, හිතුනු, එතනදී, දේම, ස්වාමිපුර්ෂයාට, රජතුමාත්, බොහොම, කේන්තියෙන්, එකතුවීමෙන්, කිසිම, කාටවත්, දැනගත්තොත්, විනාශයක්, රාජයාට, මොකටද, යාවව, මාළිගාවට, යාවත්, එකතුවෙනවා, අතාරින්න, යාවක්, රාජයෙක්, තොරතුර, දැනගත්තු, වහාම, කාන්තාවකගේ, අල්ලලා, දෙන්නේ, අල්ලගන්නවා, දුටුගැමුණුගේ, ජනකතාවක්, මේකයි, හදමින්, වන්දනා, කිහිප, ඔතනදි, රූපකයක්, නයි, රයේ, මනුෂ්, කියමුකෝ, වඳින්න, රාජපුරුෂයෝ, දැනුවත්, නිර්මාණයක්, හදිසියේ, මිය, බවක්, තිබුනත්, ලෙඩේ, කිසි, අච්චර, දුටුගැමුණුව, අන්තිමට, මැරෙන්න, නොදාපු, ගැටලුවක්, ඕනම, කිව්වත්, අඳුනන, වීරයා, කරන්නෙත්, මහාවංශය, පරිච්ඡේද, කිහිපයකින්, විස්තරයක්, saturday, comment, රොඩයිට්ව, තෝරාගත්, අයෙක්ව, තෝරාගන්නා, peter, paul, rubens, 1597, හෙලන්ව, පසුකාලීනව, පැහැරගෙන, යාම, රොජන්, කාන්තාවගේ, රෝයි, හෙලන්, වරයන්, ඉදිරියෙන්, තෝරගන්නේ, නොකීව, දෙන්නට, පොරොන්දු, වෙනකොටත්, වෙලයි, ස්පාර්ටා, දැනුමට, මෙතෙක්, අනර්ඝතම, සෙන්පතියා, ඔබව, මෙහෙයවා, අධිරාජ්, යටතට, හැකියාවක්, රියමනාප, තෝරගත්තොත්, ධනවත්, ඔලිම්පස්, අනර්ඝ, මාළිගාවක්, සියවසට, පිළිරුවක්, රශ්නයක, දුවලා, තෝරාගන්න, දෙවියන්ගේ, රශ්නයේ, සියුස්ට, තීරණයක්, නොහැකි, තෝරන්න, මිනිසෙක්ව, උත්සවයේ, දෙනෙක්ට, ගෙඩිය, ලබාගන්න, ආශාවක්, දෙවඟ, තෝරගන්න, එයාලා, තමන්ට, නොකරපු, තරහෙන්, නැතත්, උත්සව, ගෙඩියක්, තියෙන්න, සලස්වනවා, ගෙඩියේ, තීටිස්, පේලියස්, දෙදෙනාගේ, මංගල්, ඔලිම්පස්හි, දේවතාවුන්, කෙනෙක්ටම, ආරාධානා, අසමගිය, ඇතිකරන, දේවතාවිය, උත්සවයකට, නොකළේ, පහත, රිතාන්, කෞතුකාගාරයේ, national, gallery, සම්බන්ධයි, සම්බන්ධය, මාතෘකාවක්, ජේසුස්වහන්සේ, බුදුන්වහන්සේ, නියැන්ඩර්තාල්, හෝමෝ, ඉරෙක්ටස්, දැකලා, ගානේ, පෙනිලා, නොපෙනිලා, වස්තුවේ, හැඩය, දවසින්, පිහිටීමට, ගණනක, දෙකෙන්, පැරණිතම, උපකරණය, යොදාගත්තේ, ආගමික, රන්ථ, ටෝරාවේ, මැවීමක්, පස්වන, සියවස, රීකවරු, හදන්නත්, කලිනුත්, මැවීම, ශිෂ්ටාචාරයෙන්, අතිශය, සංකල්පයක්, තෙවන, හත්වන, කාඅ, වචනයේ, මූලය, ශබාට්ටූ, මෙසපොතේමියානුවන්ගේ, සැමරුවේ, පූර්ණ, පෙනීම, නිමිත්තෙන්, ශිෂ්ටාචාරයක, පාහේ, නොගැසුනු, රහවස්තූන්ට, දෙවිවරුන්, නිමවාගත්තත්, එපිට, හතකින්, සතියක්, කොට්ඨාසයක්, ඉන්නවා, හෙබ්, රෙව්, දකින්න, ජුදෙව්, වරුන්ගේ, ආදිතමයෝ, යුරෝපයේ, රිස්තියානි, ආගම, පැතිරෙනවාත්, තෝරාගත්තා, රහවස්තුවේ, සෙනසුරාදා, හිරු, ලතින්, භාෂාවෙන්, වදන්, හැදුනේ, ආසියාව, යුරෝපය, රිකාව, රදේශවල, පැතිරිලා, ශිෂ්ටාචාරවල, රහවස්තුවකට, හිමිකම්, තුන්වෙනි, සියවසේ, ජෝතීර්වේදීන්, හතට, අරක්ගත්, වරකට, පැයක, පැයක්, විසි, හතරක්, වස්තුවෙන්, රහයාගෙන්, පැයට, පැමිණෙන්නේ, අටවෙනි, දිනයේ, අතීතයේ, මැන්නේ, අහසේ, රහවස්තූන්ගේ, චලනයක්, හඳුනාගත්, බුද, සිකුරු, රහස්පති, හිතුවේ, තියලා, කියන්නත්, නිගමන, එලබුනේ, දැනුම්, තේරුමේ, නිරීක්ෂණ, ගණනකට, මෙසපොතේමියාවේ, රදේශ, බොහොමයක්, ගංවතුර, දාපු, වුනු, ගැල්මක්, සමාන, චලනය, මැනීමට, උචිතයි, හිතාගෙන, භාවිතයට, අරගත්තා, යොදාගෙන, කරනු, ලබන, යවකාශයානා, යානා, යානයක, ඉල්ලක්කමෙන්, යාපෘතියට, පලමුව, ගත්තෙත්, යාපෘතියේ, රථිපල, ඇපලෝ, දියත්, ඉලක්කම, දුරාතීතයේ, ඇත්ත, හිතපු, කාලයකුත්, බයිබලයේ, ශිෂ්ටාචාරය, මෙසපොතේමියාවේත්, සිදුවීමක්, මරණීය, පාප, සත්ගුණවත්, ගුණාංග, සමුරායිවරු, චීන, වාසනාවන්ත, අවුරුද්දක, 365, දශම, ගණන්, ඇදීගෙන, මාසයක, තිහත්, අවුරුද්දේ, දොළහත්, අවුරුදු, අංකයක්, අපහසුයි, ඒකක, යොදාගන්න, අවුරුද්දක්, මාසයක්, රයාගේ, සම්පූර්ණ, මුහුණතක්, පෙනෙන්න, ගතවන, අක්ෂය, වටයක්, කරකැවීමට, ඒකට, හේතුවක්, හයක්, අටක්, නොගෙන, හොයලා, බලමු, ජීවිතයේ, වතාවට, ඇසුනේ, දෙයයි, ඇදි, ඇදී, පසුපසට, යනවාත්, ඔහුගෙන්, නුනත්, අපැහැහැදිලිවයි, පෙනෙන්නේ, ඇදෙත්ම, පුද්ගලයෙක්, පැමිණෙනවා, යුත්තේ, කුමක්දැයි, වැටහෙන්නේ, නිවසේ, වසා, අගුලු, දමන, සද්දයක්, ඇසු, ඇන්තනීගේ, උදරයෙන්, වුවත්, මවගේ, කකුල, බදාගත්තා, බයිසිකල්
Text of the page (random words):
ෙනාට ඉංග් රීසි සර් කිව්වේ නම් ත් රී මස්කටියර්ස් කියලා ඒකත් අපිට ඉංග් රීසි සාහිත් යට උගන්නපු කතා පොතකින් අපි තුන්දෙනා නිවාස තුනක උන්නේ විවාද කරන්න ලොකුවට දන්නේ නැති වුනත් කෑමක් ගැන හරි විවාද කරන්න කැමති නිසා අපිත් එකතු වුනා කණ්ඩායමට දැන් ඔන්න විවාද තරඟයට හැමදේම ලෑස්තියි අපේ සිංහල සර් වෙන ඉස්කෝල දෙකකින් තවත් සර් කෙනෙක්වයි මිස් කෙනෙක්වයිත් ගෙන්නලා අපි මුලදි සර්ට කිව්වේ නම් ඕවට ලොකුවට වද වෙන්න ඕන නෑ විනිශ්චයට සර් විතරක් හිටියම ඇති කියලා එහෙම කිව්වේ ඇත්තටම සර් ගැන හිතලා නෙමේ පිට මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න බැරි නිසා දැන් තරඟය තියෙන්නේ ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි පහළොවකින් කේක් බිස්කට් එහෙමත් ගෙනල්ලා තිබ්බේ බලන්න එන අයට කන්න දෙන්න පිට ඉස්කෝල වලට කිව්වේ නෑ ඉතින් අපේ පන්ති වලම අයට කන්න බොන්න ගෙනාවේ තරඟය පටන් ගන්නත් ඔන්න මෙන්න තියෙද්දි මහ හෝල් එකේ අත පයේ අලුහං දාලා වගේ තැන තැන ටික දෙනයි ඉන්නේ අපි ග් රවුන්ඩ් එකටත් ගිහිල්ලා ක් රිකට් ගන්න ඉන්න මල්ලිලා ගාවට ගිහින් කේක් කන්න ආසද එන්න මෙහෙන් කියලා හෝල් එකට දැක්කුවා දෙමළ ළමයිවත් ගෙනාව තේරෙන්නේ නැති වුනත් අහන් ඉන්න කියලා අපි එයාලට කිව්වේ නාට් යයක් පෙන්නනවා කියලා දැන් ඔන්න විවාද තරඟය පටන් ගත්තා මමයි මගේ මිත් රයයි දෙපැත්තේ මම නැගිට්ටා සභාවෙන් අවසර ගත්තා කලින් ලියාගෙන ආපු පොඩි කවි කෑල්ලකුත් කිව්වා ඊට පස්සේ අරෙහෙමයි මෙහෙමයි කියලා අත පය එහෙට්ට මෙහෙට්ට කරලා කතාවත් කරා බලන්න ආපු අය අත්පුඩිත් ගැහුවා ඇත්තටම කියනවා නම් අපි කෙනෙක්ව දාලා තිබ්බේ අත්පුඩි ගහන්න ඕන වෙනකොට සිග්නල් එක දෙන්න කියලා මේ මොහොත වෙනකන් හැමදේම සාමකාමී යි විවාදය ලස්සනට යනවා ඊළඟ කතාව තිබ්බේ මගේ මිත් රයට ඌ නැගිට්ටා සභාවෙන් ඇමතිලි මුකුත් නෑ උඹ මට කලින් කිව්වා නම් ඔයිට වඩා ලස්සන කවියක් ලියලා දෙනවනේ කියලා කිව්වා ඊට පස්සේ මතක් වුනා සභාවක් තියෙනවා අවසර ගන්න කියලා අපේ සර්ගෙන් ද අනිත් සර්ගෙන් ද අනිත් මිස්ගෙන් ද අපේ සෙට් එකෙන් ද අවසරයි කියලා කතාව පටන් ගත්තා පටන් ගත්තු වෙලේ ඉඳන් මාවම කපපු එක කලේ අපිට මාතෘකාව ලැබුනේ මොකක්හරි සෞඛ් ය අංශයේ දෙයක් ඒ නිසා මම වතාවක් සික් රූම් එකේ මිස්ගේ සෙරප්පුව ඇඳේ මෙට්ටේ අස්සේ හංගපු එකකුත් කිව්වා ඒකත් මම කරේ තනියම නෙමේ මගේ මිත් රයත් එක්ක එයාට ඔලුව කැක්කුමයි කිව්ව නිසා පැනඩෝල් දෙකක් ගන්න එයාව සික් රූම් අරගෙන ගියා හෙව්වා හෙව්වා මිස් හිටියේ නෑ සෙරෙප්පු දෙක තිබ්බා හැබැයි මට ආපු කේන්තියට සෙරප්පු ඇඳේ මෙට්ටේ අස්සේ ගැහුවා ඕවා අහගෙන මම දහ අතේ කල්පනා කරා දෙයියනේ මොකක්ද මුට වෙලා තියෙන්නේ කියලා මගේ මිත් රයා එතනින් නැවතුනේ නෑ එයාගේ මේසය උඩ තිබ්බා ගහලා මරන්න පුලුවන් සයිස් පත්තර මිටියක් මූ ඒක ගත්තා අතට ආවා වේදිකාව මැද්දට විවාද තරඟයක දි නාට් යක වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද නටන්න බෑ ඉන්න තැන ඉඳන් කතාව කරන්න ඕනේ මගේ මිත් රයට ඒවා අදාලම නෑ වේදිකාව මැදට ඇවිදින් එක අතක පත්තර මිටියක් තියාගෙන අනිත් අතේ ඇඟිල්ලක් සභාවට දික් කරගෙන ඔයාලා හැමෝටම මම පෙන්නන්නම් මම මේ කියපු දේවල් වලට සාක්ෂි කියලා පත්තර මිටිය අත් දෙකෙන්ම අරගෙන උස්සලා පෙන්නුවා හැමෝටම කලින් මම මගේ මිත් රයාට මේ සාක්ෂි පෙන්නන්නම් කියලා මගේ දිහා බලලා මා ගාවට එන්න පටන් ගත්තා මම ඔලුවෙන් සංඥා කරා එපා එපා ඕකනම් කරන්න එපා කියලා මගේ මේසය හෙලවි හෙලවි තිබ්බේ ඔංචිල්ලාවක් වගේ පැද්දෙනවා පොඩි තට්ටුවකින් මගේ මිත් රයා මගේ ළඟට ආවා මම එයා දිහා බැලුවා අහිංසක විදිහට ඌ හිනාවුනා මෙන්න බලාගන්න සාක්ෂි කියලා අර කිලෝ එකක් විතර බර පත්තර මිටිය මගේ මේසෙට දමලා ගැහුවා එක සැරේම දඩ බඩාස් ගාගෙන මුලු මේසෙම ෆ්ලැට් පත්තර වේදිකාව පුරා සීසීකඩ මගේ මිත් රයාට දැන් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා සභාවේ හැමෝම හිනාවෙන අතරේ මිත් රයා මගේ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා තත්පර පහක් විතර ඊට පස්සේ මගේ මිත් රයා එයාගේ තැනට ගිහින් කියනවා ඔය පත්තර කියවලා බලන්න ඔයාලා වැරදියි කියලයි ඒ ඔක්කොගෙම තියෙන්නේ කියලා එහෙම කියනකොට මම වේදිකාව මැද්දේ දණ ගහගෙන මේසය උඩ තිබිලා වැටුනු මගේ පෑනයි කොලයයි හොයන්න අර පත්තර අවුස්ස අවුස්ස හිටියේ අපි අමතර මේසයක් ලෑස්ති කරෙත් නැති නිසා මුලු විවාදය පුරාවටම මට මේසයක් තිබ්බේ නෑ කුකුල් මඩුව වගේ පත්තර ගොඩක් මැද්දේ මම පුටුවක් තියාගෙන මොකද මේ වුනේ කියලා කල්පනා කරමින් හිටියා මම පස්සේ දැනගත්තා මගේ මිත් රයා මේ පත්තර අරගෙන තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගෙන් මිසක් පරීක්ශන කරලා නෙමේ කියලා මගේ මිත් රයා ඉදායින් පස්සේ විවාද තරඟයක නීති රීති එහෙම ඉගෙන ගත්තා අපි උසස් පෙළ ලියනකොටත් එකට විවාද කරා ඒවයෙත් රසබර කතා තියෙනවා වර්තමානයේ දී නම් මගේ මිත් රයා ප් රකට රූපවාහිනී නාළිකාවක ප් රවෘත්ති නිවේදකයෙක් විදිහටයි වැඩ කරන්නේ නිව්ස් වල හරි ලස්සනට නිව්ස් කියනවා දකින හැම වෙලාවකම වගේ මතක් වෙනවා මූ පත්තර මිටියකින් මගේ මේසය සමතලා කරපු විදිහ at december 03 2023 30 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday november 29 2023 කේක් කෑල්ල කා දැවිල්ල නිසා තොවිලයක් නැටීම ඔයාලා කනකොට දැවිල්ල දෙයක් කැවුනොත් ඒ දැවිල්ල ඉක්මනින් නැති කරගන්න කරන්නේ මොකක් ද මම නම් හොදවැයින් උණු වතුර එකක් බොනවා බොහෝ දෙනෙක් ඔය ක් රමය යි අනුගමනය කරන්නේ ඒ ක් රමය බැලූ බැල්මට සාර්ථක ක් රමයක් බවට සිතෙන්නේ නැති වෙන්න පුලුවන් මොකද කියනවා නම් කටේ දැවිල්ල තියෙද්දී උණු වතුර බිව්වම ඒ දැවිල්ල තව වැඩි වෙන නිසා නමුත් උණු වතුර එක බිව්වම එක සැරේ දැවිල්ල වැඩි වුනත් මුලු දැවිල්ල ඉතා ඉක්මනින් අඩු වෙනවා මට පොඩි කාලේ මේක හරි ලොකු ප් රශ්නයක් මේක වෙන හැටි දැනගන්න දැඩි උවමනාවක් තිබ්බා ඒක හරි සරල සිද්ධාන්තයක් අපි දැවිල්ල දෙයක් කනකොට අපේ දිවට ඔරොත්තු දෙන්න පුලුවන් එවෙලෙට අපි කන දේ තියෙන දැවිල්ල විතරයි ඒ මොහොතේ දී අපි කන දේ තමා උපරිම දැවිල්ල වෙන්නේ ඒ නිසයි අපිට ඉන්න අපහසු උණු වතුර බිව්වම අපේ දැවිල්ල තව වැඩිවෙනවා එතකොට දිව දරාගන්න උපරිම දැවිල්ල කලින් මට්ටම නෙමේ දැන් මට්ටම ඊට වඩා ඉහළින් තියෙන්නේ උණු වතුර බිව්වම උණු වතුර නිසා දැනෙන රස්නය වැඩි වෙලා යන්න කලින් නැතිවෙනවා නමුත් දැන් දිව දන්න දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වෙලා තියෙන්නේ ඒ නිසයි අපි කාපු කෑමේ දැවිල්ල අපිට දැනෙන්නේ නැත්තේ දැවිල්ල කට ඇතුලේ තිබ්බත් අපිට ඒක දැනෙන්නේ නැහැ උණු වතුර බිව්වට පස්සේ දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වුන නිසා ඒත් එක්කම උණු වතුර නිසා කටේ තියෙන මිරිස් වල සංඝටක හොඳින් ඉවත් වෙන නිසාත් දැවිල්ල ඉක්මනින් අඩු වෙනවා ඔය වගේ ම තමා කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට මම සාමාන් යයෙන් තේ එක්ක කේක් කෑල්ලක් පිළිගැන්වුවොත් කේක් කෑල්ල මුලින් කන්නේ නැහැ කලින් කෑවොතින් පස්සේ බොන තේ එකේ සීනි අඩුයි වගේ තේරෙනවා ඒක වෙන්නේ මෙහෙමයි අපි කේක් කෑල්ල කනකොට අපේ දිවට ඒ මොහොතේ දැනෙන පැණි රසේ උපරිම මට්ටම වෙනස් වෙනවා උපරිමය තමා කේක් කෑල්ලේ පැණි රස නමුත් අපි බොන තේ එකේ තියෙන සීනි වල පැණි රස කේක් කෑල්ලේ පැණි රස තරම් නැහැ මේ නිසා කේක් කෑල්ල ඇති කරපු පැණි රසේ උපරිම මට්ටමට තේ එකේ සීනි වලට යන්න බැහැ ඒ හේතුවෙනුයි අපිට කේක් කෑල්ලක් කාලා තේ එකක් බොනකොට සීනි මදි වගේ තේරෙන්නේ ඇත්තට ම සීනි මදි නැහැ අපිට ඒක දැනෙන්නේ නැහැ ඉස්සර ගම් වල කාන්තාවකට එහෙම යකෙක් වැහුනම ගමේ තොවිලයක් තියෙනවා තොවිල් විවිධ හේතු උදෙසා පවත්වනවා දරුවන් නැති අම්මලාට දරුවන් ලැබෙන්න ලෙඩ රෝග හොඳ කරගන්න සහ යක්කු වැහීම ආදී දේවල් වලට තොවිලය භාවිතා වෙනවා යකෙක් වැහෙනවා කියන්නේ මානසික රෝගයක් ඒ කාන්තාව බොහෝ විට යම්කිසි දෙයකට බය වෙලා ඉන්නේ ඒ වගේ කාන්තාවක් සුව කරන තොවිලයේ මුලින් ම කරන්නේ කාන්තාව ඉස්සරහා තියාගෙන යක්කු විදිහට වෙස්මුහුණු දාගෙන ඇඳගත්තු මිනිස්සු ඇවිත් ඒ කාන්තාව තව තවත් බය කරන එක දැන් මේ කාන්තාව බය වෙලා ඉන්නේ තමන් තොවිලයට එන්න හේතු කාරණා වුන දේ නිසා නෙමේ තොවිලයේ ම ඉන්න යක්කු විදිහට ඇඳගත්තු මිනිස්සුන්ට දැන් රෝගී කාන්තාවට පැරණි බිය නැතිවෙලා අලුත් බියක් හටගෙන තියෙන්නේ තොවිලය ක් රම ක් රමයෙන් ඉදිරියට ඇදෙද්දී තොවිලය තුලින් ම ඒ ඉන්න යක්කුන්ගේ බය ක් රමක් රමයෙන් අඩු කරලා නැති කරලා ම දානවා දැන් කාන්තාවට අලුතින් හටගත් බියත් නැහැ මෙතන දී ක් රියාත්මක වෙන්නෙත් කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට සහ දැවිල්ල දැනුනම උණු වතුර බොන සිද්ධාන්තයම තරමක් වෙනස් ස්වරූපයකින් ලංකාවේ තොවිලය සහ ශාන්තිකර්ම සැඟවුනු විද් යාව ගැන මීට වඩා සොයා බැලිය යුතුයි මේවා ගමේ ගොඩේ උන්දැලාගේ පලක් නැති දේවල් නම් වසර සිය ගණනක් තිස්සේ නොනැසී පවතීවි ද at november 29 2023 23 comments email this blogthis share to x share to facebook share to pinterest sunday november 26 2023 සදාචාර නියෝජිතයෝ කෙටි කතාව ඇන්තනි මේසය මත තිබූ පත්තරය තම කබාය තුලට දමාගත්තේ කිසිවෙකුත් එය දැකීමට පෙර ය පත්තරයේ පිටු අතර තමන් ඝාතනය කල යුතු පුද්ගලයාගේ තොරතුරු සඳහන්ව තිබුණි ඇන්තනි ඔයාට හොඳටම විශ්වාස ද ඔයා සූදානම් කියලා ඔහුගේ මේසයේ ඔහුට පිටුපා සිටි ඇය ඇසීය ඇගේ හඬ අවටින් ඇසෙන බිත්තර බැදෙන හඬටත් මිනිසුන්ගේ කතාබස් හඬටත් රූපවාහිනී හඬටත් වඩා අඩු සියුම් හඬක් විය අන්තිම වතාවේ සිද්ද්වෙච්ච දේ ඔයාගේ වරදක් නෙමේ ඇය පැමිණීමට වරු දෙකකට පමණ පෙරාතුව ඇන්තනි පැමිණ අවන්හලේ ප් රධාන දොරට ඈතින් ම පිහිටි අසුනක් තෝරා ගත්තේ අවන්හලට පැමිණෙන සියලුම දෙනා ගැන හොඳින් ඇස් යොමා සිටීමට හැකි වන ලෙසටයි අසුනක් තෝරා ගත් පසු ඔහු තම රිවෝල්වරය කබාය යට උකුලේ තබාගත්තා ඔයා අපෙන් සෑහෙන්න කාලයක් ඈත් වෙලා හිටියා ආපහු එන්න හිතුනේ ඇයි ඇය තම කෝපි කෝපයෙන් උගුරක් බොමින් ඇසුවා මට සල්ලි උවමනා කරලා තියෙනවා නැත්නම් මම ආපහු එන්නේ නැහැ කවදාවත් ඇන්තනි පවසන්නේ ඇත්තක් බව ඇයට වැටහී ගියා අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඇන්තනී කුඩා කුඩා රැකියා කලින් කලට කරමින් සිටියේ තමන්ගේ පෙර රැකියාවේ මිතුරන්ගේ උදව් ද ප් රතික්ෂේප කරමින් මේ මොහොත වනතෙක් ඔහු කාමර මාරු කරමින් රැකියා මාරු කරමින් ගතකලේ සැඟවුනු ජීවිතය ක් දැන් සියල්ල වෙනස් ඇය ඇයගේ අවධානය ඇන්තනී කෙරෙන් වෙන් කලේ නැත ඇයි ඔයා අපෙන් ඈත් වෙලා හිටියේ ඇන්තනි අපි ඔයාව නිතරමට හොඳින් බලාගත් තා නේ ඇයගේ හඬෙහි හැඟීමක් තිබුනේ නැත ආයතනය කොතරම් ඔහුත් සමඟ කොතරම් සම්බන්ධ වීමට උත්සහ කලත් ඒ සියල්ල මග හැරියා ඔයාලා හොඳ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ ඒත් අන්තිම වුන දෙයින් ඔහු වාක් ය අවසන් කලේ නැත අහිංසක පාසල් දැරියගේ ලේ වලින් පුරුණු සිරුර ඔහුගේ මතකයට නැගුනා ඔහුට තවදුරටත් කතා කිරීමට ශක්තියක් නැතිව ගියා ඔහුගේ අත් උකුල මත වෙව්ලන්නට පටන් ගත්තා ඔහු තමන්ගේ පැත්තකින් තිබුනු රූපවාහිනී යන්ත් රය දෙස බැලුවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට සිතාගෙන එහි පොඩි ළමුන්ගේ සංගීත වැඩසටහනක් කොතරම් අහිංසක ජීවිත ද ඔහුට සිතුනා දෙවියනේ ආපහු ඒක වෙන්න පටන් ගත්තා ඔහු ඔහුටම කියාගත්තා ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙනවා දැනෙනවාත් සමඟ උකුල මත තිබූ වෙව්ලන දෑතින් තම මුහුණ වසාගත්තේ ඔහුගේ මනසෙහි මැවෙන රූප නැති කර ගැනීමට සිතාගෙනයි පසුගිය මාස කිහිපය තිස්සේ ඇන්තනීට මෙසේ සිදුවුනු වාර නිමක් තිබුනේ නැත සැනසිල්ලේ නිදාගත් රැයක් තිබුනේ නැත හුස්ම ගන්න ඇන්තනි හුස්ම ගන්න මේ ඇසෙන්නේ ඔහුගේ මනස තුලින් ද නැතිනම් තමන් ඉදිරියේ සිටින කාන්තාවගෙන් දැයි ඔහුට වැටහීමක් තිබුනේ නැත ඔහු තම හිස මේසය මතට පහත් කලේ ආතතිය පහ වී යන බලාපොරොත්තුවෙනුයි එසැනින් ම කාන්තාව සේවකයෙක්ට කතා කර රූපවාහිනියේ වෙනත් යමක් දමන්නැයි කීවා ඇය වහා ගොස් වතුර කෝප්පයක් රැගෙන ඇන්තනී වෙතට දුන්නා ඔහු තම කබාය ඇතුලතින් බෙහෙත් පෙති කිහිපයක් රැගෙන එකවර ඒවා උගුරට දමාගෙන වතුර කෝප්පය එක හුස්මට බිව්වා සමාවෙන්න දැන් ටික කාලයක් තිස්සේ මට මෙහෙම වෙනවා මම බෙහෙත් අරගන්නවා ඉක්මනට හොඳ වෙයි ඇය ඔහු දෙස බලා හිස වැනුවා තවමත් ඇයගේ අවධානය ඔහු වෙතයි පුවත්පත තුල පිටු අතර පින්තූරයක් නමක් සහ ලිපිනයක් හැර වෙනත් යම ක් තිබුනේ නැත ආයතනයේ නීති වලට අනුව ඊට වඩා යම් තොරතුරක් ඔවුන්ට දිය නොහැකියි නමුත් ඇන්තනීට ඊට වඩා දෙයක් දැන ගැනීමට උවමනා වුනා අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඔහුට තවත් කෙනෙකු ඝාතනය කිරීමට කිසිදු කැමැත්තක් තිබුනේ නැහැ එදායින් පසු තමන් අතින් සිදුවුනු වැරැද්ද ගැන ආයතනයෙන් කිසිදු ලියමනක් ඔහුට ලැබුනේ නැත ඒ වෙනුවට ඔහුට ලැබුනේ තවත් කොන්ත් රාත් කිහිපයක් ගැන විස්තර පමණි ඒ ලියුම් සියල්ල තමන්ගේ පැරණි නිවසට ලැබුනු අතර බැලූ බැල්මට ඔහුට සෑම සතියකට අවම එක් ලියමනක් ඔවුන්ගෙන් පැමිණ තිබුනි ඇන්තනී ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමට සිතා සිටිනවා නම් ඔහුට තවත් විස්තර අවශ් යයි ඇයි ඇය ඔහු දෙස බලා සි යුම් සුසුමක් හෙළුවා ඇය මොහොතකට ඇන්තනී වෙතින් අවධානය පිටතට යවා රූපවාහිනිය දෙස බලාගෙන සිටියා තවත් ගායනා තරඟයක් සුළු මොහොතකින් ඇය ඇන්තනි දෙස බලා ඔයා දන්නවනේ අපේ ආයතනයේ සදාචාරයේ නියෝජිතනගේ තියෙන නීති මාලාව ඒකේ හැටියට අපිට ඔයාට මීට වඩා දෙයක් කියන්න බැහැ නැමුත් ඔයා අපේ විශ්වාසය දිනාගෙන සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් නිසා මම ඔයාට පොඩි විශේෂයක් කරන්නම් කීය ඇය සීතල වූ කෝපි කෝප්පයෙන් තවත් එක් උගුරක් බී නැවත් ඇන්තනි දෙස බැලුවා මේ මනුස්සයා මහ නරුමයෙක් නරුමයෙන්ගෙත් නරුමයෙක් මේ නරුමයා වැඩියෙන් ම කැමති ළමයි එක්ක ඉන්න ඇන්තනි පත්තර පිටු අතර තිබූ පින්තූරය අධ් යනය කිරීමට පටන් ගත්තා අහිංසක ඇස් තිබුනු මුහුණක් ඔහු දුටුවේ මෙවන් අයෙක් ළමා අපචාරයේ යෙදෙයි කියා කවුරුවත් සිහිනෙකින්වත් සිතන්නේ නැහැ ළමුන් වුනත් මේ පුද්ගලයාව විශ්වාස කරන්නේ මේ අහිංසක පාටින් පෙනෙන නිසා විය යුතු යැයි ඔහු සිතුවා නීතියෙන් බේරී සිටින මෙවන් පුද්ගලයන්ට නිසි දඬුවම දීමයි සදාචාර නියෝජිතයෝ සිදු කරන්නේ පත්තර තුල තුබූ දෙවෙනි පින්තූරය දෙස ඔහු බැලුවා එහි සිටියේ මවක් ඇයටයි මේ ඝාතනය සිදු කිරීමට උවමනා වී තිබෙන්නේ ඇන්තනී නැවතත් කබාය තුලට අත දමා තම රිවෝල්වරය පරීක්ෂා කරා මේසයෙන් නැගිට ඔහු කිසිවක් නොකියා පාර දිගේ ඉදිරියට ඇදුනේ පත්තර පිටු අතර තිබූ ලිපිනය මුමුණමින් වීදිය දිගේ ඔහු තරමක් දුර ඇවිද ගිය පසු නිවාස පේළියක් ඔහු දුටුවා එහි දෙවන නිවසෙයි ඔහු සිටින්නේ ඇන්තනි නිවස තුලට යාමට පෙර එහි ඉදිරිපස ඇති ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක තිබූ බංකුවක් මත අසුන්ගෙන් වරුවක් පමණ නිවස දෙස බලා සිටියා මොන හයියකින් ද ළමා අපචාරකයෙක් මෙච්චර ළමයි ගැවසෙන තැනක ජීවත්වෙන්නේ ඇන්තනී තමන්ටම කියා ගත්තේ ඔහුගේ කේන්තිය වැඩි කරමින් තව දුරටත් ඔහුට ඉවසා සිටිය නොහැකියි ඔහු නිවස ඉදිරිපසට ගොස් දොර අසල සිටගත්තා ඔහුට ජනෙල් වීදුරු තුලින් රූපවාහිනියක එළියක් පෙනුනා වීදියේ එතරම් පිරිසක් සිටියේ නැහැ ඔහු පිටුපස හැරී බැලුවා අයිස්ක් රීම් වෙළෙන්දෙක් අසල සිටි මවක් හා කුඩා දරුවෙක් දෙසට ඔහුගේ නෙත් යොමු වුනා නැවත හැරීමක් නැහැ ඔහු සිතට ධෛර්යය ගෙන දොරට එක් වරක් තට්ටු කරා කිසිවෙකුගෙන්වත් පිළිතුරක් නිවස ඇතුලතින් පැමිණියේ නැහැ ඔහු නැවත තුන් වතාවක් දොරට තට්ටු කරා ඔහුගේ අතෙහි ඇති සෑම මාංෂපේෂියකටම රුධිරය වහනය වනවා ඔහුට දැනුනා පඩිපෙළක් බැස යමෙක් ඇතුලෙන් පැමිණෙන සද්දය ඔහුට ඇසුනා ටිකක් ඉන්න මම එනවා ඒ පිරිමි කෙනෙක් ඇන්තනී තම අතෙහි තිබූ රිවෝල්වරය තද කරගත්තා වෙඩි තැබීමට පෙර මේ හරිම කෙනා දැයි දැනගත යුතුයි කිසිවක් මේ වතාවේ වරදින්න බැහැ ඔහු තමන්ටම කියා ගත්තා දොර නිවස තුලට විවෘත වුනා ඇන්තනීට කෑගසනවා හැර වෙන ක රන්න දෙයක් තිබුනේ නැහැ ඔහුගේ මුවින් වචන පිටුනේ නැහැ මේ සිදුවන දෙය ඔහුට අදහාගත නොහැකියි පිට්ටනියේ අයිස්ක් රීම් අතැතිව සිටි ළමයාගේ අතින් අයිස්ක් රීම් බිම වැටුනු අතර ඔහු මවගේ කකුල බදාගත්තා වීදියේ බයිසිකල් පදිමින් සිටි අය වහා නිවස දෙස බැලුවා ගත වූයේ මොහොතයි නිවස සිට් පුද්ගලයාගේ ග් රහණයෙන් ගැලවීමට නොහැකිව සිටි ඇන්තනීව ඔහු නිවසට ඇදගෙන ගියා ඇන්තනීගේ උදරයෙන් ලේ වහනය වුවත් ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ සියල්ල සිදු වීමට ගත වූයේ මොහොතයි ඔහුට නිවසේ දොර වසා අගුලු දමන සද්දයක් ඇසු නා ඇන්තනී බිම දිගේ ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙනවා පෙ නුනත් ඔහුට සියල්ල අපැහැහැදිලිවයි පෙනෙන්නේ ඇන්තනී බිම දිගේ ඇදි ඇදී පසුපසට යනවාත් සමඟ ඔහුගෙන් ප් රශ්නයක් ඇසුවා ඇයි ඇන්තනීට තම ජීවිතයේ අවසන් වතාවට ඇසුනේ ඔහු කී දෙයයි අපි සදාචාර නියෝජිතයෝ at november 26 2023 26 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday march 1 2022 සතියට දවස් හතක් ආවේ කොහොම ද කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද් රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක් මේ සතියට දවස් හත ආවේ කොහොම ද අද අපි හොයලා බලමු ඒ ගැන අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත් යයන් තුල තිබුනා අද අපිට ඒවා සාහිත් යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක් ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා මරණීය පාප හතක් සත්ගුණවත් ගුණාංග හතක් සමුරායිවරු හත් දෙනෙක් චීන සාහිත් යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව් යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා මර්කියුරි හත ව් යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ් යවකාශයානා අභ් යවකාශගත කිරීම උදෙසා මේ ව් යාපෘතිය තුල යානා හතක් අභ් යවකාශගත කරනවා හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන් මේ ව් යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක් මර්කියුරි ව් යාපෘතියේ සාර්ථක ප් රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව් යාපෘති හතක් දියත් කරනවා ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග් රහවස්තූන්ගේ චලනයක් බලලා මේ ජනයා හඳු...
|